Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා ගරු ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත.

කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත.

ලංකා බැංකුවේ අභ්‍යාසලාගී කළමනාකරුවෙකු වශයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි මොහු, පසුව සෙලාන් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.

 බැංකු ක්ෂේත්‍රෙයන් ඉවත්ව, ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙසත්, සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, සමෘද්ධි අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙසත්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පසුගිය කාලය තුළ දී කටයුතු කළ ඇති අතර, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත.

2000 වර්ෂයේදී බැංකු ක්ෂේත්‍රෙයන් හා රාජ්‍ය අංශයට සමුදුන්, සූරියප්පෙරුම මහතා ජාත්‍යන්තර ෆාම් තෙල් නිෂ්පාදන සමාගමක් වන විල්මාර් ජාත්‍යන්තර සමාගමේ අනුබද්ද සමාගමක් වූ පිරිමිඩ් ලංකා සමාගමේ ශ්‍රී ලාංකීය ෆාම් තෙල් පිරිපහදුවේ ආරම්භක සාමාන්‍යාධිකාරිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස 2012 වසර දක්වා කටයුතු කරමින් ආහාරමය තෙල් පිරිපහදු ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට දායක වී ඇත.

2006 වර්ෂයේදී ෆාම් තෙල් සහ මේද වර්ග ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ අපනයනය සම්බන්ධයෙන් දෙරට අතර ඇතිවූ අර්බුදකාරී අවස්ථාවේදී නැවත වතාවක් ශ්‍රී ලංකාවෙන් ෆාම් තෙල් අපනයනය කිරීම සම්බන්ධව පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවලට සහභාගී වූ, විල්මාර් ජාත්‍යන්තර සමාගමේ අනුබද්ධ සමාගමක් වන ශැන්ග්‍රි-ලා (Shangri-la) හෝටල් සමූහයට, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපාරික පසුබිම සකස් කිරීම සඳහා ප්‍රමුඛ දායකත්වය ලබාදී ඇත.

විල්මාර් ජාත්‍යන්තර සමාගම් සමූහයේ (Willmar International) විල්මාර් අප්‍රිකානු සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සහ සාමාන්‍යාධිකාරිවරයා ලෙසත් බෙන්සෝ ඔයිල් ෆාම් වැවිලි සමූහයේ අධ්‍යක්ෂකවරයකු සහ විගණන කමිටු සාමාජිකයකු ලෙසත්, ඝානා රාජ්‍යයේ වසර හතරක කාලයක් කටයුතු කර ඇති අතර, විල්මාර් ඔලිවින් (Willmar Olivin)සිම්බාබ්වේ සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කළමනාකරු වශයෙන් වසරක කාලයක් කටයුතු කර ඇත.

සේන සූරියප්පෙරුම මහතාවිද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ විශලේෂණය කිරීමේ නියළුණු අතර ජාතික පුවත්පත් කිහිපයකට ව්‍යාපාර, මූල්‍ය හා සංවර්ධන කටයුතු සම්බන්ධ තීරු ලිපි ලේඛකයෙකු වන අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “සතියේ ආර්ථික විමසුම”සංකල්පය ඉදිරිපත් කර දීර්ඝ කාලයක් එම වැඩසටහනට පවත්වාගෙන යාමට දායක වී ඇත.

මෙරට ගෘහස්ථ භාණ්ඩ  අලෙවියේ හා බෙදාහැරීමේ ප්‍රමුඛයින් වන සහ මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හි ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා (පීඑල්සී)  විසින්  අලෙවිකරණයේ දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයින් අගයයි. Singer Digital Awards 2017 ලෙස නම් කර තිබු මෙම උත්සව අවස්ථාව  සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි  අසෝක පීරිස්, Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්  සහ එම සමාගම්වල කළමණාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. Huawei නිෂ්පාදන අලෙවියේදී ඉහළ දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයින්  මෙම සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර විය.

තෝරාගත් සිංගර් අලෙවි නියෝජිතයින් සහ සිංගර් ඩිජිටල් මාධ්‍ය අලෙවි සේවාවල දක්ෂතා දැක්වූවන් ඇගයීම මෙහිදී සිදුවිය. දිවයින පුරා විහිදුනු 1200කට අධික පිරිසකගෙන් සමන්විත  දිවයිනේ පුළුල්තම  පුළුල් අලෙවි ජාලය සිංගර් ශ්‍රී ලංකා සතු වෙයි.  මෙම අලෙවි නියෝජිතයින් බලගැන්වීම සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින්  සිදුකරන අතර  Huawei සන්නාමයෙහි තිරසාර සාර්ථකත්වය එහි අරමුණයි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා පෙන්වා දුන්නේ  සිය ව්‍යාපාරික හවුල්කරුවන් හා එක්ව වෙළඳ ඉලක්ක වෙත හඹා යාමේදී දීප ව්‍යාප්ත  නියෝජිත ජාලය මහත් ශක්තියක් වන බවයි. පාරිභෝගිකයින් සමඟ කටයුතු කිරීම ඔවුන්ගේ සිතැඟියාවන් හඳුනා ගැනීම, සහ සෑම සන්නායමයකම නිෂ්පාදන අලෙවි කිරීම යනාදී කාර්යයන් මඟින් මෙම අලෙවි නියෝජිත ජාලය පුළුල් මෙහෙවරක් ඉටු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය. ඉදිරියේදී සිංගර් ඩිජිටල් මීඩියා අලෙවි ජාලය පුළුල් කිරීම තුළින් වෙළඳ පළ ඉලක්ක ජයගැනීමට අපේක්ෂා කරන බව අසෝක පීරිස් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර කීර්තියට පත්වූ, පාරිභෝගික විශ්වාසය දිනූ සන්නාම වලින් යුතු භාණ්ඩ රැසක් සිංගර් ශ්‍රී ලංකා මෙරට වෙළඳ පළට ඉදිරිපත් කරයි. Huawei සන්නාමය ‍මෙරටට හඳුන්වා දීමේදී  ඒ සඳහා මෙරට එකම සහ හොඳම සුදුස්සා වූයේ සිංගර් ශ්‍රී ලංකා සමාගමයි.ඉතා කෙටි කාලයක් තුළ මෙරට ජනතාවට සමීපතම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට Huaweiපත්වීම තුළින් සිංගර් ශ්‍රී ලංකා හි කුසලතාව මැනවින් ඉස්මතු වී පෙනෙයි. සිංගර් සහ Huawei අතර වෙළඳ සහයෝගිතාවට වසර 5ක් සම්පූර්ණ වීමෙන් පසු පැවැත්වෙන Digital Awards 2017සම්මාන උළෙලේදී  සිදුවූයේ  එම කාර්යය ඉටු කිරීමට දායක වූ අලෙවි නියෝජිතයින් ඇගයීමට ලක් කිරීමයි.

Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා අදහස් දක්වමින් සඳහන් කළේ  මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළට Huawei පිවිසුනු 2012සිට මේ දක්වා සිංගර් ශ්‍රී ලංකා ලබාදුන් සහයෝගය අති විශිෂ්ඨ බවයි.

සිංගර් සමාගම කෙරෙහි මෙරට පාරිභෝගිකයින් තැබූ විශ්වාසය සිය සන්නාමය මෙරට ප්‍රමුස්ථානයට ගෙන ඒමට සමත් වූ බව හෙතෙම කියා සිටියේය. Huawei මෙරට තුළ ඉතා කෙටි කාලයකින් දිගු ගමනක් පැමිණ ඇති බවත් එම කාර්යයට සහයෝගය දුන් සිංගර් හි අලෙවි නියෝජිත ජාලය වෙත තම ස්තුතිය පිරිනමන බවත් හෙතෙම කියා සිටියේය. 2017වසරේ අවසානය වනවිට Huawei මෙරට අංක 1ස්මාර්ට්ෆෝනය  බවට පත්කිරීමට මෙම බැඳීම ප්‍රබල ශක්තියක් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන ජාලය වන HUTCH සිය පාරිභෝගිකයින් වෙත දින 7පුරා පැය 24තිස්සේ ක්‍රියාත්මක රීලෝඩ් සේවාවක් හඳුන්වා දෙයි. සිය පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා හැටන් නැෂනල් බැංකුව හා එක්ව මෙම රී ලෝඩ් සේවාව ක්‍රියාත්මක වෙයි. මේ යටතේ  හැටන් නැෂනල් බැංකුවට (HNB) අයත් දිවයින පුරා විහිදී ඇති ATM, Cash Deposit Machines (CDM)සහ  Kiosk  යන්ත්‍ර ඔස්සේ මෙම රීලෝඩ් පහසුකම් ලබාගත හැකිවෙයි.

දිවයින පුරා පිහිටුවා ඇති 500කට අධික HNB ATM යන්ත්‍ර ඔස්සේ මෙම රී ලෝඩ් පහසුකම ලබාගත හැකි අතර HNB ගණුදෙනුකරුවන්ට පමණක් සීමා නොවී  HNB Cash Deposit Machines (CDM) සහKiosk  යන්ත්‍ර හරහා ඕනෑම පාරිභෝගිකයෙකුට මෙම පහසුකම ලබාගත හැකිවෙයි. තවද  HUTCH top up සහ බිල්පත් ගෙවීම්  ද  HNB online banking ඔස්සේ සිදු කළ හැකිය.  මෙම ස්වංක්‍රිය top up පහසුකම්  පැය 24පුරා  ක්‍රියාත්මක වන බැවින් රාත්‍රී කාලයේදී සහ සති අන්ත දිනවලදී පාරිභෝගිකයින්ට මහත් පහසුවකි.

HUTCH හා HNB එක්ව ගෙන එන මෙම නවතම සේවාව පිළිබඳව අදහස් දක්වමින් HUTCH ශ්‍රී ලංකා හි  ජ්‍යෙෂ්ට කළමණාකාර (බෙදාහැරීම්) මෙල්රෝයි තෝමස් මහතා සඳහන් කළේ  HUTCH නිරන්තරයෙන්ම සිය පාරිභෝගිකයින්ගේ, ජංගම දුරකථන අත්දැකීම් පුළුල් කිරීම සඳහා කටයුතු කරන බවයි.  සිය පාරි‍භෝගිකයින්ගේ කාර්ය බහුල ජීවන රටාව පහසු කරලීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දුන් බව ද හෙතෙම කියා සිටියේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ HNB  හි ඩිජිටල් බැංකුකරණ කළමණාකරු  චක්ෂික අමරවර්ධන සඳහන් කළේ  සාම්ප්‍රදායික රීලෝඩ් ක්‍රමවේද  භාවිතාව වැඩිවෙමින් තිබෙන අවධියක මෙම  පැය 24පුරා මෙන්ම දින 7පුරා  ක්‍රියාත්මක නව ක්‍රමවේදය පාරිභෝගිකයින්ට මහත් පහසුවක් වන බවයි. මෙරට ප්‍රමුඛතම  ATM ජාලයක් සහිත HNB හා එක්වීම තුළින් HUTCH සිය පාරිභෝගිකයින් වෙත  වඩා උසස් සේවාවක් තිළිණ කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. මෙරට ජාතික ගෙවීම් ජාලය වන LankaPay මෙහෙයවන ලංකා ක්ලියර් පුද්ගලික සමාගම   විසින් මෙහෙයවන ලද ‘Technnovation Awards 2017’  හිදී මෙරට හොඳම ATM ජාලය ලෙස HNB ATM ජාලය සම්මාන ලැබීය.

මෙම නවතම ස්වාව මෙරට අනිකුත් ප්‍රධාන බැංකු හා ඒකාබද්ධ වෙමින්  සිය පාරිභෝගිකයින් වෙත ගෙන ඒමට  HUTCH කටයුතු සූදානම් කරමින් සිටියි.

සෙලාන් බැංකුව සහ සමූහය 2017 ජුනි මස 30 වන දිනෙන් අවසන් වන මාස 06ක කාලය තුළ ඉතා ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. සෙලාන් සමූහය බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 2,310ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ මෙම කාල පරිච්ජේදයට සාපේක්ෂව 32ක වැඩි වීමක් බව බැංකුව පවසයි.

සෙලාන් බැංකුව 2017 ජුනි මස 30 වන දිනෙන් අවසන් වන මාස 6ක කාලයක් තුළදී පසුගිය වසරේ පළමු භාගයේ ලද රුපියල් මිලියන 1,755ක ප්‍රමාණය 2.87ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 1,805ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
බැංකුවේ වර්ෂයෙන් වර්ෂයට බදු ගෙවීමෙන් පසු ලාභයෙහි වර්ධන වේගය 21කට වඩා වැඩි වීමට හැකියාව ඇති නමුත් එසේ නොවීමට බලපෑ හේතුව වනුයේ වන්දි ගෙවීමේ විනිශ්චය සභාව සහ තවත් ඇප ලත් ණය හිමියකු විසින් වත්කම් ඈවර කිරීම මගින් නියමිත ගෙවීම් කිරීමේ ඇති ප්‍රමාදය නිසා අක්‍රිය වත්කම් බොල් ණය ලෙස කපාහැරීමට සිදුවීම බව බැංකුව සඳහන් කරයි.
2017 ජුනි මස 30 වනදා වනවිට බැංකුවේ ශුද්ධ ‍පොලී ආදායම රුපියල් මිලියන 6,147 සිට රුපියල් මිලියන 7,265 දක්වා 18.19ක ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර තෝරාගත් අත්තිකාරම් වැඩි වීම හා ඵලදායී මිල නියම කිරීමේ උපාය මාර්ගයන් මේ සඳහා ඉවහල් වී ඇත.

ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට  Ube Singapore Pte. Ltd  ආයතනය නියෝජනය කිරීම සඳහා නම් කළ අධ්‍යක්ෂවරයා ලෙස ජපන් ජාතික සුසුමු අන්දෝ මහතා පත්කර ඇති බව සමාගම පවසයි. මෑතකදී Ube Singapore Pte. Ltd විසින් ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සිය කොටස් හිමිකාරීත්වය 10කින් ඉහළ නැංවීමත් සමගම සිංගප්පූරු සමාගමේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ තනතුර හොබවන සුසුමු අන්දෝ මහතා ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂ මණ්ඩලයට නම් කර තිබේ.
ජපානයේ ක්යෝතෝ හි සුප්‍රසිද්ධ රිත්සුමෙකන් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධරයකු වන අන්දෝ මහතා 1997 දී  Ube Industries සමාගම් සමූහයට එක්ව ඇති අතර එහි සිමෙන්ති, ගොඩනැගිලි අමුද්‍රව්‍ය සහ සකස් කළ (Ready Mix) කොන්ක්‍රීට් යන අංශවල තනතුරු ගණනාවක් දරමින් සිය දායකත්වය ලබාදී ඇත.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී"ඞී.පී. කුමාරගේ මහතා විසි වසරක අභිමානවත් සේවාවකින් පසු පසුගියදා විශ‍්‍රාම ගත්තේය. පීපල්ස් ලීසිං සමාගමේ සාර්ථකත්වයට හා ප‍්‍රවර්ධනයට සේම සමස්ථ ලීසිං ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් අසමසම සේවයක් සිදු කළ කුමාරගේ මහතාගේ විශ‍්‍රාමගැනීම නිමිත්තෙන් සංවිධානය කළ සමුදීමේ උත්සව රැසක් පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ හා සෙසු කාර්යාලවලදී පසුගියදා උත්සවශී‍්‍රයෙන් පැවැත්විණ.

1995දී ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක ලෙසින් පීපල්ස් ලීසිං සමාගම අරඹන විට මෙරට මූල්‍ය සේවා සැපයීමේ වැඩි වෙළෙඳ කොටස හිමිවූයේ රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවලටය. නමුත් එයින් 6වසරකට පසු පීපල්ස් ලීසිං සමාගම මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන අතරින් ප‍්‍රමුඛ ස්ථානයට පත්කිරීමට හා අඛණ්ඩව 15වසරක් එම ස්ථානය රැකගනිමින් සාර්ථක ව්‍යාපාරයක් ලෙසින් පවත්වාගෙන යෑමට ඞී.පී. කුමාරගේ මහතා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනු ලැබීය. ඔහු 1997දී පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධිකාරී තනතුරට පත්ව විශ‍්‍රාම යනතුරුම එම තනතුරෙහි උපරිම කි‍්‍රයාකාරීත්වයක් පෙන්නුම් කළේය.

ඞී.පී. කුමාරගේ මහතාගේ සේවා කාලයෙහි සුවිශේෂත්වය වන්නේ ඔහු පීපල්ස් ලීසිං සමාගමේ උන්නතිය වෙනුවෙන් කළ කාර්යභාරයට අමතරව එහි සේවක ජීවිත ප‍්‍රවර්ධනය"සමස්ත ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනයට ලබාදුන් දායකත්වය"මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වයට උරදීම හා සමාජ සත්කාරක වැඩසටහන් මගින් මෙරට ජන ජීවිතය නගා සිටුවීමට කැපවීමයි. එම අංශවල සාර්ථකත්වයට ඔහු විසින් ගනු ලැබූ විශේෂිත හා අභියෝගාත්මක තීරණවල වැදගත්කම කැපී පෙනේ. උදාහරණයක් ලෙසින් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වර්ධන ලබාදීමේ සාමාන්‍ය පරිපාටියවන වාර්ෂික වැටුප් වර්ධක වෙනුවට"පීපල්ස් ලීසිං සමාගමේ සේවකයන්ට කි‍්‍රයාකාරීත්වය පදනම් වූ සංස්කෘතියක් එම සමාගමට හඳුන්වාදුන්නේ සෙසු රාජ්‍ය ආයතනවලට ආදර්ශයක් සපයමිනි. එම හඳුන්වාදීමෙන් පසු පීපල්ස් ලීසිං සමාගමේ සේවකයන් තුළ ඇති වූ දැඩි උනන්දුව"කැපවීම හා සියුම් තරගකාරීත්වයක් මගින් එම සමාගමේ සාර්ථකත්වය සහතික කෙරුණි. එමෙන්ම ඞී.පී. කුමාරගේ මහතා විසින් පීපල්ස් ලීසිං සමාගමට හඳුන්වාදුන් ව්‍යාපාරික ප‍්‍රතිපත්තිය වූයේ ලාභ ලැබීමට වඩා පාරිභෝගිකයාට සහන සළසමින් ඔහු සාර්ථකකත්වයට පත්කරමින් ව්‍යාපාරික ජයග‍්‍රහණ අත්පත් කරගැනීමයි. ඞී.පී. කුමාරගේ මහතා හඳුන්වාදුන් මෙම ව්‍යාපාරික ප‍්‍රතිපත්තිය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ක්ෂේත‍්‍රය ඇති වූ  කදිම පිබිදීමෙන් නව ව්‍යාපාරික ප‍්‍රජාවක් බිහිවීම සුවිශේෂී සිදුවීමකි. විශේෂයෙන්ම පීපල්ස් ලිසිං සමාගම මෙරට පෞද්ගලික බස්රථ හිමියන්ට විශේෂ ණය යොජනා ක‍්‍රම හඳුන්වාදීම මත මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ විශාල ප‍්‍රවර්ධනයක් ඇතිවිණ. කුමාරගේ මහතා සිදු කළ එම අභියෝගාත්මක වෙනස හේතුවෙන් වර්තමානයේ පවා පෞද්ගලික බස්හිමියන්ගේ පි‍්‍රයතම ලීසිං සමාගම වන්නේ පීපල්ස් ලීසිං සමාගමය.

පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙසින් සේවය කළ විසි වසරක කාලය පුරා සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන් නව මගකට යොමු කළ ඞී.පී. කුමාරගේ මහතා"ප‍්‍රමුඛ වශයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වැඩිදියුණු කිරීමට අමතරව"දිවයින පුරා ග‍්‍රාමීය පාසල් හා රෝහල් සංවර්ධනය හා පරිසරය සුරැකීමේ වැඩසටහන්වලට දායකත්වය ලබාදුන්නේ මෙරට ජනජීවිතය නගාසිටුවීමට කැපවෙමිනි. එයට අමතරව යුද සමයෙන් පසු උතුරෙහි පිබිදෙන ජනදිවියට සවියක් ලෙසින් කොඩිකාමම් දුම්රියපල හා මැදවච්චිය බස්නැවතුම්පල  පහසුකම් සහිතව මහජන බැංකුව සමඟඑක්ව අලූතෙන් ඉදිකිරීම සිදු කෙරුණි.

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2490

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1634

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 873

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1896

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5537

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3474

Please publish modules in offcanvas position.

Web Analytics