Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව බැහැර කරන ක්‍රියාවකි. නමුත් එවැනි අතිශය ම්ලේච්ඡ සාහසික ක්‍රියාවන්ට ජාතික මට්ටමේ අගයක් වටිනාකමක් ලබාදීම එම බිහිසුණු සාපරාධී කාරියට‍ අනුරූප වන තවත් ම්ලේච්ඡ ක්‍රියාවකි.

නමුත් අප සමාජයේ කිනම් තැනක හෝ එවැනි කුරිරු ම්ලේච්ඡ සිදුවීමක් වූ  සැනින් මෙරට ජාතික යැයි කියාගන්නා පුවත්පත් මගින් එම කුරිරු ම්ලේච්ඡ අපරාධය ප්‍රධාන සිරස්තලය වශයෙන් හුවාදැක්වීම තවමත් නිරතුරුවම සිදුවන්නකි. ඕනෑම සමාජයකින් දුරින් දුරුකළ යුතු මෙබඳු කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවන් සඳහා කිනම් හෝ අයුරකින් ජාතික මට්ටමේ අගැයුමක් වැදගත්කමක් ලබාදීම සහ ජනසමාජය ඊට අනුගත වීම එම ජනසමාජයේ පවත්නා ආකල්පමය ම්ලේච්ඡ බව මැනවින් ප්‍රදර්ශනය කරන්නකි.

අපරාධ, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, දේපල ගිනිබීම්, මංකොල්ල කෑම් ඇතුළු සාපරාධී ක්‍රියාවන් සහ දිවිනසා ගැනීම් වාර්තාකරනයේ දී ඒ සම්බන්ධ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කිරීම ‍ලොව පුරා බොහෝ ජනමාධ්‍යයන් හි දක්නට ලැබෙන දෙයකි.

අප රටේ වුව ඉංග්‍රීසි පුවත්පත් වලින් ද ඒ පිළිබඳ විනයක්, සංවරයක් සහ සංයමයක් ප්‍රකට කෙරේ. එහෙත් ඒ සම්බන්ධයෙන් අපරටේ සිංහල ජනමාධ්‍ය අදත් පසුවනුයේ අතිශයින් නොදුයුණු තත්ත්වයකය.

සමාජයෙන් දුරින්දුරු කළයුතු එබඳු සිදුවීම් සහ ක්‍රයාදාමයන් සම්බන්ධයෙන් සමාජය දැනුවත් විය යුත්තේ මන්ද? ඒ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳව ලෝකයේ දියුණු රටවල පොදු මාධ්‍ය කථිකාවක් ඇති වී තිබේ.  අපට ආසන්නතම රට වන ඉන්දියාවේ ද මෙම කථිකාව ප්‍රබල ලෙසින් ක්‍රියාත්මක වන බව පෙනේ. කිසියම් සිද්ධියක ඇති බිහිසුණු බව අනුව එය එලෙසින්ම ජනතාව හමුවේ ප්‍රචාරය  කිරීම  පිළිබඳව කිහිපවරක් සිතා බැලීම ලොව සම්භාවිත මාධ්‍ය කලාවේ; පුවත් ප්‍රචාරණයේ වැදගත්ම අංගයක් වී තිබේ. ඒ අනුව එවන් සිද්ධියක් වාර්තා කරනුයේ පළමුකොට එයින් ජනතාවට අත්කරගත හැකි සාධනීය ප්‍රතිඵල පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුවය. නමුත් විද්‍යා තාක්ෂණික අතින් මෙතරම් දියුණු තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවත්නා මෙම අවිචාරශීලී බව පිළිබඳව මේ දක්වා ප්‍රබල සමාජ කතිකාවක්  හටගෙන නැත.

 කිසියම් මානසික රෝගියෙකු ; කාමෝන්මාදයකින් පෙළෙන කිසියම් පුද්ගලයෙකු විසින් එකම පවුලේ කාන්තාවන් කිහිපදෙනෙකු දූෂණය කළ හොත් ඒ කාන්තවශයෙන්ම එය අපරටේ ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලය බවට පත්වනු ඇත. එය අපගේ සිංහල මාධ්‍ය කරුවන් සිතන අන්දමට එය ජාතික වශයෙන් වැදගත් පුවතක් නිසා විය හැක. එසේ නැතිනම් එය හුදෙක් අප ජනසමාජයේ ලිංගිකත්වය, ප්‍රචන්ඩත්වය සහ භීතිය යන මූලික ආවේග කුළුගැන්වීම තුළින් එම ප්‍රවෘත්තියට වෙළඳ වටිනාකමක් ලබා දීමට ඇති හැකියාව ඒ මාධ්‍යකරුවා දන්නා නිසා වැය හැකිය.

එහෙත් එබඳු අපරාධ දිවිනසාගැනීම් පිළිබඳව ප්‍රවෘත්තීන් නිතර දෙවේලේ අසන සමාජය තුළ ඒ පිළිබඳව ඇති පිළිකුල,  ජුගුප්සාව සහ විරෝධය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම වැලැක්විය නොහැක.

මුලදී එබඳු සිදුවීම් කෙරෙහි අතිශයින් සංවේදී වන ජනසමාජය පසුව එවන් සාපරාධී පුවත් කෙරෙහි විසංවේදී කරනය (Desensitization) නම් තත්ත්වයට පත්වීම සාමාන්‍ය දෙයකි. පියා විසින් තම දියණිය කෙලෙසූ පුවත් අතීත ජනසමාජයට එක්තරා අරුමයක් විය. එබැවින් ඒවා වරින් වර ජනමාධ්‍ය වලින් ද ප්‍රචාරය කෙ‍රිණ. නමුත් එබඳු පුවත් සඳහා පුවත් පතකින් වුව සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් හිමිනොවනුයේ එවන් පුවත්වල හිඟතාවය නිසා නොවන බවත් එබඳු ප්‍රවෘත්තීන් සුලබ වීම මත පියා දියණිය කෙළෙසීම සාමාන්‍ය දෙයක් ලෙස පොදු ජනතාව තුළ ආකල්ප ගොඩනැගී ඇති නිසා බවත් මගේ ‍හිතවත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් මා හා කීය.

ජනසමාජයක් වශයෙන් මෙය කෙතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අපම සිතා බැලිය යුතුය.

පසුගිය තිස්වසරක යුද සමයේ බිහිසුණු ප්‍රචණ්ඩ කාරී පුවත් මුළු මහත් සමාජය පුරා දෝරේ ගලන්නට විය. නමුත් යුද්ධය හමාරවීමත් සමඟ එවන් පුවත් හිඟයක් මතු වුවද එනිසාම එවන් පුවත් කෙරෙහි ඇති ජන අවධානය අඩුවූයේ නැත.

මේ තත්ත්වය මත කුමනාකාරයේ හෝ බිහිසුණු ප්‍රචණ්ඩ කාරී පුවතක් දුටු සැණින් එය පුවත්පත් සිරස්තලයෙහිම තබා එයට වෙළඳ වටිනාකමක් ලබාදීමට අපේ රටේ බොහෝ මාධ්‍යවේදීහූ කටයුතු කරති. එහෙත් ඒ තුළින් ඇතිවන බිහිසුණු, ම්ලේච්ඡ අපරාධ කෙරෙහි ඇති සංවේදීතාවය පොදු ජනමාජයෙන් ඉවත් වී රට පුරා අපරාධ සහ දිවිනසා ගැනීමේ ප්‍රවණතාවයක්  ඇති වීමට පවතින හැකියාව පිළිබඳ ඔවුන් සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ. ඒ අනුව මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ අපරාධ පිළිබඳ පුවත් කවර මාධ්‍යයකින් හෝ ජනතාව හමුවට ගෙන එන්නේ නම් එමගින් තම මාධ්‍යය ඊනියා ජනප්‍රිත්වයකට පත් කිරීමට වඩා ඉන් ජනසමාජයට ඇතිවිය හැකි සාධනීය බලපෑම පිළිබඳව මාධ්‍යකරුවන් සිතා බැලිය යුතුය. ඔවුන් එසේ ක්‍රියා නොකළහොත් රටෙහි පැතිරයන එම බිහිසුණු අපරාධ සහ දිවිනසා ගැනීම් රැල්ල සම්බන්ධයෙන් එම මාධ්‍යකරුවන් ද ‘සම වගඋත්තර කරුවන්’ ලෙස සමාජය විසින් හඳුනාගන්නා දිනය වැඩි ඈතක වීමට බැරි නැත.

මහාචාර්ය දයා අමරසේකර - සමාජවිද්‍යා අධ්‍යයන අංශය පේරාදෙනිය විශ්වවිද්‍යාලය

අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල ලත් තැනම ලොප් වන්නේ මස්තානම්මා ගැන තොරතුරු ඇසූ දුටු දාටය.
මස්තානම්මා මීමිත්ණියකි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙහි කුඩා අතුපැලක වාසය කරන ඇගේ වයස අවුරුදු 106ක් බව පැවැසේ. ඇයට වයස අවුරුදු 22 වෙත්ම සැමියා මිය ගිය හෙයින් ඇය ස්වාධීනව ජීවත්වීම අරඹා ඇත.
පසුගිය වසර තෙක්ම ඇය ඇගේ ඉවුම් පිහුම් දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයේ යූ ටියුබයට ඇතුළත් කර ඇත. මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව ඉන්දීය ආහාරවලට ප්‍රිය කරන ලෝකයේ බොහෝ දෙනාගේ හදවත් ඇද බැඳ තබා ගැනීමට ඈ සමත්ව සිටින්නීය.
මස්තානම්මාගේ ඉවුම් පිහුම් කෙරෙන්නේ වහළක් යට නොව එළිමහනේමය. ආහාර රස කරන සියල්ල සකසා ගැනෙන්නේ ඇය විසින්මය. ඒවා සාම්ප්‍රදායික ඉන්දියානු රසකාරකයන්ය. එළවළු, පරිප්පු, මාළු, ඉස්සන්, බිත්තර ආදී සෑම ආහාරයක්ම ඇය සකස් කර පෙන්වන්නීය. මේ අපූරු මිත්තණිය තම ආහාර පිස ගැනීම සඳහා භාවිත කරන්නේ දර ළිපයි. ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මැනීමට කිසිදු උපකරණයක් නැත. ඒ සියල්ලට ඇගේ අතේ නෙතේ මිම්ම සෑහේ. ඇගේ ප්‍රියතම උපකරණය වන්නේ සාම්ප්‍රදායික ඉන්දියානු පිහියකි. උක්කුටිකයෙන් බිම හිඳගෙන ඇය  එයින් එළවළු කපයි. එහෙත් එළවළු ශුද්ධ කිරීමට, ‍පොතු හෑරීමට ඇගේ නිය‍පොතු තරම් උපකරණයක් ඇයට නොමැති තරම්ය.

පිසින ලද ආහාර බෙදනු ලබන්නේ කෙසෙල් කොළ මතටයි. ඇගේ පාරිභෝගිකයෝ බිම හිඳගෙන බිම එලන ලද කෙසෙල් කොළවලම ආහාර බුදිති. හැඳි ගෑරුප්පු භාවිතයක් ඇත්තේම නැත. ඇතැම් විටෙක ලොකු කෙසෙල් කොළයක වෙන වෙනම බෙදන ලද ආහාර කිහිප දෙනෙකු වටේට අනුභව කරන අයුරුද දැකිය හැකිය.
මස්තානම්මා පිළිබඳ කෙටි වාර්තා වීඩියෝවක් බි.බි.සී. ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ලොව බොහෝ දෙනා ඇය ගැන සෙවීමට උත්සුක වූහ. මේ වනවිට එම වීඩියෝව නැරඹූ සංඛ්‍යාව 4,508,000 ඉක්මවා ඇත.
අද වනවිට මස්තානම්මා නමින් යූ ටියුබයේ චැනලයක් පවතී, පසුගිය අගෝස්තුවේ  එය ආරම්භ කර ඇත්තේ ඇගේ වැඩිමහල් මුනුපුරා වන ලක්ෂ්මන් සහ ඔහුගේ මිතුරෙකු වන ශ්‍රීනාත් රෙඩ්ඩි විසිනි. ඒ දෙදෙනාම වීඩියෝ සංස්කාරකවරුන්ය. මුලින්ම  ඔවුන් ආහාර පිළියෙල කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන 40ක් අන්තර්ජාලයට එක් කර ඇත. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබි ඇත. ඒ අතරට මිත්තණියගේ ඉවුම් පිහුම් දැක්වෙන වීඩියෝ දසුන් එක්කර ඇත්තේ අනතුරුවයි. ඒ සමගම ඔවුන් නොසිතූ විරූ ලෙස එම දර්ශන ජනප්‍රිය වන්නට පටන්ගෙන ඇත. එක් දිනක් තුළ ලක්ෂයක පිරිසක් ඒවා නරඹා තිබුණි. තම මීමිත්තණිය පිළිබඳ එතරම් අවබෝධයක් නොතිබුණු ලක්ෂ්මන් නිවාඩුවකට ගමට ගිය අවස්ථාවක තම ඉවුම් පිහුම් ඇතුළත් අන්තර්ජාල විකාශයේ තොරතුරු ගම්වැසියන් හා පවසා ඇත. සිය මීමිතණියගේ ආහාර පිසීමේ සමත්කම් ගැන සිය මවගෙන් ඔහුට අසන්නට ලැබෙන්නේ එහිදීය.  එසේ නොවන්නට අතළොස්සක් දෙනා පමණක් දැන හඳුනාගෙන සිටි මේ පිටිසර ගැහැනිය ලොවට අනාවරණය නොවනු ඇත.
මස්තානම්මාගේ පළමු වීඩියෝවේ දැක්වෙන්නේ ඇය වම්බටු ව්‍යාංජනයක් සාදන ආකාරයයි.  අන්තර්ජාලය ගැන කිසිවක් නොදැන සිටි ඇය තමා දැක්වෙන වීඩියෝව නරඹා මහත් සේ ප්‍රීති වන්නට ඇත. 
ඉන්දියාවේ සාම්ප්‍රදායික ආහාර රැසක් සාදා ගන්නා හැටි ඇය ලොවට කියා දෙන අන්තර්ජාලයේදීම එරටට ආවේණික රසකාරක නිපදවා ගන්නා ආකාරයද ඕ පෙන්වා දෙන්නීය. මේ වීඩියෝ පටවලට අනුග්‍රාහකයන් 2,50,000ක් අනුග්‍රහ දක්වා ඇත.
මෑත දිනෙක මස්තානම්මාගේ උපන් දිනය සැමරූ ලක්ෂ්මන් පවසන්නේ ඇයට පාකිස්තානයේ අනුග්‍රාහකයෙකුගෙන් සාරියක් ලැබුණු බවයි. නවසීලන්තයේ ජීවත්වන ඉන්දියානු පවුලකින් තවත් ඇරයුමක් ලැබි ඇත. එහෙත් වසර 90කටත් වඩා කාලයක් ජීවත් වූ පැල්කොටය   දමා යෑමට ඇයට හිතක් නැත. අල්ලපු වැටේ සිටින පුතුගේ නිවසේ සිටීමටත් ඈ මැළිවන්නීය.
වයස අවුරුදු 11 දී විවාහ වී ඇති මස්තානම්මාට දරුවන් 5කි. එහෙත් ඉන් සිව්දෙනෙකුම කොලරාව වැලඳීම නිසා මිය ගොසිනි.
මස්තානම්මා ඉන්දියානු යූටියුබ්කරුවන් අතර වයස්ග තම තැනැත්තිය වීමට ඉඩ ඇත. අන්තර්ජාලය තුළ පාඩම් උගන්වන වයස්ගතම ගුරුවරියද ඇය විය හැකිය. අන්තර්ජාලයට පිවිසුණහොත් මස්තානම්මාගේ අපූරු ඉවුම් පිහුම් රාශියක් නැරඹිය හැකි වනු ඇත.
ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී

ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට අසන්නට ලැබේ. එහෙත් මළවුන් සඳහා වියදම් කිරීමට වෙන් කළ මුදලක් කූට ලෙස පැහැර ගැනීමේ පුවතක් නාත්තන්ඩිය කොස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

නාත්තන්ඩිය ආසනයට අයත් වෑකන්ද පාර කොස්වත්ත ලිපිනයේ පිහිටි නිවසක රෝගාතුරව සිට මියගිය අසරණ තරුණයකුගේ අවසන් කටයුතු නිමාවූ පසු මළගෙදරකට පැමිණි පුද්ගලයෙක් තමන් නාත්තන්ඩිය මල් ශාලාවෙන් පැමිණි බව කියා එම මල්ශාලාවේ මුද්‍රාව සහිත ලිපිකවරයක්ද පෙන්නා එකී අවසන් කටයුතු සඳහා මල් ශාලාවට ගෙවීමට තිබූ මුදල් සියල්ල ඉල්ලාගෙන පලාගොස් තිබේ.

වෑකන්ද පාර, කොස්වත්ත ලිපිනයේ පදිංචිව සිටි ස්නායු රෝගී තරුණයකු මියගොස් ඇති අතර ඔහුගේ දෙමාපියන් නාත්තන්ඩිය ප්‍රදේශයේ මල් ශාලාවකට ගොස් අවසන් කටයුතු සිදුකිරීමට ඔවුන් හා සාකච්ඡා කරගෙන ආපසු පැමිණ ඇත්තේ අවසන් කටයුතු නිමාවට පත්වූ පසුව එම සියලුම ගාස්තු ගෙවන ‍පොරොන්දුව පිටය. ඒ තමන් හට ඇති ආර්ථික දුෂ්කරතා පිළිබඳව මල් ශාලා හිමිකරුට දැනුම් දීමෙනි. ඒ අනුව රුපියල් 27,500කට එම සියලුම කටයුතු නිම කර දීමට මල්ශාලා හිමිකරු ‍පොරොන්දු වී ඇත්තේද එම මාපියන්ගේ අසරණකම දැක යම් සාධාරණයක් ඉටුකරදීමේ අදහසිනි.

නිවසේ තැන්පත් කර තිබූ මියගිය තරුණයාගේ දේහය එම නිවසින් සොහොන් බිම කරා රැගෙන යනවාත් සමගම දිග කලිසමක් හැඳ කළු ජැකට්ටුවක් පැළඳ හිස්වැසුමකින් යුතුව එම නිවසට පැමිණ ඇති තරුණයෙක් නිවැසියන්ට පවසා ඇත්තේ තමන් නාත්තන්ඩිය මල්ශාලාවෙන් පැමිණි බවය. අවමංගල කටයුතු සඳහා ‍පොරොන්දු වූ මුදල් ඉල්ලාගෙන එන ලෙස මල්ශාලා හිමිකරු පැවසූ නිසා එම මුදල් ලබාදෙන ලෙස ඔහු නිවසියන්ට පවසා තිබේ. නිවැසියන් ඔහුව විශ්වාස කොට ඇත්තේ ඔහු අදාළ මල් ශාලාවේ මුද්‍රාව සහිත ලිපිකවරයක්ද ඉදිරිපත් කිරීම හේතුවෙනි.

නිවස තුළටම පැමිණ ගෙහිමියන් හා පිළිසඳරක යෙදුණු ඔහු ගාස්තුව රුපියල් 25,000ක් බව කියා එය ඉල්ලාගෙන ඔවුන් ඉදිරිපිට දීම මල්ශාලාවට යැයි කියමින් දුරකථන ඇමතුමක් ලබා ගෙන තමන් මුදල් ඉල්ලා ගත් බව ද පවසා ඇත. ඔහු එම ස්ථානයෙන් පිටවී ගොස් විනාඩි කීපයකින් අදාළ මල්ශාලාවේ අවමංගල්‍ය රථය අදාළ නිවසට පැමිණ ඇති අතර ඔවුන් නිවැසියන්ගෙන් මල්ශාලා ගාස්තුව පිළිබඳව විමසූ විට නිවැසියන් මහත් පුදුමයට පත්ව පවසා ඇත්තේ මල්ශාලාවේ කෙනෙක් මේ දැන් ඇවිත් මුදල් සියල්ල රැගෙන ගිය බවය.

ඒ සමඟ අසල්වැසියන් වහා කලබලයට පත්ව මුදල් රැගෙන පලාගිය තරුණයා සොයා ඒ මේ අත දිවයද්දි ඔහු පැළඳ පැමිණි කළුපැහැති ජැකට්ටුව අතරමග දමාගොස් තිබියදී හමුවී තිබේ. අනතුරුව අදාළ මල්ශාලා හිමිකරුට සිදුවී ඇති සිද්ධිය පහදා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිමිකරු පවසා ඇත්තේ එම මුදල් තමන්ට නැවත ගෙවීම් කිරීමක් අවශ්‍ය නොමැති බවයි.

ජෝන් ඇන්ටනි - වෙන්නප්පුව{jcomments on}

ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා කර්මාන්තයේ දියුණුවට තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් බම්බලපිටිය මිලාගිරිය ප්‍රදේශයේ මථුරා අවන්හල් භූමියේ නව තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක් පසුගියදා විවෘත කළේය.

එම අවස්ථාව ලක්බිම කැමරාවේ සටහන් වූ අයුරු










ඡායාරූප - ෆ්‍රැරෑන්ක් සොයිසා

තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස මියයෑම් කීපයක්ම පසුගියදා වාර්තා වීමත් සමග ඒ පිළිබඳ විවිධ කතිකා මාධ්‍ය හරහා අසන්නට දකින්නට ලැබිණි.

ඒ අතර කැපී පෙනෙන කරුණක් වූයේ සෙල්ෆි ගැනීම මානසික රෝගයක් ලෙස ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය විසින් ප‍්‍රකාශයට පත්කළැයි පළ වූ පුවතයි. ජ්‍යෙෂ්ඨ මනෝවෛද්‍යවරයකු ඇතුළු කීපදෙනෙකුම මේ ප‍්‍රකාශය රූපවාහිනිය ඇතුළු විවිධ මාධ්‍ය හරහා කරන්නට යෙදුණි.

ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමයට, මෙරට මාධ්‍ය වාර්තා දකින්නට ලැබෙන්නේ නැත. ශ‍්‍රී ලංකා මනෝවෛද්‍ය සංගමයද මේ පිළිබඳ කිසිවක් ප‍්‍රකාශ කර නොතිබිණි.

නමුත් ඇත්තම කතාව නම් මේ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය මේ දක්වා කිසි දිනක සෙල්ෆි ගැනීම මානසික රෝගයක් යැයි හඳුන්වා දී නැත.

මේ කතාවට මුල් වී ඇත්තේ හාස්‍ය ලිපි පළකරන පිලිපීන වෙබ් අඩවියක් වන ADOBO CHRONICLES හි 2014වසරේදී පළවූ ලිපියකි.

චිකාගෝහි රැස්වුණු ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය සෙල්ෆි ගැනීම රෝගයක් ලෙස නම් කිරීමට තීන්දු කළ බව ඒ ලිපියේ සඳහන් වේ. ඒ රෝගය ‘සෙල්ෆයිටිස්’ නමින් හඳුන්වා දී ඇති බවද එම ලිපිය කියා තිබිණි.

අන්තර්ජාල වෙබ් අඩවිවල පළවන ලිපි/පුවත් ඉවක් බවක් නැතිව පිළිගන්නන් හා බෙදාහරින්නන් මේ ලිපිය සත්‍යයක් ලෙස සලකා විවිධ මට්ටමේ ප‍්‍රචාරයන් ඒ සඳහා දී තිබිණි. ඉන් වසර 3ක් ඉක්මවා ගිය තැනද ඒ හාස්‍ය ලිපිය තවමත් ඇතැමුන් රවටන බව පැහැදිලිය. ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය මානසික රෝගයක් පිළිබඳ අර්ථ නිරූපණයට සාමාන්‍යයෙන් වසර 10-20ක් පමණ ගනී. අධ්‍යක්ෂ මණ්ඩලයකට රැස්වී එබඳු තීරණ ගැනීමේ කිසිදු හැකියාවක් නැත.

මේ කරුණු මගින් පැහැදිලි වන්නේ ඇත්තටම සෙල්ෆි ගැනීම රෝගයක් බව නොව සමාජ ප‍්‍රශ්න ලෙඩ බවට පත්කිරීමේ රෝගයක් නම් නූතන මාධ්‍ය ලෝකය තුළ පෙරට පැමිණ තිබෙන බවය. එමගින් සෙල්ෆි ගැනීමේ ප‍්‍රවණතාව ගැන වඩා ගැඹුරු කතිකාවකට තිබූ ඉඩකඩ අවහිර වී තිබේ.

සෙල්ෆි ගැනීම රැල්ලක් ලෙස පැතිරීම, මහා පරිමාණ ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළ, අන්තර්ජාලය හා බැඳුණු සමාජ ජාලයන්ගේ නැගීයාම, නව ලිබරල් ආර්ථිකයේ ව්‍යාප්තිය හා සම්බන්ධය.

මේ පිළිබඳ වඩාත් තියුණු නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන්නේ පශ්චාත් නූතනවාදී දෘෂ්ටියකින් ඒ දෙස බලන ලේඛකයන්ය. සෙල්ෆි ගැනීමට ගොස් මියයෑම ගැන පැරණි X කණ්ඩායමෙන් විමසුවේ නම් වෛද්‍ය වරුන්ට වඩා හොඳ පැහැදිලිකිරීමක් ලබාගත හැකිව තිබිණැයි මේ ලියුම්කරුගේ අදහසය.

නව ලිබරල් ආර්ථිකය තුළ පුද්ගලයන්ගේ අනන්‍යතාව බොඳව ගොස් අනන්‍යතාව පිළිබඳ අර්බුදයක් ජනිත වන බව පෙන්වාදෙන මේ ලේඛකයෝ මෙය වෙළෙඳපොළ විසින් දැනුවත්ව ඇතිකර තිබෙන්නක් බව පෙන්වා දෙති. ස්මාර්ට් ෆෝන් වෙළෙන්දා සහ සමාජ ජාල, තමන්ව අහිමි වූ ජනයාට සෙල්ෆි ගැනීමේ කැරට් අලය මගින් සන්තර්පණය වීමට අවස්ථාව ලබාදී තිබෙන බව ඔවුන්ගේ කියවීමය.

සෙල්ෆිය හැමවිටම යථාර්ථයෙන් ඔබ්බෙහි වූ ප‍්‍රබන්ධයක් බවත් එයට ලයික් කරමින් යෑම ස්වාර්ථකාමී රෝගයක් ලෙස පෙනුණද එය නව ලිබරල් ක‍්‍රමය හා නූතන සමාජ ජාල මාධ්‍ය ජනිත කළ සමාජ ව්‍යාධියේ සලකුණක් බව ඔවුහු පවසති. වෙළෙඳ දැන්වීම් සහ සමාජ ජාල මගින්  ඕනෑම අයෙකුට මොහොතකින් ඡායාරූප ශිල්පියකුවීමටත් එය අන් අයගේ බැල්මට යොමු කිරීමේ හැකියාවත් ලබාදී තිබේ. කවුරුත් තමන් දෙස අනෙකෙකු බලනු රිසිය. එසේ දැක ‘ලයික්’ කිරීම ඒ චර්යාව දිගින් දිගට පවත්වා ගෙන යන ප‍්‍රබල සාධකයක් ලෙස ක‍්‍රියාත්මක වේ.

සමාජ ප‍්‍රශ්න, රෝග ලෙස හඳුනාගැනීමට යාම සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේද මේ දිනවල පුළුල්ව සාකච්ඡා වන මාතෘකාවක් බව මෙහි දී සිහිපත් කිරීම වැදගත්ය. මේ කරුණ විශේෂයෙන් වැදගත්වන්නේ ගැටලූවට විසඳුම ලෙස ඉදිරිපත් වන විසඳුම් එය හඳුනාගන්නා දෘෂ්ටිකෝණයට සාපේක්ෂවීමය. සෙල්ෆි ගැනීම මානසික රෝගයක් නම් මනෝ වෛද්‍යවරුන්ට ඒ පිළිබඳව කළ හැක්කේ කුමක්ද?

පසුගිය වසර 10ක පමණ කාලයක් තොරොම්බල් කළ ‘බෝ නොවන රෝග’ යන යෙදුම වෙනස් කළ යුතු යැයි දැන් ප‍්‍රබල හඬක් මතුව තිබෙන්නේ ප‍්‍රශ්නය එලෙස විස්තර කිරීම මගින් ඊට ලබාදෙන විසඳුම්ද වෛද්‍යමය වීමය, ප‍්‍රතිඵල පටුවීමය.

පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්ව වැනි ස්වාභාවික විපත්වලට ගොදුරුවූවන්ගේ දුක්ඛදෝමනස්සයන්ට මනෝවිද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමේදී දක්නට ලැබෙන්නේද මේ ආකාරයටම ප‍්‍රශ්න ලෙඩ ලෙස සූත‍්‍රගත කිරීමේ දරිද්‍රතාවයය.

අනෙක් අතට සමාජ ප‍්‍රශ්න ලෙඩ ලෙස විස්තර කෙරෙද්දී ප‍්‍රතිකාර තිබෙන ලෙඩ සමාජ ප‍්‍රශ්න ලෙස විස්තර කෙරෙන කතිකාවක්ද මාධ්‍ය තුළ විරල නොවේ.

පසුගිය දිනෙක තම බිරිඳ ජංගම දුරකථනයකින් කිසිවකුට ඇමතීම නිසා කෝපයට පත් සැමියකු ඇය ඝාතනය කිරීම ඇතැම් විචාරකයන් විස්තර කර තිබුණේ වැඩවසම් ක‍්‍රමයේ පැවැති පුරුෂාධිපත්‍යය බිඳවැටීමේ අර්බුදයට මුහුණ දී ගත නොහැකි වූ පිරිමියාගේ ගැටලූවක් ලෙසිනි. ජංගම දුරකථන භාවිතය හා සම්බන්ධව හටගත් අවිශ්වාසය ප‍්‍රචණ්ඩත්වයක් බවට පත්වීම මගින් ඇතැම් විට පිටතට ප‍්‍රකාශවන්නේ ප‍්‍රතිකාර කළ හැකි මානසික රෝගී තත්ත්වයන්ය. ඇතැම් විට ප‍්‍රචණ්ඩතාව දක්වන්නේ පිරිමියාට එරෙහිව කාන්තාවය. එවිට වැඩවසම් ප‍්‍රවාදවලට ඇඩ‍්‍රස් නැත.

මින් වසර කීපයකට පෙර උතුරු ප‍්‍රදේශයේ ද්‍රවිඩ ජාතික කාන්තාවක් තම දරුවන් තිදෙනා ළිඳට දැමීම වාමාංශිකයන්  සමාජ විචාරකයන් විස්තර කර තිබුණේ දරුවන් රැකබලා ගැනීම සඳහා මව්වරුන්ට රජය විසින් පහසුකම් නොසැපයීම, සැමියා විසින් පවුල හැර යනු ලැබීම, යුද්ධයේ පීඩාව ආදී දෘෂ්ටිකෝණවලිනි. එකී කාන්තාව කලක සිට උග‍්‍ර මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු බව පාද සටහනකින්වත් නොකියැවිණි.

ඒ සිදුවීමෙන් පසු කාන්තාවන් කීපදෙනෙකුම ළිංවලට පැනීමේ සිදුවීම් වාර්තා විය. ඒ එම මුල් සිද්ධිය සමාජ ප‍්‍රශ්නයක් ලෙස විස්තර කිරීමේ අතුරු ඵලයන්ය.

ප‍්‍රශ්න ලෙඩ ලෙස දැකීමේත්, ලෙඩ ප‍්‍රශ්න ලෙස දැකීමේත් ලෙඬේට බෙහෙත් අවශ්‍ය වී තිබේ.

(ලේඛකයා මාතර මහ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥවරයා)

වජිර ධර්මවර්ධන{jcomments on}

නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි සන්දියේදිමයි. “සුළඟක් වී” ගීතය “දඟමල්ල” විදිහට කළ රඟපෑම් තවමත් මිනිසුන්ට අමතක නැහැ. පුංචි සන්දිය ගෙවලා තාරුණ්‍යයට එකතු වුණාට පස්සෙත් නතාෂා දිගටම කලා ක්‍ෂේත්‍රයේ රැඳුණේ ජනප්‍රියත්වය ඒ විදියටම රැකගෙන. ඊට පස්සේ නතාෂා ප්‍රිහාන් එක්ක යුග දිවි ගමන් ඇරඹුවා. ඊටත් පස්සේ ඇය නීතිඥවරියක් විදියට දිවුරුම් දීලා නීතිඥ නතාෂා පෙරේරා බවට පත් වුණා. ඔය විදියට ගලා ගිය ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු කතා කරන්නත් එක්ක අපි නතාෂාට කතා කළා. 
 
ඉතින් කොහොමද නතාෂා? 
සාමාන්‍ය විදියට ජීවිතය ගලා ගෙන යනවා. 
 
නීතිඥ නතාෂා පෙරේරා විදියට ආරම්භ කළ ජීවිතයේ තොරතුරු මොනවාද? 
මම දිවුරුම් දුන්නේ 2015දි. දැනට මම ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ කටයුතු කරනවා. උසාවියේ නඩු කතා කරන්න යන්නේ නැහැ. ආයතනික නීතිඥවරියක් විදියට තමයි කටයුතු කරන්නේ. 
 
තවමත් උසාවියේ නඩු කතා කරන්න ගියේ නැත්තේ ඇයි? 
ඇත්තම කියනවා නම් උසාවි පරිශ්‍රය තුළ විභාග වන නඩු දැක්කම, ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන්ගේ තොරතුරු ඇහුවාම මම හරියට සංවේදී වෙනවා. ඒ වගේ මානසික මට්ටමක ඉඳලා නඩුවලට පෙනී හිටින්න අමාරුයි. ඒ හින්දා මට හිතෙනවා මම දැනට මේ කරගෙන යන දේ හොඳයි කියලා. 
කලාව තුළ නතාෂා අලුත් දෙයක් කළේම නැහැ නේද? 
ඒක නම් ඇත්ත. ගොඩක් අය ඔය ගැන මගෙන් අහනවා. අලුත් සින්දුවක් කරන්න ඕනකම තියෙනවා. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ. 
 
කොහොමද ප්‍රිහාන් එක්ක ගෙවිලා යන අලුත් ජීවිතේ? 
ගොඩක් හොඳයි. බොහොම ආදරයෙන් ගෙවිලා යනවා. 
 
තවම පුංචි අමුත්තෙක් කැදැල්ලට එකතු කරගන්න හිතුණේ නැද්ද? 
(හිනැහීි) ඒ අදහස තියෙනවා. ඒත් අපි තව ටිකක් ගොඩ නැගෙන්න ඕනේ ඊට පස්සේ තමයි ඒ ගැන හිතන්නේ. 
 
ඉස්සර නතාෂාගේ අම්මා සෙවණැල්ලක් වගේ නතාෂා පසුපස හිටියා නේද? 
මමයි ප්‍රිහානුයි අලුත් ගෙදර පදිංචියට ගියාට පස්සේ අම්මට තදින්ම පාළුව, තනිකම දැනෙන්න ඇති. අම්මිගේ අත් උදව්වට කවුරු හිටියත් අම්මිට මාව නැතුවම බෑ. ඒ නිසා ඉඳලා හිටලා ඇවිත් අම්මි අපිත් එක්ක ඉන්නවා. අපිත් විවේකයක් ලැබුණු හැටියේ අම්මිව බලන්න යනවා. 
 
නතාෂා ලංකාවේ හැම දෙයක්ම දාලා විදෙස් ගත වෙන්න හදනවා කියන්නේ ඇත්තද? 
ඔව්. ඒ ආරංචිය ඇත්ත. 
 
කොහෙටද යන්නේ? 
ඕස්ට්‍රේලියාවට. 
 
ස්ථිර පදිංචියටද? 
මම එහේ රැකියාවක් කරන්නයි හිතාගෙන ඉන්නේ. එහෙම වුණාම නවතින්නත් වෙනවානේ. 
 
එතකොට ඔබේ සැමියා? 
එයත් මාත් එක්ක යනවා. ඒත් එයාගේ බිස්නස් තියෙන්නේ ලංකාවේ හින්දා එයාට නම් නිතර ලංකාවට එන්න සිදුවෙයි. 
 
අපි මේ කතාබහට ප්‍රිහාන්වත් එකතු කරගත්තා. නතාෂා ප්‍රිහාන් රට හැර යන්නේ පදිංචියටද? ප්‍රිහාන් ළඟදී සංගීත කටයුත්තකට දායක වුණේ නැත්තේ ඇයි? දෙන්නගේ ඉදිරි කටයුතු මොනවාද කියන කාරණා ගැන අපි ප්‍රිහාන්ගෙන් ඇහුවා. 
 
“මගේ අලුත් සින්දුවකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ළඟදී මගෙ ගීතයක් නොකළාට දැනට මම මගේ ප්‍රඩක්ෂන් හවුස් එකෙන් ගීත 50ක් විතර කරලා තියෙනවා. “ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක්” ඇතුළු මේ කා‍ලේ ජනප්‍රිය වූ ගීත ගොඩක් මගේ ප්‍රඩක්ෂන් හවුස් එකෙන් තමයි කළේ. මමත් නතාෂා එක්ක ඕස්ට්‍රේලියා යනවා. ඒත් මගේ සංගීත කටයුතු ව්‍යාපාර කටයුතු මෙහෙ තියෙද්දී මට එහෙට වෙලා ඉන්න බැහැනේ. නතාෂාටත් ලංකාව දාලා ඕස්ට්‍රේලියාවට වෙලා හැමදාම ඉන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලත් නතාෂාගේ රසික රසිකාවන්ට කියන්න.”  ප්‍රිහාන් හිනාවෙලා එහෙම කිව්වා. 
 
ආරියවංශ කුලතිලක {jcomments on}
 
ඡායාරූප - අසන්ත ගමආරච්චි /  ධනුෂ්ක සේනාධීර
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 49

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 200

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6922

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4541

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6029

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6718

Please publish modules in offcanvas position.

X

Right Click

No right click