Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Huawei ‘Seeds for the Future’ වැඩසටහන දෙවන වරටත්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ජාත්‍යන්තර ප්‍රමුඛයා වන Huawei, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හා එක්ව සිය ජාත්‍යන්තර ප්‍රජා සේවා වැඩසටහන වන ‘Seeds for the Future’ දෙවන වරටත් දියත් කරයි.  මෙම වැඩසටහන යටතේ පසුගිය වසරේ මුල් වරට ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසු කණ්ඩායමක් චීනයේ අධ්‍යාපන චාරිකාවක නිරත වූ අතර එහි දෙවන පියවර මෙලෙස ක්‍රියාත්මක කරයි. දේශීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය නඟා සිටුවීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම වැඩසටහන යටතේ මෙවර ශ්‍රී ලාංකිය විශ්ව විද්‍යාල වලින් තෝරාගත් සිසුන් 10දෙනෙක් Huaweiහි පූර්ණ අනුග්‍රාහකත්ව ශිෂ්‍යත්ව ක්‍රමයක් යටතේ  චීන සංචාරයක  යෙදවීමට නියමිතව තිබේ. මෙම අධ්‍යාපන සංචාරය තුළදී  තොරතුරු තාක්ෂණය හා චීන සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනයක නිරත වීම ට මෙම සිසු කණ්ඩායමට අවස්ථාව හිමිවෙයි.

නොවැම්බර්4වනදා සිට නොවැම්බර් 18වනදා දක්වා වන මෙම අධ්‍යයන චාරිකාවේ දී බෙයිජිං භාෂාවේ  අක්ෂර රටා සහ සිතුවම් රටා පිළිබඳව  මෙන්ම චීන සංස්කෘතිය පිළිබඳව ද පළමු සතියේදී  බෙයිජිං නුවර දී   අධ්‍යයනයක නිරත වීමට නියමිතයි. ඉන් අනතුරුව  තොරතුරු සන්නිවේදනය අතින් අති නවීනතම විද්‍යාගාර වලින් සමන්විත  චීනයේ  සෙන්ෂෙන්  හි පිහිටි   Huawei මූලස්ථානයේදී   5G, ක්ලවුඩ් කම්පියුටින්ග්, ආදී ලොව  උසස්තම  තොරතුරු තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ ව ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීමට ද මෙම සිසුන්ට අවස්ථාව හිමිවනු ඇත.

මෙම අධ්‍යාපනික චාරිකාව සඳහා සත්කාරක අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා Huawei මැදිහත් වන්නේ තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය සඳහා මෙරට  තරුණ තරුණියන් වැඩි වශයෙන් යොමු කරවා ගැනීම  සඳහා ය. ඒ ඔස්සේ මෙරට ඩිජිටල් යටිතල පහසුකම් වර්ධන ක්‍රියාවලිය   ආර්ථිකමය වාසිදායක  ක්‍රියාවලියක් බවට  පත්කරගැනීමට අපේක්ෂිත ය. මෙරටට නවීන තාක්ෂණය හා මුසුවූ පාරිභෝගික විසඳුම් හඳුන්වා දෙමින් සහ  නවීන තාක්ෂයෙන් යුතු Huawei මධ්‍යස්ථාන හඳුන්වා දෙමින් මීට පෙර ද  ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය  ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට  Huawei කටයුතු කර  තිබේ.

Huawei හි  ප්‍රජා සේවා වැඩසටහන අති සාර්ථක ලෙස දෙවන  වරටත් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදහස් දැක්වූ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් වර්ධනය සඳහා  Huawei හි එක් පියවරක් ලෙස මෙම ‘Seeds for the Future’ වැඩසටහන හැඳින්විය හැකි බවයි.පසුගිය වසරේ මෙම වැඩසටහන යටතේ යොමුකළ සිසුන් මේ වනවිට එහි සාර්ථක ප්‍රථිපල අත්කරගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  ලොව උසස්ම තාක්ෂණය, කුසලතා, මෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය නවීන තාක්ෂණික උපාංග ආදිය පිළබදව එම සිසුන් පුළුල් අවබෝධයක් ලබා ඇති බවද සඳහන් කළේය. දේශිය ප්‍රජාව, විශ්ව විද්‍යාල , සිසුන්  සහ ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර වල උන්නතිය සඳහා  Huawei  විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන අගය කළ යුතු  බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

‘Seeds for the Future’ ප්‍රජා සේවා වැඩසටහන  2008වසරේ  Huawei විසින් මෙරට දියත් කළ අතර එහිදී තොරතුරු තාක්ෂණ දැනුමින් මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා  Huawei  ඇප කැපවී කටයුතු කළේය. එම ක්‍රියාකාරකම් මෙරට තරුණ ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කරලීමට ඉවහල් වූ අතර එය දේශීය තොරතුරු තාක්ෂණ කර්මාන්තයටද හිතකර අන්දමින් බලපෑවේ ය.

ශ්‍රී ලංකාව වැනි රටකට  මෙවැනි  වැඩසටහනක අවශ්‍යතාව පැහැදිලි කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු  යී ෂියෑංලියෑං  මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ චීනය අතර අතීතය දක්වා විහිදුන සබඳතාවක් ඇති බවයි. එම සබඳතා තවදුරටත් තහවුරු  කරමින් ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ  සහයෝගය ලබා දීමට ජාත්‍යන්තරයේ ප්‍රමුඛ චීන සමාගමක් වන Huawei විසින් ඉටුකරන මෙහෙය අගය කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සංචාරය සඳහා එක්වන සිසුන්ට තාක්ෂණික දැනුම ලබාගන්නා අතරතුර  චීන සංස්කෘතිය පිළිබඳව ද අත්දැකීමක් ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක් බව පෙන්වා දුන් චීන තානාපතිවරයා ලබාගත් තාක්ෂණික දැනුම ඔස්සේ අනාගතයේදී ශ්‍රී ලංකාවට මහත් සේවයක් කිරීමට හැකිවේවා යි පැවසීය.

සිය ප්‍රජා සේවා වැඩසටහනේ දෙවන අදියර දියත් කිරීමේ අවස්ථාවට එක්වූ Huawei ශ්‍රී ලංකා හි  ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා පැවසූවේ සෑම කර්මාන්තයකම පාහේ ප්‍රමුඛ තැනක් වර්තමානයේදී තොරතුරු තාක්ෂණයට හිමිව ඇති බවයි.  එවන් අවස්ථාවක ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන  Huawei  විවිධ රටවල තොරතුරු  තාක්ෂණය නඟා සිටුවීමේ වැඩ සටහන සඳහා සක්‍රිය අන්දමින් දායක වන්නේ  ආර්ථික,සමාජ සහ පාරිසරික තිරසර භාවයේ  දිගු කාලීන ඉලක්කයක් සහිතව බවද පෙන්වා දුන්නේය. මේ වසර තුළදී ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල සිසුන්  10  දෙනෙකු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ අත්දැකීම්  සඳහා යොමු කරන බවත්, එමඟින් ඔවුන් තම දැනුම දියුණු කරගනු ඇති බවත් පෙන්වා දුන්නේය.

Huawei ජාලකරණ, වෙළඳ, පාරිභෝගික සහ ක්ලවුඩ් කම්පියුටින්ග්  යන ක්ෂේත්‍රවල ජාත්‍යන්තර ප්‍රමුඛ සමාගමකි. ලොව පුරා රටවල් 170කට අධික සංඛ්‍යාවකට  Huawei සිය නිෂ්පාදන හා  සේවා සපයයි. එම ප්‍රමාණය ලෝක ජනගහණයෙන් තුනෙන් එකකි. වසර 2005දී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළ  Huawei මේ වනවිට  ජනගහනයෙන් 70% ක පමණ පිරිසක් යා කරමින්   මෙරට දුරකථන සේවා සපයන්නන් සමඟ කටයුතු කරමින් සිටියි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3873

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3621

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6701

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4124

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2564

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3366

Please publish modules in offcanvas position.

Web Analytics