Coss Ear2
lakbima.lk
COSS Ear 1

යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වාගේ (29) මරණය තමන් විසින්ම ගෙල සිරකරගෙන සිය පණ හානි කරගනු ලැබිමක්  බව  පිළියන්දල මඩපාත හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු හක්මනගේ අජිත් විජේසිංහ මහතා ඊයේ (26) දින ප්‍රකාශ කළේය. 
දකුණු කොළඹ  (කළුබෝවිල) ශික්ෂණ  රෝහ‍ලේදී  රංගන ශිල්පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණි. 
එහිදී සාක්ෂි දුන් මියගිය දසුන්ගේ මව වන හේරත් මුදියන්සේලාගේ ලලිතා ස්වර්ණා කුමාරි හේරත් මහත්මිය මෙසේ කීවාය. 
“මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. මා හට තවත් පිරිමි දරුවකු සිටිනවා. ඔහු උසස් පෙළ විභාගය අවසන් කර  සිටිනවා. ලොකු පුතා විවාහකයි. එහෙත් ඇය නිවසට කැන්දාගෙන ආවේ නෑ. පුතා රංගන ශිල්පියෙකු හැටියට කටයුතු කළත් පරිගණක ඉංජිනේරු උපාධියක් ලබා තිබෙනවා. එහෙත් රංගන ශිල්පයට වඩාත් ඇළුම් කළා. මම ‍පොඩි පුතා සමග නිට්ටඹුව - කන්තොට අංක 30 දරන නිවසේ පදිංචිව සිටි අතර ලොකු පුතා පිළියන්දල ප්‍රදේශයේ බෝඩිමක නතර වී රංගන කටයුතු කළා. පුතා පසුගිය දිනවල මට දුරකථනයෙන් පවසා සිටියේ ශලනි කියා නිළියක් සමග සම්බන්ධකමක් තිබෙනවා. එය තමන්ට කසාද බඳින්න ඕන  කියායි. එහෙත් පුතාට මා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අවවාද කළා. එහෙත් පුතා මෙලෙස බෝඩිමේදී සියදිවි නසාගෙන ඇති බවට ආරංචි වුණා. මෙහිදී සාක්ෂි දුන් දසුන් නිශාන්ගේ විවාහක බිරිඳ වන සංදීපනී රණතුංග මහත්මිය ප්‍රකාශ කළේ තමන් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක හැටියට සේවය කරන  වන අතර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක බවයි. 
කුඩා කල සිටම දසුන් හඳුනන අතර වසර 13ක ප්‍රේම වෘත්තාන්තය අවසානයේ දෙපාර්ශ්වයේම ආශිර්වාදය මත විවාහ ගිවිස ගත් බවත් ඇය කියා සිටියාය. පසුගිය කාලයේ ශලනි කියා ගැහැනු ළමයෙක් සමග සබඳතාවක් ඇති බව දසුන්ගෙන් දැනගත් අතර පසුකාලීනව ශලනි කියන කාන්තාව තමාට දුරකථනයෙන් අමතා ඇය දැන් සිටින්නේ දසුන් සමග බවත් දසුන්ට ඇයට අවශ්‍ය  බවත් තවත් බොහෝ දේ පැවැසූ නමුත් තමන් දසුන්ට බොහො සේ ආදරය කරන බැවින් විවාහ ජීවිතය මේ වෙනතුරු රැකගෙන ආ බවත්ය. 
මෙහිදී මියගිය දසුන් නිශාන් ද සිල්වා (29) නමැති රංගන ශිල්පියා පේළි පහකින් සමන්විත ලිපියක් ලියා තබා සිය ජංගම දුරකථනයෙන් සියදිවි නසා ගන්නා අයුරු රූගත කර තිබියදී ‍පොලීසියට හමු වී ඇති අතර එහි පටිගතව තිබූ දර්ශන තුළින්  ඔහු දෙවරක් උත්සාහ කර සිය පණ නසා ගෙන ඇති බවට වීඩියෝ ගත වී තිබිණි. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරීනි  ප්‍රසාදිනී සෙනරත් මහත්මිය පැවැත්වූ අතර පිළියන්දල ‍පොලීසියේ ‍පොලිස් කොස්තාපල් 87669, ජයරත්න මහතා සාක්ෂි මෙහෙය වීය. මියගිය අයගේ සිරුර ගම්පහ දයාරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර මල්වත්ත ‍පොදු සූසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට  නියමිතය. 
 
අමා ද සිල්වා - කඩුවෙල

අපි හිතාගෙන ඉන්නෙ පිරිමි අය ශක්තිමත් නිසා මානසික සහ කායික වේදනාවන් කාන්තාවන්ට වඩා වැඩියෙන් පිරිමි අයට දරා ගන්න පුළුවන් කියලයි. නමුත් ඒක වැරදියි. කායික සහ මානසික කියන වේදනාවන් වර්ග දෙකම වැඩිපුර දරා ගැනීමේ හැකියාව තියෙන්නෙ කාන්තාවන්ට. දැරියක් වැඩිවිය පත් වුණු අවස්ථාවේ ඉඳලා ඇය මාසිකව යම් වේදනාවක් විඳිනවා. ඒ ආර්ථවය සිදුවීම නිසා. ඇය මේ කායික වේදනාව කොහොම හරි ඉවසාගෙන ඉන්නවා. ඊට පස්සෙ පළමු ලිංගික එක්වීමේ දී කන්‍යාපටලය බිඳී යාමෙන් ඇය නැවත වරක් යම් වේදනාවක් විඳිනවා. ඉන් පස්සෙ දරු ප‍්‍රසූතියේ දී කාන්තාව විඳින වේදනාව ලෝකයේ කිසිම පිරිමියෙකුට විඳින්න බැරි තරම්. එය එකවර සිරුරේ අස්ථි 24ක් කැඩීයාමේ දී ඇතිවන වේදනාවට සමානයි කියලා තමයි විශේෂඥවරුන් කියන්නෙ. ඉතින් දැන දැනම සිරුරේ අස්ථි 24ක්  බිඳීයාමේ වේදනාවට කාන්තාව කැමැත්තෙන්ම මුහුණ දෙනවා. නමුත් පිරිමි කෙනෙකු කිසිම දවසක මේ වේදනාව විඳින්න ඉදිරිපත් වෙන්නෙ නැහැ.

මානසික වේදනාව ගැන සළකා බැලූවොත් කාන්තාවකට ගෙදරදොර තිබෙන වැඩ කටයුතු අධිකයි. ඒ අතරෙ ඇයට සැමියාගේ අඩන්තේට්ටම්වලට පවා මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම බොහොම හොඳින් ඉවසා සිටින්න පුළුවන්කම තියෙන්නෙත් කාන්තාවටමයි. මේ ගැන මැකිග‍්‍රිල් විශ්ව විද්‍යාලය ඉතාම සරල පර්යේෂණයක් කළා. ඔවුන් අධික සිසිලසින් යුතු වතුර භාජන තුළ කාන්තාවන්ට සහ පිරිමි අයට අත දමාගෙන ඉන්න සැලැස්සුවා. ජලයේ උෂ්ණත්වය වුණේ සෙල්සියස් අංශක 4යි. මෙහිදී කාන්තාවන් සියයට 81ක් බොහොම පහසුවෙන් අවසාන මොහොත දක්වා එසේ සිසිල් ජලයේ අත දමාගෙන හිටියා. නමුත් පිරිමි අය සියයට 89ක්ම විනාඩි 3ක් තුළ වතුර භාජනයෙන් අත ඉවත් කරගෙන තිබුණා.

පිරිමින්ට සාපෙක්ෂව කාන්තාවන් තුළ හැඟුම් ආවේග බහුල බව අප කවුරුත් දන්නවා. දැඩි සංවේගයක දී ඊට ප්‍රබල ප්‍රතිචාර දක්වන්නේ කාන්තාවයි. ඒ වගේම හදිසි භීතියක් තැති ගැන්මකදීත් ඇගේ ප්‍රතිචාර ඉහළ මට්ටමක පවතිනවා. ලිංගික කාරියේ දී වුවත් කාන්තාව පිරිමියාට වඩා සංවේදී ප්‍රතිචාර දැක්වීම ඉතාම ස්වභාවිකයි.

ඒ අනුව කවර හෝ කායික මානසික රිදුමක් සම්බන්ධයෙන් ඇය දක්වන මේ සංවේදී ප්‍රතිචාරාත්මක ස්වභාවය වේදනාව දරා සිටීමට ඇයට ස්වබාදහමින් ලබා දී ඇති ආරක්ෂක මෙවලමක්. ගෙදරදොර වැඩකටයුතු වලදී පවුලේ සෙසු සාමාජිකයන්ගේ අඩුපාඩු දකිමින්, ඔවුන්ට දොස් පවරමින් ගෙදරදොර වඩාත් පිළිවෙලකට තබා ගැනීමට කටයුතු කිරීම සාමාන්‍ය කාන්තා ස්වභාවයක්. එසේ කිරීමෙනුත් ඇයට ඒ වේදනාවන් දරා ගැනීමට ස්වභාවික ශක්තියක් හිමිවෙනවා.

ඉතින් කායික මානසික කියන වේදනාවන් දෙකම වැඩිපුර විඳින්න, දරාගන්න පුළුවන්කම තියෙන්නෙ පිරිමින්ටයි කියලා තවදුරටත් කියන්න පුළුවන් ද?

දුලාංජලී මුතුවාඩිගේ{jcomments on}

ඔබේ ගෙවත්තත් සමනල උයනක් කරගන්න කැමතිද කියලා ඇහුවොත් කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නැහැ. ඒ ඒක කාගේත් මානසික යහපැවැත්මට විනෝදාස්වාදයට තුඩු දෙන කරුණක් නිසා. නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ මේක හුගත් අසීරු අමාරු කාරියක් කියලයි. ඒත් ඒ සම්බනධ උනන්දුව, කැපවීම තියෙනවානම් ඉදිරිකාලය තුළ ඔබේ ගෙවත්තේ පර්චස් 03 - 04 ක භූමිභාගයක වුණත් සමනල උයනක් නිර්මාණය කර ගැනීමේ අපහසුවක් ඇති වන එකක් නැහැ.

නමුත් මම මෙහිදී සමනල උයන කියන්නේ කොටු දැල් වලින් වට කරපු සමනල සිර කඳවුරක් නම් නොවේ. සමනලුන් නිදහසේ ගැවසෙන ස්වභාවික පරිසර පද්ධතියක්. සමනල උයනක් සැකසීමේ දී ඔබේ ගෙවත්තේ ගස් කොළන් ඉවත් කොට පොළව සකසා ගැනීම කෙසේවත් නොකළ යුත්තක්. ඔබ කළ යුත්තේ ගෙවත්තෙන් තෝරා ගත් කොටසක් සමනල උයනක් ලෙස අභිරක්ෂණය කිරීම ‍විතරයි. ඒ සඳහා මූලිකව කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ ගැවසෙන, බහුලව දක්නට ලැබෙන සමනල විශේෂ හදුනාගෙන ඔවුන්ගේ පැවැත්මට සුදුසු ශාක වර්ග ඒ පරිසර පද්ධතියට එක් කර ගැනීම පමණයි. තමන්ට බිත්තර දැමීමට, ආහාර ලබා ගැනීමට, සුදුසු හිතකර හා හානිකර නොවන ශාක ගහනයන් වෙත සමනලුන් එක් රොක් වෙනවා.

ඒ වගේම සමනලුන්ට පැණි බීමට මල් සහ ඉඳුණු පලතුරු එම පරිසර පද්ධතියට එක් කිරීමත් වැදගත් කාරියක්. සමනල  බිත්තර පුපුරා දළඹුවකු බිහිවන අතර ඒ දළඹුවා කෝෂයක් තනාගන්නවා. පසුව ඒ කෝෂය පුපුරා සුහුඹුල් සමනලයකු පිටතට එනවා. මේ දළඹුවාගේ ආහාර මාධ්‍ය වන්නේ එම ගසේ ඒ දළඹුවා ජීවත් වන ශාක පත්‍රයමයි. සමනලුන් බිත්තර දමන්නේ දළඹුවන්ට එසේ ආහාර වශයෙන් ගත හැකි ශාක පත්‍රවල වීමත් ස්වභාදහමේ අපූරු සංසිද්ධියක්.

ඒ අනුව ඔබ පදිංචිවී සිටින්නේ පහත රට වියළි කලාපයේ වුවත්, පහතරට තෙත් කලාපයේ වුවත්, උඩරට තෙත් කළාපයේ වුවත් ඒ ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන සමනලයින්ට බිත්තර දැමීමට, මල්පැණි බීමට , වසා සිටීමට සුදුසු ශාක වර්ග එකින් එක හෝ පරිසර පද්ධතියට එක් කර ගත හැකියි.

සමහර සමනල වර්ග පැඟිරි කුලයේ ශාක මත බිත්තර දමන අතර තවත් සමහර සමනල විශේෂ අක්කපාන වැනි ශාක පත්‍ර වල බිත්තර දමනවා. ඒ  එම දළඹුවන් එම ශාක පත්‍ර ආහාරයට ගන්නා නිසයි. නමුත් ඒ පරිසර පද්ධතියට කිනම් හෝ රසායනික ද්‍රව්‍යයක් එක් කරන්නේ නම් එහිදී එම සමනලුන් විනාශ වීමත් එම පරිසරය හැර යාමත් ඒකාන්තයෙන්ම සිදුවන දෙයක්. ඒ නිසා එම පරිසර පද්ධතීන්ට කෘෂි රසායනික ද්‍රව්‍ය හෝ ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය වත් එක් නොවීමට විශේෂයෙන් වග බලා ගත යුතුයි. ඒ වගේම අහිතකර වායුගෝලීය බලපෑම් මගින්ද සමනලුන්ගේ පැවැත්මට දැඩි අහිතකර තත්ත්වයක් ‍උද්ගත වන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සමනල උයනක් වශයෙන් ඔබ තෝරාගත් පරිසර පද්ධතියට ඒ සඳහා ඉවහල් වන ශාක වර්ග 10 -12 මුසු කිරීමෙන් සහ ඒවාට රසායනික ද්‍රව්‍ය මුසු නොකිරීමෙන් සිඟිති දූ දරුවන් ඇතුළු කාගේත් හිත සුව පිණිස වන සමනල උයනක් නිර්මාණය කර ගත හැකියි.

මේ වන විට කොළඹ 'රිජ්වේ ආර්යා ළමා රෝහලේ' එවැනි සාර්ථක සමනල උයනක් පවත්වාගෙන යන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්.


වෛද්‍ය නුවන් තොටවත්ත{jcomments on}

කොරියාවේ රැකියාවකට යෑම අද බොහෝ තරුණයන් අතර ඇති සිහිනයකි. එසේ යන සියල්ලෝම පාහේ අතමිට සරු කර ගනිති. ඔවුන් යන්නේ දකුණු කොරියාවටය. එහෙත් උතුරු කොරියාවේ රැුකියාවක් සොයා ගැනීමට ලෝකයේ කවරකු හෝ තැත් කරන්නේද යන්න සැක සහිතය. කොරියාවේ උතුර දකුණ කොයි මොහොතේත් ඇවිලෙන සුළුය. කවදත් උතුර ලෝකයෙන් බොහෝ දේ වසන් කරයි. ප‍්‍රකාශනයේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය තරයේ සීමා කර තිබුණත් එරට ඇතැම් රහස් ලොවට හෙළිවී ඇත.
උ.කොරියාවේ වත්මන් පාලකයා කිම් ජොන් උන්ය. ජොන් උන් යනු එරට ජනප‍්‍රිය නාමයකි. එය ගැහැනු පිරිමි භේදයක් නැතිව බොහෝ දෙනා භාවිත කරති. එහෙත් ඒ නම දැරීමට දැන් අයිතිය ඇත්තේ කිම් ජොන් උන්ට පමණී. ඔහු එම නම නව දරුවන්ට තැබීම තහනම් කර ඇත. එපමණක් නොව ජොන් උන් නම භාවිත කරන සියල්ලන්ම එය වෙනස් කර ගත යුතුය. ඒ අනුව එක් අයෙකු වෙනුවෙන් සමස්ත ජනතාවකගේම නම් වෙනස් කෙරුණු රටකි උ. කොරියාව.
කිම් ජොන් උන් යනු සාහසිකත්වයට ප‍්‍රකට නායකයෙකි. ඔහුගේ මාමා කෙනෙකු මරා දමනු ලැබ තිබුණේ නිරුවතින් කූඩුවකට දමන ලදුව හාමතින් සිටි බල්ලන් 120කට කන්නට සලස්වමිනි. එරටදී බයිබලය හෝ අසභ්‍ය දේ කියවනු ලැබ අසුවුවහොත් මරණ දඩුවම නියතය. එහෙත් එහි මර්ජුවානා මත්ද්‍රව්‍යයක් සේ නොසැලකෙන අතර එය නීත්‍යානුකූල දෙයකි.

අප මෙන්ම ලෝකයේ බහුතරයක් භාවිත කරන ජෝර්ජියානු කැලැන්ඩරය 1997 සිට උ.කොරියාවේ තහනම්ය. ඔවුන් ඒ වෙනුවට භාවිත කරන්නේ කිම් ජොන් උන්ගේ මුත්තණුවන් වන කිම් ඉල් සුං ගේ උපන් දිනය වන 1912 අපේ‍්‍රල් 15වෙනිදා පදනම් කරගෙන සැකසූ දින දසුනකුයි. ඒ අනුව දැන් ඔවුනට ගත වෙන්නේ 102වන වසරයි. 
එරට අගනුවර වාසය කිරීමට ලැබෙන්නේ සුවිශේෂී පැලැන්තියේ ලා සැලකෙන 10%ක පමණ පිරිසකට පමණි. ඔවුන් සඳහා තට්ටු ගණන් උසැති සුඛෝපභෝගී නිවාස ඇති අතර ඒවා විකිණීම, මිලදී ගැනීම හා කුලියට දීම එරට නීතිය අනුව බරපතළ වරදකි දැඩි දඩුවම්වලට ලක්වූවත් හොර රහසේ එම කටයුතු කෙරෙන බව පැවැසේ.
උ. කොරියාවේ වරප‍්‍රසාද ලත් 10%ක පුරවැසියන් රිසිි සේ ආහාර පාන භුක්ති විඳිද්දී සෙසු අයට ලැබෙන්නේ දිනකට ධාන්‍ය ග‍්‍රෑම් 250ක් පමණක් බව පසුගිය අගෝස්තුවේ නිකුත් කෙරුණු වාර්තාවක දැක්වේ.
මේ කරුණු මෙසේ වුවත් ලොව විශාලතම ක‍්‍රීඩාගාරයකට හිමිකම් කියන්නේ ද මේ රටයි.
පියොන්ගියෑංහි ‘ungrado 1st’ නම් වන එහි වරකට පේ‍්‍රක්ෂකයන් 150,000කට අසුන්ගත හැකිය. නායකයන් තිදෙනෙකු යටතේ එහි විශාල හමුදා සංදර්ශන පැවැත්වී ඇත. ගිනස් වාර්තා පොතට අනුව මෙහි පැවැත්වෙන්නේ ලොව විශාලතම සංදර්ශනයි.
රටෙන් පිටට ඇමතීම තහනම් වූවත් එරට ජංගම දුරකථන භාවිතය ඉතා ඉහළ බව පැවැසේ. එහෙත් ඩොලර් 500ක් තරම් වැය කර චීනයෙන් සිම් කාඞ්පත් හොරෙන් ලබා ගන්නා අය එහි සිටින බව කියවේ. මේවා සපුරා තහනම් අතර අසුවුවහොත් බරපතල වැඩ සහිතව දිගුකාලීන සිර දඩුවම් අත්වේ.
කොපමණ නීති තිබුණත් වැරදි කරන්නෝ වැරදි කරති. උ. කොරියානුවන් ලක්ෂ 2ක පමණ පිරිසක් සිටින්නේ සිරගතව බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. දේශපාලන සිරකරුවන්ද ඒ අතර වේ. කඳවුරු අපිිරිසිදු හා දුක් සහගත ඒවාය. 
උ. කොරියාවේ පරිගණක ඇත්තේ වරප‍්‍රසාද ලත් සීමිත පිරිසට පමණි. අන්තර්ජාල කටයුතු කළ හැක්කේද සීමා සහිතවයි. එද සමාගම් සඳහා අවම මට්ටමකිනි. ඊටද වෙබ් අඩෙවි ඇත්තේ 5000ක් තරම් ප‍්‍රමාණයකි. රට තුළ විදේශ වෙබ් අඩෙවි තහනම්ය. පරිගණක සම්බන්ධ සියලූ ක‍්‍රියාකාරකම් නිරන්තර අධීක්ෂණයකට ලක්වේ.  2014 වසරේ ලෝක කුසලාන ක‍්‍රිකට් තරග එරටේ පෙන්වා තිබුණේ පැය 24ක් පමා කරමිනි.  වසර 5කට වරක් පැවැත්වෙන උ.කොරියානු මැතිවරණයේ එකම අපේක්ෂකයා වන්නේ පාලකයාමය. එබැවින් ඡන්ද 100%ක්ම ඔහුට ලැබෙන බව වාර්තාවී ඇත. 
ATM යන්ත‍්‍ර නැති උ. කොරියාවේ විදේශිකයන් පවා භාණ්ඩ හා සේවාවන් සඳහා භෞතික මුදල්ම භාවිත කළ යුතුය. රටේ දිලින්දන්ගේ සේයාරූ ගැනීම තහනම්ය. එමගින් රටේ ප‍්‍රතිරූපයට හානි විය හැකි බැවිනි.     
උ. කොරියාව යනු තම හමුදාව වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කර ඇති රටයි. එය ඔවුන්ගේ අයවැයෙන් 33%ක් තරම් ඉහළ අගයක් බව පැවසේ. 12,000,000ක් පමණ වන එරට හමුදාවෙන් 40%ක්ම කාන්තාවන්ය. පිරිමින් සඳහා වසර 12ක් ද කාන්තාවන්ට වසර 7ක්ද යුද මෙහෙය අනිවාර්යය වේ. මේ දෙපිරිසටම ලැබෙන්නේ සමාන යුද පුහුණුවකි. එහෙත් කාන්තා සෙබළියන්ගේ සොඛ්‍ය පහසුකම් සතුටුදායක නොවන බව පැවසේ.
මෝටර් රියක් හිමි වන්නේ එරට හමුදාවේ උසස් නිලයන්ට පමණි. ප‍්‍රධානම ප‍්‍රවාහන මාධ්‍යය පාපැදියයි. නවතම ප‍්‍රවනතාව බැටරි බලයෙන් ක‍්‍රියා කරන චීන පාපැදියි.
කි.මී. 25,554ක් දිවෙන එරට මාවත්වලින් වැඩිහරිය දුහුවිලි පිරි අපිිරිසිදු මාවත්ය. නිසි ලෙස සැකසී ඇත්තේ කි.මී. 724ක් පමණි. බහුතරයක් අක‍්‍රිය මාර්ග සංඥා වෙනුවට රථ නියාමනය නිතරම කෙරෙන්නේ පොලීසියෙනි.
ලෝකයේ සාක්ෂරතාව ඉතා අඩු රටක් වශයෙන් උ. කොරියාව සැලකේ. එහෙත් පාලකයන් පවසන්නේ සාක්ෂරතාව 100%ක් බවයි. එහෙත් එහි බොහෝ දෙනා එකෝඩියන් වාදනයේ නිපුණයෝය. ඒ 90 දශකයේ සියලූ ගුරුවරුන් එකෝඩියන් වාදනය පුහුණු විය යුතුවූ හෙයිනි. 
උ. කොරියාවේ දරිද්‍රතාවද දරුවන් හා ගර්භනීන් අතර මන්දපෝෂණයද ඉතා ඉහළ බවයි වාර්තා වන්නේ. සියොල් නුවර සරසවියකින් කෙරුණු සමීක්ෂණයකට අනුව ද. කොරියානුවන්ට වඩා උ. කොරියානුවන් උසින් අඩු බව පෙනී යයි. ඊට හේතුව මන්දපෝෂණය බව අනුමාන කෙරේ. එහෙත් උ. කොරියාව ලොව ඉහළම පලතුරු නිෂ්පාදකයෙකි. තම වැසියන්ගේ කුසගිනි නිවනු වෙනුවට එරට පාලකයන් ප‍්‍රධාන වශයෙන් චීනයට පලතුරු අපනයනය කරයි.
කොරියානු යුද්ධයෙන් පසු උ. කොරියාවේ දකුණට මායිම් වන පෙදෙසේ ඉදිවූ නගරයකි කිජොං-ඩොං. එහි අරුත සාම ග‍්‍රාමයයි. දකුණු කොරියාවේ ප‍්‍රහාරවලට ඉලක්ක වන සේ ගොඩනගා ඇති මේ නගරය පෙනුමට කෙරුණු ව්‍යාජ ඉදිකිරීමක් මිස කිසිවෙක් එහි ජීවත් නොවෙති. 
ජීන්ස් ඇඳීම තහනම්ව ඇති උ. කොරියාවේ තරුණයන් නායක කිම් මෙන් කොණ්ඩය කැපිය යුතු බවට වන නීතියකි. කාන්තාවන් තම කොණ්ඩය කැපිය යුත්තේ රජයේ අනුමත මෝස්තර 28න් එක් ක‍්‍රමයකට මිස හිතුමතේ නොවේ. 
උ. කොරියාවේ ක‍්‍රියාත්මක වන්නේ එහි නායකයාගේ ආඥාදායකත්වය පමණි. ඔහු සිටින රැුස්වීම් ආදියේදී නිදා වැටුණු හමුදා ප‍්‍රධානීන්ට වුව සිදුවූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටයි. එය ද ගුවන් යානා නාශක තුවක්කු රැුසකින් කිහිපදෙනෙකු විසින් වෙඩි තැබීම වැනි ඉතා කුරිරු දඩුවමකිනි. එහෙත් ඔවුන් ලෝකයට නිකුත් කරන ඡුායාරූපවල දැක්වෙන්නේ ඉතා සතුටින් සිනාසෙන ක‍්‍රීඩකයන්, කාන්තා සෙබළියන් හා දරුවන් වැනි පිරිස්ය. 
උ. කොරියාව ගැන මේ තරමින් හෝ තොරතුරු වාර්තා වන්නේ ඉන් පැන එන පිරිස්වලිනි. හිතුවක්කාර ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් කරමින් දැන් උ. කොරියාව ලෝකයටම තර්ජනයක් වෙමින් සිටී. එහි ප‍්‍රතිඵලය නම් කිසිසේත්ම ලොවට හිතකර නොවනු ඇත.
 
එ්.ජී. දීපිකා පි‍්‍රයදර්ශනී{jcomments on}

පසුගිය 20 වැනිදා සන්ධ්‍යාවේ පැවැති 22 වැනි සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී කාවිංග පෙරේරා ජනප්‍රිය නළුවා ලෙස සම්මාන දිනාගනු ලැබුවේය. කාවිංග ජනප්‍රිය නළු කිරුළ මෙසේ හිමි කරගනු ලැබුවේ තෙවැනි වරටයි. ජනප්‍රිය කිරුළේ සතුට විඳින අතරතුර අප සමග කතාබහට එක්වූ කාවිංග ඔහුගේ රංගන දිවිය ගැන සේම පෞද්ගලික ජීවිතය ගැනද කතාබහ කළේ මේ ආකාරයටය.
 
තෙවැනි වතාවටත් ජනප්‍රිය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබිම ගැන කාවිංගට මොකද හිතෙන්නේ ?
මම මේ සම්මානය අපේක්ෂා කළේ නැහැ. මම ජනප්‍රිය නළුවා කියද්දී මටත් පුදුම හිතුණා. 
 
ඒ කියන්නේ සම්මාන සඳහා නිර්දේශිත නළුවන් අතර ඔබට වඩා ජනප්‍රිය අය සිටි බවට විශ්වාසයක් ඔබ තුළ තිබුණා කියන එකද.... ?
එතැන හිටපු හැමෝම ජනප්‍රියයි. ඒ හින්දනේ ඒ ලැයිස්තුවට එකතු වෙන්න පුළුවන් වුණේ. ඒ අතින් ජනප්‍රිය කවුද .... ජනප්‍රියම කෙනා මමද වගේ දේවල් මම හිතුවේ නැහැ. මම කිව්වේ මම ඔය සම්මානය බලා‍පොරොත්තුවෙන් උළෙලට ගියේ නෑ කියන එක. 
 
කවුරු ලැයිස්තුවේ හිටියත් ජනප්‍රිය නළුවා වුණේ ඔබ .... ඒ ගැන සතුටක් නැද්ද ?
මොකද නැත්තේ ...? විශාල ජනතා මනාපයක් ලබමින් ජනප්‍රිය නළුවා විදියට සම්මාන හිමිවීම අනිවාර්යයෙන්ම සතුටට කරුණක් තමයි. ඒ සම්මානය මට ලබා දෙන්න මනාප එව්වේ මගේ ආදරණීය රසික පිරිස.... ඒ අය මට මේ කිරුළ හිමි කර දුන්නේ තුන්වැනි වතාවට... මගේ ඒ ආදරණීය රසික පිරිසට මම ස්තූතිවන්ත වෙනවා. 
 
එස්.එම්.එස්. මනාප සහ ඡන්ද කූපන් මගින් ජනප්‍රිය කිරුළ හිමි කරගන්නා අයව විවේචනය කරන පිරිසකුත් ඉන්නවා.... තමන් විසින්ම තමාට මනාප දෙමින් සම්මානය ලබාගන්නා බවට ඒ අය මෙම ජයග්‍රාහකයන්ට චෝදනා එල්ල කරනවා ... ඒ ගැන කාවිංගගේ අදහස මොකක්ද ?
එෆ්.බි. එක හරහා තමයි බොහෝ විට ඔවැනි කතිකා ගොඩනැගෙන්නේ. මටත් මේ වනවිට ඒ වගේ චෝදනා එල්ල කරන අය ඉන්නවද දන්නේ නැහැ.... මට එෆ්.බි. එකවුන්ට් එකක් නැති නිසා මට ඒක දැනගන්න විදියක් නැහැ... හැබැයි මට එහෙම චෝදනාවක් තියෙනවා කියලා සඳහනක් තිබුණු බව මට යාළුවෙක්වත් කිව්වේ නම් නැහැ. ඒ කොහොම වුණත් මට නම් කියන්න තියෙන්නේ මම නම් කිසිමදාක මා වෙනුවෙන් මගේ මනාප පාවිච්චි කරලා නැහැ කියන එක. මේ ක්‍රමවේදය යටතේ කෙනෙකුට පුළුවන් තමන්ටම මනාපය ලබා දෙන්න. විවිධ හේතු මත විශාල ජනතා මනාපයට ලක්වන අය ඉන්නත් පුළුවනි. ඇඟ නිරාවරණය වන ඇඳුමක් ඇඳලා, ප්‍රසිද්ධ තැනක ගැටුම් ඇති කරගෙන එහෙම නැත්නම් මොකක් හෝ ආන්දෝලනාත්මක පුවතකට හේතුවක් වෙලා කතාබහට ලක්වන නිළියෝ වගේම එකම ටෙලි නාට්‍යයක පෙනී හිටපු නළුවෝ නිළියෝ වුණත් විශාල ජනතා කතාබහට ලක්වෙලා ජනතා මනාප ලබන්නට බැරි නැහැ. 
 
ඒ වගේ කෙනෙකුට විශාල ජනතා මනාපයක් ලැබිලා ජනප්‍රිය නළුවා හෝ නිළිය වීම ගැන මොකද හිතන්නේ ? 
සම්මාන උළෙල සංවිධායකයන් සැලකිලිමත් විය යුත්තේ අන්න ඒ වගේ අවස්ථා ගැන කියන එකයි මගේ අදහස. වසර ගණනක් විවිධ චරිත රඟපාලා විශාල රසික පිරිසක් ලැබූ මට විශාල ජනතා මනාපයක් ලබන්න බැරිකමක් නැහැනේ. 
 
ඔබ කිසිම දිනක ඔබට මනාපයක් දීලම නැත්නම් ඔබගේ මනාපය හිමිවන නළු නිළියෝ කවුද .... ?
එච්.ඒ. පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි වැනි නළුවන් වගේම ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, අයිරාංගනී සේරසිංහ වැනි නිළියන්ට තමයි හැමදාම මගේ මනාප තිබුණේ. 
 
ඒ කියන්නේ ඔබේ පරපුරේ සහ ඔබෙන් පසු බිහිවූ නළු නිළියන්ට ඔබ මනාප නැහැ කියන එකද....?
ඒ අයත් දක්ෂයි.... ඒ අයටත් මම කැමතියි. ඒත් මතකයේ රැඳිල ඉන්නේ අර මම කී පිරිස.... මම රංගනයට එන්නේ ඒ ගැන උනන්දුවක් මට ඇතිවන්නේ අපිට කලින් පරපුරේ අයගේ දක්ෂතා දැකලා ඇති වූ උනන්දුවට. ඒ හින්දා විය යුතුයි ඒ පිරිස තදින්ම මතකයේ රැඳිලා තියෙනවා ඇත්තේ.
 
තෙවරක් හිමිවූ ජනප්‍රිය කිරුළ දිගටම රැකගන්න එකත් ලොකු වගකීමක් නේද ...?
2008 දී ක්ෂේත්‍රයට පැමිණි මට නළුවකු විදියට ස්ථාවර වෙන්න පුළුවන් වුණේ 2015 දී.... මට විවිධ චරිත රඟපාන්න අවස්ථාව හිමිවුණා... ඊළඟ වතාවේදී මම ජනප්‍රිය නළුවා වෙයිද හොඳම නළුවා වෙයිද ...  හොඳම  නළුවා වෙයිද හොඳම සහය නළුවා වෙයිද එහෙමත් නැත්නම් කිසිම සම්මානයක් නොලැබි යයිද කියන්න මම දන්නේ නැහැ. මට ලැබෙන චරිත සඳහා උපරිම සාධාරණය ඉටු කරන එක තමයි මගේ බලා‍පොරොත්තුව 
 
පෞද්ගලික ජීවිතේ තොරතුරු කොහොමද ?
අම්මගෙයි අප්පච්චිගෙයි අභාවයෙන් පස්සේ දැන් නංගියි මමයි ඉන්නේ... දැන් නංගී ගැන හොයා බලන්න ඉන්නේ මම..... ඒක මට ලොකු වගකීමක්.... අපේ ලොකු අම්මා කෙනෙකුත් ඉන්න හින්දා මට ලොකු ශක්තියක් .... නංගීගේ ජීවිතයට ස්ථාවරත්වයක් ගොඩනගලා ඊට පස්සේ මගේ ජීවිතයෙත් වෙනසක් කරගන්න ඕන...
 
දැන් කාවිංගගේ ජීවිතයට විශේෂ කෙනෙක් ළං වෙලාද ඉන්නේ ...? 
ඔව් ....
 
ඇය පිළිබඳ තොරතුරු දැනගන්න කාවිංගගේ රසික පිරිස කැමති වෙයි .... ඇය නිළියක්ද ?
දැනට ඇය ගැන කිසිම තොරතුරක් හෙළි කරන්නේ නැහැ.... නංගීගේ අනාගතය ගැන මගේ වගකීම ඉටු කරලා ඊට පස්සේ මගේ විවාහය ගැන හිතනවා.... අන්න ඒ කටුයුතු සිදු වනදාට මගේ පෙම්වතිය ගැන සියලුම තොරතුරු රටටම හෙළිි කරනවා. 
 
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ     
 
ආරියවංශ කුලතිලක {jcomments on}

වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ වාර්තා වන අතර මෑතක සිට කෙටිකාලීන වකුගඩු ආසාදන වඩාත් වේගයෙන් පැතිරෙන බව දක්නට ලැබේ. එබැවින් එකී රෝගයට හේතුව කුමක්දැයි සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ. එම රෝගී තත්ත්වයට කාමරංකා පලතුර එක හේතුවක් බව විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමත් සමග රටේම අවධානය කාමරංකා වෙත යොමු විය. මේ එම වෛද්‍යවරයා හා කළ සාකච්ඡාවකින් ලියැවෙන ලිපියකි.
 
අපේ ළමා කාලයේ ගෙවතුවල බොහෝ පලතුරු ගස් තිබුණා මතකය. එහෙත් ඒ බොහෝ පලතුරු අපට සිත් සේ භුක්ති විදීමට දෙමාපියන් ඉඩ දුන්නේ නැත. ඒ විවිධ ලෙඩ දුක්වලට ඒවා මුල්වන බව කියමිනි. එහෙත් එක්තරා ගසක ගෙඩි සිත් සේ කෑමට අපට බාධාවක් නොවීය. කොළ පාටින් දිළිසි දිළිසි දාර බේරි තිබූ ඒ ගෙඩි කටට ගෙන හැපූ සැනින් කට කන ළඟට ගොස් කට කෙළවරින් කෙළ බේරෙන තරමේ ඇඹුලක් දැනුණා මතකය. කාමරංකා ලෙසින් හැඳින්වූ එකී පලතුරු විශේෂය අප එදා කොලුකමට කා දැමුවද අපේ අම්මලා තාත්තලා එය කෑමට ගත්තේ ‘සීනි අමාරුවට’ හොඳ බව කියමිනි. එහෙත් අප මේ කියන්නට යන්නේ කාමරංකා ගැන ඊට වඩා ඉඳුරාම වෙනස් ප්‍රවෘත්තියකි.
කාමරංකා ගැන මෙතුවක් රටේ තිබුණේ එය දියවැඩියාවට හොඳ බෙහෙතක් බවය. එමෙන්ම නිතර කෑමෙන් දත් පිරිසිදු වන බවට විශ්වාසයක්ද විය. එහෙත් මේ සියල්ල යටපත් කරමින් පසුගිය සතියේ කාමරංකා ගැන අලුත් පුවතක් රට පුරා පැතිර යන්නට විය. බට කැ‍ලේට ගිනි තිබ්බා සේ රටේ පැතිරුණ එකී පුවතින් කියවුණේ කාමරංකා නිසා වකුගඩු අකර්මණ්‍ය වන බවය. මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය කර තිබුණේ ජාතික රෝහ‍ලේ වෘක්ක වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන එරංග විජේවික්‍රම විසිනි.
අනාදිමත් කාලයක් ලාංකිකයාගේ ජනප්‍රිය පලතුරක් වූ කාමරංකා මෙතරම් බිහිසුණු රෝගී තත්ත්වයකට අත වනන්නේ කෙසේදැයි ඔහු පැහැදිලිි කළේ මෙසේය.
“කාමරංකා කියන්නේ ඇඹුල් රසැති පලතුරකි. මෙහි ඔකසිලික් ඇසිඩ් නමැති අම්ල වර්ගය අඩංගු වෙනවා. මෙකී අම්ල වර්ගය ශරීරගත වූ පසු වෘක්කාණු (වකුගඩු තුළ ඇති)නම් නාල විශේෂයට හානි ගෙන එනවා. ඒ කියන්නේ ඒ නාල අවහිර වෙනවා. වකුගඩුවල මෙවැනි නාල විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා මුත්‍රා පෙරීමට දායක වෙනවා. මෙම නාල අවහිර වීම නිසා මුත්‍රා කිරීම අඩාලවී සිරුරෙන් ඉවත්විය යුතු විෂ වර්ග වන යූරියා වැනි දේවල් වකුගඩු තුළ රැඳෙනවා. එය හානි කරයි“
විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන පරිදි කාමරංකා පිළිබඳ සැකය ඔහු තුළ ජනිත වනුයේ අහඹු ලෙස කළ තොරතුරු විමසීම් නිසාය.
“ජාතික රෝහලට එන වකුගඩු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එක් කොටසක් අපි දන්න නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන අය. අනිත් අය දියවැඩියාව, විෂබිජ ශරීරගතවීම වැනි යම් නිශ්චිත තත්ත්වයක් නිසා වකුගඩු රෝගී වූ අය. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා ඒ හිටි හැටියේ වකුගඩු රෝගී වූ අයයි. එය විශේෂ තත්ත්වයක්. නිරෝගීව සිටි කෙනකු හිටි හැටියේ වකුගඩු අසාදිතයන්වීම සුවිශේෂ කරුණක්. එවැනි රෝගීන්ගේ රෝගී තත්ත්වය ගැන දැන ගන්න අපි විවිධාකාර ප්‍රශ්න කිරීම් කරනවා. එතැනදී ඔවුන්ගේ ආහාරපාන, ඇවතුම් පැවැතුම්, රැකියාව වැනි දේ ගැන අපි විමසනවා. එවැනි සොයා බැලීම්වලදී රෝගීන් ගණනාවකගෙන්ම කාමරංකා ආහාරයට ගත් බව තහවුරු කරගන්නට පුළුවන් වුණා” 
රෝගීන්ගේ ප්‍රකාශ මගින් කාමරංකා ගැන ඇතිවූ සැකය තහවුරු කර ගැනීම වෛද්‍ය එරංග ඇතුළු සගයන්ගේ ඊළඟ අවශ්‍යතාව ලෝකයේ විවිධ රටවල පළමු වෛද්‍ය ‍ලේඛන (Medical jarnal) විධිමත්ව අධ්‍යයනය කරන්නටද සිදුවිය. එහිදී බොහෝ ‍ලේඛනවලින් වකුගඩු ආසාදනය සහ කාමරංකාවල සබැඳියාව තහවුරු කරගත හැකි විය. 
ඒ අනුව දිගු කලක් කළ සොයා බැලීම්වල අවසානයේ කාමරංකා කෙටි කාලීන වකුගඩු ආසාදනවල සබැඳියාව තහවුරු කර ගත හැකි විය. කාමරංකා මගින් කෙටි කාලීන වකුගඩු රෝග ඇති කිරීම එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඇතැම්හු  දින ගාණක් හෝ මාස ගාණක් කාමරංකා කෑ පසු කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාවට ලක්ව ඇත. එමෙන්ම තවත් අය එක කාමරංකා ගෙඩියක් කෑ පසු මෙකී රෝගී ලක්ෂණ පෙන්වා ඇත. තවත් අය පානයක් ලෙස එක දිනක් පානය    කළ පසු රෝගී ලක්ෂණ පෙන්වා ඇත. ඊට හේතුව වෛද්‍ය එරංග විජේවික්‍රම පහදා දෙනුයේ මෙසේය.
“කාමරංකා ප්‍රධාන ආහාර වේලට පසු අතුරුපසක් ලෙස ගැනීම එතරම් ගැටලුවක් නොවෙයි. ඒත් හිස්බඩ කාමරංකා කෑම හෝ බිම සුදුසු නෑ. ඊට හේතුව ආමාශයේ ආහාර නැති වෙලාවලදී කාමරංකාවල ඇති ඔක්සිලික් අම්ලය සෘජුවම ශරීරගත වන වීමයි.
ඒ වගේම තමයි කන ප්‍රමාණය, දිනපතා ගෙඩි ගණනාවක් කෑම නැතිනම් ගෙඩිය බැගින් දිගුකාලයක් කෑම රෝගී ලක්ෂණ පෙන්වීමට ගතවන කාලයට බලපානවා. ඒ වගෙම තමයි ඔබේ වකුගඩුවල ඔබ නොදන්නා සුළු හෝ රෝගී තත්ත්වයක් තිබුණෙත් කාමරංකාවල හානිය ඉක්මනින් දැනෙන්න පුළුවන්”
අතීතයේ කාමරංකා වැඩිපුර කෑවේ ගම්වල ඇත්තන්ය. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. නාගරික සුපිරි ජීවිත ගත කරන්නන්ට කෑම මේසයේදී තමුන් අමතක කළ ගම සිහිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ නිසාමදෝ ඔවුහු අඟුණකොළ, තැල් කොළ, පතෝල, වැටකොළු, මියන දලු ආදී ගම්වල කෑම සොයා යති. අනෝදා, වෙරළු, කාමරංකා වැනි හද්දා පිටිසර  සුලබ පලතුරු සොයා සොයා යති. අලුත්ම ‘ටේ‍රන්ඩ්’ එක වී ඇත්තේ පලතුරු කෑම නොව බිමය. ඒ නිසා නාගරිකව ජීවත්වන්නෝ ජූස් බාර්වලට ගොඩවී සිත්සේ පලතුරු යුෂ පානය කරති. බොහෝ අය මේවා බොන්නේ උදෑසන ජොගිංවලට ගොස් එද්දී “ඒ වගේ වෙලාවට අපි ඉන්නේ හිස් බඩ. දාඩිය දාලා ඇඟේ ජල ප්‍රමාණය අඩුයි. ඉතින් ලොකු කාමරංකා වීදුරුවක් බිවම අපේ ශරීරයට වෙන හානිය ඉතාම වැඩියි. වකුගඩුවලින් තනිකරම කාමරංකා යුෂ පෙරන්න ගියාම වෘක්කාණු හානියට පත්වීම කඩිනම් වෙනවා” යැයි වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන්නේය.
කාමරංකා ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් වැළකිය යුතු අය ලෙස වෛද්‍යවරු හඳුන්වන කණ්ඩායම් කිහිපයක් වේ. ඒ දියවැඩියා රෝගීන්, වකුගඩු බද්ධ කළ හෝ උපතින්ම එක වකුගඩුවක් ඇති රෝගීන් හා කිසියම් ආකාරයක වකුගඩු ආසාදනයකට ලක්වූවන් යන කණ්ඩායම්ය.
“එහෙම අය කාමරංකා ආහාරයට ගන්නවා නම් ඉක්මනින්ම රුධිර පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි“ වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරන්නේය. 
දිගු කලක් පුරා අප කෑමට ගත් පලතුරක් ගැන අලුතින් මතුව ඇති අවදානම කුමක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. වෛද්‍ය එරංග ජයවික්‍රම පවසන පරිදි කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාව සෑමවිටම මරණයෙන් කෙළවර නොවේ.
“කාමරංකාවල තියෙන ඔක්සිලික් ඇසිඩ් නිසා වෘක්කාණු අවහිර වුණ අය යළිත් එම පලතුර නොකා සිටීමෙන් වගේම ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවවන අවස්ථා තිබෙනවා. මොකද මෙම අවහිරතාව මහගැරී ගිය පසු මුත්‍රා පෙරීම සාමාන්‍ය අතට පත්වෙනවා. ඒත් වකුගඩු වැනි සංවේදී ඉන්ද්‍රියකට වන හානිය යළි සියයට සියයක්ම යථා තත්ත්වයට පත්වන්නේ නෑ. එවැනි රෝගියකුට පසුකාලීනව අවදානම ඉතා වැඩියි. ඒ වගේම තමයි විෂබිජ ශරීරගත වීමකට ලක් වුවහොත් තත්ත්වය බරපතළ විය හැකියි. විශේෂයෙන්ම කාමරංකා දියවැඩියාවට ගුණදායක බව පැවැසුනත් එවැනි රෝගීන් මෙම පලතුර ආහාරයට ගැනීම භයානකයි“ වෛද්‍ය එරංග පවසන්නේය.
එළවළු සහ සහල් වැනිදේට කෘෂිරසායනික අවිචාරවත්ව යොදන බව දැන දැනත් අපි ඒවා කරන්නෙමු. ඒ වෙනත් විකල්ප නැති බැවිනි. එහෙත් කාමරංකා යනු එලෙස නොතකා බැරි පලතුරක් නොවේ. එබැවින් හැකි සැමවිටම කාමරංකා කෑමෙන් වැළකී සිටීම සුදුසුය. එමෙන්ම කාමරංක කන සියලුදෙනාට වකුගඩු ආසාදන ඇතිවන්නේ නැති බවද වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන්නේය.
කාමරංකාවලට අමතරව එම කුලයටම අයිති බිලිංවලද ඔක්සිලික් ඇසිඩ් අඩංගුය. එබැවින් එයද ආහාරයට ගැනීමට පෙර සිතා බැලීම වඩාත් සුදුසුය.
 
ජීවක ජයසිංහ {jcomments on}

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2185

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1571

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3117

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1822

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6584

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3975

Please publish modules in offcanvas position.