Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මෙම සතිය ආරම්භ වූයේද දේශපාලනික උණුසුමත් සමගිනි. පළාත් පාලන මැතිවරණයේදී මනාප සටනක් දක්නට නොලැබුණද වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් මෙදා දැකිය හැකිය. වෙනදා පුංචි ඡන්දය වෙනුවෙන් ජනාධිපති, අගමැති ඇතුළු  ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් වෙහෙස මහන්සි වන්නේ නැත. නමුත් මෙවර, පුංචි ඡන්දයකට එහා ගිය දේශපාලනයේ ඉදිරි ගමන තීරණය කෙරෙන ඡන්දයක් බවට මෙම මැතිවරණය පත්කොට ගෙන ඇති සෙයක් පැහැදිලිවම පෙනී යයි. මැතිවරණ සටන මෙහෙයවීමට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්ද, ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පෙරමුණ ගෙන තිබිමෙන් පෙනී යන්නේ  මැතිවරණයේ උණුසුම වඩාත් දැනී ඇත්තේ පහළට නොව ඉහළට වන බවය. තම තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නා ජාතික තලයේ මැතිවරණයක් බවට මෙය පත්වෙන විට එය සාමාන්‍ය ජනතාවට දැනෙන ආකාරය කෙබඳුදැයි විමසා බැලීම වෙසෙසින්ම වැදගත්ය.

මනාප ක්‍රමය අහෝසි වීම තුළින් පක්ෂය තුළම එකිනෙකා ගහ මරා ගන්නා නිර්ලජ්ජිත තත්ත්වය වැළකීයාම මහජනතාවට සහනයකි. කෙසේ වෙතත් පක්ෂය ජයග්‍රහණය කරවීම එකම අරමුණ කොටගෙන මේ දිනවල කටයුතු කරන ඉහළම මට්ටමේ දේශපාලනඥයන්ගෙන් සාමාන්‍ය ජනතාවට සේවයක් සැලසෙනවාද යන්න විවාදාත්මකය. දේශපාලන සදාචාරය, කැබිනට් සාමුහිකත්වය, තීන්දු තීරණ ගැනීම රට හමුවේ  විහිළුවක් වන තරමට දේශපාලන විගඩම් වේදිකාවල  දැකිය හැකිය. උදාහරණයක් ලෙස හිටි ගමන් මුදල් අමාත්‍යවරයා නිවේදනයන් නිකුත් කරමින් කියා සිටියේ තැබෑරුම් විවෘත කරන වේලාව පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දීර්ඝ කරන බවත් කාන්තාවට මත්පැන් මිලදී ගැනීමේ තහංචි ඉවත් කරන බවත්ය.

මෙම තීරණයේ හොඳ සහ නරක කුමක් වුවත් දින කිහිපයක් රට තුළ ප්‍රධාන මාතෘකාවක් බවට එය පත්ව තිබුණි. ජනතාව සිතුවේ එය කැබිනට් මණ්ඩලයේද අනුමැතිය සහිතව ගනු ලැබූ තීරණයක් වන බවය. මෙමගින් රජයේ සුරාබදු ආදායම ඉහළ යාමක් සිදුවන අතරම  මධු ලෝලයන් සඳහා රාත්‍රිය තවදුරටත් දිගුවීමක් සිදුවන බැවින් ඒ පිළිබඳව සාධනීය හා නිශේධනීය මට්ටමින් සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් පැවැතුනි.  එහෙත් ජනාධිපතිවරයා ඉකුත් 14 වෙනිදා අගලවත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ චක්‍ර‍ලේඛය වහාම අවලංගු කිරීමට  මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බවයි.

ආයෝජක විශ්වාසය

මුදල් අමාත්‍යවරයාගේ තීරණය හෝ ජනාධිපතිවරයාගේ තීන්දුව විවේචනාත්මකව හෝ විචාරාත්මකව විමසා බැලීම මෙම ලිපියේ අරමුණ නොවේ. අප සාකච්ඡා කරනුයේ දේශපාලනයේදී ගනු ලබන තීන්දු තීරණ මෙරට ආර්ථීකයට කවරාකාරයේ බලපෑමක් සිදුවෙනවාද යන කාරණය ගැන පමණි. ඕනෑම රටක දේශීය හා විදේශීය ආයෝජන වැඩිවී නිෂ්පාදනය හා සේවා නියුක්තිය ඉහළ යන්නේ එම රටේ ස්ථාවර ආර්ථීක හා දේශපාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක  වන්නේ නම් පමණි. ස්ථිර තීන්දුවක් ගැනීමට පෙර කවරාකාරයේ මත ගැටුම් විවේචන පැවැතියත් තීරණයන් ලෙස රට හමුවට පැමිණිවිට  එහි ස්ථිරසාර බවක් පැවැතිය යුතුය. අද රට හමුවට ඉදිරිපත් කරන කිසියම් තීරණයක් හෙට වෙනස් වන්නේනම් එම අර්ථ ක්‍රමය පිළිබඳව දෙස් විදෙස් ආයෝජකයන් තුළ විශ්වාසයක් ගොඩනැගෙන්නේ කෙසේද?

මෙහිදී වඩාත් වැදගත් වනුයේ කිසියම් තීන්දුවක් රට හමුවට පැමිණීමට පෙර කැබිනට්  මණ්ඩලය  තුළත් දේශපාලන ක්ෂේත්‍රය තුළත් සංවාදයකට බදුන් කිරීමෙන් අනතුරුව ස්ථිර තීරණයක් ලෙස ජනතාව හමුවට පැමිණවීමේ වැදගත්කමයි. දේශපාලන විද්‍යාවේදී ‍පොදුවේ පිළිගනු ලබන සිද්ධාන්තයක්  වෙයි. එනම් “ජනප්‍රිය දේ නිවැරදි නොවේ.” යන්නය. මෙය ආර්ථීක විද්‍යාවටද අදාළ කරගත හැකිය. මක්නිසාදයත් ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල ආර්ථිකය හා දේශපාලනය අතර අවියෝජනීය සබඳතාවයක් දැකිය හැකි නිසාය.

ආර්ථීක ප්‍රතිපත්ති

පුංචි ඡන්දය මහා මැතිවරණයක් බවට පරිවර්තනය කර ගැනීමට උත්සාහ දරන මේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ  බලය තහවුරු කරගැනීම හා බලය ලබාගැනීම පිළිබඳව කල්පනා කරනු විනා ආර්ථීකය ගොඩ ගැනීමට සමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට නොමැත. මේ වන විට ආර්ථීකය දැඩි අර්බුදයකට  ලක්වී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. භාණ්ඩ හා සේවා මිල මට්ටම් අඛණ්ඩවම ඉහළයාම හෙවත් උද්ධමනය, ඉතිරි කිරීම් අඩුවීම, ‍පොලී අනුපාතය ඉහළයාම, නිෂ්පාදනය හා සේවා නියුක්තිය පහළ වැටීම, ආර්ථිකමය වශයෙන් අසහනකාරී තත්ත්වයක් ඇතිවී තිබිම ආර්ථික ගැටලු අතරින් ප්‍රධානය.

මේ ගැටලු අද ඊයේ ඇතිවූවක් නොව දශක ගණනාවක් මේ රට පාලනය කළ හා කරමින් සිටින දේශපාලනඥයන් නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවට විඳීමට සිදුවී ඇති පීඩාවන්ය.  මේ රටේ දේශපාලනඥයන්ට කිසිදු පීඩාවක් ඇති බවක්  අපට නම් නොපෙනේ. ඔවුනට යාන වාහන, ඉහළ ආදායම්, පඩි නඩි, ආරක්ෂාව මේ සියල්ල හිමිය. නමුත් සාමාන්‍ය ජනතාවට හාල් කිලෝවක්, ‍පොල් ගෙඩියක් මිලදී ගැනීම බරපතළ ගැටලුවකි. මෙවැනි තත්ත්වයන් රට තුළ නිර්මාණය වී ඇත්තේ මන්ද?

පිළිතුර ඉතා පැහැදිලිය. එසේ වන්නේ නිෂ්පාදනය කඩා වැටී ඇති නිසාය. නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් වෙනුවට ආනයනය කොට බෙදා හැරීමේ ක්‍රමවේදයක් දිගින් දිගටම අනුගමනය කිරීමේ ආදීනව දැන් අපි බුක්ති විඳින්නෙමු. සහල්, අල, ලූනු, වියළි මිරිස්, කව්පි, මුංඇට, කුරහන්, බඩඉරිඟු, වියළි හාල්මැස්සන්, ඉඟුරු, කහ මෙකී නොකී සෑම ආහාර භෝගයක්ම ආනයන කිරීමට අපට සිදුවී ඇත්තේ  එම ක්ෂේත්‍රය පිළිබඳව අපට ජාතික ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොතිබුණු නිසාය.

අද ‍පොහොර අරභයා මතු වී ඇති ගැටලුව ගැඹුරින් විමසා බැලුවහොත් අප වැටී සිටින භයානක තත්ත්වය පිළිබඳ යම් හෝ අදහසක් ලබාගත හැකිය. වත්මන් ‍පොහොර අර්බුදයට හේතු වී ඇත්තේ පාකිස්තානය ‍පොහොර ආනයනය සම්බන්ධයෙන් වෙනදාට වඩා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. වෙනත් වචනවලින් කිවහොත් ‍පොහොර අපනයනය සීමා කිරීමට පාකිස්තානය තීරණය කිරීමය. මේ අන්දමට ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් සහල්, අල, ලූණු, කුරහන්, බඩඉරිඟු ආදිය අපනයනය කිරීමද සීමා කළහොත් ශ්‍රී ලංකාවේ අපට යන කල දවස කුමක් විය හැකිද?

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ අප්‍රේල් මාසය දක්වා මාසිකව සහල් ආනයනය කරන බවටය. වෙළෙඳ ‍පොළේ සෙසු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාලනය කිරීම උදෙසා දිගින් දිගටම භාණ්ඩ හා සේවා ආනයනය කිරීමට තමන් නොපැකිලෙන බවටද හෙතෙම සහතිකයක් දී අවසන්ය. කෙසේ වෙතත් වෙළෙඳ ‍පොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් නම් ජනතාවට දරාගත හැකි මට්ටමකට අඩු වී නොමැත. සතොස හා සුපිරි වෙළෙඳසල් ජාලය ඔස්සේ තොග මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙන බව පැවැසුවද බොහෝ සතොස වෙළෙඳ සල්වල සහල්, අල, ලූනු ආදිය නොමැත.  අනෙක් පැත්තෙන් සුපිරි වෙළෙඳ සල්වල තොග මිලට භාණ්ඩ විකිණීමක් දැකිය නොහැකිය.

නිෂ්පාදකයා හා පාරිභෝගිකයා

නිෂ්පාදකයා හා පාරිභේගිකයා යන දෙදෙනාම ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක්  ඕනෑම රජයකට තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ අපට ජාතික ආර්ථීක ප්‍රතිපත්තියක් නොමැති නිසා මෙය යථාර්ථයක් කර ගැනීමට නොහැකි වී තිබේ. පවතින වෙළෙඳ‍පොළ මිල මට්ටම් යටතේ ජනතාවට භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමට ඔවුන්ගේ ආදායම් මට්ටම් ඉහළ යා යුතුය. ආදායම ඉහළ නැංවීමට නම් රටේ නිෂ්පාදනය හා සේවා නියුක්තිය ඉහළ යා යුතුය. රට තුළ නිෂ්පාදනය ඉහළ නැංවීමට සුදුසු පරිසරයක් ගොඩ නැංවී තිබේද? කෘෂිකර්මාන්තයට අවශ්‍ය ‍පොහොර, ජලය, වෙළෙඳ ‍පොළ හා අනෙකුත් යටිතල පහසුකම් සැපිරී තිබේද? අනෙක් පැත්තෙන් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට අවැසි ස්ථීර ප්‍රතිපත්තියක් හෝ  වැඩපිළිවෙළක් රටට තිබේද? මෙය දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු පාර්ශ්වයන් විසින් එකමුතුව සැලසුම් කළයුතුව තිබෙන වැඩ පිළිවෙළකි.  දේශපාලනඥයන් හා පක්ෂ නායකයින් ඒ සඳහා පෙරමුණ නොගන්නේනම් සිවිල් සංවිධාන පෙරට පැමිණිය යුතුය. රටට වෙනස් නොවන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක්  හා වැඩපිළිවෙළක් සැකසීමේ වගකීමෙන් මේ රටේ සිවිල් සංවිධානවලට මග හැර යා නොහැකිය.

මක් නිසාද යත් අප කුමක් පැවැසුවද ආර්ථික සාධනය අතහැර දේශපාලන සදාචාරය, යහපාලනය නීතිය හා  සාමය යන මේ කවර දෙයක් වුවද සපුරා ගත නොහැකිය. මන්දයත් ඒ සියල්ල යථාර්ථයක් බවට පත් කිරීමේ හැකියාව ඇති අදෘශ්‍යමාන බලවේගය ආර්ථික සාධනය වන බැවිනි. අපේ දේශපාලනඥයන් තේරුම් ගත යුතුව ඇති මහ ‍පොදු සාධකය වන්නේ එයයි.

Cement

පෙර රජ දවස නම් ලංකාවේ හතර දිග් භාගයේම තිබුණේ අතු සෙවිලි කළ කටු මැටි පැල්පත්ය. ගඩොලින්, ගලින් බැඳි ගෘහයක හිමිකම තිබුණේ රාජ රාජ මහාමාත්‍යාදී ප්‍රභූවරුන්ට, සිටුවරුන්ට පමණි. එහෙත් මේ වන විට ලංකාවේ කටු මැටි ගෙවල් දකින්නට නොමැති තරම්ය. අගනුවර ආශ්‍රිතව නම් කටු මැටි බිත්ති, ‍පොල් අතු සෙවිලි ඇත්තේ හුදු වාණිජ ප්‍රදර්ශන උපක්‍රම ලෙසින්ම පමණි.

මීට හේතුව මහා මන්දිරයේ සිට කුඩා පැල්පත දක්වාම නිවාස තැනීමට සිමෙන්ති බ්ලොක් ගල් සහ සිමෙන්ති බදාම යොදා ගැනීමය. අපි මේ කියන්නට යන්නේ සිමෙන්ති අතහැර ගෙවල් හැදීමේ අලුත් ක්‍රමයක් ගැනය. අද කාලයේ සිමෙන්ති කොට්ටයක මිල දරාගෙන කාමර කෑලි දෙකක් බැඳගෙන එහි පදිංචි වීම පවා මිනිසෙකුට තරමක් අපහසු කාරියකි. මේ හේතුවෙන් අධික මිලෙන් යුතු සිමෙන්ති අතහැර, වෙනත් විකල්ප භාවිතයෙන් පවතින මිලට වඩා බොහෝ අඩු වියදමකින් නිවාස තැනීමට ක්‍රමවේදයක් මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මාලාවකින් සොයාගෙන තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුරගේ මගපෙන්වීම අනුව සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂක, වාස්තු විද්‍යාඥ චමීර උඩවත්ත සහ ඔහුගේ පර්යේෂණ සහයකයන් වන ඉසුරි ශානිකා ආරියරත්න, දෙවින්ද්‍ර එරංග, රසංගි ලක්මිණි සහ ඉමල්ෂා කාවින්දි මෙම පර්යේෂණය සඳහා යොමු වන්නේය.

එම පර්යේෂණයට අනුව පර්යේෂක චමීර උඩවත්තගේ මූලික අභිප්‍රාය වන්නේ සිමෙන්ති වෙනුවට විකල්පයක් තිබේද යන්න සෙවීමය. මෙම අධ්‍යයනයට එළඹෙන ඔහු මානව ශිෂ්ටාචාරයේ චින්තනය වෙනස් මානයකට ගෙන යන්නට සමත් වන්නේය.

මෙහි ප්‍රථම පියවර වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ   පර්යේෂණයක් මගින් සිමෙන්ති බ්ලොක් ගලකට වඩා ලාභදායී ගඩොලක් නිර්මාණය කිරීමය. ඒ සඳහා මූලිකව උපයෝගී කර ගනුයේ සාමාන්‍ය පරිසරයෙන් ලබාගන්නා පස්ය. පස් හා සිමෙන්ති මිශ්‍ර කිරීමෙන් සාමාන්‍ය සිමෙන්ති ගඩොලකට වඩා සියයට පනහක පමණ අඩු වියදමකින් ගඩොල නිපදවා ගැනීමට මෙම පර්යේෂණ කණ්ඩායම සමත් වන්නේය.

මෙසේ නිපදවූ ගඩොල් භාවිතයෙන් මුලතිව්, කිලිනොච්චි ආදී යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස තනාදීමේ ව්‍යාපෘතියක් ඔවුහු ආරම්භ කරන්නෝය.

එහෙත් එම ව්‍යාපෘතියේදී මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ සිමෙන්ති සහ පස් මිශ්‍ර කිරීමෙන් අඩු වියදම් ගලක් සැදුවද ශ්‍රී ලංකාවේ වෙසෙන සමහර දුප්පත් මිනිසුන්ට සිමෙන්ති ලබාගැනීමටවත් ආර්ථික ශක්තියක් නොමැති වීමය.

මෙහිදී පර්යේෂණ කණ්ඩායමේ අවධානය යොමු වන්නේ සිමෙන්ති වෙනුවට භාවිත කළ හැකි සාර්ථක විකල්පයක් සෙවීම  කෙරෙහිය. පර්යේෂක, වාස්තු විද්‍යාඥ චමීර උඩවත්ත ඒ පිළිබඳව සඳහන් කරන්නේ මෙසේය.

මෙම ගැටලුවේදී අපගේ අවධානය මුලින්ම යොමුවන්නේ ශාකසාර වෙතටයි. අප ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පීරමින් විවිධ වූ ශාකසාර පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරනවා. විවිධ පුරාවිද්‍යාත්මක ස්ථානවල අපගේ මුතුන් මිත්තන් සිමෙන්ති නොමැතිව යොදා ගත් විකල්ප පිළිබඳව මහත් පරිශ්‍රමයකින් අප පර්යේෂණ කණ්ඩායම අධ්‍යයනය කරනවා.

දිවුල්, බෙලි, කජු ආදී ශාක බහුඅවයවික ලබාගෙන පස් සමග කලවම් කර අපේ අතීත වාස්තු විද්‍යාත්මක නිර්මාණ සඳහා භාවිත කර තිබෙන බව එහිදී අපට පැහැදිලි වෙනවා. මෙහිදී අපි ශාක බහුඅවයවික මගින් සිමෙන්ති වැනි ස්ථායී බන්ධකයක් නිර්මාණය කිරීමට හැකිදැයි සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මක කරනවා. එහිදී පෙනී යනවා එය සාර්ථක වුවත් අමුද්‍රව්‍යයක් වශයෙන් ශාක බහුඅවයවික විශාල වශයෙන් සපයා ගැනීම ප්‍රායෝගික නොවන බව

ඉන් අනතුරුව ඔවුන්ගේ

පර්යේෂණ යොමු වන්නේ විවිධ අපද්‍රව්‍ය කෙරෙහිය. දර දහනයෙන් ඉතිරි වන අළු, දහයියා අළු ආදී වශයෙන් විවිධ දහන අතුරුඵල සමග රසායන ද්‍රව්‍ය එක්කර ඒවායේ රසායනික සංයුතිය වෙනස් කිරීමෙන් අනතුරුව සිමෙන්ති වෙනුවට ආදේශකයක් ලෙස යොදා ගැනීමට මෙම

පර්යේෂකයන් සමත් වන්නේය.

දහයියා අළු, නිවසේ ඉතිරිවන අළු පමණක් ‍නෙවෙයි, නොරොච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරයේ ඉතිරිවන අළුද ඵලදායි ලෙස මෙම ක්‍රමයෙන් සිමෙන්ති නිපදවීමට යොදාගත හැකි බව අපි අනාවරණය කරගත්තා. නොරොච්චෝ‍ලේ ෙදෙනිකව බැහැරවන මෙට්‍රික් ටොන් 4ක පමණ අළු කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පරිසරයට මුදා හරිනවා. මෙය පාරිසරික වශයෙන්ද ගැටලුවක්. ඉතින් ඒ මගින් සිමෙන්ති    නිෂ්පාදනය කළ හැකි නම් එය ආර්ථිකමය වශයෙන් පමණක් නොවෙයි පාරිසරික වශයෙන්ද යහපත් ක්‍රියාවක්. අපි හඳුනාගන්නවා නොරොච්චෝ‍ලේ පිටවන අළු සිමෙන්තිවල ඉතාම ළඟ නෑයෙක් බවට. එහි රසායනික සංයුතිය වෙනස් කිරීම තමයි අපගේ

පර්යේෂණයට පාදක වන්නේ. එය සාර්ථක බව ඔප්පු කිරීම තමයි අපේ නිබන්ධනයේ අරමුණ වුණේ.

රසායන විද්‍යාව සම්බන්ධව ලොව දස දෙසින් ඉදිරිපත් වූ ආචාර්ය උපාධි නිබන්ධන 517කින් හොඳම 50 අතරට පර්යේෂක චමීර උඩවත්තගේ පර්යේෂණ වාර්තාවද නිර්දේශ වන්නේය. එම සම්මානය හිමි වනුයේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ව්‍යාපෘතියේ නිර්දේශවලට යටත්වය. මෙම ඇගයීම හිමි වනුයේ එහි ‍පොදු අරමුණු වෙත සාර්ථකව යොමුවන අධ්‍යයන පර්යේෂණ සඳහා පමණි. ඒ අනුව කාර්මික අපද්‍රව්‍ය තිරසාර භාවිතය, සිමෙන්ති නිපදවීමේදී වන පරිසර හානිය අවම කිරීම, ආර්ථික දුෂ්කරතා ඇති අයට විකල්පයක් ලබාදීම, පශ්චාත් යුද සමාජයක පාසල්, ප්‍රජා මධ්‍යස්ථාන ආදී ‍පොදු පහසුකම් ඇති කිරීම, එම ජනතාවට සෞඛ්‍ය සම්පන්න වාසස්ථාන ලබාදීම වැනි අරමුණු රාශියක් මෙහිදී සාධනය කළ හැකි බව තහවුරුව තිබේ.

කාර්මික අතුරුඵලයකට රසායනික ද්‍රව්‍ය එකතු කර එහි රසායනික සංයුතිය වෙනස් කිරීම තුළ රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් සපයා ගැනීම ගැටලුවක් වන්නේද? මේ ඊට පර්යේෂක චමීර උඩවත්ත දැක්වූ අදහසයි.

ඒක එතරම් බරපතළ කාරණයක් නමෛයි. උදාහරණයක් වශයෙන් නොරොච්චෝ‍ලේ අළුවලට අපි එක් කළේ කෝස්ටික් සෝඩා සහ ලුණු. එතුළින් සාමාන්‍ය කොන්ක්‍රීට්වලට වඩා ශක්තිමත් බන්ධකයක් නිර්මාණය කරගන්න අපට හැකි වුණා. ඒ වගේම මේ තුළින් අපි මූලික පර්යේෂණ කර එම සංකල්පය සඳහා පේටන්ට් අයිතිය ලබාගත්තා පමණයි. එය වාණිජමය වශයෙන් ව්‍යාප්ත කිරීමට තවත් කාලයක් ගතවෙයි.

සාමාන්‍ය සිමෙන්තිවලට වතුර දමා කලවම් කිරීමෙන් පසු වියළීමේදී බන්ධනය ශක්තිමත් වන අන්දමින්ම මෙම නව අත්හදාබැලීමේදීද ක්‍රියා කෙරෙයි. ඒ අනුව එම අත්හදා බැලීම් අතර විවිධ අළු වර්ග, ශාක රෙසින, ශාක කෙඳි ආදියට විවිධ රසායන ද්‍රව්‍ය එක් කරමින් එහි සංයුතිය වෙනස් කිරීම සිදුකර තිබේ. වඩාත් සාර්ථක වන්නේ කුමන ද්‍රව්‍ය අතර බන්ධනයද යන්න සෙවීමට ඔවුන් එහිදී කටයුතු කර ඇත.

දහයියා අළු සහ නොරොච්චෝ‍ලේ අළු භාවිත කර සිමෙන්ති ආදේශකය නිපදවීම වඩාත් සාර්ථක බව මෙහිදී හඳුනාගෙන ඇත්තේ ඒවා සපයා ගැනීමේ සුලබතාව නිසාය. කෙසේ නමුත් මේ තුළින් පරිසරයට නිකරුණේ එක්වන අතුරුඵල දෙකක් ඵලදායී ලෙස භාවිතයට ගැනීම මෙන්ම පරිසර හානියක් සිදුවන සාමාන්‍ය සිමෙන්ති නිපදවීමේ ක්‍රියාවලිය අඩු කිරීමට හැකියාව ලැබි තිබිම විශේෂත්වයකි.

සාමාන්‍ය සිමෙන්ති නිපදවීමට මූලික වශයෙන්ම යොදා ගනුයේ මුහුදු කොරල්ය. කොරල් ලබාගන්නා සිමෙන්ති නිෂ්පාදකයන් ඒවා දිගින් දිගටම වගා කරන බව පැවැසුණද කොරල් ජනාවාසයක් සාර්ථකව වැඩීමට දිගු කලක් ගතවන බැවින් වන පරිසර හානිය පිළිබඳ සමාජයේ අවධානය යොමුවීම වටී. එමෙන්ම සිමෙන්තිවල මිල සාමාන්‍ය අඩු ආදායම්ලාභීන්ට දරා ගැනීමද තරමක් අපහසුය. මීට සාධනීය විසඳුමක් ලෙස ඉවතලන දෙයකින් නිපදවනු ලබන මෙම සිමෙන්ති

ආදේශකය හඳුනාගත හැකි වන්නේ එබැවිනි. තවමත් මෙම නව සොයා ගැනීම තුළ පර්යේෂණ කර ඇත්තේ බිත්ති බැඳීම සඳහා පමණක් වුවද නුදුරේදීම කපරාරුවටද එය යොදාගත හැකි අන්දම පිළිබඳ අනාවරණය කරගත හැකි වනු ඇත.

සිමෙන්ති සොයා ගන්නේ රෝම ශිෂ්ටාචාරය තුළයි. එතැන් පටන් නව ශිෂ්ටාචාර බිහි වීම තුළ හැම අවස්ථාවකම වගේ භාවිත වී ඇත්තේ සිමෙන්ති පමණයි. ඉන් පසුව එම නැඹුරුව වෙනස් කිරීමට ගත් එක් උත්සාහයක් ලෙස, එමෙන්ම සිමෙන්ති පදනම් වූ ඉදිකිරීම් සංකල්පය වෙනස් කිරීමක් ලෙස අපගේ පර්යේෂණ වාර්තාව හඳුනාගන්න පුළුවන්. එකම දේ කාලාන්තරයක් භාවිත කිරීමේදී ‍පොදුවේ ගැටලු රාශියක් ඇතිවන බැවින් මෙය විශාල වෙනසක් ඇති කිරීමට තැබූ එක් කුඩා පියවරක් ලෙසත් හඳුනාගත හැකියි. පර්යේෂක චමීර උඩවත්ත සඳහන් කරන්නේය.

පුරාණ ස්තූප, විහාර ගෙවල් ආදී අපගේ දේශීය වාස්තු විද්‍යාත්මක නිර්මාණ සඳහා කිසි විටෙකත් සිමෙන්ති භාවිත කොට නැත. ඒ සඳහා භාවිත කර ඇත්තේ හුණු බදාම මෙන්ම ශාක කිරි වර්ග, සත්ව කෙඳි ආදිය, මැටි සමග සංයෝග කිරීමෙන් නිපදවූ බදාම බව පෙනේ. හුණු භාවිතයද එතරම් ගැටලුවක් නොවන්නේ එය නිධි වශයෙන් ලංකාවේ ස්ථාන කීපයකින් හමුවන බැවිනි. කොරල් විනාශ කිරිම තුළ සිමෙන්තිවලින් විශාල පරිසර හානියක් වන බව පෙනේ. එබැවින් මෙය මානව

ශිෂ්ටාචාරයේ සාධනීය සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. මෙම පර්යේෂණය සඳහා මූලිකත්වය ගත් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුරගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ පර්යේෂක, වාස්තු විද්‍යාඥ චමීර උඩවත්ත මෙම ගවේෂණාත්මක ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කරමින් රටවල් 195ක් අතරින් ඉදිරිපත් වූ ආචාර්ය උපාධි නිබන්ධන 517කින් 2017 වර්ෂයේ හොඳම පර්යේෂණ නිබන්ධන 50 අතරට තේරී පත්වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉමහත් ආඩම්බරයට කරුණකි. එමෙන්ම මෙය අඩු ආදායම්ලාභියාගේ පටන් මහා මන්දිරයේ වැජඹෙන්නා දක්වා එක සේ ප්‍රයෝජනවත් පර්යේෂණයක් බැවින් ලංකා නාමය ජාත්‍යන්තරය තුළ රන් අකුරින් ලියැවෙන දිනය වැඩි ඈතක නොවනු ඇතැයි අප අපේක්ෂා කරමු.

 

මිහිරාන්  කරුණාරත්න

බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධ සිද්ධි මාලාවක් හේතුවෙන් පසුගිය සතියේ මෙරට දේශපාලන කරළිය වඩාත් උණුසුම් විය. අවසානයේ පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් හා ලේ හැලීමක් දක්වාම මේ සිදුවීම් මාලාව දුරදිග ගියේය.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ගිනි කෙළිි සංදර්ශනයට පෙර මෙම බැඳුම්කර වාර්තාව පිළිබඳව පසුගිය සතියේ පක්ෂනායක රැුස්වීමේදී මෙන්ම අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදීද පුළුල්ව සාකච්ජාවට ලක්විය.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීම පසුගියදා පැවැතියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

මෙම බැඳුම්කර වාර්තාව මෙම සතියේ පාර්ලිමේන්තුවට  ඉදිරිපත් නොකෙරෙන බවට ඉඟි පළවීම හේතුවෙන්  පක්ෂ නායක
රැුස්වීම තුළද තරමක නොසන්සුන් තත්ත්වයක් පැවැතියේය.
ජනාධිපතිවරයාගෙන්  මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී පැවැසීය.
 ර්‍ණබැඳුම්කර වාර්තාව විතරක් මදි , බරපතළ වංචා ¥ෂණ ගැන හෙවූ ජනපති කොමිසමේ වාර්තාත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න  ඕනේ ”‍

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තරමක දැඩි ස්වරයෙන් පැවැසීය.
”‍බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතිව , පාර්ලිමේන්තු විවාදය කරන්න බැහැ,”‍ දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය .

දිනේෂ් ගුණවර්ධන මහතාගේ මෙම ප‍්‍රකාශය නිමල් සිරිපාල ද සිල්වා මහතාද අනුමත කළේය.
‍‘‘ඔව්, ජනාධිපති කොමිසමේ වාර්තාව නැතිව, ඒ වාර්තාව ගැන විවාද කිරීම, ඵල රහිතයි. ඒක කරන්නේ කොහොමද, ඒක ප‍්‍රායෝගික නැහැ”‍ සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
වාර්තාව ඉදිරිපත් වෙන්නේ නැති බව දැන දැනම එහෙනම් මොකටද විවාදයක් ඉල්ලූ‍වේ ? ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ප‍්‍රශ්න කළේය.

‘‘කොහොමටත් දැන් ලැබී ඇත්තේ වාර්තාවේ ඉංග‍්‍රීසි පිටපත් විතරයි. සිංහල , දෙමළ පිටපත් පස්සේ දෙන්න පුළුවන් ”‍ කිරිඇල්ල මහතා තත්ත්වය තවදුරටත් පැහැදිලි කළේය.
‘‘එහෙනම් ඉංග‍්‍රීසි පිටපත හරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න”‍ යයි පක්ෂ නායකයෝ කිහිපදෙනෙකුම මෙහිදී තරමක දැඩි ස්වරයකින් ඉල්ලා සිටියහ.

‘‘කොහොමටත් ඉතින්  විවාදයේ කාල වකවානු තීරණය කරන්න වෙන්නේ , වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාට පසුවනේ”‍ දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේ තරමක කලකිරීමකිනි .
‘‘ඒ ගැන කතාකරන්න තවත් පක්ෂ නායක රස්වීමකුත් තියන්න වෙනවා ”‍ ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
‘‘බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ කරුණ මෙවර කැබිනට් මණ්ඩල රැුස්වීමේදීද උණුසුම් මාතෘකාවක් විය .

‘‘බැඳුම්කර වාර්තාව ගැන විවාදයක් දෙන්න රජය එකඟ වෙලා තිබුණට ඒ වාර්තාව තාම පාර්ලිමේන්තුවට දාල නැහැනේ.”‍ අමාත්‍ය  මණ්ඩල රැුස්වීමේදී දයාසිරි ජයසේකර මහතාද හඬ නැගීය .
ඔහුට සහය ලබාදීමට ඉදිරිපත්වූයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාය .
‘‘‍ඔව් , වාර්තාව නැතිව කරන විවාදයේ කිසිම තේරුමක් නැහැ ‘ නිමල් සිරිපාල අමාත්‍යවරයා පැවැසීය .
පාර්ලිමේන්තු විවාදය දෙන්න රජය කටයුතු කළේ , ඒ ඒකාබද්ධ විපක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටි නිසානේ . කවුද මේ විවාදය ඉල්ලූ‍වේ ? ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා ඇසුවේ උස් හඬකිනි .
‘‘ඇරත් , විවාදය කරන්න , බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වෙන්න  ඕනේ කියල දැනගෙන හිටියේ නැද්ද ? ඒ ගැන විවාදය ඉල්ලන්න කලින් හිතන්න තිබුණනේ ”‍ කිරිඇල්ල මහතා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් දෙස බලා  පැවැසීය .
‘‘බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුව රැුස් කරපු එකත් වැරදියි නේද ? දයාසිරි මහතා ප‍්‍රශ්න කළේය .
‘‘‍ඔව් , වාර්තාව නැත්නම් , ඇයි පාර්ලිමේන්තුව රැුස් කළේ ? චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාද ප‍්‍රශ්න කළේය .
එම පැනයට පිළිතුරු දීමට ඉදිරිපත්වූයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාය .
මගෙන් ඉල්ලූ‍වේ පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර
රැුස් කරන්න කියලනේ. ඔන්න ඉතින් ඒක මම කළා.
බැඳුම්කර කොමිෂන් වාර්තාව මුල්  කර ගනිමින් පසුගියදා පාර්ලිමෙන්තුව තුළ ඇති වූ ගුටිබැට හුවමාරුවෙන් අනතුරුව එ්කාබද්ධ විපක්‍ෂයේ රෝහිත අබේගුණවර්ධන මහතා ඇතු`ළු මන්ත‍්‍රීවරු පිරිසකට පාර්ලිමේන්තු විදුලි සෝපානය අසලදී ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මුණ ගැසිණි.
‘‘මල්ලී. කොහෙද හිටියේ, කලබලය අස්සේ මල්ලිලාව දැක්කෙත් නැහැනේ ”අබේගුණවර්ධන මහතා හඳුන්නෙත්ති මහතාට පොඩි තට්ටුවක්ද දමා පැවැසීය.

‘‘අපි ඔය අතින් පයින් ගහ ගන්න වැඩවලට නැහැනේ. අපි දූෂණයට එරෙහිව සටන් කරන්නේ පෑනෙන්, එහෙම නැත්නම් කටෙන්’’ යැයි හඳුන්නෙත්ති මහතාද සිනහමුසු මුහුණින් පිළිතුරු දුන්නේය.
මේ අවස්ථාවෙ අසල සිටි මාධ්‍යවේදීන් පිරිසක්ද සභාවේ බැට හුවමාරුව හඳුන්නෙත්ති මහතාගෙන් විමසීය.
‘‘අපි ඉතින් ඔය ෆයිට්වලට නැහැනේ, ෆයිටර්ලගෙන්ම තමයි ෆයිට් එකේ විස්තර ගන්න වෙන්නේ’’ යැයි හඳුන්නෙත්ති මහතා දුන් පිළිතුරට අසල සිටි සැමට සිනහ පහළවිය.
පාර්ලිමේන්තුවේ මෙම ගැටුම පිළිබඳව ආරංචි වූ වහාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණ එ්කාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හමුවිය.
විශේෂයෙන්ම මෙම ගැටුම හේතුවෙන් තුවාල ලබා සිටි රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයාගේ හා ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරයාගේ සුව දුක් විමසීමටද රාජපක්‍ෂ මහතා කටයුතු කළේය.
ගැටුමට මැදිවීම හේතුවෙන් රංජිත් සොයිසා මහතාගේ කම්මුල හා කන අසල ප‍්‍රදේශය තුවාල වී තිබිණ. ෆයිල් කවරයකින් එල්ල වූ ප‍්‍රහාරයකින්  එම තුවාලය සිදු වූ බව රංජිත් සොයිසා මහතා රාජපක්‍ෂ මහතාට පැවැසීය.
ප‍්‍රසන්න රණවීර මහතාගේ වම් කම්මුලට එල්ල වූ ප‍්‍රහාරයකින් ඔහුගේ මුහුණ නිල් පැහැ ගැන් වී තිබිණ.  ඔහුගේ කමිසයද ඉරී ගොස් තිබිණ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නගර සභා අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ පිරිසක් එක්ව පසුගියදා මහජන නියෝජිත එකමුතුව නමින් සංවිධානයක් පිහිටුවා ගත්හ.
කොළඹ නගර සභාවේ සිදුවන වත්මන් වංචා දූෂණයන් රටට අනාවරණය කිරීම මෙම පිරිසේ අරමුණ ලෙස  ඔවුන් ප‍්‍රකාශයට පත්කර තිබිණ.

මෙම එකමුතුවේ  ප‍්‍රධාන ක‍්‍රියාකාරිනියක වන කොළඹ නගර සභාවේ හිටපු  නාගරික මන්ත‍්‍රීනි ශර්මිලා ගෝනවෙල මහත්මියට  පසුගියදා පැවැති දේශපාලන හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව මුණගැසිණ.
‘‘ඔය ගොල්ලන් කරන වැඬේ බොහෝම හොඳයි. කොළඹ නගර සභාවේ දැන් වංචා දූෂණ බොහොම බරපතළ විදියට සිදුවෙනවා. මේවාට එරෙහිව හඬක් නැගීම හොඳ  දෙයක්. එ්ත් ඔයාලගේ  වැඬේට දෙන ප‍්‍රචාරය මදි. අඩුම ගානේ සතියකට පාරක්වත් මාධ්‍ය හමුවක් තියල  ඕවා රටට හෙළි කරන්න රාජපක්‍ෂ මහතා පැවැසීය.
‘‘ඔව්, අපි ඉස්සරහට මාධ්‍ය හමු කීපයක්ම කරන්න හිතාගෙන ඉන්නවා. මේ වංචා දූෂණ ගැන ජනපතිවරයාවත් දැනුවත් කරන්න හිතාගෙන ඉන්නවා’’ යැයි ගෝනවෙල මහත්මිය පිළිතුරු දුන්නාය.
පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේ පැවැති දේශපාලන හමුවකදී එ්කාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු පිරිස පොහොර අර්බුදය ගැන තම විවේචන ඉදිරිපත් කරන්නට විය.
”කෘෂිකර්ම අමාත්‍යාංශයට කෝටි ගණන් කුලී ගෙවන  නිළියන්ගේ ගොඩනැගිලි ගන්න පුළුවන් වුණාට ගොවියට පොහොර ටිකවත් දීගන්න බැහැ” ජොන්ස්ටන් මහතා පැවැසීය.

”ඔව් අද මේ පොහොර ප‍්‍රශ්නය ලොකු ගැටලූවක් වෙලා තියෙනවා. අපි එදා යුද්ධය තියෙනකොටත් රුපියල් තුන්සීය පනහට පොහොර සහනාධාරය දුන්නා. 2005 දී මම පොරොන්දු වුණේ වීවලට විතරක් සහනාධාරයක් දෙන්නයි.
හැබැයි  මම 2015 අයින් වෙන කොට වී විතරක් නෙමෙයි එළවළු, තේ, රබර්, පලතුරු වගාවලටත් පොහොර සහනාධාරය
දෙමින් තිබුණා. මේ ආණ්ඩුව ආවා විතරයි එක පෑන් පාරෙන් පොහොර සහනාධාරය නතර කළා. අද සහන මිලට තියා වැඩි මිලටවත් පොහොර ගන්න නැතුව ගොවියෝ  අනාථ වෙලා ඉවරයි’ මහින්ද රාජපක්‍ෂ මහතා පැහැදිලි කළේය.
‘මේකෙන් පේන්නේ ආණ්ඩුවේ අසාර්ථක කමයි. තෙල් හිඟයක් ඇවිත් රට පුරාම මිනිස්සු තෙල් පෝලිම්වල ලැගලා මාස දෙකක් ගියේ නැහැ. දැන්  පොහාර හිඟයක් ඇවිත්. එහෙන් හාල් පෝලිම්, මෙහෙන් පොහොර  පෝලිම්. මේවා ආණ්ඩුවට සැලැස්මක් නැති නිසා ඇති වෙන අර්බුද’ ප‍්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
‘දුමින්ද දිසානායකට සබීතාගේ බිල්ඩිම කුලියට ගන්න තිබුණු හදිසිය ගොවියට පොහොර දෙන්න නැහැ’ නාමල් රාජපක්‍ෂ මහතා මෙහිදී පැවැසුවේ සිනහ මුසු මුහුණකිනි.

පොහොර  ප‍්‍රශ්නය පිළිබඳව පසුගියදා කැබිනට් මණ්ඩල රැුස්වීමේදීද දයාසිරි ජයසේකර මහතා අදහස් කිහිපයක් දැක්වීය ‘පොහොර නැවක් අද එනවා කියලා මම කැබිනට් මාධ්‍ය හමුවේ කිව්වා. එ්ත් නැව ආවේ නැහැනේ. මට හරිම ලැජ්ජාවක් වුණේ’ දයාසිරි ජයසේකර මහතා සිනහසෙමින් පැවැසීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරසේන මහතාගේ ආරාධනාව මත සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේ  සමාරම්භක අවස්ථාවට පසුගියදා එක්විය. ජනාධිපතිවරයා, රාජිත සේනාරත්න, මහින්ද අමරවීර, දයා ගමගේ යන අමාත්‍යවරුන් රැුගත් හෙළිකොප්ටර් යානය මොරගහකන්ද ප‍්‍රදේශයට ළඟාවීමෙන් පසු කඩිනමින් විවෘත කිරීමේ අවස්ථාවට මෙම පිරිස එක්විය. හෙළිකොප්ටරයේ ගමන් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශය ඉඳිකිරීම සඳහා කළ කැපවීම පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කළේය.

මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීමෙන් පසු ජල විදුලි බලාගාරයද නිරීක්‍ෂණය කළ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු  අමාත්‍යවරුන් ජනතාව සමග සුහද පිළිසඳරක නිතර වූහ. ඉන් පසු දිවා භෝජන සංග‍්‍රහය සූදානම් කර තිබූ ස්ථානයට පැමිණි මෙම පිරිස එකම මේසයක අසුන් ගත්හ. එම මේසයේ චීනයේ ශ‍්‍රී ලංකා තානාපතිතුමියද සිටියාය. ඉන් පසු ස්වල්ප වේලාවකින් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ‘මම යනවා මලික්ලාගේ ගෙදර කෑමට. ඔබ සැම කෑම කාලා නුවර එන්න’ යැයි පැවැසීය. එම අවස්ථාවේ යාබද මේසයේ සිටි මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාද එතනට පැමිණියේය.
එවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ‘මලික් අපිට කෑම  සඳහා ආරාධනා නැද්ද. එය යූ.ඇන්.පී. කෑම මේසයක්ද’ යන්න විමසීය. එවිට සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ”ජනාධිපතිතුමනි මටත් ආරාධනා නැහැ. එය එක්සත් ජාතික පක්‍ෂ කෑම මේසයක්” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය. එවිට මලික් සමරවික‍්‍රම ඇමැතිවරයා පැවැසුවේ ”නැහැ අග‍්‍රාමාත්‍යවරයා සහ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා එම ස්ථානයෙන් නික්ම ගියහ. මෙම ස්ථානයේ ගමේ කෑමවේලක් සූදානම් කර තිබූ අතර එය භුක්ති විදි ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් හෙළිකොප්ටර් යානයෙන් මහනුවර බලා පිටත් වූහ.

සියලූදෙනා මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණි අතර, අමාත්‍යවරුන්ද සමග ජනාධිපතිවරයා එහි ඉහළ මහලට ගොස් විවේක ගත්හ. එම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය ඇතුළු පවුලේ ඥතීන් එම ස්ථානයට පැමිණ පෙරවරුවේ පැවැත්වූ දානමය පින්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කළහ. මෙහිදී ග්ලයිෆොසෙට් වල් නාශකය පිළිබඳවද සාකච්ඡුාවට බඳුන් විය. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය. ”ග්ලයිෆොසෙට් තහනම් කිරීම ජනාධිපතිවරයා විසින් ගත් නිවැරදි තීන්දුවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂණවල නිරත මහාචාර්ය සරත් ගුණතිලක මහතා පසුගියදා පැමිණ මා සමග සාකච්ඡුාවක් පැවැත්වූවා. එහිදී ඔහු කියා සිටියා ග්ලයිෆොසෙට් පිළිබඳව පර්යේෂණ පති‍්‍රකාවක් ඇමෙරිකාවේ මහජන සෞඛ්‍ය අධිකාරියට ඉදිරිපත් කළ බව එම පර්යේෂණ පති‍්‍රකාව පිළිබඳව විද්වතුන් 15 කගෙන් යුතු කමිටුවක් විනාඩි 45ක කාලයක් සාකච්ඡුා පවත්වා තිබෙනවා. එහිදී අනාවරණය වී තිබෙනවා වකුගඩු රෝගයට ග්ලයිෆෙසෙට් හේතු වී ඇති බව. මේ වන විට වකුගඩු රෝගය ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව, යුරෝපා රටවල් සහ ස්විස්ටර්ලන්තය වැනි රටවල් පුරා පැතිර යනවා. එම නිසා ගල්යිෆෙසෙට් තහනම් කිරීම හොඳ තීරණයක්” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ඉන් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පොල්ගොල්ල ජලාශ වේල්ල මත පැවැති ජන හමුවට සහභාගි වී හෙළිකොප්ටර් යානයෙන්ම කොළඹ බලා පිටත් වූහ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනාව මත සායි බබාගේ වත්මන් නියෝජිතයා හමුවීමේ අවස්ථාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට උදාවිය. එ් අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවූ එම නියෝජිත ශී‍්‍ර ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව කරුණු විමසීය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය වසර 3 තුළ සිදු කළ සෞඛ්‍ය වැඩසටහන් පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලදී. එ් පිළිබඳව සතුටු වූ එම විශේෂ නියෝජිතයා සෞඛ්‍ය අමාත්‍යවරයාට නවරත්න මුද්දක්ද පරිත්‍යාග කළේය.
 

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මේ රටේ ජනතාවට තිබූ, ප්‍රබලතම ගැටලුව වූයේ, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ලබා ගැනීමේ ගැටලුවයි. ඒ අතින් බලන කල ආණ්ඩුව තුළ සෑහීමට පත්විය හැකි ආකාරයේ ඉදිරි ගමනක් තිබෙන බවක් පෙනෙන්නට ඇත. ඉන් ප්‍රධානම දෙය අද පවතින මාධ්‍ය නිදහසයි. මාධ්‍යවේදීන්ට පහර දීම්, ඔවුන් පැහැර ගෙන යාම් ආදී කිසිවක් අද වාර්තා නොවෙන අතර, ඔවුන්ට අවශ්‍ය දෙයක් නිදහසේ ලිවීමේ අවකාශ ලැබි ඇති බවක් පෙනෙයි. එමෙන් ම නොයෙකුත් ආකාරයේ අත්අඩංගුවට ගැනීම්වලද පැහැදිලි විවෘතභාවයක් අද දක්නට ලැබෙයි. විනිවිද බවකින් තොරව රහසිගත ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම් අද වන විට වළක්වා තිබෙනවා පමණක් නොව, ‍පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව උදා වී තිබේ. ඒ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නිර්මාණය වී ඇති අතර, ජනතාවට ඡන්දයට ඉදිරිපත් වීමේ අවකාශ මෙන්ම ඡන්දය භාවිත කිරීමේ ඉඩකඩද පුළුල් වී ඇති බවක් පෙනෙන්නට ඇත.
අනෙක් අතින් බලන කළ, වර්තමාන ආණ්ඩුව ජාතික ප්‍රශ්නය විසදීම සම්බන්ධයෙන් පියවර රැසක් ගෙන තිබිමද අගය කළ යුතුව ඇත. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ කටයුතු මේ දක්වා සම්පූර්ණ කර ගැනීමට හැකියාව නොලැබුණ ද, බලය බෙදීම ඉදිරියට ගෙන ඒම සඳහා සාධනීය පියවර ගනිමින් සිටීම පැසසුමට ලක්ව ඇති කාරණයකි. ඊට හොඳම උදාහරණය වන්නේ, දෙමළ පක්ෂ නව ව්‍යවස්ථාව තුළ කටයුතු කිරීමට පටන් ගෙන තිබිමය. එමෙන්ම අද වන විට ප්‍රධාන විපක්ෂය ලෙස දෙමළ පක්ෂයක් කටයුතු කරන අතර, අනෙකුත් සුළු පක්ෂ සියල්ලද, ඇතැම් සුළු විවේචන මධ්‍යයේ වුවද එක් රාමුවක් තුළ කටයුතු කිරීමට එකඟතාව දැක්වීම සාධනීය ලක්ෂණයක් වේ. ඇතැම් ස්ථානවල යම් යම් කාරණා සම්බන්ධයෙන් උද්ඝෝෂණ දැකිය හැකි වුවද, ඒවා ඇතැම් අන්තවාදී සුළු පිරිසක් විසින් මෙහෙයවන උද්ඝෝෂණ වන අතර, ප්‍රධාන වශයෙන් සුළු පක්ෂ සියල්ලද ආණ්ඩුවේ කටයුතු සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරන බවක් පැහැදිලි වේ. එමෙන්ම අද වන විට ඔවුන් සියලු දෙනා ද ත්‍රස්තවාදය දැඩිව ප්‍රතික්‍ෂේප කරන තත්ත්වයට පත්ව ඇති අතර ඒ ඒ පළාත් සභා තුළ තම වගකීම් ඉටු කරන්නට පෙළඹී ඇත. මේ ආකාරයෙන් ගත වූ වසර තුන තුළ විවිධ පැති ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය පැතිරී ඇති බවක් පෙනෙන්නට ඇත.
එමෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අපේ රටට පෙර තිබූ තත්ත්වයට වඩා පිළිගැනීමක් ලැබි ඇති බව අවිවාදාත්මක කාරණාවකි. ජනතාව නිදහසේ ජීවත් වන රටක් ලෙස අද වන විට ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති අතර ඒ නිසාම මතෛක් පනවා තිබූ ඇතැම් ජාත්‍යන්තර තහංචි ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ස්වභාවයක විශාල ඉදිරි පිම්මක් පෙන්නුම් කරමින් පවතී. 
එහෙත්, මේ රජය බලයට පත්වන විට පැවැසූ ආකාරයෙන් වංචා දූෂණවල නිරත වූවන්ට දඬුවම් ලබාදීම මතෛක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් බොහෝ විවේචන පවතී. එවැනි පුද්ගලයන් මතෛක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයකි. උදාහරණයක් ලෙස ගතහොත් පැවැති පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ බරපතළ චෝදනා එල්ල කරමින් සිටිය ද, ඒ කිසිවෙකු මතෛක් අත්අඩංගුවට ගැනීමක් හෝ ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමක් දැකිය නොහැකිය. ඒ නිසාම, ඒවා හුදු දේශපාලන ප්‍රකාශ පමණක් බවට පත්ව තිබේ.
ආර්ථිකය පැත්තෙන් බලන කල ආණ්ඩුව දරන්නේ සුබවාදී ආකල්පයකි. විදේශීය ආයෝජකයන් ගෙන්වා ගෙන මේ රට සංවර්ධනය කරා ගෙන යා හැකි බව ඔවුන්ගේ මතයයි. මෙය ධනේශ්වර පාලකයන් නිරන්තරයෙන් යෝජනා කරන දෙයයි. එහෙත් එය කොතෙක් දුරට සාර්ථක කර ගත හැකිද යන්න ගැටලු සහගත වේ. ආණ්ඩුව පවසන්නේ, දැනට රැකියා ලක්ෂ ගණනින් බිහි කර ගැනීමේ හැකියාවක් ඔවුන් සතුව පවතින බවයි. එමෙන්ම මේ තරම් කාලයක් ප්‍රයෝජනයට නොගෙන තිබූ ඇතැම් විශාල ගොඩනැගිලි, සහ විවිධ සංවර්ධන ක්‍රියාකාරකම්වලින් ගොඩනගා ගත් දේවල්වලින් ප්‍රයෝජන ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත. උදාහරණ වශයෙන් වරායවල්, ගුවන්තොටුපළ ආදියෙන් ප්‍රයෝජන ගැනීම දැන් ආරම්භ කර ඇති අතර ඒවායේ විශාල සංවර්ධනයක් තිබෙන බව ප්‍රකාශ වේ. 
කෙසේ වතුදු, සෑම කල්හිම මෙකී සංවර්ධන ක්‍රියාදාමයන් නිසා තැලී ‍පොඩිවී යන පිරිසක් වෙති. ඒ, සංවර්ධනය අභිමුවේ තම රැකියා හෝ ගේදොර ඉඩකඩම් අහිමිව යන ජනතාවයි. ඔවුන් වෙනුවෙන් ආණ්ඩුව කොයිතරම් දුරට සාධාරණයක් ඉටු කරන්නේද යන්න තවමත් ගැටලු සහගතය. විශේෂයෙන් කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වූ ජනතාවට විවිධ සංවර්ධන කටයුතු නිසා ඉතා දුරබැහැර ප්‍රදේශවලට යාමට සිදුවීම, ‍පොරොන්දු වූ ආකාරයේ වන්දි නොලැබිම, පුරුදු ආදායම් මාර්ග නැතිවී යාම,  ආදී ගැටලු සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල අ¼ෙදා්නාවක් පවතී. ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රදේශ සංවර්ධනය වීම තමන් ද අපේක්ෂා කරන නමුත් ඒ හේතුවෙන් තමන්ට විවිධ දැඩි අපහසුතාවලට ලක්වීමට සිදුවීම අනුමත කළ නොහැකි බවයි. මෙම තත්ත්වය කොළඹ නගරය තුළ පමණක් නොව අනෙකුත් පළාත්වලටද ‍පොදු කාරණාවකි. 
මෙම ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ, සංවර්ධන කාර්යයන්හිදී ඇතැම් ප්‍රදේශවලින් ඉවත් කර පිරිස් වෙනුවෙන් දැවැන්ත ක්‍රියාමාර්ගවලට යොමු වන බවකි. එහෙත් එම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමේ දුර්වලකමක් දක්නට ලැබේ. මේ නිසා අසාධාරණයට ලක් වූ ඇතැමුන් පවසන්නේ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නට හෝ නිශ්චිත තැනක් නොමැති බවයි. මේ තත්ත්වය තුළ සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී ඒවා සම්බන්ධයෙන් නිසි පසුවිපරමක් සිදු නොවීමේ ගැටලුවක් පවතින බව පෙනෙන්නට ඇත. මේ පිළිබඳව කිහිප අවස්ථාවකදීම පෙන්වා දුන්නද තවමත් එය නිශ්චිතව ඉටු වී නැති බවක් පෙනී යයි.
එමෙන්ම හොරකම වළක්වාලීමට පැමිණි ආණ්ඩුවත් හොරකම් කරනවා ද යන ගැටලුව ජනතාව තුළ මතු වූයේ, මහබැංකු බැඳුම්කර සිද්ධියත් සමගිනි. මෙම ගැටලුවේදී ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගේ හැසිරීම් ද ගැටලු සහගතය. එවැනි ගැටලුවක් ඇත්නම්, ඒ පිළිබඳව විමර්ශනය කොට එය හෙළි කර ගැනීම අනිවාර්ය කාරණාවකි. එහෙත් මේ සම්බන්ධයෙන් තමන්ට ලැබුණ වාර්තාව අදාළ නිලධාරීන්ට යොමු නොකොට ඒ සම්බන්ධයෙන් තම අදහස් සමාලෝචනය කිරීමට යෑමෙන් ජනාධිපතිවරයා උත්සාහ ගත්තේ, දේශපාලනමය වාසියක් ලබා ගැනීමටද යන්න සම්බන්ධයෙන් අද බොහෝ දෙනා තුළ කුකුසක් මතු වී තිබේ. ඇතැමුන් විග්‍රහ කරන අන්දමට එය එක්තරා ආකාරයකට පක්ෂග්‍රාහී වීමකි. මේ ප්‍රකාශයත් සමඟ, ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂයක් සාදා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ ආරවුලක් ඇතිකර ගැනීමට කටයුතු කරනවා යන මතයක් සමාජගත වී ඇත. එවැන්නක් සමාජගත වීම එතරම් සුබදායී කාරණාවක් නොවේ.
එමෙන්ම මේත් සමඟ අනෙක් පැත්තෙන්, දැන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ පිළිබඳව පිළිතුරු දීමට සිදුව ඇති අතර ඔහු දෙන පිළිතුරු කෙබඳුද යන්න සම්බන්ධයෙන් සමාජය බලා සිටියි. මහ බැංකුවෙන් සල්ලි ගැනීමට රජයට තහනමක් නැත. විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා ඕනෑම රාජ්‍ය නායකයෙකු මුදල් ලබා ගන්නේ එතැනිනි. මෙතැන ගැටලුව වන්නේ සල්ලි ගැනීමට වඩා, එම සල්ලි ගෙන යෙදවූයේ කුමන කාරණාවන් සඳහාද යන්න පිළිබඳවයි. එමනිසා මේ සම්බන්ධයෙන් දැන් පැහැදිලි කර ගත යුත්තේ, මුදල් ලබා ගත්තේ කවුරුන්ද යන්නට වඩා, එම මුදල් ගෙන කර ඇත්තේ කුමක්ද යන්න පිළිබඳවයි. මේ මුදල් ලබා ගත්තේ කුමන සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ද යන්න හෙළි විය යුතුව ඇත. එය මතෛක් නොවිසඳුණ කාරණාවක් වන අතර ඉදිරියේ දී ඒ සම්බන්ධ පැහැදිලි ප්‍රකාශයක් කරනු ඇතැයි ජනතාව බලා‍පොරොත්තු වේ. 
මේ ගැටලුවක් සමඟ ආණ්ඩුව පිළිබඳව යම් සැක සංකාවක් ජනතාව තුළ මතුව ඇතැයි යන්න සත්‍ය කාරණාවකි. එමෙන්ම මේ සිද්ධියත් සමඟ ආණ්ඩුව තුළ ද කිසියම් ආකාරයක හැප්පීමක් දක්නට ලැබෙයි. එහෙත් එය ආණ්ඩුව පෙරළීමට තරම් කාරණාවක් වේ යැයි සිතිය නොහැකිය. එමෙන්ම මේ තුළින් ඉදිරි ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වේ යැයි ද සිතිය නොහැකිය. ‍පොදු සංවර්ධන කාර්යයේ දී වැදගත් වන්නේ මුදල් තිබුණේ කා ළඟ ද, යන්න නොව ඒවා භාවිත වූයේ කුමක් සඳහාද යන්න පිළිබඳවයි. කවුරුහරි කියනවා නම්, මේ ගැටලුවත් සමඟ ඉදිරියේදී රටට විශාල ආර්ථික අහේනියක් සිදුවේ යැයි කියා, එය පිළිගත නොහැකි කාරණාවකි.
කෙසේ වෙතත් මේ ආණ්ඩුවට තවත් වසර දෙකක කාලයක් ඉතිරිව ඇත. ඒ වසර දෙක තුළ ආණ්ඩුවට ජය ගැනීමට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ, මූලික වශයෙන්ම ව්‍යවස්ථාව නිසි ලෙස සකස් කිරීම සහ යුද්ධයත් සමග මතු වූ දුක්ගැනිවිලි රැසට නිසි විසඳුම් සොයා ගැනීමය. එමෙන්ම ඒකාධිපතිවාදයෙන් මුළුමනින්ම ඈත් වී, තවදුරටත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කරලීම ආණ්ඩුවේ වගකීමයි. රජය සතුව මූලික සංවර්ධන වැඩසටහනක් ඇති බව ප්‍රකාශ වෙන අතර එවැන්නක් ඇත්නම් එය නිසි ලෙස ස්ථානගත කර, රට සංවර්ධනය කරා මෙහෙය වීම ද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සෑම අවස්ථාවක දීම විපක්ෂයේ සහායද ලබාගෙන ඉදිරියට යාම කළ යුතුවේ.
 
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
 
සටහන - ගයාත්‍රි ගීගනආරච්චි

දේශපාලන කරළිය ඉකුත් සතියේ උණුසුම් වූයේ බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමත් සමගය. විරුද්ධ දේශපාලන  පක්ෂවලට මෙය එක්තරා අන්දමකට අස්වැසිල්ලක්ය. එ.ජා.ප. යට විරුද්ධව දේශපාලන වේදිකාවේ මෙය හොඳ මාතෘකාවක් වීම ඊට හේතුවය. බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්ව ඇත්තේ කුමක්දැයි හරියටම කිව නොහැකි වුවත් කොමිසම ඉදිරියේ ලබා දුන් සාක්ෂි අනුව සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපතිවරයාට නඩු නිමිත්තක් තිබෙන බව පැහැදිලිය.
අද රටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙස බලාගෙන ඉන්නවා. මේ බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පස්සේ මොනවාගේ ක්‍රියාමාර්ග ගනීද කියලා. අපටත් යම් ප්‍රමාණයකට ජනාධිපති කෙරේ විශ්වාසයක් තිබෙනවා කොමිසමේ නිර්දේශ අනුව ක්‍රියා කරාවි කියලා. එසේ නොවුණහොත් ජනාධිපතිවරයා එ.ජා.ප. ය ආරක්ෂා කරන්න මුළු ලෝකයම රැවටූ නායකයෙක් බවට පත් වෙනවා යැයි කීවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධනය.
ඉකුත් සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පැවැත්වූයේ ඉදිරි මැතිවරණ කටයුතු සංවිධානය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කරන්නටය. එහිදීද දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මන්ත්‍රීවරුද බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබනු ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළහ. එහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ මුල ඉඳලම මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනමතයක් ඇති කළේ අපියි. අපේ බලපෑම නිසයි කොමිසමක් පත් කරන්න ජනාධිපති පියවර ගත්තේ. ඒ කොමිසම ‍ප්‍රෝඩාවක් ‍නෙවෙයි කියල ඔප්පු කරන්න ජනපති වගබලා ගන්න ඕනේ. එහෙම නොවුණොත් අපි රට පුරා උද්ඝෝෂණ ඇති කරලා බැඳුම්කර වරදකරුවන්ට දඬුවම් දෙන්න රජයට බල කරන්න ඕනේ යැයි යනුවෙනි.
ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට නම් මේ කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන එහි නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව දේශපාලන විචාරකයන්ද පෙන්වා දෙන්නෙකි. කෙසේ වුවද මේ වාර්තාව අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නීතිපතිවරයා ඊයේ (01) කැඳවා තිබුණි. දේශපාලන පක්ෂපාතිත්වයෙන් තොරව ජනපති රට පැත්තේ හිටගෙන රට හා රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීම යුක්ත යුක්ති බවද දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ජනපතිවරයා නිර්පාක්ෂිකව එ.ජා.ප, ශ්‍රීල.නි.ප හා විරුද්ධ පක්ෂ යන සෑම  පැත්තක්ම නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ දූෂණ වංචා හොර මැරකම් සම්බන්ධයෙන් සෘජු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් නිර්මාණය වීම සම්බන්ධයෙන් නැවතත් කතාබහක් ඇති වී තිබේ. ෙතේ‍රනිකායික මහනාහිමිවරුන්ගේ විරෝධය හමුවේ අලුත් ව්‍යවස්ථාව සම්පාදනය පිළිබඳ කතාබහ යට ගැසී තිබුණද නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරමින් සිටින බව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ප්‍රබලයකු ඉකුත් සතියේ ප්‍රකාශ කර තිබුණි. එය තහවුරු වන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ඉකුත් සතියේ කර තිබූ ප්‍රකාශයක් සමගය. පෙඩරල් පාලනයකට එහා ගිය බලය බෙදීමක් නව ව්‍යවස්ථාවෙන් උතුරට ලැබෙනවා. බලය දුන්නාට පස්සෙ ඒක ආයේ පවරා ගන්න බෑ යනුවෙන් ඔහු සඳහන් කර තිබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු කවරක් දැයි මෙරට දේශපාලනඥයන්ට හඳුන්වා දිය යුතු නොවේ. එබැවින් එවැන්නක් කෙටුම්පත් කිරීමට පවා පෙර ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කිරීම අත්‍යවශ්‍ය බව මහනාහිමිවරුන් මීට පෙර පෙන්වා දී තිබුණි. උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකයන්    දැනටමත් හැසිරෙන ආකාරය අනුව ඔවුන්ට ලබාදිය යුතු වන්නේ කුමනාකාර බලය බෙදීමක් දැයි රජය අවබෝධ කරගත යුතු බව මහනාහිමිවරුන්ගේ මතය වී තිබේ. මධ්‍යම රජයට ඕනෑම මොහොතක අවලංගු කළ හැකි පාලනය කළ හැකි බලය බෙදීමක් හැර ඒ පළාතේ දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට රටේ ස්වෛරිතාවයට හෝ භෞමික අඛණ්ඩතාවට හානිකර තීන්දු ගත හැකි බලය බෙදීමක් සිදු නොවිය යුතු බව රටේ බහුතර ජනතාවගේ මතය වී තිබේ.
සයිටම් ප්‍රශ්නය යළිත් කරළියට ඇදගෙන ආවේ ඉකුත් සතියේදීය. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කොළඹ පැවැති උත්සවයකදී කළ ප්‍රකාශයක්  සමගය. ඔහු එහිදී ප්‍රකාශ කළේ සතිපහක ප්‍රායෝගික පුහුණුවක් සම්පූර්ණ කළ පසු සයිටම් වෛද්‍ය සිසුන්ගේ වෛද්‍ය උපාධිය පිළිගැනීමට වෛද්‍ය සභාව. තීරණය කර ඇති බවය. මේ ප්‍රකාශයෙන් පසු වෛද්‍යවරුන්ගේ සංගමය හා විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුහු යළිත් අරගලයකට සූදානම් බව ප්‍රකාශ කළහ. ඒ සමගම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සති පහක නේවාසික පුහුණුවෙන් පසු සයිටම්
වෛද්‍ය උපාධිය පිළිගැනීමට වෛද්‍ය සභාව මතෛක් තීරණයක් ගෙන නොමැති බවය. සයිටම් ප්‍රශ්නය විසඳීම සඳහා පත් කළ හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාගේ කමිටුව එකී විසඳුම යෝජනා කර ඇති නමුත් ඒ ගැන වෛද්‍ය සභාව අවසන් තීරණයක් ගෙන නැති බව එම නිවේදනයේ සඳහන් විය.
ඉහත සිද්ධියට අනුව රජයට එල්ලවන චෝදනා සත්‍ය බව නැවතත් තහවුරු කර තිබේ. මුට්ටිය දමා බැලීම එම චෝදනාවයි. කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රකාශය මුට්ටිය දැමීමකි. ඊට විරෝධතාවක් නොවූයේ නම් ඇමැතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විසඳුම ක්‍රියාත්මක කරනු ඇත. රටක වැදගත් වන්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයයි. එයින්ද වෛද්‍ය විද්‍යාවට හිමිවන තැන ප්‍රමුඛය. එවන් පසුබිමක වගකිව යුතු රජයක් සැහැල්ලුවෙන් හා වගකීම් රහිතව කටයුතු කිරීම පිළිබඳව ජනතාවට ඇත්තේ කලකිරීමක් යැයි සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරය. ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි වැදගත් ජාතික ප්‍රශ්නවලදී රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා මීට වඩා මැදහත් වී මෙවැනි ප්‍රශ්න විසඳීමට කටයුතු කළ යුතු බවය.
පුංචි ඡන්දයේ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ බරපතළ චෝදනාව එල්ල වූයේ ඉකුත් සතියේ මනෝ ගනේෂන් අමාත්‍යවරයාගෙන්ය. ඔහු සඳහන් කරන අන්දමට ඔහුට මරණ තර්ජන එල්ල වී ඇත. මේ අනුව විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. මනෝ ගනේෂන් අමාත්‍යවරයාගේ චෝදනාව බරපතළය. අපේ රටේ මැතිවරණ කාලවලදී දේශපාලන පක්ෂවල ඇතැම් දේශපාලනඥයන් සමග ඇඟැලුම්කම් දක්වන පාතාල සාමාජිකයන් කලඑළි බැස ඔවුන්ගේ කෙරුවාල් ප්‍රදර්ශනය කරන්නේ දේශපාලන වුවමනාවන්ටය. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිස් මෙරටේ නිදහස් මැතිවරණ පිළිබඳ ලෝකයට අවධානය යොමු කරමින් සිටිති. එවන් පසුබිමක පාතාල ක්‍රියා සඳහා අවකාශ සැලසීම හෝ පාතාල සාමාජිකයන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගැනීම හෝ රටට නොගැළපෙන දෙයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මැතිවරණයේ නාම යෝජනා බාර දෙන අවස්ථාවේම පෙන්වා දී ඇත්තේ ආදර්ශයෙනි. කොළඹ නගර සභාවට පාතාලයට සම්බන්ධ සාමාජිකයකුගේ නම එ.ජා.ප. නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් කර ඇති  බව දැනගත් වහාම අගමැතිවරයා ඊට මැදිහත් වී අදාළ නම එ.ජා.ප. නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කරන්නට පියවර ගත්තේය. එවැනි සෘජු තීරණ ගැනීම දේශපාලන නායකත්වයට අත්‍යවශ්‍ය වන්නකි.
කොළඹ නගර සභාවට ස්වාධීනව ඉදිරිපත් වී ඇති මනෝ ගනේෂන් අමාත්‍යවරයාට මරණ තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් ඔහු කරන චෝදනාවල සඳහන් වන්නේද පාතාල ක්‍රියාකාරකම් ගැනය. දිවයින පුරා පළාත් පාලන ආයතනවල සභික ධුර අපේක්ෂාවෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් අතර අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සිටින බව තහවුරු වන්නේ මාත‍ලේ දිසාවේ ‍පොලිස් ලොක්කන් කර ඇති හෙළිදරව්වක් අනුවයි. මාත‍ලේ නගර සභාවට දේශපාලන පක්ෂ 5කින් නියෝජිතයන් 120ක් තරගවැදී සිටින අතර ඉන් 18 දෙනෙකුම නීති විරෝධී වැඩවලට හවුල් අය බව ‍පොලීසිය හෙළි කර ඇත.
මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීල.නි.ප. - එ.ජා.ප හවුල තවත් වසරක් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ගිවිසුම් අත්සන් කළ යුතු බව ශ්‍රීල.නි.ප මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ට බලපෑම් කරමින් සිටින බව ඉකුත් සතියේ හෙළිදරව් කරනු ලැබූයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසිනි. එ.ජා.ප. ආණ්ඩුවකට එරෙහිව ශ්‍රීල.නි.ප.ය පිහිටුවා ගත් බණ්ඩාරනායක හිටපු අගමැතිවරයාගේ දියණියක මෙන්ම ශ්‍රීල.නි.ප. උපදේශිකාවක ද වන ඇය කළ යුතුව ඇත්තේ ශ්‍රීල.නි.ප. ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට ඇපකැප වීම බව පෙන්වා දෙන ඔවුහු යූ.එන්.පී. ගැති ප්‍රතිපත්තිවලට උඩගෙඩි දීම බණ්ඩාරනායක පවුලට කරන නිගාවක් බවද පෙන්වා දෙති.
මේ අතර ජාතික සංහිඳියා කාර්යාලයේ සභාපතිනිය ලෙස කටයුතු කරන ඇය පක්ෂය තුළ සංහිඳියාව ඇති කර ගැනීම සඳහා දේශපාලන වෛරයෙන් බැහැර වී කටයුතු කිරීමට කාලය පැමිණ ඇති බවද ශ්‍රීල.නි.ප. ‍‍‍ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා දෙති.
ශ්‍රීල.නි.ප. එ.ජා.ප සන්ධාන ගිවිසුම දෙසැම්බර් 31න් අවසන් විය. පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රීල.නි.ප.ය රජයෙන් ඉවත් වන බවත් එසේ ඉල්ලා අස් වී ඒකාබද්ධ විපක්ෂයේ හා එ.ජා.ප.යේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමක් ද එක්කර ගනිමින් ශ්‍රීල.නි.ප ආණ්ඩුවක් පිහිටු වන බව ශ්‍රීල.නි.ප. නායකයන් සඳහන් කර තිබේ. ශ්‍රීල.නි.ප. එ.ජා.ප.යෙන් අයින් වන්නේ නම් කොන්දේසි විරහිතව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමද ශ්‍රීල.නි.ප.ය හා එක්වීමට කැමැති බව කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි. මෙවන් පසු බිමක ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ ප්‍රබලයෝ දෙදෙනෙක් ශ්‍රීල.නි.ප.ය ට එක් වූහ. එම එක්වීම අහඹු සිදුවීමක් නොවන සැලසුම්ගත සිදුවීමක් බවත් ඔවුන් ශ්‍රීල.නි.ප.ය ට එක් වී ශ්‍රීල.නි.ප හා ඒකාබද්ධ විපක්ෂය සන්ධානගත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරනු ඇති බවත් දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී ඇත.

ජයසූරිය උඩුකුඹුර

මෙම වර්ෂය (2017) නිමවීමට තව ඇත්තේ දින 04ක් පමණි. ගත වූ වර්ෂයේ ඇතැම් කාරණා අමතක කොට 2018 වර්ෂයට පිය නැගිය හැකි වුවත් ආර්ථිකයේ වූ සිදුවීම් අමතක කොට  නව වසරකට පිය නැගිය නොහැකිය. නව වසරක් උදාවූවායැයි පවත්නා ආර්ථිකය වෙනසකට හෝ නව තත්ත්වයකට පත්වන්නේ නැත. ගතවූ වර්ෂයේ, ආර්ථික, දේශපාලන හා භූගෝලීය වශයෙන් ඇති වූ වෙනස්වීම් හා බලපෑම් නව වසරේ ආර්ථික ක්‍රියාකාරකම්  සඳහා සෘජු බලපෑමක් ඇතිකරනු ලැබේ.
උදාහරණයක් ලෙස 2017 වර්ෂය මුළුල්‍ලේම පාහේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මෙරට කෘෂිකර්මාන්තය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරනු ලැබිය. එම තත්ත්වය කරණකොටගෙන වී සහ ‍පොල් අස්වනු පහළ වැටුණු අතර ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල මට්ටම් අඛණ්ඩවම ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වසරේ උද්ධමන වේගය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ජනතාවගේ ජීවන වියදම විශාල වශයෙන් වැඩි විය.
2016 දෙසැම්බර් මාසයේ සියයට 4.5ක් වූ උද්ධමන  වේගය 2017 ජනවාරි මාසයේදී සියයට 5.6ක් දක්වා ඉහළ  ගියේය.  එය මාර්තු මාසය වන විට සියයට 7.3ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත් ජූලි මාසයේදී උද්ධමන වේගය සියයට 4.8ක් දක්වා පහළ වැටුනද අගෝස්තු මාසයේදී එය යළිත් සියයට 6ක් දක්වා ඉහළ ගියේය. සැප්තැම්බර් මාසය වනවිට සියයට 7.1ක්  දක්වා ඉහළ ගිය උද්ධමන වේගය නොවැම්බර් මාසය අවසන් වන විට සියයට 7.6ක් දක්වා ඉහළට නැගුනි.
දෙසැම්බර් මාසයේ ආරම්භයත් සමග උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග තුනක මිල තොගමිල ගණන් යටතේ සතොස සහ සුපිරි වෙළෙඳසල් හරහා ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයාට නිවේදනය කිරීමට සිදුවිය. අහිමිවන ලාභ ප්‍රතිශතය වෙනුවෙන් බදු සහනයන් මෙම වෙළෙඳසල් ජාලය වෙත ලබාදීමට රජයට සිදුවිය. මෙබඳු තීරණයන් ගැනීමට සිදුවූයේ වර්ෂයේ අවසන් මාසය වන විට වෙළඳ‍පොළේ සහල්, ‍පොල්, ලොකුලූනු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ නැග තිබූ නිසාය.
ආර්ථිකයක කිසියම් මට්ටමක උද්ධමනයක් තිබිම එක් පැත්තකින් නිෂ්පාදකයන් ධෛර්යමත් කරවන සාධකයකි. මක්නිසාදයත් තම භාණ්ඩ හා සේවා සඳහා ඉහළ මිලක් හිමිවීම  නිසාය. එහෙත් වර්තමානයේ වෙළෙඳ‍පොළ මිල ගණන් අඛණ්ඩවම ඉහළ ගොස් ඇත්තේ ‍පොල්, ලොකු ලූනු, සහල් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බැවින් ඒවායේ සැපයුම ආනයනයකින් තොරව වේගවත් කිරීමේ හැකියාවක් නොමැත.
කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා දෙසැම්බර් මස මුල් සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වෙළෙඳ‍පොළේ භාණ්ඩ හා සේවා මිල පාලනය කිරීම සඳහා ‍පොල් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද දිගින් දිගටම ආනයනය කිරීමට පියවර ගන්නා බවය.
අප 2018  වර්ෂයට පියනගන්නේ මෙකී සියලුම  ආර්ථික ක්‍රියාකාරකම් හා තීන්දු තීරණවල වෙනසක් නොමැතිවය. මේ වන විට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 155කට ආසන්න මුදලක්  ගෙවිය යුතුය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා වර්ෂයකට රුපියල් කෝටි  20000කට වැඩි ප්‍රමාණයක් වියදම් කිරීමට සිදු වී තිබේ. 2017 වර්ෂයේ අගභාගයේදී භාණ්ඩ හා සේවා ආනයනය තවදුරටත් වැඩි වූ හෙයින් එහි බලපෑම 2018 වර්ෂය සඳහාද වැඩි වශයෙන් දැනෙනු ඇත. මේ නිසා අප 2018 වර්ෂයට පියනගන්නේ ගෙවුම්  ශේෂය මත ඇතිවන පීඩනය ඉහළයාමේ අවදානමක්ද සමගිනි.
ආනයන අපනයන ආනයන වියදම් ඉහළයාමට සාපේක්ෂව අපනයන ආදායම වැඩි නොවීම අප මුහුණ දෙන බරපතළ ගැටලුවකි. 2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 1011ක තිබූ අපනයන ආදායම් ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 976ක් දක්වා පහළ වැටී ඇත. මේ තුළින් වෙළෙඳ ශේෂය  මත ඇතිවී  ඇති පීඩනය ඇමෙරිකන් ඩොලර් මිලියන 752කි. “සිලෝන් ටී” කීර්තිමත් වෙළෙඳනාමයක් යටතේ ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන ප්‍රධාන කෘෂිකාර්මික භෝග වර්ගයයි. මෙරට තේවලින් වැඩිම ප්‍රමාණයක් මිල දී ගනු ලබන රුසියාව එහි වෙළෙඳ‍පොළ සම්බන්ධයෙන් කිසියම් ගැටලුකාරි තත්ත්වයක් ඉදිරිපත් කළ හෙයින් අපනයන ක්ෂේත්‍රයේ කැළඹීමක් ඇතිවිය. කෙසේ වෙතත් වර්ෂයේ අවසන් සතිය වන විට යළිත් රුසියාවට තේ යැවීමේ හැකියාව එලෙසින්ම පවත්වා ගැනීමට හැකිවිය.
කෙසේ වෙතත් එම උද්ගත වූ තත්ත්වය හේතු කොට ගෙන අපට නැවත සිතා බැලීමට කරුණු කාරණා ගණනාවක් ඉතිරි විය. පළමුවැන්න අප අපනයන කරුණු ලබන්නේ කිසියම් රටකට අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන බවය. ලෝකයේ ඉස්තරම්ම  තේ අපි නිපදවනු ලැබූවද එය ප්‍රතික්ෂේප  කිරීමට බලවත් හා ධනවත් රටවල් දෙපාරක් සිතන්නේ නැත. දෙවැන්න ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ශ්‍රී ලංකාවේ අපට කේවල් කිරීමේ හැකියාවක් නොමැති බවය. තෙවැන්න ශ්‍රී ලංකාවේ අපට වඩා රුසියාව  වැනි දැවැන්ත රටවල් පවා දේශීය නිෂ්පාදන හා වෙළෙඳ‍පොළ රැකගැනීම වෙනුවෙන් විශාල මැදිහත්වීමක් සිදුකරන බවය.
අප මේ යථාර්ථය තේරුම්ගත යුතුය. අප ලෝකයේ හොඳම තේ නිපදවූවායැයි ලෝක වෙළෙඳ‍පොළේ දැනෙන බලපෑමක් අපට සිදුකළ නොහැකිය. ලෝකයේ ධනවත් හා බලවත් යැයි සලකන රටවල් පවා කොන්දේසි විරහිතව දේශීය නිෂ්පාදනය හා වෙළෙඳ‍පොළ රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින පසුබිමක අප සිටින්නේ කොතැනදයි තේරුම්ගත යුතුය.
අප දේශීය නිෂ්පාදකයා තඹ දොයිතුවකට මායිම්  නොකොට වෙළෙඳ‍පොළේ  භාණ්ඩ නිපද වූ සැණින් ආනයනය කොට බෙදා හැරීමට පෙළඹේ. මේ නිසා අද වන විට දේශීය නිෂ්පාදන හා කර්මාන්ත ගණනාවක් බිඳ වැටී අවසන්ය. අවිචාරවත් අපනයන ප්‍රතිපත්තිය තොග රැස්කිරීම හා අස්වනු පිළිබඳව  සංඛ්‍යා දත්ත නොතිබිම වැනි මූලික කරුණු පවා මග හැරීම නිසා අද වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර  වෙළෙඳ‍පොළේ අසරණයෙකු බවට පත්ව සිටී. උදාහරණයක් ලෙස දේශීය වළං සහ මැටි ආශ්‍රිත කර්මාන්ත කොහු හා ඒ ආශ්‍රිත කර්මාන්ත, පිත්තල, යකඩ හා ඇළුමිනියම් කර්මාන්ත මේ වන විට මුළුමණින්ම පාහේ බිඳ වැටී අවසන්ය.
ඉදිකට්ටේ සිට ඉහළට සෑම භාණ්ඩ හා සේවාවක්ම ආනයනය කිරීමේ ආදීනව දැන් අපි බුක්ති විඳිමින් සිටින්නෙමු. ඇමෙරිකන් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහළ යන සෑම අවස්ථාවකදීම අපගේ ආනයන වියදම්ද ඉහළ යයි. අප 2018 වර්ෂයට පිය නගනුයේ මෙකී අඩුපාඩු සියල්ල කරපින්නාගෙනය.
2017 වර්ෂයෙන් 2018 වර්ෂයට හොඳ තල්ලුවක් ලැබි තිබේද? ඕනෑම අයෙකුට ඊට දිය හැකි පිළිතුර නැත යන්නය.
මෙම වර්ෂයේ වූ නියඟ හා ගංවතුර තත්ත්වය කෘෂිකාර්මික කටයුතු කෙරෙහි අහිතකර බලපෑමක් සිදුකළ බව සත්‍යයකි. එහෙත් සියල්ල ඒ මත ලඝුකොට  අත පිසදා ගැනීමට නොහැකිය.  නව උත්පාදනයන් හා පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමක් සිදුවූයේ නැත. අප මෙම පිටුවෙන් නිතර නිතර උලුප්පා දක්වන දෙයක් තිබේ. එනම් සාගර සම්පතින් අප උපරිම ප්‍රයෝජන ගෙන නොමැති බවය.  2017 වර්ෂයේදී ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත්තේ නැත. යුරෝපයට මසුන් ආනයනය කිරීමේ හැකියාව යළි ලබාගැනීමට හැකි වුවද  දේශීය ජනතාවට වර්ෂය පුරාවට අඩු මිලට මාළු කෑල්ලක් ආහාරයට  එකතු කර ගැනීමට නොහැකි විය. අනෙක් පැත්තෙන් වර්ෂය පුරාවටම හාල් මැස්සන්, කරවල ආදිය අපි ආනයනය කළෙමු. එය 2018 වර්ෂයේදී  වෙනසක් ඇති වෙතැයි බලා‍පොරොත්තු විය නොහැකිය. මක්නිසාදයත් අග්‍රාමාත්‍යවරයා කරනු ලැබූ විශේෂ ප්‍රකාශයෙන් ගම්‍ය වුණේ වෙළෙඳ‍පොළ මිල පාලනය කිරීම සඳහා අඛණ්ඩවම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනය සීමා නොකරන බවය.
නිෂ්පාදනයකින් තොරව ආනයන මතින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකිය.  නමුත් 2018 වසරේ එවැනි  දැක්මකින් යුතුව ආර්ථිකය මෙහෙයවීමේ සැලසුමක් ඇති බවක් නොපෙනේ. මක්නිසාදයත් එළඹෙන  වසර යනු මැතිවරණ වර්ෂයකි. පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය පැමිණේ. ඉදින් මේ තත්ත්වය පාලනය කර ගැනීමට නම් පිටරටින් අඩු මිලට භාණ්ඩ හා සේවා ගෙන්වාදීමේ  දිගුවක් විනා වෙනයම් අරුතක් 2018 වර්ෂය හමුවේ ඇති බවක් නොපෙනේ.

සාලිය ජනක කුමාර

දැන් එළඹ ඇත්තේ උත්සව සමයයි. නත්තල් උදාවත්, වසරක අවසානය හා නව වසරක ආරම්භයත් යන සියල්ල ඉදිරි දින කිහිපය ඇතුළත සිදුවීමට නියමිතය. මෙම සිදුවීම නිමිති කොටගෙන එය උත්සවාකාරයෙන් සැමරීමට මෙරට ජනතාව අනාදිමත් කාලයක සිට පුරුදුව සිටිති. එහෙයින් මෙම දින කිහිපය ඇතුළත ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම සාපේක්ෂ වශයෙන් ඉහළ යයි.
විශේෂයෙන් ආහාර, සහ පාන වර්ග, රෙදිපිලි, තෑගි භාණ්ඩ හා විද්‍යුත් උපකරන සඳහා වන වෙළෙඳ‍පොළ ඉල්ලුම නිතැතින්ම ඉහළ නගී. මෙම ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකය ගසා කෑමට මාන බලන වෙළෙඳුන් අද සුලභය. මේ වන විට වෙළෙඳ‍පොළේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ නැග තිබේ. මෙහිදී සහල් මිල ඉහළ යාම පාරිභෝගිකයා මතුනොව රජයද අපහසුතාවයකට පත්කොට ඇත. සහල් මිල පාලනය සඳහා යම් යම් පියවර ගනු ලැබූවද සාමාන්‍ය වෙළෙඳ සල්වල නාඩු සහල් කිලෝවක් අලෙවි කරනුයේ රුපියල් 100ක් 110ක්  වැනි මිලකටය. වෙළෙඳ ‍පොළේ සහල් මිල ඉහළ යාමට හේතුව එහි සැපයුමේ ඇති ඌනතාවය යැයි සිතූ රජය එළඹෙන අප්‍රේල් සිංහල අලුත් අවුරුදු සමය අවසන් වනතුරු මසකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් බැගින් ආනයනය කිරීමට තීරණය කරනු ලැබිය. එයින් නොනැවතුනු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී යළිත් වරක් විශේෂ ප්‍රකාශයන් කළේය. එමගින් ඔහු ‍පොල් මද, ‍පොල් පවා ආනයනය කිරීමට අවසර ලබා දුන්නේය. වෙළෙඳ‍පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම සඳහා තවදුරටත් භාණ්ඩ හා සේවා ආනයනය කිරීමට තමන් පසුබට නොවන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
භාණ්ඩ මිල වෙළෙඳ‍පොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ නැග ඇති බවත් ඒ හරහා ජනතාවගේ ජීවන වියදම වැඩි වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බව ඔහු විසින් සිදු කරනු ලැබූ විශේෂ ප්‍රකාශයෙන් මොනවට ඔප්පු විය. සහල් සහ ‍පොල් මිල දරා ගැනීමට නොහැකි මට්ටමකට ඉහළයාම සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම ඉහළයාමට සෘජු ලෙසම බලපෑම් කොට තිබේ.
අග්‍රාමාත්‍යවරයා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිගින් දිගටම ආනයනය කොට හෝ වෙළෙඳ‍පොළේ භාණ්ඩ හා සේවා මිල පාලනය කරන බව පැවසුවද මේ වන තුරුද සහල්, කවුපි, මුංඇට, ලොකු ලූනු, අර්තාපල්, කුරක්කන්, බඩ ඉරිඟු, හාල් මැස්සන්, වියළි මිරිස්, කරවල ආදී ආහාර ද්‍රව්‍ය බොහොමයක් වෙළෙඳ‍පොළට පැමිණෙන්නේ ආනයනය හරහාය. එමගින් වර්ෂයකට විදේශයන්ට ඇදී යන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 200ක් පමණ වේ. (රුපියල් කෝටි 20,000ක්) 2017 වර්ෂයේ අයවැය ‍ලේඛණය ඉදිරිපත් කරමින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අයවැය යෝජනා ඉදිරිපත් කරන්නේද කෘෂිකාර්මික අංශයේ ඇති වැදගත්කම අවධාරණය කරවමිනි.
“කෘෂිකර්මාන්තයට අපේ ආර්ථිකයේ, අපේ සමාජයේ සහ අපේ ජන ජීවිතයේ විශාල වැදගත්කමක් හිමිවෙනවා. එම නිසා කෘෂිකාර්මික අංශයට මුල් තැන දෙමින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට මා කැමැතියි. ආහාර නිෂ්පාදන සහ කෘෂිකාර්මික ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200ක් පමණ අප විසින් වැය කරනවා.”
(අයවැය කතාව 2017 පිටුව 09)
අප දැන් එළඹ ඇත්තේ වර්ෂයේ අවසන් සතිදෙකටය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුනරුදයක් සඳහා ක්‍රියා කළ යුතු බව රජය අයවැය කතාව මගින් අවධාරණය කර සිටියද, 2017 වර්ෂය පුරාවටම සහල්, අල, ලූනු, මිරිස් ආදී සකලවිධ ආහාර ද්‍රව්‍ය ආනයන කොට බෙදා හැරීමට රජයට සිදුවිය. වර්ෂයේ අවසන්  සති දෙක පැමිණ තිබෙන මේ අවස්ථාවේදීද ආහාර ආනයනය කිරීමකින් තොරව ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරාලීමේ හැකියාවන් රජයට ලැබි නොමැත. විසඳුම් වෙනුවට පැළැස්තර යෝජනා කිරීමට සිදුවී ඇත්තේ අපට ප්‍රමාණවත් කෘෂිකාර්මික නිෂ්පාදනයක් නොමැති නිසාය.
 
සුපිරි වෙළෙඳසල්
 
රජයේ අලුත්ම පැළැස්තරය වී ඇත්තේ සතොස සහ සුපිරි වෙළෙඳසල් හරහා අඩු මිලට සහන මල්ලක් ලබාදීමටය. තොග මිල ගණන් යටතේ සහල්, පරිප්පු, සීනි, ලොකු ලූනු, අර්තාපල් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක් ලබාදීමට යෝජිත අතර සතොස ඇතුළු සුපිරි වෙළෙඳසල් (කාගීල්ස්, ෆුඩ්සිටි, කීල්ස් සුපර්, ලාෆ්ස්, රිචඩ් පීරිස් ආදී වෙළඳසල්) වෙත අහිමිවන ලාභ ප්‍රතිශතය වෙනුවට බදු සහනයක් රජය විසින් ලබාදීමට නියමිතය. සතොස අලෙවි ජාලයට අමතරව පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල් මෙවැනි වැඩ පිළිවෙළකට එක්වන ප්‍රථම අවස්ථාව ලෙස මෙය දැකිය හැකිය. මෙමගින් සතොස ඇතුළු සුපිරි වෙළෙඳසල් දහසක් පමණ යෝජිත වැඩපිළිවෙළ සඳහා සූදානම් බව අග්‍රාමාත්‍යවරයා ඉකුත් 18 වෙනිදා ප්‍රකාශ කළේය.
මේ රටේ ආහාර ප්‍රශ්නයට හා ජීවන වියදම ඉහළ යාමේ ගැටලුවට දිය යුතු විසඳුම නොවුනද ජීවන වියදමින් මිරිකී සිටින ජනතාවගෙන් කිසියම් පිරිසකට හෝ සහනයක් වනු ඇතැයි සිතිය හැකියි. කෙසේ වෙතත් මෙම සුපිරි වෙළෙඳසල් ජාලයෙන් ආවරණය නොවන ඈත පිටිසර සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම් ගැටලුවට සහනයක් සෙසු වෙළෙඳ සල් හරහා ලැබේයැයි අපේක්ෂා කළ නොහැකිය. මක්නිසාදයත් පිටිසර පළාත්වල ඇති වෙළෙඳසල් සඳහා සුපිරි වෙළෙඳසල්වලින්  කිසිදු තරගයක් එල්ල නොවන නිසාය.
 
දේශගුණ විපර්යාස
 
වෙළෙඳ‍පොළේ භාණ්ඩ හා සේවා මිල ඉහළයාමට බළපා ඇති ප්‍රබල සාධකය ලෙස ආණ්ඩුව හුවා දක්වනු ලබන්නේ නියඟය, ගංවතුර වැනි ස්වාභාවික ආපදාවන් නිසා අස්වනු පාළුවීමය. විශේෂයෙන්ම ‍පොල්මිල ඉහළයාමට එහි සැපයුමේ ඌනතාව හේතු වී ඇති බව පිළිගත යුත්තකි. නියඟය ‍පොල් අස්වනු පහළ යාමට බලපෑමක් කොට තිබුණද එය එකම හේතුව ලෙස ගැනිය නොහැකිය. මක්නිසාදයත් පුත්තලම, හලාවත වැනි ‍පොල් බහුල ලෙස වගාකෙරෙන ප්‍රදේශවල දැඩි නියඟ තත්ත්වයන් පැමිණියද, කොළඹ, කුරුණෑගල, ගම්පහ ආදී ‍පොල්වගා කෙරෙන දිස්ත්‍රික්කවල තද නියඟයන් පැවතුණේ නැත. එහෙත් මෙම ප්‍රදේශවල ඉඩම් කැබලි වීම සුලබව සිදුවූ අතර එය අස්වනු ලැබෙන ‍පොල්ගස් ප්‍රමාණය පහළ වැටීමට හේතුවක් විය. අනෙක් පැත්තෙන් ‍පොල් සඳහා වන ‍පොහොර මිල ඉහළ යාමත් (‍පොහොර සහනාධාරය හිමි නොවීමත් සමග) ‍පොහොර භාවිතය අඩුවීම අස්වනු අඩුවීමට බලපෑම් කොට තිබේ.
වෙළෙඳ‍පොළේ මාළු මිල ගණන් අඛණ්ඩවම ඉහළ යාම කෙරේ දේශගුණ විපර්යාසයන් බලපෑමක් කොට ඇතැයි පැවැසිය නොහැකිය. නියඟයන් තිබුණායැයි මුහුදේ ජලය හෝ මාළු අඩු වන්නේ නැත. මාළු සහ කරවල සැපයුම සුලබ කරන්නේනම් එය මිල ගණන්වල අඩුවීමක් අපේක්ෂා කළ හැකිය. අපේ රටේ ජනතාවගේ මාළු පරිභෝජනය පහළ වැටීමට හේතුව එහි මිල ගණන් ඉහළයාමය. වෙළෙඳ‍පොළේ කුකුළු මස් කිලෝවක් රුපියල් 400කට ලබාගත හැකිය. එහෙත් මහ මුහුදෙන් නොමි‍ලේ අල්ලා ගන්නා තලපත් මාළු ග්‍රෑම් 500ක් රුපියල් 660කි. කිලෝවක් රුපියල් 1320කි. මාළු අපනයනය කිරීමක් ගැන කතා කිරීමට පෙර ශ්‍රී ලාංකේය ජනතාවට දරාගත හැකි මිලකට මාළු කෑල්ලක් ආහාරයට එකතු කර ගැනීමේ අවස්ථාව උදා කර දිය යුතුය.
මහ සාගරය යනු මිලකළ නොහැකි සම්පතකි. අප සතුව නොගැඹුරු මහද්වීපික තටාකයක්ද පවතින හෙයින්  මත්ස්‍ය  අස්වනු නෙළා ගැනීමට එය කදිම ආකරයකි. එහෙත් අපි එම සම්පතින් උපරිම ප්‍රයෝජනයන් ගෙන ඇති බවක් නොපෙනේ. අඩුම වශයෙන් දේශීය මත්ස්‍ය අවශ්‍යතාව හෝ සපුරා ගැනීමට අපට නොහැකි වී තිබේ. 2016 වසරේදී පමණක් වියළන ලද හෝ ලුණු දමන ලද මත්ස්‍ය ආනයනය මෙට්‍රික් ටොන් 34,978ක් දක්වා සියයට 5.8 කින් ඉහළ ගොස් ඇත. රට වටේ මහ මුහුදකුත් තබාගෙන හාල් මැස්සන්, කරවල, මාළු ආදිය ආනයනය කිරීමට සිදුවීම අතිශයින්ම ලැජ්ජාවට කරුණකි. අපේ රටේ ජීවන වියදම අඩු කිරීමට යථාර්ථවාදී වැඩපිළිවෙළක් දියත් කරන්නේ නම් එහි පළමු පියවර ගත යුත්තේ මහ මුහුද හා බැඳුණු ධීවර ක්ෂේත්‍රයෙනි. මක්නිසාදයත් එය අප සතුව ඇති ස්වභාවික සම්පතක් වන නිසාය. නොමිලයේ ලද  හැකි සම්පත්වලින් අප ප්‍රයෝජන  ලබාගෙන නැත. පිටරටින්  ආහාර ගෙනවිත් ජීවන වියදම අඩු කිරීමට කැස‍පොට ගැසීම හුදු තාවකාලික පිළියමක් විනා විසඳුමක් නොවන බව ඉඳුරාම කිව යුතුව ඇත. 
 
සාලිය ජනක කුමාර

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම දැන් වසර දෙකකට වඩා අධික කාලයක් කල් දමා තිබේ. මේ අතර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණද කල් දමා තිබේ. මෙය සැබැවින්ම පැහැදිලිි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය 
උල්ලංඝනය කිරීමකි. එම අත්දැකීමට අපට පළමු වරට මුහුණදීමට සිදුවන්නේ 1977 වසරේදීය. ඒ ජේ.ආර්. ජයවර්ධන විසින් ඡන්ද සිතියම අකුලන්නේය යන කතාවත් සමගය. ඉතිහාසය සමග බලන විට 1977න් පසුව මේ රටේ මැතිවරණ පැවැත්වීම හා මැතිවරණයකට සහභාගි වීමේ හා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය යහපාලන ආණ්ඩුව විසින් උල්ලංඝනය කර තිබේ.
මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එයින් වෙන්ව ගිය කොටස් නැවත එක් කිරීමේ උත්සාහයක් පැවැතුණේය. මේ උත්සාහය අපි දුටුවෙමු. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක ලෙස එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණයකදී ලැබෙන ඡන්ද බොහෝ විට පවතින්නේ සමාන මට්ටමකය. වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ පාවෙන ඡන්දවලිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය මට්ටමේදී දෙකට බෙදීම නිසා පැහැදිලි ජයග්‍රහණයක් එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට හැකිවේය යන්න සරල ගණිතමය සූත්‍රයක් ලෙස ඉදිරිපත් කෙරේ. විශේෂයෙන් දකුණේ ජන කොටස් එක්සත් ජාතික පක්ෂයට ඡන්යද ලබාදේය යන උපකල්පනය මත මේ සාමාන්‍ය ගණිතමය තත්ත්වය තහවුරු කරයි. මෙය බැලූ බැල්මට එසේ යැයි කීවත් යම්කිසි ආකාරයකට වෙනස් ලෙස සිතිය හැකිය. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඊට පසුව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ලැබුණ ඡන්ද ප්‍රමාණයත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලැබුණ ඡන්ද ප්‍රමාණයත් අතර වෙනස ලක්ෂ හතරකි. ඒ ඡන්ද හැට දෙලක්ෂය තුළ උතුරු පළාතේ හා නැගෙනහිර පළාතෙ දෙමළ මුස්ලිම් ජන කොටස්වල ඡන්ද ප්‍රමාණයක් තිබේ. එසේ ගත් කල දෙමළ ජාතික සන්ධානය හා වෙනත් දෙමළ පක්ෂ මෙවර ප්‍රාදේශීය සභාවලට තනිව තරග කරයි. නැගෙනහිර පළාතේ හා මන්නාරමේ මුස්ලිම් පක්ෂ වෙනම තරග කරයි. මේ නිසා ඡන්ද හැට දෙලක්ෂයම ජනාධිපතිවරයාට පක්ෂ ඡන්ද ලෙස හැසිරෙන්නේ නැත.  එසේ ගත් කළ දෙකට බෙදෙන්නේ හැට දෙලක්ෂයෙන් දෙමළ හා මුස්ලිම් පක්ෂවලට ඡන්දය ලබාදෙන සුළු ජාතික ඡන්ද කොටස්ය. එසේ ගණන් හැදූ කල මේ මැතිවරණයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳුණ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට ලැබිය හැකි බව කිව හැකිය. උතුරුමැද දකුණ යන පළාත්වල ඇතුළු ඔවුන්ට වාසි ලබාගැනීමට හැකි ස්ථාන තිබේ. වැඩි ප්‍රාදේශීය සභා ප්‍රමාණයක් ඔවුන්ට ලබාගත හැකිය යනුවෙන් ගණිතමය පුරෝකථනයක් කළ හැකිය.
එහෙත් උතුරු නැගෙනහිර ඡන්ද හැසිරීම කෙසේද යන්න ගැන වැඩි පුරෝකථනයක් සිදුවන්නේ නැත. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ලබාදුන් ඡන්ද තවත් කිහිප පිරිසක් අතර බෙදීයයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ තරග කරන නිසා ඔවුන් අතර එම ඡන්ද ප්‍රමාණය බෙදී යා හැකිය. එසේ ගත් විට ඡන්ද බෙදී යාම හා ප්‍රාදේශීය සභාවල බලය බෙදී යාම අතර වියවුල් තත්ත්වයක් ඇතිවිය හැකිය. මේ තත්ත්වය සමග මැතිවරණයෙන් පසුව කිසිදු පක්ෂයකට බලය ලබාගත හැකිද යන ප්‍රශ්නය මූලිකව මතුවේ. මේ මැතිවරණයෙන් පසුව ඇතිවිය හැකි තත්ත්වය සමාන වන්නේ 1992 හෝ 1993දී පැවැත්වූ පළාත් සභා මැතිවරණයටය. ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායකගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආ කණ්ඩායමක් තරග කළ අතර බස්නාහිර පළාත් සභාවේ බලය කිසිවෙකුටවත් ලබාගැනීමට නොහැකි විය. මේ නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක ලලිත්  ගාමිණීගේ සහාය ඇතිව තමන්ගේ පළාත් සභාවක් පිහිටවූවාය. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවිය හැක්කේද මෙවැනි තත්ත්වයකි. එවැනි වාතාවරණයක් යටතේ ශක්තිමත් තුන්වැනි බලවේගයක් ලෙස ‍පොහොට්ටුවෙන් තරග කරන පිරිස මතුවිය හැකිය.
මේ නිසා මේ ආකාරයක මැතිවරණ ප්‍රතිඵලයක් පවතින 
යහපාලන ආණ්ඩුව ශක්තිමත් කිරීමටද හේතුවේ. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවී ප්‍රාදේශීය සභාවල බලය තහවුරු කරගැනීම මගින් මධ්‍යම ආණ්ඩුවේ පවතින තත්ත්වයද ප්‍රාදේශීය සභාවලද ඇතිවිය හැකිය. එසේ වුවහොත්  යහ පාලන ආණ්ඩුවට වඩා ශක්තිමත් පදනමක් ලබාගැනීමට හැකිය. අනෙක් අතට මේ මැතිවරණ හරහා ඉදිරි කාලයේදී තවත් ජාතික මැතිවරණ ඇතිවේ. පළාත් සභා මැතිවරණ හා 2020 මැතිවරණ ඇතිවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමෙන් පමණක් එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ ජයග්‍රහණක් ලබාගැනීමට හැකි යැයි මේ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිතීමට පටන්ගනු ඇත. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වීමේ අදහස වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණෙනු ඇත. මේ අවස්ථාවේදී එය නිවැරදිව කිව නොහැක්කේ කුමක් වන්නේද යන්න තීරණය වන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵල සමග බද්ධව ඇති නිසාය. මේ වන විට ගනු ලබන තීරණ ප්‍රතිපත්තිමය තීරණ මත නොවේ. එය තීරණය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලය කෙසේ හැසිරවීමට හැකිද යන්න මතයි. එසේ නොමැතිව දේශපාලන ආර්ථික සමාජ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනසක් මත සිදුවන්නක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් නොවූයේ ‍පොහොට්ටුවේ ඉල්ලීම වන ආණ්ඩුවෙන් ඉවත්වීම යන ඉල්ලීම ඉටු කිරීමට යහපාලන ආණ්ඩුව තුළ සිටින ඇමැතිවරු කැමැති නොවීම නිසාය. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති බල රාමුව මත මේ බලය තීරණය වේ.
මෙයින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පක්ෂ දෙකක් එක්වී කරන ආණ්ඩුවක් යන අදහසට වඩා එක් පක්ෂයක් විසින් කරන ආණ්ඩුවක්ය යන අදහස ජනතාව තුළට පැමිණිය හැකිය. එවිට ජනතාවගේ සියලුම බල විරෝධයන් එක් කරගැනීමට ‍පොදුජන පෙරමුණට හැකියාව ලැබෙනු ඇත. දේශපාලන ධාරාවක් ලෙස පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ තැන ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.
අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණට අත්වන ඉරණම කුමක්ද යන්න ගැනත් අපේ අවධානය යොමුවිය යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයද මූලික වශයෙන් ප්‍රතිපත්තිමය මැතිවරණ ව්‍යාපාරයක් නොවන බව ඔවුන්ගේ හැසිරීම් දෙස බලන විට පෙනී යන කරුණකි. එකම එක වැදගත් සාධකයක් මත පමණක් ඔවුන් සටන් කරති.එනම් දූෂණ විරෝධයයි, දූෂණ විරෝධය වැදගත් දෙයකි. එහෙත් දූෂණ විරෝධය මතම කේන්ද්‍ර ගතවූ දේශපාලන වැඩසටහනකින් රටේ ඇති දේශපාලන ආර්ථික හා සමාජීය ප්‍රශ්න එකකටවත් විසඳුම් ලැබෙන්නේ නැත. යම් ප්‍රමාණයකට ආණ්ඩුවෙන් කලකිරුණ හා මහින්ද රාජපක්ෂගේ බලවේගයන්ට යාමට අකමැති පිරිස් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීමට හැකිය. එහෙත් ඔවුන්ට ප්‍රාදේශීය සභා එක දෙකකවත් බලය ලබාගැනීමට නොහැකි වනු ඇත. එහෙත් ආසන කිහිපයක බලය ඔවුන්ට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇත. මේ නිසා ආණ්ඩුව ගෙනයාමේ වියදම අතිශයින් වැඩිවීමේ හැකියාව තිබේ. මෙය නරක තත්ත්වයකි. අද වන විට ආණ්ඩු ගෙනයාමේ වියදම අද තිබෙන විශාල ප්‍රශ්නයකි. මේ වසරේ අයවැය ‍ලේඛනය සම්මතවීමට නියමිතව තිබියදී ආණ්ඩුව ගෙනයාමේ වියදම් පියවීමට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ආවේය. 
මේ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඡන්ද ලබාදීමේදී බරපතළ ලෙස කල්පනා කළ යුතු කරුණු කිහිපයක් තිබේ. 
දූෂණය නැති කිරීමට ගත් ව්‍යායාමයත් ආණ්ඩු කිරීමට ගනු ලබන වියදම් වැඩි කිරීමත් ආණ්ඩුවේ වියදම්වල පිරිමැසුම්භාවයක් නොමැතිවීම ගැනත් සැලකිල්ලට ගත යුතුය. එසේ නොමැති නම් ප්‍රාදේශීය සභාවලින් බලා‍පොරොත්තු වන ප්‍රාදේශීය ගැටලු විසඳාගැනීමට වඩා යහපාලන ආණ්ඩුව පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කරන මැතිවරණයක් බවට පත්විය හැකිය. ඒ නිසා මෙවර මැතිවරණය ප්‍රාදේශීය සභාවලට ඇති සංකල්පීය වැදගත්කම ගැන වැඩි අවධානයක් යොමු නොකරන මැතිවරණයක් බවට පත්වීමට හැකිය. ප්‍රාදේශීය ප්‍රශ්න යට ගසා රටේ සාමාන්‍ය දේශපාලන තරගය ප්‍රධාන පක්ෂ අතර තරගයක් බවට මේ මැතිවරණය පත්වීමට වැඩි ඉඩකඩක් තිබේ.
 
ආචාර්ය සුමනසිරි ලියනගේ

මෙම සතිය ආරම්භ වූයේ මෑත ඉතිහාසයෙන් පිරිනැමූ දීර්ඝතම දුම්රිය වැඩ වර්ජනයේ අමිහිරි අත්දැකීම්ද සමගිනි. දෙසැම්බර් 06 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ දුම්රිය නියාමක, පාලන, ස්ථානාධිපති හා අධික්ෂණ කළමනාකාරවරුන් දියත් කළ වර්ජනය අ.‍පො.ස. සා.පෙළ ආරම්භ වූ 12 වෙනිදා වනවිටත් නිමා වී නොතිබුණි.
මෙම වර්ජනයෙන් පීඩනයට පත්වූවෝ රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන් මතුනොව සාමාන්‍ය ජනතාව, විදේශ සංචාරකයෝ සහ විභාග අපේක්ෂකයෝද වෙති. වැඩ වර්ජනය කිරීමේ අයිතියක් සේවකයන්ට ඇති බව අපිද පිළිගනිමු. එහෙත් දුම්රිය යනු සේවාවකි. එය ලාබ ලබන ව්‍යාපාරයක් නොව අලාභ ලබන ආයතනයකි. නමුත් එය අලාභ ලබන තත්ත්වයේ වුව පවත්වාගෙන යනු ලබන්නේ රටේ සමස්ත පැවැත්මට අවශ්‍ය යටිතල පහසුකම් සපයන සේවාවන් වන නිසාය. ඉංග්‍රීසි ජාතිකයන් දුම්රිය මුල්වරට හඳුන්වා දුන්නේ මගී ප්‍රවාහනයට නොව භාණ්ඩ හා සේවා ප්‍රවාහනයටය. කෝපි සහ තේ ප්‍රවාහනයට යොදාගත් දුම්රිය මගී ප්‍රවාහනය සඳහා පුළුල් වශයෙන් යොදාගනු ලැබුවේ ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබිමෙන් අනතුරුවය. ඉංග්‍රීසි  ජාතිකයෝ පවා දුම්රිය  ලාභ ලබන ආයතනයක් ලෙස නොසැලකූහ. එමගින් සිදුවන සේවාව ආර්ථික හා සමාජීය දියුණුවට වෙසෙස් බලපෑමක් කෙරෙන බව එදා මෙදා තුර පාලකයෝ විශ්වාස කළහ.
පෞද්ගලික හා ලංගම බස් ගාස්තු වැඩි කළද දුම්රිය ගාස්තු එසේ වැඩි නොකළේ දුම්රිය සේවාවක් වන නිසාය. දුම්රිය මහා භාණ්ඩාගාරයට බරක්ව මහජනතාවගේ  බදු මුදලින් නඩත්තු වන සේවාවක් බව වර්ජනයට සහභාගි වූ සියලුම සේවකයන් පළමුව තේරුම් ගත යුතුය. සමාන්තර සෙසු රාජ්‍ය ආයතනවල සේවකයන්ට නොමැති සුවිශේෂි වරප්‍රසාද රැසක් දුම්රිය දෙපාර්තමේන්තුවේ (ඛිට්අ) සේවය කරන සේවක සේවිකාවන්ට ලැබෙන බව මෙහිදී අමතක නොකළ යුතුය. සාපේක්ෂව ඉහළ දීමනා හා වැටුප් සහිත මෙහි වරප්‍රසාද සඳහා ගෙවීම් කරනු ලබන්නේ  මේ රටේ සාමාන්‍ය  මහජනතාවය. දුම්රිය දෙපාර්තමේන්තුවෙන්  තමන්ගේ වැටුප සඳහා බදු ගෙවන සාමාන්‍ය ජනතාවට පෙරළා සේවයක් කොට තිබේද? තමන්ගේ වැටුප සඳහා බදු ගෙවන ජනතාවගේ දරුවන් අ.‍පො.ස. සා.පෙළ විභාගයට යන්නට ඔවුන්ගේ ගමනා ගමන පහසුකම් සලසා දීමට තරම් හෝ සානුකම්පිත නොවීම වර්ජනය අරභයා මහජනතාවගේ සහයෝගය ඔවුන්ට නොලැබිමට හේතුවක් වන බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතුමය.
දිනපතා දුම්රියේ ගමන් කරන්නන් කියන්නේ සිල්පර කොටන් ගානට ඛිට්අ (දුම්රිය දෙපාර්තමේන්තුවේ) එකේ වෘත්තීය සමිති තිබෙන බවය. වෘත්තීය  අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෘත්තීය සමිති පිහිටුවා ගැනීමේ වරදක් අපි නොදකින්නෙමු. නමුත් දෙපාර්තමේන්තුව  තුළම එකිනෙකාට පරස්පර වෘත්තීය අයිතිවාසිකම් පැවැතීම තේරුම් ගත නොහැකිය. එක් ක්ෂේත්‍රයකට සේවකයන් බඳවා ගනු ලබනවාට තවත් ක්ෂේත්‍රයක සිටින පිරිසක් විරුද්ධවීම හා අකමැතිවීම ගැටලු සහගතය. සේවකයන් බඳවා ගැනීම යනු හුදු රැකියාවන් ලබාදීම පමණක් නොව ඔවුන්ගෙන් සේවාවක්ද බලා‍පොරොත්තු වීමකි. එම සේවාව ලැබෙන්නේ රටටය. නැතහොත් මහජනතාවටය. රටට හා මහජනතාවට සේවයක් ලැබෙන අවස්ථාවකට තවත් පිරිසක් අකුල් හෙළන්නේ මන්දැයි සාමාන්‍ය ජනතාවට නොතේරේ.
 
ඉහළ වරප්‍රසාද
 
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව, එහි නීති රෙගුලාසි, සම්ප්‍රදායන් හා වරප්‍රසාදද  යල්පිනු ඒවාය. මේවා 21 වන සියවසට තබා 19 වන ශතවර්ෂයටවත් 
නොගැළපේ. එහෙත් ඉංග්‍රීසි ජාතිකයන් දුම්රිය සේවකයන් සඳහා ලබාදුන් වාසි හා වරප්‍රසාද ඒ අයුරින්ම පවත්වාගෙන යාමට වත්මන් බලධාරීන්ද කටයුතු කොට ඇත. වරප්‍රසාද බුක්ති විදිණු ලැබුවද දුම්රිය සේවාව 21 වන සියවසට ගැළපෙන ලෙස නවීකරණය කිරීමට ප්‍රමාණවත් උත්සාහයන් ගෙන නොමැත. විටෙන් විට ඉන්දියාවෙන් හෝ චීනයෙන් දුම්රිය එන්ජින් හෝ මැදිරි කිහිපයක් ගෙන එනු ලැබුවද එම දුම්රිය ටික හෝ නිසි වේලාවට ධාවනය  කරවීමට දුම්රිය බලධාරීහු අසමත්ව සිටිති.  එක දිගට පැයක් වැස්සොත් දුම්රිය සංඥා පද්ධතිය අවහිර වන්නේය. දශක ගණනාවක් පැරණි සංඥා පද්ධතියක් තබාගෙන වත්මන් දුම්රියට ඉදිරියට යාමක් ගැන කතා කළ නොහැකිය.
දුම්රිය සේවාව කොතරම් අබලන් වූවද රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් වැඩිම පිරිසකගේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍ය දුම්රියයි. ඒ ප්‍රමාද වී හෝ තදබදයකින් තොරව (දුම්රිය මැදිරි තුළ තදබදවීම නොව, එය අති පදමට තිබේ.) 
කොළඹට ළඟා විය හැකි නිසාය. අනෙක් පැත්තෙන් එහි ගාස්තුව බස් ගාස්තුවට සාපේක්ෂව අඩු නිසාය.
කෙසේ වෙතත් දිනපතා දුම්රියේ ගමන්කරන මගීහු දුම්රියට ආදරය කරති.  එසේම දුම්රිය බලධාරීන්ගේ කෙරුවාවල් හා ඔවුන්ගේ  නොහැකියාවල් ගැනද ඔවුහු ඉතා හොඳින් දනිති. උදාහරණයන් ලෙස දුම්රිය මගීන් කියූ කතාවන් ඔබගේ දැන ගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමු. මරදානේ සිට කොළඹ කොටුව දක්වා ඇති දුර ප්‍රමාණය කිලෝමීටරයටත් වඩා අඩුය. නමුත් මේ දුර ගෙවා කොළඹ කොටුවට දුම්රියක් ළඟාවීමට විනාඩි 10ක් 15ක් ගත වෙන බව කියූ විට ඔබ පුදුම වෙනවා ඇති. මරදානත් කොළඹ කොටුවත් අතර ඇති හින්දු කෝවිල් භූමිය ප්‍රදේශයේ සංඥා නොමැතිවීමෙන් දුම්රිය නවතින හෙයින් දුම්රිය මගීන්  කීමට පුරුදු වී සිටින්නේ “කෝවිලට ‍පොල් ගෙඩියක් ගසා යෑමට නවත්වලා” කියාය.  දුම්රිය පාලක මැදිරිය තිබෙන්නේ මරදානේය.  නමුත් මරදානේ සිට කොළඹ කොටුවට විනාඩියක් දෙකක් ඇතුළත දුම්රියක් ඇතුළු කිරීමට  දුම්රිය පාලන මැදිරිය බොහෝ අවස්ථාවලදී අසමත්ය.  ඊට හේතු වී ඇත්තේ කලින් පැමිණි හිස් දුම්රියක් වේදිකාවේ  නවතා තැබිමය. හිස් දුම්රිය  අංගනයට ගෙනයන්නේ දුම්රිය පදවාගෙන ආ රියැදුරු නොව ඒ සඳහා විශේෂයෙන් සැදි පැහැදි සිටින දුම්රිය නියාමකවරුන් සහ උපනියාමකවරුන්ය. සුද්දන් එදා හැදු සුවිශේෂි වරප්‍රසාද හා නීති යල්පැන ගොස් ඇත. එම යල්පිනු  නීති තවදුරටත් කරපින්නාගෙන සිටින දුම්රිය  දෙපාර්තමේන්තුව  මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ කාලය කිසිදු හැඟීමකින් තොරව විනාශ කරනු ලබයි.
දුම්රිය අංගනයට ගෙනයාම එය මේ දක්වා පදවාගෙන ආ රියැදුරු විසින්ම කරනු ලබන්නේ නම් කොටුව මරදාන අතර සිදුවන දුම්රිය ප්‍රමාදය පහසුවෙන් වළක්වා ගත හැකිය. මෙම අනවශ්‍ය දුම්රිය ප්‍රමාදයන් නිසා රටට අහිමි වී යන ශ්‍රම පැය ගණන කිසිවෙකු විසින් හෝ ගණන් බලා නොමැත. දුම්රියේ සුපුරුදු ප්‍රමාදයන් නිසා රාජ්‍ය සේවකයන්ට ට්‍රේන් ‍ලේට් කියා  මසකට පැය භාගයක සහන කාලයක් ලබා දීමටද සිදුව තිබේ. ඔවුන්ගේ මසකට හිමි කෙටි නිවාඩු දෙකද වැයවන්නේ දුම්රිය ප්‍රමාදයන්ටමය.
දුම්රිය මසකට වරක් හෝ දෙකක් වැඩ වර්ජනයක යෙදෙන්නේ මේ සියලු අඩුපාඩු තබාගෙනය. මේ අඩුපාඩු සම්පූර්ණ කර 21 වන සියවසට ගැළපෙන නව නීති හා දුම්රිය සේවා ව්‍යවස්ථාවන් සකසන ලෙස ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක යෙදෙන්නේ නැත. 
 
සම්ප්‍රදාය
 
සාම්ප්‍රදායික හා යල්පැනගිය නීති රීතිවලට මුවාවී තම වාසි හා වරප්‍රසාද රැක ගැනීමට මාන බලනු මිස ජනතාවට සේවාවක් සැලසිය හැකි දුම්රිය සේවාවන් වෙනුවෙන් වෘත්තීය සමිති පාරට බසින්නේනම් සාමාන්‍ය ජනතාවද ඊට සහයෝගය ලබාදෙන බව විශ්වාසය. මක්නිසාදයත් වත්මන් දුම්රිය සේවය 21 වන සියවසට තබා 20 වන සියවසට හෝ ගැළපෙන පරිදී නවීකරණය කිරීමට රජය නිසි පියවරක් ගෙන නොතිබිම නිසාය. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවන් කළ සැණින් සියල්ල විසඳෙන්නේ නැත. දුම්රිය එන්ජින් වල පවා එල්ලී සේවාස්ථානවලට  පැමිණෙන ජනතාවට විදීමට සිදුවී ඇති හිරිහැරය පිළිබඳව රජය මීට වඩා සංවේදී  විය යුතු බව ජනතාවගේ හැඟීමය. දුම්රිය නොමැතිනම් බස් රියෙන් ගමන් කරන්නැයි කීමට නම් ප්‍රවාහන අමාත්‍යවරයෙක්  අවශ්‍ය නැත. මෙය අද ඊයේ ඇතිවූ ගැටලුවක්ද නොවේ. පසුගිය කාලය පුරාවටම දුම්රිය වැඩ වර්ජනය කරනු ලැබිය. මෙම සේවාව 21 වන සියවසට ගැළපෙන ලෙස නවීකරණය කිරීමකින් මිස විසඳුම් ලබාදිය නොහැකිය. නව නීති කෙටුම්පත් කරන්න මෙරට දුම්රිය අනාගත පරපුර සඳහා රැක ගත යුතුව ඇත. මක්නිසාදයත් මෙම සේවාව දියුණු කරගතහොත් රටේ ප්‍රවාහන පිරිවැය හා මාර්ග තදබදයට යථාර්ථවාදී විසඳුමක් ලබාදිය හැකි නිසාය.
 
අතුරුඵල
 
යුද්ධය නිමවීමෙන් අනතුරුව සංචාරක කර්මාන්තය සඳහා සෑම රජයක්ම ඉහළට ප්‍රමුඛතාව දී කටයුතු කරනු ලැබිය. වත්මන් ආණ්ඩුවද ඒ සඳහා ඉහළ අවධානයක් යොමුකොට තිබේ. මෑත කාලයේදී බොහෝ සංචාරකයන් දුම්රිය නව සංචාරක ගමනාන්තයන් සඳහා යොදාගනු සුලභව දැකිය හැකි විය. නමුත් හිටි ගමන් දුම්රිය වර්ජනයන් පැන නැගී ඒවා දින ගණන් අල්ලා සිටින විට දුම්රිය තබා ශ්‍රී ලංකාව හෝ තෝරාගැනීමට විදේශ සංචාරකයන් පෙළඹෙතැයි සිතිය නොහැකිය.
අනෙක් පැත්තෙන් විදේශ මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරණය සංචාරකයන් මතු නොව විදේශ ආයෝජකයන් තුළද විචිකිච්ඡාවක් ඇත්කරලීමට හේතුවෙයි. මක්නිසාදයත් අපේ රටේ නොවුවද බොහෝ රටවල ‍පොදු ජනතාවගේ එදිනෙදා සාමාන්‍ය ප්‍රවාහන මාධ්‍ය දුම්රිය වී ඇති නිසාය.
 
සාලිය ජනකකුමාර

2018 වසර අත ‍පොවන මානයේය. ශ්‍රී ලාංකිකයෝ අලුත් අවුරුද්දේ කරුණු දෙකක් පිළිබඳ නිසැකවම විමසිලිමත් වෙති. ඉන් එකක් නම් ලබන වසරේ නියත ලෙස පවත්වන බව කියන පළාත් පාලන මැතිවරණයයි. අනෙක් කරුණ එළඹෙන ජනේරුවේ සිට ක්‍රියාත්මක වන්නට නියමිත ‍පොලිතීන් තහනමයි. සැබවින්ම ‍පොලිතීන් නිපැයුම් තහනම් ක්‍රියාත්මක වනුයේ පසුගිය සැප්තැම්බරයේ සිටය. එහෙත් කුමක් හෝ හේතුවකට රජය එකී තහනම කඩනා අයට නීතිය ක්‍රියාත්මක කිරීමට මාස හතරක පරිවාස කාලයක් ලබා දුන්නේය. මේ ගෙවී යන්නේ එකී පරිවාස කාලයේ අවසන් දින කිහිපය වන බැවින් ලබන වසරේ ‍පොලිතීන් තහනම ක්‍රියාත්මක වීම ස්ථිරදැයි සැක හැර දැන ගන්නට අපි මධ්‍යම පරිසර අධිකාරිය ඇමතුවෙමු. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ (අපද්‍රව්‍ය කළමනාකරණ) අජිත් වීරසුන්දර අප හා පැවැසුවේ මෙවැන්නකි. 
ලබන ජනවාරි පළමුවැනිදා සිට රට පුරා ‍පොලිතීන් වැටලීම් කරනවා. ඒක ස්ථිරයි. ‍පොලිතීන් අලෙවි කිරීම ඉන්පසු කරන්න බෑ. ‍පොලිතීන් තහනම නොතකා කටයුතු කරන අයට රු. 10,000 දඩයක් හෝ දෑ අවුරුදු සිර දඬුවමක් හිමි වෙනවා. යැයි අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසන්නේය. ඒ අනුව ලබන වසරේ සිට ‍පොලිතීන් භාවිතය නඩු යන වැඩක් බව සැක නැත. 
දෙවනුව අප යොමු වූයේ විවෘත වෙළෙඳසල් ‍පොලිතීන් අලවි කරනා ආයතන වෙතටය. එහිදී දැකගත හැකි වූයේ පුදුම සහගත තත්ත්වයකි. ඒ මේ වන විටත් දේශීය ‍පොලිතීන් වෙළෙඳ‍පොළ දිරායන ‍පොලිතීන්වලින් පිරී යමින් පවතින බවය. ඒ අනුව ලබන වසර වන විට ශ්‍රී ලංකාවේ ‍පොලිතීන් වෙළෙඳ‍පොළ මුළුමනින්ම දිරායන ‍පොලිතීන්වලින් පිරී යනු ඇතැයි අපට සිතුනි. වැඩිදුරටත් විමසීමේදී වෙළෙඳ‍පොළේ දිරායන ‍පොලිතීන් දෙවර්ගයක් හඳුනාගන්නට අපි සමත් වීමු. ඒ ඔක්සෝර් බයෝඩිග්‍රේඩබල් ‍පොලිතීන් (oxo-Biodegradable polythene) ෙජෙවීයව (ස්වාභාවිකව) දිරායන ‍පොලිතීන් (Biodegradable polythene) යනුවෙනි. මේ අතරින් දෙවැනි වර්ගය වන ස්වාභාවිකව දිරායන ‍පොලිතීන් සාමාන්‍ය වෙළෙඳ‍පොළේ දැකගැනීමට නොමැති තරම්ය. ඒවා ඇත්තේ සුපිරි වෙළඳසල් වැනි ස්ථානවලය. එම වර්ගයේ කෑම එතුම් කොළයක් (lunch sheet) මිල රු. 2.60ක් තරම් ඉහළ අගයක් ගනී. නමුත් දේශීය සිල්ලර වෙළෙඳසල් පිරී ඉතිරී යන්නේ පෙරකී පළමු වර්ගයේ දිරායන ‍පොලිතීන්වලිනි. 
පරිසරවේදීන් පවසනුයේ මෙකී දිරායන ‍පොලිතීන් යන වචනයම මිථ්‍යාවක් බවයි. ‍පොලිතීන් දිරායන්නේ නෑ. දිරා යනවා නම් එහි ‍පොලිතීන් අනු තියෙන්න බෑ. පරිසරවේදී චන්දන පෙරේරා අවධාරණය කරන්නේය. එසේ නම් මේ දිරායන ‍පොලිතීන් නිපදවන්නේ කෙසේ දැයි අපි සොයා බැලුවෙමු. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසනුයේ මෙකී දිරා යන ‍පොලිතීන් ලෙස හඳුන්වන ඔක්සෝ බයෝඩිග්‍රේඩබල් ‍පොලිතීන් නිපදවීමට සාමාන්‍ය ‍පොලිතීන් නිපදවන අමු ද්‍රව්‍ය සහ සංඝටක පමණක් භාවිතා කරන බවය. ඒත් මේ ‍පොලිතීන්  වර්ගය ඉවත දාලා තිබ්බාට කැබලිවලට කැඩෙනවා. ඒක තමයි මේ දිරා යෑම ලෙස හඳුන්වන්නේ. ඇත්තටම ඒ දිරා යෑම නොවෙයි. එතැනදී නිෂ්පාදකයෝ කරන්නේ කූට උපක්‍රමයක්. ඒ අය සාමාන්‍ය අමුද්‍රව්‍ය භාවිත කරලා ‍පොලිතීන් හදනව. ඊට අමතරව වෙනත් ද්‍රව්‍ය කිහිපයක් ඒ ‍පොලිතීන් මිශ්‍රණයට එකතු කරනවා. ඒ ද්‍රව්‍ය ඉතා හානිකරයි. ඒ තමයි නිකල් සහ  කොබෝල්ට් කියන ද්‍රව්‍ය මේවා හානිකර බැර ලෝහ. හේමන්ත විතානගේ අවධාරණය කරන්නේ. 
පරිසරවේදී චන්දන පෙරේරාද එම මතය තහවුරු කරයි. ඔහු පවසනුයේ නිකල් සහ කොබෝල්ට් වැනි බැර ලෝහ යොදා සාදන ‍පොලිතීන් හිරු එළියට නිරාවරණය වීමේදී කැබලිවලට වෙන්වන මුත් ඒවා කිසි ලෙසකත් පසට ජීර්ණය නොවන බවයි. ‍පොලිතීන් කැබලි කුඩා අනු වශයෙන් පරිසරයේ පවතිනවා. කවදාවත් ඒවා ජීර්ණය වන්නේ නෑ. ඒවා භූගත ජලයට එකතු වෙලා මිනිසුන්ගේ ශරීරගත වෙනවා. ඊට අමතරව මේ ‍පොලිතීන් නිපදවන්නට යොදන නිකල් සහ කොබෝල්ට් කියන බැර ලෝහත් ජලයට එකතුවනවා. මේ නිසා පිළිකා වකුගඩු රෝග අනාගතයේ වසංගත ලෙස පැතිරෙන්න පුළුවන්. චන්දන පෙරේරා පවසන්නේය. 
එසේ නම් වෙළෙඳ‍පොළේ ඇති අනෙක් දිරායන ‍පොලිතීන් විශේෂය වන ෙජෙවීය දිරායන  (කොම්‍පෝස්ටබල්) ‍පොලිතීන් විශේෂය පිළිබඳ අප විමසිලිමත් වූවෙමු. පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ පවසනුයේ එය ‍පොලිතීන් අංශුවලින් නොව ශාක පිෂ්ඨය භාවිතා කර නිපදවන්නක් බැවින් දිරායාම ස්ථිරවම සිදුවන්නක් බවයි.
මේ කොම්‍පෝස්ටබල් ඩිග්‍රේඩබල් විශේෂ වාණිජ අරමුණ සඳහා ‍පොලිතීන් ලෙස හඳුන්වා දුන්නාට එය නිපදවන්නේ ශාක පිෂ්ඨයෙන්. ඒ සඳහා බඩඉරිඟු බිජ වගේම මඤ්ඤාෙක්කා පිෂ්ඨය පවා භාවිතා කරනවා. එය ස්ථිරවම ‍පොළවට දිරා යනවා. කොම්‍පෝස්ටබල් වර්ගයේ දිරායන ‍පොලිතීන් නිපදවන්නෙකු වන මර්වින් ඩයස් පවසනුයේ තම ආයතනය නිපදවන ‍පොලිතීන් සඳහා ආනයනික බඩ ඉරිඟු බිජ පමණක් භාවිත කරන බවයි. අපේ නිෂ්පාදන ස්ථිරවම දිරනවා. ඒකේ සැකයක් නෑ. බඩඉරිඟු නිසා පරිසරයට ගැටලු ඇතිවන්නේ නෑ. අපට දේශීය වගේම විදේශීයවත් හොඳ ඉල්ලුමක් තියෙනවා. බැරලෝහ වර්ග භාවිතා නොකරන නිසා කිසිම විෂ ද්‍රව්‍යයක් මෙහි අඩංගු වන්නේ නෑ මර්වින් ඩයස් පවසන්නේය. 
එහෙත් දේශීයව ‍පොලිතීන් නිපදවන ව්‍යාපාරිකයෝ දරනුයේ ඉඳුරාම වෙනස් මතයකි. කළුතර වාණිජ මණ්ඩලයේ 
අධ්‍යක්ෂවරයකු වන ආර්.ඩී. ප්‍රේමසිරි අප හා පැවැසුවේ මෙවන් අදහසකි.
මේ ප්‍රශ්නය ගැන ආණ්ඩුවටත් පරිසර බලධාරීන්ටත් නිසි අවබෝධයක් නෑ. මේ ගොල්ල හයිඩෙන්සිටි ‍පොලිතීන් නතර කරලා ලෝඩෙන්සිටි ‍පොලිතීන් ගේන්න යනවා. ඒකත් දිරන්නේ නෑ. දිරන ‍පොලිතීන් විශේෂ දෙකක් වෙළෙඳ‍පොළේ තියෙනවා. එයින් ඉන්ඩස්ට්‍රියල් කොම්‍පෝස්ට් කියන වර්ගය සෙල්සියස් 60දීත් හෝම් කොටි‍පෝස්ට් වර්ගය සෙල්සියස්් 30දීත් දිරනවා. ඒත් ඒකට පිළිවෙළින් මාස 6ක් හා 3ක් යනවා. මේවා එකක්වත් විසඳුම් නොවෙයි. 
ඔහු පවසන පරිදි 2006 ද මේ ගැටලුව විසඳන්න විද්වත් කමිටුවක් වාර්තාවන් සපයා ඇත. ඒ අනුව ‍පොලීතීන් ගැටලුව විසඳන්නට රුපියල් මිලියන 4600ක මුදලක් සෙස් බද්දක් ලෙස පරිසර අධිකාරියට වෙන්වී ඇත.
ඒ මුදලින් භාවිත කළේ රුපියල් මිලියන 50යි. අනික්වා භාණ්ඩාගාරයට ගියා. ගැටලුව විසඳන්න වගකීමෙන් වැඩ කරන්න ඕන. අපිට අලුත් යන්ත්‍ර සූත්‍ර ඕන කරනවා. ඒකට රජය මැදිහත් වෙන්න ඕන. දැනට මේ කර්මාන්තය කරපු දන්න කියන අය අනාථයි ආර්.ඩී. ප්‍රේමසිරි පවසන්නේය. 
එහෙත් වෙළෙඳ‍පොළේ දැන් නොදිරන ‍පොලීතීන් ලෙස අලෙවි වනුයේ එකී ශාක පිෂ්ඨයෙන් නිෂ්පාදනය කරන ලද කොම්‍පෝස්ටබල් වර්ගය නොව බැරලෝහ එක්කර තැනූ ඔක්සො බයෝග්‍රේටඩ් වර්ගයේ ‍පොලිතීන්ය.  අවාසනාවකට  මෙන් පාරිභෝගිකයාට මේ දෙවර්ගය වෙන්කර හඳුනාගැනීමට ක්‍රමයක් නැත. දේශීය ‍පොලිතීන් නිෂ්පාදකයන්ගෙන් කොටසක් තම නිපැයුම් පරිසර හිතකාමී බවට පත්කරනු වෙනුවට පැවතියාටත් වඩා හානිදායක වනලෙස බැර ලෝහද එක්කර ව්‍යාජ දිරායන ‍පොලිතීන් විශේෂයක් නිර්මාණය කිරීම නිසා පවතිනවාටත් වඩා බරපතළ ප්‍රශ්න ඉදිරියේදී ඇතිවීම ඒකාන්ත බව පරිසර වේදීහු පවසති. විශේෂයෙන්ම බැරලෝහ යොදා සාදන ව්‍යාපාර දිරායන ‍පොලිතීන් නිසා සියුම් ‍පොලිතීන් අංශු වායු ගෝලයට පවා එක්වීමේ අවදානමක් තිබේ. මෙය බරපතළ අවදානම් සහිත ක්‍රියාවකි.
‍පොලීතීන් සඳහා වන ප්‍රමිතීන් ගැන දැනුවත් වනු වස් අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඒ ගැන විමසුවෙමු. ෙජෙවීයව දිරායන ‍පොලිතීන් (Bio Degradable) සඳහා SLS 1557 සහ කාබනිකව දිරායන (cempostable degradable) ‍පොලිතීන් සඳහා ඉඹ්ඉ 1539 යන ප්‍රමිති දෙක නිකුත් කර ඇති බව එහි ප්‍රකාශකයකු අප හා පැවැසීය. එකී නිෂ්පාදනවල සංයුතිය සහ භාවිත කළ යුතු අමුද්‍රව්‍ය පිළිබඳවද අපි ප්‍රමිති ආයතනයෙන් විමසුවෙමු. ඊට පිළිතුරු දෙනුවස් අධ්‍යක්ෂකගෙන්  ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව එම ප්‍රකාශකයා පැවැසීය.
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ජිනීවා මානව හිමිකම් කොමිසම අපේ රටේ මානව හිමිකම් කොමිසම, මානව හිමිකම් නඩු ඒ වගේම මානව හිමිකම් සංවිධාන, මානව හිමිකම් කඩවීම මේවා හරි සුලභ වචනය,  ජිනීවා කතාව පැත්තක තියමු. 'අපේ රටේ මේ කතාව ගත්තම මම ඉතා කනගාටුවෙන් එක දෙයක් කියන්නට කැමැත්තෙමි. එනම් ශ්‍රී ලංකාව සිටින්නේ මානව හිමිකම් අයිතීන් ආරක්ෂාවීම සම්බන්ධයෙන් අතිශය දරුණු හා  පහළ මට්ටමක බවය. එහි අර්ථය නම් සමස්ත පුරවැසියන්  අසරණ වීම  යන්නයි. පහළම ගමේ නගරයේ ග්‍රාමසේවක සිට ඉහළම පාර්ලිමේන්තු ක්‍රමයේ තනතුර දක්වා අතරතුර රාජ්‍ය සේවය රාජ්‍ය පරිපාලනය ඇතුළු සෑම ආයතන හා සංස්ථාවකින්ම  සිදුවන්නේ ජනතාවගේ එම උතුම් අයිතීන් කඩ කිරීමයි, උදුරා ගැනීමයි. අද ‍පොලීසිය පාලනය කර ගන්න ‍පොලිස්පතිතුමාටත් නොහැකියි. ජනතාව පිහිටක් පතා යන උසාවියෙන් වෙන්නේ නඩු  පමාවනම්  දැඩි පීඩනයයි. තමාට අසාධාරණයක් වූ බවට කියා ගන්නට ජනතාවට සිදු වී තිබෙන්නේ අති විශාල මුදලක්  පෙරකදෝරු මහත්වරුන්ට පූජාකර  මානවහිමිකම් නඩුවකට ඉහළ අධිකරණයට යන්නටයි. එය හරියට ගෙදර කිරි හරකා මස් කඩේට විකුණා දරුවාගේ අසනීපයට බෙහෙත් ගැනීමට සල්ලි සෙවීම හා  සමාන දෙයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහ පුරාජේරුවට පිහිටුවා ඇති මානව හිමිකම් කොමිසම බෝඩ්ලෑල්ලක් පමණි. එහි සියල්ලෝ සුව යහනේ සැපට සැතපෙති. 
මහින්දගේ කා‍ලේ මානව හිමිකම් ආරක්ෂා වුණාද? ඇයි යහපාලනයට විතරක් දොස් නගන්නේද මේ ප්‍රශ්නය කොයි මාධ්‍යවේදීයාත් නගන්නකි. ජනවාරි අටවෙනිදා බලය මාරු කළේ මහින්දගේ යුගයේ දේවල්වල වැරදි  අසාධාරණකම් නැති කරන්නටය. අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවෙමින් ජනතාව අන්ත අසරණ බවට  පත් වීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ එදා  මෙදා හැම දේශපාලනඥයන්ට බව මම කියමි. තම භූමිය හා සම්පත් විදේශිකයන්ට විකිණීමට එරෙහිව පාරට බැසගත් උපන් බිමේ උරුමක්කාරයන්ගේ  කන පලන්නටත්, බුරුතු පිටින් සිරගෙවල්වල ගාල් කිරීමත් කරන්නට ‍පොලීසියට හයිය  ලැබුණේ දේශපාලන අනුහසිනි. මාධ්‍යවේදියාගේ කන පැලූ ‍පොලීසියේ ඉහළ වීරයා අදත් පාරම්බාමින් වැජඹෙන්නේ දේශපාලන අනුහසිනි.  කනපලාගෙන අසරණ වූ මාධ්‍යවේදියාට තමාට අසාධාරණයක් වූයේයි තම මානව අයිතීන් කඩවූවේ යැයි කියන්නට සල්ලි  මිටි පුජා කරමින් ඉහළ උසාවියේ බංකුවක වාඩි වී බලා සිටින්නට සිදුව තිබේ. මේ  එක චිත්‍රයක් පමණි.
ශ්‍රී ලංකාවේ මානව අයිතීන් කඩවීම පිළිබඳ කතා බහ  ඉතිහාසයට මුල්වරට ඉස්මතුවූයේ 1971 කැරැල්ල හා ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සමගය. එහෙත් 1972 ව්‍යවස්ථාව තුළවත් මේ සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොවීය. එහෙත් පිළිගැනීමක් පමණක් විය. 1988 - 89 වූ විශාල නිශ්චිත ඝාතන සිදුවීම්  ජිනීවාහි මානව හිමිකම්  කොමිසමේ අවධානයට යොමු වූ අතර හිටපු ඉහළ විනිසුරු සෝසාගේ  ප්‍රධානත්වයෙන්. මානව හිමිකම් කාර්ය සාධක බළකායත් ඇති කිරීමට  ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාට සිදුවිය. 1996 පනතක් මගින් මානව හිමිකම් කොමිසම නිර්මාණය කරන ලදී. ජනතාවගේ ජීවත්වීමේදී  මූලික අයිතීන්  කවර හෝ කා අතින් හෝ කඩ වූ විට නීතිඥවරුන්ට මුදල් ගෙවීමකින් තොරව තම දුක් ගැනවිල්ල කීමට හා ප්‍රකාශයක් ලබා ගැනීමට මේ පනතින් පිහිට වූ කොමිසමෙන් අපේක්ෂා කරන ලදී. ස්වාධීනතාවයක් කොමිසමට ලබාදී ඇති අතර තීන්දු හා නිර්දේශ සඳහා බලය එමගින් පවරා තිබේ.
අද එම මානව හිමිකම් කොමිසම මා දකින්නේ  තම යුතුකම් හා වගකීම්වලින්  බැහැර වී වඩ වඩාත් අකර්මණ්‍යවෙමින් පවතින ආයතනයක් ලෙසය. කලක් එහි කොමසාරිස්වරයෙකු ලෙස සේවය කිරීමෙන්ද ලද අත්දැකීම් මෙන්ම අද  සරසවි දරුවන්ට හා රටේ  විවිධ ආයතන (රාජ්‍ය හා පෞද්ගලික) වල සාමාජිකයන්ට මානව හිමිකම් හා නීතිය උගන්වන අයෙකු ලෙස මෙසේ කීමට සිදුවීම ගැන  ඇත්තටම කනගාටුවෙමි. පුරවැසියකු ලෙස ලැජ්ජාවෙමි මා හැමදාම නගන ප්‍රශ්නය නම් මේ වටිනා මානව හිමිකම් කොමිසමට තීන්දු තීරණ ගැනීම හා නිර්දේශ ප්‍රකාශ කිරීම පමණක්  සඳහා වන පනතේ ප්‍රතිලාභ ඉන් ඔබ්බට එනම් ක්‍රියාත්මක කිරීමට  හැකි බලාත්මක අයිතියක් දක්වා සංශෝධනය නොකරන්නේ ඇයිද යන්නය. එය රට කරවන හා කළ අයගේ  ශූර දේශපාලන කපටිකමක් හා කූට්ටමේ කොළය යටින් ඇදීමක් හා සමානය. ඒ හැම දෙයක්ම විනාශ කරන දේශපාලනඥයන් තමන්ට   හෝ තම සහචාරයන්ට එරෙහිවන කිසිම  ආයතනයකට හෝ නිලධාරියකුට  දෙවැනි නොවීම ශ්‍රී ලංකාවේ යාවජීව ප්‍රතිපත්තිය හෙයිනි. මානව හිමිකම් කොමිසමෙන් සිතාසියක් ලැබූ විට කිසිවෙකුට එහි ඉදිරියේ පෙනී නොසිටීම අධිකරණයට අපහාස කිරීමේ ප්‍රතිපාදනයක්ද, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමකින් පමණක් ඉහළ උසාවියේ මානව  හිමිකම් නඩුවක්  වසරක් ගිහින් හෝ පවරන්නට හැකි ප්‍රතිපාදනයද පනතේ තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ වටිනාකම (නීතිමය) දැනට රදා පවතින්නේ  මේ ප්‍රතිපාදන දෙක මත පමණි. මේ ව්‍යවස්ථාමය හැකියාවන්් දෙකක් නැත්නම්  නැත්නම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා මහ මග කොට කොටා  මගියා අපහසුවට පත්කරන පෞද්ගලික බස්රියක් අතර කිසිදු වෙනසක් නැත. අද මේ කොමිසම තීන්දු තීරණ ගැනීමේදී  මැති ඇමැතිවරුන්ගේ  හෝ උසස්ම  නිලධාරීන්ගේ සිත් රිදවන්නට අකමැතිබව අනන්තවත් පැහැදිලිිය. මේ සුරතල් කිරීම යහපාලන සමයට පමණක් සීමා වීයයි නොකියමි.
 යහපාලනයට පෙර බොහෝ විට පාලකයන්ගේ  උදහසට ලක් වූ හා  කැමැත්තට පටහැණි ජනතා සහන හා තීන්දු තීරණ ගැනීමට  හැකි වාතාවරණයක් තිබූ බවත් ක්‍රියාත්මක කිරීමට යම්  නිදහසක් තිබූ බවත් අත්දැකීමෙන් මම කියමි. මෙය මහින්ද යුගය  වර්ණනා කිරීමක් සේ වරදවා  ඔබ වටහා නොගන්නා ලෙස මම ඉල්ලමි. සුප්‍රකට ලලිත්කූගන් අත්අඩංගුවට ගත් පුවත  තොරතුරක් ලෙසින් ලැබුණු විට  එදා කොමසාරිස්වරුන් ලෙස  අප ‍පොලිස් මූලස්ථානයේ තට්ටු  හතේම හැම  කාමරයක්ම පරීක්ෂා කළේ මහරෑය.  කොටි නඩේ නායක නඩේසන්ගේ  මස්සිනා රුද්‍රකුමාර් අත්අඩංගුවට ගැනීමේදී ඔහු ගැන සෙවීමට මා ආරක්ෂක අංශයට ගියේ ගෙදර සිට මහ රෑ  ඇඳ සිටි සරම පිටිනි. අසාද් සාලි රාජ්‍ය කුමන්ත්‍රණ චෝදනාවක් පටවා හතර දෙනෙකු සමග අත්අඩංගුවට පත් වූ පසු  වහා එහි යාමට එදා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් ලෙස අප කටයුතු කළෙමු. නිදහස් කිරීමකින් හෝ  නඩු පැවැරීමකින් තොරව   නිකරුනේ රඳවා ගැනීමට හෝ  වදබන්ධනයට අපි එදා පැමිණිලි ලද විට  මැදිහත් වූවෙමු. බලධාරීන් කොමිසම ඉදිරිපිට නොපමාවම ගෙන්වා විමර්ශනය කර තීන්දු නිර්දේශ දී  වහා උසස්  තැන්වලට, පාර්ලිමේන්තුවට දැන් වූවෙමු.  මාධ්‍යවෙත හෙළි කළෙමු. මේවා නැතැයි කියන්නට කාටවත් නොහැකිය. එදා මානව හිමිකම් කොමිසමේ අප කටයුතු කළේ පනතේ ඇති ප්‍රතිපාදනවලටද හැකිතාක් ඔබ්බට යමිනි. එම නිසා කිහිප විටක්ම අප දෝෂදර්ශනයකටද ලක්විය. එදා මානව හිිමිකම්  කොමිසම ක්‍රියා කළේ රටේ බිහිසුණු යුද්ධය හා කොටි ත්‍රස්තවාදීන් රටපුරා ප්‍රහාර හා පළිගැනීම් ක්‍රියාත්මක කරමින් සිටි අඳුරු යුගයක බව ඔබට මතක ඇත. රට පුරා අත්අඩංගුවට ගැනීම්  ආදිය බහුල විය.
මා නගන තර්කය වන්නේ අද මානව හිමිකම් කොමිසම මෙසේ නිද්‍රාශීලීිව  යහන්ගතව ඉන්නේ ඇයිද යන්නය. තමන්ට රට වෙනුවෙන් පැවැරී ඇති උතුම් මෙහෙවර ඉටුකරනු වෙනුවට  අති විශාල ධනයක් නාස්තිකරමින් වරප්‍රසාද හා සැප පහසුකම් භුක්ති විඳීම සාධාරණද යන්නය. සිදුවූ වෙනස කුමක්ද? අහිංසක පාසල් දැරියක ගැබිනියක යැයි පාසලෙන් නෙරපූ අමන විදුහල්පතිනිය හා ගුරු මණ්ඩලය සම්බන්ධ ප්‍රශ්නයේදී සිදු වූ දේ කුමක්ද? එදා වේල ජීවත්වන්නට වත්කම නැති, ජීවිතයට කොළඹට නොපැමිණි දැරියගේ අහිංසක දෙමාපියන්ව කොළඹ මානව හිමිකම් කාර්යාංශයට කැඳවීමය. වහා ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට තරම් කැපවීමක් හා උනන්දුවක් කොමිසමේ කිසිවෙකුට නොවීය. මේවා ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමක් නොව මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව කනගාටුවෙන් කියමි. ගහෙන් වැටුණ මිනිසාට එක ගොනෙකු නොව ගොන් රෑනක්ම උඩ පැන පැන ඇන්නෝය. කොළඹ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයේදී ඩ්.ව්.ච්. සිසුවියකට කළ දරුණු සාපරාධී ‍පොලිස් ප්‍රහාරය හා ශාරීරික හානිය ගැන අද වන තෙක් අපේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිහඬය. හම්බන්තොටදී ‍පොලිස් චණ්ඩියෙකු මාධ්‍යවේදියෙකුගේ කන පැලූ විට කොමිසම අදත් නිහඬය. මේ වනවිට මානව හිමිකම් කොමිසමේ දක්ෂ හා අවංක විමර්ශන නිලධාරීන් ඇතුළු නිලධාරීන් ගණනාවක්ම කලකිරීම නිසා ආයතනය හැර ගොස්ය. තවත් අය යන්නට ඇඟිලි ගනිති. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හරි දේ හරියට කරන්නට යන නිලධාරීන්ගේ පමණක් නොව සහනය හා සාධාරණත්වය පතා එන ජනතාවගේද අප්‍රසාදය හා සිත් රිදවීමට නම් ඉතා සමත්ය. 
දැනටත් අර්බුදයක්ව ඇති පළාත් සභා ඡන්දය කල් යෑමේ දේශපාලන කුමන්ත්‍රණ හා ගේම් මගින් ජනතාවගේ මූලික අයිතීන් හා හිමිකම් කඩවීම දරුණු ලෙස සිදුවී හමාරය. මේ ගැන මානව හිමිකම් කොමිසමට වගේ වගක් නැත. මැදිහත්වීමට නිසි ප්‍රකාශයක් නිකුත් කරන්නට තරම්වත් කෙනෙකු නැත. 
කොමිසමේ රාජකාරි පැය අටේ රජයේ සේවයක් බවට පත්ව හමාරය. පැමිණිල්ල තමා වෙතට එන තෙක් නොසිට මාධ්‍ය මගින් ලැබෙන තොරතුරු හා වෙනත් තොරතුරුවලට වහා ක්‍රියාකිරීම සාමාජිකයන්ගේ වගකීමකි. නඩු පමාව අද ජාතික ප්‍රශ්නයක්ව හමාරය. එහෙත් විධායකය හා රාජ්‍ය පරිපාලනය හැර අධිකරණයට මැදිහත්වීමට පනතින් බලය නැත. එම බලය කොමිසමට ලබා දිය යුතුය. කොමිසම දෙන තීන්දු බලාත්මක නොකරන්නේ නම් පළාත්බද අධිකරණයට යාමට බලය ලබාදිය යුතුය. පැය විසිහතර පුරා අවධානයකින් තොරව මානව හිමිකම් කොමිසමට ජනතාවගේ දුක්ගැනවිලි අසාධාරණකම්වලට සහයක් දෙන්නේ කෙසේදැයි මම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් හා රටේ පාලකයන්ගෙන්ද විමසමි. 
අද වනවිට ‍පොලීසිය කොයිතරම් අප්‍රසන්න තත්ත්වයක් කරා ගමන් කරමින් තිබේද, එයට එරෙහි පැමිණිලි චෝදනා කොතරම්ද යන්න කිව යුතු නොවේ. ‍පොලීසියේම නිලධාරීන්ගෙන් හා ජනතාවගෙන් මානව හිමිකම් යනු කුමක්දැයි දන්නේ කීයෙන් කීදෙනාදැයි මම අසන්නට කැමැත්තෙමි. දේශපාලනඥයන් හා ඔවුන්ගේ පක්ෂපාති උසස් ‍පොලිස් නිලධාරීන් කරන්නේ පහළ ‍පොලිස් නිලධාරීන් නීතිය ආරක්ෂා කිරීමට පෙළඹවීමය. රාජ්‍ය සේවයේ දහගුණයක් පමණ හා පෞද්ගලික අංශයේ 68,000ක් පමණ වන අයගෙන් කෙතරම්  දෙනෙක් තම අයිතිවාසිකම් හා හිමිකම් සම්බන්ධයෙන් ප්‍රශ්නවලට මුහුණ පා හැකිද? ඔවුන් යන්නේ වෘත්තීය සමිති වෙතය. වෘත්තීය සමිති නායකයන් කරන්නේ තම පැවැත්ම හා දේශපාලනය වෙනුවෙන් මේ වැඩ කරන ජනතාව බිලි බා ගැනීමය. තම තීන්දු තීරණ බලාත්මක කිරීමට මැති ඇමැතිවරුන් හෝ ඉහළ නිලධාරීන් කටයුතු නොකරන්නේ නම් පළාත්බද අධිකරණයක් ඉදිරියේ නඩු පැවැරීමේ හෝ බලය මානව හිමිකම් කොමිසමට දිය යුතුයැයි මා නිතරම කියන්නේ මේ අවාසනාවන්ත තත්ත්වයන් නිසාය. ජනතාව තුළ තමනට යහපතක් සාධාරණයක් ඉටුවේ යැයි කොමිසම ගැන විශ්වාසයක් නැත. එය ගොඩනැගීමට තවත් පමා විය යුතු නැත. නව ව්‍යවස්ථාව සකස් කරන්නත් මේ ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. 
අප මීට කලින් කොමිසමේ සාමාජිකයන් ලෙස කළ බලපෑම් හේතුවෙන් හිටපු ‍පොලිස්පති ඉලංගකෝන් මහතාට ‍පොලීසියට එරෙහි මානව හිමිකම් පැමිණිලි නිර්දේශ ගැන සොයා බැලීමට ‍පොලීසිය තුළම වෙනම ඒකකයක් පිහිටුවීමට සිදුවිය. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ වෙනම ඒකකයක් මහින්ද ජනාධිපතිවරයා පත් කළේය. ලැබුණු සහන අපමණය. අද ඒවා කෝ ? 
පාසල්වලට හත අට වසරවල සිට සා.පෙළ හා උසස් පෙළ දක්වා මානව හිමිකම් විෂය ඇතුළු කළ යුතුවේ. ජනතාව තම අයිතීන් හා හිමිකම් දැන ගත යුතුය. කඩවීම් ගැන දැන ගත යුතුය. අපේ මානව හිමිකම් කොමිසම සියලු දේට පිළියමක් යැයි මම නොකියමි. එහෙත් එය බලාත්මක කිරීමෙන් හා අවංක වීමෙන් සමාජ සාධාරණත්වය හා අසරණබවද තුච්ඡ දේශපාලන රැල්ල විසින් සියලු අංශයන්හි කරනු ලබන ප්‍රකාශයන්ද කෙරේ ප්‍රබල බලපෑමක් වනු නිසැකය. දේශපාලනඥයන් කරනු ලබන ප්‍රකාශයන්ද කෙරේ ප්‍රබල බලපෑමක් වනු නිසැකය. දේශපාලනඥයන් සුරතල් කිරීම හා වරප්‍රසාද තනතුරුවල ඇලී ගැලී පැය අටේ රාජකාරි කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට තිත තැබිමට කාලය එළඹ තිබේ.

Page 1 of 3

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3834

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2939

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4406

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5039

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5826

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3512

Please publish modules in offcanvas position.

X

Right Click

No right click