Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රිදියගම සෆාරි උද්‍යානට Ford Ranger පික්අප් රථ තුනක්

වාහන නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකු වන ෆෝර්ඩ් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතත්වය දරන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ෆියුචර් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගම Ford Ranger පික්අප් රථ තුනක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත භාර දෙයි.

මෙම සිංගල් කැබ් වර්ගයේ පිකප් රථ තුන හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සේවය සඳහා භාවිත කිරීමට නියමිතව තිබේ. එම උද්‍යානය අක්කර 500ක භූමියක් පුරා පැතිරුණු උද්‍යානයක් වන අතර  එම උද්‍යානය තුළ සේවක ප්‍රවාහනය, සතුන්ට ආහාර ප්‍රවාහනය කිරීම ආදී කාර්යයන් සදහා මෙම පික්අප් රථය භාවිත කිරීමට අපේක්ෂිතය.

Duratorq TDCi 2.2L සහ  3.2L VG Turbo ඩීසල් එන්ජිමකින් සමන්විත Ford Ranger පික්අප් රථය  නවතම ගියර් 6ක ගියර් පද්ධතියකින් සමන්විත වෙයි. මෙම රථයේ පසුපස කොටස භාණ්ඩ පැටවීම සහ රැගෙන යාම සඳහා වැඩි ඉඩකඩක් සහිතව නිමවා ඇති අතර කිලෝග්‍රෑම් 3500ක බරක් මෙහි රැගෙන යා හැකිය. මෙම පික්අප් රථය මිලි මීටර් 800ක්  ගැඹුරු ජලය මතින් ධාවනය කරවීමේ සුවිශේෂී හැකියාවෙන් යුක්ත වන අතර රළු බොරළු සහිත පාරවල් වලට ඔරොත්තු දෙන off-road  හැකියාවෙන් යුක්ත රථයකි. “රළු බවින් නිමවූ  Ford“ යන උදෘත පාඨය තව දුරටත් තහවුරු කරමින් ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන ආකාරයට ඉතා සවිමත් ලෙස මෙම FordRanger රථය නිපදවා තිබේ.

Ford Ranger රථය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට තරු පහේ  ANCAP ශ්‍රේණිගත කිරීම ලත් පික්අප් රථයක් වෙයි.  ANCAP (Australasian New Car Assessment Program) යනු ඔස්ට්‍රේලේසියා හි ප්‍රමුඛ වාහන ආරක්ෂාව සම්බන්ධයෙන්  නිරීක්ෂණ ආයතනයකි.  මෙම ආයතනය විසින් වර්ෂ 1993සිට ඔස්‍ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිදුවූ අනතුරු 590ක් පමණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ. එක් එක් වාහන සඳහා 1සිට 5දක්වා තරු ලබාදෙමින් එම එක් එක් වාහන වල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීම් සිදුකිරීම මෙම ආයතනය විසින් සිදුකරයි. මෙහිදී අනතුරකදී වාහනයේ ගමන් ගන්නන් සහ පදිකයින් ආරක්ෂා වන්නේ කෙසේද යන්න ආදිය පිළිබඳ පවා විමසා බැලීම් සිදු කෙරෙයි. එමෙන්ම නවීන තාක්ෂණය භාවිත කරමින් අනතුරක් වලක්වාගත ගැනීමට වාහනයක් සතු හැකියාව පිළිබඳ ව ද  මෙහිදී විමසා බැලෙයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත්  ප්‍රමිතීන්ට අනුව මෙම පරීක්ෂාවන් සහ ශ්‍රේණිගත කිරීම් සිදුකරේ.  එම සම්ම්තයන් හා ප්‍රමිතීන්ට අනුව වන ආරක්ෂාකාරී උපාංග රැසක් මෙම Ford Ranger රථයෙහි ඇතුළත් වෙයි. පැත්තෙන් සහ  දොරෙහි ඉහළින් වන  එයාර්බෑග්ස්, පවතින ආලෝක තත්වයන්ට අනුව ක්‍රියාක්මක වන  ස්වයංක්‍රිය ප්‍රධාන ලාම්පු, හදිසි හැරවුමක දී වාහනය පෙරළීයාම වැලැක්වීමේ  තාක්ෂණික පහසුකම්,  කඳුකර ප්‍රදේශවල අවධානමකින් තොරව ධාවනය කරවීම සඳහා අවශ්‍ය පහසුකම්,  හදිසි නැවැත්වීමකට අවශ්‍ය තිරිංග ක්‍රියාකාරීත්වය, මෙන්ම  Load Adaptive Control සහ  Traction Control යනාදී  විශේෂාංග වලින් ද මෙම රථය සමන්විත වෙයි.

ෆියුචර් ඔටෝමොබයිල්ස් වෙතින් අලෙවි කෙරෙන සෑම Ford Ranger රථයක්ම කිලෝමීටර් 100,000ක් දක්වා  හෝ වසර 5ක වගකීමේ සහතිකයක් සහිතව අලෙවි කෙරෙයි. ෆෝර්ඩ් සඳහා ආවේණික 3S  නියෝජිත පහසුකම් මෙරට දී ලබාගත හැකිවීම  මෙහිදී විශේෂත්වයකි.  ඒ යටතේ ෆෝර්ඩ් හි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුකෙරෙන සේවා පහසුකම්  උපකරණ මෙන්ම නියම අමතර කොටස් පමණක් නොව විශේෂයෙන් පුහුණ කරවන ලද කාර්ය මණ්ඩලයක සේවා ලබාගැනීම ආදී විශේෂ අවස්ථා රැසක් හිමිවෙයි. දිවයිනේ පලාත් 9පුරා සේවා ස්ථාන 12ක් පිහිටුවමින් සිය පාරිභෝගිකයින් වෙත තත්වයෙන් උසස් පුළුල් සේවාවක් සැපයීමට ෆෝර්ඩ් කටයුතු කර තිබේ.

Ford Ranger රථ පිළිබඳව අදහස් දක්වමින්  ෆියුචර්  ඔටෝ මොබයිල්ස් හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ Ford Ranger රථය තාක්ෂණයෙන් උසස් මෙන්ම නිසි තත්වයෙන් සමන්විත රථයක් බවයි. “රළු බවින් නිමවූ  Ford“ යන උදෘතපාඨය පෙරටු කොට ගනිමින්  Ford Ranger රථය නිර්මාණය කර ඇති බවත්, මෙම රථය වෙලඳ පළේ ඇති රළු වාහන අතරින් ප්‍රමුඛ වාහනයක් බවද පෙන්වා දුන්නේය. ඉහළ අශ්වබල ධාරිතාවකින් යතු බල සම්පන්න, ඉන්ධන පිරිමැස්මක් සහිත එන්ජිමකින් සමන්විත මෙම රථය රියදුරාගේ සහ ඉදිරිපස අසුනේ ගමන් ගන්නාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම පහසුකම් සලසා ඇති රථයක් බව ද පෙන්වා දුන්නේය. මීට  අමතරව Ford Ranger රථය අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ බව පෙන්වා දුන් චමත් තෙන්නකෝන් මහතා  සඳහන් කළේ 2017වසරේ පැවති මැදපෙරදිග කලාපයේ වසරේ මෝටර් රථය (Middle East Carof the Year 2017 Awards)යන සම්මාන උළෙලේ දී  “හොඳම මධ්‍ය ප්‍රමාණයේ ට්‍රක් රථය“ ලෙස Ford Ranger රථය පිදුම් ලැබූ බවයි.

Ford Ranger රථය වල දේශිය අලෙවිය පිළිබඳව අදහස් දැක්වූ ෆියුචර් ඔටෝමොබයිල්ස් හි අලෙවි අධ්‍යක්ෂ ගිහාන් විතාරණ මහතා සඳහන් කළේ රාජ්‍ය ආයතන විසින් Ford Ranger රථ මිලදී ගැනීමට උනන්දු වීම Ford Ranger රථ වල පවතින ජාත්‍යන්තර තත්වය  පිළිබඳ ඇගයීමක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දුන්නේය.  Ford Ranger රථ සඳහා වැයකරන මුදල ආයෝජනයක් වන බවත්  වසර 10ක් 12ත් අතර කාලයක් තුළ ඒ බව තහවුරු වන්නේ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. දීප ව්‍යාප්ත සේවා ජාලයක් පවතින නිසා Ford Ranger රථ පහසුවෙන් නඩත්තු කිරීමටද හැකියාව ලැබෙන බව පෙන්වා දුන්නේය. Ford Ranger රථ රජයේ ආයතන විසින් මිලදී ගත් ප්‍රථම අවස්ථාව මෙය නොවන බව පෙන්වා දුන් ගිහාන් විතාරණ මහතා පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලය, සමූපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, පොල් සංවර්ධන මණ්ඩලය සහ ලංකා බැංකුව වැනි ආයතන විසින් මේ වන විටත් Ford Ranger රථ භාවිත කරමින් සිටින බව පෙන්වා දුන්නේය.

ෆෝර්ඩ් හි ශ්‍රී ලංකා ඉතිහාසය මෙරට මෝටර් රථ ඉතිහාසය තරමට පැරණි එකක් වන අතර 2010ෆෝර්ඩ් මෙරට වෙළඳ පලට පැමිණෙන විට මෙරට පාරිභෝගිකයා ආරක්ෂාව, නවීනත්වය , ඉන්ධන පිරිමැස්ම සහ ක්‍රියාකාරිත්වය යන සාධක පදනම් කරගනිමින් ෆෝර්ඩ්  වාහන වෙත වැඩි වශයෙන් යොමුවිය. Ford Ranger පික්අප් රථවලට අමතරව  Fiesta මගී මෝටර් රථ, Kuga, EcoSport සහ  Everest ආදී SUV රථ ෆෝර්ඩ් ප්‍රදර්ශණාගාර වලදී අලෙවි කෙරේ.

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4587

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6217

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click