Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක මෝටර් රැළිය ඔක්: 22 කොළඹදී

ටෝස්ට්මාස්ටර්ස්  දිස්ත්‍රික් 82  හා ශ්‍රී ලංකා රේසිං ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය  (SLARDAR) එක්ව The Toastmasters Fun Rally – GET TO THE POINT කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කරයි. ඒ අනුව 2017ඔක්තෝබර් 22වන දින කොළඹ 7නිදහස් චතුරස්‍රය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය කේන්ද්‍ර කරගනිමින් මෙය පැවැත්වීමට නියමිත ය.

මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන ටෝස්ට්මාස්ටර්ස්  දිස්ත්‍රික්  අධ්‍යක්ෂ DTM අජන්ත ජයවර්ධන විසින් මෙම The Toastmasters Fun Rally – GET TO THE POINT හඳුන්වා දී ඇත්තේ ටෝස්ට්මාස්ටර්ස් හි ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස ය. මෙය මහජන සහභාගිත්වයෙන් සිදුකෙරෙන විනෝදාත්මක සන්ධ්‍යාවකින් ද සමන්විත වෙයි. එහිදී The Toastmasters Fun Rallyසඳහා සහභාගි වන රථ තුල සිදුවන ක්‍රියාකාරකම්  සජීවි ලෙස කොළඹ පදනම් ආයතන පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙන අතර DJ සංගීතය හා ආහාර පාන ආදි විනෝදාංග රැසකින් සමන්විත වෙයි.

GET TO THE POINT යනු කාලය, වේගය හා දුර ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් පැවැත්වෙන විනෝදාත්මක මෝටර් රැළියකි. කොළඹ නගරය ආශ්‍රිතව කිලෝමීටර් 125ක දුරක් ආවරණය වන පරිදි මෙම රැළිය පැවැත්වෙයි. එම මාර්ගය පුරා පරීක්ෂණ ස්ථාන 12ත් 15ත් අතර ප්‍රමාණයක් ස්ථාපිත කෙරෙන අතර එම පරීක්ෂණ ස්ථාන වලදී  රැළියේ වේගය,කාලය සහ  දුරප්‍රමාණය පිළිබඳ ව ඇගයීම් සිදුකරනු ඇත. පස්වරු 2.00සිට රාත්‍රී 7. 30දක්වා මෙම රැළිය පැවැත්වෙන අතර මේ වනවිට මෙම රැළිය සඳහා කණඩායම් 35කට අධික  සංඛ්‍යාවක් සහභාගි වන බවට මේ වනවිට ලියාපදිංචි වී තිබේ.

මෙම රැළිය සාමාන්‍ය මෝටර් ධාවන තරඟාවලියක් මෙන් නොව මූලික වශයෙන් ටෝස්ට්මාස්ටර්ස් සංකල්පය පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් ක්‍රියාත්මක වන්නක් වීම විශේෂත්වයකි. මෙම රැළියට එක්වන වයස අවුරුදු 18න් ඉහළ සහභාගිවන්නන් මඟින් ටෝස්ට්මාස්ටර්ස්  හි ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස පොදු මහජනතාවට ප්‍රදර්ශනය වන ආකාරයට මෙම රැළිය සංවිධානය කර තිබේ. ටෝස්ට්මාස්ටර්ස් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙවන් ඉසව්වක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම  ක්‍රියාන්විතය පිළිබඳ අදහස් දැක්වූ ටෝස්ට්මාස්ටර්ස් ජාත්‍යන්තරයේ සභාපති DTM බාල්රාජ් අරුනාචලම් මහතා සඳහන් කළේ ටෝස්ට්මාස්ටර්ස් හි ක්‍රියාකාරීත්වය මහජනතාව අතරට ගෙනයාම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.  මෙම ක්‍රියාන්විතය මඟින් තරුණ වැඩිහිටි  සහ මැදි වයස් කාණ්ඩවල ඕනෑම අයෙකුට ටෝස්ට්මාස්ටර්ස් සංකල්පය මැනවින් වටහා ගැනීමට අවස්ථාව සැලසෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. එමඟින් තවත් බොහෝ පිරිසක් ටෝස්ට්මාස්ටර්ස් හා එක්වනු ඇති බවට හෙතෙම විශ්වාසය පල කළේය.

මෙම අවස්ථාව සඳහා සහයෝගය දැක්වීම පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පැදිකරුවන්ගේ සහ ධාවකයින්ගේ සංගමයේ උප සභාපති ටෝස්ට්මාස්ටර් කාමිල් හුසේන් මහතා පෙන්වා දුන්නේ  මෙම රැළිය මඟින් නාගරිකව වෙසෙන තරුණ ජනතාවට ටෝස්ට්මාස්ටර්ස් පිළිබඳ සංකල්පය ඒත්තුගැන්වීමට ක්‍රියාකරන බවයි.ටෝස්ට්මාස්ටර්ස් යන නම ඇසූ පමණින් සාමාන්‍ය මහජනතාව එම සංකල්පය පිළිබඳ නිවැරදි වැටහීමකින් කටයුතු නොකරන බවත්, ඔවුන් මෙය කෝකියෙකු හෝ පේස්ට්‍රි සාදන්නකු යනුවෙන් වැරදියට වටහාගනු ඇති බවත් පෙන්වා දෙමින් කියා සිටියේ එම වැරදි අවබෝධයන් දුරුකරලමින් ටෝස්ට්මාස්ටර්ස් පිළිබඳ නිවැරදි අවබෝධයක් සමාජගත කිරීමට මෙමඟින් හැකියාව ලැබෙන බවයි. මෙම ක්‍රියාන්විතයෙන් පසු සාමාන්‍ය මහජනතාව ටෝස්ට්මාස්ටර්ස් හා එක්වී සමාජය ගොඩනැංවීමේ කාර්යයට සිය දායකත්වය දක්වනු ඇති බව පෙන්වා දුන්නේය.

සමාජයට අවශ්‍ය නායකයින් බිහිකිරීම සඳහා කටයුතු කරමින් සමාජ සංවර්ධන කාර්යය සඳහා කැපවූ ටොස්ට්මාස්ටර්ස් පුද්ගලයින්ගේ කථන, සන්නිවේදන හා නායකත්ව  කුසලතාවන් වර්ධනය කරමින් කටයුතු කරයි.එමෙන්ම යම් ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවන පාර්ශව එම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බවට පත්කරලීම සඳහා ද ටෝස්ට්මාස්ටර්ස් කැපවී කටයුතු කරමින් ඔවුන් සාමාජයට මඟ පෙන්වන නියම නායකයින් බවට පත්කරලීමේ කාර්ය භාරය ඉටුකරයි.

මෙම ක්‍රියාන්විතය සඳහා අංශ කිහිපයක් යටතේ වාහන කාණ්ඩකර තිබේ. ඒ අනුව පළමු කාණ්ඩය - ජීප් රථ හා කැබ් රථ වන අතර දෙවන කාණ්ඩය වන්නේ  1000cc වලට ඉහළ  මෝටර් රථ හා වෑන් රථ ය. තෙවන කාණ්ඩය වන්නේ  1000cc වලට වඩා අඩු මෝටර් රථ ය. මෙම රැළිය සඳහා කණ්ඩායම් වශයෙන් වුවද සහභාගී විය හැකි අතර සාමාජිකයින් 4දෙනෙකුගෙන් කණ්ඩායම සමන්විත විය යුතුය. එම සිව් දෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ටෝස්ට්මාස්ටර්ස් වරුන් වීම අනිවාර්ය වෙයි. මෙම ක්‍රියාන්විතය SLARDAR TV ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ සජීවීව විසිරුවා හැරෙයි. මෙම ක්‍රියාන්විතය  නැරඹිම සඳහා සාමාන්‍ය ජනතාවට සහභාගි විය හැකි අතර ඒ සඳහා නාමික ඇතුළත්වීමේ ගාස්තුවක් ගෙවිය යුතු වෙයි. මෙම අවස්ථාව විනෝදාංග ගණනාවකින් සමන්විත වන නිසා පවුලේ හිතවතුන් සහ මිතුරන් සමඟ විනෝද වීම සඳහා කදිම අවස්ථාවක් වෙයි.

මෙම ක්‍රියාන්විතය පිළිබඳ අදහස් දැක්වූ DTM අජන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ  මෙම වැඩසටහන තුළින් සන්නිවේදන කුසලතා සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි. ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් ඉදිරි කටයුතු  වඩා සාර්ථකව සිදුකරමින්  පුළුල් සමාජ මෙහෙවරක් සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය. සමස්ථ ශ්‍රී ලංකාවාසීන් තුළම  ටෝස්ට්මාස්ටර්ස් හි ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් වැටහීමක් සහ අවබෝධයක් ඇති කරලීම මෙහි අරමුණ බව ද DTM අජන්ත ජයවර්ධන මහතා සඳහන් කරයි. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා පැවැත්වෙන මෙම මෝටර් රැළිය විනෝදාත්මක සහ සාමාන්‍ය ජනතාව මෙතෙක් අත්නුදුටු අත්දැකීම් රැසකින් සමන්විත වන බව ද ඊට සම්බන්ධ වන සියලු දෙනාගේම සහයෝගයෙන් ටෝස්ට්මාස්ටර්ස් පිලිබඳ පණිවුඩය සමාජගත වනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ටෝස්ට්මාස්ටර්ස් හා සම්බන්ධ වීමට සහ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා [email protected] වෙතින් විමසීම් කරන්න

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2466

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5281

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click