Coss Ear2
lakbima.lk
COSS Ear 1

 

විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩ හෙට්ටි, පසුගිය සති අන්තයේ සිට මෙම සතියේ මුල් දින කීපය දක්වා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. සී.ටී.ස්කෑන් සහ වෛද්‍ය පරීක්ෂණ කීපයකටම ඔහු මුහුණ දීමට නියමිතව සිටියේය.නිතරම ඔහුට එන්නත් ලබාදිය යුතුවූ  නිසා ඔහුගේ එක් අතකට කැනියෝලාවක්ද සවිකර තිබුණි. 
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වශයෙන් උපාධි සුදුසුකම් සපිරීමෙන් පසු ඔහු ප්‍රථම පත්වීම ලැබූයේ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලටය. ඒ මෙම වසරේ මුල් කාර්තුවේය. 
කළුතර මහා විද්‍යාලය සහ කොළඹ ආනන්ද විදුහ‍ලේ ඉගෙනුම ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී වෛද්‍ය උපාධිය සමත් වූ උදයංග වෛද්‍යවරයකු වශයෙන් දිවයිනේ රෝහල් කීපයකම සේවය කළේය. 
ප්‍රධාන වාට්ටු හතරකින් යුක්ත වූ දෙහි අත්තකණ්ඩිය මූලික රෝහලෙහි වෛද්‍යවරු හැටකට ආසන්න පිරිසක් සේවය කළහ. දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහ‍ලේ ශල්‍ය වාට්ටු අංක තුන භාර ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා උදයංග විය. එම පිරිමි ශල්‍ය වාට්ටුවේ උදයංගගේ සහායට තවත් වෛද්‍යවරයකු ද විය.
සති අන්තය බැවින් තුනේ වාට්ටුවේ අනික් වෛද්‍යවරයා නිවාඩු ගොස් තිබුණි. වෛද්‍ය උදයංග තම ප්‍රතිකාර ලබමින්ම තුනේ වාට්ටුවේ කටයුතු අධීක්ෂණය කළේය. 
දෙහිඅත්තකණ්ඩියට සමීප ගම්මානයක විසි දෙහැවිරිදි තරුණයෙකු පසුගිය ඉරිදා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙහි බාහිර ප්‍රතිකාර අංශය වෙත පැමිණෙන්නේ ඉවසාගත නොහැකි බඩේ වේදනාවක් නිසාය. දින ගණනාවක් බඩේ වේදනාවෙන් සිටි මෙම තරුණයා තම ගමට ආසන්නයේ සිටි පෞද්ගලික වෛද්‍ය වරයකුගෙන් ප්‍රතිකාර ලබා තිබුණි. නමුත් වේදනාව සමනයට පත් නොවූ නිසා ඔහු දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණියේය. 
රෝහලෙහි බාහිර ප්‍රතිකාර අංශයෙන් පරීක්ෂා කිරීමෙන් පසු මෙම තරුණයාව කායික රෝග වාට්ටුව වෙත යොමු කරන්නේ අවශ්‍ය අනිකුත් පරීක්ෂණ කර අවශ්‍ය ප්‍රතිකාර දීමටය. ඉරු දින ඉර අවරට යනවිට මෙම තරුණයාගේ එක්ස් කිරණ පරීක්ෂණ මෙන්ම රුධිර පරීක්ෂණ ද කර තිබුණි. 
එම පරීක්ෂණ අනුව වාට්ටුවේ කායික රෝග විශේෂඥයින් තීරණය කර තිබුණේ තරුණ රෝගියා ඩබවැල්වල ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවය. ඒ සඳහා ඔහු රෝහ‍ලේ ශල්‍ය වාට්ටුවට ඇතුළු කළ යුතු විය. ඒ සඳහා ශල්‍ය වාට්ටුව භාර වෛද්‍යවරයා කායික රෝග වාට්ටුව වෙත පැමිණ රෝගියාව පරීක්ෂා කර තමන්ගේ වාට්ටුවට ඇතුළත් කර ගැනීමට අනුමැතිය ලබා දිය යුතුය. 
එදින වෛද්‍යවරුන් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ දිනයක් විය. 
විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩහෙට්ටි, එදින දෙහිඅත්තකණ්ඩිය රෝහ‍ලේ අංක තුන ශල්‍ය වාට්ටුව භාරව සිටියත්, ඔහු පසු වූයේද රෝහලෙන් ප්‍රතිකාර ලබමිනි. එන්නත් දීම සඳහා සවිකර තිබූ කැනියෝලා ඒ වන විටත් ඔහුගේ අතේ රැඳී තිබුණි. 
නමුත් වෛද්‍ය උදයංග තමන්ගේ රෝග තත්ත්වය පසකලා කායික රෝග වාට්ටුව වෙත පැමිණියේය. විසි දෙහැවිරිදි තරුණ රෝගියාව මෙන්ම ඔහු පිළිබඳ වූ පරීක්ෂණ වාර්තාද හොඳින් අධ්‍යයනය කළේය. රෝගියාගේ බඩවැල් පුරා හිල් රාශියක් ඇති වී තිබුණි. 
ඒ සඳහා ඉතාමත් ඉක්මනින් ශල්‍යකර්මයක් කළ යුතු විය. එසේ නොවුණහොත් විසි දෙහැවිරිදි තරුණයාගේ ජීවිතය අතිශය අනතුරුදායක තත්ත්වයේය. 
බඩවැල්වල ඇතිව තිබූ හිල් නිසා ආහාර මාර්ගයෙහි ගමන් කරන ආහාර මෙන්ම ජලයද අතරමගදී හිරවී ගමන් මාර්ගය නතරවනු ඇත. එහිදී වෙන්නේ එම ආහාර සහ ජලය ආපසු ශරීරයේ ඉහළට ගමන් කර පෙනහළුවලට ඇතුළු වීමය. එහිදී ශ්වසන ක්‍රියා මාර්ගය ඇන හිටී  රෝගියා අනිවාර්යය මරණයට පත් වනු ඇත. 
ඊළඟට විය හැකි භයානක තත්ත්වය වනුයේ ආහාර මාර්ගයෙහි වන මෙම සිදුරු තුළින් විෂ වර්ග ශරීරය පුරා පැතිර යාමය. එහිදී මෙම විෂ අනිවාර්යයෙන් රුධිර මාර්ගයටද අවතීර්ණ වෙයි. එම විෂ රුධිරගත වූ විට එහි ප්‍රතිඵලයද රෝගියා මරණයට පත් වීමය. 
වෛද්‍ය උදයංග ඒ සියල්ල හොඳින් අවබෝධ කර ගත්තේය. තමන් සිටින්නේද ප්‍රතිකාර ලබමිනි. කැනියෝලාවද අතේ රඳවාගෙනය. 
කැනියෝලාව ශරීරයට සම්බන්ධව ඇති කුඩා සිදුර තුළින් ශල්‍යකර්මය කරන විට තමන්ගේ සිරුරටත් විෂ බිජ ඇතුළු වීමේ අවදානම ඇත. 
එසේ නම් කළ යුත්තේ රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට, ඔහු වෙනත් රෝහලකට මාරුකර යැවීමය. දෙහිඅත්තකණ්ඩිය රෝහලෙහි එවැනි හදිසි අවස්ථාවක රෝගීන් සාමාන්‍යයෙන් යවන්නේ ‍පොළොන්නරුව රෝහලටය. ගිලන් රථයක් සහ අනිත් කාර්ය මණ්ඩලයද එකතු කර රෝගියා ‍පොළොන්නරුව මහා රෝහල වෙත යෑමට අඩුම වශයෙන් පැය හතරක් හෝ පහක් ගතවෙයි. ඔහුට ශල්‍යකර්මය කරන්නේ එයිනුත් පසුවය. 
වෛද්‍ය උදයංග කල්පනා කළේ එවන් වාතාවරණයක් දැන දැනත් රෝගියාගේ ජීවිතයට තර්ජනය එල්ල විය හැකි තත්ත්වයට පත්කරනවාද තමන් පසුවන රෝගී තත්ත්වය ගැන සිතා තමන් ආරක්ෂා සහිතව පසුවෙනවාද යන්න පිළිබඳවය. 
වෛද්‍යවරයකු වශයෙන් මෙහිදී තමන් ප්‍රමුඛත්වය දිය යුත්තේ රෝගියාගේ ජීවිතය ගලවා ගැනීම බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩහෙට්ටි අවසානයේ තීරණය කළේය. 
ඒ වන විට රෝහල් වාට්ටුවේ බිත්තියේ වූ ඔරලෝසුවේ වේලාව සටහන්ව තිබුණේ පෙරවරු අටයි දහය ලෙසටය.
 
පීටර් කැනියුට් පෙරේරා{jcomments on}

ගංවතුරින් ඇතිවන ආපදා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ඒ ජීවිත සහ දේපළ හානි වශයෙනි. මෙහිදී ජලාශ වාන් දැමීම ගංගා ඇළ දොළ පිටාර ගැලීම ආදිය නිසා මිනිස් ජීවිත සහ දේපළවලට හානි සිදුවිය හැකිය. ගංවතුර අනතුරක් යනු සෑම විටෙකම  නොවූවත් කල්පනාකාරීව කටයුතු කිරීමෙන් බොහෝ දුරට වළක්වා ගත හැකි තත්ත්වයකි. ඊට හේතුව එම අනතුර තුළ ගංවතුර නම් ස්වාභාවික  තත්ත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් අතර  සුසංයෝගයක් පවතින බැවිනි.  


ගංවතුරට හසුවීමෙන් විපතට පත් බොහොමයක් ඊට ගොදුරු වී ඇත්තේ මඟතොට ගමන් බිමන් යනවිට බව පෙනෙයි.  මෙලෙස මාර්ගවල ගමන් කරන අතරේ ගංවතුර මැදින් ගමන් කරමින් තිබූ වාහන ජල ප්‍රවාහයන් වැඩි වීමෙන් ඒවායේ රියැදුරන්  හා මගීන් සමගම  ගසාගෙන  ගොස් ජීවිත සහ දේපළ හානි වූ අවස්ථා ලොව බොහෝ රටවලින් වාර්තා වෙයි. ඒ නිසා ගංවතුරක් මැදින් රථ ධාවනය කරවීම  ඉතා අනතුරුදායක බව කිව යුතුය.
එමෙන්ම අප රටේද  බොහෝ දෙනකු තමන්  කලින් ගමන් කරමින් තිබූ හුරු පුරුදු මාර්ග ඔස්සේ ගංවතුර ගලමින් ඇති අවස්ථාවල එහි නොගැඹුරු බව සලකා ඒ ඔස්සේ ගමන් කරමින් සිටියදී   සැඩ ප්‍රහාරයට  හසු වී ගසාගෙන ගොස් විපතට පත් වූ අවස්ථා කොතෙකුත් තිබේ. ඊට හේතුව ජලය ගලාගෙන යාමකදී එහි වේගය සහ බලය බොහෝ විට මතු පිටට නොපෙනීමය.  නමුදු අඩි දෙක තුනක් ගැඹුරු ජල ප්‍රවාහයක්  හරහා ගමන් කිරීමේදී වුව පය පැකිලීමෙන්  යමකු ජල ප්‍රවාහයකට ගසාගෙන යා හැකිය.  ඒ අනුව තමන්ට හුරු පුරුදු මංපෙත් හරහා වුව  සාමාන්‍ය මට්ටමක හෝ ජල ප්‍රවාහයක් ගලා බසී නම් ඒ හරහා ගමන් කිරීමට පෙර විමසිලිමත් වීම ඉතා වැදගත්ය.


ජලයෙන් වැසී ඇති මාර්ග ආදියේ ගමන් කිරීමේදී එහි ඇති අනාරක්ෂිත කාණු පද්ධති වළවල් ආදිය මතු පිටට  නොපෙනෙයි. නගරබද වීදි ජලයෙන් පිරී පවතින විට පදික වේදිකාවන්හි ගමන් කිරීමද අනතුරුදායකය. විශේෂයෙන් දැන් බොහෝ නගරවල මේ දිනවල සිදුවන  සංවර්ධන ක්‍රියාදාමයන් නිසා මහජනතාව හැසිරෙන ප්‍රදේශවල ‍පොළොවේ යම් යම් කැණීම් සිදුකොට තිබේ. සාමාන්‍යයෙන් ඒවා අනතුරු සහිත ස්ථාන ලෙස සඳහන් කොට ආවරණය කොට තිබිය යුතු මුත් අප රටේ එවැනි ක්‍රියාමාර්ග ගැනෙනුයේ කලාතුරකිනි. මේ හේතුව නිසා වැසි කාලයට  නගර ජලයෙන් පිරුණ පසු මේවා ‘මරු කටවල්’ බවට පත්විම වැළැක්විය  නොහැක. නගරයේ සේම  ගම්බද ජනයා ගැවසෙන සමතල භූමි ප්‍රදේශවලද මෙබඳු ස්වභාවික සහ  කෘත්‍රිමව සැකසුණු වලවල් තිබිය හැක. වතුරේ ගමන් කරන විට මේවායේ වැටීම නිසාද පුද්ගලයන් අනතුරට පත්වන අවස්ථා තිබේ.
සාමාන්‍යයෙන් තමන්ගේ  නිවෙස් ව්‍යාපාරික ස්ථාන ආදිය ගංවතුරින්  යටවන විට ඒවායේ ඇති බඩු බාහිරාදියට ඇති  ආශාව නිසා ඒවාද බේරා ගැනීමට ප්‍රමාද වීම බොහෝ දෙනකු තුළ පවත්නා ස්වභාවික තත්ත්වයකි.  විශේෂයෙන් තමන් සතු වටිනා බඩු බාහිරාදිය සෙවීම පිණිස ගංවතුරට යටවන නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ   රැඳීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති.  එයද අතිශය අන්තරාකාරී තත්ත්වයක් වන අතර එමගින් තමන්ගේ වටිනා භාණ්ඩ බේරා ගැනීමට ගොස් අකල් මරණයට පත් වූවන් පිළිබඳවද අසන්නට ලැබේ. එසේම ගංවතුර සමයේ ජීවිතාරක්ෂාව පිණිස ඉන් ඉවත්වීමේදී දරාගත නොහැකි තරමට  මිනිසුන් සහ බඩු බාහිරාදිය පුරවාගත් බෝට්ටු අනතුරට පත්වීමෙන් ජීවිත අනතුරු  සිදු වූ අවස්ථාද තිබේ.


ඒ නිසා එවැනි  බෝට්ටුවලට නොනැඟ  ආරක්ෂාකාරී ස්ථානයක රැඳී සිටීම යෝග්‍යය.දැනට වාර්තා වී ඇති අන්දමට  කුඩා දරුවන් වැඩිපුරම අනතුරුවලට ලක්වනුයේ  ගංවතුරේ ක්‍රීඩා කිරීම සහ ඔරු පැදීමට යෑමෙනි. ගංවතුරක් යනු සක්‍රීය ජල ප්‍රවාහයකි. එය බොහෝ විට ගලමින් හෝ  බැසයමින් තිබෙන්නකි. ඒ නිසාම  එය දිය සුළි වැනි තත්ත්වයන්ද  මතුවිය හැක. සාමාන්‍යයෙන් ගංගාවක හෝ වැවක ජලයේ ස්වභාවය පිළිබඳව එම ප්‍රදේශයේ ගැමියෝ දනිති. එහෙත් ගංවතුරක් යනු එවැනි ස්ථාවර දියවරක් නොවේ. එබැවින් එහි ජලයේ ක්‍රියාකාරිත්වය  පිළිබඳව බොහෝ දෙනෙක් නොදනිති. ගංවතුරේ ක්‍රීඩා කළ සහ  ඔරු පැදීමේ යෙදුණු දරුවන් බොහෝ දෙනකු විපතට පත්ව ඇත්තේ මෙවන් තත්ත්වයන් යටතේ සැඩ පහරකට හසුව ගසාගෙන යාමකි. ඒ සමගම  පිහිනීමට හැකි අයට පවා ගංවතුරේ දිය නෑමට ගොස් දිය අනතුරුවලට ලක් වූ අවස්ථා කොතෙකුත් තිබේ.


ගංවතුර අනතුරු සිදුවිමට බලපාන ඊළඟ ප්‍රධානතම හේතුව නම් විදුලි රැහැන් පද්ධති බිඳ වැටීම නිසා  ඒවායේ විදුලිය ජලයට කාන්දු වීමය. මෙබඳු ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල අදාළ විදුලි බලධාරීන් ලවා විදුලිය විසන්ධිකරවීම  ඉතා වැදගත් පියවරක් වනුයේ එබැවිනි.
 
හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍ලේඛකාධිකාරී
වෛද්‍ය තුෂාර විදානපතිරණ විසිනි

සටහන - දමයන්ති ගමගේ

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි

එකොළොස්වන පුවත - විමලසුරේන්ද්‍ර,ලක‍්ෂපාන,කැනියොන් වාන් දොරටු විවෘත කෙරේ

දොළොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්


මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ ෆයිල් වගයක් ගනිද්දී මට දැනුණා මගේ පිට දිගේ ඇඟිල්ලකින් අතගානවා. මට ඒ වෙලාවේ කෑ ගැහුණා. ඒ වෙලාවේ සර් කිව්වා ඇඟිල්ල වැදිලා ඔහොම කෑ ගහනවා නම් වෙන මොකක් හරි වැදුණොත් කොහොම කෑ ගහයිද කියලා. මම ඔෆිස් එකේ එහෙට මෙහෙට යද්දී සර් මාව හරස් කරනවා. මම සර්ට කිව්වා මම ඕවාට කැමැති නෑ කියලා. එදා ඉඳන් මගේ රාජකාරී ජීවිතේ විනාශ වුණා. එදා ඉඳන් සර් මගෙන් පලිගන්න පටන් ගත්තා. මට විවිධ කරදර කළා. මට මීට කලින් දවසක රස්සාව එපා වෙන තරම් බැන්නා. මගේ අත්සන් ‍ලේඛන පවා වෙනස් කරලා තිබුණා. සර් මට කියනවා “පෑන මගේ අතේ තියෙන්නේ ඔයා තාම ඉන්නේ පරිවාස කාලයේ. ඔයාව මට අයින් කරන්න පුළුවන් කියලා.”

ලිංගික අල්ලස් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් පාසලේ වැඩ බලන විදුහල්පතිවරයා තමන්ගෙන් පලිගනිමින් කාර්යාලයෙන් ඉවතට දමා ගසක් යට රඳවා තැබිමට කටයුතු කළ බව කියන තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අයත් පාසලක කාර්යාල කාර්ය සහයිකාව එසේ පැවැසුවාය.

පෙරේදා (22) එම විද්‍යාලයේ කාර්යාල කාර්ය සහයිකාව පාසල් කාර්යාලයෙන් ඉවතට දමා තිබුණි. ඇය පාසල් කාලය තුළ විදුහල්පති කාර්යාලය අසල පිහිටි ගොඩනැගිල්ලක් අසල සිටින අයුරු දැකගත හැකි විය. ඒ අතර විදුහල්පති කාර්යාලයේ දොර ඉබි යතුරු නොදමා වසා තිබුණි.

තමන්ට සිදුවන අසාධාරණ සම්බන්ධයෙන් දැඩි මානසික පසුබෑමකට ලක්ව සිටින බව පැවසූ ඇය තමන් සිදුවූ තාඩන පීඩන පිළිබඳව හඬා වැටෙමින් මෙසේ  පැවැසුවාය.

 “2015වර්ෂයේ ජූලි මාසයේ 13වැනිදා මම කාර්යාලයී කාර්ය සහයිකාවක ලෙස සේවයට බැඳුණා. මගේ මහත්තයා විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්. මේ පාසලට ආවේ ජනවාරි 17වැනිදා. කලින් කටියාව ප්‍රදේශයේ පාසල් දෙකකම වැඩ කළා. ඊට පස්සේ තමයි මේ පාසලට ආවේ. මේ ප්‍රින්සිපල් සර් තමයි මට මේ පාසලට මාරුව හදාගන්න ගොඩක් උදව් කළේ. ලියුම් පවා හදලා දීලා යන්න ඕන තැන් පවා කිව්වා. මම හිතුවේ ඒවා කළේ සර් සද්භාවයෙන් කියලා. හැබැයි වැඩට ඇවිත් සති දෙකක් විතර යද්දී තමයි සර්ගේ ඇත්ත තත්ත්වය දැනගත්තේ.

එසේ කී එම කාර්යාලීය කාර්ය සහායිකාව මෙසේද කීවාය.

මම සති දෙකකට පස්සේ තමයි අද පාසලට ආවේ, ඊට පස්සේ මට කාර්යාලයට එන්න එපා. එළියෙන් ඉන්න කිව්වා. ඒ වෙලාවේ ඉඳන් මම එළියේ හිටියේ. ඊට පස්සේ මට ඩියුටි ලිස්ට් එකක් එවලා තිබුණා. 7.30ට පාසලට එන්න ඕන. 3.30ට පාසලින් පිට වෙන්න ඕන කියලා.

මම තුන්වතාවක් කාර්යාලයට ගියා. ඒත් මට එළියෙන් ඉන්න කිව්වා. දෙමාපියෝ ළමයි මගේ දිහා බල බල යනවා. මම මෙතන රාජකාරී කරපු කෙනෙක්. මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. ඒත් අද ඒ ගරුත්වය නැති කරලා තියෙනවා. සර් දැන් කාර්යාලය වහලා කලාපයට ගියා. මම දැන් එළියට වෙලා ඉන්නවා. මේ විදුහල්පති එක්ක රාජකාරි කරන්න අමාරුයි. මම ස්ථාන මාරුවක් කලාප හා පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ඉල්ලුවා. තාම විසඳුමක් ලැබුණේ නෑ. මට රැකියාවෙන් අයින් වෙන්න හිතෙනවා. ඒත් දරුවන් තුන්දෙනාගේ අධ්‍යාපන කටයුතුවලට මුදල් හොයාගන්න මේ රැකියාව අවශ්‍යයි.”

මෙම කාර්යාලීය කාර්ය සාහායිකාව නගන චෝදනාව සම්බන්ධයෙන් අප විදුහල්පති වරායාගෙන් විමසා සිටියෙමු. එවිට ඔහු කීයේ මෙවැන්නකි.

“මට මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න බෑ. නමුත් ඔය කරන චෝදනා අසත්‍යයි. ඇයට මේ පාසලට ස්ථාන මාරුව ගන්න උදව් කළේ මම. නමුත් රාජකාරි කරගෙන යන විට ඇය මට විවිධ චෝදනා කරන්න පටන් අරන්. කලාප කාර්යාලයටත් පැමිණිලි කර තිබෙනවා. මේ කාන්තාව ඔය වගේ චෝදනා කරන කොට මට ඇයත් සමඟ තනියම ඔපිස් එකේ තියා ගන්න බෑ. ඔය විදියේ දේවල් කියද්දි මේ කාර්යාලයේ මට තනියම ඉන්නත් බෑ. මොකක් හරි බොරුවක් කියාගෙන එළියට පැන්නොත් මොනව කියන්නද?

මට මේවා මාධ්‍යයට කියන්න බෑ. මගේ ප්‍රකාශ මාධ්‍යයේ දාන්නත් එපා. මට එයා එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් එයා නිසි ලෙස රාජකාරී කරන්නේ නෑ. එයා කරපු වැඩ ආයේ මම කරන්න ඕන නම් කාර්යාල සහයකයෙක් ඕන නැනේ.”

විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයාගේ අකටයුතුකම් හේතුවෙන් සිදුවී ඇතැයි කියන අසාධාරණය පිළිබඳව මෙම කාර්යාල කාර්ය සහයිකාව ඊයේ (23) මානව හිමිකම් කොමින් සභාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයටද පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධ උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ‍ලේකම් නීතිඥ අනෝමා මානෙල් මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය. “මට පහුගිය බදාදා දිනයේ මේ පැමිණිල්ල ලැබුණා. එම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණයක් කිරීමට නිලධාරියකු පත්කර සිටිනවා.”

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය{jcomments on}

මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු විමසීම නිසා මා හා මිතුරු වූ කිහිපදෙනෙක් සිටියහ.  ඔවුන්ගෙන් සමහරෙකු ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ගැන උනන්දුවක් පළ කළ අතර තවත් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ සමස්ත කාලගුණය පිළිබඳව උනන්දුවක් දක්වන බව මට වැටහිණ.

ඒ පිරිස අතරින් මගේ මතකයේ රැඳුණු සුවිශේෂ චරිතයක් වූයේ මගෙන් කාලගුණය පිළිබඳ නිතර විමසා සිටි ජ්‍යෙතිර්වේදියෙකි.  ඉතා පැහැදිළි කටහඩක් තිබූ නිසාම ඔහු පිළිබඳ විශේෂ මතකයක් මා තුළ රැඳී තිබිණි.

මා නිවසේ සිටි එක් දිනයක පෙරවරුවේ රූපවාහිනී වැඩසටහනකින් මට හුරුපුරුදු එම පැහැදිළි කටහඬ නැගුණි. එබැවින් මම ඒ දෙසට  විමසිලිමත් වීමි. එලෙස රූපවාහිනී තිරයේ පෙනී සිටියේ දුරකතනය මගින් නිතර මා වෙතින් කාලගුණ තොරතුරු විමසා සිටි එම ජ්‍යෙතිර්වේදියාය එයද  මෙවන් නිරිතදිග මෝසම් සමයක ආරම්භය වූ අතර ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට ගංවතුර, සැඩ සුළං, නාය යාම් වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව හෙතෙම කීය. ඔහු එහි දී කියා සිටියේ රවි, කුජ, ගුරු ආදී ග්‍රහයන්ගේ බලපැම නිසා එම ස්වභාවික ආපදා තත්ත්වයන් ඇති වන බවය.  එහෙත් ඔහුට එම කාලගුණ තොරතුරු ලබා දුන් 'ග්‍රහයා' මා බව අද වනතුරුම දැන සිටි‍නුයේ ඔහු සහ මා පමණි. 

කාලගුණ විද්‍යාඥයන්, අදාල විෂය ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ උසස් අධ්‍යාපනය ලබන්න වුන් හැරුණුකොට ශ්‍රී ලංකාවේ කාලගුණය  ගැන හොඳින් දැන සිටිනුයේ මෙවන් කපටි ජ්‍යෙතිර්වේදීන් පමණක් බව මගේ පෞද්ගලික විශ්වාසයයි.

ඒ ඩෙංගු වැනි  වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව කෙරෙන මාධ්‍ය හමුවලදී ඒ සම්බන්ධ කරුණු දක්වන විශේෂඥයන්ට පවා නිරිතදිග මෝසම සහ ඊසාන දිග මෝසම මාරු වීම  ඉතා සුළබ තත්ත්වයක් වන බැවිනි. ඒ හැරුණු කොට  ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ ආදී වෘත්තිකයන් බොහෝ දෙනෙකු  තුළ ද  ශ්‍රී ලංකාවේ කාලගුණය සහ වර්ෂාපතන රටාව පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බව මට නොයෙක් වර පසක් වී තිබේ.

දැන් අපි තවත් නිරිත දිග මෝසම් සමයකට මුහුණ දී හිඳිමු.  ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාවේ ප්‍රධාන තැනක් මෙම මෝසම් සමයට හිමි වුවද  ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතු කරුණු බොහොමයකි. ඒ මෙම සමය තුළ අප රටේ ස්වාභාවික ආපදා බහුල බැවිනි.

මෙවර ශ්‍රී ලංකාවේ නිරිතදිග මෝසම් සමයේ  ආරම්භක දිනය මැයි 25 දා ලෙස ප්‍රකාශයට පත්ව ඇත. 

නිසසල අන්තර් මෝසම් සමයේ වාතාවරණය තරම් මෝසම් වාතාවරණය ආර්ද්‍ර හෝ තෙත් නොවේ. මේ එළඹෙන  නිරිතදිග මෝසම් සමයේ කාලගුණය කෙබඳු වේදැයි දැන ගැනීම බොහෝ විට ආපදා  අඩු කර ගැනීමට උපකාරයක් විය හැකිය.

නිරිතදිග මෝසම් කාලයේ වර්ෂාව වැඩි වශයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසට සීමා වෙයි. මෙම නිරිතදිග කොටස ස්ථිර මායිමකින් වෙන් කොට දැක්වීම අපහසුය. නමුදු පුත්තලම ,කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, බිබිල, ඇඹිලිපිටිය සහ මාතර යා කෙරෙන මායිමකටත් පුත්තලම සහ මාතර අතර වෙරළ තීරයටත් අතර කොටස මෙම බලපෑමට වැඩිපුරම ලක්වන බව පෙනේ.

පීඩන අවපාතයක හෝ අඩු පීඩන ප්‍රදේශයක බලපෑම යටතේ මෝසම් වැසිවල  ක්ෂණික  ආරම්භය සිදු වූ  විට දිවයින පුරාම වාගේ වැසි වර්ධනය විය හැක. මෙහිදීද  වැඩිපුරම නිරිතදිග කොටසට  වර්ෂාව බලපායි. මෝසම ආරම්භ වීමත් සමඟම මැඩගස්කර දූපත් ප්‍රදේශයේ වැඩිපීඩන ප්‍රදේශවලින්  ඇරඹෙන සුළං ප්‍රවාහ අප දිවයින හරහා උතුරු ඉන්දීය අඩු පීඩන ප්‍රදේශ කරා හමා යයි. කි.මී. 6-8පමණ ඉහළ මට්ටම් දක්වා හමන සුළං ඉන්දියන් සාගරයෙන් විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් රැගෙන ඒම සාමාන්‍ය තත්ත්වයකි.  එහෙයින්  නිරිතදිග කොටස වසා සිටින තරම් වැසි වලාකුළු වර්ධනය කිරීමට එම වාතාවරණය සමත් වේ. ඒ සමඟම එම කොටස පුරාම  වැසි ඇතිවේ. සැහෙන තරමේ (පැයට කි.මී. 40 ක පමණ) වේගයෙන් යුතු සුළං  ප්‍රවාහ පවතී. එවිට එම ජලවාෂ්ප මධ්‍යම කඳුකරය දක්වාම රැගෙන යාමට එම සුළං දහරා සමත් වන සේම කඳුකර ආවරණය නිසා කැටිවැහි වැනි විශාල වලාකුළු පවා වර්ධනය  වෙයි. එවිට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි කඳුකරයටත් ලබා දෙයි. එවන් අවස්ථාවල ජල විදුලි බලාගාර ආශ්‍රිත  ප්‍රදේශවලට විටෙන් විට තද වැසිද බලා‍පොරොත්තු විය හැක. එසේම අන්තර් මෝසම් වකවානුවේ පැවැති උණුසුම් වාතාවරණය වෙනස් කිරීමට මෝසම් සුළං සහ අනෙක් සාධක සමත් වනු ඇත. පසුගිය කාලයේ රට පුරා පැවති දැඩි උණුසුම්කාරී වාතාවරණය මේ වන විට පහව ගොස් ඇත්තේ එබැවිනි.

මෝසම් වැසි, ප්‍රමාණයෙන්  එතරම් තීව්‍ර නොවූවද දිගු  කාලයක් තිස්සේ ඇදහැ‍ලෙයි.  සමහරවිට විටින්  විට කෙටි විරාම ලබමින් දවසේ හෝරා 20ක් පමණ කාලයක් තුළ පවා කඩින් කඩ වැසි ඇතිවිය හැක.  බොහෝ විට වර්ෂාපතන කාලය හෝරා 2-3 තරම් දික්වේ. මේ තත්ත්වය නිසා අප ජන සමාජයෙන් අහස වැඩිපුරම 'බැණුම් අසන' කාලය ලෙසද මෙය හැදින්විය හැක.

මෙම වර්ෂාවෙන් සැලකිය යුතු ගැඹුරක් දක්වා වූ පස් තට්ටු තෙත සහ මඩ වීම්, නායයාමේ සහ විශාල ගස් ඉදිරී වැටීම් වැනි ආපදාවලට  මග පාදයි. අවපීඩන හෝ පීඩන අවපාත ආශ්‍රිත මෝසම් වැසි පහත් බිම්වල ගංවතුර ඇති කිරීමටද  සමත්වෙයි.

මැයි සිට සැප්තැම්බර් දක්වා දිගු වන නිරිතදිග මෝසම් සමයේ වැසිවලින් වැඩිපුරම ප්‍රමාණයක් එහි ආරම්භයේදීම ඇති වීම ස්වාභාවිකය. ශ්‍රී ලංකාවේ නිරිතදිග කොටසේ බොහෝ තැන්වලට මැයි, ජූලි කාලයේදි කෙටි විරාම සහිතව දීර්ඝ වැසි ඇද හැලෙයි.

 නිරිතදිග මෝසම් කාලයේ විවිධ ස්වාභාවික ආපදා බලා‍පොරොත්තු විය යුතුය.  ගංවතුර, නායයෑමේ  සහ දැඩි සුළංද (විශේෂයෙන්ම ජුනි - ජූලි කාලයේදී) ඇති වෙයි. අන්තර් මෝසම් කාලයේදි තරම් නොවූවද අකුණු අනතුරුද නිරිතදිග මෝසම් කාලයට  සාමාන්‍යවේ. විශේෂයෙන්ම මෝසම් ආරම්භයේදී වලාකුළින් පිරි අහසත්, සෑම තැන පැතිරී යන වර්ෂාවත් දිවයිනේ නිරිතදිග කොටසට බලපානු ඇත. මේ සම්බන්ධ වැදගත් කාලගුණ අනාවැකි මගේ ජ්‍යෙතිර්වේදී මිතුරා කොහේවත් සිටින ග්‍රහයන් පටලවා කීමෙන් තමන් වෙත සුවිසල් ධන උල්පතක් පාදා ගත් අයුරු කොතරම් අපූරුදැයි බලන්න.

සෑම වසරකම නිරිතදිග මෝසම් වකවානුවට ආවේණික ස්වාභාවික ආපදාවලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමට මෙන්ම ආපදා අවම කිරීමට ගත හැකි පූර්ව පියවර  බොහොමයකි. එනම් ගංවතුරට ලක්වීමේ සහ නාය යාමේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වීම. අනාරක්ෂිත විශාල ගස් කපා දැමීම,  බැඳ දැමීම හෝ ඒවායේ අතු කැපීම, ජලය එක්රැස් නොවනසේ ගොඩනැගිලි අවට බිම් සකස් කිරීම, අබලන් පියසි නිසි පරිදි සකස් කිරීම, අනතුරුදායක පස් කණ්ඩි කපා සකස් කිරීම ආදිය පිළිබඳව  විශේෂයෙන් සැලකිලිමත් වීම ඒ අතරින් කිහිපයකි.

නමුත් ඉතා කණගාටුවෙන් වුව කිවයුත්තේ ලෝකයේ දියුණු බොහෝ රටවල ඉතා වැදගත් කොට සලකන පූර්ව ආපදා කළමනාකරණ වැඩසටහන් කෙරෙහි අප රටේ වග කිව යුතු අංශ තවමත් අතිශයින් නිද්‍රාශීලී බවය.  කොටින්ම මෙවන් බරපතල ස්වභාවික ආපදා වලින් වටිනා මිනිස් ජීවිත සහ දේපල බේරා ගැනීමට ක්‍රියාකිරීම වෙනුවට ඔවුන් කරනුයේ ගංවතුරෙන් ආපදාවන්ට පත්වූවන්ට වියළි සලාක බෙදා දීම සහ ඉන් මරණයට පත්වූවන් ‍භූමදාන කිරීමට බාල මිනීපෙට්ටි සපයා දීම වැනි කටයුතු පමණි.

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත-  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

 

කාලගුණ විද්‍යාඥ - කේ. ආර්. අභයසිංහ{jcomments on}

 

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම ඇගේ ඥාතීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා වෙයි.

එහිදී එම මනාලයා ඥාතීන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර තමන් සතුව තිබූ රුපියල් හතලිස්දහසක් පමණ වන මංගල මුදුව, හෝටලයේ බිල ගෙවීමට තිබූ රුපියල් පනස්දහසක මුදල සහ තමන් සතු ජංගම දුරකථනයද මනාලිය සමගම  ඇගේ ඥාතීන් විසින් පැහැරගෙන ගිය බව මනාලයා විසින් කොච්චිකඩේ පොලිසියට කළ පැමි‍ණිල්ලෙහි සඳහන් වෙයි.

මනාලියගේ ඥාතීන් පිරිසක් මෙසේ එක්වරම ඔවුන්ගේ මධුසම රාත්‍රියට කඩා වැදීමට හේතුව එම රාත්‍රියේ දී මනාලිය විසින් මනාලයා පිළිබඳ යම් කරුණක් දුරකතනයෙන් තම ඥාතීන් වෙත දන්වා සිටීම යැයි අනුමාන කෙරේ. ඇය මෙසේ එම කරුණ තම ඥාතීන් වෙත දුරකතනයෙන් දැන්වීමට පෙර ඔවුන් දෙදෙනා අතරේ බහින් බස් වීමක්ද සිදු වී ඇත.

මෙය මෑතකදී ඉදිරිපත් වූ විවාහ යෝජනාවක ප්‍රතිපලයක් ලෙස සිදුකෙරුණු විවාහයක් බවත් විවාහයට පෙර ඔවුන් දෙදෙනා අතරේ සමීප සබඳතාවයක් නොපැවති බවත් කියනු ලැබේ.

මෙම මනාලයාගේ වයස අවුරුදු විසි හයක් වන අතර මනාලියගේ වයස අවුරුදු විසි එකකි. මනාලයාගේ පැමිණිල්ල මුල්කොට කොච්චිකඩේ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 

එස්.ටී.පී සිල්වා{jcomments on}

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් මේ දිනවල සමහර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. ඒ ලැයිස්තුවේ කියන ආකාරයට තීරුබදු රහිත බලපත්‍ර විකිණුවේදැයි අපි මන්ත්‍රීන් දෙතුන් දෙනකුගෙන් මෙසේ ප්‍රශ්න කළෙමු.

පර්මිට් එක ඥාතියෙකුට දුන්නා

ගාලු දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු - මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි

මගේ වාහන පර්මීට් එක මගේ ඥාතියෙකු අරගෙන මට වාහනයක් දුන්නා. මම දැන් පාවිච්චි කරන වාහනය ලක්ෂ එකසිය හැත්තෑවක් වටිනවා. ඡන්දයකට සූදානම් වී, මන්ත්‍රීකම ලැබෙන විට අඩුම වශයෙන් කෝටි දෙකක්වත් වියදම් කර තිබෙන්න පුළුවන්. ඡන්දයක් අවසන් වී අවුරුද්දක් යන විට ණය වී සිටිනවා කිව්වොත් එය බොරුවක් ‍නෙවෙයි.

මට ගාල්ලෙ ඉඳල කොළඹට යාමට, ඒමට පසුගිය මාසයේ අධිවේගී මාර්ග ගාස්තු විතරක් රුපියල් විසිඅටදාහක් වියදම් වුණා. මාසෙකට ඉන්ධනවලට විතරක් එක්ලක්ෂවිසිදාහක්. වාහනේ සර්විස්කරන්න විසිපන්දහසක් යනව.

කෝටි දෙකකට වාහනයක් ගන්න පර්මිට් තිබුණත් ඒ වාහනේ ගෙන්වන්න තවත් ලක්ෂ අනූවක් ඕනේ. ඉතින් වාහනයක් ගෙන්වන්න ලක්ෂ අනූවක් වැය කරන්නෙ මොන මන්ත්‍රීද? එහෙම කරන්නෙ මොකටද? වාහන පර්මීට් එකත් කියන්නෙ මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාදයක්. ඒ වරප්‍රසාදය අරගෙන විකුණල අපි බිස්නස් කරන්නෙ නැහැ. බොහොමයක් මන්ත්‍රීවරු කරන්නෙ ඡන්දෙට වියදම් කරන්න වෙච්ච ණය ගෙවන එකයි.

නිතර දෙවේලෙ ගමනේ යෙදෙන අපිට කැබ් එකක යන්න බැහැ. දවසට පැය තුන හතරකට වඩා ගෙදර නොනිදන අපි බොහෝ විට නිදියගන්නෙත් වාහනේ. මම ප්‍රාඩෝ එකක යන්නෙ එය ආරක්ෂිත නිසා. හැප්පුණත් ජීවිතේ බේරෙනවා. ‍පොඩි කාරෙකක ගිහින් හැප්පුණොත් ජීවිතෙත් ඉවරයි. එතකොට කවුද බිරිඳ, දරුවො ගැන වග කියන්නෙ?

මට ගල්මෝල් ව්‍යාපාර, වැලි බිස්නස් නැහැ. අපේ බැංකු ගිණුම් බැලුවත් හැමදාම ඕ.ඩී. ඉතින් මේ වාහන පර්මිට් විකුණල අපි කරන්නෙ ණය ගෙවල ඔය කියපු දේවල්වලටම යොදවන එක තමයි. ඒක වැරදිද?

හැමෝම කරපු විදියට මමත් පර්මිට් එක වික්කා

එජාප පත් කළ මන්ත්‍රී  - ආශුබෝධ මාරසිංහ

මටත් මුදල් අවශ්‍යතාවයක් තිබුණා,හැමෝම කරපු විදිහට මමත් පර්මිට් එක විකුණුවා. ඒක ලොකු දෙයක් ‍නෙවෙයි. සියලු දීමනා සහිතව මන්ත්‍රී මාසික වැටුප රුපියල් එක් ලක්ෂ පනස් දාහක් පමණ වෙනවා. මේක තමයි ඇත්ත.

මම මහාචාර්යවරයෙක් විදිහට ජපානයේ වැඩ කළා. මාසික ආදායම ලක්ෂ දහයකට වැඩියි. උපදේශක සේවාවෙහි නිරත වුණොත් ලක්ෂ විසි පහක් තිහක් ලබාගන්න පුළුවන්.

මේ සියල්ලම පසෙක දා රට වෙනුවෙන් වැඩ කරන්නයි මං ආවේ. ඉතින් කොළඹ පදිංචියට නිවසක් ඕන. දේශපාලනය කරන්න ඕනි. මේ මන්ත්‍රීකම පිනට පහළ වෙන දෙයක් නෙවේ. ඉතින් මෙම වියදම් දරන්න ක්‍රමයක් අවශ්‍යයි. අඩු වශයෙන් වෙන ආදායම් මාර්ගයක් අවශ්‍යයි. ලංකාවෙ තත්ත්වය අනුව මෙහි විශ්වවිද්‍යාලවල වැඩ කරන්න බැහැ.

මේ රටේ තියෙන දේශපාලන තත්ත්වය වෙනස් කරන්න ආවට පස්සෙ අවුරුදු පහක අනාගතය ගැන හිතන්න ඕනි. දරුවන්ගේ වියදම් ජීවන වියදම් දේශපාලන කටයුතු මේ සියල්ලම කළ යුතුයි.

මට පෞද්ගලික කාරණාවකට මුදල්  අවශ්‍යවුණා. ඉතින් මම වාහනය විකුණුවා. ඒත් වංචාවක් කරලා නැහැ. වාහන විකුණන්න බැහැ කියලා තිබුණේ නැහැනේ.

ලෝකයේ අනිත් රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෘත්තියමය වටිනාකමක් තිබෙනවා. ඒත් මේ රටේ එහෙම ‍නෙවෙයි හැමදේටම මන්ත්‍රී වැරදියි. මේ අය අතර වුණත් බුද්ධිමත් අය නැද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉහළට එන්න ආර්ථික තත්ත්වයක් තත්ත්වයක් හදන්න ඕනෙ.

තමන්ට ලැබෙන වාහනය විකුණා ස්ථිර තැන්පතු දමා ජීවත් වෙන මන්ත්‍රීවරු සිටිනවා. එය සොරකම් කරනවට වඩා හොඳ සාධාරණ දෙයක්.

මම පර්මිට් එක වික්කේ නෑ

එජනිස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  - වාසුදේව නානායක්කාර

වාහන පර්මිට් එකෙන් වාහනයක් ගෙන්වීම ගැන නම් මගේ නම සඳහන් වී ඇති. මන්ත්‍රීවරයෙකු විදිහට මට ලැබුණු පර්මිට් එකෙන් මා ඩියුටි ෆී වාහනයක් මිලදී ගත්තා.

හැබැයි ඒ වාහනය නම් මම විකුණා දැමුවෙ නැහැ. පර්මිට් එකට  වාහන ගෙන්වා විකුණා දමන අය නම් ඕන තරම් ඉන්නවා.

ඒත් මා මිලදී ගත් වාහනය තිබෙන්නේ මගේ නමටයි.

 



මම වික්කේ ජනතා සුබසාධනයටයි

සමාජ සවිබල හා සුබසාධන නි.ඇමැති  - රන්ජන් රාමනායක

වාහන පර්මිට් එක මන්ත්‍රීවරයකුට ලැබෙන වරප්‍රසාදයක් 2010 දී ලැබුණ පර්මිට් එකේදී වාහනය ලැබි වසර පහක් යනතුරු කිසිවෙකුට පැවැරිය නොහැකි බව පැහැදිලිවම සඳහන් වුණා.

නමුත් 2015දී ලැබුණු පර්මිට් එකේ 'වාහනය ලැබි වසර පහක් යනතුරු පැවැරිය නොහැකිය. යන වගන්තිය තිබුණේ නැහැ. එහි පැහැදිලිවම සඳහන් වන්නේ මන්ත්‍රීවරයාගේ අභිමතය පරිදි රාජකාරියට, දේශපාලනයට ආධාරයක් ලෙස එය යොදවා ගැනීම පිළිබඳවයි.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ වාහන පර්මිට් විකිණීම යන්න ‍නොවෙයි. එසේ විකුණා ලැබුණු මුදල් යෙදවූයේ කුමකටද? යන්නයි. ඇතැම් අය කෝටි දෙක හමාරක් වූ මේ මුදල ගෙන ‍පොලියට දුන් අවස්ථා තිබෙනවා. සමහරු දේපළ මිලදී ගැනීම් ව්‍යාපාර ආදියට යෙදවූවා. එය ඒ අයගේ පෞද්ගලිකත්වය.

හැබැයි මම ගැන කිවුවොත් මේ රන්ජන්ට සුඛෝපභෝගී බි.එම්.ඩබ්ලිව්. රථයක නැගී විරාජමානවී දිවුලපිටියට යාමට අවශ්‍යතාවයක් නැහැ. මා එම වාහන පර්මිට් විකුණා ලද මුදල් යෙදවූයේ 'රන්ජන් රාමනායක' නමින් වූ මගේ පදනමටයි.

මැද පෙරදිග සේවයේ සිටියදී වැරදිවලට හසුවී ගල් ගසා මැරීමට ගෙල සිඳ මරණයට පත් කිරීමට නියමිත වූවන් ඉන් බේරා ගැනීමට 'බ්ලඩ් මනී' ගෙවීමට පවා මා ඒ අරමුදලේ මුදල් යොදවා තිබෙනවා.

මැද පෙරදිග අතරමං වූවන් ගෙන්වා ගැනීමට ගුවන් බලපත්‍ර සඳහා එහි සේවයේ යෙදී සිටියදී මියගිය වුන්ට මිනී පෙට්ටි ගැනීමට මම පදනමින් මුදල් ලබා දී තිබෙනවා.

සෞදි සේවයේ යෙදී සිටියදී ඇණ 21 සිරුරට ගැසීම හේතුවෙන් දුක්විඳි ආරියවතීට විශාල නිවසක් ලබා දුන්නේ මේ මුදලින් තමයි. මහජන දිනයේදී එන ඇතැමුන්ට මා මුදල් බෙදා දෙනවා. භයානක රෝගී තත්ත්වයක් පිළිබඳ පැවැසූ දරුවෙකුගේ අධ්‍යාපනයට වියදම් දෙන්නේ මේ  පදනමේ මුදල්වලින්.

නිලංකා ජයසුරිය{jcomments on}

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4087

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2702

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3773

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2278

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7519

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4634

Please publish modules in offcanvas position.