lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැළඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වෙයි.
අද එතැන් සිට...

පිළිකාව මා හට නුහුරු දෙයක් නොවේ. මක්නිසාද යත් පිළිකා රෝගීන් සිය ගණනකගේ පවු‍ලේ වෛද්‍යවරයා ලෙස පසුගිය දශක කිහිපය තුළ මා කටයුතු කර ඇත බැවිනි. මුල් අවස්ථාවේ හඳුනාගත් පිළිකා රෝගීන් නිට්ටාවට සුව කළ හැකිය. පියයුරු පිළිකා මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර ගත් රෝගීන් අවුරුදු 10-20 ජීවත් වන අයුරු දැක තිබේ. පිළිකාව කල් ගියපසු ශරීරය පුරා පැතිරුන රෝගීන් සති කිහිපයකින් මිය යන හැටි ද දැක තිබේ. එබැවින් මා හට වැළඳී ඇත්තේ කිනම් පිළිකාවක් ද, එය කොයි තරම් දුරට ශරීරය තුළ පැතිර තිබේද? මගේ සිතට ඇති වූ ඊළඟ ගැටලුවයි. මක් නිසාද යත් මා තව අවුරුදු කීයක් ජීවත් වෙනවාද යන්න රැදී ඇත්තේ පිළිකාව කොයි තරම් වේගයෙන් පැතිරෙන එකක් ද යන කාරණය හා එය කොයිතරම් දුරට සිරුර තුළ පැතිරී ඇද්ද යන කාරණය මත වන බැවිනි.
සී.ටී. ස්කෑන් පරීක්ෂණයට අනුව නම් මාගේ පෙණහලු සහ අක්මාව සෞඛ්‍ය සම්පන්නය. ඒවාට පිළිකාව පැතිරගොස් නැත. එහෙත් හෘදය දෙපස වසා ගැටිති හෙවත් උරසේ වසා ගැටිති ඉදිමී ඇති බව පෙනේ. උදරය හෝ ශේ‍රා්ණි ප්‍රදේශයට පිළිකාව පැතිර ගොස් නැත. ඇට මිඳුළුවලට පැතිරී ඇත්දැයි තවම පරීක්ෂා කර නොමැත. එබැවින් මා හට අවුරුදු 20 ක් කෙසේ වෙතත් මාගේ නොනිමි වැඩ කටයුතු නිම කර ගැනීටම කාල වේලාව සොයා ගත හැකි වේදැයි මා සිත් තුළ සැකයක් මතු වෙමින් පවතී.
මා හට 'නොන් හොජ්කින් ලිම්ෆෝමා' වර්ගයේ පිළිකාවක් වැළඳී ඇතැයි මහාචාර්ය මොහොන් විසින් දැන් වූ රාත්‍රියේ මට නින්ද ගියේ නැත. පිළිකාව ඉවත් කළ ශල්‍යකර්ම තුවාලයේ වේදනාවක් නැතත් ඉදිමුනු දකුණ අත දිගේ ඇඟිලි දක්වා අධික වේදනාවක් ගමන් කරමින් පවතී.
රෝගී තත්ත්වයක් නොමැති මාගේ හොඳින් ක්‍රියා කරන වම් අතින් මා සතු ස්මාර්ට් ජංගම දුරකථනය හැසිරවිය හැකිය. මම වහාම ක්‍රියාත්මක වුණෙමි. ගූගල් සහ යූ ටියුබය හරහා අන්තර්ජාලයට පිවිස මම ලිම්ෆෝ පිළිබදව අධ්‍යනය කිරීම ආරම්භ කළෙමි. තොරතුරු එක්රැස් කර ගතිමි.
ලිම්ෆෝමා වර්ගයට අයත් පිළිකාවන් ඇති වන්නේ ලිම්ෆොසයිට් හෙවත් වසා සෛල නමැති සුදු රුධිරාණුවලය. මෙම වසා සෛල රුධිරවාහිනී පද්ධතිය තුළ සහ වසා ගැටිතිවල වැඩිපුර ද ‍පොදුවේ මුළු සිරුර පුරාම ද දක්නට ලැබේ. වසා සෛල ශරීරයට රෝග වැළඳීම පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රතිශක්තිය ඇති කිරීම සඳහා උදව් වේ. වසා සෛල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒවා නම් T වසා සෛල (Lymphocyte) සහ B වසා සෛල B Lymphocyte ය. B වසා සෛලවලින් B ලිම්ෆෝමාවා නමැති පිළිකාව ඇති කරන අතර T වසා සෛල ලින් T ලිම්ෆෝමාව නමැති පිළිකාව ඇති කරයි. මීට අමතරව බ්‍රිතාන්‍ය ජාතික තෝමස් හොජ්කින් නමැති වෛද්‍යවරයා විසින් හඳුනාගත් ලිම්ෆෝමාවන් හෝජ්කින් ලිම්ෆෝමා ලෙසත් ඔහු විසින් හඳුනා නොගත් ලිම්ෆෝමාවන් හොජ්කින් නොවන ලිම්ෆෝමාවන් හෙවත් නොන් හොජ්කින් ලිම්ෆෝමා ලෙසත් වර්ග කරනු ලැබේ. හොජ්කින් ලිම්ෆෝමාව වැඩිපුර ඇති වන්නේ තරුණ වියෙ අයටය. නොන් හොජ්කින් ලිම්ෆෝමාව වැඩිපුර ඇති වන්නේ මා වැනි වැඩිහිටි අයටය. මා හට වැළඳී ඇති ලිම්ෆෝමාව කුමන වර්ගයේ එකක් විය හැකිද.? මා හට ඇති වූ ඊළඟ ප්‍රශ්නය එයයි. එය දැන ගැනීමට හැකි වන්නේ බයොප්සි රි‍පෝට් හෙවත් ව්‍යාධිවේදී වාර්තාව බැලීමෙන් පසුවය. හෙද නිලධාරිනිය කියූ ආකාරයට එය ලැබෙන්නේ හෙටය. එසේ නම් හෙට දිනය බොහෝ තීරණාත්මකය.
ව්‍යාධිවේද වාර්තාව එවීමට පෙර මාගේ දකුණු කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩිය පිළිකාවක් බව වහාම දුරකථනයෙන් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගල්කැටියට දන්වා තිබේ. එම ආරංචිය මාගේ බිරිඳ මානෙල්ටත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මොහාන් සිල්වාටත් දන්වන්නට ඇත්තේ වෛද්‍ය ගල්කැටියය.
ලිම්ෆෝමා වර්ග එහි පැතිරීමේ වේගය අනුව නැවත කොටස් තුනකට වෙන් කරනු ලැබේ. පළමුවැන්න ඉතා අඩු වේගයෙන් වර්ධනය වන ලිම්ෆෝමාවයි. දෙවැන්න නම් තරමක් වේගයෙන් වර්ධනය වන ලිම්ෆෝමා වර්ගයි. තුන්වැන්න අධි වේගයෙන් වර්ධනය වන ලිම්ෆෝමාවයි. වෛද්‍ය මොහාන් දුරකථනයෙන් පැවසූ ආකාරයට මා හට වැළඳී ඇත්තේ අධි වේගයෙන් පැතිරෙන ලිම්ෆෝමාවකි. ඒ සඳහා ප්‍රතිකාර ඉක්මනින් ආරම්භ නොකළහොත් දින කිහිපයක් තුළ කිහිල්ල අවටත් සති කිහිපයක් තුළ ඇට මිඳුළු, අක්මාව, පෙණහැල්ල පමණක් නොව මොළයටත් පිළිකාව පැතිර යා හැකිය. එබැවින් කල් නොයවා රසායන ප්‍රතිකාර හෙවත් කීමෝ තෙරපි ආරම්භ කළ යුතුය.
මා හට වැළඳී ඇත්තේ නොන් හොජ්කින් ලිම්ෆෝමාව ශීඝ්‍රයෙන් පැතිරෙන වර්ගයේ පිළිකාවක් වුවත් ඉක්මනින් රසායන ප්‍රතිකාර හෙවත් කිමෝ තෙරපි ලබා දුනහොත් රෝගීන්ගෙන් 70-90 ක් පමණ ප්‍රමාණයක් සුවපත් කළ හැකිය. එම තොරතුරු කිය වූ විට මාගේ සිතට දැනුණේ සතුටකි. ලිම්ෆෝමා පිළිකාවට කිමෝතෙරපි හෙවත් රසායනික ප්‍රතිකාර ලබා දීම පටන් ගෙන ඇත්තේ දෙවන ලෝක යුද්ධය සමයේ දීය. ඒ නම් 1946 වකවානුවේ දීය. මේ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ දැනට වසර 70ක් තිස්සේ අත්හදා බලා තිබේ. ඒ අනුව ගොඩ නගා ඇති නවීන විද්‍යාත්මක ප්‍රතිකාර ඉතාමත් ප්‍රතිඵලදායක බව පෙනේ. එම තොරතුරු අන්තර්ජාලය හරහා දැන ගැනීමෙන් පසු මා සිත තුළ හට ගෙන තිබූ බිය ක්‍රමයෙන් පහව ගියේය. නැවත ජීවත් වීමේ අපේක්ෂා සිත තුළ ලියලන්නට විය.
පිළිකා පිළිබඳව අන්තර්ජාලයේ සඳහන් වන සියලු තොරතුරු සත්‍ය නොවේ. වැඩිපුර දක්නට ලැබෙන්නේ අසත්‍යය. විද්‍යාත්මක පදනමක් නැති තොරතුරුය. ඒවා තෝරා බේරා නිවැරදි තොරතුරු සොයා ගැනීම සාමාන්‍ය ජනතාවට අපහසු වේ. පිළිකාව පිළිබඳව වැරදි තොරතුරු අනුව කටයුතු කළහොත් ඔවුන් කබලෙන් ළිපට වැටේ.
පිළිකා වර්ග 100 ක් පමණ මිනිසුන්ට වැළඳෙන බව පෙනේ. එය සතුන්ට මෙන්ම ශාකවලටද වැළඳේ. ඊට හේතුව ඕනෑම ජීවියෙකුගේ ජීවී සෛලයක් තුළ පිහිටි න්‍යෂ්ටිය තුළ ඇති වර්ණදේහයන් තැනී ඇති ඩීඑන්ඒ අනුවල ඇතිවන්නා වු විපර්යාසයකි. නිරන්තරයෙන් ශරීරය තුළ පිළිකා සෛල නිපදවෙන අතර ඒවා විනාශ කිරීමේ ජාන මගින් යටපත් කිරීමද සිදු වේ. එසේ කිරීමට නොහැකි වූ විට පිළිකා සෛල වර්ධනය වේ. ඒ පිළිකාවක් ඇති වීම පිළිබඳ සත්‍ය තොරතුර එයයි. එහෙත්
පිළිකාවක් ඇති වන්නේ ශරීරය තුළ විටමින් බි 17 නම් ‍පෝෂකයක් නොමැති වීම නිසා බවත් එබැවින් පිළිකාවක් යනු විටමින් ඌනතා රෝගයක් බවත් අන්තර්ජාලයේ බොහෝ ලිපි සහ චිත්‍රපටවල සඳහන් වේ. එය සත්‍යයක් ලෙස නවීන වෛද්‍ය විද්‍යාව හැදෑරූ පිළිකා රෝග විශේෂඥයන් හෙවත් ඔන්කොලොජිස්ට්ලා පිළිගන්නේ නැත. ඔවුන් එසේ පිළිනොගන්නේ කීමෝතෙරෙපි නම් වූ අන්තර්ජාතික ඖෂධ ව්‍යාපාරයේ කොටස්කරුවන් බවට පත්ව ඇති නිසා යැයි පවසන කොටසක් ද අන්තර්ජාලයේ වේ.
මා අත තිබූ අධි බලැති සෙල්ෆෝනයෙන් ලබා ගත හැකි අනෙක් ප්‍රයෝජනය වූයේ ලෝ වටා සිටින මාගේ ඥාතීන් හා මිත්‍රයන්ට ක්ෂණයකින් කතා කළ හැකි වීමයි. නොඑසේ නම් ඔවුනට පණිවුඩ යැවීමට හැකි වීමයි. මාගේ රෝගී තත්ත්වය පිළිබඳව මා වැඩිමහල් සොයුරු බන්දු සහ ඔහුගේ බිරිඳ අශෝකා දිනපතා ස්කයිප් මඟින් තොරතුරු විමසුවෝය. මාගේ ලොකු දුව වෛද්‍ය වීනා සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ වෛද්‍ය කැළුම් ‍පොඩි දුව දන්ත ශල්‍ය වෛද්‍ය සිතාරා සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ දන්ත ශල්‍ය වෛද්‍ය අසිපත් ද නිතර මාගේ රෝගී තත්ත්වය පිළිබඳව මා සමග සාකච්ඡා කළෝය.
සමහර අවස්ථාවලදී මාගේ රෝගී තත්ත්වය පිළිබඳව ලබා ගත් වාර්තාවල් සහ පින්තූර ඔවුනට ෆේස්බුක්/වට්ස්අප්/ වයිබර් සහ මැසෙන්ජර් මගින් යැව්වෙමි.
මේ අනුව බලන කළ මාගේ රෝගී තත්ත්වය පිළිබඳව නවතම දැනුම ලබා ගැනීමටත්, ඒ පිළිබඳව තොරතුරු හුවමාරු කර ගැනීමටත් මාගේ සෙල්ෆෝනය ලබා දුන්නේ ඉමහත් සහයෝගයකි.

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

 

Comments  

+5 #1 sam de silva 2017-04-24 13:42
obata ikman suwaya pathami
Quote
+4 #2 rupasinghe 2017-04-25 13:46
Chathurarya sathya danma awaboda kara ganna oba ugath kenek nisa eya obata pahasuwen awaboda kala hakai
Quote
+4 #3 rupasinghe 2017-04-25 13:48
sariraya yanu apata ayath deyak nowei. eya winashawana deyakakata aithi deyak. e nisa sariraya winasa wela yanawa
Quote
+3 #4 Harshi 2017-04-26 11:44
Dasa Dahasak denata seveya kala obata ea pibalayen suwapath wewa
Quote
+3 #5 Sumedha 2017-04-27 20:31
Hello Sir, I am one of your reader from age 16. Now I am 41 years old. You are fantastic. You are providing knowledge for others’ betterment even after victimized by a cancer. Hat off sir !!!!. I wish you a speedy recovery and a bit of luck too.
Quote
+3 #6 Shiro 2017-04-28 15:31
obata ikkman suwaya dirrgausampaththiya pathami
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඉන්දියන් සැලුන් ජාලයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි

IMAGE 2017 Aug 23 15:19
ඉන්දීය රූපලාවන්‍යාගාර ජාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යන පුවත ක්‍ෂේත්‍රයේ සැලකිය යුතු...
Views - 683

මම අවුරුදු තුනක රසිකාවියකගේ උපන්දිනයට ගියා

IMAGE 2017 Aug 23 11:59
ඔහුගේ පෙනුම, කතාබහ, ඇවැතුම්, පැවැතුම් වෙනස්ම ප්‍රතිරූපයක් මවයි. ඒ ‘හාරකෝටිය’ ටෙලි...
Views - 1092

සැබෑ ජීවිතයේදිත් සොනාලිගෙන් මිදෙන්න අමාරුයි

IMAGE 2017 Aug 23 09:38
ටී.වී. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්” මේ වන විට...
Views - 1388

ජා ඇල අධිවේගී පිටවුමේ මරණ දහයක් සිදුවීමට හේතුව කුමක්ද?

IMAGE 2017 Aug 22 10:22
කොළඹ -  කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමට සම්බන්ධ  පමුණුගම - ජා ඇල මාර්ගයේ අධිවේගී...
Views - 2536

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 1486

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 2100

Please publish modules in offcanvas position.