lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

කිහිල්‍ලේ හටගත් ගෙඩිය පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු නිසි නිගමනයක් නොලද තැන වෛද්‍ය ගමගේ ක්ෂය රෝගය පිළිබඳ පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලබයි.
පසුව එය ක්ෂය රෝගය නොවන බව හෙළි වීමෙන් අනතුරුව ගෙඩිය සැත්කමකට භාජනය කිරීමට තීරණය වේ.
අද එතැන් සිට...

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගල්කැටිය මහතා ශල්‍යාගාරයට යාබද කාමරයට මා කැඳෙව්වේය. එහිදී මට ඔහු නිර්වින්දන අංශයේ ප්‍රධානී මහාචාර්ය පින්තු මහත්මිය හඳුන්වා දුන්නේය. “ඩෝන්ට් වොරි සර් වී විල් ඩූ ද බෙස්ට්”
ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මගෙන් උගත් ශිෂ්‍යාවක් බව දැන ගත්තේ ඉන් පසුවය. ඉන්පසු වෛද්‍ය ගල්කැටිය ශල්‍ය වාට්ටුවේ රෙජිස්ටර් වෛද්‍යවරයකු කැඳවා මාගේ තොරතුරු සටහන් කර ඇඳ ඉහපත සමග සැත්කම සඳහා ශල්‍යාගාරයට එවන ලෙස දන්වා සිටියේය.
සාමාන්‍යයෙන් ශල්‍යකර්මයට පෙර සිදු කළ යුතු  කාර්යයන් කිහිපයක් තිබේ.

1. පැය 12ක් නිරාහාරව සිටීම
2. ශල්‍යකර්මය කරන ප්‍රදේශයේ කෙස් ඉවත් වන ලෙස රේසරයකින් බෑම.
3. හැකියාව තිබේ නම් හොඳින් ස්නානය කොට පිරිසිදු වීම.

පරාල සහ ඇස්බැස්ටස්වලින් සැදි වහ‍ලේ පරාල ගණන් කරමින් සැත්කම සඳහා ශල්‍යාගාරය වෙත උඩුබැලි අතට ටේ‍රාලියේ ගිය ඒ ගමන මා මින් පෙර අත්විඳ තිබුණේ නැත. වෙදෙක් ලෙස එම අත්දැකීම කිසිදා අත් දකින්නේ නැත. එහෙත් වෙදා වුණත් ලෙඩෙක් වූ විට එම අත්දැකීම ලැබිය යුතුමය.
ශල්‍යාගාරය තුළ සියල්ලෝම කොළ පාට ලෝගු (ගවුන්) ඇඳගෙනය. තොප්පි සහ මුඛවාඩම් දමා මුහුණු වසාගෙනය. සුදු පාට බූට් දමා කකුල් වසා ගෙනය. හරියට පිටසක්වළින් පැමිණි පිරිසක් බඳුය.
මට ඔවුන් හඳුනාගැනීමට බැරි වුණාට ඔවුන්ට මා හොඳින් හඳුනාගත හැකිය.
“ආ මේ ඩොක්ටර් ගමගේ නේ”
“මේ අපේ සර් නේ”
මගේ හිතට සතුටක් දැනුණි. විශ්වාසයක් ඇති වුණි. බියක් නොදැනුණි.
ඔන්න සර්ගේ අතට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. එතකොට නින්ද යාවි.”
එසේ කීවේ නිර්වින්දන වෛද්‍ය වාසල විය යුතුය. තත්පර කිහිපයක් තුළ මා නිර්වින්දනය විය. ඉන් පසු සිදු වූ කිසිවක් මා දන්නෙ නැත.
ශල්‍යකර්මය සඳහා පැයක් පමණ ගත වූ බව වෛද්‍ය වාසල මා හට පසුව පැවසුවේය. මට සිහිය එනවිට මා සිටියේ වාට්ටු අංක එකේය.
සැත්කමේ සියලු කටයුතු සාර්ථකව සිදු වුණා සේ දැනුණි. සැත්කම අවසානයේ ශල්‍ය වෛද්‍ය ගල්කැටිය මහතා මා වෙත පැමිණ “දැන් ගෙදර යන්න පුළුවනි. අස් කළ ගෙඩිය ලැබ් එකට යැව්වා. ඔබගේ රෝහලෙන් අවශ්‍ය වුණොත් බෙහෙත් දාන්න. සතියකින් සායනයට එන්න. මැහුම් කපන්න. එතකොට බයොප්සි රි‍පෝට් එකත් ඇවිත් තියේවි.”
එම යෝජනාව අසා මමද සතුටට පත්වුණෙමි.
ටිකට් කපාගෙන රෝහ‍ලේ සිට නිවසට එන විට සවස් වී තිබුණි.
දවසින් දවස ශල්‍ය තුවාලය සහ ඒ අවට ඇති වූ වේදනාව වැඩි වන්නට විය. එය අඩුවුණේම නැත. මාගේ රෝහ‍ලේ කාර්ය මණ්ඩලය තම ගුරුතුමාගේ තුවාලයට ප්‍රතිකාර කිරීම සඳහා චකිතයක් දක්වන බව පෙනුණි. එබැවින් මා වහාම ගියේ මා මිත්‍ර අනුර නානායක්කාර මහතාගේ ඔස්රෝ රෝහලටය. ඔහු විසින් තුවාලය පිරිසිදු කොට පැලැස්තර මාරු කළ ද පහසුවක් දැනුනේ නැත.
ඊළඟ දිනයේදීද ප්‍රබල වේදනානාශක භාවිත කළද දකුණු අතේ හට ගත් වේදනාව නම් අඩු වුණේ නැත. දැන් මගේ දකුණු අත ඉදිමෙමින් පවතී. යම් කිසි දරුණු දෙයක් කිහිල්ල තුළ සිදුවෙමින් පවතින බව දැනේ. අධික වේදනාව නිසා මා අපහසුතාවට පත්ව සිටියෙමි. ඉන් පසු මා කළ කී දේ පිළිබඳ මතකයේ ඇත්තේ අතරින් පතර මෙනි.
වෛද්‍ය ගල්කැටියගේ උපදෙස් අනුව මගේ රෝහ‍ලේ කාර්ය මණ්ඩලය විසින් මගේ ගුද මාර්ගයට වොල්ටරාන් ස‍පොසිටරි නමැති වේදනා නාශක ඇතුළත් කරනු මතකය.  මා බිරිඳ මානෙල් පැමිණ මා පේරාදෙණිය රෝහලට කැඳවාගෙන යනවා මතකය. අයියා සහ අශෝකා ඕස්ට්‍රේලියාවේ සිට මා අමතා වහාම රෝහලට යන ලෙස සැරෙන් කීවා මතකය. වාහනය පදවන්නේ අජිත්ය. අනෙක් ඉදිරි අසුනේ සම්පත්ය. වාහනය වේගයෙන් පදවන්නට එපායැයි අජිත්ට උපදෙස් දෙනු යන්තම් මතකය.
මා පේරාදෙණිය රෝහලට ගෙන එනවිට ප්‍රතිකාර කටයුතු සියල්ල සූදානම් කර තිබුණේ කොළඹ සිට වෛද්‍ය ගල්කැටිය විසින් වාට්ටුවේ සිටි වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබූ නිසාය.
වහාම කිහිල්‍ලේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කෙරුණි. කිහිල්‍ලේ තිබෙන ප්‍රධාන ශිරා හිරවී ඇති බව ඉන් පෙනී ගියේය. මෙම තත්ත්වයට කියනු ලබන්නේ DVT හෙවත් Deep Vein Thrombosis යනුවෙනි. මගේ අතේ ඉදිමුම හා වේදනාවට හේතු වූයේ එම තත්ත්වයයි. මගේ වේදනාව නැති කිරීමට පෙතිඩින් සහ මෝෆින් වැනි අධි බල වේදනා නාශක ශිරා මගින් ශරීරගත කරනු යන්තම් මතකය.
පසුදින ඇස් ඇරෙන විට මා සිටියේ පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ය. දකුණු අත සහ අතේ ඇඟිලි සියල්ල ඉදිමිලාය. ඇඟිල්ලට ඇඟිල්ලක් එක් කළ නොහැකිය.
දකුණු අතේ හටගත් අධික වේදනාව අතේ කිහිල්‍ලේ සිට ඇඟිලි දක්වා ගමන් කරමින් දිය පහරක් ගලන්නාක් මෙන් සහ කරන්ට් එක වැදුණාක් මෙන් වේදනාව වරින් වර දැනෙන්නට විය. කොට්ට කිහිපයක් එක පිට එක තබා විවිධ ඉරියව්වෙන් දකුණු අත තබා ගැනීමට උත්සාහ කළේ වේදනාව අඩු කිරීමටය. එහෙත් එය සාර්ථක නොවීය.
ශිරා හිරවීම නිසා අතේ හටගත් DVT තත්ත්වය සඳහා රුධිරය කැටි ගැසීම වැළැක්වෙන ඖෂධයක් වන හෙපරින් දිගින් දිගටම ශිරාගත කෙරුනි. වේදනානාශකයන් වන මෝෆින් සහ පෙතිඩින්ද ගැස්ට්‍රයිටිස් සඳහා ඕමිප්‍රසෝල් නැමති ඖෂධයද ශිරා මගින් ශරීර ගත කෙරුනි. ඒ අවස්ථාවේ  අධික වේදනාවකින් මා පෙළුණත් දැන් ම මතකය බොඳ වී ගොස් ඇති බව පෙනේ.
ශල්‍යකර්ම තුවාල තවමත් සුව වී නැත. එතැනින් ප්ලාස්ටරය පෙනෙන තරමට දියර ගලන බවක් පෙනේ. එයද මාගේ සිතට ගෙන දුන්නේ කනස්සල්ලකි.
ශල්‍යකර්මය මගින් අස් කළ ගෙඩියේ ව්‍යාධිවේදී (බයොප්සි) වාර්තාව තවමත් ලැබි නැත. එය කුමන වර්ගයේ ගෙඩියක් වේ දැයි හිතෙහි සැකයක් පවතී. එය මාගේ සිතේ ඇති වූ කනස්සල්ල වැඩි වීමට හේතු විය.

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1662

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1370

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10973

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4881

Please publish modules in offcanvas position.