Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.

අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.

‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.

‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.

‘එහෙනම්...?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.

‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’

එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.

‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’

මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.

තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේ අනුරාධපුරයේ දී හා කොළඹ දී

එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත. 

ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ,  සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.

යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු  අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.

කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.

එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ  නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.

තිලක් සේනාසිංහ

කොට කලිසමක් ඇඳ ගිටාරයක්ද අතින් ගෙන අනුරාධපුර ස්වර්ණපාලි ජාතික පාසලට පැමිණි එහි ශිෂ්‍යාවකගේ පියකු පාසලේ ප‍්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක සේවයේ නියුතුව සිටි අංක 179 බී මැගසින් පාර, තිසාවැව, අනුරාධපුර ලිපිනයේ පදිංචි සෝබා කුමරී හපුගොඩ මහත්මියට පහත් ලෙස බැණ වැදී,  අපහාස කර, අත අඹරා බෙල්ලට පහරදී මේ සිද්ධියක විත්තිකරුවෙක් අනුරාධපුර නැගෙනහිර පළාත් සමථ මණ්ඩලයේදී පැමිණිලි කාරියගෙන් සමාව ගෙන ඇත.

පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මස 25වනදා උදෑසන එම විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකගේ පියෙකු සිදුකළ මෙම පහරදීමෙන් එම  ආරක්ෂක නිලධාරීණීය තුවාල ලබා රෝහල් ගතකර තිබුණි. ප‍්‍රහාරයකට ලක්වූ නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කිරීමෙන් පසුව සැකපිට එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබුණි. පසුව පැවති නඩු විභාගයෙන් අනතුරුව විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා දෙපාර්ශ්වයම අනුරාධපුර සමථ මූල මණ්ඩලයට යොමු කිරීමට නියෝග කොට ඇත.

පහරදීම සිදුකළ විත්තිකරු වන අංක 63සී ජයන්ති මාවත, අනුරාධපුර ලිපිනයේ පදිංචි ලංකානායක මුදියන්සේලාගේ සම්පත් විමල් බණ්ඩාර යන අයට එරෙහිව පැමිණිලිකාර ආරක්ෂක නිලධාරිනිය සමථ මූල මණ්ඩලය හමුවේ කියා තිබුණේ එම සිද්ධියෙන් කායික පීඩාවට අමතරව තමන් දැඩි මානසික පීඩනයකට ලක් වූ බවය. ඒ අනුව පහරදුන් පුද්ගලයාගෙන් වන්දි මුදලක් අවශ්‍ය දැයි සමථමූල මණ්ඩලය පැමිණිලිකාරියගෙන් විමසූ අවස්ථාවේ තමන්ට කිසිදු මුදලක් අවශ්‍ය නැති බව ඇය පවසා තිබුණි.

පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මස 25වනදා උදෑසන 9.30ට විත්තිකරු නුසුදුසු ඇඳුමකින් (කොට කලිසමක්) සැරසී ගිටාරයකුත් රැගෙන පැමිණ බවත් එම ගිටාරය තම දියණියට දීමට අවශ්‍ය බව පවසා ඇතුළු වීමට උත්සාහ කළ බවත් තමන් ඊට විරෝධය පෑම නිසා පහත් ලෙස බැණ වැදී අපහාස කර තම අත අඹරා බෙල්ලට පහර දුන් බවත් ආරක්ෂක නිලධාරිණිය කියා සිටියාය.  

මෙම සමථ වාර්තාව අගෝස්තු මස 28 වනදා අධිරකරණය හමුවට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.  

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

'ජවුසන් නැටීම' පිළිබඳ ලක්බිම ඔන්ලයින් හි පළ වූ ලිපිය මම මහත් උනන්දුවෙන් කියැවිමි. එහෙත් එහි සඳහන් ‘ජවුසන්’ පිළිබඳ විස්තරය මා දන්නා තොරතුරු වලට වඩා තරමක් වෙනස්ය. එබැවින් ‘ජවුසන්’ සම්බන්ධ මා දන්නා තොරතුරුද මෙයට එක්කරමි.

අප විසින් පාරම්පරිකව අසා දැන හිඳින අන්දමට ‘ජවුසන්’ යනු කතෝලික ජන නාටක අංගයකි. එසේ නොමැතිව ‘ජවුසන්’ යනු මුස්ලිමුන්ගේ ජන උරුමයක් නොවේ. එය කතෝලික ජනනාටක අංගයකි. මෙම නාටක විශේෂය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ මීගමුවේ ධීවර ජනතාව සහ දකුණු ඉන්දියාවේ කේරලයේ කොචින් අතර පැවති ජනවාර්ගික සම්බන්ධතාවය නිසාය.

එවක ශ්‍රී ලාංකීය ජනතාව ධීවර සහ  අනෙකුත් කටයුතු සඳහා දකුණු ඉන්දියාවේ කේරළයේ කොචින් වරයාට සේන්දු වූ අතර එහි ජනතාවද බහුල වශයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූහ.

ශ්‍රී ලංකාවේ දී ‘කොච්චින්’ යනුවෙන් හඳුන්වන්නට වූයේ මොවුන්ය. කොච්චිකඩේ යනු අතීතයේ මෙම ජනතාව බහුලව පදිංචි වූ පෙදෙසක් බව පැහැදිළිය. 1505 ශ්‍රී ලංකාවට සිදුවූ පෘතුගීසි ආක්‍රමණයට පසු කෙමෙන් වර්ධනය වූ කිතුණු සංස්කෘතිකාංග වලට ආධ්‍යාත්මික මුහුණුවරක් ලබා දීමට මහනුවර යුගයේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ සමයේ (ක්‍රි.ව 1704 -1739) ශ්‍රී ලංකාවට පැමිණි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා (ක්‍රි.ව 1676 – 1742)  සමත් වූ බව නොරහසකි. වර්තමානයේ ද කිතුණු සමාජයේ ද දක්නට ඇති පසන් හෙවත් දුක්ප්‍රාප්ති ගායනා, ලතෝනි හෙවත් වැලපුම් ගී ආදිය ශ්‍රී ලාංකික කිතුණු සමාජය හා බද්ධ වූයේ ඉන් පසුවය. එහෙත් රජතුන්කට්ටුව නම් වන නත්තල් නාටකය කිතු සමිදානන් කුරුස වධයට ලක්කරවීම නිරූපනය කරන පාස්කු නාට්‍ය, වාසප්පු , ජවුසන් සහ ජල්ලි යන ජනසංස්කෘතිකාංග මීගමුවේ කිතුණු ධීවර ජන සමාජය විසින් ප්‍රචලිත කරවන ලද බව පැහැදිළිය.

එහිදී සිවුදෙසින්ම ජලයෙන් වට වූ ‍මීගමු දූව එකම කිතුණු ජන කලා නිකේතනයක් සේ හැඳින්විය හැක. අද ද දූවේ පාස්කු යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජනසංස්කෘතික අංගයක් සේ සලකනු ලැබේ.

ඒ අතරින්‍  අතීතයේ මෙහි පැවති කලා අංග අතුරින් මෙම ජවුසන් නම් ජන රංගනය විශේෂත්වයක් ගනී. මෙය මතුපිටින් බලන විට වැදි නැටුමකි. එහි කොළ අතු ඇඳගත් වැද්දන් සේම සතුන් ලෙසද නළුවෝ පෙනී සිටිති. එහෙත් මෙහි කිතුණු ආධ්‍යාත්මික ලක්ෂණද ගැබ්ව තිබේ.

මීගමුවේ මිහිඳුකුලසූරිය සහ මැල් යන පෙලපත් නම් හිමි කලාකරුවෝ මෙම ජවුසන් නාටකයෙහි අභිවෘද්ධිය සහ සංවර්ධනය පිණිස ඉටුකළ මෙහෙය සුළු පටු නැත.

1944 වසරේ කොළඹ රාජකීය විද්‍යාලයේ දී පැවැති දීප ව්‍යාප්ත පාසල් ජන රංගන තරග‍යකදී මීගමු දූවේ රෝමානු කතෝලික විදුහලේ සිසුන් ඉදිරිපත් කළ ‘ජවුසන්’ නැටුමකට මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් කිතුණු ජන සංස්කෘතිය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කළ කැලණි විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ  හිටපු  මහාචාර්ය එච්.එම්.ගුණතිලක  ශූරීන් බොහෝ කරුණු ඒකරාශී කොට තිබේ.

ඒ අනුව සැබෑ ‘ජවුසන්’ නැටීම කතෝලික ජන උරුමයක් බව පවසනුයේ මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට තවත් විද්වතුන්ට ඉඩ කඩ ලබා දෙමිනි.

ගිහාන් මිහිඳුකුලසූරිය - කට්ටුව, මීගමුව

පෙර පුවත් -:

උඩරට නිලධාරිනියක් නිලධාරියකු හා 'ජවුසන්' නටලා

එය කන්ද උඩරට රජයේ කාර්යාලයකි. එහි කාර්ය මණ්ඩලය අතරින් එක් කළමණාකාර සහකාර වරියක සමාජසේවා සහ ආගමික කටයුතු කෙරෙහි විශේෂයෙන් උනන්දුවක් දක්වනු කාහටත් පෙනිණ. ඇය විවාහක දෙදරු මවකි.

ගිලානෝපස්ථානය, ආපදා සහන සේවා සැපයීම සහ ආගමික කටයුතු සංවිධානය කිරීම ඇගේ මෙම කටයුතු අතරින් ප්‍රමුඛ විය. කළමණාකාර සහකාර වරියගේ මෙම ක්‍රියා පමණ ඉක්මවා කටයුතු කිරීමක් ලෙස කාර්යාලයේ පිරිසක් අර්ථ දක්වන්නට වූ අතර එහි පරිපාලන නිලධාරිනිය ඇතුළු තවත් පිරිසක් ඊට සහාය දැක්වූහ.

සංවර්ධන සහකාර වරයකු ලෙස පත්වීමක් ලබා උපධිධාරී අවිවාහක තරුණයෙක් එම කාර්යාලයට පැමිණියේ මේ අතරය. ඔහුද මෙවන් පොදු සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් මහත් උනන්දුවක් පළකරන්නකු වූ බැවින් මෙම විවාහක ලිපිකාරිනිය හා සමීප ඇසුරකට එළඹිණි.

කෙමෙන් ඔවුන්ගේ මේ ඇසුර කෙතරම් සමීප තත්ත්වයකට පත් වී ද යත් ඔවුන් දෙදෙනා අතර අනියම් සබඳතාවයක් හටගෙන ඇතැයි යන කටකතාව කාර්යාලය පුරා පැතිරෙන්නට විය. මේ අතර එහි සේවය කළ සමහරු එහි පරිපාලන නිලධාරිනියට කියා සිටියේ එම තරුණයා ඉතා කපටියකු බවත් සමාජ සේවා සහ ආගමික කටයුතු වලට ලැදියාවක් දක්වන බව ව්‍යාජ ලෙස අඟවමින් ඔහු සූක්ෂම අයුරින් එම විවාහක කළමණාකරන සහකාර වරිය වරදට පොළඹවාගෙන ඇති බවය. මේ සම්බන්ධයෙන් එම පරිපාලන නිලධාරිනිය එම කළමණාකරන සහකාර වරිය කැඳවා කිහිපවරක් අවවාද කළ ද තමන් හා එම සංවර්ධන සහකාර වරයා අතර අනියම් ඇසුරක් ඇතැයි පිළිගැනීමට ඇය කිසිසේත්ම එකඟ නොවුවාය. මේ අතර ඔවුන් දෙදෙනා ‘යන එන තැන්’ ගැන පවා කාර්යාලයේ කතා පැතිර යන්නට විය.

මින් පරිපාලන නිලධාරිනියගේ සිත තදින්ම බිඳුණු අතර ඇය ‍එම කළමණාකාර සහකාර වරිය ගේත් සංවර්ධන සහකාර වරයා ගේත් කටයුතු හඳුන්වන්නට වූයේ ‘ජවුසන් නැටීමක්’ වශයෙනි. දැන් එයා සමාජසේවා වැඩ, ආගමික වැඩ කරනවා කියලා කරන්නේ ජවුසන් නටන එක විතරයි නේ; ඇය ප්‍රසිද්ධියේම කියන්නට විය. මේ අතර මෙම ‘ජවුසන් නැටීම’ යන වදන කාර්යාලයේ මුවින් මුවඟ පැතිර ගිය අතර ‘ජවුසන් නැටීම’ යනු කුමක් දැයි ඒ කිසිවෙකුත් නොදැන සිටියහ.

ඇතැමුන් කීවේ ‘ජවුසන් නැටීම’ යනු එළිපිටම ලිංගිකව හැසිරීමක් බවය. මේ අතර ‘ජවුසන් නැටීම’ යනු ලැජ්ජා භයකින් තොරව ප්‍රසිද්ධියේ හැසිරීම ලෙසද සමහරු අර්ථ දැක්වූහ. මේ අතර කාර්යාලයේ සේවය කරන තරුණ උපාධිධාරීහු මේ ‘ජවුසන් නැටීම’ යනු කුමක් දැයි සොයන්නට වූ අතර තමන් උගත් විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්ය වරුන්ගෙන් පවා ඒ පිළිබඳව විමසන්නට ඔවුහු පසුබට නොවූහ. 

මේ අතර එහි සිටි පැරණිම කණිටු සේවකයකු කියා සිටියේ මීට දසවසරකට පමණ ඉහත විශ්‍රාම ගිය තවත් කණිටු සේවකයකු නම් මෙවැනි කරුණු ගැන හොඳින්ම දන්නා බවය. ඒ අනුව මෙම ‘ජවුසන්’ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කාර්යාලයේ කිසිවෙක් ඔහු දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය.

“ඔය ‘ජවුසන් නටනවා’ කියන්නේ ඉස්සර අලුත්ගම, බේරුවල වගේ පළාත්වල මුස්ලිම් මිනිස්සු කරපු වීදි රංගනයක්; ඉස්සර ඒ පැත්තේ බුහාරි කියලා උත්සවයක් තිබුණා. ඒ උත්සවයේ පෙරහැර යනකොට ඔය ‘ජවුසන්’ කාරයන්ගේ නැටුම් දකින්න ලැබුණා. මහාචාර්ය නන්දදේව විජේසේකර මහත්තයාගේ ‘ලංකා ජනතාව’ කියන පොතෙත් ඔය ‘ජවුසන්’ ගැන පුංචි සඳහනක් තියනවා. උන්නැහේ කියන්නේ ඒවා ඉන්දියානු මුස්ලිම් අයගෙන් ලංකාවට ආපු දෙයක් කියලයි. කොහොම වුණත් ඔය ‘ජවුසන්’ ඉවරවෙලා ගිනි පෑගීමකුත් සිද්ධ වෙලා තියෙනවා.”

ඒ විශ්‍රාමික කණිටු සේවකයා පැහැදිළි කර දුන්නේය.

“මොනවා වුණත් අර දෙන්නටයි අපේ ‘ඒඕ’ නෝනටයි පින්සිද්ද වෙන්න අපි කාටත් ඇත්ත ‘ජවුසන්’ කියන්නේ මොනවද කියලා දැනගන්න ලැබුණා.”

ඉන්පසු කාර්යාලයේ බොහෝ දෙනෙක් එසේ කියමින් සිනාසුණහ.

 

 

 

විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩ හෙට්ටි, පසුගිය සති අන්තයේ සිට මෙම සතියේ මුල් දින කීපය දක්වා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. සී.ටී.ස්කෑන් සහ වෛද්‍ය පරීක්ෂණ කීපයකටම ඔහු මුහුණ දීමට නියමිතව සිටියේය.නිතරම ඔහුට එන්නත් ලබාදිය යුතුවූ  නිසා ඔහුගේ එක් අතකට කැනියෝලාවක්ද සවිකර තිබුණි. 
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වශයෙන් උපාධි සුදුසුකම් සපිරීමෙන් පසු ඔහු ප්‍රථම පත්වීම ලැබූයේ දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලටය. ඒ මෙම වසරේ මුල් කාර්තුවේය. 
කළුතර මහා විද්‍යාලය සහ කොළඹ ආනන්ද විදුහ‍ලේ ඉගෙනුම ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී වෛද්‍ය උපාධිය සමත් වූ උදයංග වෛද්‍යවරයකු වශයෙන් දිවයිනේ රෝහල් කීපයකම සේවය කළේය. 
ප්‍රධාන වාට්ටු හතරකින් යුක්ත වූ දෙහි අත්තකණ්ඩිය මූලික රෝහලෙහි වෛද්‍යවරු හැටකට ආසන්න පිරිසක් සේවය කළහ. දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහ‍ලේ ශල්‍ය වාට්ටු අංක තුන භාර ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා උදයංග විය. එම පිරිමි ශල්‍ය වාට්ටුවේ උදයංගගේ සහායට තවත් වෛද්‍යවරයකු ද විය.
සති අන්තය බැවින් තුනේ වාට්ටුවේ අනික් වෛද්‍යවරයා නිවාඩු ගොස් තිබුණි. වෛද්‍ය උදයංග තම ප්‍රතිකාර ලබමින්ම තුනේ වාට්ටුවේ කටයුතු අධීක්ෂණය කළේය. 
දෙහිඅත්තකණ්ඩියට සමීප ගම්මානයක විසි දෙහැවිරිදි තරුණයෙකු පසුගිය ඉරිදා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලෙහි බාහිර ප්‍රතිකාර අංශය වෙත පැමිණෙන්නේ ඉවසාගත නොහැකි බඩේ වේදනාවක් නිසාය. දින ගණනාවක් බඩේ වේදනාවෙන් සිටි මෙම තරුණයා තම ගමට ආසන්නයේ සිටි පෞද්ගලික වෛද්‍ය වරයකුගෙන් ප්‍රතිකාර ලබා තිබුණි. නමුත් වේදනාව සමනයට පත් නොවූ නිසා ඔහු දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණියේය. 
රෝහලෙහි බාහිර ප්‍රතිකාර අංශයෙන් පරීක්ෂා කිරීමෙන් පසු මෙම තරුණයාව කායික රෝග වාට්ටුව වෙත යොමු කරන්නේ අවශ්‍ය අනිකුත් පරීක්ෂණ කර අවශ්‍ය ප්‍රතිකාර දීමටය. ඉරු දින ඉර අවරට යනවිට මෙම තරුණයාගේ එක්ස් කිරණ පරීක්ෂණ මෙන්ම රුධිර පරීක්ෂණ ද කර තිබුණි. 
එම පරීක්ෂණ අනුව වාට්ටුවේ කායික රෝග විශේෂඥයින් තීරණය කර තිබුණේ තරුණ රෝගියා ඩබවැල්වල ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවය. ඒ සඳහා ඔහු රෝහ‍ලේ ශල්‍ය වාට්ටුවට ඇතුළු කළ යුතු විය. ඒ සඳහා ශල්‍ය වාට්ටුව භාර වෛද්‍යවරයා කායික රෝග වාට්ටුව වෙත පැමිණ රෝගියාව පරීක්ෂා කර තමන්ගේ වාට්ටුවට ඇතුළත් කර ගැනීමට අනුමැතිය ලබා දිය යුතුය. 
එදින වෛද්‍යවරුන් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ දිනයක් විය. 
විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩහෙට්ටි, එදින දෙහිඅත්තකණ්ඩිය රෝහ‍ලේ අංක තුන ශල්‍ය වාට්ටුව භාරව සිටියත්, ඔහු පසු වූයේද රෝහලෙන් ප්‍රතිකාර ලබමිනි. එන්නත් දීම සඳහා සවිකර තිබූ කැනියෝලා ඒ වන විටත් ඔහුගේ අතේ රැඳී තිබුණි. 
නමුත් වෛද්‍ය උදයංග තමන්ගේ රෝග තත්ත්වය පසකලා කායික රෝග වාට්ටුව වෙත පැමිණියේය. විසි දෙහැවිරිදි තරුණ රෝගියාව මෙන්ම ඔහු පිළිබඳ වූ පරීක්ෂණ වාර්තාද හොඳින් අධ්‍යයනය කළේය. රෝගියාගේ බඩවැල් පුරා හිල් රාශියක් ඇති වී තිබුණි. 
ඒ සඳහා ඉතාමත් ඉක්මනින් ශල්‍යකර්මයක් කළ යුතු විය. එසේ නොවුණහොත් විසි දෙහැවිරිදි තරුණයාගේ ජීවිතය අතිශය අනතුරුදායක තත්ත්වයේය. 
බඩවැල්වල ඇතිව තිබූ හිල් නිසා ආහාර මාර්ගයෙහි ගමන් කරන ආහාර මෙන්ම ජලයද අතරමගදී හිරවී ගමන් මාර්ගය නතරවනු ඇත. එහිදී වෙන්නේ එම ආහාර සහ ජලය ආපසු ශරීරයේ ඉහළට ගමන් කර පෙනහළුවලට ඇතුළු වීමය. එහිදී ශ්වසන ක්‍රියා මාර්ගය ඇන හිටී  රෝගියා අනිවාර්යය මරණයට පත් වනු ඇත. 
ඊළඟට විය හැකි භයානක තත්ත්වය වනුයේ ආහාර මාර්ගයෙහි වන මෙම සිදුරු තුළින් විෂ වර්ග ශරීරය පුරා පැතිර යාමය. එහිදී මෙම විෂ අනිවාර්යයෙන් රුධිර මාර්ගයටද අවතීර්ණ වෙයි. එම විෂ රුධිරගත වූ විට එහි ප්‍රතිඵලයද රෝගියා මරණයට පත් වීමය. 
වෛද්‍ය උදයංග ඒ සියල්ල හොඳින් අවබෝධ කර ගත්තේය. තමන් සිටින්නේද ප්‍රතිකාර ලබමිනි. කැනියෝලාවද අතේ රඳවාගෙනය. 
කැනියෝලාව ශරීරයට සම්බන්ධව ඇති කුඩා සිදුර තුළින් ශල්‍යකර්මය කරන විට තමන්ගේ සිරුරටත් විෂ බිජ ඇතුළු වීමේ අවදානම ඇත. 
එසේ නම් කළ යුත්තේ රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට, ඔහු වෙනත් රෝහලකට මාරුකර යැවීමය. දෙහිඅත්තකණ්ඩිය රෝහලෙහි එවැනි හදිසි අවස්ථාවක රෝගීන් සාමාන්‍යයෙන් යවන්නේ ‍පොළොන්නරුව රෝහලටය. ගිලන් රථයක් සහ අනිත් කාර්ය මණ්ඩලයද එකතු කර රෝගියා ‍පොළොන්නරුව මහා රෝහල වෙත යෑමට අඩුම වශයෙන් පැය හතරක් හෝ පහක් ගතවෙයි. ඔහුට ශල්‍යකර්මය කරන්නේ එයිනුත් පසුවය. 
වෛද්‍ය උදයංග කල්පනා කළේ එවන් වාතාවරණයක් දැන දැනත් රෝගියාගේ ජීවිතයට තර්ජනය එල්ල විය හැකි තත්ත්වයට පත්කරනවාද තමන් පසුවන රෝගී තත්ත්වය ගැන සිතා තමන් ආරක්ෂා සහිතව පසුවෙනවාද යන්න පිළිබඳවය. 
වෛද්‍යවරයකු වශයෙන් මෙහිදී තමන් ප්‍රමුඛත්වය දිය යුත්තේ රෝගියාගේ ජීවිතය ගලවා ගැනීම බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය උදයංග ශාමින්ද මැදගොඩහෙට්ටි අවසානයේ තීරණය කළේය. 
ඒ වන විට රෝහල් වාට්ටුවේ බිත්තියේ වූ ඔරලෝසුවේ වේලාව සටහන්ව තිබුණේ පෙරවරු අටයි දහය ලෙසටය.
 
පීටර් කැනියුට් පෙරේරා

ගංවතුරින් ඇතිවන ආපදා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. ඒ ජීවිත සහ දේපළ හානි වශයෙනි. මෙහිදී ජලාශ වාන් දැමීම ගංගා ඇළ දොළ පිටාර ගැලීම ආදිය නිසා මිනිස් ජීවිත සහ දේපළවලට හානි සිදුවිය හැකිය. ගංවතුර අනතුරක් යනු සෑම විටෙකම  නොවූවත් කල්පනාකාරීව කටයුතු කිරීමෙන් බොහෝ දුරට වළක්වා ගත හැකි තත්ත්වයකි. ඊට හේතුව එම අනතුර තුළ ගංවතුර නම් ස්වාභාවික  තත්ත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් අතර  සුසංයෝගයක් පවතින බැවිනි.  


ගංවතුරට හසුවීමෙන් විපතට පත් බොහොමයක් ඊට ගොදුරු වී ඇත්තේ මඟතොට ගමන් බිමන් යනවිට බව පෙනෙයි.  මෙලෙස මාර්ගවල ගමන් කරන අතරේ ගංවතුර මැදින් ගමන් කරමින් තිබූ වාහන ජල ප්‍රවාහයන් වැඩි වීමෙන් ඒවායේ රියැදුරන්  හා මගීන් සමගම  ගසාගෙන  ගොස් ජීවිත සහ දේපළ හානි වූ අවස්ථා ලොව බොහෝ රටවලින් වාර්තා වෙයි. ඒ නිසා ගංවතුරක් මැදින් රථ ධාවනය කරවීම  ඉතා අනතුරුදායක බව කිව යුතුය.
එමෙන්ම අප රටේද  බොහෝ දෙනකු තමන්  කලින් ගමන් කරමින් තිබූ හුරු පුරුදු මාර්ග ඔස්සේ ගංවතුර ගලමින් ඇති අවස්ථාවල එහි නොගැඹුරු බව සලකා ඒ ඔස්සේ ගමන් කරමින් සිටියදී   සැඩ ප්‍රහාරයට  හසු වී ගසාගෙන ගොස් විපතට පත් වූ අවස්ථා කොතෙකුත් තිබේ. ඊට හේතුව ජලය ගලාගෙන යාමකදී එහි වේගය සහ බලය බොහෝ විට මතු පිටට නොපෙනීමය.  නමුදු අඩි දෙක තුනක් ගැඹුරු ජල ප්‍රවාහයක්  හරහා ගමන් කිරීමේදී වුව පය පැකිලීමෙන්  යමකු ජල ප්‍රවාහයකට ගසාගෙන යා හැකිය.  ඒ අනුව තමන්ට හුරු පුරුදු මංපෙත් හරහා වුව  සාමාන්‍ය මට්ටමක හෝ ජල ප්‍රවාහයක් ගලා බසී නම් ඒ හරහා ගමන් කිරීමට පෙර විමසිලිමත් වීම ඉතා වැදගත්ය.


ජලයෙන් වැසී ඇති මාර්ග ආදියේ ගමන් කිරීමේදී එහි ඇති අනාරක්ෂිත කාණු පද්ධති වළවල් ආදිය මතු පිටට  නොපෙනෙයි. නගරබද වීදි ජලයෙන් පිරී පවතින විට පදික වේදිකාවන්හි ගමන් කිරීමද අනතුරුදායකය. විශේෂයෙන් දැන් බොහෝ නගරවල මේ දිනවල සිදුවන  සංවර්ධන ක්‍රියාදාමයන් නිසා මහජනතාව හැසිරෙන ප්‍රදේශවල ‍පොළොවේ යම් යම් කැණීම් සිදුකොට තිබේ. සාමාන්‍යයෙන් ඒවා අනතුරු සහිත ස්ථාන ලෙස සඳහන් කොට ආවරණය කොට තිබිය යුතු මුත් අප රටේ එවැනි ක්‍රියාමාර්ග ගැනෙනුයේ කලාතුරකිනි. මේ හේතුව නිසා වැසි කාලයට  නගර ජලයෙන් පිරුණ පසු මේවා ‘මරු කටවල්’ බවට පත්විම වැළැක්විය  නොහැක. නගරයේ සේම  ගම්බද ජනයා ගැවසෙන සමතල භූමි ප්‍රදේශවලද මෙබඳු ස්වභාවික සහ  කෘත්‍රිමව සැකසුණු වලවල් තිබිය හැක. වතුරේ ගමන් කරන විට මේවායේ වැටීම නිසාද පුද්ගලයන් අනතුරට පත්වන අවස්ථා තිබේ.
සාමාන්‍යයෙන් තමන්ගේ  නිවෙස් ව්‍යාපාරික ස්ථාන ආදිය ගංවතුරින්  යටවන විට ඒවායේ ඇති බඩු බාහිරාදියට ඇති  ආශාව නිසා ඒවාද බේරා ගැනීමට ප්‍රමාද වීම බොහෝ දෙනකු තුළ පවත්නා ස්වභාවික තත්ත්වයකි.  විශේෂයෙන් තමන් සතු වටිනා බඩු බාහිරාදිය සෙවීම පිණිස ගංවතුරට යටවන නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ   රැඳීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති.  එයද අතිශය අන්තරාකාරී තත්ත්වයක් වන අතර එමගින් තමන්ගේ වටිනා භාණ්ඩ බේරා ගැනීමට ගොස් අකල් මරණයට පත් වූවන් පිළිබඳවද අසන්නට ලැබේ. එසේම ගංවතුර සමයේ ජීවිතාරක්ෂාව පිණිස ඉන් ඉවත්වීමේදී දරාගත නොහැකි තරමට  මිනිසුන් සහ බඩු බාහිරාදිය පුරවාගත් බෝට්ටු අනතුරට පත්වීමෙන් ජීවිත අනතුරු  සිදු වූ අවස්ථාද තිබේ.


ඒ නිසා එවැනි  බෝට්ටුවලට නොනැඟ  ආරක්ෂාකාරී ස්ථානයක රැඳී සිටීම යෝග්‍යය.දැනට වාර්තා වී ඇති අන්දමට  කුඩා දරුවන් වැඩිපුරම අනතුරුවලට ලක්වනුයේ  ගංවතුරේ ක්‍රීඩා කිරීම සහ ඔරු පැදීමට යෑමෙනි. ගංවතුරක් යනු සක්‍රීය ජල ප්‍රවාහයකි. එය බොහෝ විට ගලමින් හෝ  බැසයමින් තිබෙන්නකි. ඒ නිසාම  එය දිය සුළි වැනි තත්ත්වයන්ද  මතුවිය හැක. සාමාන්‍යයෙන් ගංගාවක හෝ වැවක ජලයේ ස්වභාවය පිළිබඳව එම ප්‍රදේශයේ ගැමියෝ දනිති. එහෙත් ගංවතුරක් යනු එවැනි ස්ථාවර දියවරක් නොවේ. එබැවින් එහි ජලයේ ක්‍රියාකාරිත්වය  පිළිබඳව බොහෝ දෙනෙක් නොදනිති. ගංවතුරේ ක්‍රීඩා කළ සහ  ඔරු පැදීමේ යෙදුණු දරුවන් බොහෝ දෙනකු විපතට පත්ව ඇත්තේ මෙවන් තත්ත්වයන් යටතේ සැඩ පහරකට හසුව ගසාගෙන යාමකි. ඒ සමගම  පිහිනීමට හැකි අයට පවා ගංවතුරේ දිය නෑමට ගොස් දිය අනතුරුවලට ලක් වූ අවස්ථා කොතෙකුත් තිබේ.


ගංවතුර අනතුරු සිදුවිමට බලපාන ඊළඟ ප්‍රධානතම හේතුව නම් විදුලි රැහැන් පද්ධති බිඳ වැටීම නිසා  ඒවායේ විදුලිය ජලයට කාන්දු වීමය. මෙබඳු ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල අදාළ විදුලි බලධාරීන් ලවා විදුලිය විසන්ධිකරවීම  ඉතා වැදගත් පියවරක් වනුයේ එබැවිනි.
 
හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍ලේඛකාධිකාරී
වෛද්‍ය තුෂාර විදානපතිරණ විසිනි

සටහන - දමයන්ති ගමගේ

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි

එකොළොස්වන පුවත - විමලසුරේන්ද්‍ර,ලක‍්ෂපාන,කැනියොන් වාන් දොරටු විවෘත කෙරේ

දොළොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4886

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4474

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7625

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4829

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3099

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3907

Please publish modules in offcanvas position.

Web Analytics