Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සිය දිවි නසා ගැනීම පිළිබඳ වාර්තාකරණයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ ඇතැම් ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය ක්‍රියා කරන ආකාරය සමාජයට අතිශයෙන් හානිදායක විය හැකි යැයි කැලණිය විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ(රාගම) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.ඒ.එල්.ඒ. කුරුප්පුආරච්චි මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ලක්බිම ඔන්ලයින් වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය.

දිවි නසා ගැනීමක් කියන්නේ ජීවිතයේ ප්‍රශ්න ගැටුලු අර්බුද වලට විසදුම් සොයනු වෙනුවට ඒ ප්‍රශ්න ගැටලු අර්බුද එලෙසම තිබියදී ජීවිතයෙන් පලා යාමක්. නමුත් ඒ සංසිද්ධීය දෙස විවිධ පුද්ගලයන් විවිධ කෝණ වලින් දැකිය හැකියි.

නමුත් එවැනි සිද්ධීන් ජනතාව අතරට ගෙන යන මාධ්‍ය කරුවා එහිදී  දැඩි සංයමකින් සහ ශික්ෂණයකින් ක්‍රියා කළ යුතුයි.

එසේ නොමැති නම් එම දිවි නසා ගැනීම තුළින් සමාජය තුළ තවත් එවනිම දිවි නසා ගැනීම් (Copycat suicide) පෙළකට ඉඩ සැලසීම වළක්වන්නට බැහැ.

සාමාන්‍ය කෙනෙකු දිවි නසා ගැනීමේදී මාධ්‍ය මගීන් ලැබෙන ප්‍රසිද්ධිය වඩා රූමත්, ධනවත්, ජනප්‍රිය හෝ ඉහළ වෘත්තීන්හි නියළෙන පුද්ගලයන්ගේ දිවි නසා ගැනීම් සඳහා මාධ්‍ය මගීන් වැඩි ඉඩ කඩක් ලබා දෙනවා. ඒ එවන් සිද්ධීන් සම්බන්ධයෙන් ජනතාව තුළ පවත්නා ස්වභාවික උනන්දුව මුල් කොට ගෙනයි.

නමුත් කිසියම් රූමත් තරුණියක් දිවි නසා ගත් පසු ඒ ප්‍රවෘත්තිය සමඟ ඇගේ රූමත් බව විදහා දැක්වෙන ඡායාරූප ඉදිරිපත් කිරීමෙන් රූමත් බව කෙරෙහි ඇති සමාජමය ඉල්ලුම හා වටිනාකම ඒ දිවි නසා ගැනීම කෙරෙහි ද යොමු වන්නට පුළුවන්.

ඒ වගේම සමාජ පුරුෂාර්ථ වශයෙන් සැලකෙන උගත් ධනවත් ආදී තත්වයන් වල පසුවන්නවුන් සිදු කළ දිවිනසා ගැනීම් මාධ්‍ය මගීන් ප්‍රසිද්ධ කිරීමේදී ඔවුන් ගේ වටිනාකම හුවා දැක්වීමෙන්ද තවත් පිරිසක් තුළ ඒ දිවිනසා ගැනිීම් වලද කිසියම් වටිනා කමක් තිබෙන්නාක් සේ හැගී යා හැකියි.

ඒ නිසා එවනි දිවි නසා ගැනීම් පසු පස එබදු හෝ ඒ ආකරයේ දිවි නසා ගැනීම් කිහිපයක් සිදු වීමේ පැහැදිලි අවදානමක් තිබෙනවා.

මෙහිදී අදහස් දැක් වූ මහාචාර්ය කුරුප්පුආරච්චි මහතා මෙසේද කීය.

ෆේස්බුක් ඇතුලු නූතන සමාජ ජාලා වෙබ් අඩවි වල දිවි නසා ගැනීම්, හදීසි අනතුරු සහ අපරාධ ආදිය පිළිබඳ ජංගම දුරකථන ආදියෙන් ලබා ගත් ජායාරූප එලෙසින්ම ප්‍රසිද්ධ කොට තිබෙනු දකින්නට පුළුවන්. 

මේවා ද  සමාජයේ මානසික සෞඛ්‍යය කෙරෙහි දැඩි සේ අනර්ථකාරී ලෙස බලපෑ හැකියි.

පලමුව මේවා දැකීමෙන් සමහරුන් තුළ මානසික කම්පනයක් (Psychological trauma) ඇතිවිය හැකි අතර පසුව එය පශ්චාත් ක්ෂතික ආතති ආබාධය (Post-traumatic stress disorder) නම් මානසික රෝගී තත්වය දක්වාත් වර්ධනය විය හැකියි.

ඒ අතර තවත් සමහරුන් තුළ මේවා නිතර නිතර දැකීම නිසා ඒ සම්බන්ධයෙන් ඇතිවිය යුතු සාමාන්‍ය සංවේදීතාව පවා නොමැතිව විසංවේදීකරණය (Desensitization) නම් තත්වයට පත් විය හැකියි.

ඒ නිසා ෆේස්බුක් ඇතුලු සමාජ ජාලා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගීන් දිවි නසා ගැනීම් පිළිබඳ කතා කරන සෑම විටම ඒවා වැලැක්විය හැකි ආකාරයට එම පුවත් හා ඡායාරූප සකස් කළ යුතු බව මහාචාර්ය කුරුප්පුආරච්චි මහතා කියයි.

දමයන්ති ගමගේ{jcomments on}

සමාජයේ ඉහළ යැයි සම්මත වෘත්තීන් හි යෙදෙන්නවුන්ගේ ගුණ ගරුක භාවය සහ සදාචාරාත්මක බව පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ගොඩනැඟී ඇති වර්තමානයේ තම මියගිය දෙමාපියන්ට පින් පිණිස දිනපතා රාත්‍රී අටෙන් පසු හදිසි රෝගීන් රෝහල්වලට නොමිලේ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ රියදුරෙකු අපට හමුවිය.

ඒ ගනේමුල්ල,තිබ්බටුගොඩ, අංක 52 නිවසේ පදිංචි සරත් ප්‍රේමතිලකය. ජීවිතයේ තරුණ වියේ සිටම වෘත්තීය රියදුරෙකු ලෙස කටයුතු කළ සරත් 1987 සිට 97 දක්වා පුරා වසර දහයක් සෞදි අරාබියේ බරවාහන රියදුරෙකු ලෙස ද සේවය කොට ඇත. ඉන් පසු මෙහි පැමිණ වරින් වර  තමන්ගේම වාහන කිහිපයක් කුලී රථ සේවයේ යොදා තිබූ ඔහු දැනට වසර හතක පමණ සිට තමන් විසින් මිලයට ගත් ත්‍රිරෝද රථයක රියදුරු ලෙස සේවය කරයි.

ඔහු විවාහකයෙකු වන අතර දියණියන් තිදෙනෙකුගේ පියෙකි. බිරිඳ කලකට පෙර මියගොසිනි. තම අනගි සේවාව පිළිබඳව ඔහු මා හා විස්තර කළේ මෙලෙසිනි.

“මගේ තාත්තාගේ නම දාවිත් සිල්වා; තාත්තා මියගිහින් දැනට අවුරුදු දාහතරක් වෙනවා. අපි සාමානයෙන් කරන්නේ මැරුණු කෙනෙකු වෙනුවෙන් අවුරුදු පතා දානයක් දෙන එක; මම හිතුවා තාත්තා‍ වෙනුවෙන්ඊට වඩා වැඩි යමක් කරන්න ඕන කියලා. අගනුවරට- ගම්පහට කිට්ටු වුණත් තවමත් මේ පළාත්වල රෑට පොදුප්‍රවාහන පහසුකම් අඩුයි. ඒ හින්දා මම රෑ අටෙන් පස්සේ උදේ හය වෙකල් මගේ ත්‍රිවිලර් එකෙන් ගම්පහ රෝහලට හදිසි රෝගීන් නොමිලේ ප්‍රවාහනය කරන්න පටන් ගත්තා. හදිසියේ කවුරුහරි මට දුරකතන ඇමතුමක් දුන්නොත් හරි ඇවිත් කතාකළොත් හරි මම වෙලාව වැස්ස වගේ කිසි දෙයක් බලන්නේ නැහැ;  වැඩේ බාර ගන්නවා. අපේ අම්මත් මගේ මේ වැඩේ බොහොම අගය කළා. ඊට පස්සේ මීට මාස පහකට කලින් අපේ අම්මත් මිය ගියා. ඊට පස්සේ මම කල්පනා කළා තාත්තා වෙනුවෙන් වගේම අම්මා වෙනුවෙනුත් යමක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව දිනපතාම රෑ අටෙන් පස්සේ තාත්තා වෙනුවෙන් ගම්පහ රෝහලට රෝගීන් ප්‍රවාහනය කරපු මම අම්මා වෙනුවෙන් රාගම‍ රෝහලටත් රෝගීන් නොමිලේ ප්‍රවාහනය කරන්න පටන් ගත්තා. ඒ වගේම පණපිටින් ඉන්න දෙමව්පියන්ව මහළු මඩම් වල විතරක් නෙමෙයි මහ පාරේ පවා අතරමං කරලා යන සමාජයේ උසස් රැකියාවල් කරන පෝසත් දූ පුත්තු අනුව බලනකොට මම හිතනවා මම ඊට වඩා පෝසත් කෙනෙක් කියලා.”

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු මෙවැනි කටයතු කරන්නේ සමාජයෙන් ගරු නම්බු, තාන්න මාන්න, කිර්තිය ආදී දේවල් අපේක්ෂාවෙනි. ඔබත් එවැනි දේවල් අපේක්ෂා කරනවාද? කියා අප සරත් ගෙන් ඇසූ විට ඔහු දුන්නේ ඉතා කෙටි පිළිතුරකි.

එනම් ‘මගෙ බල්ලටවත් එපා’ යන්නය.

සරත්ගේ මෙම ක්‍රියාව ඉතා උතුම් එකකැයි මෙය කියවන ඔබ සිතනු ඇත. එහෙත් ඔහු කියන්නේ තමන්ගේ මෙම ක්‍රියාව මුල්කොට තමන්ට කිත් පැසසුම් වලට වඩා අවමන් ලැබෙන බවකි.

“සමහරු කියනවා මම ත්‍රීවිලර් රස්සාව හෑල්ලු කරනවා කියලා; තවත් සමහරු කියනවා තමන්ට රෑට කීයක් හරි හොයාගන්න තියන චාන්ස් එක මම නොමිලේ හයර් ගිහින් නැති කරනවා කියලා.;නමුත් ඒ නින්දා අපහාස වලට වඩා මට මගේ දෙමව්පියො ලොකුයි. ඒ දෙන්නා වෙනුවෙන් ඕන දුකක් දරාගන්න මට පුළුවන්.”

මේ අතර තමන් මේ යහපත් කාරිය සම්බන්ධයෙන් මුහුණ පෑ අකරතැබ්බ කීපයක් ගැනද සරත් විස්තර ක‍ළේය.


“මේ පහුගිය දවසක රෑ දොළහට විතර මම ටිකක් දන්න කෙනෙක් කෝල් එකක් දුන්නා සරත් අයියේ ලෙඩෙක් ඉන්නවා ගම්පහට ගිහින් දාන්න පුළුවන්ද කියලා. මම ඇහුවා කවුද ලෙඩා කියලා එතකොට ඒ කෝල් එක දීපු හාදයා කිව්වා ඇවිත්ම බලන්න කියලා. මම ඒ කියපු ගෙදරට යනකොට එතන පාටියක් ඉවරවෙලා... ඒ පාටියට ආපු කෙනෙක් කුදාර් වෙන්නම ගහලා; අනෙක් කට්ටිය මට කියනවා මේත් ලෙඩෙක් තමයි හැබැයි මෙයාව ඉස්පිරිතාලෙට නෙමෙයි ගෙදරට ගිහින් දාන්න කියලා. නමුත් මං ඒකට කැමති වුණේ නැහැ. පස්සේ කියනවා සල්ලි කීයක් හරි දෙන්නම්ලු. ඒත් මම කිව්වා මම මේ සල්ලි වලට හයර් යන වෙලාවක් නෙමේ; නොමිලේ හදිසි ලෙඩ්ඩුන්ව  ඉස්පිරිතාලෙ ගෙනියන එක විතරයි මේ වෙලාවට කරන්නේ කියලා.”

තමන් මවට සහ පියාට පිං පිණිස ගම්පහ සහ රාගම රෝහල් වලට නොමිලේ රෝගීන් ප්‍රවාහනය කරන බව ඔහු තම ත්‍රිරෝද රථයේ පිටුපස ප්‍රදර්ශනය කරයි.

“ඉතාම කලාතුරකින් කෙනෙක් පාරෙදි එහෙම මේක දැකලා මේක බොහොම හොඳ වැඩක් කියපු අවස්ථා කීපයක් තියෙනවා. නමුත් මම මේක කාගෙන්වත් ප්‍රශංසා බලාගෙන කරන දෙයක් නෙමෙයි හදවතට එකඟවම දෙමව්පියො වෙනුවෙන් කරන පින් කමක්. මම එච්චර ධනවතෙක් නොවුණත් මට ඒ ආත්ම තෘප්තිය රුපියල් කෝටියකටත් වඩා වටිනවා.” අවසානයේ සරත් කීය.


ප්‍රසංග පෙරේරා - ජා එල{jcomments on}

දිනසේන රතුගමගේ උතුරේ සිටින පළපුරුදු පුවත්පත් කලාවේදියෙකි. වවුනියාවේ හුන් ඔහු ඉකුත් 25 වැනිදා අවිස්සාවේල්‍ලේ සීතාවකට ආවේ තවත් මාධ්‍ය සගයන් කීපදෙනෙක් සමගය. ඒ හිතවතියකගේ පියෙකුගේ  මළ ගෙදරට සහභාගි වීමටය. රතුගමගේ සමග අනුරාධපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී අතුල බණ්ඩාරත් කොළඹ පුවත්පත් කන්තෝරුවක සේවය කරන පුවත්පත්කලාවේදීහු දෙදෙනෙක්ද ඒ පිරිසේ හුන්හ. ඔවුන් ගිය මළ ගෙදර වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ විසිහය වැනිදාය. මේ නිසා විසිපස් වැනිදා මළගෙදරට ගිය ඔවුන්ට වෙනදාට වඩා පරිසරයේ වෙනස්කමක් දැනුණි. උහුලන්න බැරි සීතලක් එදා  ආවේය. එනමුත්  ඔවුන් එය ගණනකට ගත්තේ නැත. 
 
“දේහයට අවසන් ගෞරව දක්වලා ටික වෙලාවක් කතා කර කර ඉඳලා රෑ කෑමට ගියා. කෑම කාලා ඉවර වෙද්දී රෑ 9.30ට විතර වුණා. එතකොටම වැස්ස පටන් ගත්තා. ටික වේලාවක් යද්දී හිතා ගන්න බැරි තරමට වැස්සා. 10.30  විතර වෙද්දී අපි හිටපු ගෙදර මිදුල යටවෙන්න ගත්තා. ඒ වෙද්දී මළ ගෙදර හිටපු අසල්වැසියන් ගොඩක් දෙනා තමන්ගෙ ගෙවල්වලට මොකද වුණේ කියල බලන්න ගියා. මළ ගෙදර ඉතිරි වුණේ අපි කීප දෙනයි පවු‍ලේ ළඟම ඥාතීනුයි විතරයි. සේරම කට්ටිය 38 ක් හිටියා. රතුගමගේ වූ දේ විස්තර කරන්නේය.
මිදුලට ගලා ආ ජල දහර  ක්‍රම ක්‍රමයෙන් ප්‍රචණ්ඩ වෙමින් පවතී.  ‍පොල්, දෙල්, ආදී ගස්වල අතු කොළ ගෙඩි ආදිය වතුරේ ගසාගෙන යමින් තිබිණි. වතුර සමග බළලෙකුද ගසාගෙන ආවේය.  
“අනේ පව් පූසා ගිලිලා මැරෙන්න යන්නෙ යැයි” කියමින් පාසල් වයසේ සිටි දැරියක පූසාව ගොඩට ගැනීමට උත්සාහ ගත්තේය. ඒ සමග මාරාවේශයෙන් සිටි බළලා දැරියගේ අත සපා කෑවේය.
“වතුර වැඩි වෙද්දී හට් එකේ තිබුණ ප්ලාස්ටික් පුටු පාවෙන්න ගත්තා. ඊට පස්සෙ අපි එකතු වෙලා ප්ලාස්ටික් පුටු ගේ ඇතුළට දැම්මා.  ඒ වෙද්දි ගේ ඇතුළට වතුර දාලා. තව ටික වෙලාවකින් බලාගෙන ඉද්දි ජල මට්ටම උඩට යනවා. අපි මෘත දේහය තිබුණ පෙට්ටිය වහලා මෘත දේහය මේසයක් උඩ තිබ්බා. තවත් ටික වේලාවක් යද්දී වතුර මට්ටම මේසයේ සීමාවටත් ආවා. දැන් මොකද කරන්නෙ?
මෘත දේහය බේරාගන්න ක්‍රමයක් කල්පනා කළා. ඊට පස්සෙ ඇඳ ඇතිරිලි අරගෙන මිනී පෙට්ටිය ගැට ගහලා නිවසේ  වහ‍ලේ බාල්කයට ගැට ගැසුවා.
දැන් මෘත දේහය පරිස්සම්.  ඊට පස්සේ  කතා කළේ අපේ ජීවිත බේර ගන්නෙ කොහොමද කියලා. ඒ වෙද්දි අඩි 4-5 විතර වතුර මට්ටම ඇවිත්. එතකොට අපි දැක්කා බඩු මුට්ටු දාන්න හදපු කොන්ක්‍රීට් තට්ටුවක්. මේක ගේ ඇතුළේම තිබුණේ. බිමට අඩි 10ක් විතර උඩින් තමයි තිබුණේ. අපි හිටපු 38ම ඉනිමගක් තියලා කොන්ක්‍රීට් තට්ටුවට නැග්ගා. කොන්ක්‍රීට් තට්ටුවට උඩින් වහලක් තිබුණ නිසා තෙමුණේ නැහැ. කොහොමහරි තිබුණ ඉඩ හිටපු කට්ටියට හිටගෙන ඉන්න විතරයි ප්‍රමාණවත් වුණේ. රෑ 11.30  වෙද්දී වතුර මට්ටම අඩි 9 1/2  ක් විතර වෙලා තිබුණා. අපි කල්පනා කළේ තව දුරටත් වතුර මට්ටම උඩට ආවොත්  මොකද කරන්නෙ කියලා. එහෙම වුණොත් වහලට නගිමු කියල කතා වෙලා වහ‍ලේ ඉඩක් හදන්න උත්සහ කළා. 
කොහොම වුණත් රෑ 11.30 විතර වෙද්දී අපට තේරුණා අපේ ජීවිත අවදානම් කියලා. වාසනාවට ඒ වෙද්දී අපි ළඟ ජංගම දුරකථන කීපයක්ම තිබුණා.
“පිරිස අතර මාධ්‍යවේදීන් කීප දෙනෙකුම සිටි බැවින් ආපදා මධ්‍යස්ථානය, ‍පොලිස් හදිසි ඇමතුම් අංශය, ත්‍රිවිධ හමුදාව, පෞද්ගලිකව හඳුනන ඉහළ හමුදා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසකට දුරකථන ඇමතුම් දෙමින් තමන් පත්ව සිටින අවදානම් තත්ත්වය ප්‍රකාශ කරන්නට වූහ. මේ අතර ඔවුන්  සේවය කළ මාධ්‍ය ආයතනද පිරිස බේරා ගැනීම සඳහා විවිධ උත්සාහයන් ගනිමින්  සිටියේය. මෙහිදී සෑම ස්ථානයකින්ම ලැබුණු උපදෙස වූයේ “ඔයාල බේරා ගන්න එනවා කලබල වෙන්න එපා” පමණකි.
රාත්‍රියේ උඩට නගින විට පිරිස විහිළු තහළු කරමින් නැග  සිටියද අලුයම 4.00 වන විට  අනෙකුට කතා නොකරන තත්ත්වයට පිරිස පත්ව සිටියෝය. ඇති වූ  ජීවිත බිය නිසාම සියලු දෙනා මුණිවත රැක්කෝය.
“හැබැයි මම කීවා අවුරුදු 30ක් අපිට කොටි ගැහුවා හැබැයි මේ වගේ අවිනිශ්චිතකමක්  බයක්නම් ඇති වුණේ නැහැ කියලා. කොටි ගහද්දී අපිට තේරෙනවා ඊළඟට කොටියා කරන දේ. ඒත් ස්වභාවධර්මයා මොකද කරන්නෙ කියලා හිතා ගන්න බැහැනෙ?” රතුගමගේ කියයි.
කොහොම හරි 26 දාට එළිය වැටුණා. ඒ වෙද්දි වතුර මට්ටම අඩි 02ක් විතර අඩුවෙලා තිබුණා. උදේ 7.45 විතර වෙද්දී  හමුදාවෙ කෙනෙක් පීනගෙන අපි හිටපු ගෙදරට ආවා. එයා ඇවිත් තමයි අපිට විස්තරය කීවේ. ඒ ප්‍රදේශයෙ  ගලා බසින සීතාවක  ඔය පිටාර ගලලා ඇති වූ සැඩ පහර  නිසා ‍පොඩි බෝට්ටු දාන්න බැහැ කියලා කීවා. ‍පොඩි බෝට්ටු කැඩෙනවා එහෙම නැතිනම් ගහගෙන  යනවා කියලා කීවා. ඒ නිසා නාවික හමුදාවේ යාන්ත්‍රික බෝට්ටු අරගෙන එන්නම් කීවා.  ගස් වැටිලා නිසා හෙලිකොප්ටර් අපි ඉඳපු තැනට පාත් කරන්නත් බැහැ කියලා කීවා. ආපු හමුදාවේ කෙනා අපේ විස්තර ලියාගෙන ඒ විස්තර ‍පොලිතින්  උරයක ඔතලා තොප්පියට යටින් බැඳලා ආපහු පීනාගෙන ගියා. ඊටත් පස්සේ උදේ 10.30ට විතර ආපදා නිලධාරීන් හමුදා සහ ‍පොලිස් නිලධාරීන් පිරිසක් අපි හිටපු තැනට පීනාගෙන ආවා. එයාලා  ළඟ තිබුණේ කඹ විතරයි. එයාලත් අපේ විස්තර අරගෙන බය වෙන්න එපා කියලා ගියා. කලින් දවසේ රෑ කොටුවුණු අපි දවල් 12 විතර වෙද්දී හොඳටම තෙහෙට්ටු වෙලා හිටියේ. රෑ කෑමට පස්සෙ වතුර හෝ කිසිම කෑමක් නැහැ. කොහොම හරි අපේ ජීවිත ගැන විශ්වාසය ඇති වුණේ  නාවික හමුදාවේ යාන්ත්‍රික බෝට්ටු අපි  ඉන්න තැනට ආවට පස්සේ ඒ වෙද්දී වෙලාව 26 දා දවල් 1.00 ට විතර ඇති. වතුර පාර සැර නිසා එයාලා කීවා 04කට වඩා යාත්‍රාවට නගින්න එපා කියලා. ඒ නිසා මුලින්ම අපි කළේ මෘත දේහය සමග පෙට්ටිය යාත්‍රාවට පටවන එක. ඊට පස්සෙ 03ක් නැග්ගා. දෙවන බෝට්ටුවට වයසක උදවිය. ඊට පස්සේ කාන්තාවන් ඒ විදිහට පිළිවෙළට ගිහින් අපි යාත්‍රාවට නගිද්දී හවස 3.00 විතර වුණා.
බෝට්ටුවෙන් ආවත් අපි ගියපු කාර්එක වතුරට යටවෙලා තිබුණේ. ලක්ෂ 63ක් වටිනා ඒ කාර් එක පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත්වෙලා කියල  පස්සෙ දැන ගන්න ලැබුණා. ඒක අයිතිත් අපි එක්කම ගිය මාධ්‍යවේදියෙකුට මෘතදේහය වෙනත් ප්‍රදේශයක මල් ශාලාවක තැන්පත් කරලා ඒ ප්‍රදේශයේම හිමිනමක් වඩම්මලා පාංශුකූලය දීලා ආදාහන කටයුතු කළා කියලා පස්සෙ දැන ගත්තා. 
ඒ වගේමයි මිනිස්සුන්ගෙ මනුස්සකම, මේ විපත්තියේදී අපි හොඳට දැක්කා. මළ ගෙදරක ආපු මෝටර් රථයක තිබුණ මුදල් රුපියල් 49,000ක් වතුරෙ පාවෙද්දි ගමේ අය එකතු කරලා දුන්නා. වටිනා ජංගම දුරකථන  දෙකකුත් දීලා තිබුණා. ඒ වෙද්දි ගංවතුරට කොටුවුණ අයට කෑම දෙන්න ප්‍රදේශයේ විහාරස්ථානයක කෑම හරි ගස්සනවා කියලා කෑම කන්න අපටත් එන්න කීවා. ඒත් අපි කොළඹට ඇවිත් තමයි කෑම කෑවේ. එතකොට 27දාට අඳුරු වැටිලා යැයිද රතුගමගේ කියයි.
මෙම සිදුවීමේදී එකක් පැහැදිලියි. එනම් ගංවතුර අවදානම පිළිබඳව රජයේ පූර්ව සූදානමක් තිබි නැති බවය. රජය සැබෑ ලෙස ක්‍රියාත්මක වූයේ දින දෙකකට පසු එනම් 27 දාය. මාධ්‍යවේදීන් පිරිස තමන් හට තිබූ සබඳතා නිසා මෙලෙස දිවි රැක ගත්තද වෙනත් පිරිසක් මෙම අවදානමට මුහුණු දුන්නේනම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි.  අපේ කථානායක රතුගමගේ එදිනම රාත්‍රී කොළඹින් වවුනියාව බලා යන බස් රථයට නැග්ගේය.
“ඉස්සර අපි වවුනියාවේ ජීවත් වුණේ මරණය කොයි වෙ‍ලේද දන්නෙ නැහැ කියලා හිතාගෙන. ඒ නිසා වවුනියාවෙන් කොළඹ බස් එකට නගින්නේ නිදහස් ලෝකයකට යනවා වාගේ. හැබැයි එදා කොළඹින්  වවුනියාව බස් එකට නැග්ගේ ඒකෙ අනිත් පැත්ත හිතාගෙන.  දකුණ  කියන මරණ භූමියෙන් උතුර කියන නිදහස් ලෝකයට යනවා කියලා හිතාගෙන තමයි ආවේ” යැයිද රතුගමගේ  කියන්නේය.
 
සනත් ප්‍රියන්ත

පසුගිය දිනවල ඇති වූ ගංවතුරින් කැලණි ගඟ පිටාර ගැලීම නිසා කැලණිය, බියගම, දොම්පේ, වත්තල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බරපතල ආපදා තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය. වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ සහ අලූත්කූරු කෝරල මායිමෙන් ගලා බසින කැලණි නදිය නිතර නිතර පිටාර ගැලීම නිසා ගංවතුර අවදානමක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එනිසාම බියගම, මල්වාන, පහළ මාපිටිගම, උඩමාපිටිගම, පුගොඩ, තරාල, රන්වල, දංගල්ල ආදී ප‍්‍රදේශ මුල්කොට කැලණි ගඟේ ගංවතුර පිටාර කලාප කිහිපයක් ද ස්ථාපිත වී තිබේ. කැලණි නදියේ මෙම පිටාර ගැලීමේ ස්වභාවය මුල්කොට ප‍්‍රකට ජන කවියක් ද ඇත. 

‘‘කැලණි ගඟානෝ - නිතරම වතුර ගලානෝ

කෙටල පටානෝ - නිතරම උඩ යට යානෝ

මී හරකානෝ - නිතරම ඔලූව වනානෝ

ඇටිකිති ජානෝ - නිතරම ජෙග ජෙග ගානෝ ’’

සියනෑ කෝරළයේ හෝ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැඩිදෙනෙකු අසා පුරුදු මේ ජන කවිය අප රටේ සිටි සිවිල්සේවා නිලධාරියෙකු සහ විශිෂ්ට ජනශ‍්‍රැති පර්යේෂකයෙකු වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් විසින් 1964 වසරේ සම්පාදනය කළ ‘‘සිංහල කාව්‍ය සංග‍්‍රහය - මාතර යුගය’’ කෘතියෙහි (පිටුව 200) ද සඳහන් ය. මෙය ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයකි.

මාතර (සාහිත්‍ය) යුගය ක‍්‍රි.ව. 1720 - 1830 දක්වා වන වසර 110ක කාල පරිච්ඡේදයක් පුරා දිව යන්නකි.

ඉහත සඳහන් ජන කවියෙහි මතුපිට අරුත වනුයේ වරින් වර පිටාර ගලන කැලණි ගඟ නිසා ගඟ දෙපස ඇති කෙටල පඳුරු වරින් වර දියෙන් යටවී යළිත් මතු වී පෙනෙන බව ය. මේ අතර ගඟ ආසන්නයේ බැඳ සිටින මී ගවයන් හිස වනන අයුරුත් ඇටිකිත්තන් යනුවෙන් හැඳින්වෙන ජලාශ‍්‍රිත කුඩා මැඬි විශේෂය නිතර හඬනගන අයුරුත් ඉන් පැවසේ.

නමුත් පසුගිය කාලයේ සියනෑ කෝරළයේ ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ ගවේෂණයක යෙදුණු මට එම ජන කවියෙන් මතුවන ඊට වඩා ගැඹුරු ද්වනිතාර්ථයක් පිළිබඳව අනාවරණය කර ගත හැකි විය. ඉන් පැවසී ඇත්තේ සියනෑ කෝරළයේ විසූ මහා ධනකුවේරයෙකුගේ ලිංගික ජීවිතය පිළිබඳව බව එහිදි අනාවරණය කර ගැනීමට මට හැකි විය.

ඔහු දහඅටවන සියවසේ අග භාගයේ හෝ දහනව වන සියවසේ මුල් භාගයේ දී සියනෑ කෝරළයෙහි විසූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැක. අක්කර සිය ගණනක පොල්වතු ඇතුළු සුවිසල් දේපළකට හිමිකරුවෙකු වූ මොහු තමන් යටතේ වැඩකරන සේවකකාරකාදීන්ගේ රූමත් අඹුවන් සොයා ගොස් ඔවුන් සමඟ අයථා සබඳතා පැවැත් වූ අයෙකි. ඔහුගේ ප‍්‍රතාපය නිසා මෙම සංසිද්ධිය සෘජුව කීමට නොහැකි වූ ජන කවියා ‘‘කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ’’ යනුවෙන් පවසා ඇත්තේ ඔහුගේ එම ලිංගික චර්යාවයි.

මෙහි "වතුර ගැලීම" යනුවෙන් අදහස් කරන්නේ ගං දිය පහළට ගලා ඒම නොවේ. එය පිටාර මට්ටම ඉක්මවා දෙපසට ගලා යාමයි. එහි පිටාර මට්ටම යනු සම්මතය වන අතර පිටාර මට්ටමෙන් ඉවතට ගැලීම යනුවෙන් ජන කවියා අදහස් කර ඇත්තේ එම ප්‍රභූ වරයාගේ අසම්මත ලිංගික චර්යාවම බව පැහැදිලිය.

එහි දෙවන පදයෙන් පැවසෙන ‘‘කෙටල පටානෝ නිතරම උඩයට යානෝ’’ යනුවෙන් පැවසෙනුයේ ඔහුගේ ලිංගික ආධිපත්‍යයට නතු වූ එම කාන්තාවන් පිළිබඳව ය. මෙහිදී ‘‘වතුර ගැලීම’’ සහ ‘‘උඩ යට යාම’’ යන්නෙන් ලිංගිකත්වය පිළිබඳ සියුම් ඉඟි පළ කෙරන අතර ඇතැම් විට වරින් වර හිමිවන ඔහුගේ ඇසුර නිසා එම කතුන්ගේ උඩඟු බව අඩුවැඩි වීම ද ජනකවියා එලෙසින් දකින්නට ඇත. යමෙකුගේ උඩඟු බව දැක්වීම පිණිස ‘‘දැන් එයා සෑහෙන්න උඩ ගිහින්’’ යනුවෙන් සමාජයේ පොදු වහරක් ඇති බව අපි කවුරුත් දනිමු.

මෙහි ඊළඟ පදයෙන් පැවසෙන ‘‘මීහරකානෝ නිතරම ඔලූව වනානෝ’’ යන්නෙන් එම බිරියන්ගේ සැමියන් පිළිබඳව පැවසෙන බව මෙහිදී අනාවරණය කර ගැනීමට මට හැකිවිය.  මක්නිසාද යත් එම ප‍්‍රභූවරයාගේ දාසකාරකාදීන් වන ඔවුනට තමන්ට සිදුවන කිනම් අසාධාරණයක් හෝ ‘‘ඔලූව වනා’’ අනුමත කිරීම හැරුණු කොට ඊට එරෙහිව නැඟීසිටීමේ හැකියාවක් එකල සමාජයේ නොතිබූ බැවිනි.

මෙහි වඩාත්ම උපහාසයක් ද්වනිත කරවනුයේ එහි ‘‘ඇටිකිති ජානෝ නිතරම ජෙග ජෙග ගානෝ’’ යන්නෙනි. මෙහි ඇටිකිත්තන් යනු කුඩා මැඬිවිශේෂයක් බව මම ඉහත සඳහන් කළෙමි. එහෙත් ඒ සමඟම යෙදෙන ‘‘ජානෝ’’ යන වචනයෙන් හැඟවෙනුයේ ජනතාව යන්න ය. ඒ අනුව එම ‘‘ඇටිකිති ජානෝ’’ යන්න අවශේෂ ජනයා ලෙස අර්ථකතනය කිරීමේ නොහැකියාවක් නැත.

සමාජයේ ප‍්‍රභූවරයෙකු විසින් ප‍්‍රසිද්ධියේ සිදුකරන මෙම සදාචාර විරෝධී ක‍්‍රියාවට, ලිංගික සූරාකෑමට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වීමට හෝ අභියෝග කිරීමට හැකි සමාජ පරිසරයක් මෙකල නොතිබුණි. එබැවින් අවශේෂ ජනයාට හැකි වූයේ ඒ පිළිබඳව නිරතුරුවම ඔවුනොවුන් අතරේ රහස් කතිකාවක් ගොඩනංවා  ගැනීමට පමණි.  කවියෙහි එය හැඳින්වෙනුයේ ‘‘ජෙග ජෙඟ’’ ගෑම ලෙසිනි.

මෙහි මා දුටු තවත් විශේෂත්වයක් තිබේ. අරාබි බසින් ලිංගික ක‍්‍රියාව හඳුන්වන පහත් ඕලාරික වදනක් වනුයේ ‘‘ජිගි ජිගි’’ යන්න ය. මෙය ජිගි යන්න ඉංග‍්‍රීසි ශබ්දකෝෂවල සඳහන් වන්නේ Haveing Sex යන්නෙහි අවියත් වදනක් ලෙසිනි.

තම ප‍්‍රදේශයේ ප‍්‍රභුවරයෙකුගෙන් සිදුවන ලිංගික සූරාකෑමක් පිළිබඳව කැලණි ගඟ මුල්කොට මෙසේ උපහාසාත්මක යටි අරුතක් පළ කළ ඒ අප‍්‍රකට ජන කවියාගේ චින්තනය, සෞන්දර්යාත්මක ප්‍රතිභාව කැලණි ගඟටත් වඩා ගැඹුරු බව නම් නොකියාම බැරිය.

තිලක් සේනාසිංහ {jcomments on}

මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ අකුණු අනතුරු පිළිබඳ විද්‍යාත්මක නිරීක්ෂණයක යෙදුණෙමි. එහිදී අකුණු අනතුරුවලට ලක් වූ ස්ථාන සියයට අධික සංඛ්‍යාවක් මගේ නිරීක්ෂණයට ලක් විය. ඒ අතර රත්නපුර ප‍්‍රදේශයේ ශ‍්‍රීපාද අඩවියට සමීප එක්තරා පාරම්පරික ගමක අකුණු අනතුරක් සිදු වූ නිවසක් නිරීක්ෂණය කිරීමට ද මම ගියෙමි. එහිදී එම ගම්මානයේ ගැමියන් බොහෝ දෙනෙකු කියා සිටි විස්මිත කරුණක් තවමත් මගේ මතකයේ තදින්ම රැඳී පවතී.

”මේ ගමේ අප්පොලගෙ ගෙදර (අප්පො යනු සබරගමුවේ වංශවතුන් හඳුන්වන නමකි)හෙනරාජ තෛලය තියෙනවා. ඒ හින්දා මේ ගමට අකුණක් වදින්න විදියක් නෑ.” ඔවුන් මෙසේ කියද්දී එසේ නම් මෙම අකුණු අනතුරින් ජීවිත හානියක් පවා සිදුවූයේ කෙසේදැයි මම ඔවුන්ගෙන් අසා සිටියෙමි.

එවිට ඔවුන් දුන් පිළිතුරින් මම තවත් විස්මයට පත්වීමි. ”එහෙනම් කිල්ලකට අහුවෙලා ඒහෙනරාජ තෛලයේ බල බිඳෙන්න ඇති.”

මෙහිදී මොවුන්ගේ කතාවේ අන්තරාකාරී බව මට පසක් වූයේ ඔවුන් එම හෙනරාජ තෛලයේ පිහිටෙන් අකුණුවලින් බේරිය හැකි බව සිතා අකුණු ආපදා සමයක දී පිළිපැදිය යුතු ආරක්ෂිත පිළිවෙත් කිසිවක් අනුගමනය නොකොට තිබු නිසා ය. එමෙන්ම එම අකුණු අනතුරින් සිදු වූ මරණය ද ඔවුන්ගේ සිත් තුළ තිබූ ගුප්ත විශ්වාස මත අකුණු අනතුරකින් මිදීම කෙරෙහි සැලකිලිමත් නොවීම නිසා සිදුවූවක් බව මෙහිදී මා හට නිරීක්ෂණය විය.

ආගමික ග‍්‍රන්ථ, යන්ත‍්‍ර මන්ත‍්‍ර, ආගමික ශුද්ධ වස්තූන් ළඟ තබා ගැනීමෙන් කාලගුණික ආපදාවලින් අත්මිදිය හැකි බව අප සමාජයේ බොහෝ දෙනෙකු තුළ යම් විශ්වාසයක් පවතී. ඒ අනුව ඔවුන් තමන් ද නොදැනුවත්වම කාලගුණික විපත් ළංකර ගන්නා බවක් පෙනී යයි.

මෙවන් ව්‍යසන වලින් ජීවිත සහ දේපල ආරක්ෂා කිරීම සඳහා ගත යුතු යථාර්තවාදී පියවර රැසකි. විවිධ ක්‍ෂේත්‍ර වල අපගේ ක්‍රියාකාරකම්වල ද විශාල වෙනසක් විය යුතුමය. සෑම අංශයකින්ම යතාර්ථය වටහා නොගතහොත් අප සැම අඳුරටම ඇදගෙන වැටීම වැලැක්විය නොහැක. යථාර්තය නොදැනීම අපේ එක් ප්‍රධාන දුර්වල කමකි. එම දුර්වලකම රටේ ඉදිරි ගමනට විශාල බාධකයක් බවද පැහැදිලිය.

පසුගිය දිනවල එළඹුණු ගංවතුර,සුළං සහ නායයාම් අනතුරු පිළිබඳව "ස්වභාවික විපත් අතළඟ" යනුවෙන් ඊට දින කිහිපයකට පෙර; එනම් මැයි 15වන දා ”ලක්බිම ඔන්ලයින්” ඔස්සේ මම ජනතාව දැනුවත් කළෙමි. මෙම ස්වභාවික ආපදා පිළිබඳ මාධ්‍යයකින් පළ වූ මුල්ම කාලගුණ අනාවැකිය ද එයම විය යුතු ය. නමුදු ඒ පිළිබඳව කිසිවෙකුත් නිසි අවධානයක් යොමු කරන බවක් නොපෙනිණ. එනිසා මේ සම්බන්ධයෙන් මම මගේ හිතවත් විද්වත් වෘත්තිකයෙකුට කීවෙමි. එවිට ඔහු කියා සිටියේ මගේ මේ අනාවැකිය රූපවාහිනියෙන් ගජබින්න ඇදබාන හොර සාත්තරකාරයෙකු හෝ මන්තරකාරයෙකු ලවා කියවූයේ නම් ඉන් මුළු රටම තැතිගැන්විය හැකිව තිබූ බවකි.

2000 වසරේ දෙසැම්බර් 26 වනදා අප දිවයින හරහා ගමන් කරමින් විශාල ආපදාවක් සිදු කළ සුලිසුළං විපත් විමසුම් කිරීමේ දි ත්‍රිකුණාමලය ප්‍රදේශයට යාමට මට සිදුවිය. එහිදි විවිධ ආපදා වලට ලක්වූ ධීවරයන් සහ විනාශ වූ ධීවර බෝට්ටු පිළිබඳව අදහස් දැක්වූ කාන්තාවන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර සිටියේ තම ස්වාමිපුරුෂයින් මුහුදු යාමට පෙර ඔවුන්ටත් බෝට්ටු වලටත් දේව පිහිට පතා යාතිකා කරන නිසා එවන් විපතක් සිදුවීම පුදුමයක් බවය.
මා සමඟ එම අධ්‍යයනයට සහභාගී වූ සෙසු නිලධාරීන් නිශ්ශබ්දතාවය රැක්කත්, මොනවා කළත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයන් සඳහා නිවේදනය කළ අනතුරු ඇඟවීම අනුව කටයුතු කළානම් එවන් විපත් මඟහැරීමට හැකි බව මම ඔවුන්ට කියා සිටියෙමි.

සබරගමුව සහ මධ්‍යම පළාත් වල කළ අකුණු ආපදා විමර්ශන වලදී, අකුණු ආපදා වලට ලක් වූ නිවාස ගණනාවකම නිවසේ වහළය වටා නූල් ඇද තිබූ ආකාරය නිරීක්ෂණය කළෙමි. ඒ අකුණු ආපදා වැලැක්වීම සඳහා අද්භූත බලවේගයන්හි පිහිට එම නිවැසියන්හට ලබා දීමට යකැදුරන් විසින් කරණු ලැබූ ශාන්තිකර්ම බව මම එහිදී ඇසුවෙමි. එහි හාස්‍ය ජනකම දෙය නම් එවන් ශාන්තිකර්ම නූල් වලින් ආරක්ෂා කරන ලද නිවාස ගණනාවකටම යළි යළිත් අකුණු පහර වැදී දේපල පමණක් නොව ජීවිත පවා හානිවීමයි.

මෙසේ අකුණු උවදුරු ළංකර ගැනීම සඳහා ඔවුන්ගේ අනාරක්ෂිත පිළිවෙත් හේතු වූ බව මට එහිදීද නිරීක්ෂණය විය.නිවැරදි, භෞතික ආරක්ෂක පියවර ගැනීමෙන් මිස අද්භූත බලයයි කියන කිසිවකින් අකුණු ආරක්ෂණය ලබා ගත නොහැකි බවට අදාල නිවැසියන් දැනුවත් කිරීමට මට එහිදී ද සිදුවිය.

ඉහත සඳහන් කාලගුණික අතවරවල දී යථාර්ථවාදී ලෙස ආරක්ෂක පියවර ගැනීමේ දී තම තමන්ගේ ආගමික සංස්කෘතික විශ්වාස මුළුමනින්ම බැහැර කළ යුතු යැයි මම නොකියමි. එහිදී මට දීමට ඇත්තේ හිට්ලර් විසින් තම යුද සේනාවට දුන් මෙම උපදේශය පමණි. 

”දෙවියන් යැදපල්ලා ඒත් වෙඩි බෙහෙත් තෙමා ගන්න නම් එපා”

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ, කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

දාසයවන පුවත - මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

දාහත්වන පුවත - අපදා මරණ 208යි 92ක් අතුරුදහන්

 

පුංචි ගංවතුරකටත් දොරකඩටම වතුර පිරෙන ඇළ ළඟ ගෙදර සිරිපාල මාමා  මැරුණේ පිළිකාවකින්...  මාමාට පිළිකාවක් කියලා දැන ගත්තම හුග දෙනෙක් කම්පාවට  පත්වුණා..

අද ඔවුන් කම්පා වන්නේ  ඊටත් වඩා ශෝචනීය තත්වයක පසුවන සුගත් ගැනයි.

සුගත් පුංචි ලොරියකුත් ලීසිං කරලා අරගෙන  ව්‍යාපාරයකින් ජීවිතය පටන්ගන්න  හිතුවා   විතරයි.

ඒ පවුලට දෙවැනි සුනාමියත් ආවා..

සුළු සුළු අපහසුකම් තිබ්බ නිසා රෝගී තත්ත්වයේ පූර්ණ පරික්ෂණයෙන් දැන ගත්තේ සුගත්ට  ලියුකේමියා කියන රෝගී තත්ත්වය කියලයි.

සුගත්ගේ බිරිඳ චිත්‍රාටත්   කිසිම රැකියාවක් නැහැ.

චිත්‍රාගේ  අම්මා කොතැන හරි පුංචි කුළියක් කරලා හොයා ගන්න කීයකින් හරි  ජීවිතේ ගෙවන්න ගන්න උත්සහය අතරේ  සුගත් උණ පතුරු උණ බට එකතු කරලා ඒවායින් මැස්සක් හදලා ගේ දොරකඩ පුංචි කඩ පිළක් හැදුවා..

අහල පහළින් හොයා ගන්නා කෙසෙල් ගස්ලබු වගේ දේවල් විකුණනවට අමතරව හවසට ආප්ප ටිකකුත් හදන්න චිත්‍රාට පුළුවන් නිසා සුගත්ගේ ඒ උත්සහය හොඳ අතට හැරුණා.

ඒකෙන්  මාසෙකට සැරයක් සුගත්ගේ ප්‍රතිකාර  සඳහා මහරගමට යන එන වියඳම් සහ බේත් වියදමටයි  පුංචි පුතාගේ ඉස්කොලේ වියදමුයි යන්තම් හොයා ගන්න හැකියි කියලා සුගත් නිතරම මහන්සියෙන් උත්සහයක් ගත්තා..

බිස්නස් එකට මාස දෙකක් ගත වුණේ නැහැ.

සොබාදහමත් සුගත්ට මහ නපුරු විදියට සළකමින්  ගංවතුරෙන් උණ පතුරු වලින් ගොඩ නගා ගත්තු අනාගත සන්තකේමත්  සුණු විසුණු වෙමින්  අතේ තිබුණු සල්ලි වලින් එකතු කර ගත්  විකුණනන්න ගෙනාපු බඩු මුට්ටු සේරම ගසාගෙන ගියා..

සුගත්ගේ මාසෙක බේත් හේත් වලට රුපියල් විසිදහක් විතර යනවා 

ගෙදර කන්න බොන්න  දරුවගේ ඉගෙනුම් කටයුතු වලට

කොයිතරම්  දේවල් තියෙනවද තව..

ලියුකේමියාවෙන් වට්ටන්න හදපු සුගත් ආයෙත් නැගිටින්න හැදුවාවිතරයි ගංවතුර රකුසාගේ අකාරුණිකත්වයටත් අසු වුණා..

ගෙයි බිත්ති සේරම මුල් පාදමෙන්ම ගිලා බැහැලා ඉරි තලලා ගිහින්. ඒකේ ඇතුලෙ ඉන්න වෙලා තියෙන්නේ  මර බියත් එක්ක  ඒත්  සුගත්ටයි පවුලේ අයටයි වෙන කරන්න දෙයකුත් නැහැ.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 787 වලල්ලාවිට නැගෙනහිර ග්‍රාම නිලධාරිවරයා මේ සියල්ල අදාල අංශ වලට දැනුම් දිලා තියෙනවා.

සුළු රෝග වලින් පෙළෙන බොහෝ අය බස් රථවල දුම්රිය මැදිරිවල සිඟමන් යදිමින් සිටියදි  ලියුකේමියා රෝගියෙකු වශයෙන් විඳින්නාවූ පීඩාව පසෙක තබා සුගත් අදත් උත්සහ කරන්නේ තනිවම නැගිටින්නටයි.

මේ දිරිය වන්ත මිනිසා  වෙනුවෙන් ඔබටත් කළ හැකි උපකාරයක් තිබේනම්..

මහජන බැංකුවේ  - පැලවත්ත ශාඛාව

ඊ. ඒ සුගත් තරංග 261 -2-001-1-0026725 ගිණුම් අංකය වෙත බැර කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

වලල්ලාවිට නැගෙනහිර ග්‍රාම නිලධාරී ජනක එදිරිසිංහ මහතාගේ දුරකතන අංකය - 0717309100

සටහන සේයා රූ - විශ්ව ගැමුණු ප්‍රියංකර

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1493

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1328

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1415

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1575

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7745

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click