Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Huawei නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹෙයි. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්  දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් සඳහා Huawei විසින් මෙම අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ දේශිය ක්‍රිඩාලෝලීන් අතර සිය සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණිනි.

මෙම අනුග්‍රාහකත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Huawei අනුග්‍රාහකත්වය දැක්වෙන ක්‍රිකට් නිලඇඳුම  Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු යන මහත්වරුන් විසින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද  සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පිරිනැමීම පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ එක්දින තරඟ නායක උපුල් තරංග, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්  සහ රංගන හේරත් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් ද එක්ව සිටියහ.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම  පිළිබඳව අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්  මහතා සඳහන් කළේ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු  බවට පත්වීමට හැකිවීම Huawei සමාගම ලද ගෞරවනීය අවස්ථාවක් වන බවයි. මෙම සහයෝගීත්වය සමඟ  Huawei හි සන්නාම වටිනාකම දිවයිනේ සෑම ප්‍රදේශකම පාහේ ව්‍යාප්ත කිරීමට අවස්ථාව හිමිවන බවත් සිය සන්නාමයේ තේමාව වන "Make it Possible" යන්නඒ ඔස්සේ තහවුරු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමීප වීමට ලද හොඳම අවස්ථාවක් ලෙස මෙම අනුග්‍රාහකත්වය සලකන  බවද හෙතෙම මෙහිදී කීය.

මෙම අවස්ථාව සමරමින්  Huawei විසින් ක්‍රිකට් ලෝලීන්  සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කෙරිණ. මේ යටතේ ජුලි 17වනදා සිට සැප්තැම්බර් 9වනදා දක්වා GR3 2017, GR5 2017හෝ  GR5 Premium ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුම වටිනා ත්‍යාග පිරිනැමීමට සැලසුම් කර තිබේ.ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්සන් සහිත සමරු  ක්‍රිකට් පිති දිනාගැනීමට අවස්ථාව සලසා තිබේ.

මීට අමතරව මධ්‍ය පරාසයේ  Huawei ස්මාර්ට්ෆෝන් වන GR3 2017සහ  GR5 2017මිළදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම බැක් පැක් එකක් සහ  GR5 2017 Premium ස්මාර්ට්ෆෝනයක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකු වෙත පවර් බෑන්ක් එකක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

Huawei ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්වූ සන්නාමයක් වන අතර Huawei හි ජාත්‍යන්තර සන්නාම තානාපති වරයා වශයෙන් ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී කටයුතු කළේය. Huawei සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සබඳියාව වසර 2014දී සවිමත් වූයේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා අනුග්‍රහය දැක්වීමෙනි.  තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ලොව ප්‍රකට හා ප්‍රමුඛ සමාගමක් වන Huawei යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව සහ ඕසනියාව ආදී කලාපවල රටවල්  සඳහා විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වය සපයයි.

Huawei ලොව ප්‍රමුඛ  විවිධ ක්‍රීඩා ඉසව් සඳහා  විවිධ අවස්ථාවල අනුග්‍රහය දක්වා ඇති ජාත්‍යන්තර සමාගමකි. ආසෙනල් පාපන්දු සමාජය, AC Milan, සහ IPL ක්‍රිකට් තරඟාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීම ඉන් කිහිපයකි. මීට අමතරව ඇමරිකාවේ ප්‍රථම ක්‍රීඩා සමාජය වන Washington Redskins NFL කණ්ඩායම සමඟ ද Huawei අත්වැල් බැඳගෙන සිටින අතර  වසර 2012සිට NRL හි Canberra Raider  කණ්ඩායම වෙත ද Huawei සිය දායකත්වය ලබාදී තිබේ.

IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 35

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 182

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6917

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4537

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6026

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6713

Please publish modules in offcanvas position.

X

Right Click

No right click