Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඕෂධී පහුගිය දවස්වල රූ රැජින තරගයකට සහභාගි වෙලා ජයග‍්‍රහණයකුත් ගත්තා කියලා ආරංචියි?
ඔව් ලැටි‍්‍රියාවේ පැවැත්වුණු  MRS. TOP OF THE WORLD 2017 තරගයේ පීපල්ස් චොයිස් කිරුළ හිමි වුණේ මටයි.
 
තරගාවලියේ එක් අනු තරග කොට්ඨාසයක ජයක්ද හිමිවුණේ?
නෑ මේක මිනි ටයිටල් එකක් නෙමෙයි මිනි ටයිටල් එකකුත් ලැබුණා. මිස් ටැලන්ට් සහ නැෂනල් කොස්ටියුම්වලින් වැඩිම ලකුණු තිබුණෙත් මට. පීපල්ස් චොයිස් කිරුළ කියන්නේ එ් තරගාවලියේ ලබාදෙන ප‍්‍රධාන කිරුළු දෙකින් එකක්. එ්ක දෙවනි වෙන්නේ මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඞ් කිරුළට විතරයි.
 
කිරුළු දෙකේ වෙනස මොකක්ද?
පීපල්ස් චොයිස් කිරුළ හිමිවෙන්නේ මුළු ලෝකයේම කැමැත්ත මත ඒක මනාප ක‍්‍රමයකින් ලැබෙන ජයග‍්‍රහණයක්. මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඞ් කිරුළ හිමිවෙන්නේ විනිසුරු මණ්ඩලයේ පස්දෙනෙකුගේ තීරණය මතයි.
 
මනාප කිව්වෙ ඒකත් එස්.එම්.එස්. මත විමසුමක්ද?
නෑ ඒකෙ බොහොම විනිවිදභාවයක් තියනවා. ෆේස්බුක් සහ  pay pal ගිණුම්වලින් තමයි මනාප දෙන්න පුළුවන්. pay pal ගිණුම්වලින් මනාප දෙනවිට පොඩි මුදලක් වැය වෙනවා ඒත් එක ගිණුමකින් ලබාදෙන්න පුළුවන් එක මනාපයයි. ඒ මනාපයකට ලකුණු 10ක් ලැබෙනවා. FB එකේ එක Like එකකට එක ලකුණක්  ලැබෙනවා Share කළොත් ලකුණු 2ක් ලැබෙනවා  ඕනෑම කෙනෙක්ට ඒ අයගේ නිල වෙබ් එකට, පේජ් එකට ගියාම තමන්ට හිමි මනාප ගාන බලාගන්න පුළුවන්.
 
ඕෂධීට මනාප කීයක් ලැබිලා තිබුණද?
13000ක් ලැබිලා තිබුණා. 
 
ඒවා ඔක්කොම ලැබුණේ ලංකාවේ ඕෂධීගේ රසිකයන්ගෙන්ද?
75%ක් ලංකාවේ අයගෙන් විදෙස් රටවලිනුත් ලැබිලා තිබුණා. මොකද මේක ලෝකයටම විවෘත වුණු තරගයක්.
 
මනාප ලබාගන්න නම් දැනුවත් කිරීමක් කරන්න  ඕනෑනේ?
මම තරගයට යන්න කලින්ම මාධ්‍ය මගින් දැනුවත් කිරීමක් කළා. ඒ වගේම fb page එක හරහා up dates දුන්නා මගේ රසික රසිකාවියන්ව මම දැනුවත් කළේ ඒ විදියට තරගයේ සංවිධායකයනුත් ඒ දැනුවත් කිරීම් කළා.
තරගයේ කිරුළ හිමිවුණේ බෙල්ජියමේ මොනිකාට’ කිරුළ ගන්න ඕෂධීට නැති මොනිකාට තිබුණු සුදුසුකම මොකක්ද?
ඒක නම් මම දන්නෙ නෑ. මම බයේ හිටියේ මිසිස් රෂියාට මොකද මිසිස් රෂියා හරි උසයි. මේ වගේ තරගයකදී උසත් බලනවානේ.
 
මොනවගේ රටවල්ද තරගයට සහභාගි වුණේ?
රුසියාව, සිංගප්පූරුව, බෙල්ජියම, ඉන්දියාව, නෙදර්ලන්තය වගේ ලෝකයේ බොහෝ රටවල් නියෝජනය වුණා. ඇමෙරිකාව නම් සහභාගි වුණේ නෑ. කොහොමහරි අවසන් තරගයට රටවල් 20ක් තෝරාගෙන හිටියා.
 
ඕෂධීට කිරුළ ලැබීමත් එක්ක ඔබ අන්තර්ජාලයට මුදාහැරිය වීඩියෝව හේතුකරගෙන  සමහර වෙබ් අඩවි  ඕෂධීගේ ජයග‍්‍රහණය අවතක්සේරු කළා සමහරු ඔබ බොරුකාරියක් කියලත් කියලා තිබුණා. මූණු පොත හරහාත් මේ පුවත පැතිරුණා?
ඔව් මම දැක්කා කිසිම වගකීමක් නැති  ඕපදූප වෙබ් අඩවි එහෙම කරලා තිබුණා. ඒ අය මගේ වීඩියෝවවත් හරියට බලන්නේ නැතුවයි එහෙම කරලා තියෙන්නේ මම ඒ වීඩියෝවේ පැහැදිලිවම මට ලැබිච්ච කිරුළ ගැන කියලා තියනවා මට මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඞ් කිරුළ ලැබුණා කියලා කොතනකවත් කියලා නෑ. ඒ වෙබ් අඩවි පළකරපු පුවතට ශීර්ෂ පාඨ දාලා FB එකේ ෂෙයා කරපු අයත් මම දැක්කා.
 
මේවා දැක්කහම මොනවද හිතුණේ?
දුක නොහිතුණා කිව්වොත් බොරුවක් මොනවා වුණත් මම මගේ රටට ගෙනාවේ කීර්තියක්. ඒත් සමහර කුහකයෝ මොනවා කළත් දකින්නේ වැරැුද්දක්නේ. තරගාවලිය අතරතුර සමහර අය මගේ රූපය ගැන අපහාස කරලා comment කරලා තිබුණා. ඒවා දැකලා සංවිධායක මණ්ඩලය මගෙන් ඇහුවා ඇයි ඔයාගේ රටේ මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. අන්තිමට මම මට අපහාස කරපු රූපයෙන්ම ජයගත්තා. කීපදෙනෙක් ඒ වගේ හැසිරුණාට බහුතරයක් මාව ධෛර්යමත් කළා. කොහොම වුණත් වෙබ් අඩවිවලින් මට අපහාස කරපු අයට විරුද්ධව මම නීතියෙන් කටයුතු කරනවා.
 
හිමේෂා සවන්තී රාජපක්ෂ

දෙමාපිය ආශිර්වාදය ලබමින් අට වසරක් තිස්සේ ආදරයේ රුවන් සිහින ලොවක සිට විවාහයේ පියවි ලොවට පිවිසෙන්න ඇය මෙම වසරේ දින  වෙන් කර ගත්තාය. ඇගේ පියා තම පවු‍ලේ  එකම දියණියගේ ප්‍රාර්ථනා ඉටු කර දෙන්නට අවශ්‍ය සියලුම දෑ උපයා සපයා ඒ සුබ දිනය දෝතින් පිළිගන්නට ඇඟිලි ගනිමින් සිටියේය. තම දියණිය මනමාලියක් වී  තම සිත ද දිනාගත් මනාලයා සමග මංගල ‍පෝරුවෙන් බැස මංගල නැකතින් පිටත්වන අයුරු ඔහු නොසිතූ මොහොතක් නැති තරම් විය.  එහෙත් දුවගේත් තාත්තාගේත් සියලු බලා‍පොරොත්තු බෝගොඩකන්ද සුනු විසුණු කළේය. 
ඇලිමුල්‍ලේ වෙදරාලලාගේ නිරෝෂා ශ්‍යාමලී ගුණරත්න (22) හා තිලක් ගුණරත්න (46) යන දුවත් පියාත් දිවිගෙව්වේ  ඇහැලියගොඩ ගැට හැත්තේ ඉළුප්පිටිය බෝගොඩකන්දේය.
දිනය ඉකුත් විසිපස් වැනිදාය. එදින උදේ සිට 26 දා පහන්වනතුරු මුරුගසන් වර්ෂාවක් නොකඩවා ඇද හැලෙන්නට විය. බෝගොඩකන්දේ ජනතාව වැස්සට විශේෂිත බියක් නොදැක්වූයේ එම ප්‍රදේශයට මෙයට පෙර නායයාමේ අනතුරු හඟවා නොතිබිම නිසාය.
මොහොට්ටාලගේ විසල් චතුරංග සමග නිරෝෂා ශ්‍යාමලී වසර අටක් තිස්සේ ආදරයක් පැවැති බව ගමේ නොදන්නා කෙනකු නොවීය.  නිරෝෂාගේත් චතුරංගගේත් නිවෙස් අතර පරතරය මීටර් 300ක් පමණ විය.
ඔවුන් දෙදෙනාගේ ආදර  කිඳුරු කොදෙව්වේ ඔටුනු පැළඳවීමේ දිනය මෙම වසරේ දිනයකට යොදා ගන්නට දෙමාපියන් සමග සාකච්ඡා කොට තිබුණි. දෙමාපිය පූර්ණ ආශිර්වාදය දෙදෙනාටම නොඅඩුව ලැබිණ.
මැයි 25 දින සවස චතුරංග, නිරෝෂාගේ ගෙදරට ගිය විට අධික වර්ෂාව නිසාම එහි නවතින්නැයි දෙමාපියෝ දැන්වූහ. පසුදා උදේ චතුරංග තම නිවසට එන්නට පිටත්වන විට නිරෝෂාද ඔහු පසු පස ආවාය.
“අයියේ මාත් එනවා” ඇය චතුරංග පස්සෙන් ආවාය. දෙදෙනාට චතුරංගගේ නිවසට ගොස් අවට බලද්දී ගේ ළඟ පුංචි දොළ පාර මඩ දිය මුසු කොට ඉතා වේගයෙන් දෙගොඩ තලා ගලා යනු දුටුවේය. එහි ඇත්තේ බිහිසුණු ශබ්ද රටාවකි. නිරෝෂා නිවස පිටුපස තේ ගස් අතරින් එහාට ගියාය. ඇයට අඩි 15ක් පමණ දුරින් චතුරංග සිටියේය.
නිරෝෂා එක්වරම මහ හයියෙන් “අයියේ ඔය පැත්තට දුවන්න දුවන්න.” කියා කෑ ගැසුවාය. චතුරංග තිගැස්සී පහළට  දුව ගියේය. තමාට දුවන්නට කීවේ කුමක් නිසාදැයි ඔහු නොදන්නේය. ඒ සමගම ගස්, ගල් පස් සහිත කන්ද පහළට ඇදී එන බව චතුරංග දුටුවේය. නිරෝෂා එහා පැත්තට දුවන්නට ඇති බව ඔහු සිතුවේය. ටික වේලාවකින් අවට පිරිස්ද එක් වූහ. චතුරංග මහත් කම්පනයට පත්ව අසිහියෙන් මෙන් නායගිය තැනට පැමිණ නිරෝෂා ගැන විමසන්නට විය. ඇය සිටි තැන මහා පස් කන්දකි. බොර පාට ජලකඳ අලුතින් දොළ මාර්ග තනා ගනිමින් පහළට ගලා ගියාය.
නිරෝෂා නායට යට වී ඇති බව චතුරංගට සිතුණි. නිරෝෂාගේ දෙමාපියන් ඇතුළු පිරිස ඇය සොයන්නට විය. නිරෝෂාගේ පියා මෙම සිදුවීමෙන් බලවත් කම්පනයට පත්විය. ඔහු දුවගේ මංගල උත්සවය ගැන මැවූ සිහින බොඳ වීම  හේතුවෙන් සිහි විකල් වූවෙකු සේ ඒ මේ අත ගියේය.  දියවැඩියාව, අධික රුධිර පීඩන හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි පියා 28 දින අසනීප විය. 29 දින ඔහු අවිස්සාවේල්ල මූලික රෝහ‍ලේ නතර කළේය. රෝග උත්සන්න වී  30 දින හදිසියේ ඔහු මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව තීරණය විය.
මේ අතර, නිරෝෂා සෙවීම දිගටම සිදුවිය. ඇහැලියගොඩ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ 31 දින උදේ පැවැති රැස්වීමකදී අතුරුදන්  වූවන් සෙවීම 31 දිනෙන් අවසන් කරන බවට තීරණය කළේය.
බෝගොඩකන්ද නාය ගිය ස්ථානය මිනිස් ශ්‍රමයෙන් හා බැකෝ යොදා නිරෝෂා සොයන විට ගමේ අසල්වැසි සුනඛයෙකු 30 දිනයේ එක් ස්ථානයක්  ඉව අල්ලමින් සිටියේය. 31 දිනයේද මෙම සුනඛයා පෙර ස්ථානයම ඉව අල්ලමින් සිටියත් ඒ ගැන කිසිවෙකුගේ අවධානය යොමු නොවීය. මේ අතර මියගිය තිලක් ගුණරත්නයේ අවසාන කටයුතු ජුනි 01 දින සිදු කිරීමට තීරණය වී තිබිණ. 
එදා මැයි 31 දාය. වේලාව ප.ව. 5.30 ට පමණ ඇත. නිරෝෂාගේ සිරුර සෙවීමේ අවසාන දින අවසන් වේලාව ලංව තිබිණ. බැකෝ යන්ත්‍රය නාය ගිය පස් ගොඩ ඉවත් කිරීම නතර කරන්නට සූදානම් විය. සුනඛයාද උගේ උත්සහය අත හැරියේ නැත. මුලින් ඉව ඇල්ලූ ස්ථානය තවදුරටත් ඉවකළ සුනඛයා මුලින්ම ඉදිරි පාදෙනුත් බිම හාරා පසුව පාද හතරෙන්ම එම ස්ථානය හාරන්නට විය.
එහි රැස්ව සිටි කීප දෙනකු දින ගණනක් තිස්සේ දුටු මෙම සුනඛයාගේ හැසිරීම වඩාත් උවමනාවෙන් බලන්නට විය. නිරෝෂා ජීවත්ව සිටියදී ඇගේ කරුණාව , දයාව හිමිකර ගනිමින් හැසිරුන මෙම සුනඛයාගේ සුවිශේෂ ක්‍රියාවලිය පිළිබඳව කාගේත් අවධානය යොමු විය.
මෙයා දවස් ගාණක ඉඳලා මෙතන ඉව කරනවා. හාරනවා. දැන් වැඩේ අවසාන කරන්න හදන නිසා තවත් රෑ බෝ වෙන්න කලින් එයා කියන තැනත් හාරල බලමුකො. රැස්ව සිටි අය අතුරෙන් මතුවුණ යෝජනාව වහාම ක්‍රියාත්මක  විය.
උදැල්ලකින් එම ස්ථානය සෙමින් සෙමින් පාදන්නට පටන් ගත් විට අඩි එක හමාරක් පමණ යටින් ඇගේ සිරුරේ කොටසක් මතු විය. සුනඛයාගේ මග පෙන්වීම නිවැරදි බව කාටත් වැටහින. නිරෝෂා දින 06ක් තිස්සේ තනිව පස් යට අවසන් ගමන් ගොස් සිටියාය.
නිරෝෂා දුවණිය පිළිබඳව  දහසක් බලා‍පොරොත්තු තබාගෙන ඒවා සුන්ව යාමෙන් සිත් තැවුලට පත්ව මියගිය පියා ජුනි 01 දින අවසන් ගමන යාමට සූදානමින් සිටියේය. ජීවත්ව සිටියදී පියාගේ තනි නොතනියට සිටි නිරෝෂා දියණිය පියා මිය ගියද, ඔහුගේ තනිය මකා දමා අවසන් ගමන පියා සමගම යාමට එක් වූවාය. වරක් තනිව මිහිදන් වූ නිරෝෂා දවෛනි වරටත් තම පියා සමගම එහා ලොවට යාමට තීරණය කරන්න ඇත්තේ, හදවතින්ම මතු වූ දරු සෙනෙහස ලොවට කියා පෑ උතුම්  පියෙකු මෙලොවදී මෙන්ම සසර සැරි සරණ තුරු තනි කරන්නට බැරි නිසාම විය හැකිය.
චතුරංග - නිරෝෂාගේ අට වසරක ආදර කතාව බෝගොඩකන්දේ නායට යටකොට ඇය ඔහු අතහැර ගියත්, සැබෑ දරු සෙනෙහස හදවතේ දරාගත් උදාර පියෙකු පිළිබඳ බෝගොඩකන්දේ ලියවුණ මතක සටහන් කිසිදිනකදී නායයාමකට හසු නොවනු ඇත. ඉපදීම, පැවැතීම, නැතිවීම උරුම වූ ජීවිත කුමන අයුරකින් අහිමි වුවත්, බෝගොඩකන්දේ පියා සහ දියණිය ජීවත්ව සිටින මිනිසුන්ට කියා දී ඇති පිය දරු සෙනෙහසේ පාඩම අමතක කිරීම අසීරු වනු ඇත.
 
ආර්. ගුණසේකර 
 
ඡායා:- හරිස් කිරිඇල්ල

ඊයේ (08) සහ අද (09)  ශ්‍රී ලංකාවට බරපතල ස්වභාවික ආපදාවකට මුහුණ දෙන්නට සිදුවන බවට එක්තරා ජ්‍යොතිවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයකු විද්‍යුත් මාධ්‍යක් මගින් කොට ඇති ප්‍රකාශයක් මුල්කොට ඊයේ (08) සහ අද දවස පුරා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල බලවත් සුනාමි භීතියක් පැතිර යන බව අපගේ ප්‍රදේශීය මාධ්‍යවේදීහු වාර්තා කරති.

එහිදී ඔවුන් විශේෂයෙන් අවධාරණය කළේ 2004 වසරේ ශ්‍රී ලංකා‍වට අත්වූ සුනාමි උවදුරෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශය පුරා මෙම ව්‍යාජ සුනාමි භීතිය තදින්ම බලපවත්වන බවකි. ඒ හේතුවෙන් මෙම ප්‍රදේශ වල පොසොන් දිනය මුල්කොට විහාරස්ථානයන් හි පැවැත්වීමට නියමිතව තිබූ ආගමික පුද පූජා, සංස්කෘතික අංග, දන්සල්, තොරණ ආදී කටයුතු ද බොහොමයක් අවලංගු වී ඇති අතර කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය ඇතුළු බොහෝ මාර්ග වල වාහන ගමනාගමනය සේම ජනගහනයේ ද පැහැදිළි අඩුවක් දක්නට ලැබේ.

මාතර බෝධිය, වෙහෙරහේන, වැවුරුකන්නල, තිස්සමහාරාමය ආදී ආගමික ස්ථාන වල ද සැදැහැවතුන්ගේ සැලකිය යුතු අඩුවක් දක්නට තිබුණු අතර මුහුද අද්දර පිහිටි ප්‍රධාන මාර්ගයේ ඇති ඇතැම් වෙළඳසැල් සහ භෝජනාගාර ද වසා දමා තිබුණි. මෙහිදී වඩාත් කැපිපෙනෙන තත්ත්වයක් වූයේ කලින් පොසොන් පොහොය දිනවල සැදැවතුන්ගෙන් පිරී ඉතිරීයන කතරගම පුද බිම  තුළ ඊයේ දිනයේ සාමාන්‍ය දිනයකවත් දක්නට ලැබෙන වන්දනා කරුවන් පිරිසක්වත් දක්නට නොලැබීමය.

මෙම තත්ත්වය අද (09) ද එසේම බලපැවැත්වෙන බව කතරගම විහාරස්ථ දායක සභාවේ උප ලේකම් සුමන‍ සේමපාල මහතා පැවසීය.

මේ පිළිබඳව අප මාධ්‍යවේදීන් විසින් විවිධ පාර්ශවයන්ගෙන් කරන ලද විමසීම් වල දී ඒ සියළු දෙනාගෙන් දැන ගත හැකි වූයේ ඉහත කී ජ්‍යොතිෂවේදියා ලෙස පෙනී සිටින පුද්ගලයා පළ කළ ව්‍යාජ අනාවැකිය මුල්කොට පැතිර ගිය සුනාමි භීතිය නිසා  මෙම තත්ත්වය ඇති වූ බවය.

මෙහිදී ඊයේ (08) ලක්බිම ඔන්ලයින් නියෝජිතයෙකු සමඟ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නා හිමියන් පළ කරන ලද්දේ මෙවන් අදහසකි.

වෙනත් වසරවල ‍පොසොන් ‍පෝයට බෞද්ධ සිද්ධස්ථාන වෙත යන බැතිමතුන් අද ‍පෝය දිනයේදී අඩු බව දැනගන්නට ලැබෙනවා. කතරගම තත්ත්වයත් එයමයි. නිවාඩු නිකේතන හිස්වෙලා. බත් දන්සල්වල බත් කන්න පිරිස් නැහැ.

‍ජ්‍යොතිෂකරුවන් යැයි කියාගන්නා මේ පුද්ගලයන් රාජ්‍ය නොවන අන්‍යාගමික සංවිධාන මගින් මුදල් ගෙන බෞද්ධයන් පන්සල් යන දිනයන් මුල් කරගෙන මේ සිදු කරන්නේ බුද්ධාගමට එරෙහිව කටයුතු කිරීමක්.

ජනාධිපතිතුමා අගමැතිතුමා, බුද්ධ ශාසන අමාත්‍යතුමා මේ වැනි බොරු ප්‍රචාරයන් සිදුකරන බොරු ‍ ජ්‍යොතිර්වේදීන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කර දඬුවම් ලබාදිය යුතු යැයි මා යෝජනා කරනවා.

මෙම ව්‍යාජ සුනාමි භීතිකාව හටගැනීමට තවත් හේතුවක් ලෙස අප මාධ්‍යවේදීන් වෙත කරුණු අනාවරණය වී ඇත්තේ පසුගිය 2004 සුනාමි උවදුර උඳුවප් පුරපෝ දිනක පැමිණි බැවින් පුරපෝ දිනයන් හි සුනාමි උවදුරු පැමිණීමේ වැඩි අවදානමක් ඇති බවට පොදු ජන   මතයක් ඇති බවයි. මේ සම්බන්ධයෙන් අපි ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ.අරුලානන්දන් මහතා ගෙන් විමසීමක් කළෙමු.

“පුර පසොලොස්වක දිනයක් හෝ වෙනත් නිශ්චිත දිනයක් මුල් කර ගෙන සුනාමියක් පැමිණිය හැකි බව පැවසීම මුළුමනින්ම අසත්‍යක්.එක් වරක් පසලොස්වක ‍පෝ දිනයක සුනාමි පැමිණි නිසා නැවත පසලොස්වක පෝය දිනයකම සුනාමියක් පැමිණෙන බව පැවසීම ‘පුහු තර්කයක්’ (Fallacy)විතරයි. අනික සුනාමි තත්ත්වයන් පිළිබඳව දින ගණන් සති ගණන් පෙර සිට අනාවැකි කියන්න කාටවත් බැහැ.  අප රටේ සුනාමි අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් කළ හැක්කේ පැය තුනක පමණ කෙටි කාලයක් තුළදී පමණයි. දැනට අප රටේ එවැනි සුනාමි අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.

කෙසේ හෝ මෙම ව්‍යාජ අනාවැකිය පළ කළ ජ්‍යොතිර්වේදියෙකු යැයි කියා ගන්නා පුද්ගලයාම 2013 සැප්තැම්බර් 17 වෙනි දින කතරගම දෙවියන් සියැසින් දැක ගැනීමේ වරමක් හිමිවන බැව් පැවසීම නිසා ලක්ෂ දහයකට අධික පිරිසක් කතරගම රැඳී සිටි බවද මාධ්‍ය මඟින් අනාවරණය කෙරුණි."

මේ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් වෙත අදහස් දැක් වූ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමියෝ මෙසේ කීහ.

“අප රටේ විද්‍යුත් මාධ්‍ය ප්‍රබල වීමත් සමඟම වසර සිය දහස් ගණනක් පැරණි ජ්‍යොතිර්වේදය කුණු කාණු පල්ලට වැටී තිබෙනවා. ජ්‍යොතිෂ පිළිබඳ  ශාස්ත්‍රීය දැනීමක් ඇති පුද්ගලයන් පසෙකට ලා ජ්‍යොතිෂ පිළිබඳ කිසිදු දැනීමක් නැති කපටි කයිරාටික පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ‘සුපර්ස්ටාර්ලා’ බවට පත් වී තිබෙනවා.

ඔවුන් සජීවී වැඩසටහන් වල පෙනී සිටින අතරේ රූපවාහිනී නරඹන්නන් ලෙසින් දුරකතන ඇමතුම් දෙන පුද්ගලයන් ඔවුන් විසින්ම මෙහෙයවන ලද 'ඒජන්ත වරු' බවත් ඉහත කී පුද්ගලයාගේ ජ්‍යොතිෂ හැකියාවන් පිළිබඳව ඔවුන් දුරකතන මගින් පවසන  කරුණු පට්ට පල් බොරු බවත් මේ වන විට අනාවරණය වී තිබේනවා. ඒ වගේම තමන්  මේ වැඩ සටහන් වලට සහභාගී කර  ගැනීම වෙනුවෙන්  ඔවුන් ඒ මාධ්‍ය වල විවිධ පාර්ශවයන්ට  අල්ලස් ප්‍රදානය කරන බවත් දැන් දැන් අනාවරණය වී තිබෙනවා. මෙයින් සිදුවන්නේ අපේ රටේ අසරණ මහජනතාව තවත් අසරණ බවට පත් කිරීමක් විතරයි.

ඒ අනුව ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙම කපටි කයිරාටිකයන් සේම බාල ජනප්‍රියත්වයක් තකා  ඔවුන්ගේ බොරු බේගල් මාධ්‍ය  මගින් ජනතාව අතරට ගේන මාධ්‍ය කරුවන්ද වගකිව යුතුයි."

අප මේ සම්බන්ධයෙන් ඈපා පංචාංග ලිතේ ප්‍රධාන කර්තෘ සහ ප්‍රකාශක ජ්‍යොතිර්වේදී ඉන්දික ඈපා සෙනවිරත්න මහතාගෙන් ද විමසීමක් කළෙමු.

"ගින්න, ජලය, පස, වායුව යන සතර මහා භූත කොටස් නිසා ඇතිවන ස්වභාවික ආපදා පිළිබඳව යම් යම් ඉඟි ජ්‍යොතිෂ මගින් පළ කළ  හැකි වුණත් කාලගුණික, දේශගුණික, භූවිද්‍යාත්මක හෝ සාගර විද්‍යාත්මක වශයෙන් ඒවා වෙන්කොට දැක්වීමේ හැකියාවක් ජ්‍යොතිර්වේදයට නැහැ. ඒ වගේම පැය 24, 48,72, ආදී වශයෙන් නිශ්චිතව ඉලක්ක කොට කීමේ හැකියාවකුත් නැහැ. ස්වභාවික ආපදා සම්බන්ධයෙන් එක් ජ්‍යොතිර්වේදියෙකුට පෙනෙන දේ පමණක් සෘජුවම ජනතාව හමුවට ඉදිරිපත් කිරීම කිසිසේත් නොකළ යුත්තක්. ඒ එම ග්‍රහචාරය තුළ ඇති ඊට වඩා ඉදුරාම වෙනස් තත්ත්වයක් වෙනත් ජ්‍යොතිර්වේදියකුට පෙනී යා හැකි නිසයි. ඒ අනුව  එකම ග්‍රහචාරයක් මුල්කොට ජ්‍යොතිර්වේදීන්  දසදෙනෙකු විවිධ සිද්ධාන්ත ඇසුරින් කරන විමසුම් මඟින් ප්‍රථිපල දහයක් ලැබෙන්නටත් පුළුවන්. ඒ වගේම වගකිවයුතු ජ්‍යොතිර්වේදීන් තමන් ඉදිරිපත් කරන අනාවැකිය සමඟ ඊට අදාල ග්‍රහපිහිටීමත් අනිවාර්යෙන් විස්තර කරනවා. එවිට ඒ ග්‍රහ පිහිටීම සහ ප්‍රථිපලය සංසන්දනය කොට එය අභියෝගයකට ලක් කිරීමට වෙනත් ජ්‍යොතිර්වේදියෙකුට හැකියාව ලැබෙනවා.

නමුත් මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ අද මාධ්‍ය මගින් අනාවැකි පළ කරන ජ්‍යොතිර්වේදීන් යැයි කියා ගන්නා බොහෝ  පුද්ගලයන් ඊට අදාල ග්‍රහ පිහිටීමවත් ඉදිරිපත් නොකොට  ‘නිරුවත්’  අනාවැකි පළ කිරීමයි. එය කූට ජාවාරම් කරුවන් අතට පත් වීම තුළින් ජ්‍යොතිර්වේදය බරපතල අවභාවිතාවකට ලක්වීමක් ලෙස හඳුන්වා දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා  මෙවන් පදනමක් නොමැති අදහස් ජනතාව අතරට පත් කරන කූට පුද්ගලයන් මාධ්‍ය මගින් ජනතාව හමුවට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින ලෙස මාධ්‍ය කරුවන්ගෙන් ද මා ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිනවා.  

දමයන්ති ගමගේ 

පසුබිම් වාර්තා - කේ.ඩී.දේවප්‍රිය - එස්.ටී.පී.සිල්වා

'කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්' ඒ පැරණි සොඳුරු ජන කවියකින් උපුටා ගැනුණු රසවත් පදයකි. එහෙත් 'කැලණි ගඟේ මිනි යනවා බලා වරෙන්' යනුවෙන් අසන්නට ලැබුණ හොත් ඉන් අපේ සිත් වලට නැගෙනුයේ කිසියම් ආකාරයක පිළිකුල් ජනක සහ බිය ජනක හැඟීමකි. නමුත් එය නුදුරේදී  සැබෑ වීමේ ලකුණු පහළ වී ඇති බව කැලණි ගඟ බඩ පිහිටි අංගොඩ කොහිලවත්තේ ගැමියෝ කියති.

කැලණි ගඟ පිටාර ගැලීම නිසා අංගොඩ කොහිලවත්ත හන්දියේදී පරණ අවිස්සාවේල්ල මාර්ගය සහ කොහිලවත්ත ‍පොදු සුසාන භූමිය මේ වන විටත් ගංවතුරට සෝදාගෙන  ගොස් ඇත.

අද වන විට කොළඹ තොටළඟ සිට අඹත‍ලේ  ඔස්සේ අවිස්සාවේල්ල දක්වා දිවෙන මාර්ගය සම්පූර්ණයෙන්ම කැලණි ගඟට බිලි වී ඇත.

මේ සිද්ධිය නිසා ‍පොලීසිය මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු නතර කොට තිබේ.

 කලින් මෙම මාර්ගය භාවිතා කළ අයෙකුට දැන් වැල්ලම්පිටියට හෝ කොළොන්නාවට ගොස් කොළඹට යාමට සිදු වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

කොළඹ සිට හෝ සේදවත්ත ප්‍රදේශයේ සිට අඹත‍ලේ දෙසට එන අයෙකුට වැල්ලම්පිටියට ගොස් අඹත‍ලේට හෝ කැලණි  විහාරය දෙසට පැමිණීමට සිදු වී ඇත.

මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති ඊළඟ බරපතළම ප්‍රශ්නය වන්නේ කොහිලවත්ත සුසාන භූමියේ කොටසක් ගංවතුරට හසුවීම නිසා එහි භූමදානය කර තිබෙන මළ සිරුරු සහිත මිනී පෙට්ටි වල කොටස් උඩට මතු වී තිබිමයි. සුසාන භූමියේ ගංවතුරට හසුවී කඩාගෙන ගිය කොටසේ පස් අතරින් භූමදානය කළ මිනී පෙට්ටි වල ඉටි රෙදි සහ මෘත ශරීර වල ඇදුම් සහ ශරීර කොටස් ප්‍රදර්ශනය වීමට පටන් ගෙන ඇති බව ප්‍රදේශ වාසීහු කියති.

තවදුරටත් මෙම සුසාන භූමිය මෙලෙස ගංවතුරෙන් සෝදා පාළුවට ලක්වුවහොත් මළ සිරුරු කොටස් සහ මිනී පෙට්ටි කොටස් කැලණි ගඟේ ගසාගෙන යාමට ඉඩ ඇති බවද ප්‍රදේශ වාසීහු කියති. එබැවින් කොහිලවත්ත සුසාන භූමියේ භූමදානය කළ මළ සිරුරු කොටස් මීනි පෙට්ටි කොටස් සමඟ ගසා ගෙන යාමට පෙර ගංවතුරෙන් සෝදාපාළුවට ලක්වී ඇති මෙම සුසාන භූමිය සහ අඹත‍ලේ ඔස්සේ අවිස්සාවේල්ල දක්වා දිවෙන මාර්ගය පිළිසකර කර දෙන ලෙස ද  ප්‍රදේශවාසී ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 

නමුත් ජීවත් වන්නවුන්ට තබා මහිදන් වූවෙකුට හෝ තම අවසන් නින්ද 'සුවසේ ' නිදා ගැනීමට ඉඩ නොමැති තත්වයක් උද්ගතව තිබියදීත් රජයේ කිසිම බලධාරියකු මෙම ස්ථාන පරීක්ෂාවට ලක්කළේ  නැති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

ගම්පහ සුනිල් සිරි ලංකා / දෙල්ගොඩ සංජය

මෙම පොසොන් සමයේ අනුරාධපුරය, පොලොන්නරුව ඇතුළු පූජනීය නගර අශ්‍රිතව හා වන්දනා කරුවන් වැඩි පිරිසක් ගමන් ගන්නා ප්‍රධාන මාර්ග ආශ්‍රිතව දඩමස් නමින් බලු මස් විකිණීමේ මහා පිරිමාණයේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මේ සඳහා ආසන්නතම ප්‍රවෘත්තිය වාර්තා වන්නේ මාදුරුඔය-පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල ප්‍රදේශයෙනි. දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත්  ට්‍රැක්ටර් මගීන් අරලගංවිල ප්‍රදේශයට ගෙන ආ දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේයේ  කැලිකසල අතර තිබී සුනඛයන්ගේ හිස් 2000කට වැඩි ප්‍රමාණයක් තිබීම මුල් කොට එහි වැසියන් පසුගිය 5දා මාදුරුඔය පොලොන්නරුව ප්‍රධාන මාර්ගය හරස් කොට උද්ඝෝෂණයක නිරත වූහ.

පසුගිය කාලයේ අප්‍රකටව පැවැති දඩමස් නමින් බලු මස් විකිණිමේ මෙම මිලේච්ඡ ජාවාරම මුල් වරට අනාවරණය වනුයේ  පසුගිය ඇසළ උත්සව සමයේ කතරගම ප්‍රදේශයෙනි.

සෙල්ල කතරගම වතුරුවාරාම පාරේ තිබී සුනඛයන්ගේ හිස් සහිත පොහොර උරයක් ප්‍රදේශ වාසීන්ට හමු වීමත් කතරගම කොච්චිපොතාන ප්‍රදේශයේ එක්තරා ස්ථානයක අධිශිතකරණයක් තුළ මුවන් ගේ කුර සමඟ තබා ඇති බලු මස් විකිණිමක් පිළිබඳව අනාවරණය වීමත් සමඟම අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුභසාධන සංවිධානය ඒ සම්බන්ධයෙන් ස්ථානීය ගවේෂණයක් කොට ඇත.

එහිදී කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න ස්වාමින් වහන්සේ පවසා ඇත්තේ කතරගම වන්දනාවේ පැමිණෙන සමහර බැතිමතුන් නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සිට වැසිකිලි ශෝධකයන්ගෙන් පවා දඩමස් පිළිබඳ විමසා සිටීම නිසා සමහරුන් බල්ලන් මරා දඩමස් ලෙස අලෙවි කිරීමට පුරුදුව සිටි බවකි.
මේ අතර මීට මඳ කලකට පෙර බදගිරිය තම්මැන්නාව වැව් රක්ෂිතයේ ස්ථානයක තිබී මුවන්ගේ සහ සුනඛයන්ගේ ශරීර කොටස් එකම ස්ථානයකින් හමුවීම මත මුව මස්  සහ බලුමස් කවලම් කර විකිණිමේ ජාවාරමක සුලමුල හම්බන්තොට වනජීවී නිලධාරීන්ට අනාවරණය කරගත හැකි විය.

ඉදිරි පොසොන් සමයේද ශීතකරණ තුල තැන්පත් කළ පොලීතින් පැකට් වල ඇසිරූ දඩමස් සහ ආහාර වශයෙන සකස් කළ දඩමස් ලෙස මෙම බලුමස් ජාවාරම මහා පරිමාණයෙන් සිදුවිය හැකි බව අහිංසා ශ්‍රී ලංකා සංවිධානය අනතුරු අඟවයි. 

වන සතුන් දඩයම් කිරීම සේම දඩමස් ළඟ තබා ගැනීම වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට බරපතල වරදක් බැවින් මෙලෙස දඩ මස් ලෙස හඟවා බලුමස් අලෙවි කිරීම වෙළෙදුන් සහ ගණුදෙනු කරුවන් අතරේ අප්‍රකටව සිදුවේ. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 400 වගන්තියේ වංචාව ලෙසින් හා එහිම 266 වගන්තිය යටතේ ආහාර පානවල තත්වය යන චෝදනා වලට අයත් බැවින් මෙසේ අලෙවි කරන පුද්ගලයන් අධිකරණය හමුවට පත් කිරීමට පොලීසියට බලය තිබේ.

ඊට අමතරව පාරිභෝගික ආරක්ෂක පනත යටතේ මෙවනි ජාවාරම් කරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනිමේ බලයක් එම අධිකාරියක්ට තිබේ.

එසේම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ටද මෙවන් ජාවාරම් වලට එරෙහිව නීතිමය පියවර ගත හැක.

ඒ අනුව මෙවර වන්දනාවේ යාමේදී දඩමස් ඉල්ලා සිටීමෙන් මුළු මනින් බැහැර වීමෙන් මෙම වංචාවෙන් සහ පිළිකුල් සහගත ආහාර වලින් වැලකී සිටීමට ඔබට අවස්ථාව හිමි වනු ඇතැයි  අහිංසා ශ්‍රී ලංකා සංවිධානය දන්වා සිටී.









දමයන්තී ගමගේ

පසුගිය සති අන්තයේ දිවුලපිටිය සහ කඩවත යන ප්‍රදේශවල පවුල් දෙකක් කතරගම වන්දනාවේ ගියහ. ඒ එම පවුල් දෙකේ තරුණයකුගේත් තරුණියකගේත් ළඟදී සිදුකිරීමට නියමිත විවාහ මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා කතරගම දෙවියන්ට බාරයක් වීම සඳහාය. එම විවාහපේක්ෂිත තරුණිය, තරණයා, ඔවුන්ගේ මාපියන්, සොයුරු සොයුරියන් ඇතුළු දාහතර දෙනෙක් එම වන්දනා නඩයට අයත්ව සිටියහ.

මුලින්ම කතරගම කිරි වෙහෙර වැද පුදාගත් ඔවුහු ඉන් පසුව කතරගම දෙවොලට පැමිණ විවාහ මංගල්‍යයෙන් පසු ඔප්පු කිරීම පිණිස කතරගම දෙවියන්ට බාරයක් ද වූහ.

ඉන් පසු මෙම පිරිස ආපසු රථ ගාල බලා එමින් සිටිය දී දෙවොලට වන්දනාවේ යන පිරිස් අතරේ සිටි තරුණයකු දුටු තරුණිය එක්වරම තිගැස්සුණාය. ඒ සමඟම ඒ තරුණයා ද තරුණිය දැකීමෙන් මහත් සතුටට පත්ව ඉදිරියට අවුත් ඇගේ දෑතින්ම අල්ලා ඇය තමන් වෙතට ළං කර ගත්තේය. ඔහු නව පරපුරේ ජනප්‍රිය ටෙලි නළුවෙකි.  එබැවින් කතරගම දෙවොලට වන්දනාවේ යන සෙසු බැතිමතුන්ද හැරි හැරී ඒ දෙස බලමින් යන්නට වූහ.

තම විවාහ අපේක්ෂිත තරුණයා ඇතුළු ඔවුන්ගේ වැඩිහිටියන් ඉදිරියේ වූ මෙම සිද්ධියෙන් තරුණිය මහත් තිගැස්මකට ලක් වූ අතර “මේ මම මැරි කරන්න ඉන්න මහත්තයා; මේ එයාගේ අම්මා, තාත්තා”  ආදී වශයෙන් එම නළුවාට තමන් සමඟ ගිය කණ්ඩායම හඳුන්වා දෙන්නට විය.

“මෙයාව කවුරුත් දන්නවනේ; මේ මගේ හොඳම යාළුවෙක්; ඉස්සර අපි එකට ඩ්‍රාමා කෝස් එකක් කරලා තියෙනවා.”
ඒ සමඟම නිදහසට කරුණු දක්වන්නාක් මෙන් එම තරුණිය තම අනාගත සහකරුට සේම තමන් සමඟ පැමිණි පිරිසට කීවාය.

එතෙක් සාර්ථකව නිමවෙමින් තිබූ මේ වන්දනා ගමනේ සතුට එතැනින්ම නිමා විය. වාහනයෙන් බසින මොහොතේ පවා එම තරුණයා හෝ ඔහුගේ පාර්ශවයේ කිසිවෙක් එම තරුණියගේ මුහුණ දෙසවත් නොබැලූහ. වන්දනා ගමන නිමවීමෙන් පසු එම තරුණියගේ මවට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ තරුණයාගේ මවගෙනි.

“අපිට කොහොමත් කතරගම දෙවිහාමුදුරුන්ගේ පිහිට තියෙනවා; උන්වහන්සේට පින්සිද්ද වෙන්න තමයි අපේ ළමයා ඔය මර උගුලෙන් බේරුණේ; කතරගම දෙයියො ඔය නළු බට්ටව අපි ඉස්සරහට එව්වෙ නැත්තං අපේ කොල්ලට ගෙදර ගේන්න වෙන්නෙ මහපාරෙත් බයිස්කෝප් නටන ඉස්කුරුප්පුවක් තමයි.” තරුණයාගේ මව කෝපයෙන් කිව්වාය.

 “ඔයාලා ඕක ‍ඔච්චර ගණන් ගන්න එපා ඒ කොල්ලා අපේ දුවත් එක්ක ඩ්‍රාමා කෝස් එකක් කරලා තියෙනවා;එච්චරයි.” තරුණියගේ මව කීවාය.

“ඔයාගේ දුව ඌත් එක්ක ඩ්‍රාමා කෝස් එකක් කරන්න ඇති; ඒත් ඔයාගේ දුවව බැඳගත්තොත් අපේ කොල්ලට කරන්න වෙන්නෙ ඩ්‍රාමා කෝස් එකක් නෙමෙයි අනාත කෝස් එකක්.” තරුණයාගේ මව දුරකතනය විසන්ධි කළාය.

 

එස්.ටී.පී සිල්වා

 

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4475

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4135

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7241

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4541

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2887

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3696

Please publish modules in offcanvas position.

Web Analytics