Coss Ear2
lakbima.lk
COSS Ear 1

වාහන වංචාවලට වැට බඳින්න අලුත් වැඩක්

2018 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ. අයවැය යෝජනා ඉදිරිපත් වන තෙක් වාහනයක් මිලදී ගැනීමේ සිහිනය කල් දැමූ බොහෝදෙනා මේ දිනවල වාහන මිලදී ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වති. මේ අතර, රථ වාහන වෙළෙඳ‍පොළේ ඇතිවී තිබෙන තරගකාරිත්වය හේතුවෙන් වාහන අලෙවියේදී නොයෙක් වංචනික ක්‍රියාවන්ද සිදුවන බව මේ දිනවල පාරිභෝගිකයන් වෙතින් නැගෙන පැමිණිල්ලකි. වාහන අලෙවියේදී සිදුවන බව පැවැසෙන එබඳු වංචනික කටයුතුවලින් ආරක්ෂාවීම සඳහා පාරිභෝගිකයන්ට ගත හැකි ක්‍රියාමාර්ග ගැන මෙන්ම, අයවැයෙන් පසුව රථවාහන ක්ෂේත්‍රයේ සිදුවී තිබෙන වෙනස්වීම්ද ඇතුළුව මෙරට රථවාහන කර්මාන්තයේ වත්මන් ස්වරූපය ගැන කතාබහ කිරීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මෙලෙස සංවාදයට එක්විය.
ත පාරිභෝගිකයන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. නමුත් එවැනි වියදමක් දරා වාහනයක් මිලදී ගැනීමේදී ඇතැම්විට ඔවුන්ට විවිධ වංචනික කටයුතුවලට හසුවී පාඩු විඳීමට සිදුවන අවස්ථා තිබෙනවා. වර්තමානයේ රථ වාහන ක්ෂේත්‍රයේ සුලබව දකින්නට ලැබෙන ගැටලුවක් වන මෙය ඔබ සංගමය හඳුනාගෙන තිබෙන්නේ මොන විදිහටද?
ඔය කියන විදියේ වංචනික කටයුතු පසුගිය කාලයේ අප සංගමයටත් රට පුරා විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් වාර්තා වුණා. ප්‍රධාන වශයෙන් මෙවැනි සිදුවීම් නිසා පාරිභෝගිකයන්ට  පාඩු විඳීමට සිදුවෙනවා. අනෙක් අතට වංචාකාර නොවන වාහන වෙළෙඳුන්ටත් විශාල අපහසුතාවයන්ට මුහුණදීමට සිදු වෙනවා. අද වෙද්දී සුලබව දැකගත  හැකි දෙයක් තමයි, වැගන් ආර් වැනි ජනප්‍රිය වාහන වබේ අඩවි සහ පුවත්පත් දැන්වීම් හරහා සාමාන්‍යයෙන් වෙළෙඳ‍පොළේ පවතින මිලටත් අඩුවෙන් විකුණන්නට දමා තිබිම මෙය වංචනිකයන් විසින්ම ලබාදෙන ප්‍රචාරයක් අලෙවියක් සහිත වාහනයක් පවතින මිලට අඩුවෙන් පාඩු විඳින්න වාහන වෙළෙඳුන් කැමති නැහැ. මෙහිදී බොහෝවිට සිදුවන්නේ විවිධ වංචනික පුද්ගලයන් මුලින් තමන්ට සිදුවන පාඩුව දරාගෙන වාහන තුන හතරක් අඩු මිලට අලෙවි කරලා එයින් ගොඩ නැගෙන විශ්වාසය මත පාරිභෝගික පිරිසක් එක්රැස් කරගෙන ඔවුන් රවටා වාහන සඳහා අත්තිකාරම් මුදල් රැගෙන පලායාමයි.
තවත් සමහරු වාහන ගෙන්වාදීමේ ‍පොරොන්දුව මත අත්තිකාරම් මුදල් ලබාගෙන, වාහන වරායට ගෙන්වූ පසු විවිධාකාර බොරු හේතුන් කියලා ‍පොරොන්දු වූ මුදලටත් වඩා වැඩි මුදලක් පාරිභෝගිකයන්ගෙන් ලබා ගන්නවා. අවසානයේ වෙළෙ½ද‍පොළේ සාමාන්‍ය මිලටත් වඩා වැඩි මුදලකට තමයි පාරිභෝගිකයාට වාහනය ලැබෙන්නේ. ඒ වගේම අතරමැදියන් ලෙස පෙනී සිටිමින් වාහන අලෙවියට එක්වන පුද්ගලයන් නිසා පාරිභෝගිකයාත්, වාහන වෙළෙන්දාත් යන දෙකොට්ඨාසයම අපහසුතාවයට පත්වෙනවා.
ත මෙවැනි වංචනික ක්‍රියාවලින් ආරක්ෂා වීම සඳහා විකල්පයක් හඳුන්වාදීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තවමත් මැදිහත් වී නැද්ද? මෙවැනි වාතාවරණයක් මත පාරිභෝගිකයෙක් කොහොමද විශ්වාසයෙන් යුතුව වාහනයක් මිලදී ගන්නේ?
වංචනික පුද්ගලයන්ට නොරැවටීම සඳහා පාරිභෝගිකයන්ට සපයනු ලබන සේවාවක් ලෙස සහ මෙවැනි සිදුවීම් නිසා වාහන ආනයනකරුවන් පත්වන අපහසුතාවයෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා මේ වනවිට අප සංගමයේ අපගේ සාමාජිකයන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒ තමයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ට අයත් රථ වාහන ප්‍රදර්ශනාගාරවල සංගමයේ ලාංඡනයද සහිතව නිර්දේශිත පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීම සාමාජික අංකයද සමග ප්‍රදර්ශනය කෙරෙන මෙම පුවරුව මගින් පාරිභෝගිකයන්ට එම රථ වාහන ප්‍රදර්ශනාගාරය ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් සහතික කරන ලද ආයතනයක් බව සැකහැර දැනගත හැකි බැවින් තමන් රැවටීමකට ලක්නොවන බවට වන විශ්වාසනීයත්වයෙන් යුතුව වාහන මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නිත්‍ය සාමාජිකයකු වන මෙන්ම සංගමයට එරෙහි කිසිදු අයථා කටයුත්තකට සම්බන්ධ නොවූ අයට පමණයි මෙම හඳුනාගැනීමේ පුවරුව භාවිතා කිරීමේ අවසරය සංගමය ලබාදෙන්නේ.
ත මෙම ක්‍රමවේදය මේ වනවිට රට පුරා සිටින, සංගමයේ සියලු සාමාජිකයන් වෙත හඳුන්වාදී තිබෙනවාද?
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර ලෙස මුලින්ම ඉල්ලුම් කළ සාමාජිකයන් 25 දෙනකුට මෙම පුවරු ලබාදී තිබෙනවා. ඉල්ලුම් කරන පරිදි ඉදිරි කාලයේදී අනෙකුත් සාමාජිකයන්ටත් එය ලබාදීමට කටයුතු සකස් කරලයි තිබෙන්නේ. පුවරුව නොමැති ප්‍රදර්ශනාගාරවලින් වුවත්, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයකු බවට වන සහතිකය පරික්ෂා කිරීමෙන් පාරිභෝගිකයන්ට විශ්වාසයකින් යුතුව වාහනයක් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම යම් හෙයකින් ඉදිරියේදී සංගමයේ සාමාජිකයකුගෙන් හෝ වාහන අලෙවියේදී යම් අකටයුත්තක්, පාරිභෝගිකයකුට සිදුවුවහොත් සංගමය එම ගැටලුවට මැදිහත් වී අවශ්‍ය වුවහොත් අදාළ වාහන ආනයනකරුවාගේ සාමාජිකත්වය අහෝසි කිරීමට පවා අප සංගමය මේ වනවිට තීරණය අරගෙනයි තියෙන්නේ.
ත හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. මේ වනවිට එයින් රථ වාහන ක්ෂේත්‍රයට යම් ප්‍රගතියක් අත්ව තිබෙනවාද?
මුදල් අමාත්‍යවරයා හයිබ්‍රිඩ් වාහන සඳහා ලබාගත හැකි ලීසිං ප්‍රමාණය 50 සිට 70 දක්වාත්, ඉලෙක්ට්‍රික් වාහන සඳහා 90 දක්වාත් වැඩි කළා. නමුත් මේවනවිට අයවැයෙන් මාස 2කට වැඩි කාලයක් ගතවී තිබුණත් ඒ සහනය තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඊට හේතුව තමයි එම තීන්දුව එකම තැනකින් ක්‍රියාත්මක නොවීම. මුදල් අමාත්‍යාංශය යටතේ පැවැතිය යුතු මහ බැංකුව, භාණ්ඩාගාරය සහ ප්‍රතිපත්ති සැලසුම් යන අංශ වෙන වෙනම වෙන් කිරීමෙන් ආණ්ඩුව විශාල වරදක් කරගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් මහ බැංකුවට දැනුම්දීම සහ මහ බැංකුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව තමයි ලීසිං සහනය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට එක තීන්දුවක් ක්‍රියාත්මක වීම සඳහා තැන් කිහිපයකට යාමට සිදුවීම නිසා මතුව තිබෙන අකාර්යක්ෂමතාවය තමයි මේ ප්‍රමාදයට හේතුව.

කිෂාන් කනංකෙ

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1761

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1037

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3107

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4180

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7181

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6326

Please publish modules in offcanvas position.