Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අති නවීන තාක්ෂණය සමගින් වාසනා කෙයාර් අලූත් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප‍්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනා ටේ‍්‍රඩින් (පුද්ගලික) සමාගම සිය අලෙවියෙන් පසු සේවා අංශය වන වාසනා කෙයාර් (Wasana Care) ආයතනයට  අනුබද්ධ වාසනා මෝටර් ගරාජ් (Wasana Motor Garage) සහ හයි ටෙක්නොලොජි රෙපයාර් සෙන්ටර් (High Technology Repair Center) යන අංශ පසුගියදා සම්පූර්ණයෙන්ම නවීකරණය කර විවෘත කරනු ලැබීය.

අංක 391, මීගමුව පාර, වැලිසර දරන ස්ථානයේ පිහිටි වාසනා කෙයාර් ආයතනයට පැමිණෙන  ඕනෑම කෙනකුට එම නවීකරණය කරන ලද අංශ මගින් පිරිනමන අද්විතීය මට්ටමේ සේවා පහසුකම් අත්විඳිය හැකිය.

ජපාන, චීන ඇතුළු  ඕනෑම මාදිලියේ වාහනයක් අලූත්වැඩියා කිරීම සහ හදිසි අනතුරු රෙපයාර් පහසුකම් ඇතුළු  ඕනෑම තාක්ෂණික සේවාවක් සැපයීම සඳහා වාසනා කෙයාර් විසින් මෙහෙයවනු ලබන පළපුරුදු, කාර්යක්ෂම කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටියි. හයිබි‍්‍රඞ් සහ ඉලෙක්ටි‍්‍රක් වාහනවල බැටරිවල තත්ත්ව පරීක්ෂා කිරීම, එ්වායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බැටරි අලූතින් යෙදීම ආදී බැටරි නඩත්තු සේවාවන් ඉහළ ප‍්‍රමිතියකින් යුක්තව නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් ඉටුකර දීමේ හැකියාවද ආයතනය සතුව තිබේ. හයිබි‍්‍රඞ් රථවල තත්ත්වය ඉහළ නැංවීම තුළින් එ්වායේ පෙට‍්‍රල් පරිභෝජනය වැඩිකිරීම මෙම සේවාවන්හි ප‍්‍රධාන අරමුණකි. අනෙකුත් ආයතනවලට සාපේක්ෂාව ඉතා සාධාරණ මිලකට වාසනා කෙයාර් හරහා මෙම සේවාවන් ලබාගත හැකිවීම විශේෂත්වයකි. බැටරි අලූත්වැඩියාව සඳහා 0772092402 (ෆර්නැන්ඩස්) සහ වාහන අලූත්වැඩියා සඳහා 0772931813 (ප‍්‍රසන්න* ඇමතීමෙන් වැඩි විස්තර දැනගත හැකිය. නොමිලයේ බැටරි පරීක්ෂා කිරීමේ සේවාවක්ද නොවැම්බර් මස 30 වැනි දින දක්වා මෙම ආයතනයේ ක‍්‍රියාත්මක වේ.

වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගමින් වාහන මිලදී ගත් පාරිභෝගිකයන්ට පමණක් නොව  ඕනෑම පාරිභෝගිකයකුට මෙම සේවාවන් අත්විඳිය හැකිය. හයිබි‍්‍රඞ් සහ ඉලෙක්ටි‍්‍රක් වාහන මෙරටට හඳුන්වා දීමෙහි ප‍්‍රමුඛයා වන වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගම වාහන අලෙවින් පමණක් නොනැවතී පාරිභෝගිකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සේවාවන් ලබාදීමට නිරන්තරයෙන් කැපවී සිටින බවත්, අතිනවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වන පරිදි වාසනා කෙයාර් ආයතනය නවීකරණය කිරීම එහි තවත් එක් ඉදිරි පියවරක් බවත් වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවැසීය.

චීන වාහනද ඇතුළුව  ඕනෑම වාහනයක අමතර කොටස් ලබාගැනීමට හැකිවීම සහ මෙරටින් මිලදී ගැනීමට නොහැකි අමතර කොටස් කඩිනමින් ගෙන්වා ගැනීමේ පහසුකම්ද ජපන් සමාගමක් හා එක්ව එදිනම හඳුන්වා දෙනු ලැබිණ. අංක 312, මීගමු පාර, නාගොඩ, කඳාන දරන ලිපිනයෙහි වාසනා ටේ‍්‍රඩින් ලංකා ප‍්‍රදර්ශනාගාරය පිහිටා ඇත. 0112241333 යන දුරකථන අංකයෙන් සහ www.trademe.lk යන වෙබ් අඩවියෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1852

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3277

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9045

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4690

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4854

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6583

Please publish modules in offcanvas position.