Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

2017 වසර අවසන් වී 2018 වසර එළැඹෙන්නේ ඉන්දියාව ඉමහත් සතුටක ගිල්වමින් බව කීවොත් එහි වරදක් නැත. එ් අන් කිසිවක් නිසා නොව චීනයේ ‘සන්යා සිටි ඇරීනා’ හිදී 2017 නොවැම්බර් 18 වැනිදා පවත්වන්නට යෙදුණු ලෝක රූ රැජින තරගයෙන් තරගකාරියන් 118 දෙනෙකු අභිිිභවමින් 2017 ලෝක රූ රැජින ඉන්දියාවෙන් බිහි වීම නිසාය. ඈ නමින් ‘මනුෂී චිලර්’ය. ඉන්දියාවෙන් ලෝක රූ රැජිනක් මෙසේ බිහිවන්නේ වසර 17කට පසුවය. 2017 වසර අවසන් වෙමින් තිබිය දී ඉන්දියාව ලද මේ ජයග‍්‍රහණය ඔවුන්ට මහමෙරක් තරම් වටින්නේ මේ නිසාය.
මනුෂී චිලර් වෛද්‍ය ශිෂ්‍යාවකි. මොස්තර නිරූපණ ශිල්පිනියකි. එමෙන්ම කිවිඳියකි. 1997 මැයි 14 වැනිදා උපන් ඇය මෙයට පෙර ඉන්දියාව තුළ පවත්වන ලද ෆෙමිනා රූ රැජින තරගය ද ජයග‍්‍රහණය කළාය. ඇගේ මේ ජයග‍්‍රහණය සමගින් ඉන්දියාව මෙතෙක් බිහි කළ ලෝක රූ රැජිනියන් සංඛ්‍යාව හයකි. 
ඉන්දියාවෙන් මුලින්ම රූ රැජිනක් බිහි වන්නේ 1966 වසරේය. එ් රීටා ෆාරියාය. ඉන්පසු 1994 වසරේ දී අයිෂ්වර්යා රායි ලෝක රූ රැජින වූවාය. 1997 වසරේ දී ඉන්දියාව තවත් රූ රැජිනක් ලොවට දායාද කළ අතර ඈ නමින් ඩයනා හේඞ්න්ය. යුක්තා මූකී ලෝක රූ රැජින වෙමින් 1999 වසරේ දී ඉන්දියාව තවත් වතාවක් ලෝකය අමන්දාන්දයට පත් කළාය.  ඉන්පසු ලෝක රූ රැජිනක් ඉන්දියාවෙන් බිහිවන්නේ 2000 වසරේ දී ය. ඇය ප‍්‍රියංකා චොප්රාය. මනුෂී චිලර් ලෝක රූ රැජින වන්නේ ඉන් වසර 17කට පසුවය.
මනුෂී චිලර් ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ ගොවි පවුලක තරුණියකි. පරම්පරාවෙන් ගොවි පවුලක් වුවද ඇගේ පියා වෘත්තියෙන් වෛද්‍යවරයකි. ඔහු නමින් මිත‍්‍ර බාසු චිලර්ය. ඔහු ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ විද්‍යාඥයකු ද වන්නේය. මනුෂීගේ මව නීලම් චිලර් ද වෛද්‍යවරියකි. ඇය මානව චර්යා සහ අනුබද්ධ විද්‍යා ආයතනයේ මහාචාර්යවරියක සේම ස්නායු රසායන විද්‍යා අංශයේ අංශාධිපතිනිය ද වන්නීය. මේ අනුව මනුෂීගේ පවුල එසේ මෙසේ පවුලක් නොවන බව පැහැදිලිය.
නවදිල්ලියේ සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ මනුෂී සිය දෙමාපියන්ගේ අඩි පාරේ යමින් වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස සෝනිපත් හි පිහිටි කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ භගත් පූල් සිං රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූවාය. මනුෂී හොඳින් පුහුණු වූ කුචිපුඩි නර්තන ශිල්පිනියක් ද වන්නීය. කුචිපුඩි යනු ඉන්දියාවේ සාම්ප‍්‍රදායික නර්තනයන් සතෙන් එකකි. ඇය 2017 වසරේ ෆෙමිනා ඉන්දීය රූ රැජින තරගයට සහභාගි වන්නේ හරියානා ප‍්‍රාන්තය නියෝජනය කරමිනි.  
ලෝක රූ රැජින තරගයක අවසන් වටයේ දී ජයග‍්‍රහණයට මගපෙන්වන්නේ තරගකාරියන්ගේ බාහිර පෙනුම පමණක්ම නොවේ. ඔවුන් ලෝකය දකින බුද්ධිමත් ආකාරය ද මෙයට බලපාන්නේය. මනුෂීටද එය පොදුය. ඇයට මේ ජයග‍්‍රහණය හිමි කරදුන්නේ ඈ මාතෘත්වය සහ කාන්තාවන් පිළිබද පළකළ බුද්ධිමත් අදහස් නිසාය. මනුෂී අවසන් ජයග‍්‍රාහිකාවන් පස් දෙනා අතර සිටිද්දී ඇගෙන් පැනයක් අසනු ලැබිණි. ඇගෙන් අසනු ලැබූයේ ඉහළම වැටුපක් හිමි විය යුත්තේ කුමන වෘත්තියට ද යන්නය. ඇය පිළිතුරු දෙමින් පවසා සිටියේ මාතෘත්වයට යන්නය. එය මුදලින් මැනිය නොහැකි බවත්, එය මැනිය හැක්කේ ආදරය සහ ගෞරවය යන මිනිස් ගුණාංගයන්ගෙන් බවත් ඇය පවසා සිටියාය. තමාගේ ජීවිතයේ ලද සියලූ ජයග‍්‍රහණයන් පසුපස සිය මව සිටි බව ද ඇය මෙහි දී සිහිපත් කළාය. සෑම මවක්ම සිය දරුවන් වෙනුවෙන් ඉමහත් කැපවීමක් කරනා බව ද ඇය සඳහන් කළාය. ඉහළම වැටුප හිමි විය යුත්තේ මාතෘත්වයට යැයි ඇය හඬ නගා පවසා සිටියේ සවන් පිරී යන අනේක වූ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර රැසක් මැද්දේය. ඇගේ මේ ප‍්‍රකාශය ඇයට ලෝක රූ රැජින බවට පත්වන්නට මග එළි පෙහෙළි කළා පමණක් නොව ඇය ලෝකයේ සෑම දෙනෙකුගේම අතිශය ගෞරවයට පාත‍්‍රවන්නට ද හේතුවක් විය. 
මනුෂී චිලර් ලෝක රූ රැජින ලෙස කිරුළ පලදද්දී, දෙවෙනි තැනට මෙක්සිකෝවේ ඇන්ඩි‍්‍රයා මීසා ද, තෙවැනි තැනට එංගලන්තයේ ස්ටෙෆානි හිල්ද පත් වූවාය. මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් දුෂේනි සිල්වා ඉදිරිපත් වුවද ඇයට අවසන් 40 දෙනා අතරට පැමිණීමට හෝ හැකියාවක් ලැබුණේ නැත.
ඉන්දියාවෙන් මෙතෙක් බිහි වූ ලෝක රූ රැජිනන්ට අමතරව විශ්ව රූ රැජිනන් ද බිහි වී තිබේ. එ් 1994 දී සුෂ්මිතා සෙන් සහ 2000 දී ලාරා දත්තා වශයෙනි. මේ තරග දෙකෙහි ඇති වෙනස කුමක් දැයි යමෙකුට සිතෙන්නට පුළුවන. ලෝක රූ රැජින තරගය 1951 දී එක්සත් රාජධානියේ එරික් මෝර්ලි විසින් ආරම්භ කරන ලද්දක් වන අතර එහි වර්තමාන හිමිකාරිත්වය දරන්නේ ඔහුගේ බිරිද වන ජුලියා මෝර්ලිය. විශ්ව රූ රැජින තරගය 1952 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ රෙදිපිළි ව්‍යාපාරයක් වූ පැසිෆික් මිල්ස් මගින් ආරම්භ කරන ලද්දක් වන අතර එහි වර්තමාන හිමිකාරිත්වය දරන්නේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ එන්.බී.සී. සමාගම වේ. මේ තරග දෙකෙන්ම ඉන්දියාවට බිහි වූ රූ රැජිනන්ගෙන් බොහෝ දෙනෙක් බොලිවුඞ් නිළියන් බවට පත් වූහ. නමුත් නිළියන් වශයෙන් අතිශය සාර්ථකත්වයට පත් වූයේ අයිශ්වර්යා සහ ප‍්‍රියංකා පමණි. ඩයනා හේඞ්න්, යුක්තා මූඛි, නිළියන් වන්නට උත්සාහ කළ ද ඔවුන්ගේ සිනමා නිර්මාණ සාර්ථක වූයේ නැත. විශ්ව රූ රැජිනන් බවට පත් වූ සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා ද නිළියන් බවට පත් වූ මුත් එතරම් සාර්ථකත්වයක් හිමි වූයේ නැත. ඉන්දියාවේ මුල්ම ලෝක රූ රැජින වූ රීටා ෆාරියා මේ සදහා මග විවර කර ගත්තේ මෝස්තර නිරූපණයෙනි. ඇය  සිනමාවට සම්බන්ධ වූ නමුත් පසුව මේ සියල්ල අතහැර වෛද්‍යවරියක වූවා ය. ඇය දැනට අයර්ලන්තයේ ඩබ්ලින් හි වාසය කරන්නී ය.
2017 වසරේ ලෝක රූ රැජින වූ මනුෂී චිලර් වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයගේ දෙමාපියන් ද වෛද්‍යවරුන්ය. ඇය ඉන්දියාවේ නිසා බොලිවුඞ් සිනමාවෙන් ඇයට නිසැකවම ඇරයුම් ලැබෙනු ඇත. කෙසේ නමුත් ඇය අයිශ්වර්යා, ප‍්‍රියංකා ආදීන්ගේ මාවතේ යනු ඇති ද නැතහොත් රීටා ෆාරියා මෙන්ම වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ජීවිතය කැප කරනු ඇති ද යන්න බොහෝ දෙනෙකු අසති. අනාගතය මේ සියල්ල තීරණය කරනු ඇත.
 
නිරංජන් චාමින්ද කරුණාතිලක

මේ වෙන කොට ඔබ ඔබව හඳුන්වා දෙන්නේ කවුරුන් විදියටද? 
මහජනයා වෙනුවෙන්ම කැපවූ මහජන සේවිකාවක් කිව්වොත් ගොඩක් කැමතියි. හැබැයි ඔබ කැමති නම් නිළියක් විදියට මා හඳුනාගත්තත් වරදක් නෑ. 
 
දැන් ඔබ රඟපාන්නේ නැත්තේ ඇයි? 
මම රඟපෑම පැත්තකට තියලා ජනතා සේවයට ආවා. මේ නිසා මුළු රටේම ජනතාව පහුගිය අවුරුදු 10 ඇතුළත මගේ රඟපෑමක් දැකලා නැහැ. දේශපාලන කටයුතුවලට යොමු වුණ හින්දා මට කලා කටයුතු වලින් ඈත් වෙන්න සිද්ධ වුණා. 
 
දේශපාලනය කරන්න ගිහින් ගීතා කුමාරසිංහ කියන ප්‍රවීණ ජනප්‍රිය දක්ෂ නිළියගේ ප්‍රතිරූපයට හානියක් වුණා කියලා හිතෙන්නේ නැද්ද? 
ඇයි අපි එහෙම හිතන්නේ.  අද ලෝකේ ජනප්‍රිය නළු නිළියන් ලොකු ලොකු දේශපාලනඥයෝ වෙලා ඉන්නේ ඕන තරම්. ඉතින් නිළියක් වීමම මගේ දේශපාලන ජීවිතයට පහසුවක්නේ. මොකද මගේ නම කියූ සැණින් මිනිස්සු මාව දන්නවනේ. 
 
ඔබ හිතන්නේ එදා ජනතාව අතර හිටපු ප්‍රවීණ, ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනිය තවමත් ජනතාව අතර ඉන්නවා කියන එකද? 
ඔව්. මම මිනිස්සු අතර නැත්නම් කොහොමද දෙරණ ස්ටාර් සිටි කිරුළ දිනා ගන්්නේ්. මහ ජනප්‍රිය අයව පරාජය කරලා කොහොමද අංක එකට ආවේ. ඒකෙන්ම ඔප්පු කළා. මට තව චරිත කරන්න පුළුවන්. මට තව රඟපාන්න පුළුවන් කියලා. හොඳ චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම එය බාර ගන්නවා. 
 
අද තිබෙන සිනමාව ගැන ඔබ මොකද හිතන්නේ? 
මට ඒ ගැන කතා කරන්න කලිින් ටිකක් අධ්‍යයනය කරන්න ඕනේ කාලයක් ක්ෂේත්‍රයේ හිටපු නැති නිසා එක පාරටම යමක් කියන්න බැහැ. මොකද මම වැරදි දෙයක් කිව්වොත් කාට හරි අසාධාරණයක් වෙන්න පුළුවන්. 
 
පසුගිය කා‍ලේ දේශපාලනයට ඇවිත් ඔබ බොහෝ දේ අහිමි කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද? 
ඇත්ත. මං මගේ පුරවැසිභාවය පවා අහිමි කරගත්තා. මගේ සැමියා පවා මාත් එක්ක තදින්ම උරණ වුණා. ඒක එයාට විසඳන්න බැරි ප්‍රශ්නයක් වුණා. දැන් මට පුරවැසිභාවයත්් නැති වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් නැති වුණා. ඒත් මට සැනසිල්ලකට තියෙන්නේ එදා වගේම  අදටත් මට ආදරේ කරන ජනතාව මාත් එක්ක ඉන්න එකයි. 
 
ඔබේ දුව ගැනත් විවිධ කට කතා පැතිරුණා නේද? 
මගේ දුවව මේවාට ගාවගන්න එපා. මගේ දුව පත්තරවල පින්තූරයකට පවා පෙනී ඉන්න කැමති කෙනෙක් නමෛයි. මට මඩ ගහන අයට මම කියන්නේ ඕන මඩක් මට ගහන්න.  මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න කියලයි. ගොසිප් වබේ අඩවිවලට ඉතින් ඕන තරම් දේවල් කියන්න පුළුවන්. ඒත් ඒවා ඇත්ත ‍නෙවෙයි. අපේ ගෙදර ගෑස් ටැංකිය පිපිරුණා. ඔය සමහර ඕප දූප වබේ සයිට් අනතුරෙන් පස්සේ මගේ මුහුණ පිච්චිලා වගේ වෙන අයගේ පින්තූර දැම්මා. මාසයයි දවස් පහයි ගියේ. ජනතාව මාව දැක්කා. මං දැන් කලින් හිටියාටත් වඩා ලස්සනට ඉන්නවා කියලා හැමෝම තේරුම් ගත්තා. 
 
සමන්මලී නැලිගම 
 
ඡායාරූප: දයාන් විතාරන

තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
පුතා (සාරංග දිසාසේකර) ඉපදුණු දවස තමයි මම මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවස. මම වැඩියෙන්ම දුක්වූයේ මගේ වැඩිමල් සොයුරියන් අකාලයේ මියගිය අවස්ථාවේ.
 
ඔබ සතුට හා දුක විඳදරාගන්නේ කොහොමද?
ඔය හැඟීම් දෙකම බෙදාහදා ගන්න මට පුළුවන්. සතුට දනවන දෙයක් වුණාම එය තවත් කෙනෙකුට කියලා එයත් එක්ක සතුට බෙදාගන්නවා. ඒ වගේම දුකක් දැනුණම කාත් එක්ක හරි කියලා හිතේ දුක තුනී කරගන්නවා.
 
තමන්ගේ දුක, තමන්ගේ ප්‍රශ්න තව අයට කියන්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙලා ඒ දුක වැඩිවෙනවා කියා ඇතැමුන් කියනවා. ඔබ එය පිළිගන්නවාද?
පෞද්ගලිකව මට නම් එහෙම වෙලා නැහැ. මොකද මට ඇතිවෙලා තියෙන්නේ තව කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්න නමෛයි. ඒ වගේම මට ප්‍රශ්නයක් වුණාම මම ඒක හැමෝටම කියන්න යන්නේ නැහැ. මට සමීපතම පවු‍ලේ කෙනෙකුට තමයි කියන්නේ. තමන්ගේ ප්‍රශ්න හැමෝටම කියන්න යන අයට ඔය තත්ත්වය ඇතිවෙනවා. ඒ වගේම තව කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්න තියෙන අයට නම් තමන්ගේ ප්‍රශ්න වෙන අයට කියන්න ගියොත් ඔය වගේ තත්ත්වයක් උදාවන්න පුළුවනි. ඒ වගේ අවස්ථාවල නම් ඉතින් නිහඬවම එය හංගාගෙන ඉන්න තමයි වෙන්නේ.
 
තිලකාට දුක හා සතුට නිහඬව විඳදරා ගන්න හැකියාවක් නැද්ද?
ගොඩක් හොඳ හැකියාවක් තියෙනවා. මගේ ජීවිතේ දුක දැනුණු අවස්ථා ගොඩාක් මම ඒ දුක තනිවම දරාගෙන හිටියා.
 
ඔබේ විවාහය තුළින් ඒ වගේ දුක්බර අවස්ථා තිබුණා නේද?
දුක්බර බව කියනවාට වඩා ගැටලු සහගත බව කිව්වොත් වැරදි නැහැ. මගේ සැමියා (නාරද දිසාසේකර) සහ මගේ විවාහය දෙදරා යන්නට හේතු වුණේ ඔහුගේ බිමත්කම හා අපේ නොගැළපීම. නමුත් වෙන්ව ගිය පසු වුණත් අවශ්‍ය අවස්ථාවලදී අපි කතාබහ කළා. තනියම පුතාව හදාගන්න එකත් මට දුකක් වුණේ නැහැ. මගේ අයියා (ඩග්ලස් රණසිංහ) මට ලොකු ශක්තියක් වුණා.
 
ඔබ හිතන විදියට වඩාත්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
තනිකඩ ජීවිතයේ සතුට තියෙන්නේ වගකීම් රහිත නිදහස් සැහැල්ලු බව එක්ක. ඒත් විවාහයකදී ජීවිතයට වගකීම් එනවා. දරු මල්ලන් ලැබෙනවා. විවාහ ජීවිතයේ සතුට තියෙන්නේ ඒ සංකීර්ණ බව එක්ක. මම හිතන්නේ ජීවිතයට වගකීම් අවශ්‍යයි. දරුවන් අවශ්‍යයි. ඒ හින්දා වැඩියෙන්ම සතුට තියෙන්නේ විවාහ ජීවිතය තුළ.
 
විවාහය සතුටක් නම් දෙවැනි විවාහයක් ගැන හිතා ජීවිතයට අහිමි වූ සතුට ළඟා කරගන්න හිතුවෙ නැත්තේ ඇයි?
ගිනිපෙනෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණාමැදිරි එළියටත් බයයිලු. මටත් දෙවැනි විවාහයක් ගැන හිතන්න කියලා අයියලා කියද්දී හිතුණේ එහෙම. අනිත් කාරණාව දෙවැනි විවාහයක් ගැන හිතන්නේ සැමියකුගේ ආදරය රැකවරණය අවශ්‍ය නම් විතරයි. මට මගේ අයියලාගේ රැකවරණය තිබුණා. ඒ වගේම වෘත්තිය තුළ කාර්ය බහුල වුණා. මගේ දරුවා මගේ ජීවිතේම වුණා. ඒ හින්දා ආදරයක අවශ්‍යතාව දැනුණෙ නැහැ. දෙවැනි විවාහයක් කරගත්තත් ඔහු මගේ දරුවට තාත්තා කෙනෙක් වෙයිද කියන ප්‍රශ්නය තදින්ම තිබුණා. ඔන්න ඔය හේතු හින්දා දෙවැනි විවාහයක් මට අවශ්‍ය නැහැ කියලා හිතුවා.
 
ඔබේ පුතුගේ ජීවිතයේ සතුට හා දුක ඔබටත් ඒ විදියටම දැනෙන්න ඇති...
ඒක හැම අම්මා කෙනෙකුටම ‍පොදු දෙයක්. තමන්ගේ සතුටට වඩා දරුවන්ගේ සතුට අම්මට දැනෙනවා. දරුවකුට දුකක් වුණාම ඒකත් ඒ අම්මට තදින්ම දැනෙවා.
 
සාරංගගේ ජීවිතයේත් අර්බුදකාරී තත්ත්වයන් හා දුක්බර අවස්ථා ඇතිවුණා. 
ඔව්. ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා පුතාගේ ජීවිතයට සතුට උදාවෙනවා දකින එක තමයි දැන් මගේ ලොකුම සතුට. 
 
ආරියවංශ කුලතිලක
 

නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන් සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය නිසයි. නතාෂා වගේම ප්‍රිහානුත් ජනප්‍රිය ගායකයෙක් නිසා මේ දෙදෙනා ගැන තොරතුරු හොයන රසික රසිකාවියන්ගෙනුත් අඩුවක් නැහැ. තමන් ආදරය කරන මේ කලාකරුවන් දෙදෙනා ආයෙමත් ලංකාවට එන්නේ නැද්ද කියලා අහපු පිරිසකුත් හිටියා. මේ කුතුහලයත් එක්ක තමයි නාතාෂයි ප්‍රිහානුයි ආයෙමත් ලංකාවට ඇවිත් තිබුණේ.
 
නතාෂා ලංකාවෙන් ගියේ ආයේ කවදාවත් ලංකාවට නොඑන්නද කියලා රසිකයන් විමසනවා ?
මම කොහොමද ලංකාවට එන්නේ නැතිව ඉන්නේ. මේ මගේ රට. මගේ අම්මා. රසිකයන් ඉන්නේ මෙහේ. ඒ හින්දා මට ලංකාවට නෑවිත් ඉන්න බැහැ.
 
ඒ කියන්නේ ආයෙ කවදාවත් ලංකාව හැරදාලා යන්නේ නැහැ...
නැහැ. මට ආයෙම යන්න වෙනවා. සමහර විට මේ පුවත්පත් ලිපිය පළවෙනකොට මමයි ප්‍රිහානුයි ලංකාවේ නැති වේවි.
 
නතාෂා පසුගියදාක නීතිඥවරියක් විදියටත් දිවුරුම් දුන්නා නේද?
ඔව්. දැනටත් මම රැකියාව විදියට තෝරාගෙන තියෙන්නේ නීති ක්ෂේත්‍රය තමයි.
 
ඕස්ට්‍රේලියාවේද?
ඔව්. අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. මම එහේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් තමයි කරන්නේ.
 
එතකොට ප්‍රිහාන්?
ප්‍රිහාන් එයාගේ ව්‍යාපාර කටයුතු කරනවා. ඒ හින්ද නිතරම ලංකාවට එනවා.
 
නතාෂා රංගනය, ගායනය නිවේදනය වගේම නිරූපණය තුළත් රැඳී සිටියා. දැන් ඒ පිළිබඳ ලොකු ආශාවක් නැද්ද?
නිරූපණය තුළ මම කළේ Photo Shoot වලට ඉන්න එක විතරයි. මේ වතාවේ ලංකාවට ආවට පස්සෙත් මනාලියන් දැක්මක් සඳහා ඡායාරූපවලට පෙනී සිටියා. අනෙක් කලා කටයුතුවලට නම් දායක වුණේ නැහැ.
 
ආයෙමත් ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැද්ද?
ආරාධනා නම් රැසක් ලැබුණා. ඒත් හොඳ නිර්මාණ තිබුණේ නැහැ. ඒ හින්දා තමයි දායක වුණේ නැත්තේ. ගීතයක් කරන්න නම් අදහසක් තියෙනවා.
 
ප්‍රිහාන්ගේ අලුත් නිර්මාණයන් ළඟදී අහන්නට ලැබුණෙත් නැහැ.
ප්‍රිහාන්ගේ “යායට පායනා” ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් ඉන් පසුව ප්‍රිහාන් අලුත් නිර්මාණ මොකුත් කළේ නැහැ. අපි ඊළඟ වතාවේ ලංකාවට ආවම අපි දෙන්නාගේම අලුත් නිර්මාණයක් කරන්න බලා‍පොරොත්තු වෙනවා. 
 
ඡායාරූප - අසන්ත ගමආරච්චි 
 
ආරියවංශ කුලතිලක

බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර ‍පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියෙන් වාර්තා‍ වෙයි.

එම සිදුවීම මෙසේය,

මෙම පනස්පස් හැවිරිදි බැංකු නිලධාරියා  විසිනව හැවිරිදි කාර්යාල සේවිකාව සමඟ වසර පහකට වැඩි කාලයක් තිස්සේ අනියම් සබඳතාවයක් පවත්වා  ගෙන ගොස් ඇත.  මේ බව නොයෙක් අයුරින් වරින්වර මෙම අධිකරණ නිලධාරිනියට දැන ගැනීමට ලැබී තිබේ.  ඉන් පසු ඇය ඔවුන්ට රහසින් ඒ යුවල යනෙන තැන් පිළිබඳ විමසිල්ලෙන් හිඳ තිබේ. මේ අතර මෙම යුවල පසුගිය සිකුරාදා දහවලක් 'මධුසමයක්' ගත කිරීම සඳහා අනුරාධපුරේ නිවාඩු නිකේතනයකට ගොස් ඇත. එවිට ඒ පිළිබඳව කල් තියා කරුණු දැන සිටි මෙම නිලධාරිනිය තම සොයුරන්ට දන්වා ඇත්තේ ඔවුන් ලුහු බැඳ ගොස් අතටම අල්ලා ගන්නා ලෙසය.

එවිට එම යුවළට රහසින් ඔවුන් පිටුපස ලුහුබැඳි අධිකරණ නිලධාරිනියගේ සහෝදරයන් පිරිසක් ඔවුන් දෙදෙනා එහිදී අතටම අල්ලාගෙන අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට බාර දී තිබේ.

 එහිදී  පොලිසියට පැමිණි බිරිඳ හා සැමියා ඇතුළු සියලු පාර්ශ්වයන් අතර උණුසුම් වචන හුවමාරු සිදුවෙද්දී ‍පොලිස් නිලධාරීන් සියලුම දෙනාට කරුණු පැහැදිලිකර ගැටුම සමාදානයෙන් විසඳා  සමථයකට පත්කර ගැනීමට උපදෙස් දී ඇත.

මෙම තරුණ කාර්යාල සේවිකාව තම විවාහයට පෙර සිටම මෙම බැංකු නිලධාරියා සමඟ අයතා සබඳතාවක් පවත්වා ඇති බවද ඇගේ සැමියා විදේශ ගතවීමත් සමඟ එම සම්බන්ධය තදින්ම පැවත්වා ඇති බවද අනාවරණය විය.  මින් කෝපයට පත් අධිකරණ සේවිකාවගේ සහෝදර පාර්ශ්වයෙන් කාර්යාල සේවිකාවට තදබල තර්ජන එල්ලවීම නිසා නිවසට යාමට කැකිරාවට දක්වා ධාවනය වන බස් රථයකට ඇය ඇරලවීමට පවා ‍පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගතහොත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරීන් ඔවුන්ට අවවාද කොට ඇත.

මෙහි විශේෂත්වයක් වන්නේ  බැංකු නිලධාරියා හා සමඟ අනියම් සබඳතාව පවත්වන කතගේ වයසට සමාන වයසක විවාහක දරුවකුද ඔහුටද සිටිමය.  සිද්ධිය සමථයකට පත්වී නිවසට ගිය බැංකු නිලධාරියාගේ මෝටර් රථයේ ටයර් කපා අලාභ හානි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

කෙසේ හෝ බොහෝ දෙනෙකුට කනින් කොනින් ආරංචි වී තිබූ මෙම ‍සබඳතාව ලැව් ගින්නක් මෙන් පැතිර යාම නිසා එම නිලධාරියාටත්, කාර්යාල සේවිකාවටත් සමාජ  අවමානයකට ලක්වීමට සිදුව ඇති බවද වාර්තා වේ.

 

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුරය

 

අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින් ඉහළට ඇදෙද්දී, එහි ගමන් කරමින් සිටි දිල්හානිට බියක් නම් දැනුණේ ම නැත. එහෙත් තත්පරෙන් තත්පරෙන් ගුවන් යානය ඉහළ අහස් කුස සිපගනිද්දී, නුහුරු තිගැස්සමක් ඈ සිතේ පෙරළි කළා ය. නමුදු කළ නොහැක්කක් නොමැති වග සිතට සපථ කර ගත් ඈ, යානාව ගුවන් ගැබේ අඩි දහසේ සීමාව සලකුණු කරද්දී, දෑස් වසාගෙන ම හෙලිකොප්ටරයෙන් බිමට පැන්නා ය. නිමේෂයකින් තමන් සතු පැරෂුටය දිගහැරගත් ඕ, කිරිල්ලියක සේ පාවෙමින් තත්ත්පර කිහිපයකින් උහන ගුවන් හමුදා පිටියෙහි තණ නිල්ල සිපගත්තේ,  ශ්‍රී ලාංකේය පැරෂුට් ඉතිහාසයේ තවත් නව පිටුවක් පෙරළමිනි. 
විශේෂ කාර්ය බළකායේ කාන්තා උප‍පොලිස් පරීක්ෂක දිල්හානි කාංචනා පෙරේරා නම් වන ඇය, වසර එකසිය පනහක් පැරණි ‍පොලිස් ඉතිහාසයේ පැරෂුටයක් මඟින් බිමට පීනු, මුල්ම සෙබළිය ලෙස ඉකුත් පළමුවැනිදා එලෙස ඉතිහාසගත වූවාය. ‍පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ කාර්ය බළකාය ඇරඹෙන්නේ අසූව දශකයේ මුලදීය. ප්‍රභූ ආරක්ෂාව සඳහා සහ එල්.ටී.ටී.ඊ. ය මැඩලීමට මුලින්ම ඇරඹුන විශේෂ කාර්ය බළකාය අද ‍පොලිස් දෙපාර්තමේන්තුව සතු විශිෂ්ටතම ඒකකයකි. එස්.ටී.එෆ්. හි කාංචනාට පෙර පැරෂුට් මගින් බිමට පීනු කාන්තාවක් නියෝජනය කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ය.
ඒ අනුව ලාංකේය ඉතිහාසයේ කාන්තාවක් පළමු වතාවට පැරෂුටයකින් බිමට පැන්නේ ඉකුත් දෙදහස් අටේදීය. ඇය ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තුෂාරි නයනා දිල්රුක්ෂි හේවාගමගේය. ඉකුත් දෙදහස් අටේ පෙබරවාරි අටවැනිදා, උහන ගුවන් පථයෙන් අහසට නැඟි වයි 12 ගුවන් යානාව අහස දෙබෑ කරමින් අඩි එක්දහස් පන්සියයක් උසට නැඟගත් කල්හි ඇය ඒ වාර්තාව තමන් සතු කරගත්තාය. නයනා දිල්රුක්ෂි ගුවන් හමුදාවේ එවැනි හපන්කමක් කළ ද ‍පොලිසියේ මතෛක් කල් පැරෂුට් පනින්නියක් සිටියේ නැත.
නාවික හමුදාවේ සේවයේ නියුතු සුගත් දිසානායකගේත්, ධම්මිකා කල්දේරාගේත්,  සිහිනය සැබෑ කරමින් එක්දහස් නවසිය අනූහතරේ මෙලොව එළිය දුටු දිල්හානි කාංචනා කුඩා කාලයේ සිට සිහින මැව්වේ නර්තන ගුරුවරියක් වන්නට ය. ඇය මුලින් ම අධ්‍යාපනය ලැබූයේ කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙනි. ද්විතියික අධ්‍යාපනය සඳහා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එක්වන ඇය, එහි උසස් පෙළ එකල ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්තේ, අපරාධ විද්‍යාව සම්බන්ධයෙනි. උසස් පෙළින් පසු, විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරගන්නට නොහැකි වූ නිසා, විද්‍යාපීඨය සඳහා ඉල්ලුම් කළාය. නමුදු ඒ ගැන එතරම් බලා‍පොරොත්තු තබා නොගත් ඇය ‍පොලිස් සේවය සඳහා තිබූ පුරප්පාඩුවකට ඉල්ලුම් කළේ, විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා කාලයක් ගත වන බැවිනි. නිලඇඳුමට ආසාවෙන් ඇය විශේෂ කාර්ය බලකා නිලධාරිනියක් වන්නේ ඒ අනුවය. ඒ දෙදහස් පහළොව වසරේ ජූනි දහඅටවැනිදා, විශේෂ කාර්ය බළකායේ 73 මූලික පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙමිනි. මේ වන විට විද්‍යාපීඨයෙන් ද කැඳවීම් ලැබුණත්, ගුරු සිහිනය අතහැරි ඕ නිලඇඳුමට හා ගිනි අවියට පෙම් බැන්දාය. මූලික පුහුණු පාඨමාලව සාර්ථකව අවසන් කළ ඇය අම්පාර විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත වන්නේ ඉකුත් දෙදහස් දහසයේ දී ය.
දෙසිය දෙනෙකුගෙන් පමණ සමන්විත වන විශේෂ කාර්ය බළකා කාන්තා බලඇණියට ඉකුත් අප්‍රේල් මාසය ඉතා සුවිශේෂී විය. ඒ, ඔවුන්ට ද ගුවන් පැරෂුට් පාඨමාලාව සඳහා අයැදුම් කරන්නට අවස්ථාවක් හිමි වීම නිසාය. ඒ අදහස විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්ෂ, පුහුණු, ‍පොලිස් අධිකාරි එස්. ඩබ්ලිව්. ඒ. බි. දවුලුගල  ඇතුළු නිලධාරීන්ගේ ය. විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් මේ සඳහා ලැබුණේ නොමඳ සහයකි.
“අද වෙද්දී ඕනම ක්‍ෂේත්‍රයක සංවර්ධන කාර්යයකදී කාන්තා දායකත්වය සියයට හතළිහක පමණ ප්‍රතිශතයක් ගැන සළකා බැලෙනවා. ඒ නිසා අපේ කාන්තා බළකායත් සියලු කාර්යයන්ට සුදුසු කණ්ඩායමක් බවට පත් කළ යුතු යැයි අපි කල්පනා කළා.” ‍පොලිස් අධිකාරී දවුලුගල පවසන්නේ ය.
ඒ අනුව මූලිකව සෙබළියන් අටදෙනෙක් අම්පාර උහන ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාස‍ලේ මාස එකහමාරක පුහුණුවක් සඳහා තෝරා ගැණිනි. ඉන් සිව් දෙනෙක් මූලික වටයේ සුදුසුකම් සම්පූර්ණ කර තිබූ  අතර, පැරෂුටයක් මඟින් බිමට පනින්නට ඉන් දෙදෙනෙකුට අවස්ථාව හිමිවිය. උප‍පොලිස් පරීක්ෂකදිල්හානි කාංචනා ගුවන් පැරෂුට් ඉතිහාසයට එක් වන්නේ ඒ අනුවය. ඇයගේ පිම්මට පසු, ඒ අභියෝගය ජයගත්තේ විශේෂ කාර්ය බළකායේ කාන්තා ‍පොලිස් කොස්තාපල් නිර්මලා සේනානායකය. විශේෂ කාර්ය බළකායේ හැටහත් වෙනි මූලික පාඨමාලාව හදාරමින් ඈ විශේෂ කාර්ය බළකායට එක්වන්නේ ඇතුගල්පුරයෙනි. ඒ, ඉකුත් දෙදහස් දහයේදී ය.
‍පොලිස් සේවයේ ම අවුරුදු දහඅටක සේවා ඉතිහාසයක් ඇති බි. එම්. සේනානායක ඇයගේ පියාය. ඩී. එම්. කුසුමලතා ඇයගේ ආදරණීය මෑණියන් ය. කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයෙන් අකුරු කෙරූ ඇය ද උසස් පෙළ අවසන් වීමත් සමඟ විශේෂ කාර්ය බළකා සේවයට එක්වන්නේ එහි නිලඇඳුමට පෙම්බඳිමිනි. “ඔයාට පුළුවන් කියලා හිතෙනවා නම් ඔයා මේ අභියෝගය භාරගන්න” ඈ පැරෂුට් පිම්මකට සූදානම් වන බව දැනගත් ඇගේ පියා ඈට පැවසූයේ එලෙසිනි. ඒ ආශිර්වාදය ශක්තියක් කරගත්තී, ඉකුත් පළමුවැනිදා,  එම්. අයි.17 වර්ගයේ ගුවන් යානයෙන් පැරෂුටයක ආධාරයෙන් බිමට පැන්නාය. ඇය පැරෂුට් මඟින් බිමට පීනූ, මුල්ම විශේෂ කාර්ය බළකායේ දෙවැනියාය. 
පැරෂුට් පාඨමාලාවකට එක්වන පිරිසකට මුලින් ලැබෙන්නේ ගොඩබිම් පුහුණුවයි. පැරෂුටයකින් ‍පොළවට ළඟාවන මොහොතේ දී ක්‍රියාකළ යුතු පිළිවෙත් ගැන එහිදී අවබෝධය දෙයි. ගොඩබිම් පුහුණුව සඳහා මේ පුහුණුවේදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව දිල්හානි පවසන්නී ය.
“සති දෙකහමාරක් පමණ අපි ගොඩබිම් පුහුණුව ලැබුවා. එහිදී, අඩි හතරක් උස බිත්තියකින් බිමට පනින ගමන්, ‍පොළව ආසන්නයේදී අපේ පාද හා ශරීරය හසුරුවාගත යුතු ආකාරය ගැන පුහුණුවක් දෙනවා.”
ඉන්පසුව ලැබෙන්නේ, පැරෂුටයකින් බිමට පනින විටක උද්ගත විය හැකි හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ පුහුණුවකි. සුළඟ වේගයෙන් හමන අවස්ථාවකදී පැරෂුටය හසුරුවා ගත යුත්තේ කෙසේද, විදුලි රැහැනකට හෝ ගසකට පැරෂුටය වැටුණහොත් කළ යුත්තේ කුමක් ද, ආදී දේ ගැන එහිදී කරුණු කියාදෙයි. මේ පුහුණුව සාර්ථකව නිම කළ සෙබළියෝ ඉන් අනතුරුව පුහුණු කඳවුරේ ස්ථාපිත කර ඇති අඩි තිස්හතරක් උස කුළුණකින් බිමට පැන්නාහ. “ඒ පුහුණුව දෙන්නෙ උසකින් බිමට පනින්න ඇති බය නැති කරගන්න” දිල්හානි පවසන්නීය.
මේ පුහුණුවෙන් අනතුරුව ඉකුත් නොවැම්බර් පළමුවැනිදා අඩි දහසක් ඉහළ අහසේ සිට පැරෂුටයකින් මහ‍පොළවට පීනූ, විශේෂ කාර්ය බළකා සෙබළියෝ ඉන්පසු තවත් පිමි හතරක් පැන්නෝය. මේ පිමි පහෙන් එක් පිම්මක් පැන්නේ රාත්‍රී කාලයේදී ය. ‘අහසේ පාවෙද්දී මොනවාද හිතුණේ’ දිල්හානිගෙන් අපි විමසුවෙමු.
“මං අහස දිනුවා කියලා හිතුණා. මීට කලින් අපේ බලඇණියෙ කවුරුත් නොකරපු දෙයක් මං කළා නේද කියල හිත හිතා තමයි පහළට ආවෙ.”
“මුලදී නම් බය හිතුණා. ඒත් අනිත් අයත් කරනවා නම් ඇයි මට බැරි කියලා හිතාගෙන මම බිමට පැන්නෙ. ‍පොළවට ආවට පස්සෙ දැනුණෙ ලොකු ජයග්‍රහණයක් කළා නේද කියලා හිතුණා.” නිර්මලා පවසන්නීය.
එලෙස ඓතිහාසික වූ මේ සෙබළියන් දෙදෙනාගේ ඊළඟ බලා‍පොරොත්තුව, අඩි 13900 ඉහළ අහසේ සිට නිදහස් පිම්ම පනින්නට ය. එහි විශේෂත්වය වන්නේ, අඩි 10900 දක්වාම පහළට එන්නේ, පැරෂුටය දිග නොහැර නිදහසේ ගුවනේ පාවෙමින් වීමය. දිල්හානි පවසන්නේ, ඒ සඳහා ලබන ජනවාරියේදී පමණ ආරම්භ වීමට නියමිත ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාඨමාලාවට සම්බන්ධ වීමට ඔවුන් දෙදෙනාට අවස්ථාව හිමිවී ඇති බවය.
“අපේ ඊළඟ අරමුණ තමයි මේ සෙබළියන් දෙදෙනා පැරෂුට් පිමි සංදර්ශන කණ්ඩායම සඳහා පුහුණු කරවීම. අදාළ පුහුණුවීම්වලින් පසුව ලබන 2018 නිදහස් උළෙ‍ලේ සංදර්ශන කණ්ඩායමට මොවුන් දෙදෙනාත් ඇතළත් කරවීමට අපි බලා‍පොරොත්තු වෙනවා.” ‍පොලිස් අධිකාරී දවුලුගල පවසන්නේ ය.
ඔහු එසේ පැවසුවාට තවත් වරක් තම දියණිය ඉහළ අහසින් බිමට පනිනවාට දිල්හානිගේ අම්මා නම් ටිකක්වත් කැමති නැත. ඇය ‍පොලිස් සේවයට එක්වනවාට දෙමාපියන්ගේ අකමැත්තක් නොතිබුණ ද විශේෂ කාර්ය බළකායට එක්වීම ගැන නම් මුල සිටම ඔවුහු විරෝධය පෑහ. අවසානයේ දියණියගේ කැමැත්තට ඉඩ දුන්න ද පැරෂුට් පිම්මකට එක්වීම ගැන නම් අම්මා කොහෙත්ම කැමති වූයේ නැත. තාත්තා මෙන් ම තම ආදරවන්තයාද ඊට එතරම් කැමැත්තක් දක්වා නැත. ඒ සියල්ල අතරේ දිල්හානි ඒ සඳහා ඉල්ලුම් කළේ, අම්මාගේ බැණුම් වරුසාවක් මැදිනි.
“මගේ කැමැත්තට ඉඩදීලා නිහඬ වුණාට, මම පැරෂුට් පිමි පහ පැන්න දවස් පහේම අපේ අම්මාට නින්ද ගිහින් තිබුණෙ නැහැ. ඇය පන්සල් ගිහින් බෝධි පූජා පවත්වමින් ඉඳලා. දැන්නම් සතුටුයි. ඒත් ආයෙම ඒ වගේ දෙයක් කරනවාට ඇය කැමතිම නැහැ. මටත් බය නොහිතුණාම නමෛයි. ඒත් අපි දෙන්නම කැමතියි ආයෙම ඊළඟ අභියෝගයත් ජයගන්න.” දිල්හානි පවසන්නීය.
 
ගයාත්‍රි ගීගනආරච්චි 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4687

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3354

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4824

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5445

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6268

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3835

Please publish modules in offcanvas position.

X

Right Click

No right click