Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Metropolis Healthcare මෙරට අති සාර්ථක 12 වන වසර සපුරයි

රෝග නිශ්චය කිරීමේ රසායනාගාර සේවා සහ  මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ ජාත්‍යන්තර ප්‍රමුඛ සමාගම් ජාලයක් වන Metropolis Healthcare පුද්ගලික සමාගම  මෙරට සිය මෙහෙයුම් වල 12 වන වසර සපුරයි. මෙම අවස්ථාව සමරමින් මෙරට රසායනාගාර සේවා සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන ජාලය තව දුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ආයෝජනය කිරීමට  මෙම සමාගම අපේක්ෂා කරයි. දැනට නාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන මධ්‍යම රසායනාගාරය සහ සැටලයිට් රසායනාගාර 6ට අමතරව  මෙම නව රසායනාගාර සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතව තිබේ.

ගතවූ වසර 12 තුල පරීක්ෂණ මිලියන 20 ඉක්මවා සිදුකරමින්  මෙරට රෝගීන් මිලියන 6කට පමණ සේවා සැපයීමට  Metropolis Healthcare සමත් ව ඇති අතර දිවයින පුරා  වෛද්‍යවරුන් 1000 කට අධික පිරිසක් එම එම පරීක්ෂණ වාර්තා පිළිගනිමින් මෙම සාර්ථකත්වය සඳහා දායකත්වය දක්වා ඇත.

 Metropolis Healthcare සමාගමේ ප්‍රවර්ධක සහ කළමණාකාර අධ්‍යක්ෂිකා අමීරා ෂා  මහත්මිය සඳහන් කළේ  සාර්ථක වසර 12  සේවාවකින් පසු  මෙම සේවාව දිවයින පුරා දියත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඉදිරි වසර දෙක තුළ මෙම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට හා තාක්ෂණික අතින් ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම මෙම රසායනාගාර සඳහා වෘත්තිය සුදුසුකම් සහිත සේවක මණ්ඩලයක් යෙදවීමටද අපේක්ෂා කරන බව ඇය පෙන්වා දුන්නාය.

වසර 12ක සිය සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් Metropolis Healthcare හි ජ්‍යෙෂ්ට උප සභාපති - ජාත්‍යන්තර ව්‍යාපාර අවාධත් ජෝෂි මහතා පෙන්වා දුන්නේ  ගතව ූදශකය තුළදී  තත්වයෙන් උසස් සේවාවක් සැපයීම තුළින්   මෙරට වෛද්‍යවරුන්ගේ  සහ රෝගීන්ගේ  විශ්වාසය දිනාගැනීමට තම සමාගමට හැකිවූ බවයි.  උසස් තත්වයේ මෙහෙයුම් ක්‍රියාවලියකින් සමන්විත  ස්වයංක්‍රිය උපකරණ  මෙරට භාවිත කිරීමට තම සමාගම සමත් වූ බවත් ඒ ඔස්සේ ඉතා ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට තම සමාගමට හැකිවූ බවත් අවාධත් ජෝෂි මහතා පෙන්වා දුන්නේය.  මෙරට රසායනාගාර තාක්ෂණය ඉදිරියේදී තවදුරටත් දියුණු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙට්‍රොපාලිස් විසින් මේ වන විට මෙරට වෛද්‍ය පරීක්ෂණ 4500 කට අධික ප්‍රමාණයක් මෙහෙයවන අතර සෑම වසර 3කටම  වරක් නව  වෛද්‍ය පරීක්ෂණ 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් මේ අතරට එක්වෙයි.මේ අනුව වර්තමානය වනවිට පාරිභෝගික අවශ්‍යතාව පරිදි ඕනෑම පරීක්ෂණයක් ජාත්‍යන්තර මට්ටමින් සිදුකිරීමට මොට්‍රොපොලිස් සමාගම සමත් වන අතර ඉතා ඉහළ පාරිභෝගික් සේවාවක් ද සමාගම සතු වෙයි.

 මෙරට රෝග නිශ්චය කිරීමේ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරවල පැවැති අවශ්‍යතාව සපුරාලමින් මීට දශකයකට පමණ ඉහතදී  Metropolis Healthcare විසින් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් දියත් කරන ලදී. ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාර පරීක්ෂකවරුන් සහ තාක්ෂණ ශිල්පීන් තවදුරටත් බඳවා ගනිමින් උසස්තම සේවාවක් මෙරට පාරිභෝගිකයා වෙත සැපයීමට ‍  Metropolis Healthcare අපේක්ෂා කරයි.

Metropolis Healthcare විසින් මෙවන විට ඩකලපුවගාල්ලයාපනයනාවලමාවනැල්ලතංගල්ලයක්කලවරකාපොළ,සහ පානදුර යන ප්‍රදේශවල ජනතාවට සේවා සපයමින් සිටියි.

Metropolis Healthcare සමාගම ඉන්දීය සමාගමක් වන අතර ඉන්දියාව,දකුණු ආසියාවමැදපෙරදිග,  සහ අප්‍රිකාව යන රටවල ක්‍රියාත්මක සමාගමකි.මෙට්‍රොපොලිස් හි ප්‍රධානත්වය දරන්නේ අමීරා ෂා මහත්මිය විසින් වන අතර ඇය මෙට්‍රොපොලිස් සමූහයේ ප්‍රවර්ධක සහ කළමණාකාර අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරයි.

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1504

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1337

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1419

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1582

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7753

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5133

Please publish modules in offcanvas position.

X

Right Click

No right click