Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තම දූ පුතුන් පාසල් ගොස් යළි නිවසට පැමිණෙන තුරු දෙමාපියන් සිටිනුයේ දැඩි විමසිල්ලකින් බව නොරහසකි. ඒ අතර ඔවුන්ගේ සිත් තුළට කිසියම් බියක් හෝ චකිතයක් නොදැනෙන්නේම නොවේ. විශේෂයෙන් වැඩිවිය පත් තරුණ දැරියක පාසල් ගොස් නිවසට එනතුරු දෙමපියන් නොඉවසිලිමත්ව පෙරමඟ බලා හිඳිනුයේ අද සමාජයේ  අසන්නට දකින්නට සිදුවන කොතෙකුත්  අතිශ්‍ය අවාසනාවන්ත සිදුවීම් නිසාය.

එවන් දියනිවරුන් අතර මඟ දී කාම රකුසන්ට, මඟමරුවන්ට හෝ කප්පම් කරුවන්ට ගොඳුරු වූ අවස්ථා අප කොතෙකුත් අසා තිබේ.

එහෙත් පාසල අවසන් වී නිවස බලා යාමට බස් නැවතුමේ සිටි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් හදිසියේ රෝගාතුරව ඇද වැටීමෙන් මියයාමේ දුක්මුසු පුවතක් යක්කල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.

සචිනි කෞෂල්‍යා වන දැරිය යක්කල අනුර මහ විදුහ‍ලේ ශිෂ්‍යාවකි. පෙරේදා (20)  ඇය දහවල් බස්නැවතුම් පළේදී හිටිහැටියේ ඇද වැටෙනු දුටු සිසුන් දෙදෙනකු වහා ඇය ත්‍රිරෝද රථයක නංවා ගම්පහ රෝහලට ගෙනවිත් තිබේ.  ඒ වන විටත් ඇය සිහිසුන් තත්ත්වයක පසුවී තිබේ.

රෝහලට ඇතුළත් කර ටික වේලාවකින් ඇය මිය ගොස් ඇති බව වෛද්‍යවරු පවසා තිබේ.

දැරියගේ ජීවිතය බේරා ගැනීමට ඒ  රෝහලේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් පවා පැමිණ දැඩි වෙහෙසක් දරා ඇත. එහෙත් ඔවුන්ගේ එම උත්සාහයන් නිශ්පල වී තිබේ.

සිසුවියගේ මරණ පරීක්ෂණය ඊයේ (21) රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලද අතර එම මරණයට හේතුව හදිසි හෘදයාබාදයක් බව පෂ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය ලසන්ත සිල්වා මහතා නිගමනය කොට ඇත.

සිසුවිය ගොරකදෙණිය උඩුතුත්තිරිපිටිය පදිංචිකාරියකි.

 

සුසන්ත අබේරත්න - ගම්පහ

 

පසුගිය දා අන්තර්ජාලයේ අගනුවර ආපන ශාලාවක ඇති 'බුෆේ' එකක් පිළිබඳ දැන්වීමක් පළ විය. ඒ 'බුෆේ' එකේ ඇති අංග පිළිබඳව සඳහන් කරමින් ඔවුන් කියා සිටියේ ඊට ආහාර වර්ග කිහිපයක් සේම අතුරුපස දෙක තුනක්ද ඇතුලත් බවකි. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ 'සවුදන් ජෙමා ආවත් හිතේ හැටියට කන්න පුළුවනි' යනුවෙනි.

අසීමාන්තිකව කෑමට ලැදි හෝ ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කරන පුද්ගලයකු හැඟවීම පිණිස සිංහල ජනකතාව විසින් යොදනු ලබන පොදු ව්‍යවහාරයක් වෙයි. එනම් 'සවුදං ජෙමා වගේ' යනුවෙනි. එහෙත් මේ 'සවුදං ජෙමා' යනු කවරෙක්ද? ඔහු කිනම් කාලයක කවර ප්‍රදේශයක ජීවත් වූ කවර ගති සිරිත් ඇත්තෙක් ද යන්න පිළිබඳව වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති. ඒ අනුව අද කවුරුත් පාහේ 'සවුදං ජෙමා' වගේ කියනුයේ 'කියන්නං වාලේ' බව පෙනෙයි.

නමුත් අප මේ කීමට සැරසෙනුයේ ඔබ කිසිවෙකුත් මෙතෙක් අසා නොමැති සැබෑ 'සවුදං ජෙමා' පිළිබඳ අපූරු විස්තරයකි.

'සවුදං ජෙමා' පිළිබඳව මුල්ම සාහිත්‍යමය මූලාශ්‍රය අපට හමුවනුයේ කොළඹ කවි පරපුරේ මහා කවියකු වන තිහාරියේ පීටර් පෙරේරා සූරීන් විසින් ප්‍රබන්ධය කරන ලද 'සවුදං ජෙමා' නම් කවි පන්තියෙනි.

1902 වසරේ ඉපදී 1968 වසරේ අභාවප්‍රාප්ත වූ තිහාරියේ පීටර් පෙරේරා මහා කිවිදාණන් වෘත්තියෙන් ගුරුවරයකු වූ අතර පසුව ගුරු වෘත්තීය සමිති නායකයකු ලෙස ද ප්‍රකට විය. ඔහු විසින් ලියන ලද 'සවුදන් ජෙමා' නම් කවි පන්තියට අනුව මෙම 'සවුදං ජෙමා' තිහාරියේ පීටර් පෙරේරා කිවිඳුන්ගේ සමකාලීනයෙකු බව පෙනේ. සවුදං ජෙමා නමැත්තා ගේ හැඩරුව, ගතිගුණ සේම අධික ලෙස ආහාර අනුභව කිරීමට ඔහු තුළ පැවති හැකියාව සහ අධික කෑදර බව ද එම කවි පන්තිය තුළින් මැනැවින් ‍නිරූපණය කර ඇත.

ඒ කෙසේ හෝ මේ සවුදං ජෙමා පිළිබඳව යම් විස්තරයක් කීමට මගේ පියා (එස්.පීටර් සිල්වා) ‍ට යම් හැකියාවක් තිබිණ. ඒ ඔහු තරුණ කාලයේ සවුදං ජෙමා සියැසින් දැක තිබූ බැවිනි. ඒ ගණේමුල්ල පරණ පොලිසිය ඉදිරිපිට විසූ එස්.එම්. ද සිල්වා නම් ප්‍රභූ වරයකු ගේ නිවසේ දීය. ගම්මුන් විසින් 'මැන්දිස් මහත්තයා' යනුවෙන් හඳුන්වන ඔහු  කුරුඳු ව්‍යාපාරිකයෙකු සේම සැදැහැවත් බෞද්ධ ප්‍රජා නායකයෙකු ලෙස ද ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි.

"සවුදං ජෙමා හරි උස මිනිහා; ඒ වගේම හරිම ආඩම්බර කාරයා; ලොකු ලොකු මිනිස්සු එක්ක තමයි කතා බහ වුණත්; අපි දිහා නිකමටවත් හැරිලා බැලුවේ නැහැ."

මා කුඩා කාලයේ දී මගේ පියා එසේ කී අයුරු මට යාන්තමින් මතකය; එහෙත් ඒ අපූරු මිනිසා පිළිබඳව ඊට වැඩි යමක් දැන ගැනීමට මගේ පියා දැන් ජීවතුන් අතර නැත.

මගේ විශ්වාසයට අනුව සවුදං ජෙමා යනුවෙන් හඳුන්වන ලද මේ පුද්ගලයාගේ සැබෑ නම ජේමිස් විය යුතුය. ජේමිස් යන නම ඇත්තවුන් '‍ජෙමා' යනුවෙන් හැඳින්වීම අප ගැමි සමාජයේ සුලබව සිදුවන්නකි. එමෙන්ම ඔහුගේ මෙම 'ජෙමා' යන නමට පෙරටුව 'සවුදං' යන නම යෙදී ඇත්තේ ඔහුගේ ගායනය හා රංගනය නිසා විය යුතුය.

'සවුදම' යනු නැටුම්, ගැයුම් සහ වැයුම් සඳහා ප්‍රබන්ධය කරන ලද ගී විශේෂයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජන සංගීත පර්යේෂකයකු වන ඩබ්ලිව්.බී. මකුලොලුව සූරීන් පෙන්වා දෙන පරිදි භරත නැටුම්වල එන 'ශබ්දම්' සහ කථක් නැටුමේ එන 'කවිතා' යන අංග 'සවුදම්' අතර යම් සමාන කමක් තිබේ. එහෙත් ඒ සවුදං සහ ජෙමා ගේ සවුදං අතර කිසියම් සමානාත්වයක් තිබිණි දැයි සොයා ගත නොහැක. ඇතැම් විට සවුදං ජෙමා එම සවුදං මුහුණු  වරින් කිසියම් හායෝත්පාදක සහ උපහාසාත්මක ගායනයක් සහ රංගනයක් ඉදිරිපත් කළ ජන කවියකු හෝ ජන රංගන ශිල්පියෙකු විය හැක.

මේ අතර 'සවුදං ජෙමා' නමින් සිංහල චිත්‍රපටයක් සිංහල සිනමා වංශ කතාවට ද එක් වී තිබේ. එය මුල්වරට තිරගත කොට ඇත්තේ 1979 වසරේ ඔක්තෝම්බර් 09 දාය.

එහි 'සවුදං ජෙමා' ගේ චරිතය ලයනල් දැරණියගල විසින් නිරූපණය කොට ඇති අතර ප්‍රධාන නිලිය ගීතා කුමාරසිංහය. සවුදං ජෙමා චිත්‍රපටයේ කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය ජයන්ත පී සමරසිංහ ගෙනි. මුල දී 'දෙකටන යෝධයා' ලෙසින් නම් කොට ඇති එම චිත්‍රපටයේ නම 'සවුදං ජෙමා' ලෙස වෙනස් කොට ඇත්තේ තිරගතවීමට ආසන්න සමයකය. එය පසුගිය සමයේ රූපවාහිනියෙන් ද ප්‍රචාරය වී ඇති අතර සී.ඩී වශයෙන් ද එම චිත්‍රපටය නිකුත් කොට ඇති බව දැනගන්නට ඇත.

ලංකා මාතා චිත්‍රපට වෙනුවෙන් ඩී.ජේ කටුගම්පොල, ජී.ඩබ්ලිව්. පෙ‍රේරා, කේ. කරුණාසේන, සිරිල් පීරිස්, ඩී..එම්. ගුණසේකර නිෂ්පාදනය කළ 'සවුදම් ජෙමා' චිත්‍රපටියේ කතා තේමාවට අවශ්‍ය වස්තු බීජය සොයා ගත්තේ කෙසේ දැයි මම එහි අධ්‍යක්ෂ ජයන්ත පී සමරසිංහ මහතාගෙන් ඇසීමි.

"සවුදං ජෙමා කියන පුද්ගලයා ගැන තැන තැන පැතිරුණු කතා මිසක් නිශ්චිත තොරතුරක් හොයා ගන්නට බැරිවුණු හින්දා මම ඒ චිතපටි කතාවට විනෝදනී (ගීතා කුමාරසිංහ), කහතුඩුවේ රාළහාමි (පියදාස ගුණසේකර), නොක්කි (සෝනියා දිසා) , ධර්මෙ (මොරිස් දහනායක) වගේ චරිත එකතු කළා ඒ එක්කම යුරේනියස් (ඇලෙක්ස් සැන්ඩර් ප්‍රනාන්දු) ගේ චරිතය නම් කල්පිතයක් නොවේ. යුරේනියස් කියන්නේ ඉස්සර බියගම පළාතේ හිටපු චන්ඩියෙක් නමුත් සවුදං ජෙමාත් යුරේනියස් එක කාලේ ජීවත් වුණත් ඒ දෙන්නා දැන හඳුනන බවක් මම දන්නේ නැහැ. ඒක මගේ ප්‍රබන්ධයක්."

තත්ත්වය මෙසේ වුවද මෙම සවුදං ජෙමා දැක පුරුදු සහ ඔහුගේ ගීත සහ රැඟුම් දැකබලා ගත් ගණේමුල්ල, නැදුනවත්තේ පදිංචි සුප්‍රකට සමාජ සේවිකාවක සහ බෞද්ධ මහෝපාසිකාවක වන එස්. වයලට් සෝමා ද සිල්වා මහත්මියගෙන් මම ඒ පිළිබඳව විමසුවෙමි.

 ඇය එස්. එම් ද සිල්වා මහතාගේ දියණියකි.

 ඇය පවසන අන්දමට සවුදං ජෙමා නම් වූ පුද්ගලයා 1940 දී පමණ ඇගේ මහ ගෙදරට පැමිණ තිබේ. ඒ රැඟුම් ඉදිරිපත් කිරීමටය. උසට සරිලන මහතකින් යුත් සවුදං ජෙමා තමන් හැඳ සිටි සරමට උඩින් තවත් සරමක් ඇද සිටි බවත් ඇය කියයි.

මෙහිදී එක්වරම අපගේ සිහියට නැංවෙනුයේ තිහාරියේ පීටර් පෙරේරා කිවිදුන් ලියූ සවුදං ජෙමා පැදි පෙළෙහි එන 'දෙමාලයට මඩකලපුවෙ සරම අදී' යන්නය.

එසේ සවුදං ජෙමා මසකට දෙකකට වරක් තම නිවසට පැමිණි බවත් ඇතැම් විට සරමට උඩින් ගවුමක් වැනි ඇඳුමක් ඇද සිටි බවත් සිල්වා මහත්මියට මතකය. ඔහු තම නිවසට පැමිණ පියා ඉදිරියේ රැඟුම් පාමින් කළ ගායනයේ මුල් වචන 'නන්නානේ' යනුවෙන් හැඳින්වෙන අතර ඉන්පසුව 'ජාරනන්නේ, වළගොඩ නන්න්නේ' ආදී වශයෙන් ගැයූ බව සිල්වා මහත්මිය පවසනුයේ ඔහු මනා සිහිබුද්ධියකින් යුතු මිනිසුන්ට හාස්‍ය රසය ලබා දීමට සමත් ශිල්පියෙකු මිස සිහිමද ගතියෙන් යුතු පුද්ගලයෙකු නොවන බව තහවුරු කරමිනි.

තම පියා ද අත්පොලසන් දෙමින් ඔහුගේ ගායනා සහ රැඟුම් රසවින්දනය කළ බව සිල්වා මහත්මිය කියයි. එසේම ඔහු අධික ලෙස ආහාර ගත හැකි පුද්ගලයෙකු සහ ආහාර වලට මහත් ඇල්මක් දක්වන්නෙකු බව ඒ වන විට ද තමන් දැන සිටි බව පවසන සිල්වා මහත්මිය සවුදං ජෙමාගේ මව ඔහුට විවාහයක් කර දී ඇතත් එය සාර්ථක වී නොමැති බවත් තමන්ට දැන ගත හැකි වූ බවද කීවාය.

මා විසින් මෙතෙක් කරන ලද විමසුම් වලට අනුව සවුදං ජෙමාගේ ගම් පියස ලෙස වැලිවේරිය, දෙල්ගොඩ සහ දෙකටන වශයෙන්  ප්‍රදේශ කිහිපයක් අනුමාන කළ හැකිව තිබේ.  

එහෙත් මිට සියවසකට මෙපිට කාලයක් තුළ ජීවත් වූ මේ අපූරු මිනිසාගේ ඥාති පරපුර අදත් එම ප්‍රදේශ වල හිඳිනු ඒකාන්තය. නමුදු අධික කෑදර මිනිසකු ලෙස රට පුරා ප්‍රසිද්ධියට ලක්ව ඇති සවුදං ජෙමා තම ඥාතියෙකු බව කීමට ඔවුන් දක්වන මැලි කම නිසා දෝ ඔහු පිළිබඳ ඊට වඩා විස්තරයක් දැන ගැනීමට මට නොහැකි විය.

ඒ කෙසේ හෝ විසිවන සියවසේ මුල් කාර්තුවේ අප රටේ ජීවත් වූ ජනකවියකු සහ ජන රංගන ශිල්පියකු වන මෙම අපූරු මිනිසා ගේ සැබෑ වගතුග අනාගත පරපුර වෙත දායාද කරවීම වර්තමාන සමාජය සතු යුතුකමක් හා වගකීමකැයි මට සිතේ. ඒ අදවන විටත් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති 'සවුදං ජෙමා' යන නාමයේ සැබෑ පසුබිම් කතාව කෙරෙහි මුලු මහත් ජාතියම බෙහෙවින් උනන්දු විය හැකි බැවිනි.

සවුදං ජෙමා සියැසින් දුටු වයලට් සිල්වා මහත්මියගේ ප්‍රකාශය මෙතනින් - 



තිලක් සේනාසිංහ

ජාතියේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල 20 දා  ප.ව. 6.30ට කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22 වැනි වරටත් අති උත්කර්ෂවත් ලෙස පැවැත් විණි. 
වසරේ හොඳම ටෙලි නාට්‍ය නළුවා, හොඳම ටෙලි නාට්‍ය නිළිය, හොඳම  ටෙලි නාට්‍යය, හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයා, ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය, ජනප්‍රියම ටෙලි නාට්‍යය යන සම්මානද ඇතුළුව  පසුගිය වසරේදී රූපවාහිනියෙන් විකාශය වූ සියලු වැඩසටහන්  ආවරණය වන පරිදි මෙහිදී සම්මාන පිරිනැමිණ. 
ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපය අනුව 22 වැනි සුමති සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නළුවා ලෙස  කාවිංග පෙරේරාත් ජනප්‍රියම නිළිය ලෙස නයනතාරා වික්‍රමආරච්චිත් අභිෂේක ලැබූහ. වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස මෙවර  සම්මාන ලැබූවේ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයයි.
තමන් වඩාත් ප්‍රිය කරන කලා ශිල්පීන්, ශිල්පිනියන් සහ ටෙලි නිර්මාණ සුමති සම්මාන උළෙ‍ලේදී සම්මානයට පාත්‍ර කරවීම සඳහා ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය සහ ජනප්‍රියම  ටෙලි නාට්‍යය වෙනුවෙන් “ලක්බිම” සහ “රැජිණ” පුවත්පත්වල පළවූ කූපන්පත් එස්.එම්.එස්. මෙන්ම ෆේස්බුක් හරහාද මනාපය පළකිරීමේ  අවස්ථාව ප්‍රේක්ෂක ජනතාව වෙත උදාකරදී තිබිණි.
රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල ප්‍රමිතිය පවත්වා ගැනීමේ අරමුණින් පසුගිය  වසරේ විකාශය වූ  හොඳම වෙළෙඳ දැන්වීම වෙනුවෙන්ද මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී සම්මාන පිරිනැමිණ. එක් එක් රූපවාහිනී නාළිකා මගින් ඉදිරිපත් කරනු ලැබූ විශේෂාංගයන් ඇතුළු ගායන  සහ නර්තනාංග රැසකින්ද 22 වැනි සුමති සම්මාන උළෙල වර්ණවත් විය.
මෙවර සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග්  ආසියාටා සමාගමත්, අනෙකුත් අනුග්‍රාහක ආයතනය ලෙස මහජන බැංකුවත් කටයුතු කළේය. ස්වාධීන රූපවාහිනී සේවය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.
තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු සුමති සම්මාන උළෙල රූපවාහිනී මාධ්‍යයේ උන්නතිය උදෙසා වසරක් පාසා ලබාදෙන මිනුම් දඬුවක් ලෙසද හෙළ කලා අඹර තුළ අභිෂේක ගැන්වී ඇත. 
සුමති සම්මාන උළෙලකදී  සම්මානයකට පාත්‍රවීම කලාකරුවකු හෝ කලාකාරිනියක ජීවිතයේ ලබන සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකන  අතර තමන් සම්මාන ලැබුවද නොලැබුවද තම සහෝදර  කලා ශිල්පීන්  සහ ශිල්පිනියන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්‍පොළසන් දී ඔවුන් දිරිමත් කරන්නට එක්වන කලාකරුවන්ගෙන් සෑම වසරකම  සුමති සම්මාන රාත්‍රිය පිරී ඉතිරී යයි.
සුමති සම්මාන උළෙල සජීවීව දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අනිද්දා (22) රාත්‍රී 9.30 සිට ස්වාධීන රූපවාහිනියෙන් සුමති සම්මාන උළෙල විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.
 
සම්මාන ලේඛනය 
 
හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස හැඳින්වෙන “සුමති ටෙලි සම්මන උළෙල” විසි දෙවැනි වතාවටත් පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ නෙළුම්‍පොකුණ රඟහ‍ලේදී අති උත්කර්ෂ්වත් අන්දමින් පැවැත්වුණා. පසුගිය වසරේ රූපවාහිනී ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව් තුළ දස්කම් පෑ අය මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ එහි අසිරිමත් දසුන් පෙළක්. 
 
කුසලතා සම්මාන
1. නැට්ටුක්කාරියෝ ටෙලි නාට්‍යයේ මොනිකාගේ චරිතය රඟපෑ නිරෝෂා තලගල.
2. නැට්ටුක්කාරියෝ ටෙලි නාට්‍යයේ සීලම්බරගේ චරිතය රඟපෑ කුමාර තිරිමාදුර.
3. ප්‍රියන්ත සිරිකුමාර.
 
* ළමා තාරකාව - ‘තාරා’ ටෙලි නාට්‍යයේ ‘තාරා’ගේ චරිතය රඟපෑ සහේලි සදිත්මා සතරසිංහ.

* නැගී එන ටෙලි නාට්‍ය නළුවා -  බොහිමියානුවා ටෙලි නාට්‍යයේ කල්පගේ චරිතය රඟපෑ සජිත අනුත්තර.

* නැගී එන ටෙලි නාට්‍ය නිළිය - මා ද ඔබම විය ටෙලි නාට්‍යයේ සුභාෂිනිගේ චරිතය රඟපෑ ගයානි රාජපක්ෂ.

* හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන - ජීව සොබා (ජාතික රූපවාහිනිය/ පූජිත දිසානායක)

* හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන - සිහිනයකි රෑ (ජාතික රූපවාහිනිය/ මහේෂ් නිශ්ශංක)

* හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන - ජන අසුන (සිරස ටී.වී./ සමිත් බස්නායක, සමන්)

* හොඳම රූපවාහිනී පූරක - ලක්මාලි ප්‍රදීපිකා වෙලගෙදර (මහඋළුගෙදර- වැලිකඩ/ ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන - අරුම පුදුම රෝද හතර (ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - රන් පෙළහර (ජාතික රූපවාහිනිය)
 
* ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා - කාවිංග පෙරේරා

* ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය - නයනතාරා වික්‍රමාරච්චි

* ජනප්‍රිය ටෙලි නාට්‍ය - දවෛනි ඉනිම
 
ජූරියේ විශේෂ සම්මාන
1. ග්‍රැහැම්බෙල්වත් හිතුවාද? ටෙලි නාට්‍යයේ තිර රචනය වෙනුවෙන් සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර.
2. සික්කා ටීම් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රදීප් ධර්මදාස.
3. ‘විභාගය ෆේල්’ ටෙලි නාට්‍යය රචනය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් ලක්මිණි අමරදේව.
 
හොඳම රූපවාහිනී ගවේෂණශීලී වාර්තාකරණය :
1. ප්‍රථම ස්ථානය - දෙරණ නාලිකාව
2. දෙවන ස්ථානය - ස්වර්ණවාහිනිය
 
හොඳම රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති වාර්තාකරණය:
ප්‍රථම ස්ථානය - ස්වර්ණවාහිනිය (සජිත් රණසිංහ)
දෙවන ස්ථානය - ස්වාධීන රූපවාහිනිය (ඉන්දික වීරකෝන්)
 
* හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය - සුමිත් රත්නායක (මද්දහන ටෙලි නාට්‍යයේ මද්දහනේ අස්වැද්දුම ගීතය)

* හොඳම ටෙලි නාට්‍ය ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් (මාද ඔබම විය ටෙලි නාට්‍යයේ ‘වැල්ලට ඉර’ ගීතය)

* හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම (ගොළු තාත්තා)

* හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ - භාග්‍ය ශ්‍රි ෆොන්සේකා (තාරා ටෙලි නාට්‍යය)

* හොඳම ටෙලි නාට්‍ය කැමරා කරණය - තිසර තුල්වන් (මද්දහන ටෙලි නාට්‍යය)

* හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - පසුතැවිල්ල (ආනන්ද අබේනායක, ජාතික රූපවාහිනිය)

* හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන - ළමා විද්‍යාගාරය (ස්වාධීන රූපවාහිනිය, තුෂාරි ගමගේ) 

* හොඳම ළමා වැඩසටහන - ටිකිරි සිනාමල් (රංගිරි ශ්‍රී ලංකා, නුවන්ප්‍රිය අබේකෝන්)

* හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන - ඇය නැති ලොවක් (සිරස ටී.වී., පුළිඳු -මිස්සක)

* හොඳම රූපවාහිනී අංග රචනය - චක්‍ර (ස්වාධීන රූපවාහිනිය, නාරද ධනංජි- තොටගමුව/ විධුර ශානක අබේධීර)

* හොඳම ටෙලි නාට්‍ය තිර නාටක රචක - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)
 
* හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය - ජගත් වීරතුංග (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)
 
හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - 
1. තෙවන ස්ථානය - නයෝමි ප්‍රනාන්දු (දෙරණ)
2. දෙවන ස්ථානය - ඉෂාරා සමරසිංහ (ස්වර්ණවාහිනිය)
3. ප්‍රථම ස්ථානය - නිශාන්ති දිල්රුක්ෂි (ස්වාධීන රූපවාහිනිය)
 
* යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මාන - ස්වර්ණා මල්ලවආරච්චි/ නීටා ප්‍රනාන්දු

* හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා - ලක්ෂ්මන් මෙන්ඩිස් (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය - ගයනි ගිසන්තිකා (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම නළුවා - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම නිළිය - උමාලි තිලකරත්න (බොහිමියානුවා, ස්වර්ණවාහිනිය)

* හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - සුමිත් රත්නායක (මද්දහන, ස්වාධීන රූපවාහිනිය)

* හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය - මද්දහන, ස්වාධීන රූපවාහිනිය
 
* හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය විකාශය වූ නාලිකාව - ස්වාධීන රූපවාහිනී සේවය 
 






















 
සටහන: ආරියවංශ කුලතිලක/ කිෂාන් කනංකේ 
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ, ලක්මාල් වසන්ත, ප්‍රියන්ත ගමගේ 

“අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මටයි. අපට අසනීපයක් හැදුණාම, වේදනාවක් දැනුණාම, අපි තාත්තේ, තාත්තේ කියලා කියන්නේ නැහැ. අම්මෝ අම්මෝ කියලයි කියන්නේ. අම්මව මතක් කරනවා. මේ අම්මා අපට හුඟාක් ආදරෙයි. ඒ නිසා “ ආදරයේ උල්පත වූ අම්මා” කියා ගීතයක්ද ලියා තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස්  වහන්සේගේත් තම අම්මාට ආදරේ කළේ නැද්ද? දේව අම්මා පුතාව හදාවඩා ගෙන උස් මහත් කරලා, පියවරුන්ගේ ධර්මය තුළ ‍පොහොසත් කරලා යහපත් ලෙස දේව කැමැත්ත ඉටු කරනු ලැබුවා. ඒ දෙවියන් වහන්සේගේ දේව සැලැස්ම නිසයි. අද මව් කෙනකුට දරුවෙක් ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ සැලැස්ම නිසයි. ඒ බිහිවෙන්නට යන දරුවාව අඬුවක් දමා කුස තුළදීම කෑලි කෑලි කර (ගබ්සාකර) මරා දමන්නට කිසිම කෙනකුට අයිතියක් නැහැ. සෑම අම්මා කෙනෙක්ම දෙවියන්වහන්සේ ලබා දෙන දරුවන් හදන්න බාර ගන්න ඕන. බැරිනම් ළමයව අපිට බාර දෙන්න. අපේ කතෝලික සිස්ටර්ලාගේ මඩම් තියෙනවා. අපි ඒ අයව හදා වඩා උස් මහත් කර ඔබලාට කැමති නම් භාර දෙන්නම්. නැත්තම් අපි රකින්නම්.” යැයි ජා ඇල වික්ෂෝප දේව මාතා දෙව්මැඳුරේ පැවැති දිව්‍ය පූජාවේ විශේෂ දේශනය අමතා අගරදගුරු කාදිනල් මැල්කම්  රංජිත් හිමිපාණේ ප්‍රකාශ කළහ.

වැඩිදුරටත් කතා කළ එතුමා මෙසේ ද කීය. “ අපි දෙවියන් වහන්සේගේ දේව සැලැස්ම වෙනස් කරන්න හදනවා. අපි එය ප්‍රතික්ෂේප කරනවා. සමහරු කියනවා අපිට එකෙක් හිටියම ඇති කියලා එක්කෙනා කියල හැම සැප සම්පතක්ම දෙනවා. ඔව් එයා නරක් වෙනවා. අර සිංහලෙන් කියමනක් තියෙනවා “එකා යකා වෙනවා කියලා.” අපි ගොඩක් ඉන්නකොට බෙදාගන්නට පුළුවන්. ළමයි කිහිපදෙනෙක් ඉන්නකොට දුප්පත්කමට බෙදා ගන්නවා. සහෝදරකම ඇතිවෙනවා. ආත්මාර්ථය නැතිවී, යහපත් චර්යාවන් ඉගෙන ගන්නවා. පුංචි පවුල රත්තරන් කියලා කියනවා. මේවා මෝඩ කතා. දරුවන් නැති පවුල් කොතරම් තියෙනවද? ප්‍රංශයට ගිය වෙලාවේ මම දැක්කා කාර් එකේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන්ව ලෙවකනවා. ඉඹිනවා. ඒ  වෙනුවට ළමයි දෙන්නෙක් හදා ගත්තන් ඉවරයිනේ? මේ සමාජයේ තියෙන පුහු ආටෝපයන් තමයි ඒවා”

“ අද කාලයේ අම්මල තේරුම් ගතයුතු, හිතට ගත යුතු දෙයක් තමයි දරුවකු බිහිවෙන්නේ දේව සැලසුමක් අනුව බව. ඒ බව ශු.ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙහෙම කියලා තියෙනවා.

1. ගැබ්ගෙන ඉන්නවා කියන්නේ අමාරු දෙයක්. නමුත් එය සුන්දර අත්දැකීමක්.

2. අම්මා කෙනකුවීම දෙවියන්ගේ ප්‍රාතිහාර්යක්.

 3. මේ නව මිනිසකු බිහිකිරීමේ ජිවිතයකට සහභාගි විය හැක්කේ  අම්මා කෙනකුට මිස තාත්තා කෙනකුට නොවේ.

4. සෑම උපතක්ම මැවීමේ අභිරහසක්.

 5. තෙහෙලි ගීතිකා 139යේ 13වගන්තියෙන් “ඔබ මාගේ මෑණියන්ගේ කුස තුළ මා සූදානම් කළ සේක. මැවූ සේක. මව් කුස තුළ ඉපදෙන හැම දරුවෙක්ම දෙවියන් වහන්සේගේ සදාකාලික ආදරයේ පංගුකාරකමේ කොටසක්.’’යැයි කීහ.

ඒ නිසා ගබ්සා කරන දරුවන්ට මෙලව එළිය දැකීමට ඇති ශුද්ධ වූ අයිතිය පිළිගෙන ඒ දරුවන් අපට බාර දෙන්න. අපි ඒ දරුවන් හෝදින් රැක බලා ගෙන හදා වඩා ගන්නම්.

පුංචි තිරයේ අසිරිමත් මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල (20) කොළඹ, නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. පසුගිය වසරේ  රූපවාහිනී මාධ්‍යය ඔස්සේ සුවිශේෂී දක්ෂතා ප්‍රකට කළ කලාකරුවෝ සහ කලාකාරිනියෝ 60කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සම්මානයෙන් පිදුම් ලැබුහ.  
හොඳම නළුවා ලෙස සුමිත් රත්නායකත්, හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2017 සුමති සම්මානයෙන් පිදුම් ලැබූහ. කලාකරුවෙකුට හෝ කලාකාරියකට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණයෙන් මෙවර ස්වර්ණා මල්ලවආරච්චි සහ නීටා ප්‍රනාන්දු පිදුම් ලැබුවාය. ජනප්‍රිය නළුවාට සහ නිළියට හිමි සම්මාන කාවිංග පෙරේරා සහ නයනතාරා වික්‍රමාරච්චි යන අය විසින්  දිනා ගත්තේය. නැගී එන නළුවාට හිමි සම්මානය සහ නැගී එන නිළියට හිමි සම්මානය පිළිවෙළින් සජිත අනුත්තර සහ ගයාත්‍රි රාජපක්ෂ දිනා ගත්තේය. මෙවර සුමති සම්මාන උළෙ‍ලේ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුමිත් රත්නායක ඇගයුමට ලක්විය. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ මද්දහන ටෙලි නාට්‍ය හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තේය. ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස මෙවර සුමති සම්මානයෙන් පිදුම් ලැබූයේ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ  දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයයි.
 

ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි තරම්. මොකද ඔහු තමන්ගේ අනන්‍යතාවය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කරලයි මෙලොවින් නික්ම ගියේ. ඉදිරි මාසයේ යෙදෙන කේමදාසයන්ගේ නව වැනි ගුණ සැමරුම නිමිත්තෙන් සුවිශේෂී කටයුත්තකට ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ප්‍රමුඛ කේමදාස පදනම මේ දිනවල සූදානම් වෙනවා. ඒ ගැන තතු මුලින්ම හෙළි කරන්නත් එක්කයි කේමදාසයන්ගේ බාල දියණිය වන ගයාත්‍රි කේමදාස මෙලෙස කතා බහට එක් වුණේ.
 
කේමදාසයන්ගේ ගුණ සැමරුම මෙවර වෙනස්ම ආකාරයකට පවත්වන්න සූදානමක් තිබෙන බව ආරංචි වුණා. ඇත්තටම කොහොමද මෙවර ඒ කටයුතු පෙළගස්වන්න හිතාගෙන ඉන්නේ?
අපේ තාත්තා ලංකාවේ චිත්‍රපට සංගීතය තුළත් විප්ලවයක් කරපු සංගීතඥයෙක්. ඒ නිසා තාත්තා චිත්‍රපට සංගීතය වෙනුවෙන් දැක් වූ දායකත්වය මෙවර ඔහුගේ ගුණ සැමරුමේදී යළි සිහිපත් කරන්න අපි තීරණය කළා. ලබන ඔක්තෝබර් මස 24 වැනිදාට තාත්තා අප අතරින් වියෝ වෙලා වසර 9ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් තාත්තා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපට පහක් ඇතුළත් චිත්‍රපට උළෙලක් පැවැත්වීමට අපි මේ වන විට කටයුතු සූදානම් කරමිනුයි ඉන්නේ. 
 
මොනවාද මේ චිත්‍රපට උළෙ‍ලේදී දිග හැරෙන චිත්‍රපට? 
ඔක්තෝබර් 20 වැනිදා සිට 24 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදීයි මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ. එහිදී ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට තමයි “ගොළු හදවත”, “බඹරු ඇවිත්”, “හංස විලක්”, “නිධානය” සහ “සිරි මැදුර”. මෙය සම්පූර්ණයෙන්ම නොමි‍ලේ පවත්වන චිත්‍රපට උළෙලක්.  
 
මේ චිත්‍රපට උළෙ‍ලේදී ප්‍රේක්ෂකයන්ට මුල් වරට විඳින්නට ලැබෙන අත්දැකීමුත් තිබෙනවා නේද?
ඔව්. මෙහි විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි “හංස විලක්” චිත්‍රපටය DVD ආකාරයට සංරක්ෂණය කිරීමෙන් අනතුරුව පළමු වරට ප්‍රදර්ශනය කෙරෙන්නේ මෙම චිත්‍රපට උළෙ‍ලේදී වීම. ඒ හැරුණාම මේ චිත්‍රපට උළෙලට සමගාමීව ප්‍රවීණ සහ නව පරපුරේ කලාකරුවන් සහභාගි කරගෙන සංවාද මාලාවක් පවත්වන්නත් අපි බලා‍පොරොත්තු වෙනවා. ඒකත් වෙනස්ම විදිහේ අත්දැකීමක් වේවි. 
 
කේමදාස මාස්ටර්ගේ දියණියන් දෙදෙනා කොහොමද ඔහුගේ උරුමය මේ වන විට ඉදිරියට ගෙනියන්නේ? 
අක්කා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරියක්. නමුත් ඇය සංගීතය අත්හැරලා නැහැ. විදෙස්ගත වෙලා හිටියත් ඇය එහි ඔකෙස්ට්‍රා එකකත් වාදනය කරනවා. මම හැදෑරුවේ සංගීතය. ඒ නිසා සංගීතය පැත්තෙන්ම තවත් ඉදිරියට යන එක තමයි මගේ අරමුණ. “තණ්හා රති රඟා” චිත්‍රපටයෙන් මම මෑතකදී චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් යොමු වුණා. 
 
ඒ වගේම ඔබ ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක්ම එළි දක්වන්න සූදානමින් සිටිනවා කියලත් ආරංචියි? 
ඔව්. මෑතකදී මම කූඩු කළ කිරිල්ලියක් ගී ගයන විට සහ වැට කඩුළු සහිත සංවාදයක් නමින් වෙනස්ම විදිහෙ Gallery Performance දෙකක් පැවැත්වුවා. ඉදිරියේදී තවත් චිත්‍රපට තුනක සංගීත කටයුතු කරන්න බාරගෙන තියෙනවා. ඒ වගේම සංගීත ඔපෙරාවක් කරන්නත් මේ දිනවල මම සූදානම් වෙනවා. 
 
කේමදාසයන්ගේ ගීත රැක ගැනීම අද වන විට ඔබලාට අභියෝගයක් වෙලාද? 
තාත්තාගේ ගීත මේ වන විට කේමදාස පදනමේ අයිතිය යටතේයි තිබෙන්නේ. අපි කවදාවත් තාත්තා සංගීතවත් කරපු ගීත භාවිත කිරීම කාටවත් තහනම් කරලා නැහැ. හැබැයි අඩුම තරමේ අපට දැනුම් දීමක්වත් නොකර ඒවා විවිධ අවස්ථාවන් සඳහා භාවිත කරන අයත්, ඒ ගීත ගායනා කරලා මූල්‍යමය වාසි ලබාගන්න ගායක ගායිකාවනුත් ඉන්නවා. අනික ජංගම දුරකථන සමාගම් පවා රිගින් ටෝන් විදිහට තාත්තාගේ සංගීතය යොදා ගත්තත් මේ වන තෙක් ඒ කිසිදු සමාගමක් ඒ සඳහා ලැබිය යුතු කර්තෘ භාග අපට ගෙවලා නැහැ. 
 
කිෂාන් කනංකෙ
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3121

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2964

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6014

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3592

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2180

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2995

Please publish modules in offcanvas position.

Web Analytics