lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2016 සැප්තැම්බර් 30 දින මගේ ජීවිතයේ විශේෂ දිනයක් විය. එයට හේතුව මා කුඩා කල ඉගෙනගත් බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතව තිබිමය.
උත්සවය මහ ඉහළින් සංවිධානය කර තිබුණි. බිරිඳ මානෙල්ට මල් බොකියක් පිළිගැන්වුණි. මගේ ගෙලට මල් මාලයක් ද වැටුණි. ඊළඟට උත්සව ශාලාව වෙත අමුත්තන් කැඳවාගෙන යන ලද්දේ විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම්වලින් සැදි පෙරහරකිනි.
උත්සව ශාලාවට ඇතුළ් වීමට පෙර ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කෙරුණි. ජාතික කොඩිය ඔසවන විට මගේ දකුණු කිහිල්‍ලේ යමක් තද වෙන්නා සේ දැනුණි. එය එතරම් විශාල දෙයක් නොවේ. බටු මීයෙකුගේ ප්‍රමාණය ලෙස හැගුණි. ඒ බටු මීයෙකු නම් දැඟලිය යුතුය. එහෙත් එහි කිසිදු දැඟලීමක් නැත. මීයා මියගොස් නම් ගඳක් දැනිය යුතුය. එවැනි ගඳක් දැනුණේ ද නැත.
මා එසේ සිතුවේ මාස ගණනකින් අඳින ලද කෝට් එකේ දකුණු කිහිල්ල ප්‍රදේශයට මීයෙකුවත් ඇතුළු වූවාදැයි සැකයක් ඇති වූ බැවිනි. එය මගේ කිහිල්ලෙන් මතු වූ ගෙඩියකැයි මා නොසිතුවේ ඉන් කිසිදු වේදනාවක් නොදැනුණ බැවිනි.
උත්සවය ජයටම කෙරුණි. අවසානයේ දී රියට නැගීමට පෙර කෝට් එක ගලවා දකුණු කිහිල්ල ස්පර්ශ කළෙමි. එය රට පුවක් ගෙඩියක් තරම් ලොකු වූ වේදනා රහිත මෘදු වූ ගෙඩියක් (අර්භුධයක්) බව වහාම තේරුම් ගතිමි.
“මෙය පිළිකාවක් විය හැකිද?” අවුරුදු හතළිහක පමණ අත්දැකීම් ඇති වෛද්‍යවරයකු වන මගේ සිතට නැගුණු පළමු              වන ප්‍රශ්නයයි. මම ඒ බවක් මානෙල්ටද නොකීවෙමි. ගෙදර පැමිණි වහාම කණ්ණාඩිය ඉදිරියට ගොස් කිහිල්ල දෙස විමසිලිමත්ව බැලුවෙමි.
ගෙඩියේ ප්‍රමාණය හිතුවාට වඩා විශාලත්වයෙන්ව වැඩිය. වේදනාවක් නැත. අත ඔසවන විට ගෙඩිය ඉදිරියට නෙරා මතු වී පෙනේ. එය පිළිකාවක් නම් මේ වන විටත් වෙනත් රෝග ලක්ෂණ මතු වී තිබිය යුතුව තිබුණි.

පිළිකාවක රෝග ලක්ෂණ

1. කෑම අරුචිය හා ශරීරයේ බර අඩුවීම
2. බෙල්‍ලේ, කිහිල්‍ලේ, ඉකිලිවල හෝ වෙනත් ස්ථානවල ඇතිවන ගැටිති/ කුද්දටි
3. සති තුනකට වැඩි කාලයක් පවතින කැස්ස
4. සති තුනකට වැඩි කාලයක සිට කටහඬ ගොරෝසු වීමක්
5. සති තුනකට වැඩි කාලයක සිට නාසයෙන් කටහඬ පිටවීමක්
6. සති තුනකට වඩා පවතින ගිලීමට ඇති වන අපහසුතාවක්
7. කල් පවතින කොන්දේ අමාරුවක්
8. සුව නොවන තුවාලයක්
9. අලුතින් ඇති වූ උපන් ලප, තිබෙන ලප වර්ධනයක්
10. සිරුරේ ඕනෑම තැනක ඇති වූ අසාමාන්‍ය ගැටිත්තක් හෝ ගෙඩියක්
11. තන පුඩුවෙන් ගලන කිරි නොවන වෙනත් ශ්‍රාවයක්
12. තන පුඩුව ඇතුළට ගිලී යාමක්
13.පියයුරුවල හෝ ශරීරයේ වෙනත් තැනක හමේ ඇතිවන වෙනසක්
14.මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්
15.යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ‍ලේ වහනයක් / ශ්‍රාවයක් වහනය වීම
16.හේතුවක් නොදන්නා කල් පවතින උණ රෝගයක්

ඒ වන විටත් එවැනි රෝග ලක්ෂණයන් මා අත්දැක නොතිබුණ නිසා එය පිළිකාවක් නොව තෙල් ගෙඩියක් (Lipoma) විය හැකි යැයි සිතමින් සිත සනසා ගතිමි.
අද 2016 ඔක්තෝබර් පළමු වෙනිදාය. තව දින 25කින් සූර සරදියෙල් ගම්මානයේ කළමනාකාර සම්පත් යූ. ගමගේ මහතා සමග මා චීනයේ වෙළෙඳ ප්‍රදර්ශනයකට සහභාගි විය යුතුව ඇත. ඒ අන්තර් ජාතික සංචාරක ව්‍යාපාරය තුළ අපේ සූර සරදියෙල් ගම්මානය සඳහා වෙළෙඳ කුටියක් ප්‍රදර්ශනය කිරීමටය. මෙය සාමාන්‍ය තෙල් ගුලියක් වැනි දෙයක් නම් එය ශල්‍යකර්මයක් මගින් ඉවත්කොට සති දෙක ඇතුළත තුවාලය සුව කර ගත හැකිය. එබැවින් ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මක වීමට තීරණය කළෙමි. මා එදින උදේ මගේ පෞද්ගලික රෝහලට පැමිණි වහාම කළේ පහත සඳහන් රුධිර පරීක්ෂණ කිරීම සඳහා රුධිර සාම්පල ලබාදීමය.

ESR
CRP
WBC
RBS

ඉන්පසු මාවනැල්ල පෞද්ගලික රෝහලකට ගොස් කිහිලි ඇතුළත් පපුවේ එක්ස් රේ සටහනක් ද ලබා ගතිමි. පරීක්ෂණවල ප්‍රතිඵල සතුටුදායකය. සියල්ල සාමාන්‍ය මට්ටමේ පැවතුණි.
මෙය තෙල් ගෙඩියක් විය යුතුයි. මා වහාම ගොස් කෑගල්‍ලේ ශල්‍යකර්ම වෛද්‍යවරයා හමුවීමට තීරණය කළෙමි. එදිනම සවස සියලු පරීක්ෂණ වාර්තා සහ එක්ස් රේ ද රැගෙන ශල්‍ය වෛද්‍යවරයා හමු වුණෙමි. ඔහු මා හට වහාම විකිරණ විශේෂඥ වෛද්‍යවරයා (රේඩියෝලොජිස්ට්) වෙත ගොස් කිහිල්‍ලේ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් වාර්තාවක් රැගෙන එන ලෙස ඉල්ලීමක් කළේය. විකිරණ විශේෂඥ වෛද්‍යවරිය මා හොඳින් පරීක්ෂා කළාය. ඇයගේ නිගමනය වූයේ මගේ ගෙඩිය තුළ සැරව ඇති බවය.
මා හට දියවැඩියාව වැළදී දැනට අවුරුදු දෙකක් පමණ වේ. එබැවින් එම ගෙඩිය තුළ සැරව හට ගැනීමට බැරිකමක් නැත. මක්නිසාදයත් දියවැඩියා රෝගීන්ගේ සිරුර තුළ සැරව ගෙඩි ඇති වීමේ ප්‍රවණතාව වැඩි නිසාය.
එහෙත් මා හට උණක් ගත්තේ නැත. දියවැඩියාව සඳහා අනුමත ආහාරපාන, ව්‍යායාම සහ ඖෂධ නිසි ලෙස ගනිමින් සිටින නිසා දියවැඩියාව පාලනය වී තිබුණි. ඇරත් සැරව ගෙඩියක් ඇති විට හට ගන්නා වේදනාවක් ද මට දැනුණේ නැත. කෙසේ වෙතත් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනරයෙන් බලාගෙන විකිරණ විශේෂඥ වෛද්‍යවරියගේ උපදෙස් පිට ශල්‍ය වෛද්‍යවරයා ගෙඩිය තුළ ඇති සැරව ගැනීම සඳහා සිහින් නලයක් (කටුවක්) ඇතුළු කළේය. අවාසනාවක මහත, ගෙඩිය තුළ සැරව තිබුණේ නැත.
ශල්‍ය වෛද්‍යවරයාගේ මුහුණෙන් පළ වූයේ විස්මයකි. කිහිල්ල තුළ සැරව ගෙඩියක් තිබුණේ නම් සැරව එළියට ආ යුතුය. එහෙත් එය එසේ නොවීය. ගෙඩියෙ ස්වභාවය අනුව එය විශාල වසා ගැටිත්තකි. බැවින් මෙය ක්ෂය රෝගය නිසා හට ගත් වසා ගැටිත්තක් විය හැකිද?
“ඩොක්ටර් ගමගේ, පැතලොජිස්ට් හමුවෙලා ෆයින් නීඩ්ල් බයොප්සි එකක් කරලා බලමු නේද?”
ශල්‍ය වෛද්‍යවරයා යෝජනා කළේය. මම ඊට එකඟ වුණෙමි. පසු දිනම කෑගල්ල රෝහලට ගොස් පැතලොජිස්ට් හෙවත් විශේෂඥ ව්‍යාධිවේදී වෛද්‍යවරිය හමු වුණෙමි. ඒ වන විටත් ශල්‍ය වෛද්‍යතුමා මාගේ ගැටලුව පිළිබඳ ඇයට දන්වා තිබුණි. ඇය විසින් මා සාදරයෙන් පිළිගැනිණ. ගෙඩි හරහා FNBA පරීක්ෂණය සඳහා කටු හතරක් යැවිණි. වාර්තාව පසු දින ලැබුණි. එම ගෙඩියෙ අන්තර්ගතයේ ක්ෂය රෝග විෂබිජය තිබිය හැකියි සැක කෙරුණි. එබැවින් මා ක්ෂය රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබන ළය චිකිත්සාගාරය වෙත යොමු කෙරුණි.

IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 11

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2888

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1477

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9694

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4253

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1554

Please publish modules in offcanvas position.