Coss Ear2
lakbima.lk
COSS Ear 1

රට ඉදි වැවෙන්නේ කාන්තාර දේශගුණයක බව අමුතුවෙන් කිව යතු නැහැ එහෙත් අපේ රටේ මධ්‍යම කඳුකරයේත් රට ඉදි පල දාරා තිබෙනවා. 1948 වසරේ තලවාකැලේ පොලිසිය විවෘත කිරිමේදි සිටවු රටඉදි පැලයකුයි මෙසේ පල දරා ඇත්තේ.

වසර ගණනාවකට පසු ශිතල කාළගුණයක මෙවැනි රටඉදි ඵලදාවක් ගෙන ඇත්තේ. මිට ඉහතදි අවස්ථා කිහිපයකදි මෙම රටඉදි ගසින් ඵලදාව හටගත් බවත් එම හටගත් ඵලදාව එම රටඉදි ගෙඩි පැසිමට පෙර කඩා හැලූණූ බවත් පොලිස් නිළධාරින් පවසනවා.

එම ගසේ ඉදි පොකුරු පහක් හටගත් බවත් ඉන් දෙකක් කපා වේලිමට තබා ඇති බවයි තලවාකැලේ පොලිසියේ නිළධාරින් අප හා කීවා.
අඩි දොළහක් පමණ උස මෙම රටඉදි ගස දැක බලා ගැනිමට දිනපතා පාසල් ළමුන් හා ප්‍රදේශවාසින් පැමිණෙන බව තලවාකැලේ පොලිසියේ නිළධාරින් කියනවා.

හැටන් රංජිත් රාජපක‍ෂ 

රංගනය සහ නර්තනය වෙනුවෙන් දක්ෂ ජනප්‍රිය කලා කරුවන්ට විශාල වශයෙන් මිල මුදල් හිමිවෙනවා. නර්තනයට දක්ෂ රූමත් නිළියකට ඒ නර්තනය වෙනුවෙන් විශාල මුදලක් උපයාගත හැකි බවත් රහසක් නොවේ. නමුත් නර්තනය ගැන විශේෂ හැකියාවක් ඇති නව පරපුරේ දක්ෂ ජනප්‍රිය නිළියක වන මේනකා මධුවන්තිට තමන්ගේ රංගනයක් වෙනුවෙන් රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවීමට සිද්ධ වුණා.

පසුගිය දිනයක දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රිය පදවමින් සිටි ඇය සුක්කානම අතහැර තමන්ගේ දෑතින් අපූරු රංගනයක් ඉදිරිපත් කළා. එය රථයේ ඉදිරිපස අසුනේ සිටි අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය වීඩියෝ ගත කොට තිබුණා. පසුව ඇය හෝ එය වීඩියෝ ගත කළ තැනැත්තා හෝ තැනැත්තිය ඒ රංගනය  යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුල් කර තිබුණේ එය අලුත් දෙයක් යැයි සිතා වියයුතුයි.

නර්තනය හොඳ දෙයක් වුවත් රිය පදවන අතරේ නර්තනයක යෙදීමේ නොසුදුසුකම වටහාගත් කිසිවෙකු ඒ සිදුවීම 1919 දුරකථන අංකය ‍ඔස්සේ ‘ජනපතිට කියන්න’ වෙත පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කොට තිබුණා. ජනපතිට කියන්න යනුවෙන් ඒ අංකයට ලැබෙන පැමිණිළි හැකිතාක් ඉක්මනින් විද්‍යුත් ක්‍රමයකින් ජනාධිපති කාර්යාලය වෙත යොමුවෙනවා. එහිදී කෙරුණු විමසා බැලීමකින් පසු ජනාධිපති කාර්යාලය විසින්  ඒ සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කිරීමෙන් පසු මේනකා මධුවන්තිට එරෙහිව බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ  නඩුවක් ගොනු වුණා.  එහි චෝදනාව වූයේ  අන්තරාකාරී ලෙස රිය පැදවීමයි.

එහිදී රියපදවන අතරේ රැඟුම් පෑමේ වරද පිළිගත් මේනකාට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත්වරයා රුපියල් පන්දහසක දඩයක් නියම කළා.

ඕනෑම හොඳ දෙයක් කිරීමට සුදුසු වගේම නොසුදුසු ස්ථානත් තිබෙනවා. නමුත් නර්තනයට හපන් මේනකාට ඒ පිළිබඳ වැටහීමක් නොතිබුණු බවයි මේ සිදුවීමෙන් පෙනීයන්නේ. කෙසේ හෝ ‍බොහෝ දෙනෙකු මෙවැනි දර්ශන අන්තර්ජාලයේ යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුල් කරන්නේ ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් අපේක්ෂාවෙන්. මෙහිදී මේ සිදුවීමත් සමඟ මේනකාගේ ජනප්‍රියත්වය කෙසේ වෙතත් ඇගේ ප්‍රසිද්ධිය නම් බොහෝ සෙයින් ඉහළ ගොස් තිබෙනවාට සැක නැහැ. 



එස්.ටී.පී සිල්වා{jcomments on}

අව්ව ඇති විටෙක  හිසට සෙවණක් සොයමින්ද වැසි දිනවලදී නොතෙමී සිටීමට තැනක් සොයමින්ද ඒමේ අත දිවයමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු පිරිසක් පිළිබඳ ශෝචනීය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. ඒ එම දහම්පාසල සඳහා කලින් හිමිව තිබූ හිසට සෙවණ දුන් වහළයෙන් එම සිසු දරුවන් සහ ආචාර්ය ප්‍රජාව ‘දොට්ට දැමීම’ හේතුවෙනි.

තිස්හය වසරක් තිස්සේ පවත්වාගෙන පැමිණි මෙම බෞද්ධ දහම් පාසල එම ගොඩනැගිල්ලේ උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීම නිසා  මිදුලේ අඹගස් යට පැවැත්වීමට එම දහම් පාසල් ආචාර්ය මණ්ඩලයට සිදුව තිබේ.

මෙසේ දොට්ට දමන ලද  බෞද්ධ දහම් පාසල පිහිටා ඇත්තේ මහනුවර දඹවෙල ප්‍රදේශයේය.

දඹවෙල කනිෂ්ඨ විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක ගතවූ වසර 35 ක කාලය පුරා  මෙම දහම් පාසල පවත්වා ඇති නමුත් එම ගොඩනැගිල්ල  අධ්‍යාපන කාර්යයක් වෙනුවෙන් මහනුවර උසස් තාක්ෂණ ආයතනයට පවරා ගෙන තිබේ. මේ  හේතුවෙන් එම ස්ථානයේ පවත්වාගෙන යමින් තිබූ උදාසිරි දහම් තරංග දහම් පාසලට සිය දරු දරියන් මෙන්ම ඩෙස්, පුටුරාක්ක, පුස්තකාල ‍පොත්පත් හා සියලු ලිපි ‍ලේඛන රැගෙන එම ස්ථානයෙන් ඉවත්වීමට සිදුව තිබේ.


දහම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු යැයි ජනාධිපතිවරයාගේ මුවින් සිය දහස් වරක් පැවසී ඇති යුගයක මෙලෙස බෞද්ධ දහම්පාසලක් ‘දොට්ට දැමීම’ සුළු ‍‍කොට තැකිය නොහැකි බව බොහෝ දෙනෙකුගේ මත වී තිබේ.

දහම් පාසල පැවැත්වූ ගොඩනැගිල්ල මහනුවර උසස් තාක්ෂණ ආයතනයට පවරා ගන්නා විට එම දහම් පාස‍ලේ උපකරණ ගබඩා කිරීම සඳහා වෙනම ස්ථානයක් ලබාදෙන බවට එම ආයතනය ලිඛිතව දැනුම් දී ඇත. නමුත් අද වන විට එම ‍පොරොන්දුව කඩකිරීම නිසා තමන්ට එම බඩුබාහිරාදියද සමඟ විදුහ‍ලේ අඹ ගස් යට දහම් පාසල පවත්වා ගැනීමට සිදුව තිබෙන බව විදුහ‍ලේ ප්‍රධානාචාර්ය උපාලි වෛද්‍යරත්න  මහතා කියයි.

සමස්ත ලංකා සිසු නිපුණතා තරඟවලින් ජයග්‍රහණ රැසක් හිමිකර ගත් දරු දැරියන් ගෙන් සමන්විත මෙම දහම් පාසල මහනුවර ප්‍රදේශයේ කීර්තිමත් තරඟකාරී දහම් පාසලක් බවට පත්ව තිබුණු බව කී ප්‍රධානාචාර්යවරයා මෙසේද කීය.


අප දහම් පාස‍ලේ දරු දැරියන් තුන් සියයක් පමණ අධ්‍යාපනය ලැබුවා. නමුත් හිසට වහළයක් නොමැතිව පාසල් භූමියේ අඹ ගස් යටට පැමිණීමට සිදුවූ නිසා අද ළමුන් පනහක්වත් දහම්පාසලට එන්නෙ නැහැ. දරුවන් අව්ව එන විට සෙවණක් සොයා බංකු අරගෙන එහේ මෙහේ ඇවිදිනවා. වැස්ස එනවිට ‍පොත් අර‍ගෙන දුවනවා. ළමුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද අද අසීරුතාවට පත්වෙලා.

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ මුදුන්මල් කඩක් වන ශ්‍රී දළදා සමිඳුන් වැඩ වෙසෙන මහනුවර ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය සඳහා මෙවැනි කෙනෙහිලිකම් සිදුකිරීම ‍සුළුපටු කරුණක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.  






නදීක දයා බණ්ඩාර - මහනුවර{jcomments on}

 

2016 වසර උදා  වුණේ රංගන ක්‍ෂේත‍්‍රයේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන රංගන යුවළක් පිළිබඳ ඔවුන්ගේ රසිකයන් ඇසීමටවත් අකමැති වූ ආරංචි රැසක් සමගින්. එ් යුවළ අන් කවුරුත් නෙමෙයි සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න. 
සාරංග උමාලි විවාහය දෙදරා ගිය බවත්, මේ විරසකයට හේතුව ආධුනික රංගන ශිල්පියා උමාලිට දුන් ලේනකු බවත්, උමාලි රට හැර ගොස් ඇති බවත්, සාරංග දික්කසාදයට සූදානම් බවත් වෙබ් අඩවි කලින් කලට විවිධ රස සමගිින් පළ කළා. නමුත් කටකතාවලටවත්, වෙබ් අඩවිවල පළවුණු පුවත් ගැනවත් ප‍්‍රසිද්ධ මාධ්‍යයේ කට නොසොල්වන්න සාරංගත්, උමාලිත් පරිස්සම් වුණා. අඩුම තරමින් දෙන්නා දෙමහල්ලන් අතර නොහොඳ නෝක්කාඩුවක් ඇති බව ඇඟවීමටවත් ඔවුන් ඉක්මන් වුණේ නෑ. එ්ත් එ් පරිස්සම ඈලියාවට ගියේ  ඉකුත් සෙනසුරාදා රයිගම් සම්මාන උළෙලෙදී. බොහීමියානුවෝ නාට්‍යයේ නූරිගේ චරිතය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනාගත් උමාලි දන්නා සැමට තවත් හොඳින් දැන ගැනීමට වගේම, නොදන්නා අයගේ හිතේ කුකුසක් උපදවමින්, වචන තරම් ප‍්‍රබල අවියක් නැති බව තවදුරටත් සනාථ කරමින්  ප‍්‍රසිද්ධියේ තම පළමු වෙඩිල්ල පත්තු කළා. 
”විදෙස්ගතව හිටියත් දෙමව්පියන් සමග කතා කරලා මම තීරණය කළා සම්මාන උළෙලට සහභාගි වෙන්න.”
සම්මානය ලබාගැනීමෙන් අනතුරුව සාරංග දිගුකළ මයික‍්‍රෆෝනයට  උමාලි ප‍්‍රසිද්ධියේ කළ ඒ ප‍්‍රකාශය නිසා සාරංගගේ බිරිඳ තවදුරටත් සාරංගගේ නොවන බවට ඇය පළමු වරට රසිකයන්ට ඉඟි කළා. 
”රංගනය නිසා මට ලැබිච්ච පළවෙනි සම්මානය ඔයා...”
 සාරංග නිරුත්තර කරමින් ඇය ප‍්‍රසිද්ධ සභාවක අතීතය මෙනෙහි කළා සේම  සාරංගටත් එ් අතීතය මෙනෙහි කරවන්න උත්සාහ කළා. 
”මට  අවංකව ධෛර්යවන්ත වෙන්න උදව් කළ හා අධෛර්යමත් කරන්න උත්සාහ කරනවා නම් ඒ හැමෝටම ස්තූතියි.” 
එහෙම කියපු ඇය එතැනිනුත් නොනැවතී ගීයක් ගයන්නට පටන් ගත්තා.
 
”රැවුලක් වැව්වට චේ ගුවේරා වගේ.... 
මත් වී හිටියට බොබ්මාලේ වගේ... 
හිත්වල කෝ බන්  ආදරේ... 
හිත්වල කෝ බන් ආදරේ...”
 
දෙබරෙට ගල් වැඳුණෙ ඊට පස්සේ. උමාලි ගීතයෙන් එ්  විදියට විමසුවේ සාරංගගෙන් කියලා කිරි දරුවෙක්ට වුණත් නොතේරෙන්නෙ නෑ. නොසිතූ වාග් ප‍්‍රකාශ සමග වේදිකාවේ සාරංග අසරණ නොවුණා නම් පුදුමයක්. එ්ත් සාරංග මහත්මා ලීලාවෙන් වගේම වෘත්තීය නිවේදකයෙකුගේ වගකීම, දක්ෂතාව මොනවට පැහැදිලි කරමින් එ් අවස්ථාවට සාර්ථකව මුහුණ දුන්නා. උමාලිගෙ ප‍්‍රකාශය සම්මාන උළෙලින් පසුව සාරංග උමාලි ආරවුල දත් නොදත් බොහෝ දෙනා සාරංගගේ පැත්තේ හිටගන්න වාසියක් වුණා. 
”උමාලි කරපු වැඬේ කැතයි. සාරංගට පුදුම ඉවසිල්ලක්නෙ තියෙන්නෙ. මගේ හදවත නැවතුණා වගේ. සාරංග පව්.” ක්‍ෂේත‍්‍රයේ ඇතැම් අය මේ විදියට කතා කරද්දී තවත් අය මේ විදියට මත දැක්වූවා. 
”ඔය පවුල කැඩිලා යන්න දෙන්න හොඳ නෑ. කා අතිනුත් වැරදි වෙනවා. දෙන්නගෙම අතේ වැරදි තියෙනවානේ. අපි ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න උදව් කරමු.”
මේ කතා සමග එදා ? එළිවෙද්දි සාරංග තම මුහුණු පොතේ අපූරු සටහනක් තියලා තිබුණා. සම්මාන උළෙලේදී උමාලිගෙ ප‍්‍රකාශය පතුරු ගහමින් හිටපු අයට සාරංගගේ මේ සටහනත් සමග ආයෙමත් කතා කරන්න මාතෘකාවක් ලැබුණා.
”කුමාරයයි, වැද්දයි, පිය රජතුමායි අන්තිමට රටවැසියොයි ඔක්කොම අන්දපු අපේ කාලේ මනමේ කුමරිය වේදිකාවට සැපත් වූ වගයි.”
සාරංග කවුද කින්ද මන්ද කියලා සෘජුවම කිව්වේ නැති වුණාට මේ කියන්නෙ කාටද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නෑ. 
මේ සිද්ධියෙන් රට කැළඹෙද්දී ඉකුත් ඉරිදාම උමාලි ආයෙමත් රට අතහැරලා ගියා කියලා ආරංචි වුණා. කොහොම වුණත් ඒ අල්ල පනල්ලේ සාරංගගේ උමාලිගේ විරසකය උසාවිය දක්වා දුර දිග ගිහිල්ලා කියලත් ආරංචි වුණා. කිසිදා සමාව නොදෙන තරමටම සාරංගගේ හිත කැඩිලා කියලත් සාරංගව සමීපව ඇසුරු කරන අය කියනවා. කොහොම හරි ගිනි නිවාගෙන එක වහලක් යටට වෙනවාද? නැත්නම් සාමදානයෙන් වෙන් වෙනවද කියලා තීරණය කරන්න  ඕනෑ එ් ප‍්‍රශ්නයට මැදිවුණු සාරංග සහ උමාලි. කොහොම වුණත් ගින්දර තියාගෙනත් මෙච්චර දවසක් වැදගත් විදියට හිටියා වගේ ගන්න තීරණයත් වැදගත් විදියට ගන්න එක තමයි දෙන්නම කරන්න  ඕනෑ. මොකද පේ‍්‍රක්‍ෂකයෝ දෙන්නටම එක වගේ ආදරය කරන හින්දා.  
 
හිමංගි සුලක්බනා
ඡායාරූප - අසන්ත ගමආරච්චි{jcomments on}

දිවංගත හිටපු ඇමැතිවරයකු වූ අමරසිරි දොඩංගොඩ එකල සිය දේශපාලන කටයුතු කරගෙන යනු ලැබුවේ ගිංගඟ පහළ නිම්නයේ පිහිටි නිවසක සිටය. ගිංගඟ අසබඩ පිහිටි එම නිවස දොඩංගොඩ ඇමැතිවරයාගේ මවට අයත්ව තිබූ නිවසකි. ඔහු ඉරිදා හා සෙනසුරාදා  දිනවල  සිය පාක්‍ෂිකයන්ගේ  ඕනෑඑපාකම් සොයා බැලවේ මේ ගෙදර සිටය. එහෙත් දැන් මේ ගෙය ලොකු විපර්යාසයකට ලක්වෙලාය. දේශපාලනය නිසා නොසන්සුන්ව පැවැති එ් ගෙදර දැන් බොහෝ සන්සුන්ය. එකල නිල්පාටින් ළෙලදුන් කොඩි වෙනුවට අද ඇත්තේ බෞද්ධ කොඩිය. මේ විපර්යාසයට මුල ඇමැතිවරයාගේ මෑණියන් වු පුණ්‍යාවතී මහත්මියගේ සිත තුළද පැවැති ලොකු ආශාවකි. එ් කෙදිනක හෝ මෙකී නිවස මෙහෙණින් වහන්සේ සඳහා ආරාමයක්  වශයෙන් පූජාකිරීමටය.  දොඩංගොඩ මෑණියන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කළේ දොඩංගොඩ ඇමැතිවරයාගේ සොයුරියක වන චන්ද්‍ර මාලනී දොඩංගොඩ හා යසනායක තිලකරත්න යුවළ ඇතුළු දූ දරුවන්ය. මේ නිවසේ දැන් හිමිකාරිය චන්ද්‍රා මාලිනීය. ඇය දැන් සිටින්නේ පිළියන්දලය. චන්ද්‍රා මාලිනී එම නිවස ආරාමයකට පූජා කළාය.

ආලෝකෝ උදපාදි සිල්මාතා භාවනා  ආරාමය නමින් මෙය හැඳින්වෙන්නේය. දැන උගත්  මෙහෙණින් වහන්සේ හය නමක් භාවනායෝගිව මෙහි වැඩ වසති. මාලඹේ ධම්ම විමුක්තා මෙහෙණින් වහන්සේ මෙකි ආරාමයේ ආරාමාධිපති ධුරය හොඹවති. අපි එහි යන විට එහි වැඩ සිටියේ තරුණ මෙහෙණින් වහන්සේ දෙනමකි. ඒ මහරගම ධම්මතුසිතා සහ අතුරුගිරියේ ධම්ම සුඛිතා යන මෙහෙණින් වහන්සේලාය.  මෙම මෙහෙණින් වහන්සේ දෙනම මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණ කරණය හා නිපයුම් ප‍්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ ඇත්තෝ් වෙති. දෙදෙනාම ගිහි කල මිතුරියෝය.
ධම්මතුසිතා මෙහෙණින් වහන්සේ පමණක් නොව උන්වහන්සේ ගිහි කාලයේ සිටි සැමියාද පැවිදි වී සිටිති. එ් ගැන ධම්මතුසිතා මෙහෙණින්වහන්සේ කියන්නේ මෙසේය.
මම ඉපදුණේ නුවර. අකුරු කළේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ජිව විද්‍යා අංශයෙන් තමයි උසස් පෙළ කළේ. උසස් පෙළ සමත් වෙලා. මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත්වුණා. ජීව විද්‍යා අංශයෙන්  උසස්පෙළ කළත් මට වෛද්‍යවරියක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. හැමෝම කරන දෙයට වඩා වෙනස් ප‍්‍රවාහයක දෙයක් කරන්න තමයි මට අවශ්‍ය වුණේ. මම පවුලේ තනි ළමයා. අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා මම පොඩි කාලයේ ඉඳලා පිටරට රැකියාවක් කළේ. මම කවදාවත් පිටුපසට ගියපු අයෙක් නෙවෙයි අම්මා වුණත් මට කීවේ ඕයාට  ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. මොරටුව විශ්වවිද්‍යාලයේ දී විලාසිතා නිර්මාණකරණය හා නිපයුම් ප‍්‍රවර්ධනය  යන  අංශයෙන් තමයි උපාධිය කළේ. උපාධිය  ගැනීමෙන් පසුව ලංකාවේ තියෙන ප‍්‍රධාන ඇඟලූම් කම්හලක රැකියාවක් කළා. මගේ ගිහි කාලේ සැමියාත් මොරටුව විශ්වවිද්‍යාලයේ මම හදාරපු පාඨමාලාව හදාරලා තමයි උපාධිය ලබා ගත්තේ. ඔහුත් වැඩ කළේ මා රැකියාව කළ ස්ථානයේමයි.
විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට මහණ වෙන්න  ඕන කියලා අදහසක් තිබුණේ නැහැ. නමුක් මේ පද්ධතියෙ ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා දැනුණා. රැකියාව කරන අතර තුර තමයි බණ අහන්න යොමුවුණේ. ගිහි ජීවිතේදි  මගේ සැමියා තමයි මුලින්ම වසන්ත කියන මහත්තයාගෙන් ධර්මය අහන්න ගියේ. ඇත්තටම එ්ක ධර්ම සාකච්ඡාවක්. මිතුරු මිතුරියන්  පිරිසක් සමග තමයි  ධර්මය පිළිබඳ සාකච්ඡා කළේ. ඒ ධර්ම සාකච්ඡාවේදි  මහත්තයාගේ හිතට තදින් වැදිලා තිබුණා. ඔහුට මා කීවා,  මමත් එනවා කියලා බණ අහන්න යන්න. ඒ අනුව ඒ ධර්ම සාකච්ඡාවට මාත් සහභාගි වුණා. හැම කෙනෙක්ම ජිවිතයේ සතුටක් සැනසුමක් බලාපොරොත්තුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. යථාර්ථය කුමක්ද කියන එක කොහෙන්වත් ලැබිලා තිබුණේ නැහැ. ධර්ම මාර්ගය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කරමින් ඉන්නකොට මහාබෝධි අග‍්‍රශ‍්‍රවක මහා විහාරයේ  වලස්මුල්ලේ අරිය ස්වාමින් වහන්සේගේ දේශනාවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.  භාවනා වැඩසටහන්වලට සහභාගි වුණා. අපේ ජීවිතයේ මෙතුවක් කල් හොයපු  හොයන සැනසීම තියෙන්නේ ධර්ම මාර්ගයේ බව අපට වැටහෙන්න පටන් ගත්තා. 
අපි දෙදෙනා  ත‍්‍රිපිටකය  පොත් හොයා ගෙන කියවන්න පටන් ගත්තා. මේ කාලයේ දි කොහොම හරි දෙමව්පියන්ගේ වුවමනාවට  වෙඩින් එකත් ගත්තා. නමුත් ඒ අවස්ථාවේ නම් මහණ වෙන්න අදහසක් තිබුණේ නැහැ.  නමුත් කවදාහරි මහණ වෙනවා කියන එක හිතේ තිබුණා.
විවාහ වුණාට පසුවත් අපි දෙදෙනාම ත‍්‍රිපිටකය කියවන්න පටන් ගත්තා.  භාවනාවෙන් ලොකු සැනසීමක් ලැබුණා. අකුසල් හදා ගන්න මේ වැඩපිළිවළේ  තවදුරටත් සිටිය යුතු නැහැ කියලා  අපට තේරුණා. ඉන් පසු අපි දෙන්නා සාකච්ඡුා කරලා තීන්දු කළා මහණ වෙන්න.
ඒ වනවිට මගේ ගිහි කාලයේ දී විශ්වවිද්‍යාල මිතුරිය ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ නමින් මහණ වෙලා සිටියේ. උන්වහන්සේ හමුවෙලා අවශ්‍ය උපදෙස්  ගත්තා. ගිහි කාලයේ මගේ සැමියා මට කලින් මහණ වුණා. ඔහු මහණ වුණේ මගේ මහණ පින්කමට අවශ්‍ය සියලූදේවල් කරලා. උන්වහන්සේගේ මහණ පින්කමට මමත් සහභාගිවුණා. ඒ වෙලාවේ මට හිතුනේ අනේ සාදු කියලා. අපි කොහෙද ඉන්නේ. මේ ඉන්නේ අපිට මොනවා දාලා යන්න බැරිවද ඉන්නේ කියලා හිතුණා. ඇත්තටම අත්හරින්න බැරි දෙයක් නැහැ.මගේ මහණ පින්කමට උන්වහන්සේත් සහභාගි වුණා. තලගුනේ මෙත්තා ධම්මශීලි මෙහෙණින් වහන්සේ තමයි මාව මහණ කළේ. මේ වනවිට මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබු  හය දෙනෙක් පැවිදි වෙලා ඉන්නවා. ඒ අය  අතර ඉංජිනේරුවන්ද ඉන්නවා”  ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ කීහ.
මේ ආරාමයේ  වැඩ වසන අතුරුගිරියේ ධම්ම සුඛිතා  මෙහෙණින් වහන්සේ. ගිහි කළ කොළඹ මියුසියස් විද්‍යාලයේ  ආදි ශිෂ්‍යාවකි.  ඕ මොරටුව විශ්ව විද්‍යාලයේ  විලාසිතා නිර්මාණ කරණය හා නිපයුම් ප‍්‍රවර්ධනය පිළිබඳ උපාධිය හදරා ඇත්තාහ. සුඛිතා මෙහෙණින් වහන්සේ විසිහත් හැවිරිදි වියේ  පසුවෙති. 
”මගේ තාත්තා ඉංජිනේරුවරයෙක්. අම්මා විධායක නිලධාරිණියක්. මම පවුලේ බාල දියණිය.  උසස් පෙළ සමත්වෙලා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා උපාධිය ලබා ගත්තා. ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ   ගිහි කාලයේ දී   මොරටුව විශ්ව විද්‍යාලයේ මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක්. එහිදි තමයි ඇය දැන හඳුනා ගත්තේ. වසන්ත මහත්තයා හමුදාවේ හිටපු අයෙක් රැකියාව කරන අතරේ තමයි ඔහුගේ ධර්ම සාකච්ඡුාවලට ගියේ. මුලදී ගෙදරින් විරුද්ධ වුණා බණ අහන්න යනවාට. ඉරිදාට තමයි ධර්ම සාකච්ඡා තිබුණේ. නමුත් පසුව  එ්ක හරිගියා. බණ අහනකොට මට තේරුණා මේවා අල්ලන් ඉන්න  ඕනේ නෑ කියලා.  ඕනෑ දෙයක් අත හරින්න පුළුවන් තත්ත්වයට මම හිත හදාගෙන සිටිය නිසා මහණ වෙන්න තීරණය කළා.
අම්මාට කීවා අම්මේ මම මහණ වෙනවා කියලා. අම්මා ඒ වනවිට හිත හදාගෙන තිබුණේ. මහණ වන විට පවුලේ සියලූ දෙනාගේ ආශිර්වාදය ලැබුණා. ගිහි කාලයේ දී මට පෙම්වතෙක් හිටියා. ඔහු ඉංජිනේරුවෙක්. ඔහුත් මාත් සමග බණ අහන්න ගියා. එයත්  මට ආශිර්වාද කළා. බැඳීම්වල තියෙන ආදීනව එයත් දැනගෙන හිටියා.  ඔහුත් මහණ වේවි.” යැයි සුඛිතා මෙහෙණින් වහන්සේ අප සමග කීහ.
 
ලලිත්  ඕපාත/ ජිනේෂ් නානායක්කාර

අප රටේ සිදුවන සාපරාධී ක්‍රියා වලින් සැලකිය යුතු කොටසක් අනියම් සබඳතා මත පදනම් වන බව පෙනේ.

ඒ අතර අනියම් ඇසුරක් පවත්වන අඹුසැමියන් අතර ඇතිවන සාපරාධී සිදුවීම් අපට වරින් වර අසන්නට ලැබේ. අනියම් බිරිඳ මරා දැමීම, අනියම් සැමියාගේ රහසඟ කපා දැමීම මාස කිහිපයකට වරක් වත් දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ අසන්නට ලැබෙන බව අප කිසිවෙකුටත් රහසක් නොවේ.

එහෙත් අනියම් අඹුසැමියන් අතර මෙවන් සාපරාධී ක්‍රියා බහුල වීමට බලපාන මනෝ විද්‍යාත්මක හේතූන් පිළිබඳව මෙතෙක් විවෘත කතිකාවක් හටගෙන නැත. ‍‍

කවර හෝ සමාජ සංස්කෘතික පසුබිමක් තුළ සම්මත සදාචාරයට එරෙහි අනියම් සබඳතා වලට කිසිදු පිළිගැනීමක් හිමි නොවේ. ලොව සෑම ආගමකින්ම පාහේ ද අනියම් සබඳතා තරයේ ප්‍රතික්ෂේප කෙරේ. එවන් සමාජ සංස්කෘතික පසුබිම  තුළ හටගන්නා මානසික ගැටුම්කාරී තත්ත්වයන් මූලික වශයෙන් මානසික සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. එමෙන්ම සාමාන්‍ය විවාහ ජීවිතයක පවත්නා සහනශීලී ස්වභාවය අනියම් සබඳතා තුළදී ඒ අයුරින්ම පවත්වා ගැනීමට නොහැකි වීමට පුළුවන.

සාමාන්‍යයෙන් විවාහයක දී මෙන් නොව අනියම් සබඳතාවයක දී ලිංගිකත්වය ප්‍රධාන තැනට පත්වීම බොහෝ විට සිදුවෙයි. නොඑසේ නම් බොහෝ අනියම් හාදකම් පවත්වනුයේ ලිංගිකත්වය කේන්ද්‍ර කර ගනිමිනි. එමෙන්ම අප ජීවත්වන සමාජ සංස්කෘතික රටාව තුළ අනියම් සබඳතා සඳහා සමාජීය වරප්‍රසාදයන් හිමිනොවන තරම්ය. එනිසා අනියම් සබඳතාවය යනු එක්තරා අන්දමක ‘සංස්කෘතිකමය සොරා කෑමකි’. මේ තත්ත්වය යටතේද කෙනෙකු තුළ තිබිය හැකි මානසික සහනශීලිත්වය අවප්‍රමාණ වීමට බොහෝ ඉඩකඩ තිබේ.

අනියම් සබඳතා පවත්වන්නවුන් තුළ මානසික ව්‍යාකූලතා ඇතිවීමට බලපාන තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ ඔවුන් තුළ පහසුවෙන් රෝපණය වීමට ඇති ලිංගික ඊෂ්‍යාවයි. තමන් ඇසුරුකරන අනියම් බිරිඳ හෝ සැමියා පූර්ණ ව‍ශයෙන් තමන්ට අයත් නොවන බවත් ඔහු හෝ ඇය සම්බන්ධ තවත් ලිංගික හිමිකරුවෙකු, හිමිකාරියක හිඳින බවත් හැඟීයාම මෙම ලිංගික ඊෂ්‍යාවට පදනම් විය හැක.

එමෙන්ම සෑම විටකම අනියම් සබඳතාවයක් ගොඩනැගෙනුයේ සම්මත නීතිය සහ සදාචාරය උල්ලංඝනය කරමිනි. එනිසාම එවන් සබඳතා‍ පවත්වන සෑම කෙනෙකු තුළම කිසියම් වරදකාරී හැඟීමක් ඇති වීමේ පහසු අවකාශයක් තිබේ. මෙය තවදුරටත් වර්ධනය වීමෙන් අනියම් සැමියා හෝ බිරිඳ පිළිබඳව අනෙකා තුළ ලිංගික ඊෂ්‍යාවක් සහ සැකයක් හටගැනීමට පුළුවන. තම අනියම් සැමියා හෝ බිරිඳ තමන් වෙතට පැමිණ ඇත්තේ සිය නීත්‍යානුකූල සහකරු හෝ සහකාරිය සිටිය දී බව අනෙකා දනී. මේ තත්ත්වය යටතේ තමන්ට වඩා ගැලපෙන වෙනත් සහකරුවෙකු හෝ සහකාරියක හමුවීමෙන් පසු ඔහු හෝ ඇය තමන් හැර යනු ඇතැයි යන සැකය මෙවන් අනියම් සබඳතා පවත්වන අඹුසැමියන් අතර බහුලවම හට ගනී. ඒ අනුව තම අනියම් සහකරු හෝ සහකාරිය වෙනත් කාන්තාවක හෝ පිරිමියකු දෙස බැලීම කතා කිරීම මුල‍්කොට පවා අනිකා තුළ ලිංගික ද්වේශයක් ඇතිවීම ස්වභාවිකය. එවන් ලිංගික ද්වේශයක් පිබිදීම අපරාධ වලට පහසු ඉඩකඩක් සලසයි.

සාමාන්‍යයෙන් අනියම් සබඳතා‍වයක් ගොඩ නැගෙනුයේ යුග ජීවිතය තුළ පවත්නා කිසියම් අඩුවක් අතෘප්තියක් නිසා බව පොදු පිළිගැනීමකි.  එහෙත් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මකව විමසා බැලීමේ දී පෙනී යන්නේ එය පිළියම් යොදා නැවත සකස් කළ හැකි තත්ත්වයක් බවය.

එවන් පසුබිමක් තුළ මානසික සෞඛ්‍යය කෙරෙහි අයහපත් ලෙස බලපාන අනියම් සබඳතා ප්‍රවර්ධනය වීම පුද්ගල, පවුල් සහ සමාජමය වශයෙන්ද අහිතකර ප්‍රතිඵල ‍ගෙන එන්නක් බව මනෝවෛද්‍යවරුන්ගේත්, පවුල් උපදේශකයන්ගේත්, මනෝවිද්‍යාඥයන්ගේත්, සමාජවිද්‍යාඥයන්ගේත් පොදු අදහස වී තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ{jcomments on}

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1766

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1039

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3108

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4181

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7182

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6326

Please publish modules in offcanvas position.