Coss Ear2
lakbima.lk
COSS Ear 1

Huawei nova2i දැන් ලංකාවේ

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  සිය නවතම මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනය වන Huawei  nova 2i ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම හඳුන්වා දීම පසුගියදා කොළඹ පාක් ස්ට්‍රීට් මිව්ස් හිදී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී වෙළඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ සහ සිංගර් ශ්‍රී ලංකා  සහ Huawei ශ්‍රී ලංකා හි කළමණාකාරීත්වය සහ අලෙවි නියෝජිතයින් මෙන්ම සහකරුවන් ද එක්ව සිටියහ.

Huawei හි සුපිරි කැමරා තාක්ෂණය මතකයන් සිහිවටන බවට පත්කරගැනීමේදී අතිශය වැදගත් වන අතර මෙම නවතම ස්මාර්ට්ෆෝනය කැමරා 4කින් සමන්විත වෙයි. ඉදිරිපස කැමරා ද්විත්වය flash පහසුකම සහිත 13MP  වන අතර  පසුපස කැමරා  ද්විත්වයද flash පහසුකම සහිත 16MP plus 2MP වෙයි. Huawei nova 2iහි ඉදිරිපස කැමරා ද්විත්වය  ඡායාරූප ලබාගැනීමෙන් පසු ෆෝකස් කළ හැකි ජනප්‍රිය ඡායාරූප අලංකරණ මාදිලියක් වන  bokeh තාක්ෂණයට අනුව නිපදවා තිබේ. මේ නිසා ඉතා සුපැහැදිලි මෙන්ම විචිත්‍රවත් ඡායාරූප ලබාගැනීම සඳහා මෙමඟින් හැකියාව ලැබේ.

පෙනුම සහ හැඩය අතින් සලකා බැලූ කළ Huawei nova 2i මනරම් පෙනුමකින් සහ නිමාවකින් ද යුක්ත වෙයි. කෙළවර හතර මදක් රවුම් හැඩයට නිමවා තිබීම නිසා භාවිතයේ පහසුව මෙන්ම මනා පෙනුමක් ද ලබා දෙයි. අඟල් 5.9ක් වන සම්පූර්ණ තිරයකින්  යුතු මෙම ස්මාර්ට්ෆෝනය අතින් අල්ලා ගැනීමේ පහසුව සැලසෙන ප්‍රමාණයෙන් යුක්ත වෙයි. මෙම ස්මාර්ට්ෆෝනය උසස් තත්වයේ HD දර්ශන ලබාගැනිමේ හැකියාවෙන් යුක්ත වන අතර  එමඟින්  සමාජ මාධ්‍ය , වීඩියෝ නැරඹීම, කියවීම, ක්‍රීඩා කිරීම සහ අන්තර් ජාල පරිහරණය ආදිය සඳහා වැඩි පහසුකම් සපයයි.

Huawei  ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්  මහතා සදහන් කළේ මෙම නවතම හඳුන්වා දීම මෙරට පාරිභෝගිකයින්ට වටිනා අවස්ථාවක්  මෙන්ම  ඔවුන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භයක්  ලෙසින් සැලකිය හැකි බවයි. සියලු සම්මතයන් බිඳ හෙළමින් පාරිභෝගික අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින්  මෙරට පාරිභෝගිකයින්ට උසස්තම දේ තිළිණ කිරීමට Huawei නිරන්තරයෙන් කටයුතු කරන බව ද හෙතෙම   පෙන්වා දුන්නේය.

Huawei nova 2i ස්මාර්ට්ෆෝනය සියලු පහසුකම් එක්තැන් කළ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. flash, dual cameras, fingerprint sensor සහ  USB port ආදී සියල්ල සමමිතක ලෙස කේන්ද්‍රගත කර ඇති බැවින්  අවශ්‍ය උපාංග සියල්ල පහසුවෙන් භාවිත කිරීමට හැකියාව ලැබේ. දකුණු පසින් පිහිටා ඇති ඉදිරි කැමරාව  සහ දකුණු පස පිහිටා ඇති සෙන්සර් පද්ධතිය නිසා  Huawei nova 2i මනරම්  සමබර පෙනුමකින් යුක්ත වෙයි.

Octa-core Kirin 659  ප්‍රොසෙසරයකින් සහ 2.36GHz දක්වා වන් චිප්සෙට් එකකින් මෙන්ම ,  4GB RAM  සහ  64GB ROM ආදී පහසුකම් නිසා   Huawei nova 2i කාර්යක්ෂමතාවයෙන් ඉහළ ස්මාර්ට්ෆෝනයක් ලෙස හැඳින්විය හැකිය.  දිගු කාලයක්  පවතින  3340 mAh බැටරියකින් සහ Android 7- පදනම් වූ  EMUI 5.1ආදී විශේෂතා මෙන්ම  ඩයලොග් ආසියාටා පීඑල්සී හි VoLTE  තාක්ෂණයෙන්ද මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වෙයි.

මෙම  Huawei nova 2i ස්මාර්ට්ෆෝනය රුපියල් 44900ක මුදලකට මිලදී ගත හැකි අතර එහි ගැපයිට් කළු සහ ප්‍රෙස්ටීජ් රන්වන් යනාදී පැහැයෙන් යුතු ස්මාර්ට්ෆෝන් මෙරටට නිකුත් කර තිබේ. Huawei මධ්‍යස්ථාන, Huawei හි එකම ජාතික බෙදාහරින්නා සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි පුළුල්තම අලෙවි ජාලය වන සිංගර් මෙගා, සිංගර් ප්ල්ස්, සිසිල් වර්ල්ඩ් ස්ටෝර්ස්, ආදී   ස්ථානවලින් මෙන්ම  420කට අධික ඩිජිටල් මීඩියා අලෙවි ජාලය මෙන්ම 1500කට අධික අලෙවි නියෝජිත ජාලය සහ ඩයලොග් ආසියාටා මධ්‍යස්ථාන, දිවයින පුරා පිහිටි මොබිටෙල් මධ්‍යස්ථාන  ඔස්සේ මෙම ස්මාර්ට්ෆෝනය මිළදී ගත හැකිය.

2017වසරේ දී  BrandZ විසින්  ලොව වටිනාතම සන්නාම 100  ශ්‍රේණිගත කෙරුනු අතර එහි 49වන ස්ථානය හිමි කර ගැනීමට   Huawei සමත් වී තිබේ. එමෙන්ම ලොව හොඳම සන්නාම සඳහා Forbes හි ශ්‍රේණිගත් කිරීමට අනුව  88වන ස්ථානය හිමිකරගෙන සිටින Huawei,  Brand Finance Global 500හි 40වන ස්ථානය හිමිකරගෙන සිටියි. මීට අමතරව 2017වසරේ Interbrand’s හි ශ්‍රේණිගත කිරීම් වලට අනුව  ලොව හොඳම සන්නාමය ලෙස 70වන ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත්ව සිටියි.මෙම වසරට පෙර  Fortune 500  සමාගම් ලැයිස්තුවේ 83 වන ස්ථානය හිමිවූයේ ද Huaweiවෙත ය.  ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳ පළින් 30%ක ප්‍රතිශතයක් අත්පත් කරගනිමින්  Huawei මෙරට අංක එකේ ස්මාර්ට්ෆෝනය බවට පත්වීමට ආසන්නයේ සිටියි.

IMAGE

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 1765

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 1657

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 1936

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 7442

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5828

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3505

Please publish modules in offcanvas position.