Coss Ear2
lakbima.lk
COSS Ear 1

තාරුණ්‍යට නව මගක් විවර කරන කොස් ලංකා ආයතනය විසින් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල දොරටු විවර නොවුනු සිසුන්ට චීනයේ නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපන අවස්ථා සමඟ රු .60,000 /= ක මාසික ශිෂ්‍යත්වාධාරයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ලංකාව තුල විශ්ව විද්‍යාල වරම් අහිමි වන සිසුන් බොහෝය. එවන් සිසුන්ට ඇතිවිකල්ප අවස්ථා ද අල්ප ය. එවන් දරුවන් ලංකාව තුළ පමණක් නොව තවත් බෝහෝ රට වල මෙම ගැටලුවට මුහුණ දී ඇත . එවැනි සිසුන් 250 ක් වෙත විවෘත ආරාධනයක් චීනය විසින් ඉදිරිපත් කරමින් විශ්ව විද්‍යාල 6ක් වෙතින් එම දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා ලබා දීමට කොස් ලංකා ආයතනයට අවස්ථාව දී තිබේ.

2018 සැප්තැම්බර් කාණ්ඩයට අදාල සිසුන් බදවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බැවින් උසස් පෙළ සඳහා ඉදිරිපත් වූ සිසුන්ට මේ සදහා අයදුම් කල හැකිය. සමාන්‍යයෙන් විදෙස් රටක උපාධියක් සදහා වසර 4ට රු. 40,000,00 පමණ වැය වීම සාමාන්‍යයි. නමුත් චීනයේ උපාධිය සදහා කොස් ලංකා ආයතනය හරහා අයදුම් කරන සිසුන්ට වැයවන්නෙ ඉන් 15% ක් පමණි.

සිසුන්ගේ ප්‍රතිඵල අනුව ඔවුන්ට මාසිකව රු.60,000/= ක ශිෂ්‍යත්වාධාරයක් ලබා ගැනීමට ද වරම් හිමි වේ. වසර පුරාවට නවාතැන් පහසුකම් ද විශ්ව විද්‍යාලය විසින් නොමිලේ ලබා දෙන අතර , අර්ධ කාලීන රැකියා අවස්ථා ද සිසුන්ට හිමි වේ. චීනය වැනි බලවත් රටක අධ්‍යාපන වරම් හිමි වීම ශ්‍රී ලාංකීය සිසුන් සැබවින්ම ලද භාග්‍යයකි.

ලොව පුරා උගතුන් බිහි කිරීමේ අරමුණින් චීනය විසින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතියට උර දීමට ලැබීම කොස් ලංකා පුද්ගලික සමාගම ලත් උදාර අවස්ථාවකි. උපාධි සඳහා වයස අවුරුදු 25 තෙක් සිසුන්ට අයදුම් කළ හැකි අතර උපාධීධාරින් සඳහා වයස අවුරුදු 40 තෙක් ඉදිරි අධ්‍යාපනය සඳහා යොමු විය හැකිය.

තවත් ප්‍රමාද නොවී මෙම අවස්ථාවට සම්බන්ධ වන ප්‍රථම සිසුන් 100 වෙත නොමිලේ ගුවන් ටිකට් පත, වෛද්‍ය පරීක්ෂණය, ගුවන් තොටුපල සිට ප්‍රවාහනය සහ රක්ෂණයක් ලබා දීමට කොස් ලංකා සමාගම තීරණය කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මෙම අවස්ථාව මග නොහැරීම කාලෝචිත ය.



දැන්ම අමතන්න 0770 678 678

මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම හෙවත් ඩීමෝ මෝටර් වාහන කාර්මික තාක්ෂණය පිළිබඳව තුන් වසරක ජර්මානු සහතික ලත් පාඨමාලාවක් අරඹයි. ජර්මානු වාණිජ මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම පාඨමාලාව වසර 3ක් පුරා පැවැත්වෙන අතර  මෙවැනි පාඨමාලාවක් මෙරට දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. 

රථවාහන කාර්මික තාක්ෂණය යනු  වත්මන් රථවාහන වලට ගැලපෙන ආකාරයේ  මෝටර් වාහනවල කාර්මික,විදුලි හා ඉලෙක්ට්‍රොනික  මෙන්ම තොරතුරු තාක්ෂණය යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන විෂයයකි. ජර්මනියේ ක්‍රියාත්මක  ද්වි වෘත්තීය පුහුණු අවස්ථාව හා සමාන මෙම පාඨමාලාව  ප්‍රායෝගික පුහුණුව සමඟ පැවැත්වෙන පාඨමාලාවකි. මෙම  වෘත්තීය පුහුණු  පාඨමාලාව සම්පූර්ණ කිරීමේදී දැනුමට අමතරව සිසුවාගේ ප්‍රායෝගික කුසලතා ද දියුණු කර ගැනීමට අවස්ථාව හිමිවීම   මෙහි ඇති විශේෂත්වයකි.   ක්ෂේත්‍රයට අවශ්‍ය ශ්‍රම බලකාය  සොයා ගැනීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් ලෙස මෙම ක්‍රමය හැදින්විය හැකි ය. යූරෝපා සංගමයේ රටවල් අතුරින් අවම රැකියා විරහිත තරුණ ප්‍රතිශතය ජර්මනියෙන් වාර්තා වීම  මෙම ක්‍රමයේ සාර්ථකත්වයට ඇති හොඳම සාක්ෂියයි. තව ද එරට හි ඇති සාර්ථක වෘත්තීය පුහුණු වැඩපිලිවෙල නිසා තාක්ෂණයෙන් උසස්තම නිෂ්පාදන බිහිකිරීමටත් ඒවා කෙරෙහි    ලොව පුරා ඉහළ පිළිගැනීමක් හිමිකර ගැනීමටත් සමත් වී තිබේ. මේ හේතුවෙන් ජර්මනියේ වෘත්තීය පුහුණුව ලැබූවෙකුට ජාත්‍යන්තර වශයෙන් මෙන්ම යුරෝපා සංගමය තුළ   ඉහළ පිළිගැනීමක් පවතී.

තාක්ෂණික කුසලතා පිළිබඳ ඩීමෝ ඇකඩමිය හෙවත්  DATS හිදී මෙම පාඨමාලා පැවැත්වෙන  අතර ජර්මානු වාණිජ මණ්ඩලය විසින් සහතික කරනු ලබන විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පාඨමාලා මෙහෙයවනු ලබයි. තාක්ෂණික කුසලතා පිළිබඳ ඩීමෝ ඇකඩමිය Daimler AG හි  පූර්ණ අධීක්ෂණය යටතේ වර්ෂ 1990 දී පිහිටුවනු ලැබූව කි. එමෙන්ම  වසර 2015 සිට රථවාහන කාර්මික තාක්ෂණය පිළිබඳ පාඨමාලා පවත්වන මෙරට එකම  ප්‍රථම ආයතනය වන්නේද එම ඇකඩමිය යි.  මෙහිදී අභ්‍යාසලාභීන් වෙත රැකියා අඉලක්ක කරගත් පුහුණුවක් ලබාදෙන අතර Mercedes - Benz, ටාටා, Bosch ආදී සන්නාම වල උසස්තම නිෂ්පාදන මෙන්ම ඉදිකිරීම් යන්ත්‍ර පිළිබඳ හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවෙයි. ජර්මානු සැලැස්මකට අනුව මෙම පාඨමාලා පැවැත්වෙන  බැවින් උසස් අධ්‍යාපන මට්ටමේ පිළිගැනීමෙක් මෙම පාඨමාලාව සඳහා හිමිවෙයි. මෙම සහතිකපත් ලාභීන්ට විශ්ව විද්‍යාලයක ඉංජිනේරු උපාධියක් දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමට හෝ  ජර්මනියේ උසස් වෘත්තීය පාසැලක අධ්‍යාපනය හදාරා සහතික ලත් ඉංජිනේරුවෙකු වීමේ අවස්ථාව පවතී. 

මෙම පාඨමාලා ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ ගතවූ වසර කිහිපය තුළදී මෙරට රථවාහන ක්ෂේත්‍රය සංකීර්ණත්වයට පත්ව ඇති බවයි. ඊට සමගාමීව තාක්ෂණික ශිල්පීන්ගේ අවශ්‍යතාවක් ද මතුව ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. දිනෙන් දින මෝටර් වාහන තාක්ෂණය දියුණුවට පත්වන  බැවින් ඊට සරිලන ආකාරයේ කාර්මික තාක්ෂණික ශිල්පීන් සඳහා ලොව පුරා අධි ඉල්ලුමක් හටගෙන ඇති බව ද ඒ මහතා පැවසීය. ඒ සඳහා විසඳුමක් ලෙස ඩීමෝ විසින් නියාමක ව්‍යාපෘතියක් ලෙස මෙම  මෝටර් වාහන කාර්මික තාක්ෂණික පාඨමාලාව ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළේය. එහිදී රංජිත් පණ්ඩිතගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෝටර් රථවාහන ක්ෂේත්‍රය පිළිබඳව උන්නදු වන සහ අභියෝග ජය ගැනීමට කැමැත්තක් දක්වන සීමිත තරුණ තරුණියන් පිරිසකට සෑම වසරකම උදාවන  අගනා අවස්ථාවක් ලෙස මෙම පුහුණු පාඨමාලාව  හැඳින්විය හැකි බවයි. එමඟින් කුසලතා හා දක්ෂතා පිරි තරුණ තරුණියන් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් බවට පත් කිරීම සිය අරමුණ බවද පණ්ඩිතගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.  මෙම ජර්මානු සහතික ලත් පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසුව ජාත්‍යන්තර ප්‍රමුඛ සමාගම් හා එක්වීමට එම තරුණ තරුණියන්ට අවස්ථාව හිමිවන බැවින් එතුළින් නව නිපැයුම්කරුවන් සහ ව්‍යවසායකයින් දක්වා වර්ධනය වීමට මෙම තරුණ තරුණියන්ට අවස්ථාව හිමිවන බව ඒ මහතාගේ අදහස යි. ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා හිතකර සේවා ස්ථානයක් ලෙස සම්මාන දිනූ ඩීමෝ හිදී මෙම තරුණ තරුණියන්ගේ දක්ෂතා මැනවින් හඳුනා ගනිමින් ඒ සඳහා ඉහළම අවස්ථාවන් උදා කර දෙන බව යළි සිහිපත් කර දිය යුතු කරුණක් නොවන  බව ද හෙතෙම පැවසීය.

ගතවූ දශක අට තුළ ජර්මානු කර්මාන්ත හා මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යමින්  ඩීමෝ විසින්  ලොව හොඳම තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන රැසක්  මෙරට ජනතාවට තිළිණ කර තිබේ. Mercedes - Benz, Bosch, MTU  සහ Siemens වැනි ලොව ප්‍රමුඛ සන්නාම 80 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින්  මෙරට ජනතාවට ලොව උසස්තම තාක්ෂණය හඳුන්වා දීමට ඩීමෝ කටයුතු කර තිබේ. මීට අමතරව හෙටට ගැලපෙන තාක්ෂණික ශිල්පීන් බිහිකිරීමේ කාර්යයට ද ඩීමෝ උරදී තිබේ. රථවාහන ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයා වශයෙන් මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට ද  ඩීමෝ කැපවී  කටයුතු කරයි.

 

නව පාඨමාලාව පිළිබඳ වැඩිදුර  විස්තර සඳහා dats@dimolanka.com

Asia Property Awards හිදී සිය සාර්ථකත්වය  සමරමින්  හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් සිය නවතම නිවාස ව්‍යාපෘති දෙක දියත් කරයි. අතුරුගිරියේ ඉදිවන ආරියානා රෙසෝර්ට් එපාර්ට්මන්ට් සහ මාලඹේ  ඉදිවන ස්පාර්ක්ලස් ස්කයිලයින් රෙසිඩෙන්සීස්  මෙලෙස ඉදිවන නවතම ව්‍යාපෘති දෙක වන අතර මේ යටතේ නව නිවාස ඒකක 423ක් ඉදිකිරීමට නියමිතය. මෙම නිවාස ව්‍යාපෘති දෙක දියත් කිරීම සම්භාව්‍නීය අමුත්තන් පිරිසක් ඉදිරියේදී  ව්‍යාපෘති කණ්ඩායම් සහ සමාගමේ සාර්කත්වයට කැප වූ සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.

වර්තමානය වන විට කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශ වල අඩු වියදම් නවීන නිවාස සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතී. නමුත්  කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින ඉහල ඉඩම් මිල නිසා බොහෝ දෙනෙකුට සිය නිවාස සිහිනය සැබෑ කරගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ නිසා ඉඩමක් මිලදී ගෙන නිවාසයක් ඉදිකිරීමට යන වියදම අවම කරමින් නිවාස සිහිනය සැබෑ කර ගැනීම සඳහා කදිම අවස්ථාවක් ලෙස මෙම නිවාස ව්‍යාපෘති හදුන්වා දිය හැකිය.

අතුරුගිරියේ පිහිටා ඇති ආරියානා රෙසෝර්ට් එපාර්ට්මන්ට්ස්   අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම ඇතුළු සියලු නාගරික පහසුකම් වලට සමීපව පිහිටා ඇති අතර ජීවත් වීමට සුදුසු නිසංසල වටපිටාවක පිහිටා තිබේ. අති සාර්ථකව හෝටලයක් පවත්වාගෙන ගිය පරිශ්‍රයක ඉදිවන මෙම නිවාස සංකීර්ණය සියලු සුපිරි පහසුකම් වලින් පරීපූර්ණව ඉදිකෙරෙන්නකි.  කාය වර්ධන මධ්‍යස්ථානයක්, ව්‍යායාම් පථයක්, පිහිනුම් තටාකයක්, භාවනා කිරීම සඳහා ස්ථානයක්, ටෙනිස් පිටියක්, බාස්කට් බෝල් පිටියක්, පුස්තකාලයක්, පොත් කියවීම සඳහා ස්ථාන, හදිසි ගිලන් රථ සේවා, ළමා ක්‍රීඩා පහසුකම්, අවන්හල්, පබ්, සුපර්මාකට් ආදී වශයෙන් 50කට අධික අතිරේක පහසුකම් රැසකින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සියලු පරම්පරාවල අවශ්‍යතා වලට සරිලන ආකාරයෙන් ඉදිකර ඇත.   නිවාඩු නිකේතනයක සහ හෝටලයක ඇති පහසුකම් වලින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ ගතකරන සෑම දිනයක්ම පවුලේ අය  සමඟ  විවේකී දිනයක හෝ  නිවාඩුවක සතුට අත්විදිය හැකි වෙයි.

මාලඹේ නිසංසල පරිසරයක ඉදිවන ස්පාක්ලස් හෝම්ලෑන්ඩ්ස් ස්කයිලයින්  නිවාස සංකීර්ණය  පාසැල්, බැංකු, රෝහල්, සුපර්මාකට්, සහ අවන්හල් ආදී  එදිනෙදා  අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය සාධක සියල්ලටම සමීපයෙන් පිහිටා තිබෙන නිසා දෛනික ජීවිතය පහසු කරවන අනිත් නිවාස ව්‍යෘපෘතියයි.  මෙම නිවාස ව්‍යාපෘතිය Glint,Shimmer, Sapphire  සහ  Ruby යනුවෙන් ආකාර 4කින් යුත් නිවාස වලින් සමන්විත වෙයි.  මේ අතුරින් පුද්ගල  අවශ්‍යතාවට ගැලපෙන ආකාරයේ නිවාසයක් තෝරාගැනීමේ නිදහස පාරිභෝගිකයින් වෙත මෙහිදී හිමිවෙයි. පෞද්ගලිකත්වය ඉහළින්ම ආරක්ෂාකෙරෙන වටපිටාවකින් යුතු වැදගත් අසල්වැසියන් පිරිසක් සමඟ ජීවිතය ගතකරන්න මෙම නිවාස සංකීර්ණය කදිම ස්ථානයකි.පිටත වටරවුම් පාර,අධ්‍යාපන ආයතන, රෝහල්, රජයේ කාර්යාල හා ළඟදී ඉදිවන මොනෝ රේල්  ආදී සියලු පහසුකම් වලට සමීපව ඉදිවන මෙම නිවාස සංකීර්ණය ජීවිතයේ සතුට නොඅඩුව අත්විඳිය හැකි තෝතැන්නකි.

ළඟදීම මෙම නිවාස ව්‍යාපෘති දෙක  ඉදිවීමට නියමිත අතර ජීවිතයේ මඟ නොහැරිය යුතු අවස්ථාවන් ලෙස මෙම නිවාස සංකීර්ණ හඳුන්වා දිය හැකිය.

දේශීය හඳුන්කූරු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් වන තායි සුමේධා එන්ටප‍්‍රයිසස් සිය ‘‘ලංකා සුමේධා’’ හඳුන්කූරු වෙළෙඳ නාමය යටතේ මදුරුවන් පලවා හැරීමේ හැකියාවෙන් යුත් නවතම හඳුන්කූරු වර්ගයක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. පැඟිරි, සේර සහ කුරුඳු යන ස්වභාවික ශාක සාරයන් මිශ‍්‍ර පැඟිරි සුවඳැති හඳුන්කූරු ලෙස මෙය පාරිභෝගිකයන් අතට පත්වෙයි. කෘත‍්‍රිම රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන, ඉහළ ප‍්‍රමිතියකින් යුත් නිෂ්පාදනයක් වන මෙය ඩෙංගු උවදුරට කදිම පිළියමක් බව ආයතනය පවසයි.
වසර 30 කට ආසන්න කාලයක් පුරා ඉතා ඉහළ ප‍්‍රමිතියෙන් සහ අනර්ඝ නිමාවකින් යුත් හඳුන්කූරු නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් විශ්වසනීය නාමයක් දිනා සිටින තායි සුමේධා ආයතනය නියමිත මාත‍්‍රාවන්ට අනුව ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිත කර මෙම හඳුන්කූරු නිෂ්පාදනය කරන බැවින් එය කුඩා දරුවන්ට වුවද අහිතකර නොවන සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදනයකි. මෙම හඳුන්කූරක් මිනිත්තු 90 ක පමණ කාලයක් පුරා දැල්වී පවතියි.
‘‘උසස් ප‍්‍රමිතියෙන් යුත් හඳුන්කූරු වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් දේශීය හඳුන්කූරු නිෂ්පාදන කර්මාන්තයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කළ අප ආයතනයේ තවත් අනර්ඝ නිෂ්පාදනයක් ලෙස මදුරුවන් පලවා හරින සෞම්‍ය හඳුන්කූරු හඳුන්වාදිය හැකියි. මේ වන විට වෙළෙඳ පොළේ මදුරු නාශක කොතෙකුත් තිබුණද එ්වා නිෂ්පාදනය සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය ආදිය යොදාගන්නා බැවින් එවැනි නිෂ්පාදන භාවිතය විවිධ ලෙඩ රෝගවලට පවා හේතුවෙනවා. නමුත් ලංකා සුමේධා හඳුන්කූරුවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර ඇති බැවින් එවැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ නොදී ඉතා පහසුවෙන් මදුරු උවදුරෙන් මිදීමට හැකියාව ලැබෙනවා’’ යනුවෙන් තායි සුමේධා එන්ටප‍්‍රයිසස් අධිපති සුමේධ ඇල්පිටිය මහතා පැවැසීය.  ඕනෑම ස්ථානයක රැඳී සිටින මදුරුවන් පලවා හරින පැඟිරි මිශ‍්‍ර සුවඳ ධූපයක්ද ළඟදීම වෙළෙඳ පොළට හඳුන්වා දීමට ආයතනය සූදානමින් සිටී.
ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත හඳුන්කූරු කිසිදු ප‍්‍රමිතියකට නොතිබුණු වකවානුවක 1990 වසරේ සිට නව ප‍්‍රමිතියකට සහ උසස් නිමාවකට මෙරට හඳුන්කූරු රැගෙන ආ තායි සුමේධා ආයතනය මේ වන විට විදෙස් වෙළෙඳ පොළද ජයගැනීමට සමත්ව සිටී.
ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, යුරෝපීය සහ අප‍්‍රිකානු රටවල් ඇතුළු ලොව පුරා රටවල් රැුසකට ලංකා සුමේධා හඳුන්කූරු මේ වන විට අපනයනය කරනු ලබයි. දිරියෙන් නැගී සිටීමට වෙර දරන ලාංකිකයන්ගේ ශ‍්‍රමයෙන් නිපදවෙන ලංකා සුමේධා හඳුන්කූරු මෙරට මුදල් රට තුළම ඉතිරි කර දෙන දේශීය නිෂ්පාදනයකි. තායි සුමේධා ආයතනය මේ වන විට හඳුන්කූරු, සුවඳ ධූප ඇතුළු විවිධ මාදිලියේ නිෂ්පාදන 24 ක් වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති අතර පැය 4, 12, 36 ආදී විවිධ කාලසීමාවන් පුරා දැල්වෙන හඳුන්කූරු, වැටකෙයියා මල් සුවඳ විහිදෙන හඳුන්කූරු, කපුරු මිශ‍්‍ර පහන් තිර ආදියද මෙම නිෂ්පාදන පෙළට ඇතුළත් වේ. මෙරට ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාම රැසක් යටතේද ලංකා සුමේධා හඳුන්කූරු වෙළෙඳ පොළට පිවිසෙයි. ජාත්‍යන්තර ප‍්‍රදර්ශන වෙත ශ‍්‍රී ලංකාවේ හඳුන්කූරු රැුගෙන ගිය මෙරට ප‍්‍රථම සහ එකම ආයතනය වනුයේද තායි සුමේධා ආයතනයයි.
 

2018 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ. අයවැය යෝජනා ඉදිරිපත් වන තෙක් වාහනයක් මිලදී ගැනීමේ සිහිනය කල් දැමූ බොහෝදෙනා මේ දිනවල වාහන මිලදී ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වති. මේ අතර, රථ වාහන වෙළෙඳ‍පොළේ ඇතිවී තිබෙන තරගකාරිත්වය හේතුවෙන් වාහන අලෙවියේදී නොයෙක් වංචනික ක්‍රියාවන්ද සිදුවන බව මේ දිනවල පාරිභෝගිකයන් වෙතින් නැගෙන පැමිණිල්ලකි. වාහන අලෙවියේදී සිදුවන බව පැවැසෙන එබඳු වංචනික කටයුතුවලින් ආරක්ෂාවීම සඳහා පාරිභෝගිකයන්ට ගත හැකි ක්‍රියාමාර්ග ගැන මෙන්ම, අයවැයෙන් පසුව රථවාහන ක්ෂේත්‍රයේ සිදුවී තිබෙන වෙනස්වීම්ද ඇතුළුව මෙරට රථවාහන කර්මාන්තයේ වත්මන් ස්වරූපය ගැන කතාබහ කිරීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මෙලෙස සංවාදයට එක්විය.
ත පාරිභෝගිකයන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. නමුත් එවැනි වියදමක් දරා වාහනයක් මිලදී ගැනීමේදී ඇතැම්විට ඔවුන්ට විවිධ වංචනික කටයුතුවලට හසුවී පාඩු විඳීමට සිදුවන අවස්ථා තිබෙනවා. වර්තමානයේ රථ වාහන ක්ෂේත්‍රයේ සුලබව දකින්නට ලැබෙන ගැටලුවක් වන මෙය ඔබ සංගමය හඳුනාගෙන තිබෙන්නේ මොන විදිහටද?
ඔය කියන විදියේ වංචනික කටයුතු පසුගිය කාලයේ අප සංගමයටත් රට පුරා විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් වාර්තා වුණා. ප්‍රධාන වශයෙන් මෙවැනි සිදුවීම් නිසා පාරිභෝගිකයන්ට  පාඩු විඳීමට සිදුවෙනවා. අනෙක් අතට වංචාකාර නොවන වාහන වෙළෙඳුන්ටත් විශාල අපහසුතාවයන්ට මුහුණදීමට සිදු වෙනවා. අද වෙද්දී සුලබව දැකගත  හැකි දෙයක් තමයි, වැගන් ආර් වැනි ජනප්‍රිය වාහන වබේ අඩවි සහ පුවත්පත් දැන්වීම් හරහා සාමාන්‍යයෙන් වෙළෙඳ‍පොළේ පවතින මිලටත් අඩුවෙන් විකුණන්නට දමා තිබිම මෙය වංචනිකයන් විසින්ම ලබාදෙන ප්‍රචාරයක් අලෙවියක් සහිත වාහනයක් පවතින මිලට අඩුවෙන් පාඩු විඳින්න වාහන වෙළෙඳුන් කැමති නැහැ. මෙහිදී බොහෝවිට සිදුවන්නේ විවිධ වංචනික පුද්ගලයන් මුලින් තමන්ට සිදුවන පාඩුව දරාගෙන වාහන තුන හතරක් අඩු මිලට අලෙවි කරලා එයින් ගොඩ නැගෙන විශ්වාසය මත පාරිභෝගික පිරිසක් එක්රැස් කරගෙන ඔවුන් රවටා වාහන සඳහා අත්තිකාරම් මුදල් රැගෙන පලායාමයි.
තවත් සමහරු වාහන ගෙන්වාදීමේ ‍පොරොන්දුව මත අත්තිකාරම් මුදල් ලබාගෙන, වාහන වරායට ගෙන්වූ පසු විවිධාකාර බොරු හේතුන් කියලා ‍පොරොන්දු වූ මුදලටත් වඩා වැඩි මුදලක් පාරිභෝගිකයන්ගෙන් ලබා ගන්නවා. අවසානයේ වෙළෙ½ද‍පොළේ සාමාන්‍ය මිලටත් වඩා වැඩි මුදලකට තමයි පාරිභෝගිකයාට වාහනය ලැබෙන්නේ. ඒ වගේම අතරමැදියන් ලෙස පෙනී සිටිමින් වාහන අලෙවියට එක්වන පුද්ගලයන් නිසා පාරිභෝගිකයාත්, වාහන වෙළෙන්දාත් යන දෙකොට්ඨාසයම අපහසුතාවයට පත්වෙනවා.
ත මෙවැනි වංචනික ක්‍රියාවලින් ආරක්ෂා වීම සඳහා විකල්පයක් හඳුන්වාදීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තවමත් මැදිහත් වී නැද්ද? මෙවැනි වාතාවරණයක් මත පාරිභෝගිකයෙක් කොහොමද විශ්වාසයෙන් යුතුව වාහනයක් මිලදී ගන්නේ?
වංචනික පුද්ගලයන්ට නොරැවටීම සඳහා පාරිභෝගිකයන්ට සපයනු ලබන සේවාවක් ලෙස සහ මෙවැනි සිදුවීම් නිසා වාහන ආනයනකරුවන් පත්වන අපහසුතාවයෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා මේ වනවිට අප සංගමයේ අපගේ සාමාජිකයන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒ තමයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ට අයත් රථ වාහන ප්‍රදර්ශනාගාරවල සංගමයේ ලාංඡනයද සහිතව නිර්දේශිත පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීම සාමාජික අංකයද සමග ප්‍රදර්ශනය කෙරෙන මෙම පුවරුව මගින් පාරිභෝගිකයන්ට එම රථ වාහන ප්‍රදර්ශනාගාරය ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් සහතික කරන ලද ආයතනයක් බව සැකහැර දැනගත හැකි බැවින් තමන් රැවටීමකට ලක්නොවන බවට වන විශ්වාසනීයත්වයෙන් යුතුව වාහන මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නිත්‍ය සාමාජිකයකු වන මෙන්ම සංගමයට එරෙහි කිසිදු අයථා කටයුත්තකට සම්බන්ධ නොවූ අයට පමණයි මෙම හඳුනාගැනීමේ පුවරුව භාවිතා කිරීමේ අවසරය සංගමය ලබාදෙන්නේ.
ත මෙම ක්‍රමවේදය මේ වනවිට රට පුරා සිටින, සංගමයේ සියලු සාමාජිකයන් වෙත හඳුන්වාදී තිබෙනවාද?
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර ලෙස මුලින්ම ඉල්ලුම් කළ සාමාජිකයන් 25 දෙනකුට මෙම පුවරු ලබාදී තිබෙනවා. ඉල්ලුම් කරන පරිදි ඉදිරි කාලයේදී අනෙකුත් සාමාජිකයන්ටත් එය ලබාදීමට කටයුතු සකස් කරලයි තිබෙන්නේ. පුවරුව නොමැති ප්‍රදර්ශනාගාරවලින් වුවත්, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයකු බවට වන සහතිකය පරික්ෂා කිරීමෙන් පාරිභෝගිකයන්ට විශ්වාසයකින් යුතුව වාහනයක් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම යම් හෙයකින් ඉදිරියේදී සංගමයේ සාමාජිකයකුගෙන් හෝ වාහන අලෙවියේදී යම් අකටයුත්තක්, පාරිභෝගිකයකුට සිදුවුවහොත් සංගමය එම ගැටලුවට මැදිහත් වී අවශ්‍ය වුවහොත් අදාළ වාහන ආනයනකරුවාගේ සාමාජිකත්වය අහෝසි කිරීමට පවා අප සංගමය මේ වනවිට තීරණය අරගෙනයි තියෙන්නේ.
ත හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. මේ වනවිට එයින් රථ වාහන ක්ෂේත්‍රයට යම් ප්‍රගතියක් අත්ව තිබෙනවාද?
මුදල් අමාත්‍යවරයා හයිබ්‍රිඩ් වාහන සඳහා ලබාගත හැකි ලීසිං ප්‍රමාණය 50 සිට 70 දක්වාත්, ඉලෙක්ට්‍රික් වාහන සඳහා 90 දක්වාත් වැඩි කළා. නමුත් මේවනවිට අයවැයෙන් මාස 2කට වැඩි කාලයක් ගතවී තිබුණත් ඒ සහනය තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඊට හේතුව තමයි එම තීන්දුව එකම තැනකින් ක්‍රියාත්මක නොවීම. මුදල් අමාත්‍යාංශය යටතේ පැවැතිය යුතු මහ බැංකුව, භාණ්ඩාගාරය සහ ප්‍රතිපත්ති සැලසුම් යන අංශ වෙන වෙනම වෙන් කිරීමෙන් ආණ්ඩුව විශාල වරදක් කරගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් මහ බැංකුවට දැනුම්දීම සහ මහ බැංකුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව තමයි ලීසිං සහනය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට එක තීන්දුවක් ක්‍රියාත්මක වීම සඳහා තැන් කිහිපයකට යාමට සිදුවීම නිසා මතුව තිබෙන අකාර්යක්ෂමතාවය තමයි මේ ප්‍රමාදයට හේතුව.

කිෂාන් කනංකෙ

Page 1 of 10

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 418

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 774

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 691

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 558

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5187

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3424

Please publish modules in offcanvas position.