Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි සෙනාලි ෆොන්සේකා. එංගලන්තයේ පදිංචි සෙනාලි කාලෙකට ඉස්සර ලංකාවට ඇවිත් “සිරි පැරකුම්” චිත්‍රපටයට එකතු වුණා. නැවතත් අධ්‍යාපන කටයුතු සඳහා රට ගිය සෙනාලි විභාගය එහෙමත් ලියලා ඉවර වෙලා ආයෙමත් ලංකාවට ඇවිත් “හාර කෝටිය” “ගැමුණු මහරජ” ටෙලි නාට්‍යයවල මේ දිනවල රඟපානවා. 
 
සෙනාලි දැන් ආයෙමත් ලංකාවේ නේද?
මම කොහොමත් එංගලන්තයට වඩා ලංකාවට ආසයි. මගේ විභාගය ඉවර වුණාට පස්සේ මම ලංකාවට ආවා. 
 
සෙනාලිගේ මුළු පවුලම පදිංචි වෙලා හිටියේ එංගලන්තේ නේද? 
තාත්තා (උපාලි ෆොන්සේකා) තවමත් ඉන්නේ එංගලන්තේ. අම්මයි මමයි ලංකාවේ ඉන්නවා. හැබැයි ඉතින් ඉදිරියේදී අපි දෙන්නටත් ආයෙමත් යන්න වෙයිද දන්නේ නැහැ. 
 
එතකොට මේ දවස්වල ලංකාවට වෙලා රඟපානවා? 
ඔව්. මේ දවස්වල “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ “බිලි”ගේ චරිතයයි, ගැමුණු මහරජ ටෙලි නාට්‍යයේ “රන්මැණිකාගෙ” “චරිතයයි රඟපානවා.  
පවුලම කලාවට සම්බන්ධ නිසා සෙනාලිට නිළිකම කියන එක සාමාන්‍ය දෙයක් නේද? 
පවුලම කලාවට සම්බන්ධ වුණත් මමත් පුංචි කාලෙ ඉඳන් නිළියක් වෙන්න හීන මැවු කෙනෙක්. ලොකු නැන්දිගේ (මාලනී ෆොන්සේකා) චිත්‍රපට උළෙලක් පැවැත්වුණා. ඒ වෙද්දී මම ඉස්කෝ‍ලේ දෙක වසරේ. එදා අපිත් ඒකට ගියා. ඒ දවස් කීපයේම පෙන්නුවේ ලොකු නැන්දිගේ චිත්‍රපට බව මතකයි. හැබැයි මගේ හිතට තදින්ම වැදුනේ ලොකු නැන්දියි විජය අංකලුයි රඟපෑ “තුෂාරා” චිත්‍රපටය. එදා දෙක වසරේදී “තුෂාරා” බලද්දි තමයි නිළියක් වීමේ ආශාව මුලින්ම මගේ හිතට ඇති වුණේ. 
 
සෙනාලි පුංචිම වයසෙදි සිරස ටී.වි.එකේ පුංචි පැංචි වැඩසටහන තුළින් කලාවට එකතු වුණේ ඒ ආශාව හින්දද? 
නැහැ. මම මගේ ආශාව හිත ඇතුළෙම තියාගෙන හිටියා. ඔය අතරේ තමයි මට “පුංචි පැංචි” වැඩසටහනට එකතු වෙන්න ලැබුණේ. මගේ හීනය මම ගෙදර අයට කිව්වේ නැති වුණාට මම කලාවට ආශා කරන බව අම්මටයි තාත්තාටයි දැනෙන්න ඇති. 
 
ඒ දෙන්න ඒ ගැන ප්‍රතිචාර දැක්වූයේ කොහොමද? 
(හිනැහී) මම හය වසරේදී තමයි අපේ පවුලම එංගලන්තයට ගියේ. මම හිතන්නේ මම කලාවට ආශා කරන බව දැණුනාම තමයි අම්මයි තාත්තයි මාවත් අරගෙන එංගලන්තයට ගියේ. ඒ දෙන්නට ඕන වුණේ මම කලාවෙන් ඉදිරියට යනවා දකින්න ‍නෙවෙයි, අධ්‍යාපනය තුළින් ඉදිරියට යනවා දකින්නයි. ඒත් අන්තිමට “සිරි පැරකුම්” තුළින් මම කලාවට ආවා. 
 
ඔබ කලා පවුලක පුරුකක්. පවු‍ලේ රසබර මතක අවධි කළොත්? 
මගේ ලොකු නැන්දි තමයි මාලනී ෆොන්සේකා. අපේ පරපුරේ සහෝදර සහෝදරියෝ 23යි. මම තමයි බාලයා. හැමෝගෙම “‍පොඩි නංගා” ඒ 23 අතරින් අශාන්, සඳුනි, උදාරා, සමනලි අක්කා මට ගොඩක් සමීපයි. ඒ අතරින් අශාන් අයියයි සමනලි අක්කයි රඟපෑමට එකතු වෙලා ඉන්නේ. ආච්චි ඉන්න කා‍ලේ අපි හැමෝම අවුරුද්දට මහ ගෙදරට එකතු වෙනවා. නැන්දිලා, ලොකු තාත්තලා පරණ සිද්ධි මතක් කරනවා. අපි කට්ටිය සෙල්ලම් කරනවා. නොනගතේ ලැබුවාම කන්න බොන්න තහනම් වුණත් අපි හොරෙන් කැවුම් කොකිස් කනවා. ඒ වෙලාවට ලොකු නැන්දි තමයි (මාලනී ෆොන්සේකා) තමයි අපේ හොර වැඩවලට උදව් කරන්නේ. 
 
සිනමාවේ හා පුංචි තිරේ ඔබ බොහොම අපූරුවට ආදරය මතුකරන්න රඟපානවා. සැබෑ ජීවිතයේත් ඔය කියන ආදරය විඳිනවාද? 
මට ප්‍රේමවන්තයෙක් ඉඳලාම නැහැ. ඉතින් කොහොමද ඒ ප්‍රේමය අත් විඳින්නේ. 
 
ආරියවංශ කුලතිලක

කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ ඔවුන් කියූ කතා නිසාය. හෝ ගාන ‍පොකුණ චිත්‍රපටයේ හුන් දරුවන් කිසිවෙකු මුහුදක් දැක තිබුණේ නැත. කොළඹ ගොස් තිබුණේ නැත. එහෙත් එවැනි දරුවන් සිටින්නේ චිත්‍රපටවල පමණක් නොවන බවට සිතුණේ කෙවිලියාමඩුව ගමේ දරුවන් ගිය සතියේ කොළඹ ආ විටය.
කෙවිලියාමඩුව ඇත්තේ අම්පාරේ මංගලගමය. ඒ ගම තිස් වසරක් පුරා පැවැති යුද්ධයේදී නිතර කියවුණු ගමකි. එකල කෙවිලියාමඩුව හැඳින්වූයේ කොටි කටේ ගමක් හෙවත් මායිම් ගම්මානයක් ලෙසය. 
ජීවිතේ මුල් වතාවට අරුම පුදුමය ගමෙන් එළියට ආ ඔවුන්ට කොළඹ හරිම අරුම පුදුමය.
ඉපදුණු දවසේ ඉඳල වෙඩි හඬවල්, බෝම්බ පුපුරණ හඬවල් කනට හුරුවුණු අපට කෝච්චියේ හඬ ඇසෙන කොට හිතට බයක් ඇති වුණා. ඒත් ජීවිතේට කෝච්චියක ගිහින් නැති අපට කෝච්චි ගමන හරි අපූරු අත්දැකීමක් වුණා. ටික දුරක් යන විට හිතේ බය නැතිව ගිහින් හරි සතුටින් අපි කෝච්චියේ ගියා.”
කෙවිලියාමඩුව මංගලාරාම මහ විදුහ‍ලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිය ජීවිතයේ පළමුවරට ලද අත්දැකීමක් එලෙස විස්තර කළේ නිම්හිම් නැති සතුටකිනි.
ඔවුන්ට ඒ සතුට උරුම කර දුන්නේ කොළඹ තරුණයන් පිරිසක් විසිනි. ඒ රණාල බටේවෙල තුරුණු බොදු සංසදයේ 20 වන සංවත්සරය වෙනුවෙනි.
තුරුණු බොදු සංසදය සෑම වසරකම වෙසක් ‍පොහොය දිනට දැවැන්ත දන්සලක් සංවිධානය කරගෙන ආහ. දැනට වසර දෙක තුනක සිට දන්සල නවත්වා එම මුදල් ඔවුන් වැය කළේ දුෂ්කර ගමකට උපකාර කිරීමටය. මෙවර ඔවුන්ගේ උපකාරය ලැබුණේ කෙවිලියාමඩුව දරුවන්ටය.
ඔවුන් ඒ සඳහා තෝරා ගත්තේ අපූරු ක්‍රමයකි. මංගලගම කෙවිලියාමඩුව සිරි අරියමිත්ත දහම් පාස‍ලේ සියලු සිසු සිසුවියෝ බස් රථ යොදා කොළඹට ගෙන්වා ගත්හ. ඒ දින දෙකකටය. දරුවන් සමග දෙමවුපියන් කිහිප දෙනෙකුටද ඒ සඳහා අවස්ථාව සැලසිණ.
ජීවිතේට කොළඹට පැමිණ නැති ඒ දරුවන්ට මෙම ගමන ආසාවක්, බයක් මෙන්ම කුතුහලයක්ද ඇති කළේය.
අම්පාරේ සිට කොළඹට පැමිණි කෙවිලියාමඩුවේ දරුවන්ට නවාතැන් පහසුකම් සැලසුණේ රණාල දැඩිගමුව විහාරස්ථානයේය. 
බ්‍රහස්පතින්දා (15) රාත්‍රියෙහි කොළඹට පැමිණි දරුවෝ පසුවදා අලුයම සිට චාරිකාවකට රැගෙන ගියහ.
“ඇත්තටම අපිට තවමත් පුදුමයි දවස් දෙකක් තුළ මුලු කොළඹම බලන්න අපිට හැකි වුණා. ඉතාම දුප්පත් දුෂ්කර ජීවිත ගත කරන අපේ අම්මලාට තාත්තලාට අපිව කොළඹ අරන් එන්න වෙලාවකුත් නැහැ. සල්ලිත් නැහැ. ඒ අය ජීවත්වෙන්න ‍පොළොව එක්ක හැප්පෙනවා. අපිත් ස්කෝ‍ලේ ගිහින් ඇවිත් ඒ හේන් වැඩට උදව් වෙනවා හැර වෙනත් අමතර ලෝකයක් ගැන හිතන්න තරම් වෙලාවක් නැහැ.
තුරුණු බොදු සංසදයේ අයියලා අපි වෙනුවෙන් කළේ අපිට ජීවිතේටම අමතක නොවන උපකාරයක්. අපිට පුංචි කා‍ලේ ඉඳලම ඇහුණේ යුද්ධයේ හඬ. ඒ කාලයේ කොටි අපේ ගමට පැනලා ගමේ නැන්දලා මාමලා මරා දැම්මා. අපි බොහෝම අහිංසංකව ජීවත් වෙන අය. කෝච්චියෙන් ගමනක් යෑම, අධිවේගයේ යෑම ඇත්තටම අපිට සිහිනයක් වගෙයි...”
මංගලාරාම මහ විදුහ‍ලේ 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ආර්.බි. හසාන් නුවන් ශිෂ්‍යයා තමන් ලද අත්දැකීම් විස්තර කළේ එසේය. 
“කෝච්චි ගමන අපට පුදුමයි. මහ ශබ්දයක් දාගෙන පැද්දි පැද්දි වේගයෙන් යනකොට මට හිතුනා කෝච්චි පෙට්ටි ගැලවිලා විසි වෙයිදෝ කියලා ඒ නිසා ගමනට ආස වුණත් කෝච්චියෙන් බහින කල් හිටියේ පපුව ගැහි ගැහි.........” 
ඒ එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ආර්.එම්. නදීකා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ අදහසය. 
“කළුතර බෝධිය වැන්දුවා. කළුතර ගැන අහලා තිබුණට කළුතර දැක්කේ අපි එදාමයි. වැන්දට පස්සේ ඒ අයියලා බස් එකකින් අපිව දක්ෂිණ අධිවේගයෙන් කඩුවෙලට එක්ක ආවා. ඒ ගමන නම් ඇත්තටම හිතට බයක් දැනුණා. 
අධිවේගය ගැන රේඩියෝ එකෙන් ටී.වී. එකෙන් අහලා තිබුණත් අධි වේගයේ කවදාවත් අපට යන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. ඒ ගමන හරිම වේගවත්. වාහනය යන වේගය නිසා අපේ පපුව බිත්තර තම්බන්න වගේ රත් වුණා. ඒ ගමන හරි විනෝද ජනකයි. වටා පිටාවේ ලස්සන බලමින් අපි සතුටින් ආවා.” 10 වසරේ ඩී.එම්. සම්පත් කුමාර (15) සිසුවා සිය ගමනේ අත්දැකීම් එලෙස විස්තර කළේය. 
මෙම දරුවන්ට පළමු දිනයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, වරාය, නිදහස් චතුරස්‍රය, ගාලු මුවදොර සංචාරය කිරීමට අවස්ථාව සැලසිණ. 
එදින ගමන් අවසන් කර යළි රණාලට පැමිණි දරුවන්ට නෙත් සිත් පිනවන ප්‍රසංගයක් සංවිධානය කර තිබිණි. එහිදී ගීතයෙන් පිනවූයේ විශාරද එඩ්වඩ් ජයකොඩි කලාකරුවාය. ඔහු මේ පුංචි දරුවන්ද අත්වැල් ගායනයට හවුල් කර ගෙන ප්‍රසංගය තවත් රසවත් කළේය. 
ඊට අමතරව හීන් බබා සීයා හා සෝරත ‍පොඩි හිමි චරිතය රඟන දරුවාගේ නාට්‍ය කොටසකින් කෙවිලියාමඩුවේ දරුවෝ තවත් සතුටු වූහ. 
“අපි කැලණි විහාරය ගැන ‍පොතපතින් කියවලා තිබුණා. අපේ ආච්චිලා අම්මලා, කැලණිය ගැන කියලා දීලා තිබුණා. අනේ අම්මේ කැලණි විහාරේ වඳින්න යමු කියල අම්මට කීපවරක්ම කිව්වා. ඒත් අපේ අම්මලාට ඒකට වත්කමක් නැහැ. ඒ නිසා කැලණි විහාරය ගැන කියන වෙලාවට අපි හිතෙන් විහාරය වැන්දා. ඒත් තරුණු බොදු සංසදයේ අයියලා අපිව කැලණි විහාරයටත්, නවගමුවේ පත්තිනි දේවාලයටත් එක්ක ගියා.” හසන් නුවන් ශිෂ්‍යයා යළිත් හඬ අවදි කළේය. 
“ඇත්තටම මේ තරුණ පිරිස කළ කාර්යය නම් කිසිවෙක් මතෛක් නොකළ වැඩක්. දුප්පත් ගමකට උදව් කරනවා නම් බොහෝ අය ඒ ගමට ඇවිත් උපකාරය කරලා යනවා. 
ඒත් තුරුණු බොදු සංසදය අපිව කොළඹ ගෙනත් මේ කරපු උපකාරය රටටම ආදර්ශයක්. අපේ දුප්පත් දහම් පාස‍ලේ සියලුම දරුවන්ට ‍පොත් බෑග් ‍පොත් ආදි උපකරණ කට්ටල දුන්න. දහම් පාසලට ඩෙස් බංකු දුන්නා. මේ සත්කාරය පුදුම සහගතයි. ඇල් වතුර බිඳකින්වත් අපිට අඩුපාඩුවක් කළේ නැහැ. අපේ දරුවන්ට හොඳ ආහාර දුන්නා අද රටේ අනිත් තරුණයන් කරන කියන ඒවා බැලුවාම රණාල බටේවෙල මේ තරුණයන්ගේ ක්‍රියාව පුදුම සහගතයි.”
කෙවිලියාමඩුව දරුවන් සමග කොළඹට වැඩි එම ගමේ විහාරාධිපති මංගලගම ඉන්දරතන හිමියෝ අප සමග එසේ පැවැසූහ. 
“අපේ මේ අවුරුද්දේ සත්කාරය කරන්න සුදුසු තැනක් හොයාගෙන අපි අම්පාර පැත්තේ ගියා. කීප තැනකටම ගිය විට අපිට කෙවිලියාමඩුව ගම හමුවුණා. ඒ අයට ගිහින් තෑගි දෙනවාට වඩා ළමයි කොළඹට ගෙන්වීම සුදුසු බව අපට වැටහුනේ ඔවුන් ජීවිතේටම කොළඹ ඇවිත් නැහැ කියල අපිට කිව්වාමයි. මේ සියලු කාර්යයන්ට රුපියල් ලක්ෂ 10කට ආසන්න වියදමක් දරන්න වුණා. බොහෝ අය මේ සඳහා උදව් කළා. කොපමණ මුදලක් වැයවුණත් අපිට අද හරි සතුටුයි. ඒ අහිංසක දරුවෝ කෝච්චියේ - අධිවේගයේ ආසාවෙන් ගිය හැටි අනෙක් ස්ථානවලට ආසාවෙන් ගිය හැටි අපිට තවමත් මැවි මැවී පෙනෙනවා.” යැයි තුරුණු බොදු සංසදයේ සභාපති ලංකා සුදේස් අත්තනායක මහතා කීය. 
 
ධර්ම ශ්‍රී තිලකවර්ධන

“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී නාලිකාව තුළිිනි. ඔහුගේ වෘත්තීය දිවිය තුළ සේම පුද්ගලික දිවියේත් සිදූවූ පෙරැළි මේ වනවිට සහන්ගේ රසික පිරිසට රහසක් නොවේ. ඇතිවූ හැල හැප්පීම්වලින් අනතුරුව සහන්ගේ වර්තමාන දිවිය පිළිබඳව ඔහුගෙන් විමසන්නට අප සිතුවෙමු. වෘත්තීය ජීවිතය තුළත් පුද්ගලික ජීවිතයේත් අද දවස ගැන සහන් අප සමගින් හෘදයාංගම කථාබහකට මෙලෙසින් එක්විය .
 
සහන් දැන් අපිට දකින්නට ලැබෙන්නේ සියත නාලිකාව ඔස්සේ.. ?
ඔව් .. මම දැන් “සියත නාලිකාවේ” “විධායක නිෂ්පාදක” ලෙසින් කටයුතු කරනවා. ඒ අතරම මගේ පුරුදු රස්සාව, ඒ කියන්නේ නිවේදන කටයුතු කිරීමත් කරගෙන යනවා.
 
හිටි හැටියේ සිදුවූ ඔබේ ස්ථාන මාරුව ගැන විවිධාකාර මත පළවුණා.
මම “දෙරණ” නාලිකාවේ නිවේදකයෙක් විදියටයි කටයුතු කළේ.. දැන් මම නිවේදකයෙක් වගේම විධායක නිෂ්පාදක. මට වැඩි වටිනාකමක් ලැබුණු තැනට මම ගියා. 
 
වැඩි වටිනාකමක් කියන්නේ තනතුර සහ වැටුප වෙන්න ඇති .. 
නැහැ නැහැ .. මම මුදල මත හෝ තනතුරු මත වටිනාකම තක්සේරු කරන්නේ නැහැ.. මම වටිනාකම කිව්වේ පුළුල් පරාසයක ඉඳලා.. මට වැඩ කරන්න අපහසු තත්ත්වයක් තිබෙන තැනකට වඩා මාව අගයන ස්ථානයකට යන්නයි මම තීරණය කළේ ..
 
ඒ කියන්නේ “දෙරණ නාලිකාව” සමග අමනාපයෙන්ද ඔබ ඉන් පිටව ගියේ .. ?
කිසිසේත්ම නැහැ. මම මගේ මහගෙදර විදියට අදත් “දෙරණ”ට ගරු කරනවා.. මට නමක් ගොඩනැගුනේ ඒ තුළින්.  නාලිකාව සමග වගේම එහි සිටින පැරණි හිතවතුන් සමගත් මම අදත් ලෙන්ගතුයි. ඒත් කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් නිසා මට එම ස්ථානය එපාවුණා.. ඇත්ත තත්ත්වය ඒක.
 
ඔබේ විවාහ ජීවිතයේ අර්බුද ඊට බලපෑවාද .. ?
මම කිසිමදාක පෞද්ගලික ජීවිතයයි වෘත්තීය ජීවිතයයි එකට පටලවාගන්නේ නැහැ. ඒත් සමහර දේවල් මාධ්‍යයට ප්‍රකාශ කරන්න බැහැ..
 
එදා ඔබ තම පුද්ගලික අර්බුද පවා ප්‍රසිද්ධියේ මාධ්‍යයට පැවැසුවානේ. අද ඔය විදියට දෙගිඩියාවෙන් පිළිතුරු දෙන්නේ ඇයි .. ? 
මම නිදොස් නිසා අදත් මට මාධ්‍යය සමග ඒ දේවල් එදා විදියටම කථාකරන්න බැරි නැහැ. ඒත් යම් යම් නීතිමය හේතු මත මට සීමාවන් තියෙනවා. ඒ වගේම මට මඩ ගහන්න බලාගෙන ඉන්න පිරිසක් මට වචනයක් වරදින තුරු බලා ඉන්න බවත් මම දන්නවා.. අනික මම කවදාවත් කාටවත් වෛර කරන්න පන්න පන්නා පහර දෙන්න දඟලන කෙනෙක් ‍නෙවෙයි. මම දන්නවා අයහපත් දේ කරන අයට ඒ දේවල්වල විපාක එන බව. අද වනවිට සමහර අයගේ ජීවිතවල කඩාවැටීම් දැක්කම ඒ සත්‍යය ඔප්පු වෙනවා. ඒ හින්දයි මට මඩ ගසනවා පෙනි පෙනීත්  මම මේ විදියට නිහඬව සිටින්නේ. 
 
මඩ ප්‍රහාර එල්ලවන විට ඊට නිහඬව සිටීමෙන් එල්ලවන චෝදනා සත්‍යය බව මිනිසුන් හිතන්න ඉඩ තියෙනවා නේද .. ? 
මම ඒවා ප්‍රශ්න බවට පත් කරගන්නේ නැහැ.. 
 
සහන්ගේ ලිංගික ජීවිතයට පවා චෝදනා එල්ලවන විටත් ඔය විදියට නිහඬව සිටීම සුදුසුද .. ?
ඒ චෝදනා දැකලා ඇයි මම බයවෙන්නේ .. ඇයි මම කලබල වෙන්නේ .. මම නිදොස්නම් බයවෙන්නවත් කලබල වෙන්නවත් අවශ්‍ය නැහැ.. මගේ ලිංගික ජීවිතය මගේ හිටපු බිරිඳ දන්නවා. මට ඊට එහා ඕවාට උත්තර බඳින්න ඕන නැහැ.. බල්ලෙක් බිරුවාට කන්දක් පාත්වෙන්නේ නැහැනේ .. 
 
කොහොමද අද දවස .. ?
“වොයිස් ඔෆ් ඒෂියා” මාධ්‍ය ජාලයේ සභාපති “රොෂාන්ත කාරියප්පෙරුම” මහතා සහ “සියත” නාලිකාවේ වැඩසටහන් 
අධ්‍යක්ෂ කැළුම් පාලිත මහීරත්න මහතාව මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. කැළුම් පාලිත මහීරත්න මහතා සමග කටයුතු කිරීම ජීවිතයට අත්දැකීම් ගොඩක් එකතු කරනවා. ඉස්සර මාව කපන්න පිරිසක් බලා හිටියාට දැන් මට උදව් කරන්න ගොඩක් අය ඉන්නවා. ජීවිතයේ හැම පැත්තක්ම වසරක් තුළ සාර්ථක වුණා. හරියටම පහුගිය අවුරුද්දේ මේ කාලයේ තමයි මගේ ජීවිතයේ අර්බුද මතුවුණේ මැයි 27 වැනිදා  පුතාගේ 4 වැනි උපන්දිනය උදාවුණා. එදා මම පුතාගේ උපන්දිනය වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී ඉහළින්ම සැමරුවේ ඒ හින්දයි.
 
හැම අතින්ම ජීවිතය සම්පූර්ණ වෙන්න නම් ජීවිතයට ආදරය ලැබෙන්නත් ඕන නේද .. ?
ආදරයේ නම් අඩුවක් නැහැ.. මම තනිකඩ වුණා කියල දැන ගත්තට පස්සේ දැන් මට දිගට හරහට ආදර යෝජනා ගලාගෙන එනවා. මගේ වටිනාකම මටත් දැනෙන්නේ ඒ විදියට යෝජනා එන්න පටන්ගත්තට පස්සේ .. 
 
ඒ විදියට යෝජනා ගලාගෙන එද්දී සහන්ට එය කරදරයක් විදියට දැනෙනවාද නැත්නම් ආදර හැඟීම් හිතට එනවාද .. ?
හුදකලාව ජීවත්වෙන්න අපි කාටවත් බැහැ.. ජීවිතයට ආදරය අවශ්‍යයි. හැමදේම බෙදාගන්න කෙනෙක් ඕන. ඒක මනුෂ්‍ය ස්වභාවය. මමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්... මටත් ආදරයක අවශ්‍යතාවය දැනුණේ නැත්නම් තමයි පුදුමේ ...
 
එහෙනම් දැන් සහන්ගේ හිතත් ආදරයක් ළඟ නැවතිලා.. 
දැනට නම්  මගේ ආදරය මගේ පුතා විතරයි .. 
 
ඉදිරියේදී ඒ ආදරය තවත් කෙනෙකුට බෙදිල යයිද .. ?
ඉදිරිය ගැන දැන්ම කියන්නේ කොහොමද .. ?
 
ආරියවංශ කුලතිලක

හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.  එබැවින් ඉන් ඇති විය හැකි ගංවතුර, නායයෑම් සහ වෙනත් හදිසි අවස්ථාවන් සඳහා පෙර සූදානමින් සිටීය යුතුයි. යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ද රත්නපුරදී ප්‍රකාශ කර තිබේ.

ආපදාවන් වළක්වා ගැනීමට තරම් සාර්ථක පෙර ආපදා පියවර ගැනීම ඉතාම අසීරුය‍. එහෙත් ආපදා අවස්ථා වලදී ජීවිත ආරක්ෂා වූ ජනතාවට මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු පිළිබඳ සළකා බැලීමෙන් පසු, ඒ ඒ අවස්ථා වලට මුහුණ දීම පහසු කරවීම උදෙසා ගත යුතු පියවර රැසක් මේ වන විට හඳුනාගෙන තිබේ. 

මහා ආපදාවකට පසුව තනි තනිව හෝ පවුල් පිටින් බොහෝ අය අතරමංවීම ආපදාවේ ප්‍රබලතාවය මත රඳා පවතී. ආපදාවට ලක්වූ බොහෝ දෙනෙක් බාහිර ආධාරයක් ලැබෙන තෙක් හුදෙකලා වන්නේ ගංවතුර මධ්‍යයේ, ගංවතුරට හසුවූ නිවසක් තුළ, කදුගැටයක් මත, ගසක් මත හෝ සමහරවිට උදව්කරුවකුගේ නිවසක් තුළය. විදුලි බල, ජල සහ දුරකථන පහසුකම් අඩාල වීම, බැංකු, තැපැල්හල්, වෙළඳසල් සහ සමහරවිට ආරෝග්‍යශාලා පවා වැසීයාම, ගමන් බිමන් පහසුකම් නොමැතිවීම වැනි කරුණු නිසා දින 2 - 3 ක් හෝ සමහරවිට ඊටත් වඩා දිගු කාලයක් හුදෙකලා වීමට සමහරුන්ට සිදුවේ.  එවන් ජනතාව පිළිබඳ සළකා ආපදාවකදී හුදෙකලා වූ විටෙක බාහිර උපකාරයක් ලැබෙන තෙක් ජීවිතය රැකගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන ද්‍රව්‍ය ලැයිස්තුව හඳුන්වාදී ජනතාව දැනුවත් කොට ඇත. එය 'ආපදා කට්ටලය'  (Disaster kit) හෝ 'ආපදා සහන කට්ටලය' (Disaster Survival Kit) ලෙස හඳුන්වනු ලැබේ.

ආපදාවකට ගොදුරුවේ යයි බලාපොරොත්තුවන සියලු දෙනා විසින් සැලකිලිමත්වී අවස්ථාවට මුහුණ  දීම පිණිස තමන් සතු කරගත යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ තීරණය කිරීම තමන් සතු වගකීමකි. තමන් මුහුණ දෙන අපදාව අනුව ඒ ඒ ද්‍රව්‍ය සහ උපකරණවල ඇති වැදගත්කම කුමක්ද යන්න වටහා ගැනීම අපහසු කරුණක් නොවේ.

වෛද්‍ය උපදෙස් මත ලබාගත යුතු අත්‍යාවශ්‍ය බෙහෙත්, වේදනානාශක, ප්ලාස්ටර් ආදිය සහිත ප්‍රථමාධාර බේත් හේත් ද්‍රව්‍ය, නිවැසියන්ට දින 2 - 3 ක් ජීවිතය ගෙනයාම සඳහා සෑහෙන තරම් වියළි ආහාර බිස්කට්, රෝස්පාන් සහ විශේෂයෙන්ම ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා අවශ්‍ය කිරිපිටි ආදිය මේ සඳහා උදාහරණ වේ.

ඉතාම අත්‍යාවශ්‍ය වියහියදම් සඳහා වන මුදල් ප්‍රමාණයක්, වියළි කෝෂ (බැටරි) බලයෙන් ක්‍රියාකරන කුඩා ගුවන් විදුලි (රේඩියෝ) යන්ත්‍රයක් (ආපදා කළමණාකරන නිවේදන වලට සවන් දීමට)

වියළි කෝෂ බලයෙන් ක්‍රියාකරන විදුලි පන්දමක්, ගිනිපෙට්ටි සහ ඉටිපන්දම්, බෝතල් කළ පානීය ජලය හෝ අවශ්‍ය නම් වෙනත් බීම විශේෂයෙන්ම ළදරුවන් සහ වයෝවෘද්ධ සාමාජිකයන් සඳහා උණුසුම් ඇඳුම් පැළඳුම් ඉක්මනින් පිළියෙල කළ හැකි ටින් කළ ආහාර, බෝතල් අරිනයක් (Bottle Opener) ටින් කපනය (Tin Cutter) සහ හැඳි කිහිපයක්,  ළඳරුවන් සඳහා කිරි/වතුර පොවන බෝතලය සහ කුඩා කෝප්ප ඉතා වැදගත්යයි සිතන පුද්ගලයින්ගේ සහ ආයතනවල දුරකථන අංක

පවුලේ සාමාජිකයන් අතරමංවූ අවස්ථවකදී පරිහරණය කිරීමට ඉතාම අත්‍යවශ්‍යයයි තීරණය කළ හැකි ද්‍රව්‍ය හෝ උපකරණ ඉහත ලැයිස්තුවට එකතුකර ගැනීමේ අයිතිය අප හැම සතුය.

අපගේ එදිනෙදා කටයුතු පිළිබඳව සැලකීමේදී මහා ආපදාවකට ලක්වූ අවස්ථාවලදී සමහර වැදගත් ලියකියවිලි විනාශවීම සහ අස්ථානගතවීම තවත් ප්‍රධාන ගැටලුවක් බව අවබෝධ කරගනිමු. එනම් අපගේ කටයුතුවලට අත්‍යවශ්‍ය වන ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, අධ්‍යාපනික සහ වෙනත් සහතික, පාස් පෝට්, බැංකු ගිණුම් පොත්, ස්ථාවර තැන්පතු සහතික, ඉඩම් සහ නිවාසවල ඔප්පු, පත්වීම් ලිපි, වෛද්‍ය සහතික සහ වෛද්‍ය වාර්ථා, ඉතා වැදගත්වන දුරකථන අංක ලැයිස්තු, වටිනා ආභරණ ආදිය එවන් වැදගත් ලියකියවිලි සහ ද්‍රව්‍ය කිහිපයකි. එවන් වැදගත් ලියකියවිලිවල මුල් පිටපත්වල ආරක්ෂාව සඳහා ගතහැකි පියවර පිළිබඳව කල්තියාම පියවර ගෙන තිබීමෙන් ආපදා අවස්ථාවකදී මෙන්ම ඊට පසුව අපගේ කටයුතු පහසුවන බව පැහැදිලිය. සමහර විදේශ රටවල්වල ජනතාව දැනුවත් කර ඇති පරිදි එවන් ලියකියවිලි ජලය කාන්දු නොවන පරිදි අසුරණයක බහා නිවසේ ඉතාම ආරක්ෂක ස්ථානයක තැබීම හෝ ආපදාවකදී විනාශ නොවේයයි සිතන ශක්තිමත් ස්ථානයක (කොන්ක්‍රීට් කණු හෝ බාල්ක වැනි) ගැට ගසා තැබීම යෝග්‍ය වේ.

මෙහිදී අප විසින් ගතහැකි තවත් පියවරක් වනුයේ, අදාළ ලියකියවිලි වල අංක, නිකුත් කළ දින ආදී වැදගත් දත්ත සටහන් කරන ලද ලියවිල්ලක් නිවසේ සාමාජිකයන් සතුව තබාගැනීමයි. නිවැසියන් සැමගේම අදාළ විස්තර සහිතව ලියවිල්ලක් සකස් කර තබාගැනීම ආපදාවකදී පමණක් නොව, ඕනෑම කටයුත්තකදී ඉතා ප්‍රයෝජනවත් වෙනු නොඅනුමානයි. ආපදාවකට ලක්වී විනාශ වූ සහ අස්ථානගතවූ වැදගත් ලියකියවිලි යළිත් ලබාගැනීමේදී ඒවායේ විස්තර සහිත ලියවිල්ලක් ඉතාම විශාල උපකාරයක් වනු ඇත.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අභයසිංහ 

 

ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්. චිත්‍රපට පසුබිම් ගීත ගායනයෙහිලා ඔහු දැක්වූ දායකත්වයත් අමතක කරන්න බැහැ. ග්‍රේෂන් ආනන්ද මහතාගේ අභාවයෙන් පසුව හැමෝම දැන හඳුනාගත් ඔහුගේ පුත් මාරියෝ ආනන්දත් අද වන විට ජනප්‍රිය චරිතක්. කොහොම නමුත් අදටත් මාරියෝගෙන් ග්‍රේෂන් ආනන්ද කියන ගායන ශිල්පියාව බල‍පොරොත්තුවන පිරිසකුත් ඉන්නවා. එවැනි හේතූන් නිසා අද තමන්ට මුහුණදීමට සිදුව තිබෙන ප්‍රශ්නයක් ගැනත් මෙම සංවාදයේදී මාරියෝ අප සමග හෙළි කළා. 
 
ඔබේ පියාගේ අභාවයෙන් පසුවයි බොහෝ දෙනා ඔබව ගායන ශිල්පියෙකු විදිහට හඳුනාගත්තේ. නමුත් ඒ වෙනකොටත් ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසිලා ඉවරයි ?
ඔව් මම වයස අවුරුදු 15 දියි සංගීත කටයුතු පටන්ගත්තේ. තාත්තා අවසන් වරට ගැයූ කොවුලා කොහෙදෝ කියන ගීතය සංගීතවත් කළේත් මමයි.
 
අද වන විටත් ඔබව ජනතාව හඳුනන්නේ ඔබේ පියා ලබා තිබූ ජනතා ප්‍රසාදය නිසා යැයි කීවොත් නිවැරදියි නේද?
තාත්තා නිසා මගේ ජීවිතයට ලැබුණු ආලෝකය කවදාවත් අමතක කරන්න බැහැ. හැබැයි ග්‍රේෂන් ආනන්දගේ පුතාවීම නිසාම අද වෙද්දී ක්ෂේත්‍රය ඇතුළේ මාව කොටු කිරීමක් සහ කොන්කිරීමක් සිද්ධ වෙනවා.
 
මොන හේතුවක් නිසාද එහෙම වෙන්නේ ?
මම හැමදාමත් තාත්තාගේ ගීත ගායනා කරමින් ඉන්නවා දකින්න තමයි හුඟක් කැමති. මාරියෝ ආනන්ද විදිහට මට මගේම කියලා මාර්ගයක යන්න ඒ අය ඉඩ දෙන්නේ නැහැ. බොහොම ටික දෙනෙක් තමයි මගේම නිර්මාණ කරන්න කියලා මාව දිරිමත් කරන්නේ. ප්‍රසංගවලදී වුණත් තාත්තාගේ හැමදාම ගායනා කරන ගීත ගායනා කරන්න වෙන විදිහට තමයි මාව කොටු කරලා තියෙන්නේ.
 
කවුද ඔබට ඔබේ අනන්‍යතාවයක් හදාගන්න ඉඩ නොදෙන්නේ ?
සංගීත ක්ෂේත්‍රයේ සිටින අයගේ කුහකකම නිසා තමයි, එවැනි දේවල්වලට මට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. මම මේ හැමෝටම චෝදනා කරනවා ‍නෙවෙයි. නමුත් බහුතරයක් දෙනාගේ ක්‍රියාකලාපය ඔය විදිහයි. කොහොමටත් මම කෙළින් කතා කරන නිසා හුඟක් අය මට කැමති නැහැ.
 
අද වෙනකොට ඔබේම ගීත ඔබ සතුව තිබෙනවාද?
මම මගේම සිංහල ගීත රැසක් ගායනා කරලා තියෙනවා. නමුත් මට අතපය දිගහැරලා මුදල් වියදම් කරන්න බැරි නිසා ඒවා ජනතාව අතරට ගෙනියන්න බැරි වුණා. 
 
ඒ කාරණය තව ටිකක් පැහැදිලි කළොත් ?
මට මුදල් වියදම් කරලා ඒවාට විෂුවල් හදලා එළිදක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අනික විවිධ හේතූන් නිසා ක්ෂේත්‍රයේ සමහරු මාත් එක්ක තරහයි.  තාත්තාගේ ගීත රී මේක් කරන්න ඒ කා‍ලේ අවසර නොදීම වැනි හේතු නිසා ගීත එළිදැක්වීමේදී මට විවිධ බාධක එනවා. අනික අද හැම දෙයක් වගේම සංගීත ක්ෂේත්‍රයත් මුදලට යට වෙලයි තියෙන්නේ. 
 
යහමින් මුදල් උපයන ගායක ගායිකාවෝ අද නැතිවා නොවෙයි. මුදල් ටිකක් උපයා ගත්තා නම් ඔබට තියෙන මේ ගැටලුවත් මගහැරිලා යාවි නේද?
එහෙම ආසාවක් මට නැහැ. අනික මුදල් දීලා මගේ ගීත මාකට් කරන්නත් මම කැමති නැහැ. සල්ලි හම්බ කරනවා නම් මට වයස අවුරුදු 19 දී කිසිම අමාරුවක් නැතුව ලක්ෂ ගණනින් හම්බ කරන්න තිබුණා. මොකද තාත්තාගේ අභාවයෙන් පස්සේ මට ගීත ගායනා කරන්න පුළුවන්ද බැරිද කියලාවත් නොදැන සමහරු තාත්තාගේ ගීත වෙන අය ලවා රීමේක් කරන්න ලක්ෂ ගණන් මුදල් දෙන ‍පොරොන්දුව පිට මාව හොයාගෙන ආවා. මගේ ප්‍රතිපත්ති අනුව ම ඒ යෝජනාවලට කැමැති වුණේ නැහැ. හැබැයි අද වෙද්දී ප්‍රසංගවලින් අඩුවෙන්ම මුදල් හම්බකරගන්නා ගායකයා මම වෙන්න ඇති.
 
සංගීත ක්‍ෂේත්‍රයේ ඔබටම ආවේණික ගමනක් යෑමද ඔබේ බලා‍පොරොත්තුව?
මට උපතින්ම ලැබුණු හැකියාවක් තියෙනවා. ඒ හැකියාවත් තියාගෙන හැමදාම තාත්තාගේ ගීතවලින් යැපෙන එක ලැජ්ජා නැති වැඩක් විදිහටයි මම දකින්නේ. මම දැන් වැඩිපුර මගේම ඉංග්‍රීසි ගීත ගායනා කරන්නයි යොමු වෙලා ඉන්නේ. ඒ ගීතවලට දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. හැබැයි මට ඒ විදියේ හැකියාවන් තියෙනවා කියලා හුඟක් අය තවම දන්නේ නැහැ.
 
තාත්තාගේ සමකාලීනයන්ගෙන් වත් ඔබට සහයෝගයක් ලැබුණේ නැද්ද?
මට කාගෙන්වත් උදව් උපකාර අවශ්‍ය නැහැ. මේ යන ගමනට බාධා නොකර ඉන්න කියලයි මම හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ. අද වෙද්දී ලොකු චෝදනාවක් තියෙනවා නවක ගායක ගායිකාවෝ හොඳ නිර්මාණ බිහි කරන්නේ නෑ කියලා. මම දකින විදිහට නම් දක්ෂයෝ ඕනෑතරම් සැඟවිලා ඉන්නවා. හැබැයි අතපය විසි කරලා මුදල් වියදම් කරන්න පුළුවන් අය තමයි අද ගායක ගායිකාවෝ විදිහට මතු වෙන්නේ. මුදල් වියදම් කරන්න බැරි අයට තැනක් නැහැ.
 
මේ විදියේ ගැටලුත් එක්ක මාරියෝ කොහොමද අනාගතයට මුහුණ දෙන්නේ ?
මේ යන විදිහට නම් මට හොඳ අනාගතයක් තියේවි කියලා. මට හිතෙන්නේ නැහැ. සමහර විට මට කවදාහරි හිඟාකන්න පවා සිද්ධ වේවි. මම මේ විදියේ නිර්මාණ කරලා තියෙනවා කියලා ජනතාව දැනගන්නේ මම මිය ගියාට පස්සේ වෙන්නත් පුළුවන්. ඊට කලින් මාරියෝ ආනන්ද කියන්නේ මේ විදියේ නිර්මාණකරුවෙක් කියලා ජනතාවට හඳුනාගන්න ලැබුණොත් නම් ලොකු දෙයක්.
 
කිෂාන් කනංකෙ

90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගියදා  සදහටම අපෙන් සමුගත්තා. ප්‍රින්ස් කලක් තිස්සේ රෝගාතුරවෙලයි හිටියේ. ප්‍රින්ස් රෝගී වූ මුල් කාලයේ සිටම අප ඔහු සමග හිඳිමින් ඔහුගේ රෝගී තත්ත්වය ගැන පාඨකයන් දැනුම්වත් කළා. ඔහු වෙනුවෙන් උදව් උපකාර කළහැකි ආකාරය ගැන තොරතුරු ගෙන ආවා. කොහොම නමුත් ප්‍රින්ස් අද අප අතර නැතත්, ඔහු වෙනුවෙන් අපට කළහැකි මාධ්‍ය මෙහෙවර අවසන් නැහැ කියලයි අපට හිතෙන්නේ. ඒ නිසයි හැමදාමත් ප්‍රින්ස් සමග සිටි ඔහුගේ සොහොයුරිය වන ශිරෝනි ප්‍රියංගිකා මෙලෙස කතාබහට එක්කර ගැනීමට අප තීරණය කළේ.
 
ප්‍රින්ස් තවත් කාලයක් ජීවත්වේවි කියලා හැමෝම බලා‍පොරොත්තු වුණා. නමුත්, අද වෙද්දී ඔහු අප අතර නැහැ..?
ඔව්. මම මට පුළුවන් හැම දෙයක්ම මගේ අයියා වෙනුවෙන් කළා. ඒත් මේ වතාවේ ඔහුව බේරාගන්න මට බැරි වුණා.
 
අවසන් දින කිහිපය ඔහු මොන විදිහටද ගත කළේ..?
අසනීපවෙලා දින 10ක් අයියා රෝහල්ගතවෙලා හිටියා. එයින් එක දවසක් විතරයි ඔහු වාට්ටුවේ හිටියේ. ඊට පස්සේ හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා අයියාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. ඒ වෙනකොට ඔහුට සිහි කල්පනාවක් තිබුණේ නැහැ.
 
ප්‍රින්ස් බොහෝ කාලයක් රෝගාතුර වී සිටියා නේද..?
අයියා අවුරුදු 2ක පමණ කාලයක් අසනීපවෙලා හිටියා. මේ වතාවේ නම් වයිරස් උණ වැළඳුණු නිසයි අයියාගේ රෝගය උත්සන්න වුණේ. මොකද, අයියාගේ ඇඟේ ප්‍රතිශක්තිය ඉතාම අඩුවෙනුයි තිබුණේ.
 
ප්‍රින්ස්ගේ ප්‍රතිකාර සඳහා තවමත් මුදල් ගෙවා අවසන් නැති බව කියන්නේ ඇත්තද..?
අයියාගේ ප්‍රතිකාර වෙනුවෙන් රෝහ‍ලේ ලක්ෂ 25ක බිලක් තිබුණා. මට ඒ බිල ගෙවා දමන්න මුදල් තිබුණේ නැහැ. අන්තිමේදී බිල ගෙවන්න මාසයක් කල් ඉල්ලාගෙනයි අයියාගේ දේහය නිදහස් කර ගත්තේ. නමුත් ඒ ගැන රෝහලට කිසිදු වරදක් කියන්න බැහැ. රෝහල මීට කලින් 7-8 වතාවක් අයියාව ගොඩ දැම්මා. අයියා වෙනුවෙන් රෝහ‍ලේ කාර්ය මණ්ඩලය පුළුවන් හැම දෙයක්ම කළා. වෛද්‍ය චන්දිම ද මෙල්, වරුසවිතාන යන මහත්වරු ඇතුළු බොහෝ දෙනා අයියා වෙනුවෙන් ගොඩක් උදව් කළා. බිල ගෙවන්න ඕනෑම කාලයක් ගන්න කියලා රෝහලෙන් දැනුම් දුන්නත් මම තමයි මාසයක් තුළ එය ගෙවා දමන්න ‍පොරොන්දු වුණේ. මේ අවස්ථාවේ ඒ සඳහා යම් උපකාරයක් කරන්න කැමැති අයට 0769111838 දුරකථන අංකයට  අමතලා විස්තර දැනගන්න පුළුවන්.
 
ගතවූ වසර 2 තුළ ප්‍රින්ස්ගේ ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න සිදුවුණා නේද..?
ඔව්, අයියා වෙනුවෙන් අපේ මහ ගෙදර උකස් කළා. මම ජීවත්ව සිටින නිවස, අයියාගේ වාහනය වැනි දේ‍පොළත් උකස් කළා. තවත් ඉඩකඩම් ආදිය විකුණලා මුදල් හොයාගත්තා. අවසානයේ මම ණයකාරියක් වුණා. නමුත් මට ඒ ගැන කනගාටුවක් නැහැ.
 
ප්‍රින්ස් අසනීප වී සිටින කා‍ලේ ඔහුගේ ගීතවලින් මුදල් හරිහම්බකරගත් ගායකයන්ද සිටියා කියන්නේ ඇත්තද..?
ඒ ගැන මට විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා. නව පරපුරේ එක්තරා ගායන ශිල්පියෙක් දිගින් දිගටම අයියාගේ ගීත වේදිකාවේ ගායනා කරලා මුදල් හම්බකර ගන්නවා. 
අයියාගේ “විජිතයෙ ආදරයේ” ගීතය තමයි ඔහු වැඩිපුර ගායනා කරන්නේ. අදටත් මේ ගීතය යූටියුබ්වල සෙව්වොත් මේ ගායකයා ප්‍රසංගවලදී ඒ ගීතය ගායනා කරපු හැටි දැකගන්න පුළුවන්. ඒ ගීතයේ අයිතිය මුදලට ගන්න වෙනත් කෙනෙක් කැමැති වෙලා තිබුණා. හැබැයි මේ ගායකයා දිගින් දිගටම එය ගායනා කරන නිසා ඔහු එහි අයිතිය ලබාගන්න කැමැති වුණේ නැහැ. මේ නිසා ප්‍රින්ස් උදය ප්‍රියන්ත පදනම මෙම නවක ගායකයාගෙන් ඇහුවා ඒ ගීතය මිලදී ගන්න කැමැතිද කියලා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. බිලා මැරෙන්න යන ගායකයකුගේ ගීත ගායනා කරනවා කියලා මිනිස්සු තමන්ට බණිනවා කියලත් ඔහු කියලා තිබුණා. මේ ගායකයා අයියගේ මළ ගෙදරටවත් ආවේ නැහැ. ඔහුට යුතුකමක් තිබුණා ඔහු ඒ ගීතය ගයලා උපයන මුදලක් අසරණ වෙලා හිටපු මගේ අයියා වෙනුවෙන් දෙන්න. නමුත් අයියා මිය යන තුරුම ඔහු එවැනි දෙයක් කළේ නැහැ.
 
ප්‍රින්ස් අද ජීවතුන් අතර නැහැ. මේ විදිහට ගියොත් ඉදිරි කාලයේදීත් ඔහුගේ ගීත සම්බන්ධයෙන් මීටත් වඩා ගැටලු ඇති වේවි නේද..?
මෙච්චර කාලයක් අයියාගේ අසනීපය නිසා මේ අසාධාරණකම්වලට එරෙහිව මට කිසිවක් කරන්න බැරි වුණා. නමුත් දැන් මම නිහඬව ඉන්නේ නැහැ. “විජිතයෙ ආදරයේ” කියන්නේ රූකාන්ත ගුණතිලක මහතා පද රචනා කරලා සංගීතවත් කරපු ගීතයක්. රූකාන්ත මහතා මේ කාරණයේදී අප සමග ඉන්නා බව මම දන්නවා. අයියාගේ අයිතිය වෙනුවෙන් මා වටාත් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා අයියාගේ ගීතය තමන්ගේ කරගෙන ගායනා කරන මේ නවක ගායකයාට එරෙහිව ඉදිරි කාලයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි මම හිතාගෙන ඉන්නේ.
 
ප්‍රින්ස්ගේ ප්‍රතිකාර වෙනුවෙන් ඔහුගේ ගීත දෙකක් විකුණා දැමීමට තීරණය කළ බව ඔබ මීට පෙර ප්‍රකාශ කළා. ඒ ගීතවලට මොකද වුණේ..?
ගීත දෙක කවුරුවත් මිලදී ගත්තේ නැහැ. කොහොමටත් දැන් අයියාගේ ගීතවල අයිතිය අන්සතු නොකරන්නයි මම හිතාගෙන ඉන්නේ. කොහොම නමුත් තවමත් ඒ ගැන අවසන් තීරණයක් අරගෙන නැහැ. 
 
කිෂාන් කනංකෙ
IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 817

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1505

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 777

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1999

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 653

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4499

Please publish modules in offcanvas position.