lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

සිංගර් වෙතින් උලුක්කුලමට ජල පිරිපහදු ඒකකයක්

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ   ප්‍රමුඛයින් වන  වන සිංගර් ශ්‍රී ලංකා සමාගම  මෙරට සීඝ්‍රෙයන් පැතිර යන වකුගඩු රෝගය මුලිනුපුටා දැමීමේ ක්‍රියාන්විතයට දායක වෙමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උලුක්කුලම ගම්මානය සඳහා ජල පිරිපහදු ඒකකයක් පිහිටුවයි. රුපියල් මිලියන 4ක් පමණ වන මෙම ව්‍යාපෘතිය  සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම ආධාර සපයා ඇති අතර හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් පියුරිටාස් පුද්ගලික සමාගමේ තාක්ෂණික දායකත්වය ඇතිව, ජලසම්පාදන මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ මෙම ජල පිරිපහදු ඒකකය සහ බෙදාහැරීම් පද්ධතිය පිහිටුවා තිබේ.

වකුගඩු රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳින ගම්මානයක් ලෙස අනුරාධපුර උලුක්කුලම ගම්මානය සිංගර් විසින් තෝරා ගෙන ඇති අතර හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් පියුරිටාස් පුද්ගලික සමාගම හා එක්ව එම ප්‍රදේශයේ ජල පිරිපහදුකරන ඒකකයක් ඉදිකළ යුතු බව තාක්ෂණිකව තහවුරු කරගෙන  තිබේ. මේ අනුව 1600ක පමණ ජනතාවක් වාසය කරන අනුරාධපුර උලුක්කුලම ගම්මානය සඳහා මෙම ජල පිරිපහදු ඒකකය පිහිටුවා තිබේ.

මෙම අවස්ථාවට එක්වූ සිංගර් ශ්‍රීලංකා සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ එකම රටක ජීවත්වන  පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විදීම සම්බන්ධයෙන් සිය සමාගමේ අවධානය දැඩි ලෙස යොමු වූ බවයි.ඒ අනුව මෙම ජල පිරිපහදු ඒකකය පිහිටුවීමට කටයුතු කළ බවත්,එතුළින් වකුගඩු රෝගය ඇතිවීමේ අවධානම යම් මට්ටමකින් අවම කිරීමට හැකිවනු ඇති  බව ද හෙතෙම කීය. මෙම ක්‍රියාවලිය අනිකුත් ආයතන විසින්ද ආදර්ශයට ගෙන මෙම අසරණ ජනතාවට පිහිටක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අසෝක පීරිස් මහතා සඳහන් කළේය.

අළුතින් ඉදිකළ මෙම ජල පිරිපහදු ඒකකය සහ බෙදාහැරීම් පද්ධතිය මඟින් බෙදාහැරීමේ ස්ථාන 9ක දී ජනතාව වෙත පිරිසිදු ජලය නිකුත් කෙරේ. මෙම පිරිපහදු ඒකකය මඟින් දිනකට ජලය ලීටර් 10,000ක් නිපදවනු ලබයි.මෙම පිරිපහදු කළ ජලය ලීටරයක් රුපියලක් වැනි මුදලකට ජනතාව වෙත සැපයෙන අතර එම මුදල් මෙම ජල පිරිපහදු ඒකකයේ නඩත්තු කටයුතු සහ අනාගත සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ.

පසුගිය කාලය පුරාම පැවැත්වූ පර්යේෂණ හා සමීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ උතුරු මැද පලාතේ සීඝ්‍රෙයන් වකුගඩු රෝගය පැතිරයාමට හේතුව ජලය බවයි. මෙම පිරිපහදු ඒකකය පිහිටවූ උලුක්කුලම ගම්මානයේ  වකුගඩු රෝගීන් 65දෙනෙකු ජීවත්වන අතර රෝගයට ගොදුරුවීමේ අවධානමට ලක්වූ 1600ක පමණ පිරිසක් ජීවත් වෙති.අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවධානමට ලක්වූවන් 400,000ක් පමණ ජීවත් වෙති. උතුරු මැද පළාතේ මේ වනවිට හඳුනාගෙන ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 25,000කට අධික වෙයි.

මේ පිළිබදව ගැඹුරින්  සොයාබැලීමේදී තහවුරු වී ඇත්තේ පිරිසිදු ජලය භාවිත කරන්නේ නම් වකුගඩු රෝගීන් ගෙන් 15%කට අධික පිරිසක් ඉන් බේරාගැනීමට හැකියාව පවතින බවයි.මේ සඳහා පානය කිරීමට සුදුසු පිරිසිදු ජලය ඔවුන් වෙත සැපයීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුවිය. සිංගර් ශ්‍රී ලංකා සමාගම එම අවශ්‍යතාව වටහාගනිමින් මෙරටින් වකුගඩු රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව මෙම ජල පිරිපහදුකරන වැඩපිළිවෙල අරඹා තිබේ.

2016වර්ෂයේ මැද භාගයේ සිංගර් ශ්‍රී ලංකා සමාගම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා රුපියල් මිලියන 7.5ක් වටිනා රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගන්නා CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර 3ක්  ජාතික රෝහල් වෙත පිරිනමන ලදී. සිංගර් “Thirst for Life”  ව්‍යාපෘතිය යටතේ මෙම CRRT (Continuous Renal Replacement Therapy)යන්ත්‍ර පිරිනැමීය. ඒ අනුව  සිංගර් විසින් මෙරට රෝහල් සඳහා ලබාදී ඇති CRRTයන්ත්‍ර සංඛ්‍යාව 6කි.

මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතය හා සම්බන්ධවෙමින් සිංගර් ශ්‍රී ලංකා විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා සිය සහය දක්වමින් සිටියි. අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය සහ පරිසර සංරක්ෂණය ආදී විවිධ කර්තව්‍යයන් සඳහා ද සිංගර් සිය සහයෝගය දක්වා තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 627

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4246

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7240

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.