Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Nokia ජංගම දුරකථනවල මහ ගෙදර වන HMD Global, ඔවුන්ගේ පළමු Nokia ස්මාර්ට් ෆෝන් පෙල හඳුන්වා දෙයි. Nokia 3, Nokia 5 සහ Nokia 6 යන ෆෝන් පෙල මොබිටෙල් ශාඛා, තෝරාගත් නියෝජිතයන්ගෙන් සහ Nokia 3310 දිවයින පුරා අලෙවි නියෝජිතයින්ගෙන් මිලදී ගත හැකිය. මේ වසර මුල බාසලෝනා නුවර පැවති Mobile World සමුලූවේ දී Nokia ස්මාර්ට් ෆෝන් පෙල නවීන ඇන්ඩ්‍රොයිඞ් අත්දැකීමක් සමගින් ලොවට හඳුන්වාදෙන ලදි.
 
ශී‍්‍ර ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමග එකතු වී Nokia ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ෆෝන් පෙල ශී‍්‍ර ලංකාවට නිල වශයෙන් හඳුන්වාදෙන ලදි. මෙහිදී මොබිටෙල් සමාගම නිල සන්නිවේදන සහකරු ලෙස කි‍්‍රයාකරයි. පහත සඳහන්  ඕනෑම දුරකථනයක් මිල දී ගන්නා විට මොබිටෙල් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා නොමිලේ ඇමතුම් සහ දත්ත (Data) ඇතුලත් විශේෂ දීමනාවක්.
 
Nokia 6 ස්මාර්ට් ෆෝන් දැන් කලූ(මැට්), සිල්වර්(රිදී), නිල්(ටෙම්පර්ඞ්) සහ තඹ(කොපර්) පාටවලින් මිල රු. 35,990 කට මිලදී ගත හැක. මොබිටෙල් වෙතින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා විශේෂ දීමනාවක්. මසකට රු.150/- බැගින් මාස 3 කට නොමිලේ ඇමතුම් සහ මසකට 2GB බැගින් මාස 6කට නොමිලේ දත්ත.
 
Nokia 5 ස්මාර්ට් ෆෝන් දැන් කලූ(මැට්), සිල්වර්(රිදී), නිල්(ටෙම්පර්ඞ්) සහ තඹ(කොපර්) පාටවලින් මිල රු. 29,990 කට මිලදී ගත හැකි. මොබිටෙල් වෙතින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා විශේෂ දීමනාවක්. මසකට රු.150/- බැගින් මාස 3 කට නොමිලේ ඇමතුම් සහ මසකට 2GB බැගින් මාස 6කට නොමිලේ දත්ත.
 
Nokia 3 ස්මාර්ට්ෆෝන් එක දැන් කලූ(මැට්), සිල්වර්(රිදී), නිල්(ටෙම්පර්ඞ්) සහ තඹ(කොපර්) පාටවලින් මිල රු. 21,990 කට මිලදී ගත හැකි. මොබිටෙල් වෙතින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා විශේෂ දීමනාවක්. මසකට රු.150/- බැගින් මාස 3 කට නොමිලේ ඇමතුම් සහ මසකට 2GB බැගින් මාස 4කට නොමිලේ දත්ත.
 
සැමවිටම 100% ක් ඇන්ඩ්‍රොයිඞ්
 
සියලූම Nokia ස්මාර්ට් දුරකථන සමගින් ස්මාර්ට් දුරකථන එකක උපරිම ඇන්ඩ්‍රොයිඞ් ඇත්දැකීම අත්විඳීමට ඔබට හැකි වනු ඇත. මාසිකව ඇති security updates නිසා දුරකථන එකට උපරිම ආරක්‍ෂාවක්, දුරකථන එක සැමවිටම up-to-date සහ භාවිතය ඉතා පහසුවීම නිසාම පාරිභෝගිකයාගේ සිත ඇද බැඳ තබාගන්නා ස්මාර්ට් දුරකථන එකක්වනවා නිසැකයි. එහි ඇති නවීනතම ඇන්ඩ්‍රොයිඞ් අංග නිසා දුරකථනය සාක්කුවක හෝ බෑගයක් තුළ තිබුණත් බැටරි කාලය ඉතිරිකරයි. අලූත්ම Nokia ස්මාර්ට් දුරකථන වල Google හඳුන්වාදී ඇති නවීනතම සොයාගැනීමවන Google Assistant අංගය ද සතුවීම තවත් සුවිශේෂී කරුණක් ලෙස සැලකිය හැකි. Google Assistant අංගය භදනස් ස්මාර්ට් දුරකථන වල කිසිම බාධාවකින් තොරව 100% ක් නිවැරදිව කි‍්‍රයාත්මකවන බව තහවුරු කිරීමට අප කණ්ඩායම එකා මනේ වෙහෙස මහන්සි වී වැඩ කළෝය.
 
Nokia 3310 දැන් රතු(warm) සහ කහ gloss නිමාවෙන්, තද නිල් සහ අලූ (මැටි) නිමාවෙන් මිල රු. 7,990 කට මිලදී ගත හැකි. මොබිටෙල් වෙතින් පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පැකේජ සඳහා නොමිලේ ඇමතුම් සහ sms ඇතුලත් විශේෂ දීමනාවක්.

මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී  ගංවතුර සහ නාය යාම් වලින් විපතට පත් ජනතාවට සහන සේවා රැසක් ක්‍රියාත්මක කරයි. මේ යටතේ මාතර , රත්නපුර, කලුතර, ආදී දිස්ත්‍රික්ක වල පානීය ලිං  පිරිසිදු කිරීම් කටයුතු සඳහා කණ්ඩායම් 20කට අධික ප්‍රමාණයක් යොදවනු ලැබීය. එම කටයුත්ත සඳහා අවශ්‍ය උපකරණ ආදී සියල්ල සහිත මෙම කණ්ඩායම් විපතට පත් ප්‍රදේශවල ලිං නොමිලේ පිරිසිදු කරදෙනු ලැබීය.

විපතට පත් ජනතාවට ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වීම සඳහා සහය දැක්වීමට වියළි ආහර, සනීපාරක්ෂක ද්‍රව්‍ය  පාර්සල් බෙදාදීමක් ද මීට සමගාමීව සිදුකෙරිණ. මීට අමතරව සිංගර් හි තාක්ෂණික කණ්ඩායම් විසින්  විපතට පත් ප්‍රදේශවල ගංවතුරින් සහ නාය යාම් වලින් හානියට පත්ව තිබු විදුලි උපකරණ අළුත්වැඩියා කිරීමේ සේවාවක්ද නොමිලේ පවත්වනු ලැබීය. මේවා අළුත්වැඩියාව සඳහා දැනට පවතින සිංගර් සේවා ස්ථාන වලට අමතරව  දෙනියාය, නිවිතිගල, බුලත්සිංහල  ආදී ප්‍රදේශ වල තාවකාලික සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටද සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු යොදනු ලැබීය.

මීට අමතරව සිංගර් විදුලි උපකරණ නොමිලේ අළුත්වැඩියාකිරීම් සිදුකරන අතර  අමතර කොටස්  සඳහා 50%විශේෂ මිල අඩුකිරීමක් ද ක්‍රියාත්මක වෙයි. අළුත්වැඩියා කළ නොහැකි විදුලි උපකරණ නැවත ලබාගැනීමේ දී 20%ක විශේෂ වට්ටමක් ද සිංගර් විසින් ක්‍රියාත්මක කරයි.

සිංගර් සමාගමේ සේවක මඩුල්ල ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී හානියට පත් ප්‍රදේශ පිරිසිදු කිරීම් සහ යළි පදිංචි වීමේ කටයුතු සඳහා විවිධාකාරයෙන්  සහය දැක්වීය. අයහපත් කාළගුණයෙන් විපතට පත් සිංගර් සේවක සේවිකාවන් වෙත ද සිංගර් සමාගමින් සහ සේවක මඩුල්ලේ දායකත්වයෙන් ආධාර පිරිනැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරිණ. මෙරට ප්‍රජා සත්කාරක සේවා වලදී සිංගර් සමාගම නිරතුරුවම පෙරමුණ ගන්නා අතර ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීම සඳහා සහය වීම සිංගර් සමාගමේ ප්‍රමුඛ කාර්යයකි.

පරිගණක ආරක්ෂාව සඳහා නවීන තාක්ෂණයෙන් යුතු මෘදුකාංග නිපදවීමෙහි යෙදෙන ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක්වන Sophos (සො‍පොස්) සිය නවතම Crypto Guard ආරක්ෂිත මෘදුකාංගය මෙරට වෙළෙඳ‍පොළට හඳුන්වා දී ඇත.
 
යමෙක් දත්ත සොරාගැනීමේ ව්‍යායාමයක යෙදෙන බව තත්ත්පර ගණනක් තුළදී හඳුනාගෙන එම අවදානමෙන් පරිගණකය මුදාගැනීමේ හැකියාව Crypto Guard සතුව තිබේ. පරිගණක සර්වරයේ (Server) ආරක්ෂාවද මෙමගින් තහවුරු වේ.
 
ඊමේල්, වබේ අඩවි, පරිගණක පද්ධති යන පරිගණක තාක්ෂණයට අයත් සියලු අංශ එක්ව සාමූහිකව ක්‍රියාකාරිවීමේදී ඇතිවිය හැකි විනාශකාරී සහ ආරක්ෂිත බවට තර්ජනයක් විය හැකි අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පරිගණක පද්ධතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන නිමැයුම් රැසක් Sophos (සො‍පොස්) මේ වන විට වෙළෙඳ‍පොළට හඳුන්වා දී ඇත.
 
සර්වරයේ (Server) ආරක්ෂාව පිණිස Crypto Guard යොදා ගැනීමෙන් දත්ත ලබාගැනීමට තොරතුරු ලෙස හෝ අමුත්තන් ලෙස හෝ ආරාධිතයින් ලෙස හෝ සමීප වී එම කටයුතු කරගැනීමට වෙහෙසවුන්ගෙන් පරිගණක පද්ධතිය බේරා ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 
මෙවැනි කුමන දුර්වලතාවක් තුළින් වුවද දුරස් පරිගණකයක් හරහා දත්ත සොරා ගැනීම වළක්වා ගැනීමට මෙම Crypto Guard උපකාර වන බව Sophos සමාගම පවසයි. තමන්ගේ පරිගණක පද්ධතීන්ගේ ආරක්ෂාවටත් දත්ත මැකීයාමේ අවදානමෙන් මිදීමටත් ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක් තුළ පරිගණක භාවිත කරන මිලියන සියයකට අධික පිරිසක් මෙම මෘදුකාංග භාවිත කරති.

2017වසරේ පළමු කාර්තුවේදී ස්මාර්ට්ෆෝන් මිලියන 34.55ක් අපනයනය කළ බව Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහය නිවේදනය කරයි. ඒ අනුව Huawei ස්මාර්ට්ෆෝන් අපනයනයේ වසරින් වසර වර්ධනය 21.6කින් ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර වෙළද දර්ශකයක් වන IDC හි වාර්තා වලට අනුව ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සැපයුම්කරුවන් තිදෙනා අතර වන වෙළඳ පළ ප්‍රතිශයෙහි Huawei සතුව පැවති ප්‍රමාණය 9.8%කින් ඉහළ යාමකි.

2017පළමු කාර්තුව තුළදී ලොව පුරා රටවල් රැසක Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. රටවල් 52වෙත Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය කරන අතර එම අපනයන ප්‍රතිශතය 50%කින් ඉහළ යාම කැපී පෙනෙන්නකි.ඒ අතරින් රටවල් 32ක් වෙත  Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය කිරීම 100%කින් ඉහළ ගොස් තිබේ. චීනය සහ යුරෝපය වෙත පමණක් Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය 20%ක් සහ 15%ක් ලෙස වාර්තා වී  ඇත.මේ අතර අග්නිදිග ආසියාව සහ දකුණු පැසිෆික් කලාපයේ රටවල් වෙත Huawei ස්මාර්ට්ෆෝන් අපනයනය 70%කින් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව ඉහළ පරාසයේ Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම ද විශේෂත්වයකි. Huawei P9මාදිලියේ සහ Huawei Mate 9මාදිලියේ ස්මාර්ට්ෆෝන් අලෙවිය ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ගොස් තිබේ. මේ අනුව ජාත්‍යන්තර වශයෙන් ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝන් ‍වෙළඳ පළ තුල තවදුරටත් ස්ථාවර වීමට Huawei සමාගම සමත්වී තිබේ. පසුගිය වසරේ පළමු කාර්තුව තුළදී ද Huawei හි ඉහළ හා මධ්‍යම පරාසයේ ස්මාර්ට්ෆෝන් (2000 RMB or above $300) අලෙවිය 11%ක වර්ධනයක් පෙන්නුම් කළේය.

ජාත්‍යන්තර ඉහළ පරාසයේ එනම් ඇමරිකානු ඩොලර් 500ට ඉහළ වටිනාකමකින් යුත්  ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ තුළ 9.7%ක වෙළද පල ප්‍රතිශතයක් හිමිකර ගැනීමට 2017වසරේ පෙබරවාරි මාසයේදී  Huawei සමත් වූ බව GfK වාර්තා පෙන්වා දෙයි.  චීනය,ස්පාඤ්ඤය, තායිලන්තය, මලයාසියාව, දකුණු අප්‍රිකාව  සහ පෝලන්තය ආදී ප්‍රමුඛ වෙළඳ පළ රාසක් හිමි රටවල් 9ක ස්මාර්ට්ෆෝන් වෙළඳ පළින් 10%ක ප්‍රතිශතයක හිමිකාරීත්වය දරන්නේ Huawei සමාගමයි.

2017පෙබරවාරි 26වන දින  නිකුත් කරන ලද  නවතම Huawei P10ස්මාර්ට්ෆෝනය මේ වනවිට  ලොව පුරා වෙළඳ පළ 30කට අධික සංඛ්‍යාවකදී අලෙවි වෙමින් පවතියි. එම ස්මාර්ට්ෆෝනය සතුව පවතින ඡායාරූපකරණයෙ සුවිශේෂිතාව නිසා මේ වනවිට ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වන ස්මාර්ට්ෆෝනය බවට Huawei P10පත්ව තිබේ.

මීට අමතරව ටැබ්ලට් වෙළඳ පළ තුළ ද Huawei කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ව්‍යාපාරික සහ පාරිභෝගික අවශ්‍යතාවට සරිලන පරිදි නිපදවෙන Huawei ටැබ්ලට්  අපනයනය වසරින් වසර 70%කට අධික ප්‍රමාණයකින් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් උසස් මට්ටමේ රැකවරණයක් සලසා දෙන දේශීය ජන ජිවිතය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව රක්ෂණ විසඳුම් රැසක් හදුන්වා දී තිබෙන අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය නවතම රක්ෂණාවරණය වන කිරි ගොවි සත්කාර රක්ෂණ සැලසුම බත්තරමුල්‍ලේ පිහිටි අපේ ගම ජනකලා කේන්ද්‍රයේදී පසුගියදා (06) හඳුන්වා දෙනු ලැබිය.
දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 03 කට අධික කිරි ගොවීන් වෙනුවෙන් ඔවුන්ගේ රැකියා කටයුතු සඳහා යහපත් පදනමක් සපයා දීමේ අරමුණින් හඳුන්වා දුන් කිරි ගොවි සත්කාර රක්ෂණාවරණය සුවිශේෂී ප්‍රතිලාභ රැසකින් සමන්විත වන බව අමානා තකාෆුල් රක්ෂණ සමාගම පවසයි. රක්ෂණය ලබාගන්නා කිරි ගොවීන් සඳහා ජීවිත රක්ෂණයක් මෙන්ම ස්වභාවිකව වූ අනතුරකින් ගවයන් මියයන අවස්ථාවකදී වන්දි රක්ෂණයක් ද හිමිවීම මෙම රක්ෂණාවරණයේ විශේෂත්වයකි.
කිරි ගොවි සත්කාර රක්ෂණාවරණය හදුන්වා දීමේ අවස්ථාවට එක්වූ අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෆසාල් ගෆුර් මහතා පැවසුවේ ශ්‍රී ලාංකික ජනතාවගේ ‍පෝෂණය වෙනුවෙන් විශාල දායකත්වයක් සපයමින් අමිල මෙහෙවරක් ඉටුකරන කිරි ගොවීන්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ රැකියාවන්ද මෙම රක්ෂණාවරණය මඟින් සුරැකෙන බවය. මෙරට ජන සමාජයේ කිරි ගොවීන් වෙත ඉටු විය යුතු සත්කාරයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවද ඔහු කියා සිටියේය.
කිරි ගවයන් ස්වාභාවිකව හෝ අනතුරකින් මියයන අවස්ථාවකදී වන්දි රක්ෂණයක් හිමිවීම, හිමිකරු සඳහා රුපියල් ලක්ෂයක ජීවිත රක්ෂණයක් පිරි නැමීම සහ හිමිකරු සඳහා අවමංගල්‍යාධාර වියදම් වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මුදලක් ලබා දීමද කිරි ගොවි සත්කාර රක්ෂණාවරණයේ ප්‍රතිලාභ අතර වේ.
මහා පරිමාණ කිරි නිෂ්පාදනාගාරවල සිට තනි පුද්ගල සුඑ ව්‍යාපාර සඳහාද මෙම රක්ෂණ ක්‍රමය හා එක්වීමට අවස්ථාව උදාකර දී තිබෙන බවත්, රක්ෂණය ලබාගත් පසු අමානා තකාෆුල් සමාගම ලබා දෙන උපදෙස් පිළිපැදීමෙන් ඉතා ඉහළ ප්‍රතිලාභ හිමිකර ගත හැකි බවත් ෆසාල් ගෆුර් මහතා වැඩිදුරටත් කියා සිටියේය. කිරි ගොවි සත්කාර රක්ෂණාවරණය දිවයින පුරා පිහිටි ඕනෑම අමානා තකාෆුල් රක්ෂණ ශාඛාවකින් හෝ එම නියෝජිතයකු ඇමතීමෙන් ලබා ගත හැකිය.
 

Page 7 of 7

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 804

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1477

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 761

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1971

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 640

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4481

Please publish modules in offcanvas position.