lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ග්‍රන්ථය ලියූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ලෙඩෙක් වෙයි. දැනට මාස හතරකට පෙර ඔහුට ශීඝ්‍රයෙන් පැතිරෙන නොන් හෝජ්කින් ලිම්ෆෝමා වර්ගයට අයත් බිසෙල් ලිම්ෆෝමා නමැති පිළිකා රෝගය වැලඳුණේය. ලෙඩෙක් බවට පත් වූ ආරියසේන යූ. ගමගේ වෙදාණන් රෝගය සඳහා ප්‍රතිකාර ගනිමින් සමාජයෙන් ඈත්ව සිටියේ නැත. තම රෝගය පිළිබඳවත්, ඒ සඳහා ගනු ලබන ප්‍රතිකාර පිළිබඳවත්, එයින් ඔහු ලැබූ අත්දැකීම් පිළිබඳවත් මුහුණු ‍පොත මගින් සමාජය දැනුවත් කළේය. එයින් නොනැවතුණු ඔහු රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ග්‍රන්ථයෙහි අඩංගු වූ ලිපි පළ කළ ලක්බිම පත්‍රයටම මෙවර වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත් නම් ලිපි පෙළ ලියයි.
කිහිල්‍ලේ හටගත් ගෙඩියක් පරීක්ෂණ කීපයකට ලක් කිරීමෙන් අනතුරුව නිසි නිගමනයක් නොලද තැන වෛද්‍ය ගමගේ ක්ෂය රෝගය සඳහා පරීක්ෂණයක් වෙත යොමු කරනු ලබයි. අද එතැන් සිට

සාමාන්‍යයෙන් ක්ෂය රෝගය හැදෙන්නේ පෙණහලුවලය. එහෙත් නිතර ක්ෂය රෝගීන් සමග ගැවසෙන වෛද්‍යවරුන්ගේ ශරීරයේ වෙනත් ස්ථානවල ක්ෂය රෝග සහිත වසා ගැටිති ඇති විය හැකිය. මගේ කිහිල්‍ලේ ඇති මේ ගෙඩිය පිළිකාවක් නොවී ක්ෂය රෝග වසා ගැටිත්තක් වනු දැකීමට මම කැමැත්තෙමි. එයට හේතුව අද ක්ෂය රෝගය 100ක් සුව කිරීමට ප්‍රතිකාර ඇති  බැවිනි. එබැවින් පිළිකාවකට වඩා ක්ෂය රෝගයට මම යටි සිතින් කැමති වුණෙමි.
ළය චිකිත්සාගාරයේ ස්වසන රෝග පිළිබඳ වෛද්‍යවරයා කරුණාවන්ත අයෙකි.
ක්ෂය රෝගය සඳහා කෙරෙන ‘මාන් ටු’ (Man toux) පරීක්ෂණය සඳහා දින තුනක් ගතවිය. එයට අනුව මා හට ක්ෂය රෝගය නැත. මෙම තත්ත්වය ස්ථිර කර ගැනීම සඳහා ක්ෂය රෝගය  හඳුනාගැනීම සඳහා කරනු ලබන වෙනත් විශේෂිත පරීක්ෂණයක්ද කරනු ලැබිය. ඒවාද සාමාන්‍යය. එබැවින් මා හට ක්ෂය රෝගය නොමැති බව ස්ථිර විය.
දැන් තත්ත්වය තරමක් බරපතළය. ගෙඩියේ ස්වභාවය පිළිබඳව තවමත් නිශ්චිත අවබෝධයක් නැත. එයට ඇනපු කටු නිසා දැන් දැන් ගෙඩිය මත වේදනාවක්ද දැනේ. සම රක්ත වර්ණ වී ඇත. ගෙඩිය විශාල වෙමින් පවතී. අවට ඇති වසා ගැටිතිද ඉදිමෙන බවක් පෙනේ.
කෑගල්‍ලේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීම අතහැර පේරාදෙණිය රෝහල පැත්තට හැරෙන්නට මට සිත්විය. මා මිත්‍ර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්.ඒ. එම්. කුලරත්න මහතා හමු වීමට ගියෙමි. මාගේ ක්‍රියාශීලීිත්වය දුටු මහාචාර්යතුමාටද සිතුණේ් මෙය ක්ෂය රෝගය නොවේ නම් බළලුන්ගෙන් ඇතිවන ටෙක්සොප්ලැස්මෝසිස් නමැති රෝගය විය හැකි බවය. එය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කළ විට ටොක්සොප් ලැස්මෝසිස් ප්‍රතිදේහ රුධිරයේ ඇති බව පෙනුනි. කෙසේ හෝ වේවා ගෙඩිය ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට තීරණය කෙරිණි. එම කාර්යය සඳහා මහාචාර්ය කුලරත්නයන් යෝජනා කළේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කේ.කේ. ගල්කැටිය මහතාගේ නමයි.
මා මගේ ගමගේ ආරෝග්‍ය ශාලාවේ නොයෙකුත් වර්ගයේ සුළු සැත්කම් කිරීමට කැමැත්තෙමි. එහෙත් මගේ සිරුරේ සුළු හෝ සැත්කමක් කෙරෙනවාට අකමැත්තෙමි. අකමැත්තට හේතුව සැත්කමට ඇති බිය, වේදනාව සහ චකිතය විය යුතුය. එයට හේතුව මා ඒ වෙලාවේ වෛද්‍යවරයකු නොව රෝගියෙකු බවට පත් වන බැවිනි.
මා හට විශේෂිත ගැටලුවක් ඇති වූ විට මතක් වන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් සිල්වාය. අප දෙදෙනාම කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙන ගත්තේ එකම වසරේය. ඔහු විවාහ වී සිටින්නේ මගේ නෑනා වන විශේෂඥ වෛද්‍ය ධම්මිකා ගොඩගම මහත්මිය සමගය. දැන් වෛද්‍ය මොහාන් මහතා විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාය. අල්ලා ගැනීම අපහසුය. එහෙත් මා දුරකථන ඇමතුමක් දුන්නොත් කතා කරනවාමය.
හලෝ මොහාන් මට ‍පොඩි ගැටලුවක් තියෙනවා. මගේ දකුණු කිහිල්‍ලේ වේදනාවක් නැති ගෙඩියක් තියෙනවා. ඒක ඔබ ලවා ඉවත් කරගන්නයි කල්පනාව.
මහාචාර්ය මොහාන් සිල්වා මගෙන් ගෙඩිය පිළිබඳ බොහෝ විස්තර විමසුවේය.
අනේ ආරි, මම තව දවස් දෙකකින් වොෂිංටන් යනවා. සම්මන්ත්‍රණයකට. ඕක සුළු දෙයක්නේ. මම කියන්නම් ඩොක්ටර් ගල්කැටියට ඒක අස් කරන්න කියලා. එයා වැඩේ කරාවි එසේ කියා පැය භාගයක්වත් ගතවුණේ නැත. නැවත ටෙලිෆෝනය නාද විය. ආරි මම ඔන්න  ඩොක්ටර් ගල්කැටියට කතා කළා. අපේ සම්බන්ධකමත් කිව්වා. අද හෙටම ගිහිල්ලා එයා හම්බවෙලා ශල්‍යකර්මය කර ගන්න.
සැත්කමට පෙර ගෙඩියේ තරම තක්සේරු කරගැනීම සඳහා CT ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුය. ඔස්රෝ රෝහ‍ලේ අධිපති වෛද්‍ය අනුර නානායක්කාර මහතා එය සූදානම් කරන ලදී. ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා මා යොමු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය සම්පත් ගොරොක්ගහගොඩ මහතා වෙතය.
අර්බුදයේ ප්‍රමාණය බලා‍පොරාත්තු වුණාට වඩා විශාලය. පිටතින් පුවක් ගෙඩියක් තරමට පෙනුණත් එය මුළු කිහිල්ල පුරා පැතිර ගොස් තිබේ.
ඒ කෙසේ වෙතත් ටියුමරය ඉල ඇට හරහා පෙණහලුවලට පැතිර නැත. උරස් කුහරයේ වෙනත් කිසිම තැනකද එවැනි අර්බුදයක් නැත. අක්මාවේ සහ උදරයේ ගැටලුවක්ද නැත. ඒ වන විටත් මා ප්‍රතිකාර ගනු ලබන රෝගී තත්ත්වයන් දෙකක් තිබුණි.
ඒ දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.
මම එම තත්ත්වයන් මනා සේ පාලනය කරගෙන සිටියෙමි. එම රෝගී තත්ත්වයන් පාලනය වී ඇති බව සහතික කරන වාර්තා (FBS, HbA 1C) සූදානම් කර ගතිමි. එයට කෑගල්ලෙන් සහ ඔස්රෝ රෝහලෙන් ලබාගත් X-Ray සහ CT Scan වාර්තාද එකතු  කරගතිමි.
ඔක්තෝබර් මස 20 වන දින උදේම පේරාදෙණිය රෝහලට ගොස් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගල්කැටිය මහතා හමු වුණෙමි. සැත්කමට සියල්ල සූදානම් කර තිබුණි. ශල්‍යකර්ම ලැයිස්තුවේ පළවෙනියා ලෙස සටහන්ව තිබුණේ මගේ නමයි.

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 159

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 686

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 896

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5034

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3195

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5009

Please publish modules in offcanvas position.