lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

‍පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි.

අද එතැන් සිට...

පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකය අංග සම්පූර්ණ වූ එකකි. ශල්‍යාගාරවලට යාබදව ඇති එය තුළ මම අධික ලෙස රෝගාතුර වී දින දහයක් පමණ ගත කළෙමි. මුල් දින කිහිපය තුළ සිදු වූ දේ පිළිබඳව එතරම් මතකයක් නැත්තේ දකුණු අතෙහි ඇති වූ අධික වේදනාව සඳහා වේදනානාශක සහ නිදිමත ඇති කරන ඖෂධ ශිරාගත කර තිබූ බැවිනි.
දැඩි සත්කාර ඒකකය පැය විසිහතරම ආලෝකකරණය කර තිබේ. එබැවින් රෝගීන්ට දහවල සහ රාත්‍රිය හඳුනාගත නොහැකිය. එහෙත් මුහුණ සෝදා ඇඟ පිරිසිදු කිරීමට එන උපස්ථායකවරුන් සහ ඉන්පසු විශේෂඥ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා කිරීමට පිළියෙල කිරීම වැනි ක්‍රියාවලි මගින් දවසේ කිනම් කාලයක් දැයි හඳුනාගත හැකි වේ.
නිදා සිටින ඇඳ රෝගියාට ගැළපෙන අයුරින් සැකසිය (ඇජස් කළ) හැකි ය. අතට නිතරම රුධිර පීිඩනමානය. නාඩි සහ රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මනින යන්ත්‍ර, හෘද ක්‍රියාකාරීත්වය (ECG) මනින යන්ත්‍ර සහ ස්වසන වේගය මනින යන්ත්‍ර සවි කර තිබේ. මූත්‍රා පිට කිරීම මැනිය හැකි අයුරින් මූත්‍රා කැතීටර (බට) අවශ්‍ය රෝගීන්ට ඇතුළු කර ඇති අතර ස්වසන අපහසුතා ඇති අයට කෘත්‍රිම ස්වසන යන්ත්‍ර නහය තුළින් උගුරට දමනු ලබන බටයක් මගින් සම්බන්ධ කර තිබේ. ආහාර ගැනීමේ අපහසුවෙන් පෙළෙන අයට නාසය හරහා ආමාශයට යවනු ලබන නේසෝ ගැස්ට්‍රික් ටියුබයක් මගින් ආහාර ලබා දෙනු ලැබේ. ඊට අමතරව රෝගියාට අවශ්‍ය සේලයින්, ඩෙක්ට්රෝස් වැනි මූලික
‍පෝෂක කොටස් මෙන්ම ඖෂධ වර්ග ශිරා මගින් ශරීර ගත කරනු ලැබේ. ස්වසන අපහසුතාවන් තිබෙන අයට මුඛවාඩමකින් හෝ ටියුබයකින් ඔක්සිජන් ලබා දීම ද කරනු ලැබේ.
මා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද්දේ කිහිල්‍ලේ ඇති වූ වේදනාකාරී නොවූ ගෙඩිය ඉවත් කර දින කිහිපයකින් ඇති වූ අත ඉදිමීම හා අධික වේදනාව නිසාය.
දකුණු කිහිල්‍ලේ ඇතුළත පිහිටි ශිරාවල රුධිර කැට ඇති විට හෙවත් ඩීප් වෙයින් තේ‍රාම්බෝසිස් DVT  තත්ත්වයට ප්‍රතිකාර ලෙස වේදනා නාශක සහ රුධිර කැටි දිය කරනු ලබන හෙපරින් වැනි ඖෂධ ලබා දෙන ලදී. මීට අමතරව ආසාදන ඇති වීම වැළැක්වීම සඳහා ඉතා ප්‍රබල ප්‍රතිජීවක හෙවත් ඇන්ටිබයොටික්ස් වර්ගද ලබා දුන්නේය.
චීන ගමන යාමට අවශ්‍ය වූ නිසා සැත්කම ඉක්මන් කළා වැඩි දැයි මට වරෙක සිතුණි. කෙසේ වෙතත් දැන් සිදුවිය යුතු දෙය සිදුවී හමාරය.
යම්කිසි රෝගියෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා යැයි සමාජය දැන ගත් විට සමාජයෙ ජීවත්වන සාමාන්‍ය ජනතාව එය ග්‍රහණය කරගන්නේ ඉතා භයානක තත්ත්වයක් ලෙසය. රෝගියා පිළිබඳ නිවැරදි අවබෝධයක් සමාජයට නොමැති නිසා සමාජය පුරා පැතිරෙන කටකතා ද එමටය.
“ගමගේ දොස්තර මහත්තයගේ කිහිල්‍ලේ ගෙඩියක් ඔපරේෂන් කරලා වැරදිල අත පණ නැති වෙලා, අත කපන්න වෙලා, ජීවිතයත් ෂුවර් නෑ” මෙවන් කටකතා ශීඝ්‍රයෙන් පැතිරීම කිසිවෙකුට වැළැක්විය නොහැකිය.
පවු‍ලේ වෛද්‍යවරයකු ලෙසත් සමාජ සේවකයකු ලෙසත් මා ලබා තිබූ ප්‍රසිද්ධිය නිසා මා බැලීම සඳහා අපේ ඥාතීහු සහ හිතමිත්‍රාදීහු දැඩි සත්කාර ඒකකය අසල එක්රොක් වූහ. ප්‍රදේශයේ පන්සල්වලින් පැමිණි නායක ස්වාමීන් වහන්සේලා බලහත්කාරයෙන් මෙන් දැඩි සත්කාර ඒකකය තුළට පැමිණ මගේ ඇඳ වටා සිට ගනිමින් පිරිත් සජ්ක්ඣායනා කළහ. අවසානයේ ද සෙනඟ පාලනය කිරීම සඳහා ‘No Visitors to Dr. Gamage’ නමින් දැන්වීම් පුවරුවක් දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසල ප්‍රදර්ශනය කිරීමට බලධාරීහු තීරණය කළෝය.
එතැන් සිට මා බැලීමට ආවේ මාගේ භාර්යාව මානෙල් සහ ආවතේව කළ අජිත් පමණි. යහළු ඥාති මිත්‍රාදීන් මුණ ගැසුණේ සෙල්ෆෝනයේ කෙටි පණිවුඩ සහ ස්කයිප් ඇමතුම් මගින් පමණි.
දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලය හොඳින් පුහුණුව ලත් කණ්ඩායමකි. ඔවුන් ඉතා කරුණාවන්තය. කලට වේලාවට රෝගීන් නිරීක්ෂණයට ලක් කරමින් ප්‍රතිකාර ලබා දේ. රෝගීන් දෙදෙනෙකුට එක හෙදියක බැගින් සිටින්නට ඇත. එහි සිටි වෛද්‍ය කාර්ය මණ්ඩලය දහදෙනකු පමණ වන්නට ඇත. ඔවුන් ඉතා කාර්යක්ෂමය. මා කලක් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත. දැනට බාහිර කථිකාචාර්යවරයකුද ලෙස කටයුතු කරමි. කලක් විශ්වවිද්‍යාල කවුන්සිලයේ සාමාජිකයකු ලෙස කටයුතු කළෙමි. ඒ නිසා උපරිම උදව් සහ සත්කාර මා හට ලැබුණි. වෛද්‍ය පීඨයේ මහාචාර්යවරු සහ ආචාර්යවරු නිතර මා බැලීමට පැමිණියෝය. දුක සැප විමසුවෝය. මා හට ලබා දිය යුතු ප්‍රතිකාර පිළිබඳව නිරතුරුවම සාකච්ඡා කළෝය.
මා දකුණත්කරුවෙකි. මාගේ පණ නැති වී තිබෙන්නේ ද දකුණතය. අතෙහි පණ නැති වීම දිගින් දිගටම පැවතුණහොත් මා හට චිත්‍ර ඇඳීමට, ‍පොත්පත්, ලිපි ආදිය ලියන්නට හෝ රෝගීන් සඳහා සුළු සැත්කම් කිරීමට නොහැකි වේ. එය මතක් වෙන සෑම මොහොතකම මාගේ ජීවිතය සහමුලින්ම කඩා වැටුණා සේ දැනේ. ඒ සඳහා වහා ප්‍රතිකාරයක් කළ යුතුයැයි මාගේ වෛද්‍ය මිතුරන්ට ඉමහත් ඕනෑකමින් යුක්තව දැන්වූවෙමි. ඔවුන් මාගේ සිත සැනසුවා මිස අතේ වේදනාව හා පණ නැති වීම සුව වීම ස්ථිරවම සිදු වේවි දැයි සැක පහළ කළෝය.
මේ වන විට මා ‍පොත්පත් රාශියක් රචනා කර තිබේ. සමහර ඒවා වෛද්‍ය ‍පොත්පත්ය. (රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්, මට දියවැඩියාව දැන් සුවයි. මට ඇදුම දැන් සුවයි. පෞද්ගලිකයි රහසිගතයි, විශ්වවිද්‍යාල හිෂ්‍යයන් සඳහා ‍පෝෂණ අත්වැලක්) අනෙක් ඒවා මගේ චාරිකා සටහන් ‍පොත්ය. මාපලගමයාගේ චාරිකා සටහන් ‍පොත් පෙළ (1. අපි ඇලස්කාවේ සංචාරය කළෙමු.   2. මාවනැල්ල බසය ඊජිප්තුව හරහා 3. මාපලගමයා ටිබෙට් ගියපු හැටි 4. එදා බුරුමය අද මියන්මාරය ඉන්දියාවේ වසරක්) හා සරදියෙල් ගම්මානය පිළිබඳ ‍පොත් රාශියක් ඒ අතර වේ. මින් ඉදිරියට එවැනි කාර්යන්හි නියැලීමට නොහැකි වනු ඇතැයි දුකක් ඇති වුණි. ඒ සඳහා විකල්පයක් සොයා ගත යුතුය.
මා බැලීමට පැමිණි වවුනියාව රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය අයෝධ්‍යා ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ භාවිත කරන ඩ්‍රැගන් රයිටර් නැමති පරිගණක මෘදුකාංගය භාවිත කරමින් තමන් වචන කියන විට එය පරිගණකයේ ලියන්නට සැලැස්විය හැකි බව පැවැසුවාය. මා වහාම ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මගේ දුව සිතාරාට දැනුම් දුන්නෙමි. ඔවුන් ශ්‍රී ලංකාවට එන විට එම මෘදුකාංගය ගෙන ඒමට ‍පොරොන්දු විය.
දැඩි සත්කාර ඒකකයේදී මා හට කරන ලද සත්කාරයන් සඳහා මා එහි සිටි සේවක මණ්ඩලයට කළගුණ සැලකිය යුතුය. ඒ සඳහා මා විසින් ලියන ලද ‍පොත්පත් කාර්ය මණ්ඩලය අතර බෙදා දීමටත් තීරණය කළෙමි. ඒවා ලබාගත් දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය ඉමහත් සතුටට පත්වන අයුරු දැක මම සතුටට පත් වුණෙමි.
මාගේ කිහිල්ලෙන් ඉවත්කරන ලද ගෙඩිය විශ්‍ලේෂණය සඳහා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද අංශයට යවා තිබේ. එහි ප්‍රතිඵලය කුමක් වේවිද? තෙල් ගෙඩියක්ද? ටොක්සොෆැලැස්මොසියස්ද? පිළිකාවක්ද? නොඑසේ නම් කුමක්ද? වේදනාව අතරින් එය ද වරින්වර මතක් වේ.
“මිස් බයොප්සි රි‍පෝට් එක තවම ඇවිත් නැද්ද?”
“තවම නැහැ සර්, බොහෝ විට හෙට ඒවි.”
හෙද නිලධාරිනිය පිළිතුරු දුන්නාය. .

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1662

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1370

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10973

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4881

Please publish modules in offcanvas position.