Coss Ear2
lakbima.lk
COSS Ear 1

අනාගතයේ දී කන්සා රජු මරා දැමීම සඳහා උපදින්නට නියමිත පුංචි කුමරුගේ මව සහ පියා කන්සා රජුගේ සිරභාරයේ පසුවෙති. ඔවුන් දෙදෙනාට උපදින සෑම කුමරෙකුම මරා දැමීම සඳහා කන්සා රජු විසින් අණ කර තිබෙන්නේ අකාෂ්වානි නැමැත්තාටය. ඒ කෙසේ වුවද මෙම අඹු සැමියන් තමන්ට උපදින නව වැනි කුමරුවා හොර රහසේ මාතුර දේශයේ සිට ගෝකුල් වෙත පිටමං කිරීමට තීරණය කරති. ඒ අනුව මෙම පුංචි කුමරු ඇති දැඩි වන්නේ නන්ද සහ යසෝදා නම් වූ දෙපළගේ භාරයේ ය. මේ ආකාරයෙන් කන්සා රජුගේ සිරකරුවන් බවට පත්ව සිටින්නා වූ කන්සා රජු මරා දැමීමට නියමිත කුමරුවාගේ මව්පියන් වන්නේ වාසුදේව් සහ දේවකී යන තරුණ අඹු සැමි යුවළයි.
මෙය මහ රජ කන්සා නොහොත් Paramavatar Shri Krishna  නම් වූ මෙගා ටෙලි නාට්‍ය මාලාවේ එන කතා සාරාංශයයි. මෙහි දේවකී යන චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ ගුල්කි ජෝෂි නම් වූ ඉන්දියානු රංගන ශිල්පිණියයි. ගුල්කි යන නමට වඩා ඉන්දියානු රසිකයින් ඇය හඳුන්වනු ලබන්නේ ක්යාති ජෝෂි, සුන්ගි, මෙහෙර් යන නම්වලිනි. ඒ ඇය විසින් නිරූපණය කරනු ලැබූ අතිශය ජනප‍්‍රියත්වයට  පත් වූ චරිතයන්ය.
ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් හි ඉන්දෝරේ නම් ග‍්‍රාමයේ ඇය උපත ලැබුවේ 1990 වසරේ මැයි 17 වනදා ය. දිල්ලි සහ මුම්බායි නගරවල බාල කාලය ගත කළ ඇය මුම්බායි හි වීර් භගට් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා ය. උසස් අධ්‍යාපනය සඳහා ගුල්කි ඇතුළු වූයේ සිසුන්ට පහසුවෙන් ඇතුළු විය නොහැකි මිතිබායි පාසලටය. ගුල්කි සඳහා මෙම පාසලේ ඉඩක් ලැබී තිබුණේ බාල කාලයේ සිට ගුල්කි දැක් වූ රංගන කෞෂල්‍ය හේතුවෙන් ඇය පාසල් වේදිකාව නියෝජනය කරමින් සහභාගි වූ ප‍්‍රාන්ත තරග ගණනාවකම ජය හිමි කරගෙන තිබූ බැවිනි.
එසේ වුවද ඇය රංගන ශිල්පිනියක් ලෙස වෘත්තිය තෝරා ගනු ලබන්නේ 2011 වසරේ දී ය. ඒ සෙට් ඉන්දියා චැනලයේ විකාශය වූ Crime Patrol 2 කතා මාලාව සඳහා ය. ඉන්පසු 2012 දී ඇයට සී රූපවාහිනිය මගින් Phir Subha Hogi  හි ප‍්‍රධාන චරිතයක් වූ සුන්ගි සඳහා ආරාධනා ලැබෙන අතර ඇය ඉන්දියානු රසිකයින් අතර ප‍්‍රසිද්ධියට පත් වන්නේ සුන්ගි චරිතයෙනි. 2011 වසරේ සිට මේ දක්වා ඇය ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය අටක ර`ගපා ඇති අතර හොඳම නිළිය, නැගී එන නිළිය, යොවුන් නිළිය ආදී සම්මාන සඳහා ඇය නිර්දේශ වී තිබේ.
ඇය විසින් මෙතෙක් රංගනයෙන් දායක වී ඇති චරිත අතරින්Paramavatar Shri Krishna හි දේවකී චරිතයට ඇය වැඩි කැමැත්තක් දක්වන්නීය. එයට හේතුව ලෙස ඇය පවසන්නේ ඉන්දියානු වීර කාව්‍යයක රගපාන්නට ඇයට තිබූ ආශාව දේවකී චරිතය තුළින් ඉටු වූ බව ය.

දුලංජලී  මුතුවාඩිගේ

ගීත ලෝලීන්ගේ ආදරය දිනාගත් ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය පහුගිය 18 වැනිදා එළි දැක්වුණා. ඒ ගැන විමසන්න අපි රුවන්ට කතා කළා. රුවන්ගෙන් ගීතය ගැන තොරතුරු විමසන අතරේ ඔහුගේ ආදරණීය බිරිඳ ෂෙරිල් එක්කත් කතා කරන්න අපි අමතක නොකළේ මේ දෙදෙනා කාලෙකින් රිද්ම කතා බහට එකතු නොවුණු නිසාමයි. 
 
රුවන්, පහුගිය 18 වැනිදා අලුත් ගීතයක් එළිදැක්වූවා කියලා ආරංචියි?
ඔව්, මගේ අලුත්ම සිංදුව “නාරි හැඟුම්” රූප රචනයකුත් එක්ක එදා එළිදැක්වුණා. මේ ගීතය ලියුවේ රොෂාන් සමරවික්‍රම. සංගීතවත් කළේ කසුන් වෙලගම්මිල. සංගීත සංයෝජනය ලින් මුතුකුඩ. “තාල රූප” එකේ චමිල් පතිරණ තමයි වීඩියෝ එක හැදුවේ. එළිදක්වලා දවස් 10ක් ඇතුළත ලක්ෂ 5ක් ගීතය නරඹලා තිබුණා. මම අන්තිමට ගීතයක් කළේ මීට මාස 5කට විතර කලින්. ඒ, “ඇමැතුමක්” නමින්. 
 
“නාරි හැඟුම්” රූගත කරන්න විදේශයට ගියේ ඇයි...?
මට ඕනෑ වුණා වෙනස් දෙයක් කරන්න. මගේ හිතවතෙක් වන කසුන් කාවිංග කුරුප්පුට මැ‍ලේසියාව සමග සම්බන්ධතා තියෙනවා. ඔහු මේ කටයුත්තට උදව් කළා. “ක්වාලාලම්පූර්” හා “ලංකාවී” කියන නගරවල දවස් තුනක් මෙය රූගත කළා. මගේ Music Video වලින් වැඩිම වියදමක් දරලා කරපු Video එක තමයි මේක. මිලියනකට අධික මුදලක් මේ සඳහා වැය වුණා.
 
රුවන් එක්ක කතා කරන අතරතුර අපි ෂෙරිල්වත් මේ කතාබහට එකතු කරගත්තා. 
“නාරි හැඟුම්” ගීත රූප රචනයේම රංගනයෙන් එකතු වන්නෙත් ෂෙරිල්.
 
දැන් ෂෙරිල් සැමියාගේ Music Video රඟපෑමට විතරක් සීමා වෙලාද? 
එහෙම දෙයක් නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් විතරයි බාරගන්නේ. මොකද මගේ සැලෝන් එකේ වැඩත් තියෙනවානේ. ඒ හින්දා නිළියක් විදියට ගොඩාක් කාර්ය බහුල වෙන්න තරම් වෙලාවක් මට නැහැ. 
 
මේ නිසා ටෙලි නාට්‍යවලිනුත් ෂෙරිල්ව ළඟදී දකින්නට ලැබුණේ නැහැ? 
ඔව්, මම අන්තිමට රඟපෑවේ “මීදුමෙන් එහා” ටෙලි නාට්‍යයේ. ඒ 2016 වසරේදී. 
 
ඒ කියන්නේ පහුගිය කාලය පුරාම හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණේම නැද්ද?
ආරාධනා නම් දැනටත් ලැබෙනවා. ඒත් මම මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ. තෝරා බේරාගෙන රඟපාන හින්දා හොඳ නිර්මාණය වෙන්න ඕනෑනේ. ඒ වගේ එකකට නම් මට තවම ආරාධනා ලැබුණේ නැහැ.
 
දැන් විවාහ වෙලාත් අවුරුදු කිහිපයක් ගතවී ගිහින් නේද? 
ඔව් අපේ විවාහයට දැන් අවුරුදු පහක් වෙනවා.
 
රුවන් ෂෙරිල් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදද?
දෙවියන් වහන්සේ පුංචි අමුත්තෙකුව දෙන දවසක භාර ගන්න අපි තවම බලාගෙන ඉන්නවා. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

“කාටවත් නොකී රහසක්” රිද්මට කියන්න කියලා කිව්වාම මට එකපාරටම හිතුණේ “අනේ එහෙම රහසක් මට නැහැ නේද?” කියලා. ඒත් අම්මා ළඟට ඇවිත් මගෙන් අහනවා” ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් මගේ ජීවිතේ තියෙනවා නේද” කියලා. ඇත්තනේ... එහෙම දෙයක් මගේ ජීවිතේ තියෙනවා. ඒ කතාව දන්නේ මාව ළඟින්ම ආශ්‍රය කරන අය විතරයි. ඒ වුණත්, ඒ අයටත් වඩා හොඳින් මේ කියන කාරණය ගැන හොඳටම දන්නේ අපේ අම්මයි.
මොකක්ද දන්නවද ඔය කතාව. ඒ තමයි “මට හැම දෙයක්ම අමතක වෙනවා” කියන කාරණය. තවත් විදියකින් කිව්වොත් “මට කිසිම දෙයක් මතක නෑ” කියන එක. ඇත්තට කියනවා නම් මට පුදුමාකාර අමතක වීමේ ලෙඩක් තියෙනවා. හැබැයි මට ටෙලි නාට්‍යවල දෙබස් නම් එක පාරින් මතකේ රැඳෙනවා. සජීවී ගායනකදීවත් සිංදුවක් අමතක වෙන්නේ නැහැ. මගේ මේ අමතක වීම එදිනෙදා කටයුතුවලදී සිදුවන දෙයක්. ඒකත් හරි අසාමාන්‍ය අමතක වීමක්. වටිනා සපත්තු, ආභරණ යන යන තැන්වල දාලා ආපු අවස්ථා එමටයි. ඒ වගේ දේවල් හින්දා අම්මගෙන් බැනුම් අහපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒත් මගේ මේ අමතක වීමේ ලෙඩේ නම් හොඳවෙන්නේම නැහැ. අමතක වීම සම්බන්ධව අත්දැකීම් ගොඩක් මට තියෙනවා. මේ සිදුවීම වුණත් මම ඉස්කෝ‍ලේ 8 වසරේ ඉන්න කා‍ලේ. ඒ දවස්වල මම අකමැතිම විෂයයන් දෙක තමයි ඉතිහාසය හා භූගෝලය. මම ඒ විෂයන්වලට අකමැති බව ටීචර්ලත් දන්නවා. පුදුම වැඩේ කියන්නේ මට ඒ ‍පොත් දෙක ගෙනියන්නම අමතක වෙනවා. හැමෝම හිතන්නේ මම ඒ විෂයන් දෙකට අකමැති හින්දා හිතාමතාම ‍පොත් ගෙනෙන්න අමතක කරනවා කියලා. දවසක් මට ඔය හේතුවට තදින්ම අවවාද ලැබුණා. එදා මම ගෙදර ආවේ පහුවදා නම් අනිවාර්යයෙන් ඒ ‍පොත් දෙක ගෙනියනවා කියලා හිතාගෙන. පහුවදා මම ඉස්කෝ‍ලේ ගිහින් ‍පොත් බෑග් එක ඇරලා බැලුවා. පුදුම වැඩක් වෙලා. එදත් මට ඒ ‍පොත් අමතක වෙලා. එදා ටීචර් මාව පන්තියේ හිටවලත් තිබ්බා. 
මංගල උත්සවවල දෙවැනි මනාලියන් විදිහට මම ඉඳලා තියෙනවා. සාමාන්‍ය ඇඳුමකින් සැරසිලා ගිහින් එතැනදිනේ අපි දෙවැනි මනාලිය විදියට සැරසෙන්නේ. උත්සවය ඉවරවෙලා ගෙදර ඇවිත් බලද්දී, සෙරෙප්පු, කරාඹු, මාල, වළලු මොනව හරි දෙයක් අමතක වෙලා. මේ විදියේ ගමනක් ගියොත් මොනවාහරි මට අමතක වෙනවාමයි. 
ළඟදී දවසක “සිඳු” ටෙලි නාට්‍යයේ ෂූටිංවලට අපි බණ්ඩාරගම ගියා. එදා උදෙන්ම තිබුණේ කලින් කරපු දර්ශනයක ඉතුරු කොටස රූගත කරන්නයි. කලින් රූගත කළ දර්ශනයේ ඇඳගෙන ගියපු ඇඳුම ගෙනියන්න මට අමතක වෙලා. මම දර්ශන තලයේ ඉද්දී අම්මා ගෙදර ඇවිත් ආපහු ඇඳුම අරගෙන ආවා. ඒත් බලද්දී අම්ම අරගෙන ඇවිත් තියෙන්නේ වෙනත් ඇඳුමක්. අම්මා ආයෙම ඇවිත් ඕන කරන ඇඳුම අරගෙන එනකොට හවස්වෙලා. එදා ඒ දර්ශනය රූගත කරද්දී කළුවර වැටෙන්නත් ළං වෙලා තිබුණා. 
අමතක වීම සම්බන්ධයෙන් සිදුවීම් නම් ගොඩයි. ඒ අතරින් ලොකුම සිදුවීම වූ දවස තමයි අම්මගෙන් වැඩිපුරම බැණුම් අහපු දවසත්. මම හිතන්නේ එදා නම් වටා පිටාවේ ගෙවල්වල අයත් මට බණින්න ඇති.
අපේ ගෙදර ලොකු වතුර ටැංකියක් තියෙනවා. ඒකට වතුර පුරවලා තමයි ගෙදර පාවිච්චියට ගන්නේ. එදා මම ටැංකිය පුරවන්න ටැප් එක ඇරියා. අම්මයි මමයි ෂොපිං යන්නයි එදා සූදානම් වෙලා හිටියේ. අපි දෙන්නා ලැහැස්ති වෙලා ඒ ගමන ගියා. අපි ගිහින් ටික වෙලාවකින් අල්ලපු ගෙදර ඇන්ටිගෙන් අම්මට කෝල් එකක් එනවා පළාතම වතුරෙන් පිරිලා කියලා. මට ටැංකිය වහන්න අමතක වුණ බව මතක් වුණේ එතකොටයි. කරාමය තියන්නේ ගේ ඇතුළේ හින්දා අපිම එන්න ඕන ඒක වහන්න. මොනව කරන්නද? යන්න ගිය ගමන නවත්තලා ආයෙම අපි ගෙදර ආවා. ටවුමේ ඉඳන් ගෙදර එනකන් පැය භාගයක් විතර යනවා. ඒ පැය භාගෙම කන්දෙක පිරිලා ඉතිරිලා ගියේ අම්මගේ බැණුම්වලින්. ගෙදර එද්දී වටා පිටාවේ වතුවලටත් වතුර ගලාගෙන ගිහින්. ටැප් එක වහලා ටික වෙලාවක් යද්දී වතුර බැහැලා ගියත් අම්මගෙ බැණුම් නම් කන්දෙක පිරිලා ඉතිරිලා යන්න ගැලුවා. 
 
ආරියවංශ කුලතිලක

වසරතුන්සිය පනහකට අධික කාලයක විදෙස් අධිරාජ්‍යයන්ගේ පාලනයෙන් මිදී ස්වාධින, නිවහල් රටක් බවට පත්වෙලා මේ වසරට අවුරුදු හැත්තෑවක් වෙනවා. මෙහි සැමරුම් උත්සවය පසුගිය හතරවෙනිදා මහත් හරසරින් සැමරුවා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූවේ බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබෙත් රැජිනගේ බාල පුතාවන එඩ්වර්ඩ්කුමරු සහ ඔහුගේ ආර්යාව වන සොෆී කුමරියයි. මීට කලින් 1998 දී පනස් වෙනිනිදහස් දින උත්සවයට බ්‍රිතාන්‍යයේ කිරුල හිම් චාර්ල්ස් කුමරාත් ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුණා. අපේ රට වැඩිම කාලයක් යටත්කරගෙන සිටියේ ලන්දේසින්. ඊට පස්සේ තවත් වසර එකසිය පනහක් විතර පාලනය කළේ ඉංග්‍රීසින්. ලන්දේසීන්ට සාපේක්ෂව ඉංග්‍රීසින් අපේ රටේ ගොඩාක් වෙනස්කම්කළා. එහෙම කළේ ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා වුවත් තවමත් අපේ රටේ ආර්ථිකයට ඔවුන් ඉතිරිකළ දේවල් ලොකු දායකත්වයක් දරනවා. බදුල්ල බණ්ඩරවෙල, නුවරඑළිය වගේ පැතිවලට ගිහින් බැලුවාම පෙනෙනවා අති දුෂ්කර කඳු මුදුන්වල තේවවන්න සිය රටින්, නෑදැයන්ගෙන් වෙන්වෙලා ඇවිල්ලා වසර ගණනාවක් සේවයට කැපවී සේවය කළ ඉංග්‍රීසි ජාතිකයන් සිටි බව. ඔවුන් සෑදූ මහා මාර්ග, දුම්රිය මාර්ග තාමත් අපි භාවිතා කරනවා. ඔවුන්ගේ භාෂාව, අධ්‍යාපන ක්‍රමය නවීන ලෝකයට යන්න අපිට දොරටුව විවර කරලා තියෙනවා. ඔවුන් අපව තලා පෙලා දරදඩු පාලනයක් ගෙන ගියද ඔවුන් අපට ඉතිරි කර ගිය හොඳ දේවල් ද තියෙන නිසා, අපේ නිදහස් සැමරුමට බ්‍රිතාන්‍ය රජ පවුලේ අයට ආරාධනා කරලා අපේ දියුණුව පෙන්නන එකත් හොඳයි. වර්තමානයේ අර බොහෝ වයසට ගිය උදවියත් කලිසම් කොටයක්,කොට සුදු ගවුමක් එහෙමඇඳගෙන පොත් මල්ලකුත් අරන් තමන් ගිය පාසැලට නැවත දවසක යන එකේ බ්‍රිතාන්‍ය රජපවුල තමන්ගේ යටත් විජිතයක්ව තිබූ රටක් බලන්න එන එක ඉතින් වරදක් නොවෙයිනේ. සමාජ ජාල වෙබ් අඩවි තුළ එඩ්වඩ් කුමරාගේ පැමිණීම විවේචනය කරලා තිබුනේ ඔවුන් අපිව යටත් කරගෙන සිටිය ජාතියක් යන පදනම් මතයි.

කෙසේ වෙතත් මේ අයගේ පැමිණීම වෙනදාට වඩා කතාබහට ලක්වුනා. ඒ ඔවුන් පිළිගැනීම සඳහා පත්කළ කමිටුවකින් යැයි කියමින්  මහජනතාව දැනුවත් කිරීමට බව පවසා කවුරුන් හෝසමාජ ජාලා වෙබ් අඩවි තුළට මුදාහළ ලියැවිල්ලක් හේතුවෙන්.

එහිදී බ්‍රිතාන්‍ය රජ පවුලේ අයට යටත්වැසි මහජනයා විසින් දැක්වියයුතු හරසර පිළිඹදව කරුණු දක්වා,1972න් පසුවත් ඉංග්‍රීසි සමහර නීති රෙගුලාසි අපේ රටේ වලංගු බව පවසා, පොලිස් අත් අඩංගුවෙන් වැළකී සිටීමට නම් එම උපදෙස් පිළිපදින ලෙස දක්වා තිබුණා. මහජනයා අතර මෙම ලිපිය ප්‍රචාරය වීමත් සමගම රජය සහබ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව නිවේදනය කළේ එය ව්‍යාජ ලියවිල්ලක්බවයි. කෙසේ වෙතත් එහි සඳහන්ව තිබූ දේවල් බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ බ්‍රිතාන්‍ය මහ රැජින තම රාජ්‍යනායිකාව ලෙස පිළිගන්නා ඕස්ට්‍රේලියාව,නවසිලන්තය,කැනඩාව ඇතුලු රටවල් පහලොවක වැසියන්ට නම් යම්අයුරකින් අදාලවන බව අන්තර්ජාලයෙන් සොයාගත හැකි වුණා.

කෙසේවෙතත් රාජකීය පවුලේ සාමාජිකයන්ටත් පිළිපැදිය යුතු විශේෂ රීතීන් රාශියක්වනවා. විශේෂයෙන් රජ පවුලේ කුමාරවරු සමග විවාහවන කුමරියන්ට විවාහයට පෙර ඒසඳහා පුහුණුවක් ද ලබාදෙනවා.

ඒ අනුව රජ පවුලේ කාන්තාවන්ට කකුලක් දනහිස ලඟින් එක උඩ එක තියන්න තහනම්. දනහිස් දෙක සහ වලලු කර එකිනෙකමත සමාන්තරව තබා කකුල් දෙකම එක පසෙකට ඇදකරගෙන ඉඳගැනීම තමා රීතිය. ඒ විතරක්නෙවෙයි, පුටුවේ පිටුපස ඇන්දේ සිට "බිත්තරයක පළල"ඉඩක් සිරුරේ පිටුපසට තියෙනවිදියට තමා ඉඳගන්න ඕනෑ කාර් එකෙන් බහිනකොට දොර අරින්න කලින් දොර අසලම ඉඳගෙන දොර ඇරිය ගමන් ඉක්මනින් බිමට බහින්න ඕනෑ. ඒ සමගම උඩු ඇඳුමේ කරෙන් ලැම පෙදෙස නිරාවරනය වීම වලක්වාගන්නත් අවශ්‍යවනවා.

තේ බොනකොට කෝප්පයේ අඬුව ඔරලෝසුවේ තුනේ ඉලක්කම දෙසට හැරී තිබිය යුතු වනවා. එමෙන්ම කෝප්පයේ අඬුව මාපට ඇඟිල්ලේ සහ දබරැගිල්ලේ තුඩුවලින් අල්ලාගෙන මැදගිල්ල අඬුවයටින් ආධාරකයක් ලෙස තබාගත යුතු වනවා. නමුත් කෝපි බොන විට දබරැඟිල්ල කෝප්පයේ අඬුව තුළින් යවා අල්ලාගත යුතු වනවා. මොනවා බීවත් කෝප්පයේ එකම තැනකට පමණක්කට තැබිය යුතුවන්නේ කෝප්පය වටා ලිප්ස්ටික් තැවරෙන එක නවත්වන්නයි.

කෑම ගැනීමේදී මුහුදු බෙල්ලන් ආහාරයට ගන්නේ නැත්තේ අසාත්මිකවීම් නවත්වන්නයි. ඒවගේම පිහිය දකුනු අතටත් ගෑරොප්පුව වම් අතටත් ගෙන  ආහාර අනුභව කළ යුතු අතරගෑරොප්පුවෙන් ආහාර වලට අනින්නේ නැතිව,එහි පිටුපස කොටස උපයෝගී කරගෙන ආහාරනැවත පිඟානට නොවැටෙන ලෙස සමබර කරගනිමින් මුඛය තුළට ගෙන ඒම තමා සිරිත.

පඩිපෙලක්නැගීමේදී හෝ බැසීමේදි රජ පවුලේ කුමාරවරුන් සිය ආර්යාවන්ගේ අතින්අල්ලාගත යුතු අතර එම ආර්යාවන් නිකට පොළොවට සමාන්තරව තබාගෙන කොන්ද කෙලින්තබාගෙන කකුල්වල ඇඟිලි ඉදිරියට මුහුනළා ඇවිදිය යුතු වනවා. ආචාර කිරිමේදී තමාඉදිරියේ සිටින පුද්ගලයාගේ ඇස් දිහා කෙලින් බලා දකුනු අත නොරිදෙන විදියට,නමුත් තදින් අල්ලා වරක් හෝ දෙවරක් පමණක් සෙලවීම කළයුතු වනවා.

රජපවුලටලැබෙන ත්‍යාග පවුලේ සැමට හිමිවනවා. තනිව ත්‍යාග ලබාගන්න ඔවුනටනොහැකියි. එසේම පවුලේ සාමාජිකයන්ට ඔවුන් ඔවුන් සමග නිවස තුළවත් විනෝදයට පවාතරඟ ක්‍රීඩා කරන්න ඉඩක් නැත්තේ මාධ්‍ය ආයතනන විසින් රජපවුලේ "දක්ෂයන්"තේරීම වලක්වා ගැනීම පිණිසයි.

රජ පවුලේ කුමරියන් සියහිස් පළදනාව පළදිනවිට, පැත්තෙන් බලනවිට අංශක 45ක කෝණයක් සිටින ලෙස පැළදියයුතු වනවා. වැදගත් සහ ගෞරවනීයත්වය රැකෙන පරිදි නවීන ඇදුම් මෝස්තර ඇඳියයුතුවීමත් එක් රීතියක්.

ගෞරව කිරීමේදී කුමරියන් එක් කකුලක් පිටුපසට ගෙන. අනෙක් කකුල දනහිස ළඟින් මදක් නවා හිස තරමක් නැවීම කළයුතු වනවා.

රජපවුලේ ඔටුන්න හිමි සාමාජිකයන් දුර ගමන් යෑමේදී එකම වාහනයක ගමන් කරන්නේ නැහැ. ඒ කිරීටයේ උරුමය සතුරන්ගේ ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගන්න.

ඉතින් මෙහෙම බලනකොට රජ පවුලට සම්බන්ධවීමත් සාම්ප්‍රදායන් රාශියකට කොටුවීමක්

එඩ්වඩ්කුමරු හඳුන්වන්නේ වෙසෙක්ස් හි අර්ල් වරයා ලෙසයි. මේ නම් කියවෙන විටනම්මතක්වෙන්නේ "රොබින්හුඩ් " කතා පුවතයි. ඒ කතාවේ ඒ අවධියේ දීඑංගලන්තයේ විශ්වාසකළ මිත්‍යා විශ්වාස ගොඩක් ඇතුලත් කර තිබුනා.එවන් අතීතපුරා වෘත්තයක එන කතා පුවතක දැක්වෙන පරිදි, බ්‍රිතාන්‍ය කුලුණේ ජීවත්වන විශාල සිරුරක්සහිත කපුටන් විශේෂයෙන් අවම වශයෙන් කපුටන් හය දෙනෙක්වත් කුලුණේ රැඳීනොසිටිය හොත් බ්‍රිතාන්‍ය රජය බිඳවැටෙන බවට වන විශ්වාසය තවමත් ඇති නිසා එමකපුටන් විශේෂය එම කුලුණ මත පවත්වාගෙන යාම සඳහා නිළධාරින් ද පත්කර තිබෙනවා.

මෙවන්සාම්ප්‍රදායන් සහ සිරිත් විරිත් අනුගමනය කරන බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝජිතයාට, අපේ සාම්ප්‍රදායික උරුමය පෙන්වන නිදහස් දින සංදර්ශනයට "ලැප්ටොප් වන්නම"  සහ "දුරේක්ෂ සවරම" ඇතුලත් කොට අපගේ උරුමයන් ගැන මවිත කරවීමට තිබූ අවස්ථාව අහිමි කිරීම නම් කනගාටුවට කරුණක්.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

“දෙවැනි ඉනිමේ “දෙව්මි” විදියට රටේම ආදරය දිනාගත්තු නයනතාරා වික්‍රමාරච්චි පහුගියදා තමන්ගේ විසි වැනි උපන් දිනය සැමරුවා. නයනතාරා විසිවැනි උපන් දිනය සැමරුවේ වෙනස්ම ආකාරයට වීමත් විශේෂත්වයක්. ‍පොළොන්නරුවේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති අයගේ නිවාසයකට ගිහින් ඒ අයට දිවා ආහාරය සපයලා දවස පුරාම ඔවුන් සමග ගත කරලා තමයි ඇය තමන්ගේ 20 වැනි උපන් දිනය සදාතනික මතක සටහනක් කර ගත්තේ. 
 
ඇයි ඔබ මේ වතාවේ වෙනස්ම ආකාරයට උපන් දිනය සමරන්න හිතුවේ? 
මගේ යාළුවෙක් ඉන්නවා පැතුම් ඒකනායක කියලා. එයා තමයි මට මේ ස්ථානය ගැන කිව්වේ. මටත් හිතුනා එතැනට ගිහින් ඒ අය වෙනුවෙන් යමක් කරන්න. ඒ හින්දා මම උපන් දිනය සමරන්න  ඒ ස්ථානය තෝරා ගත්තා.
 
ඔය කියන ස්ථානයේ තිබු විශේෂත්වය මොකක්ද? 
ඒක විවිධ ආබාධයන්ගෙන් පෙළෙන අය ඉන්න නිවාසයක්. අඳ ගොළු බිහිරි අය වගේම නොමේරූ මානසිකත්වය ඇති අයත් එතැන ඉන්නවා. වයස 10 පටන් 45 දක්වා අය ඉන්නවා. සමාජයම කොන් කළ පිරිසකට මානසික වශයෙන් නැගිටින්න හුදකලාව මකාගන්න අවශ්‍ය වටපිටාව සපයල දෙන එක තමයි මෙතැනින් කරන්නේ. ‍පොළොන්නරුව හේවාගම පිහිටි මේ ස්ථානය පවත්වාගෙන යන්නේ මානෙල් දයාසිරි මහතායි. මෙය ඔහු පෞද්ගලිකව පවත්වාගෙන යන නිවාසයක්. 027-3270509 අංකයට කතා කරලා ඕනෑම කෙනෙකුට මේ ස්ථානය වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. 
 
එදා දවස ගත වුණේ කොහොමද? 
අපි කළින් දවසේ ‍පොළොන්නරුවට ගිහින් නැවතිලා ඉඳලා පහුවදා තමයි එතැනට ගියේ. මේ කියන නිවාසයේ හිටපු  හැමෝටම අපි  දිවා ආහාරය ලබා දුන්නා. දවසම වගේ ගත කළේ ඒ අයත් එක්කයි. 
 
කලා ලෝකේ හිතවතුනුත්  ඔය ගමනට එකතු වුණාද?
නැහැ. මමයි අපේ පවු‍ලේ අයයි විතරයි ගියේ. අම්මගේ යාළුවොයි වගේ ළඟම යාළුවෝ දෙන්නෙකුයි ගමනට එකතු වුණා. 

උපන් දිනය සමරන්න සාද පවත්වනවා වෙනුවට මේ වගේ දෙයක් කරපු එක ගැන හුඟක් සතුටු ඇති නේද? 
ඇත්තෙන්ම ඔව්. එදා දවස හරිම සංවේදී දවසක්. ඒ හැමෝටම ඒ විදියට අඩු ලුහුඬුකම් ඇතිවෙලා තියෙන්නේ එයාලගේ වරදක් නිසා නොවෙයි. ඒත් ඒ අයට සමාජයේ ඉඩක් නැහැ. හැමෝම කොන් කරන හින්දා ඒ අය ආදරය අවධානය හරියට බලා‍පොරොත්තු වෙනවා. එක එක්කෙනාගේ හැසිරීම් පවා වෙනස්.  ඒ හැසිරීම් දැක්කම මගේ හිත තදින්ම සංවේදී වුණා. 
 
ඒ අතරින් නයනතාරා වැඩියෙන්ම සංවේදී වූ ඇහැට කඳුළක් එක් කළ අවස්ථාව මොකක්ද? 
වයස 18ක විතර පිරිමි ළමයෙක් හිටියා. එයාගේ මොළේ වර්ධනය නම් ගොඩක් අඩුයි. ඒ ළමයා නිතරම ඉන්නේ අනිත් අයගෙන් ඈත්වෙලා. අත කනට ළං කරලා දුරකථනයෙන් කතා කරන විදියට නිතරම මොනවාදෝ මුමුණනවා. මම ඒ ළමයාට ළං වෙලා බැලුවා. හලෝ අම්මේ මට ආදරෙයි නේද අම්මේ කියලා තමයි ඒ ළමයා කියන්නේ. එයාගේ දෙමාපියෝ ඒ ළමයා මෙහෙට භාරදීලා තියෙන්නේ අවුරුදු 10දි විතරලු. ඒ අය එදායින් පස්සේ කවමදාවත් ළමයා 
බලන්න ඇවිල්ලා නැහැ. ඒ දෙමාපියෝ මේ ආයතනයට දීලා තියෙන්නේ බොරු ඇඩ්‍රස් එකකුයි බොරු දුරකථන අංකයකුයි. ඒ ළමයා හැමදාම බලා ඉන්නේ එයාගේ අම්මා එනකල්. ඒ සිද්ධිය ඇහුවාම මගේ හදවත සසල වුණා. විතරක් ‍නෙවෙයි ඇස්වලටත් කඳුළු ආවා. 





ආරියවංශ කුලතිලක

ජිප්සීස් නායක සුනිල් පෙරේරා සංගීත ක්ෂේත්‍රය ගැන පමණක් නොවෙයි රටේ දේශපාලනය ගැනත් සෘජුව සිය අදහස් පළ කරන කලාකරුවෙක්. සංගීත ක්ෂේත්‍රය ගැන වගේම දේශපාලනය ගැනත් ඔහු දක්වන අදහස් ඇතැම් විට ආන්දෝලනාත්මක ඒවා. යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ කලාකරුවෙකු වන සුනිල් පෙරේරා අද වෙනස් මගක යන බවයි පසුගිය දවස්වල ඔහු කරන කියන කටයුතුවලින් පසක් වුණේ. මේ වෙනස ගැන අපි කෙළින්ම ඔහුගෙන් ප්‍රශ්න කළා. 
 
මේ දවස්වල ඔබ දේශපාලන වේදිකාවේ සිට විවිධ ප්‍රකාශ කරනවා. ප්‍රසංග වේදිකාවෙන් අයින් වෙලා ඔබ දේශපාලන වේදිකාවේ නතර වෙයිද කියලා ඇතැමුන්ට ප්‍රශ්නයක් වෙලා?
කවදාවත් එහෙම වෙන්නේ නැහැ. සංගීත කටයුතුවලින් නිදහසක් ලැබෙන අවස්ථාවලදී තමයි මම ඔය දේශපාලනය වගේ අනික් දේවල් කරන්නේ. 
 
යහපාලන ආණ්ඩුව බලයට ගේන්න දර දිය ඇදපු ඔබ ඇයි දැන් වෙනත් පක්ෂයක සාමාජිකයෙක් බවට පත් වෙලා තියෙන්නේ? 
මුලින්ම කියන්න ඕනෑ මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකත්වය මේ වන තුරු අරගෙන නැහැ. මම ඔය කියන දේශපාලන පක්ෂයේ සාමාජිකයෙක් ‍නෙවෙයි. හැබැයි මම මේ මැතිවරණයේදී ඔවුන් වෙනුවෙන් සහයෝගය පළ කරනවා. 
නිදහස ලැබිලා අවුරුදු 70ක් ගත වෙලා තියෙද්දීත් අපි මුළු ලෝකයටම ණයයි. ඒ නිසා මම හිතුවා මෙදා සැරේ වෙනත් පක්ෂයකට සහයෝගය දීලා අත්හදා බැලීමක් කළොත් හොඳයි කියලා. 
 
ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව වෙනුවෙන් එදා පෙනී සිටීම ගැන අද ඔබ කනගාටු වෙනවාද? 
අ‍පොයි නැහැ. සිද්ධ වෙච්ච වෙනස ගැන මට සතුටුයි. 
 
කාලයෙන් කාලයට පක්ෂ මාරු කරද්දී ජනතාව ඔබව විශ්වාස කරන්නේ කොහොමද? 
හැමදාම එකම මතයේ ඉන්න ඕනෑ කියලා නීතියක් නැහැනේ. මිනිස්සු කාලයත් එක්ක වෙනස් විය යුතුයි. මීළඟට මම කාට සහයෝගය ලබා දෙයිද කියලා මටවත් දැන්ම කියන්න බැහැ. 
 
සක්‍රීය දේශපාලනයට ඇවිත් මැතිවරණයකට ඉදිරිපත් වුණා නම් ඔබට ‍ලේසියෙන්ම දිනන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද? 
දේශපාලනයට එන්න තරම් දැනුමක් බුද්ධියක් නැති නිසයි මම  එවැනි තීරණයක් නොගන්නේ. 
 
එතකොට දැන් දේශපාලනය කරන හැමෝම සුදුසුකම් තියෙන අය කියලා කියන්න පුළුවන්ද? 
නැහැ. හරි හමන් සුදුසුකම් නැති අය දේශපාලනයට ඇවිල්ලා තියෙන නිසානේ අද අපේ රටේ දේශපාලනය මේ තරම් අගාධයට වැටිලා තියෙන්නේ. 
 
කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිට නිහඬවම හිටියා නම් තරහකාරයොත් අඩුවෙනවා නේද? 
එහෙම නිහඬව හිටියොත් වෙන්නේ මම මගේ වගකීම පැහැර හැරීමක්. ඇත්ත කතා කරන්න ඕනෑ තැනදී නිහඬව සිටීමෙන් සිදුවන විනාශය විශාලයි. 
 
තමන් ආදරය කරන කලාකරුවන් මේ විදියට එක් එක් පක්ෂවලට පෙනී සිටිමින් දේශපාලන වේදිකාවට නැගීම සම්බන්ධව සමහරු කැමති නෑ නේද? 
දේශපාලන වේදිකාවකට ගොඩ වෙලා හරි මම කියන්නේ ඇත්ත නම් ඒකෙ ඇති වරද මොකක්ද? ඔය එක එක දේශපාලන පක්ෂවලින් වරප්‍රසාද ලබාගත් අය සහ ඉදිරියේදී ඒවා ලබා ගැනීමට බලා‍පොරොත්තුවෙන් සිටින අය තමයි මම කියන දේවල්වලට කැමති නැත්තේ. අනිත් එක සුනිල් පෙරේරාට කැමති, මට ආදරේ කරන අය මගේ ගැන දන්නවා. මගේ ප්‍රතිපත්තිය ගැනත් දන්නවා. සුළු පිරිසකගේ ප්‍රශ්නය මට  ප්‍රශ්නයක් නමෛයි. 
 
ඔය කියන විදිහේ වරප්‍රසාද විවිධ ආණ්ඩුවලින් ලබා ගත් කලාකරුවොත් ඉන්නවා නේද? 
අ‍පොයි ඔව්. හැබැයි මට නම් බය නැතුව කියන්න පුළුවන් මම මේතාක් කිසිම ආණ්ඩුවකින් සතයක්වත් අරගෙන නැති බව. 
 
ඔබ දේශපාලන වේදිකාවට නගින එක ගැන ඔබේ බිරිඳ සහ දරුවන් මොනවාද කියන්නේ? 
ගෙදර හැමෝම ඉන්නෙත් මම ඉන්නා දේශපාලන මතයේම තමයි. ඒ නිසා කිසිම ගැටලුවක් නෑ.
 
දේශපාලනයට අපහාස වෙන විදියට ගීත වෙනස් කරමින් ගායනා කළා කියලත් ඔබට කිහිප වරක්ම චෝදනා එල්ල වුණා? 
ගීතයකින් හරි ඇත්ත කියලා ‍පොඩි හින්ට් එකක් ගහලා වැරදි පෙන්වා දුන්නාම මොකද වෙන්නේ? කවුරු කැමති වුණත්, අකමැති වුණත් මම අදටත් ඒ විදිහේ ගීත ගයන එක නවත්වලා නැහැ. ඉදිරියටත් ඒ විදියේ ගීත ගායනා කරනවා.
 
කිෂාන් කනංකෙ
 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 737

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 354

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3454

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1955

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3947

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5039

Please publish modules in offcanvas position.