Coss Ear2
lakbima.lk
COSS Ear 1

 

තරුණියන් සඳහා මෙන්ම මැදි වයසේ සහ වැඩිහිටි වයසේ පසුවන කාන්තාවන් සඳහාද මෙම බ්ලවුස් නිර්මාණය කර ගත හැක. තරුණියක් සඳහා ඩෙනිම් කළිසම හෝ ඕනෑම කළිසම් මෝස්තරයක් සඳහා මෙම බ්ලවුසයක් නිර්මාණය කර ගත හැකි අතර වැඩිමහල් කාන්තාවන් සඳහා ලුංගි මෝස්තරයක් සමගද මෙවැනි බ්ලවුසයක් ඇඳීමට පුළුවන. නමුත් කුර්තා බ්ලවුසයේ නිර්මාණ රටාව වයසට අනුව ගැළපෙන ලෙස යොදාගත යුතුය. උදාහරණයක් ලෙස තරුණ අය සඳහා ෆ්ලෙයාර්ඩ් අත, බෙල් අත හෝ වෙනත් නිර්මාණාත්මක අත් මෝස්තරයක් යොදාගත හැකි අතර වැඩිහිටි අය සඳහා සුදුසු වන්නේ සාමාන්‍ය අත පමණි.  බොහෝ කාන්තාවෝ උත්සව අවස්ථා සඳහාද කුර්තා බ්ලවුස් ඇඳීමට කැමැත්තක් දක්වති. එවිට ඒවා පබළු හෝ සීකුවීන්ස් වර්ග අල්ලා හැඩ කරගත හැකිය. සාමාන්‍ය රෙදි වර්ග මෙන්ම වටිනා රෙදි වර්ගද මේ සඳහා යොදා ගත හැකි අතර නිර්මාණාත්මක හැකියාව අනුව වටිනාකමක් එක් කරගත හැක. වැදගත් සහ සංවර පෙනුමක් එක් කරන මෙවැනි විලාසිතා සඳහා වෙළඳ‍පොළේ වැඩි ඉල්ලුමක් ඇත. මෙවැනි මෝස්තර නිර්මාණ තමන්ගේ සිරුරේ හැඩයටම සරිලන පරිදි මසා ගැනීමට හැකිනම් වඩාත් සුදුසුය.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

සාමාන්‍ය අවස්ථාවක් සඳහා සුදුසු වන බ්ලවුස් විලාසිතා කීපයක් මෙවර කලාපය තුළින්  ඔබට ඉදිරිපත් කර ඇත.  සරල මෙන්ම සැහැල්ලු ඇඳුම්වලින් සැරසීමට වැඩි දෙනෙක් ප්‍රියතාවක් දක්වති.  එවැනි කාන්තාවන් සඳහා මෙම මෝස්තර රටාවන් ගැළපේ. මෙවැනි සරල මෝස්තර සමග එවැනි රටාවන්ට ගැළපෙන  වර්ණ සංකලනයද මැනවින් සිදු කර ගත යුතුයි. මෝස්තරයට අදාළ වනසේ වර්ණ යෙදීම සිදු නොකළ විට මෝස්තරයේ සරල බව මැකී යා හැකිය.
මෙවැනි මෝස්තර සඳහා රෙදි වර්න භාවිත කිරීමේදීද ඉහත කී ප්‍රමිතීන් අනුගමනය කළ යුතුවේ. නැතහොත් තෝරාගත් මෝස්තරයට සාධාරණයක් ඉටු වන්නේ නැත.  ජෝජට් වැනි රෙදි වර්ග මෙන්ම ග්‍ලේස්ඩ් කොට්න්, ‍ලේස් වර්ග ආදී රෙදි වර්ගවලින්  මෙම මෝස්තර  මැනවින් සිදු කර ගත හැක. මැහුම් කලාවට පිවිසෙන නව නිර්මාණකරුවන් මෙවැනි මෝස්තර  කපා මසා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ මෝස්තර නිර්මාණ සරලව දිස්වුවත්, මසා ගැනීමේදී ඉතා කල්පනාකාරීව අවධානයෙන් හා ඉවසීමෙන් සිදු කළ යුතු බැවිනි. මෙය මනා පෙර සූදානමකින් යුතුව කළ යුතු බව මෙම විලාසිතා දකින ඔබට පැහැදිලි වනු ඇත.
 
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

පසුගිය සතියේදී ඉතා නවීන පන්නයේ සාරි හැට්ට මෝස්තර නිර්මාණ ඔබට ඉදිරිපත් කලා මතක ඇති. මෙවර ඉදිරිපත් කර ඇති සාරි හැට්ට ඕනෑම වයස් කාණ්ඩයක පසුවන කාන්තාවක් සඳහා නිර්මාණය කර ගත හැක. යම්කිසි අවස්ථාවක් සඳහා සාරි හැට්ටයක් නිර්මාණය කරන විට අවශ්‍යතාවය අනුව එය සිදුකළ යුතුය. එනම් උත්සවයේ ආකාරය සහ එහි ස්වභාවය අනුව නිර්මාණයේ සැකැසුම තීරණය කළ යුතුය. ඉදිරිපත් කර ඇති සාරි හැට්ට අතර සාමාන්‍ය රෙදි වර්ග මෙන්ම ඉතා වටිනා රෙදි වර්ගද යොදා නිමකර ඇති සාරි හැට්ට වර්ග ඔබට දැකිය හැකිය. එහෙත් සාමාන්‍ය රෙදි වර්ග යොදා ගනිමින් වුවද ඉතා අනර්ඝ නිර්මාණ විවිධ මැහුම් ක්‍රම යොදා ගනිමින් සකසා ගත හැක. ඒ සදහා ඔබ මැහුම් කලාවේ නිපුනත්වයක් ලබා සිටිය යුතුය. අනෙකුත් ඇඳුම් වර්ග මෙන් නොව මෙවැනි සාරි හැට්ට නිර්මාණයේදී සිරුරේ ප්‍රමාණයටම සරිලන පරිදි සකසා ගත යුතුය. නැතහොත් කෙතරම් අගනා සාරියකින් හැඩ වුවද එහි පිළිවෙලක් දැකිය නොහැකිය. වර්තමානයේදී ඕනෑම සාරියක් සඳහා රන්වන් හෝ රිදී වර්ණයෙන් යුතු සාරි හැට්ට මසා ගන්නා ප්‍රවනතාවයක්ද දැකිය හැකිය. ඊට හේතුව වී ඇත්තේ එක් සාරියක් නොව කීපයක් සමග ගලපා ගත හැකි නිසාවෙනි.
කෙසේ වෙතත් නිර්මාණයට විවිධ රටාවන් එක් කර ගැනීම තුළින් වටිනාකමින් අඩු සාරියකින් වුව වැඩි වටිනාකමක් දිස්විය හැක.

හොරණ වගීෂා ස්කූල් ඔෆ්  ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම්  හා මෝස්තර නිර්මාණ ශිල්පිනී
වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

“එයා ඒ ඇඳුමට ලස්සන වුණාට මම නම් ඒකට ලස්සන නෑ”  යයි සමහර වනිතාවන් මැසිවිලි නගන්නේ තමන්ගේ සිරුරේ හැඩය පිළිබඳව වැටහීමකින් තොරව අඳින්නන් වා‍ලේ ඇඳුම් තෝරා ගැනීම නිසාය.
යම් ඇඳුමක් සිහින් උස සිරුරක් ඇති කාන්තාවකට ලස්සන වූ පමණින් එයම එතරම් උස නැති පුෂ්ටිමත් කාන්තාවකට ලස්සනට නොපෙනිය හැකිය. සිරුරේ හැඩය පිළිබඳව නොසිතා තෝරා බේරා ගැනීමකින් තොරව කොතරම් අගනා විසිතුරු ඇඳුම් මිලදී ගැනීමද ඒවා ඇන්දා යැයි කියා ලස්සනක් එකතු වන්නේ නැත. අද වන විට තමන්ගේ ශරීරයේ හැඩයට ගැළපෙන්නේ කවර ආකාරයේ කුමන මෝස්තරයේ ඇඳුම්දැයි අවබෝධ කර ගන්නට හැකි මාර්ග කොතෙකුත් තිබේ.
හරියට තෝරා බේරා නොගෙන ඇඳුම් අඳින්නට යෑමේ අයහපත් බලපෑම වැඩිපුරම ඇත්තේ උසින් අඩු මහත සිරුරක් ඇතිවිටය. එබඳු ශරීර හැඩයක් ඇති කාන්තාවන්ට ඉණෙන් පහළට වැටෙන ආකාරයේ කුර්තා වැනි ඇඳුම්වලින් එතරම් ලස්සනක් මතු නොවේ. එවැනි කාන්තාවන්ට හොඳින්ම ගැළපෙන්නේ කෙටි බ්ලවුස් ආදියයි. ගවුමකින් සැරසෙන විටදීද ඉණ ඉහළින් යොදා ඇති ගවුම් සිරුරට වැඩි ලස්සනක් එකතු කරයි. කලිසම් අඳින විට පාදවල ප්‍රමාණයටම මසන ලද කලිසම් සුදුසුය.
දැඩි කෙසඟ බවකින් යුතු වූ විටදීද ඇඳුම් තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වීම අවශ්‍යය. ඉතාමත් සිහින් සිරුරැති යුවතියන් තම අධික සිහින් බව සඟවන්නට යැයි කියා ශරීරයට වඩා බොහෝ විශාල වූ ඇඳුම් අඳින්නට පෙළඹෙන අවස්ථා තිබේ. එහෙත් ඉන් වන්නේ සිරුරේ කෙසඟ බව තව තවත් උලුප්පා පෙන්වමින් ඇඳුම් විකාරයක් බවට පත් වීමය. එවැනි යුවතියන්ට ශරීරයේ ප්‍රමාණයටම මසන ලද එහෙත් අත් දිගට යෙදූ ඇඳුම් මනා හැඩයක් එකතු කරයි. ඉරි සහිත ඇඳුම් තෝරා ගැනීමේදී වඩා සිහින් යුවතියක් නම් හරස් අතට ඉරි ඇති ඇඳුම් මිස දික් අතට ඉරි සහිත ඇඳුම් තෝරා ගැනීම සුදුසු වන්නේ නැත.
තමන්ගේ සිරුරේ හැඩය පිළිබඳව ලතැවුලෙන් සිටිනවාට වඩා සිරුරේ හැඩයට ගැළපෙන ආකාරයට ඇඳුම් තෝරා ගැනීමෙන් එම අඩුව අකාමකා දමන්නට හැකියාව ඇති බව අවබෝධ කර ගත යුතුය.

උත්පලා සුභාෂිනී ජයසේකර

මෙවැනි ෆ්ලෙයාර්ඩ් සාය මෝස්තර ඕනෑම වයස් කාණ්ඩයක කාන්තාවන් සඳහා යෝග්‍ය වන බව කිව යුතුය. කපු මිශ්‍ර රෙදි වර්ග මෙන්ම සිල්ක්, විස්කොස් වැනි රෙදි වර්ගවලින් මෙවැනි සාය වර්ග මසාගත හැකි අතර කැමැති ලෙසකින් ඒවා දිග මෙන්ම කෙටි සාය ලෙසද නිර්මාණය කර ගත හැක. එය අඳිනු ලබන අවස්ථාව අනුව වර්ණ සංයෝජනය සහ රෙදි වර්ගය තීරණය කර ගත යුතුවේ. ගමන් බිමන් සඳහා ඇඳීමට ඉතා පහසු ඇඳුම් අතරින් එකක් වන මෙම සාය නිර්මාණයටද පහසුය. මැහුම් කලාවට ආධුනිකයෙකුට වුවද මෙවැනි මෝස්තරයක් නිර්මාණය කිරීම අපහසු නොවේ. එම නිසා මෙවැනි නිර්මාණ වෙළෙඳ‍පොළේ සාමාන්‍ය මිල ගණන් යටතේ අපට මිලදී ගත හැක. මෙම සාය මෝස්තර සඳහා බතික් කලාව යොදා නිර්මාණ කටයුතු සිදු කර ගැනීමටද හැකි අතර එවිට නිර්මාණයේ මිල මෙන්ම වටිනාකමද වැඩිවේ. ඉදිරියේ ෆ්ලෙයාර්ඩ් සාය සඳහා බතික් කලාව යොදා ගත් අවස්ථා කීපයක්ද ඔබට ඉදිරිපත් කිරීමට බලා‍පොරොත්තු වෙමු.
හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Page 1 of 2

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2177

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1569

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3115

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1820

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6582

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3974

Please publish modules in offcanvas position.