Coss Ear2
lakbima.lk
COSS Ear 1

උත්සව අවස්ථාවකට සහභාගි වන බොහෝ විටෙකද කාන්තාවන්ට ඇතිවන ගැටලුව වන්නේ තෝරා ගත් සාරියට අනුව සාරි හැට්ටය නිර්මාණය කර ගන්නේ කෙසේද යන්නයි. කෙතරම් වටිනා සාරියක් මිලදී ගත්තත් එයට ගැළපෙන සුදුසු හැට්ට නිර්මාණයක් තෝරා නොගැනීමෙන් සාරියේ වටිනාකම යටපත් වන අවස්ථා අපට බොහෝ විට දැකිය හැකිය. එයට හේතුව වන්නේ සුදුසු නිර්මාණකරුවකු මේ සඳහා දායක කර නොගැනීමයි. ඒකාකාරී සාරි හැට්ට නිර්මාණයට හුරුවී සිටින ඇතැම් නිර්මාණකරුවන් තමන්ට හුරුපුරුදු නිර්මාණ රටාවන්ටම සේවා දායකයන් සඳහා නිර්මාණ සාදා දීමට උත්සාහ කිරීම නිසාද බොහෝ අවස්ථාවන්හිදී අදාළ සාරිය සඳහා වඩාත්ම සුදසු අලංකාර නිර්මාණ බිහිවීම අවම වීමට හේතුවෙයි. මෙහිදී සේවාදායකයින්ද වෙනස්වන නිර්මාණ රටාවන් පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබේනම් මෙවැනි ගැටලු ඇතිවන්නේ නැත. තවද සාරි සඳහා හැට්ටය නිර්මාණය කිරීමේදී ඊට ගැළපෙන වර්ණ තෝරා ගැනීම පිළිබඳවද හොඳින් දැනුවත් විය යුතුය. තෝරා ගත් වර්ණය යොදා නිර්මාණය සිදු කිරීමේදී වයස් මට්ටම් අනුව ඒවා තමන් සඳහා කෙතරම් දුරට උචිත වේද යන්න පිළිබඳවද යම් අවබෝධයක් තිබිය යුතුවේ. එමෙන්ම හැට්ටය නිර්මාණයේදී බොහෝ විට පබළු වර්ග, ක්‍රිස්ටල්, ‍ලේස් වර්ග එක් කර ගැනීම සුදුසු අතර එය ගැළපෙන අන්දමට කර ගැනීම වඩාත් කල්පනාකාරීව සිදුකළ යුතුය.

හොරණ වගීෂා ස්කූල් ඔෆ්  ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම්  හා මෝස්තර නිර්මාණ ශිල්පිනී
වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

ටිෆනි අරියානා ට්‍රම්ප් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දවෛනි බිරිඳ මාර්ලා මේපල්ගේ දියණිය විදියට වඩා අවුරුද්දට හත් අට වතාවක් කොණ්ඩා මෝස්තරය වෙනස් කරන තරුණියක් විදියට. තාම වයස අවුරුදු 24ක් වන ටිෆනි පහුගිය අවුරුද්ද තුළ එයාගේ කොණ්ඩේ හත් වතාවක් වෙනස් කරලා. සමස්තයක් විදියට එයා එක කොණ්ඩා විලාසිතාවක් තියාගෙන ඉන්නේ මාස දෙකකටත් අඩු කාලයක්ලු. මේ ගැන පීපල්ස් වබේ අඩවිය ඇගෙන් ඇහුවම ඇය කියලා තියෙන්නේ මම තාම තරුණයි වයසට ගිහින් මේවා කළොත් ඔයගොල්ලන්ට ඒක මීට වඩා ප්‍රශ්නයක් වෙයි'' කියලලු.


කුඩා දියණියකට සුදුසු මෙවැනි ඇඳුම් සඳහා වෙළෙඳ‍පොළේ ඉහළ මිලක් ඇති බව දනිමු. නමුත් එවැනි මෝස්තර නිර්මාණ අපටම මසා නිමකර ගැනීමට හැකියාවක් ඇත්නම් එමගින් වැඩි ආර්ථික වාසියක් ලබා ගත හැක. මේ සඳහා වැඩි වටිනාකමින් යුත් රෙදි වර්ග යොදා ගත හැකි මෙන්ම අඩු වටිනාකමින් යුත් රෙදි වර්ගද අපට යොදා ගැනීමට පුළුවන. නිර්මාණයේ අලංකාරත්වය රඳා පවතින්නේ අප එය දායක කරගන්නා ආකාරය අනුවයි. ‍ලේස් වර්ග, බෝඩර් වර්ග, කට්වර්ක් මෝස්තර නිර්මාණයට එක් කර ගැනීම තුළින් අපට එහි වටිනාකම වැඩිකර පෙන්විය හැක. මෙම මෝස්තර විශේෂ උත්සව, මංගල උත්සව වැනි අවස්ථා සඳහා සහභාගි වීමට සුදුසු අයුරින් නිර්මාණය කර තිබේ. කුඩා දරුවන්ට වුවත් උදෑසන කාලයේදී නම් ලා වර්ණවලිනුත් සැඳෑ කාලයේදී නම් තද වර්ණත් යොදා ගැනීම වඩාත් උචිත වේ.

ඉදිරිපත් කිරීම ශ්‍රීලිය ඩිසයින්ස් හි ප්‍රවීණ
මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනි
වගීෂා අබේසිංහ   

මෙය ෆිෂ් ටේල්  හැඩයට  මසාගත් සායකට නෙරියක් සහ ‍පොටක් වෙනම එක් කර මේඩ් අප් කැන්ඩියන් එකක් ආකාරයට මැසූ ඇඳුම් විලාසිතාවකි.
ෆිෂ් ටේල් සාය මීටර් 2 1/2  පමණ වූ වෙල්වට් රෙද්දකින් මසාගෙන තිබේ. සායේ පැහැයට ගැළපෙන ‍ලේස් රෙද්දකින් නෙරිය, ‍පොට හා හැට්ටය මසා ඇත.  හයිනෙක් හැට්ටයේ අත්දෙකත් පිට ප්‍රදේශයත් සඳහා ලයිනින් යොදා ගෙන නැත. ඉන් ‍ලේස් රෙද්දේ විසිතුරු බව තවත් කැපී පෙනේ. ‍ලේස් රෙද්දෙන්ම  නිවරණ සහිත කොටසක් ගෙන නෙරිය මසාගෙන තිබේ.  ෆිෂ් ටේල් සාය ‍පොප්ලින් රෙද්දෙන් ලයිනින් කර ඇත. වෙල්වට් සහ ‍ලේස් යොදා ගනිමින් කළ මෙම ඇඳුම් නිර්මාණයම ඔබ වරක් දෙවරක් ඇඳ ඉවත දැමූ සාරියකින් වුවද නිමවා ගත හැකිය.

නිර්මාණය
ශ්‍රී ජයවර්ධනපුර රෝහල අසල
දෙව්මිනි ඩේ‍රස් මේකර්ස්හි

ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී
අචලා නිරෝෂිනී විජේතුංග
නිරූපණය - හෂිනි
ඡායාරූපය - තුෂාර අතපත්තු
සටහන - උත්පලා
සුභාෂිනි ජයසේක

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 524

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3203

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1800

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3780

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4877

Please publish modules in offcanvas position.