Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

SHARP ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන දැන් සිංගර් වෙතින්ම පමණයි

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලොව ජනප්‍රියතම සන්නාමයක් වන SHARP  මේ වනවිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා අතර ද අතිශය ජනප්‍රිය සන්නාමයකි. වසර 2013සිට SHARP නිෂ්පාදන අලෙවි කිරීමේ එකම  නියෝජිතයා වන්නේ සිංගර් සමාගමයි.

1912ජපානයේ පිහිටුවනු ලැබූ SHARP සමාගම නව හඳුන්වා දීම් රැසකට මූලික වූ සමාගමකි.1915සිය  ප්‍රථම හඳුන්වාදීම  සිදුකරන SHARP සමාගම කාර්මික පැන්සලක් හඳුන්වා දෙයි. එය නම් කරන්නේ ‘Ever-Ready SharpPencil’නමිනි.  පළමු හඳුන්වා දීමෙන්  පසු වර්තමානයේ පවා  ජනප්‍රියව ඇති  තවත් නිපැයුම් රැසක්  ඉදිරිපත් කිරීමට   SHARP සමාගම සමත් විය. ඒ අතර  ලොව මුල්ම ට්‍රාන්සිස්ටර් කැල්කියුලේටරය වැනි නව හඳුන්වාදීම් රැසක් ද විය.

ඉන් අනතුරුව SHARP සමාගම විසින්  සාක්කු කැල්කියුලේටරය හඳුන්වා දෙන ලදී. TFT LCD TV  සහ  LED TV හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ද  SHARP සමාගමයි. වර්ෂ 1988දී SHARP සමාගම විසින් එම රූපවාහිනී  හඳුන්වා දෙන ලදී.

SHARP සමාගමේ නවතම හඳුන්වාදීම වන්නේ  වර්ණ 4ක ‘Quattron Pro’පුවරුවයි. එමෙන්ම ලොව ප්‍රමුඛතම 8K LED TV සහිත  වර්ණ 4පුවරුවද SHARP සමාගමේ අනගිතම   නිෂ්පාදනයකි.  SHARP සමාගමේ තවත්  නවතම හඳුන්වාදීමක් වශයෙන්  ‘Plasmacluster Ion’ වායු පෙරහන් පද්ධතිය සැලකිය හැකිය.

වසර ගණනාවක් ලොව පුරා ජනප්‍රියතම සන්නාමයක් වන SHARP සමාගමේ නිපැයුම් අතරින් ශ්‍රී ලංකාවේ දේශගුණයට සරිලන, ජීවන රටාවට ගැපෙන නිපැයුම් මෙරටට ගෙන්වා බෙදාහරින්නේ  සිංගර් ශ්‍රී ලංකා සමාගම යි. අඟල් 32සිට  විශාල පුළුල් තිර දක්වා වන LED  රූපවාහිනී, මයික්‍රොවේව් උදුන, රෙදි සෝදන යන්ත්‍ර, වායු පෙරහන් පද්ධති, විදුලි පංකා, වැක්‍යුම් ක්ලීනර්ස්,  විශාල ප්‍රමාණයේ රයිස් කුකර්, ආදී නිපැයුම් පෙළක් සිංගර් සමාගම විසින් මෙරට අලෙවි කරයි.

සිංගර් විසින් අලෙවි කරන SHARP නිෂ්පාදන සඳහා විශිෂ්ඨ වගකීම් සහතිකයක් පිරිනමන අතර රූපවාහිනී යන්ත්‍ර සඳහා වසර දෙකක විශේෂ වගකීමේ සහතිකයක් පිරිනමයි. වර්තමානය වනවිට SHARP නිෂ්පාදන සියලුම සිංගර්  හා සිසිල් අලෙවිසැල්,  හා නියෝජිත ජාලය ඔස්සේ මිලදී ගත හැකිය. තීරු බදු රහිත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය පාරිභෝගිකයින් සඳහා සිංගර් හි ප්‍රදර්ශණාගාරයක්  කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ  පිහිටුවා ඇති අතර එහිදී  ද SHARP නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව හිමිවෙයි.

අගනා පහසු ගෙවීමේ ක්‍රම , පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමවේද,  විශේෂ වට්ටම් සහ දීමනා පාරිභෝගිකයින් වෙත පිරිනමමින්, ලොව ප්‍රමුඛ සන්නාමවලින් යුතු භාණ්ඩ රැසක් මෙරට පාරිභෝගිකයා වෙත සමීප කරවීමට සිංගර් සමාගම සමත්ව තිබේ.  සිංගර් සමාගම විසින්  හඳුන්වා දුන්  “සිංගර් සැනසුම “යන  දීර්ඝ කළ හැකි වගකීමේ ක්‍රමවේදය SHARP නිෂ්පාදන සඳහා ද ලබාගත හැකි  වීම විශේෂත්වයකි. සිංගර් වගකීමේ සහතිකය වෙනුවට නියම SHARPනිෂ්පාදන මිලදී ගැනීමේදී  එම දීර්ඝ කළ හැකි වගකීමේ ක්‍රමවේදය ද හඳුන්වා දෙනු ලැබේ.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5222

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3633

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5117

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5740

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6555

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4052

Please publish modules in offcanvas position.

X

Right Click

No right click