Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

'මනමාලිගෙ පල්ලම' අපට මේ නම අසන්නට ලැබුණේ පසුගිය දිනක බී 146 දරණ ඌරාපොළ - කිරිඳිවැල -  හංවැල්ල මාර්ගය ඔස්සේ එමින් සිටියදී අතරමඟදී හමුවන රතඹලේ ප්‍රදේශයේ ගැමියෙකුගෙනි.

"ඔය මනමාලිගෙ පල්ලම පහුකරලා ටික දුරක් ගිහම...."  ඔහු අප විමසා සිටි ගමනාන්තය දක්වා සිටියේ එලෙසිනි.

"මොකක්ද මනමාලිගෙ පල්ලම කියන්නේ?" 

විමසූ කාරිය පසෙක තිබිය දී මම ඔහුගෙන් අසා සිටියෙමි.

"ඔතන මහපාරෙ මිනිස්සු බිලිගන්න තැනකට. අවුරුද්දකට පාරක් අඩුම ගාණෙ කවුරුහරි බිලිවෙනවාම තමයි. සමහර අවුරුදු වල දෙතුන් දෙනෙක් බිළිවෙන අවස්ථාත් තියෙනවා." හෙතෙම කීය.

"ඉතිං මොකද ඔතනට මනමාලිගෙ පල්ලම කියන්නේ?"

"දැන් කාලෙකට ඉස්සර කසාද බැඳලා යන මනමාලියෙක් ඔය පල්ලමේ දී වාහනේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා. ඊට පස්සේ දිගින් දිගටම ඔතන ඇක්සිඩන්ට් වෙනවා. රෑ කාලෙ තමයි වැඩිපුරම ඇක්සිඩන්ට් වෙන්නේ. සමහරු කියන්නේ ඒ මැරිච්ච මනමාලිගෙ අවතාරෙ මහ රෑ එක සැරේටම පාරට පනිනවා. එතකොට ඩ්‍රයිවර්ලට කර කියා ගන්න දෙයක් නැතිව ඇක්සිඩන්ට් වෙනවා කියලයි. එහෙම තමයි ඔතන මිනිස්සු බිලිගන්නේ" හෙතෙම කීය.

ඔහුගේ එම කීම මනඃකල්පිතයක් නොවන බව අපට එත්තු යන ලද්දේ ඉන් කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කිරිඳිවැල ප්‍රදේශයේ අප ගිය නිවසේ හිතවතුන්ද එම 'මනමාලිගේ පල්ලම' පිළිබඳව බොහෝ දේ අසා තිබූ බැවිනි.

"එකම තැනක මේ විදිහට අනතුරු සිද්ධ වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා. ඒ වගේම මිනිස්සු තැති ගන්වන දෙයක් ඔතනදී දර්ශනය වෙනවා කියන එක අපිට ‍මුළුමනින්ම බැහැර කරන්නත් බැහැ."

අප හිතවත් පවුලේ සමාජිකයෙක් එසේ කීය.

සාමාන්‍යයෙන් මහා මාර්ගයේ විවිධ ස්ථානයන්හි වැඩිපුර අනතුරු සිදුවීමේ සම්භාවිතාවක් ඇත. අප  මෑතක දී කළ විමසුමකට අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමේ ද මෙබඳු අනතුරු බහුල ස්ථානයක් ඇත. වංගු ආදී කිසිවක් නොමැති හා සමතල මතුපිටකින් යුත් එම ප්‍රදේශයේ මේ දක්වා දස දෙනෙකු මරණයට පත්ව ඇති බැවින් ප්‍රවේශමෙන් රිය පදවන ලෙස ජා ඇල සිංහ සමාජය මගින් එහි නාම පුවරුවක්ද සවිකොට තිබේ.

මෙලෙස හඳුනාගත නොහැකි හේතුවක් මත එකම ස්ථානයක අනතුරු බහුලව සිදුවන විට ඒ සඳහා ගුප්ත අර්ථකතනයක් ලබා දීම ලොව පුරාම සිදුවන්නකි. එම අර්ථකතන වලින් බහුලවම අසන්නට ලැබෙන පොදු අර්ථකතනයක් ද ඇත. එනම් මනාලියක හෝ හෝ සුදු ඇඳගත් කාන්තවක හිටි හැටියේ මහා මාර්ගය ඉදිරියෙන් මතුවීම නිසා බියපත් වන රියදුරන්ට රථය පාලනය කර ගත නොමැකිව මෙම අනතුරු සිදුවන බවකි. ජා ඇල අනතුරු සම්බන්ධයෙන් ඇත්තේද එබඳුම නිදාන කථාවකි.

මෙසේ  මිනිසුන් බිය ගන්වන කාන්තාව ලොව පුරා හැඳින්වෙනුයේ 'සුදු නෝනාගේ අවතාරය' (White Lady Ghost) යනුවෙනි.එහෙත් ඇය අත්භූත කාන්තාවක නොවේ.

බොහෝ වේලාවක් අඛණ්ඩව ඉදිරිය බලා ගනිමින් රිය ධාවනය කරන විට රියදුරන් තුළ ස්වයං මෝහන තත්ත්වයක් ඇති විය හැකි අතර මෙය හැඳින්වෙනුයේ 'මහාමාර්ග මෝහනය' (Highway Hypnosis) යන නමිනි. මෙහිදී රියදුරා අර්ධ නිද්‍රාවකට පත් වන අතර රිය ධාවනයට අවශ්‍ය සංවේදීතාව අඛණ්ඩව පැවැතියද ඔහුගේ යටි සිතින් පැන නගින 'මායා කාරී' සිතුවිලිද තමන්ගේ නෙත ගැටෙන දර්ශන මෙන් හැඟීයා හැක. අඛණ්ඩව බොහෝ වේලාවක් රිය පදවන රියදුරන්ට තමන් පැමිණි ගමන් මගේ ඇතැම් අවස්ථා මතකයෙන් ගිලිහී යන්නේ මේ  මහාමාර්ග මෝහනය නිසාද විය හැක.

මහාමාර්ග වල ඇති සුදු කඩ ඉරි දෙස බලාත්වනම රිය පදවන විට දෙනෙත නිදි බර වීම නිසා ද මෙවැනි අර්ධ නිද්‍රාවත් සමඟ ස්වයං මෝහන තත්ත්වයක් හටගත හැක. එය හැඳින්වෙනුයේ සුදු ඉරි උණ (White Line Fever) යනුවෙනි.

එහෙත් මේ මනමාලිගේ පල්ලමේ අනතුරු සිදුවීම සම්බන්ධයෙන් බලපවත්වන වෙනත් විද්‍යාත්මක හේතුවක් තිබේ දැයි අපි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉන්ජිනේරු (අවිස්සාවේල්ල) ඊ.ඒ.එන්.එස්. එදිරිසිංහ මහතාගෙන් අසා සිටියෙමු. එහිදී ඔහු ප්‍රකාශ කොට සිටියේ තමන්ගේ උපන්ගම සමීපයේ පිහිටි එම ස්ථානයේ සිදුවන අනතුරු සඳහා අධික වේගය සහ රියදුරාට නින්දයාම බොහෝ විට ඉවහල් විය හැකි බවයි.

"ඔය මනමාලිගෙ පල්ලම කියන තැන ඌරාපොළ පැත්තෙ ඉඳලා එනකොට අංශක 100 ක විතර වමට  වංගුවක් තියෙනවා; ඒ එක්කම පල්ලමක්. අධික වේගයකින් හෝ නිදිමතින් රිය ධාවනය කරන විට ඒ වංගුව හරි හැටි දර්ශනය වෙන්නේ නැහැ. ඒ නිසා වාහන ඒ වංගුවේ ඇති බැම්මේ ගැටීම ස්වභාවිකයි. සාමාන්‍යයෙන් මේ වගේ වංගුවල මතුපිට කිසියම් ආනතියකින් (Superelevation) සකස්කොට තිබෙනවා. එය රියදුරාට පහසුවෙන් රථය හසුරුවා ගැනීම සඳහා. නමුත් අධික වේගයකින් පැමි‍ණීමේ දී හෝ රියදුරාට නින්ද යාමක දී ඒ වාසිය බුක්ති විඳීමට රියදුරාට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

නමුත් එක්තරා ස්ථානයක දිගින් දිගටම රිය අනතුරු වලින් මිනිසුන් මිය යන විට ඒ සඳහා ගුප්ත පුරාවෘත්තයක් මතුකරගන්නා  අතර ඒ අනතුරු 'බිළිගැනීම්' වශයෙන් හඳුන්වන එක අපේ රටේ සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. නමුත් එම ස්ථානයට නොදුරින් වංගුවක් පෙන්නුම් කරන මාර්ග සංඥා අනුව රථයේ වේගය පාලනය කර ගත හොත් කිසිවිටකත් අනතුරක් සිදුවන්නේ නැහැ. ඒ වගේම  තමන් අතින් සිදුවන වැරදි අඩුපාඩු නිසා සිදුවන අනතුරු මිය ගිය කාන්තාවකට බැර කිරීමකට සිදුවන්නෙත් නැහැ." හෙතෙම කීය.

තිලක් සේනාසිංහ

 

ප්‍රීතිරාජ් වීරරත්න කියන්නේ නොම්මර 17 වගේ ආදායම් වාර්තා පිහිටවූ චිත්‍රපට හදලා සිංහල සිනමාවේ නමක් දිනාගත් නිෂ්පාදකවරයෙක්. හැබැයි අද වෙද්දී ඔබේ පුතා ඉරාජ් වීරරත්න ඔබට වඩා රටේ ප්‍රසිද්ධයි නේද?
ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඉස්සර හුඟක් අය ඉරාජ්ව හැඳින්වූයේ ප්‍රීතිරාජ්ගේ පුතා ඉරාජ් කියලා. ඒත් දැන් සමහරු මාව හඳුනාගන්නේ ඉරාජ්ගේ තාත්තා විදිහටයි. හැබැයි මා සහ මම කරපු දේවල් ගැන පරණ අය නම් හොඳට දන්නවා.
 
ඉරාජ් එළිදක්වන මියුසික් වීඩියෝ නිසා අද වෙද්දී ඔහුට විවිධ විදිහේ විවේචන එල්ල වෙනවා. ඔබ ඒ ගැන දැනුවත්ද?
ඔව්. මම ආරාධනා කරනවා පුළුවන් නම් ඕනෑම කෙනෙකුට ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල තිබෙන වැරදි දේවල් මොනවද කියලා පෙන්වා දෙන්න කියලා. මම සූදානම් ඒ අයත් එක්ක තර්ක කරන්න.
 
ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල නරක දේවල් නැහැ කියලාද ඔබ ඔය කියන්නේ?
සත්තකින්ම ඔව්.
 
ඔබ ඉරාජ්ගේ මියුසික් වීඩියෝ සියල්ල නරඹලාද ඔය කතාව කියන්නේ ?
ඔව්. මම ඉරාජ්ගේ හැම වීඩියෝවක්ම පාහේ නරඹලා තියෙනවා.
 
ඉරාජ්ගේ මුල් කාලයේ ගීතවලට වඩා පසු කාලීනව නිර්මාණය කළ ගිනියම් රෑ වැනි මියුසික් වීඩියෝවලින් තමයි ඉරාජ් ගැන වෙනස් ප්‍රතිරූපයක් සමාජයේ ඇති වෙන්නට පටන් ගත්තේ?
මොකක්ද ගිනියම් රෑ මියුසික් වීඩියෝ එකේ තියෙන වැරැද්ද? ඒකෙ තියෙන්නේ අසම්මත දෙයක් ‍නෙවෙයිනේ. ඒ වගේ දේවල් ඕනෑතරම් මේ සමාජයේ සිද්ධ වෙනවා.
 
පවු‍ලේ කාටත් එකට ඉඳගෙන නරඹන්න බැරි විදියේ මියුසික් වීඩියෝ හදන නිසා නේද ඉරාජ්ට මේ විදිහේ විවේචන එල්ල වෙන්න පටන් ගෙන තියෙන්නේ?
පවු‍ලේ හැමෝම එකට ඉඳගෙන නරඹන දේවලුත් තියෙනවා. නරඹන්නේ නැති දේවලුත් තියෙනවා. රූපවාහිනියේ සහ සිනමාවේ හැම දේමත් පවු‍ලේ හැමෝම එකට නරඹන්නේ නැහැනේ.
 
නමුත් මියුසික් වීඩියෝවකට අඩ නිරුවත් දර්ශන ඇතුළත් වීම ඒතරම් සුදුසු නැහැ නේද?
අඩනිරුවත් දර්ශන තියෙන්න ඇති. ඒත් සම්පූර්ණයෙන්ම නිරුවත් දර්ශන ඉරාජ්ගේ නිර්මාණවල තිබුණේ නැහැනේ. අනික අනවශ්‍ය දර්ශන තිබුණා නම් ඒ වගේ කොටස් විකාශය නොකරන එක මාධ්‍යවල වගකීමක්. මම ඕකට එක උදාහරණයක් කියන්නම්. වසන්ත ඔබේසේකරගේ සම්මානලාභී 'මාරුතය' කියන චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමාවූ එකක් ‍නෙවෙයි. හැබැයි එහි පවු‍ලේ හැමෝටම එකට ඉඳගෙන නරඹන්න බැරි දර්ශනත් තිබුණා. ඒක සම්භාව්‍ය චිත්‍රපටයක්.
 
ඒ කියන්නේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝ සම්භාව්‍ය ගණයේ ඒවාද?
නෑ. මම ඒ කතාවට එකඟ නැහැ. සම්භාව්‍ය නිර්මාණයක් නම් අඩ නිරුවත් දර්ශන තිබුණාට කමක් නැහැ, එහෙම නැති නිර්මාණවල එවැනි දර්ශන තියෙන්න බැහැ කියන මතයේ මම නැහැ.
 
අද වෙනකොට ඉරාජ් ගැන රටේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ඔහුගේ 'දැනුණා' කියන අලුත්ම මියුසික් වීඩියෝව නිසයි. ඉරාජ්ගේ පියා විදිහට ඔබට ඒ මියුසික් වීඩියෝව දැනෙන්නේ මොන විදිහටද?
ඔය කියන මියුසික් වීඩියෝව මමත් නැරඹුවා. මට නම් ඒකේ වරදක් පේන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් යූ ටියුබ් එකේ දාලා තියෙන කමෙන්ට්වලිනුත් 99.9ක් විතර තියෙන්නේ ඉරාජ්ට බැණලානේ. මම අහන්නේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝවලට ඔච්චර අකමැති නම් ඇයි ඒවා මේ තරම් බලන්නේ කියලයි. හැමෝම ඒවා නරඹන එක නතර කළොත් ආදායම අඩුවීමෙන් ඉරාජ් උදාසීන වෙලා වෙනත් වෘත්තියක් තෝරාගනීවි.
 
 
ගීතයක් හදලා යූ ටියුබ් එකට දාලා ඒකෙන් මුදල් හම්බ කරගන්නවාට වඩා එහාට ගියපු දෙයක් ඉරාජ් වගේ සංගීතඥයන්ගෙන් ජනතාව බලා‍පොරොත්තු වෙනවා නේද?
ඉරාජ් සමාජයට යමක් දෙන විදියේ ගීතත් කරලා තියෙනවනේ. අනික, සමහරු හිතනවා ඇති ඉරාජ් සල්ලි පස්සේ එළවන කෙනෙක් කියලා. හැබැයි ඉරාජ් මුදල් තණ්හාව තියෙන කෙනෙක් ‍නෙවෙයි. ඉරාජ්ට ඕනෑතරම් සල්ලි තියෙනවා. හුඟ දෙනෙක් නොදන්නවා වුණාට ඉරාජ් පින් අතේ වැඩත් හුඟක් කරනවා.
 
ඉරාජ්ගේ ගීත ගැන මේතරම් කතාබහ වෙන්නේ ඔහු ඒ ගීත මාකට් කරන නිසා කියලයි බොහෝ දෙනා කියන්නේ ?
බොහෝ අය නොදන්නවා වුණාට ඉරාජ්ට එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ලබාගත් Accountancy ඩිග්‍රි එකක් තියෙනවා. ඒ ඩිග්‍රි එකේ දැනුම තමයි  ඔහු මාර්කටින්වලදී පාවිච්චි කරන්නේ.
 
ඉරාජ්ගේ අලුත් මියුසික් වීඩියෝව ආචාර්ය වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය ඉලක්ක කරගෙන හදපු එකක් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ?
ආචාර්ය වික්ටර් රත්නායකව මම දන්නේ මට අවුරුදු 14 ඉඳන්. මම ඔහුට කියන්නේ වික්ටර් අයියා කියලා. මම ඔහුව ගොඩක් අගය කරනවා. පසුගිය කා‍ලේ ඔහුගේ දෙවැනි විවාහය නිසා බොහෝ දෙනා ඔහුට විවේචන එල්ල කළා. හැබයි මම කියන්නේ ඔහු කළ දේ හරියි කියලයි. ඔහුගේ කැමැත්ත එය නම් ඊට වඩා අඩු වයසක කාන්තාවක් කසාද බැන්දත් එහි වරදක් මම දකින්නේ නැහැ.
 
ඇත්තටම මේ වීඩියෝව වික්ටර් රත්නායකයන් ගැන හදපු එකක් නේද?
මම ඉරාජ්ගෙන් ඇහුවා මේක වික්ටර් රත්නායකයන් ඉලක්ක කරගෙන හඳපු වීඩියෝ එකක්ද කියලා. ඉරාජ් කිව්වා ඔහු එවැනි දෙයක් අදහස් කළේ නැහැ කියලා. මොකද ඒ මියුසික් වීඩියෝවෙන් කියැවෙන සිදුවීම් අදාළ වන අය ඕනෑතරම් අපේ රටේ ඉන්නවා.
 
වික්ටර් රත්නායකයන්ගේ සුප්‍රකට 'ස' ප්‍රසංගයේ 'ස' සළකුන පවා වීඩියෝවේදී 'ප' ලෙස වෙනස් කර තිබෙන්නේ එයින් කියැවෙන්නේ ඔහු ගැන බව හැඟවෙන්නයි නේද?
'ස' කියන්නේ එකක්, 'ප' කියන්නේ වෙනත් එකක්. මම හිතන්නේ ඒක වික්ටර් රත්නායකගේ කතාව කියලා මුලින්ම දාපු කමෙන්ට් නිසා වෙන්න ඇති මෙවැනි ප්‍රචාරයක් රටේ ගිහින් තියෙන්නේ.
 
ඔබ දකින විදිහට ඒ මියුසික් වීඩියෝවේ වැරැද්දක් ඇත්තේම නැද්ද?
මිනිස්සු ඒක දිහා බලන විදිහෙයි වෙනස තියෙන්නේ. සමහරු කියනවා ඒකෙ පියුමි කෙසෙල් ගෙඩියක් කන දර්ශනය වැරදියි කියලා. ගැබිනි කාන්තාවක් කෙසෙල් ගෙඩියක් කන එකේ ඇති වැරැද්ද මොකක්ද? රට ඉඳි කන එක ගැනත් විවිධ දේවල් කියනවා. රටඉඳිනම් මාත් කනවා. හැබැයි ඕවා දිහා විවිධ අයට විවිධ කෝණවලින් බලලා විවේචන කරන්න පුළුවන්.
 
අපේ රටේ එක්තරා ප්‍රකට පිටපත් රචකයෙක් ඉරාජ්ගේ මව සහ පියා වෙත ලියන විවෘත ලිපියක් ප්‍රසිද්ධ කර තිබුණා. ඉරාජ්ට කුඩා කාලයේදී ත්‍රි‍පෝෂ නොදුන් නිසා අද ඔහුට මෙැවනි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි ඔහු එහි සඳහන් කර තිබුණේ ?
ඒ කා‍ලේ අපි ඔහුට ත්‍රි‍පෝෂවලට වඩා හොඳ කෑම බිම දුන්නා. නැත්නම් කොහොමද ඉරාජ්ට ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් විදියේ නිර්මාණ කරන්න තරම් බුද්ධියක් ලැබෙන්නේ? ඔය කතාව ආරංචි වුණාම මම අපේ නෝනාගෙන් ඇහුවා අපි ඇත්තටම ඉරාජ්ට ත්‍රි‍පෝෂ දුන්නාද කියලා. නෝනා එතකොට කිව්වා ඉරාජ්ට ‍පොඩි කා‍ලේ ත්‍රි‍පෝෂ හදලා දුන්නා, ඒත් එයාව ඒ කා‍ලේ බලාගත්ත කෙනා ඉරාජ්ට ඒවා දුන්නාද දන්නේ නැහැ කියලා. ඉරාජ්ව ‍පොඩි කා‍ලේ බලා ගත්තේ 'දාස' කියලා කෙනෙක්. ඉරාජ් බබාට ඒ කා‍ලේ ත්‍රි‍පෝෂ කැව්වාද කියලා අපි දාසගෙන් ඇහුවාම කිව්වා අනේ නෑ මමයි ඒවා ඔක්කොම කෑවේ කියලා. 
අවුරුදු 74ක් වයස 'දාස' අද හය වැනි කසාදයත් කරගෙනයි ඉන්නේ.
 
මේ වීඩියෝවෙන් කියැවෙන්නේ මගේ තාත්තාගේ කතාවයි කියලා ඉරාජ් කියා තිබූ බවකුත් පසුගිය දිනවල ප්‍රචාරය වුණා නේද?
ඒක ඉරාජ්ගේ නමින් හදපු ව්‍යාජ ගිණුමකින් දාපු කමෙන්ට් එකක්. ඒක ආරංචි වෙලා මම ඉරාජ්ට කිව්වා 'පුතේ මගේ කතාව හදනවා නම් මිනිත්තු තුනකට ‍නෙවෙයි, හොඳට කපලා කොටලා එඩිට් කරලත් පැය 3කවත් මියුසික් වීඩියෝ එකක් විදිහට තමයි කරන්න වෙන්නේ' කියලා.
 
නිළියන් සමග විවිධ සබඳතා ඇතිකරගත් බවට සහ ඔවුන්ට නිවාස මිලදී ගෙන දුන් බවට ඔබ ගැනත් විවිධ ප්‍රචාර පැතිරිලා තියෙනවා නේද?
අනූ ගණන්වල දඟකාර ජීවිතයක් ගත කරන කා‍ලේ සමහර දේවල් වෙන්න ඇති. සමාජයේ කොච්චර අය ඒ වගේ දේවල් කරනවාද? ඒත් ජනප්‍රිය කෙනෙක් කළොත් තමයි කවුරුත් ඒ ගැන කතා කරන්නේ.
 
මෑත කාලයේදීත් ඔබ ගැන එවැනි කටකතා පැතිරුණා?
මා ගැන කටකතා පැතිරුණා කියලා මම බය නැහැ. මේ ජීවත් වෙන ටික කාලයට මට ඕනෑ දේ තමයි මම කරන්නේ. අනෙක මම 100ක් අංගසම්පූර්ණ කෙනෙකුත් ‍නෙවෙයි. චිත්‍රපට හදන කාලෙත් සමහරු මට දිගින් දිගටම මඩ ගැහුවා. ඒත් මම ඒවාට සැලුනේ නැහැ. සැලෙන්නෙත් නැහැ. 
 
කිෂාන් කනංකෙ 

පුංචි දිය කිඳුරියක් වගේ පිහිනන්න අපූරු හැකියාවක් තිබුණු, පංතියේ හැමදාම පළවෙනියා වුණු, හුරතල් පුංචි දෝනී අමාදී ගැන අම්මා දැකපු සුන්දර හීන අනන්තයි. අම්මාගේ ඒ හීන හැබෑවක් කරන්න, ඒ වගේම ප්‍රාර්ථනා අමාදිගේ හිතෙත් තියෙන්න ඇති.  
ඒත්... අද අමාදී පෙති මුකුලිත වුණු පුංචි මල් කැකුළක් වගේ . ඒ මල් කැකුළ ආයිත් විකසිත කරන්න පුළුවන් ආදරණීය හිත් තියෙන ඔබට විතරයි. ඔබේ හිතේ පිරී ඉතිරී තියෙන සෙනෙහසේ පිණි ‍පොදින් බිඳක් , ඒ මල් කැකුළට ඉසින්නට පුළුවන් නම් ඒ මල් කැකුළ විකසිත වේවි. ලෝකයම සුවඳවත් කරාවි.
කොම්පඤ්ඤ වීදියේ , ආරක්ෂක සේවා විද්‍යාලයේ 3 බි පංතියේ ඉගෙන ගනිමින් හිටපු වයස අවුරුදු 8ක් වන පුංචි තරුචා අමාදි හිටි හැටියේ අසනීප වුණේ හිතාගන්නත් බැරි විදියට. පවු‍ලේ හැමෝම ගිය විනෝද චාරිකාවකදී දිය ‍පොකුණක බැහැ ගෙන පුංචි එවුන් දිය බුං ගහද්දී, අමාදි වේගයෙන් පීනගෙන යන අපුරුව හැමෝම බලාගෙන හිටියේ ආසාවෙන්. හිටි හැටියේ අමාදි කෑ ගැහැව්වා කකුල රිදෙනවා කියලා. දියෙන් ගොඩට අරන් පුංචි පුංචි බේත්හේත් කළාට පස්සේ අමාරුව සනීප වුණත්, ඉන් පස්සේ දිගටම එයාගේ කකුල වේදනාවක් වුණා කියලා කියන්නේ අම්මා. 
මම දුවව අරගෙන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. හිතුවේ ආතරයිටිස් කියලා. ඒත් ඒක නෙමෙයි. පස්සේ කොළඹ රිජ්වේ ළමා රෝහලට ගෙනිච්චා. ළමා රෝහ‍ලේදී දෝනිව නවත්ත ගත්තා. දුවගේ ඉණ ප්‍රදේශයේ ඉඳලා දණහිස දක්වා එක්ස්රේ ගත්තා. තව ගොඩක් පරික්ෂණ කළා. එම්.ආර්.අයි. පරීක්ෂණයක් කරන්න ඕනේ කිව්වා. එතැන ඉඳන් දිගටම එක එක පරීක්ෂණ කළා. අවසානයේදී මහරගම පිළිකා රෝහලට දුවගේ විස්තර රෝහලින් යවා තිබුණා. එතැනදී තමයි දැන ගත්තේ දුවට තියෙන්නේ උකුල් ඇටය ඇතුළේ ඇතිවන පිළිකා තත්ත්වයක් කියලා. දුවගේ උකුල් ඇටය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවෙලා තියෙන නිසා එම ඔපරේෂන් එක ලංකාවේ කරන්න බැහැ කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ. 
ඇයට වෛද්‍යවරුන් පවසා ඇති අන්දමට මෙම සැත්කම කිරීමට ඇයට දරුවා රැගෙන ඉන්දියාවේ බැංගලෝරයේ ඇපලෝ රෝහලට යා යුතුව තිබේ. මේ සඳහා රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැය වෙන බැවින් ඇය පසුවන්නේ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක ය.
මේ වන විට මහරගම පිළිකා රෝහ‍ලේ 15 බි වාට්ටුවේ කීමෝ තෙරපි දියණියට ලබා දෙමින් තිබේ.
දුවව ඉන්දියාවට ප්‍රතිකාර සඳහා ගෙන යනවා නම් ඒ වෙනුවෙන් ලක්ෂ 30ක විතර මුදලක් අපිට හොයා ගන්න වෙනවා. ප්‍රතිකාර හැරුණු විට සෙසු සියලු දේ වෙනුවෙන් ඒ තරම් මුදලක් අවශ්‍ය වෙනවා. මේ මුදල මට හොයා ගන්න විදියක් නැහැ. එහෙමයි කියලා දුව වේදනා විඳිනවා බලා ඉන්නත් බැහැ. මගේ දරුවා සුවපත් කරගන්න අපිට උදව් වෙන්න කියලා මනුස්සකම් පිරුණු හැමෝටම කියන්න විතරයි මට පුළුවන්.  
ඇය සුසුම්ලමින් පවසන්නීය.
අමාදි දියණිය වෙනුවෙන් ඔබේ දයාබර දෑත දිගු කළ හැකි නම් ඇය සුවපත් වනු ඇත.
ඔබේ මනුස්සකම මෙම බැංකු ගිණුමට බැර කළ හැකි නම් ඇය පෙරදා සේම ප්‍රීතිමත් දියණියක සේ මල් හසරැලි නගනු ඇත.
ඩී.ඩී. මනම්පේරි, කොමර්ෂල් බැංකුවේ 8570024526  සහ  හැටන් නැෂනල් බැංකුව 046020261807 යන ගිණුම් අංකවලට දියණිය වෙනුවෙන් කිසියම් මුදලක් පරිත්‍යාග කළ හැකි නම්, ඔබේ මනුස්සකම, ආදරය, සෙනෙහස පිරි එම මුදල එසේ බැර කරන ලෙසට දිල්ශානි ඩයස් මනම්පේරි නම් වූ අමාදිගේ මව ඉල්ලා සිටින්නීය.
ඩී.ඩී. මනම්පේරි, අංක 48/8, ස්වර්ණ චෛත්‍ය පාර, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14 යන ලිපිනයට හෝ දුරකථන අංක 0725842922 යන අංකයට අමතා අමාදි වෙනුවෙන් දයාබර ඔබට තවත් යමක් කළ හැකිය. 
 
පද්මිණි මාතරගේ 
ඡායාරූප - සිසිර හේමකුමාර

උරේෂා සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්ද? 
ඇත්තටම ඔව්, මගේ ජීවිතේ ඉලක්ක තියෙනවා. ඒත් අසවලා අභිභවා යනවා, අංක එකට එනවා කියන විදිහේ තරගකාරී මානසිකත්වයක් මට නැහැ. මගේ ජීවිතය ගවෛන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළ. ඒ හින්දා සැහැල්ලුව, සතුට මගේ ජීවිතේ පුරාවට තියෙනවා.
 
උරේෂා වැඩියෙන්ම සතුටු වන්නේ මොන වගේ දේවල්වලින්ද?
මගේ සැමියා, දරුවා දෙමව්පියෝ එක්ක ගෙවන කාලයෙන් තමයි මම ලොකුම සතුටක් ලබන්නේ.
 
එතකොට දුක් වන්නේ...?
දුක කියන්නේ මොකක්ද ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ අකමැති දේවල් වෙනකොට ඇතිවන හැඟීමම කියලයි. ඒ වගේ දේවල් වුණාමයි මම දුක් වන්නේ.
 
දුකක් දැනුණම උරේෂා මොනවාද කරන්නේ ?
මට නම් දුක තද කරගෙන ඉන්න බැහැ. දැනෙන දුක කඳුළින් හෝදලා දාන්න ඕනෑ. ඒ වගේම තමයි මට සමීප කෙනෙකුට දුක කියලා හිතේ බර සැහැල්ලු කරගන්නවා. 
 
කාගෙත් එක්කද ඒ විදියට දුක බෙදා ගන්නේ ? 
අම්මා, තාත්තා, මගේ සැමියා වගේම නිලු, දීපානි කියල යාළුවෝ දෙන්නත් ඉන්නවා. ඒ දෙන්නත් එක්කත් මගේ ප්‍රශ්න කතා කරනවා.
 
පුංචිම කාලෙදි ගායනයට එකතු වෙලා ආපු ගමන ගැන සිහිපත් කරද්දී ලොකු සතුටක් දැනෙනවා ඇති නේද?
ඇත්තෙන්ම ඔව්, මම අවුරුදු 8 දී “ශක්තිය ඔබයි අම්මේ” චිත්‍රපටයේ පසුබිම් ගීයකට එකතු වුණා. “‍පොඩි පුතු ඉපැදුණු දවසේ” කියන ඒ ගීතයේ පේලි 4ක් මට ගයන්න තිබුණා. ඒ ආරම්භයේ ඉඳන් අද දක්වා ආ ගමන සිහිපත් කරද්දී මට පුදුමාකාර සතුටක් දැනෙනවා. 
 
කලා ලොවේ කැපිලි කෙටිලි ගොඩක් තියෙන බව කියනවානේ. පුංචි වයසෙදි ඒ වගේ දුක්බර අවස්ථාවලට මුහුණ දුන්නේ කොහොමද?
මම පුංචි කා‍ලේ පසුබිම් ගායනයට දායක වූ ඇතැම් චිත්‍රපටවල නිර්මාණකරුවන් තාත්තා එක්ක අමනාප වීම හින්දා මා ඒ නිර්මාණවලින් ඉවත් කළ අවස්ථා තිබුණා. ඒ වගේම තාත්තා ගුවන් විදුලියෙන් ඉවත් වූ කාලයේ තාත්තත් එක්ක අමනාප අය මගේ ගී ප්‍රචාරය නොකර සිටි අවස්ථා තියෙනවා. ඒත් ඒ කා‍ලේ ඒවා කැපිලි කෙටිලි විදියට මට දැනුණේ නැහැ. පුංචි ළමයෙකුට දැනෙන පුංචි දුකක් විදියටයි මට ඒක දැනුණේ. 
 
තාත්තා ජනප්‍රිය කලාකරුවකු වීම උරේෂාට ඒවගේ දුක්බර අත්දැකීම් ඇතිකළා. ඒත් කලාවේ ඉදිරියට එන්න ඒකම හේතුවක් වුණා නේද? ඒ ගැන සතුටුද?
සතුටුයි. ඒ මගේ ගමනට තාත්තා ලොකු ආලෝකයක් වූ නිසා. හැබැයි මම ඒකෙන් අදහස කළේ මම තාත්තගේ ආලෝකයෙන් මගේ ගමන ආවා කියන එක ‍නෙවෙයි. කලා පසුබිමක ඉපැදුනු හින්දා පුංචි කාලෙදී ගායනයට එකතු වෙලා ජනප්‍රිය වීම මට සාමාන්‍ය දෙයක් වුණා. මම රෑට ප්‍රසංගවලට ගිහින් පහුවදා ඉස්කෝ‍ලේ ගියා. මිනිස්සුන්ගේ ආදරය අවධානය ලැබෙද්දී සාමාන්‍ය පාසල් සිසුවියක් විදියට අධ්‍යාපනය කළා. ක්‍ෂේත්‍රය තුළ ගනුදෙනු කරන හැටි ඉගෙන ගත්තා. මේ හැමදේම හින්දයි තාත්තා මට ආලෝකයක් වුණේ.
 
කාලයක් සංගීත ක්‍ෂේත්‍රයේ හිටපු ගායිකාවක් විදියට අද දැනෙන සතුට කොහොමද?
මං ආපු ගමන ගැන සතුටුයි. ඒත් අද දවසේ සංගීත ක්‍ෂේත්‍රය ගැන දුකක් තියෙනවා.
 
ඇයි ඒ දුක ?
හොඳ නිර්මාණ කරන අය ඉන්නවා. ඒත් කිසිම දැනුමක් අවබෝධයක් නැති අය ක්‍ෂේත්‍රය විනාශ කරනවා. හරසුන් ගීත වගේම ගීත රූප රචනා තුළිනුත් ඒ අය කරන්නේ ලොකු හානියක්. නිරුවත වගේම චරිත ඝාතන කරලත් මුදල් හම්බ කරන මට්ටමට ඒ අය පත්වෙලා. මේ අය ගොඩ නගන මේ වැරදි පාර දිගේ අලුතින් බිහිවන පරපුර යයිද කියලා හිතන කොට දුකක් විතරක් නමෛයි බයකුත් ඇතිවෙනවා. 
 
ආරියවංශ කුලතිලක

”දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ.” මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගියදා ප‍්‍රකාශ කළේ යෝජිත ගබ්සා නීති ප‍්‍රතිසංස්කරණය සම්බන්ධවයි.
සීමිත අවස්ථාවන් සඳහා පමණක් ගබ්සා නීතිය ලිහිල් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් කාදිනල් හිමියන් ප‍්‍රමුඛ කතෝලික සභාව මෙසේ විරෝධය ප‍්‍රකාශ කරයි.
‘‘‍කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා”‍ යනුවෙන් ඒ විරෝධය කූටප‍්‍රාප්ත වී ඇත.
තම පවුලේ සමීපතමයෙක් (පියා, සහෝදරයා, බාප්පා වැනි..) අතින් දූෂණයට හෝ ලිංගික අතවරයට පාත‍්‍ර වීම හෝ ව්‍යාභිචාරය හේතුවෙන් හෝ වන ”උභතෝකෝටික” ගැබ් ගැනීමකදී උපදින්නට යෙදෙන ප‍්‍රාණියා හට තම අනාගත ජීවිතයේදී මුහුණපාන්නට සිදුවන සමාජ සංස්කෘතික අභියෝගයන්ට කිසිදු පිළිතුරක්/පිළියමක් මේ ආගමික සංස්ථාවලින් ඉතිරිකොට නැත. එම දරුවාගේ මවට හෝ ජානමය පියාට දරුවා සම්බන්ධයෙන් වන මානව සම්බන්ධතාව කෙතරම් අසීරු සංකීර්ණ එකක් වනු ඇත්ද. එවැනි තත්ත්වයක් තුළ අලූ‍ත් ගැටලූ ඉතිරි කිරීමට ආගමික නායකයන් නිර්දේශ කිරීම සමාජය තුළ සංවාදයට ලක්විය යුතුය. අනෙක් අතට මෙවැනි අවාසනාවන්ත අවස්ථාවකදී හෝ එසේත් නැත්නම් විකෘති කලලයක් වීම වැනි තත්ත්වයකදී හෝ එසේත් නැත්නම් සෞඛ්‍යමය හේතූන් මත (පමණක්) ගබ්සාවක් සඳහා පවතින නීතිය ලිහිල් කිරීම යනු ගබ්සාව සඳහා ලයිසන් දීමක් නොවේ. එය වැරදි අර්ථකථනයකි.
නමුත් තත්ත්වයේ බරපතළකම පිළිබඳව අවබෝධයක්, දැනුමක් හා සමාජ අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු දියුණු ලෝකයේ ප‍්‍රවණතාවන්ද සැලකිල්ලට ගනිමින් මේ ආගමික තහංචියට එරෙහිව කරුණු දක්වමින් කියා සිටින්නේ, ”‍ප‍්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත්කමක් නැති නිසා ළාබාල දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුණදේ, අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුණාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව නොසලකා හරින්න බැහැ”‍
‘‘‍වයස අවුරුදු 13, 14 ක දැරියක් තම පවුලේ කෙනෙකුගෙන් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පවසන ඔවුන් එවන් අවස්ථාවලදී මෙවැනි ගබ්සාවකට (විශේෂඥ වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත පමණක්) ඉඩ ලබා දියයුතු බව අවධාරණය කරනවා. 
‘‘කනගාටුයි මේ දේ කියන්න, තමන් කාන්තාවක් වෙන්න  ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල්වලට තමයි මේ වගේ ප‍්‍රශ්නයක් තේරෙන්නේ පූජකවරුන් වෙන ජීවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ”‍ මේ විෂයේ සිටින විශේෂඥයන් ප‍්‍රශ්නය දකින්නේ එලෙසයි.
‘‘‍ඇතැම් අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ඉන්නේ ඇඳ උඩ මළසිරුරක් වගේ එතකොට ඒ ගොල්ලෝ වගේම ඒ දෙමාපියනුත් පීඩාවට පත්වෙනවා”‍
මෙවන් ජීවිතයක් යනු දෙමව්පියන් හට / පවුලේ සමීපතමයන්හට සදාතනික ඛේදවාචකයක් වනවා මිස දේව සැලැස්ම කෙරෙහි උපන් පහන් සිතින් එය ඉවසා වදාරනවා නොවේ. ඇත්තෙන්ම එවන් දරුවෙකු අවසන් මොහොත දක්වා සියල්ල දරාගෙන රැක බලා ගන්නේ සමාජයේ පවතින මානුෂීය ගුණය නිසාය. එවන් දිගුකාලීන වේදනාකාරී ප‍්‍රශ්නයකින් සහනයක් ලැබීම සඳහා තිබෙන විකල්පය ගබ්සාවක් නම් ඒ සඳහා අවස්ථාවක් තිබීය යුතුය. 
මේ සීමිත අවස්ථා සඳහා නීතිය ලිහිල් කිරීම තුළත් ගබ්සාවකට වෛද්‍ය නිර්දේශය ලැබෙන්නේ කලලය ඉතා මූලික අවස්ථාවට අදාළව පමණි. එය මේරු ළදරු කලල අවස්ථාවකට තරම් කල් ගතවී ඇත්නම් එවිට ගබ්සාවකට විශේෂඥ නිර්දේශය හිමි නොවේ. එනිසා මෙය ”ප‍්‍රාණියා”ට  වේදනාවක් ගෙනදෙන්නක් හෝ ප‍්‍රාණ ඝාතනයක් හෝ නොවේ.
දේව සැලැස්ම තුළ ජීවිතයක් ලෙස සැලකෙන්නේ මානව පැටවෙකු වීම අපේ වාසනාවකි. මක්නිසාද යත් කුකුල් පැටවාද ඒ දේව සැලැස්මේම කොටසක් වී මිනිස් පැටවාට හිමිවූ අනුකම්පාවට පාත‍්‍ර වුණි නම් අපට බිත්තර පරිභෝජනය කිරීම අත්හරින්නට සිදුවනු ඇත.  
සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව සිද්ධවන දේවල් නම් 2004 වසරේදී ශ‍්‍රී ලංකාව, ඉන්දුනීසියාව ආදී රටවලට සුනාමි රළ කඩාවැදී කුඩා ළමුන් දහස් ගණනක්ද ඇතුළුව ලක්ෂ ගණනක් ජීවිත විනාශ වූයේ අද්භූත හේතුවක් සහිත දේව-සැලැස්මක් නිසාද ? අද වනවිට ඉරාකයේ, සිරියාවේ හා අප‍්‍රිකානු රටවල යුද්ධ ඇවිලී දිනපතා මිනිසුන් මියයන්නේ යම් දේව-සැලැස්මක කොටසක් අනුව දැයි කාදිනල්තුමා අපට පැහැදිලි කළයුතු වෙයි. එමෙන්ම අතීතයේ ලෝක යුද්ධවලින් මිනිසුන්, ළමුන් මිලියන ගණනක් දරුණු ලෙස ඝාතනයට ගොදුරු වූයේ එවන් සැලැස්මක් අනුවද? මේ ලැයිස්තුව කෙතරම් දීර්ඝ එකක් වනු ඇතිද යත් ඒ ”දේව-සැලැස්ම” තුළ මීටත් වඩා කෲර සිදුවීම් අතීතයේ සිදුවී ඇති ආකාරය විස්තර කළ යුතු නොවේ. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව සිදු වූ ඒවා යැයි සිහිබුද්ධිය ඇති කිසිවෙකු අද නොපවසනු ඇත. මක්නිසාද දරු උපත පමණක් නොව ඉන් අනතුරුව සමස්ත ඉරණමද දෙවියන්ගේ ඉහත සැලැස්ම තුළ ඊට අනුකූලව සිදුවන දේවල් විය යුතුය. අතීතයට වඩා අද ලෝකයේ දේවල් පහසු වී ඇත්තේ ජීවිතය යහපත් වී ඇත්තේ විද්‍යාවේ ජයග‍්‍රහණ නිසාය. එහෙත් විද්‍යාව මේ තත්ත්වය කරා එළඹුණේ ආගමික බාධාවන් මධ්‍යයේය.
ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේදී හා නීති පැනවීමේදී ආගමික නිර්දේශ යනු බැහැරින් තැබිය යුතු දේ වෙයි. මෑතදී සමාජ ප‍්‍රතිසංස්කරණ උත්සාහයන් හමුවේදී බොහෝ දුරට ආගමික සංස්ථාවලින් එල්ල වූයේ පසුගාමී ප‍්‍රතිචාරයන්ය. සමාජ-දේශපාලන ප‍්‍රපංචයන් අරඹයා  ඕනෑම පුරවැසියෙකුට අදහස් දැක්විය හැකිය. යෝජනා ඉදිරිපත් කළ හැකිය. එහෙත් ඒ දේවල් නූතන දැනුමට අනුව, මිනිස් වර්ගයාගේ පොදු යහපැවැත්මට අදාළ වන්නේ කෙසේද යන්න අනුව, වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව තීරණය විය යුතුවා මිස පැරණි විශ්වාසයන් අනුව තීන්දු කළ යුතු නොවේ.
දෙවියන් වහන්සේගේ මැවීම හෝ සැලැස්ම යනු විශ්වාසයක් මිස ලෝකයේ නූතන දැනුම හා විද්‍යාත්මක සාක්ෂි අනුව කිසිදු ලෙසකින් පිළිගත හැකි දේවල් නොවේ. විශ්වාසය හා විද්‍යාත්මක දැනුම/සාක්ෂි යනු ඉතා වේගයෙන් නොපෑහෙන සේ ඈත්වන හා එකකින් අනෙක අහෝසි වන සන්දර්භයකි අද තිබෙන්නේ. ඒ බව තේරුම් ගෙන සමාජ ජීවිතයේ යහපත කෙරෙහි බාධාකාරී නොවන භූමිකාව තෝරා ගැනීම ආගමික නායකයන්ගේ ”යුතුකම” වනු ඇත. තම නොදැනුම හා තමන්ට අදාළ භූමිකාවේ වපසරිය තේරුම් නොගෙන සමාජ ජීවිතයට අධිකාරීවාදී ලෙස මැදිහත් වීමට යාමෙන් ඒ අයට තිබෙන 
”පිළිගැනීම” පවා අහිමි වීම ඉක්මන් වනු ඇත. යුරෝපයේදී සිදුවූයේ එයයි.
සියලූ‍ ආගමික නායකයන්ට හිස නැමීමට යාමේදී සමාජ ප‍්‍රගමනයට සිදුවන බාධාව කෙතරම්ද යන්න ඉගැනීමට ලංකාව තරම් සුදුසු පර්යේෂණ භූමියක් ආසියාවේ වෙන නොමැති තරම්ය. ජාතික ගැටලූ‍වට විසඳුම් සෙවීමේ කාර්යයේ සිට අධිකරණයෙන් වරදකරුවන්/නිවැරදිකරුවන් තීරණය කිරීමේ කාර්යය තෙක් මතුද නොව මහාමාර්ග පුළුල් කිරීමේදී අවහිර වන කපුටු බෝ රුකක් ඉවත් කිරීම වැනි ක්ෂුද්‍ර කාරණා කෙරෙහි පවා අන්තවාදී ආගමික කණ්ඩායම් බාධාකාරී ලෙස මැදිහත් වන ආකාරය අපි නොකඩවා අත්දකිමු. සමාජය මේ තත්ත්වයට තවදුරටත් ගොදුරු වීමට ඉඩහැර රාජ්‍යය නිෂ්කි‍්‍රය වීමට ඉඩ දිය යුතු නොවේ. ඒ උදෙසා බුද්ධිමතුන්ගේ මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍යතාවකි.
 
තාරක වරාපිටිය 
ලේකම්, ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමය

පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්නා කාන්තාවන් ගණිකා වෘත්තියෙහි යෙදුණු බව සනාථ කිරීම පිණිස එම සැකකාරියන්ට එරෙහිව ඉදිරිපත් කරන සාක්ෂි ලෙස උපත්පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම මින් ඉදිරියට නතර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.

නියෝජ්‍ය පොලිස්පති (නීති) වරයා  විසින් සියලුම පොලිස්ථාන වලට දන්වා ඇත්තේ ඉහත සඳහන් ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්නා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදුණු බවට සනාථ කිරීම සඳහා ඔවුන් සන්තකයේ ඇති  උපත්පාලන කොපු සහ වෙනත් ලිංගික උපකරණ මින්මතු ඔවුන්ට එරෙහි සාක්ෂි ලෙස නඩු භාණ්ඩ වශයෙන් අධිකරණය හමුවට පත් නොකළ යුතු බවයි.

මෙරට ඕනෑම පිරිමියෙකුට හෝ කාන්තාවකට උපත්පාලන කොපු සහ වෙනත් ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වළක්වන උපකරණ ළඟ තබා ගැනීමට අයිතියක් ඇති අතර ඒවා කිසි විටෙකත් නීති විරෝධී නොවේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අනුමත කරන ලද එම උපකරණ ළඟ තබා ගැනීම ඒවා ඇසුරෙන් ගණිකා වෘත්තියේ යෙදුණු බව සනාථ කර වීමට ප්‍රමාණවත් සාක්ෂි නොවන බව පැහැදිලි කරුණකි.

එමෙන්ම ගණිකා වෘත්තියට අයත් නොවන අනාරක්ෂිත ලිංගික ඇසුරකදී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග වලින් වැළකීම පිණිස එම උපකරණ බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

ඒ අනුව එවැනි උපත්පාලන උපකරණ ළඟ තබා ගැනීම ගණිකා වෘත්තිය පිළිබඳ විධිමත් සාක්ෂියක් නොවනුයේ ගණිකාවකට වුවද වෘත්තිය නොවන ලිංගික හැසිරීම් වලදී  ඒවා භාවිතා කිරීමට නීතිමය අවහිරයක් නොමැති බැවිනි. එසේ ඒවා භාවිතා කිරීම ඔවුන්ගේත් සෙසු සමාජයේත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරවන්නකි.

ඒ අනුව පාදඩ හා අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකාරියන් ගණිකා වෘත්තියේ යෙදෙන බවට අධිකරණයට වෙනත් සාක්ෂි මගින් තහවුරු කරන අතර ඒ සඳහා උපත් පාලන උපකරණ මින් මතුවට ශ්‍රී ලංකා පොලිසිය නඩු භාණ්ඩ ලෙස යොදා නොගනු ඇත.

 

එස්.ටී.පී සිල්වා

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3128

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2972

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6022

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3595

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2187

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3003

Please publish modules in offcanvas position.

Web Analytics