Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දිවංගත හිටපු ඇමැතිවරයකු වූ අමරසිරි දොඩංගොඩ එකල සිය දේශපාලන කටයුතු කරගෙන යනු ලැබුවේ ගිංගඟ පහළ නිම්නයේ පිහිටි නිවසක සිටය. ගිංගඟ අසබඩ පිහිටි එම නිවස දොඩංගොඩ ඇමැතිවරයාගේ මවට අයත්ව තිබූ නිවසකි. ඔහු ඉරිදා හා සෙනසුරාදා  දිනවල  සිය පාක්‍ෂිකයන්ගේ  ඕනෑඑපාකම් සොයා බැලවේ මේ ගෙදර සිටය. එහෙත් දැන් මේ ගෙය ලොකු විපර්යාසයකට ලක්වෙලාය. දේශපාලනය නිසා නොසන්සුන්ව පැවැති එ් ගෙදර දැන් බොහෝ සන්සුන්ය. එකල නිල්පාටින් ළෙලදුන් කොඩි වෙනුවට අද ඇත්තේ බෞද්ධ කොඩිය. මේ විපර්යාසයට මුල ඇමැතිවරයාගේ මෑණියන් වු පුණ්‍යාවතී මහත්මියගේ සිත තුළද පැවැති ලොකු ආශාවකි. එ් කෙදිනක හෝ මෙකී නිවස මෙහෙණින් වහන්සේ සඳහා ආරාමයක්  වශයෙන් පූජාකිරීමටය.  දොඩංගොඩ මෑණියන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කළේ දොඩංගොඩ ඇමැතිවරයාගේ සොයුරියක වන චන්ද්‍ර මාලනී දොඩංගොඩ හා යසනායක තිලකරත්න යුවළ ඇතුළු දූ දරුවන්ය. මේ නිවසේ දැන් හිමිකාරිය චන්ද්‍රා මාලිනීය. ඇය දැන් සිටින්නේ පිළියන්දලය. චන්ද්‍රා මාලිනී එම නිවස ආරාමයකට පූජා කළාය.

ආලෝකෝ උදපාදි සිල්මාතා භාවනා  ආරාමය නමින් මෙය හැඳින්වෙන්නේය. දැන උගත්  මෙහෙණින් වහන්සේ හය නමක් භාවනායෝගිව මෙහි වැඩ වසති. මාලඹේ ධම්ම විමුක්තා මෙහෙණින් වහන්සේ මෙකි ආරාමයේ ආරාමාධිපති ධුරය හොඹවති. අපි එහි යන විට එහි වැඩ සිටියේ තරුණ මෙහෙණින් වහන්සේ දෙනමකි. ඒ මහරගම ධම්මතුසිතා සහ අතුරුගිරියේ ධම්ම සුඛිතා යන මෙහෙණින් වහන්සේලාය.  මෙම මෙහෙණින් වහන්සේ දෙනම මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණ කරණය හා නිපයුම් ප‍්‍රවර්ධනය පිළිබඳ උපාධිය ලැබූ ඇත්තෝ් වෙති. දෙදෙනාම ගිහි කල මිතුරියෝය.
ධම්මතුසිතා මෙහෙණින් වහන්සේ පමණක් නොව උන්වහන්සේ ගිහි කාලයේ සිටි සැමියාද පැවිදි වී සිටිති. එ් ගැන ධම්මතුසිතා මෙහෙණින්වහන්සේ කියන්නේ මෙසේය.
මම ඉපදුණේ නුවර. අකුරු කළේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ජිව විද්‍යා අංශයෙන් තමයි උසස් පෙළ කළේ. උසස් පෙළ සමත් වෙලා. මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත්වුණා. ජීව විද්‍යා අංශයෙන්  උසස්පෙළ කළත් මට වෛද්‍යවරියක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. හැමෝම කරන දෙයට වඩා වෙනස් ප‍්‍රවාහයක දෙයක් කරන්න තමයි මට අවශ්‍ය වුණේ. මම පවුලේ තනි ළමයා. අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා මම පොඩි කාලයේ ඉඳලා පිටරට රැකියාවක් කළේ. මම කවදාවත් පිටුපසට ගියපු අයෙක් නෙවෙයි අම්මා වුණත් මට කීවේ ඕයාට  ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. මොරටුව විශ්වවිද්‍යාලයේ දී විලාසිතා නිර්මාණකරණය හා නිපයුම් ප‍්‍රවර්ධනය  යන  අංශයෙන් තමයි උපාධිය කළේ. උපාධිය  ගැනීමෙන් පසුව ලංකාවේ තියෙන ප‍්‍රධාන ඇඟලූම් කම්හලක රැකියාවක් කළා. මගේ ගිහි කාලේ සැමියාත් මොරටුව විශ්වවිද්‍යාලයේ මම හදාරපු පාඨමාලාව හදාරලා තමයි උපාධිය ලබා ගත්තේ. ඔහුත් වැඩ කළේ මා රැකියාව කළ ස්ථානයේමයි.
විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට මහණ වෙන්න  ඕන කියලා අදහසක් තිබුණේ නැහැ. නමුක් මේ පද්ධතියෙ ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා දැනුණා. රැකියාව කරන අතර තුර තමයි බණ අහන්න යොමුවුණේ. ගිහි ජීවිතේදි  මගේ සැමියා තමයි මුලින්ම වසන්ත කියන මහත්තයාගෙන් ධර්මය අහන්න ගියේ. ඇත්තටම එ්ක ධර්ම සාකච්ඡාවක්. මිතුරු මිතුරියන්  පිරිසක් සමග තමයි  ධර්මය පිළිබඳ සාකච්ඡා කළේ. ඒ ධර්ම සාකච්ඡාවේදි  මහත්තයාගේ හිතට තදින් වැදිලා තිබුණා. ඔහුට මා කීවා,  මමත් එනවා කියලා බණ අහන්න යන්න. ඒ අනුව ඒ ධර්ම සාකච්ඡාවට මාත් සහභාගි වුණා. හැම කෙනෙක්ම ජිවිතයේ සතුටක් සැනසුමක් බලාපොරොත්තුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. යථාර්ථය කුමක්ද කියන එක කොහෙන්වත් ලැබිලා තිබුණේ නැහැ. ධර්ම මාර්ගය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කරමින් ඉන්නකොට මහාබෝධි අග‍්‍රශ‍්‍රවක මහා විහාරයේ  වලස්මුල්ලේ අරිය ස්වාමින් වහන්සේගේ දේශනාවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.  භාවනා වැඩසටහන්වලට සහභාගි වුණා. අපේ ජීවිතයේ මෙතුවක් කල් හොයපු  හොයන සැනසීම තියෙන්නේ ධර්ම මාර්ගයේ බව අපට වැටහෙන්න පටන් ගත්තා. 
අපි දෙදෙනා  ත‍්‍රිපිටකය  පොත් හොයා ගෙන කියවන්න පටන් ගත්තා. මේ කාලයේ දි කොහොම හරි දෙමව්පියන්ගේ වුවමනාවට  වෙඩින් එකත් ගත්තා. නමුත් ඒ අවස්ථාවේ නම් මහණ වෙන්න අදහසක් තිබුණේ නැහැ.  නමුත් කවදාහරි මහණ වෙනවා කියන එක හිතේ තිබුණා.
විවාහ වුණාට පසුවත් අපි දෙදෙනාම ත‍්‍රිපිටකය කියවන්න පටන් ගත්තා.  භාවනාවෙන් ලොකු සැනසීමක් ලැබුණා. අකුසල් හදා ගන්න මේ වැඩපිළිවළේ  තවදුරටත් සිටිය යුතු නැහැ කියලා  අපට තේරුණා. ඉන් පසු අපි දෙන්නා සාකච්ඡුා කරලා තීන්දු කළා මහණ වෙන්න.
ඒ වනවිට මගේ ගිහි කාලයේ දී විශ්වවිද්‍යාල මිතුරිය ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ නමින් මහණ වෙලා සිටියේ. උන්වහන්සේ හමුවෙලා අවශ්‍ය උපදෙස්  ගත්තා. ගිහි කාලයේ මගේ සැමියා මට කලින් මහණ වුණා. ඔහු මහණ වුණේ මගේ මහණ පින්කමට අවශ්‍ය සියලූදේවල් කරලා. උන්වහන්සේගේ මහණ පින්කමට මමත් සහභාගිවුණා. ඒ වෙලාවේ මට හිතුනේ අනේ සාදු කියලා. අපි කොහෙද ඉන්නේ. මේ ඉන්නේ අපිට මොනවා දාලා යන්න බැරිවද ඉන්නේ කියලා හිතුණා. ඇත්තටම අත්හරින්න බැරි දෙයක් නැහැ.මගේ මහණ පින්කමට උන්වහන්සේත් සහභාගි වුණා. තලගුනේ මෙත්තා ධම්මශීලි මෙහෙණින් වහන්සේ තමයි මාව මහණ කළේ. මේ වනවිට මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබු  හය දෙනෙක් පැවිදි වෙලා ඉන්නවා. ඒ අය  අතර ඉංජිනේරුවන්ද ඉන්නවා”  ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ කීහ.
මේ ආරාමයේ  වැඩ වසන අතුරුගිරියේ ධම්ම සුඛිතා  මෙහෙණින් වහන්සේ. ගිහි කළ කොළඹ මියුසියස් විද්‍යාලයේ  ආදි ශිෂ්‍යාවකි.  ඕ මොරටුව විශ්ව විද්‍යාලයේ  විලාසිතා නිර්මාණ කරණය හා නිපයුම් ප‍්‍රවර්ධනය පිළිබඳ උපාධිය හදරා ඇත්තාහ. සුඛිතා මෙහෙණින් වහන්සේ විසිහත් හැවිරිදි වියේ  පසුවෙති. 
”මගේ තාත්තා ඉංජිනේරුවරයෙක්. අම්මා විධායක නිලධාරිණියක්. මම පවුලේ බාල දියණිය.  උසස් පෙළ සමත්වෙලා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා උපාධිය ලබා ගත්තා. ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ   ගිහි කාලයේ දී   මොරටුව විශ්ව විද්‍යාලයේ මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක්. එහිදි තමයි ඇය දැන හඳුනා ගත්තේ. වසන්ත මහත්තයා හමුදාවේ හිටපු අයෙක් රැකියාව කරන අතරේ තමයි ඔහුගේ ධර්ම සාකච්ඡුාවලට ගියේ. මුලදී ගෙදරින් විරුද්ධ වුණා බණ අහන්න යනවාට. ඉරිදාට තමයි ධර්ම සාකච්ඡා තිබුණේ. නමුත් පසුව  එ්ක හරිගියා. බණ අහනකොට මට තේරුණා මේවා අල්ලන් ඉන්න  ඕනේ නෑ කියලා.  ඕනෑ දෙයක් අත හරින්න පුළුවන් තත්ත්වයට මම හිත හදාගෙන සිටිය නිසා මහණ වෙන්න තීරණය කළා.
අම්මාට කීවා අම්මේ මම මහණ වෙනවා කියලා. අම්මා ඒ වනවිට හිත හදාගෙන තිබුණේ. මහණ වන විට පවුලේ සියලූ දෙනාගේ ආශිර්වාදය ලැබුණා. ගිහි කාලයේ දී මට පෙම්වතෙක් හිටියා. ඔහු ඉංජිනේරුවෙක්. ඔහුත් මාත් සමග බණ අහන්න ගියා. එයත්  මට ආශිර්වාද කළා. බැඳීම්වල තියෙන ආදීනව එයත් දැනගෙන හිටියා.  ඔහුත් මහණ වේවි.” යැයි සුඛිතා මෙහෙණින් වහන්සේ අප සමග කීහ.
 
ලලිත්  ඕපාත/ ජිනේෂ් නානායක්කාර

අප රටේ සිදුවන සාපරාධී ක්‍රියා වලින් සැලකිය යුතු කොටසක් අනියම් සබඳතා මත පදනම් වන බව පෙනේ.

ඒ අතර අනියම් ඇසුරක් පවත්වන අඹුසැමියන් අතර ඇතිවන සාපරාධී සිදුවීම් අපට වරින් වර අසන්නට ලැබේ. අනියම් බිරිඳ මරා දැමීම, අනියම් සැමියාගේ රහසඟ කපා දැමීම මාස කිහිපයකට වරක් වත් දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ අසන්නට ලැබෙන බව අප කිසිවෙකුටත් රහසක් නොවේ.

එහෙත් අනියම් අඹුසැමියන් අතර මෙවන් සාපරාධී ක්‍රියා බහුල වීමට බලපාන මනෝ විද්‍යාත්මක හේතූන් පිළිබඳව මෙතෙක් විවෘත කතිකාවක් හටගෙන නැත. ‍‍

කවර හෝ සමාජ සංස්කෘතික පසුබිමක් තුළ සම්මත සදාචාරයට එරෙහි අනියම් සබඳතා වලට කිසිදු පිළිගැනීමක් හිමි නොවේ. ලොව සෑම ආගමකින්ම පාහේ ද අනියම් සබඳතා තරයේ ප්‍රතික්ෂේප කෙරේ. එවන් සමාජ සංස්කෘතික පසුබිම  තුළ හටගන්නා මානසික ගැටුම්කාරී තත්ත්වයන් මූලික වශයෙන් මානසික සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. එමෙන්ම සාමාන්‍ය විවාහ ජීවිතයක පවත්නා සහනශීලී ස්වභාවය අනියම් සබඳතා තුළදී ඒ අයුරින්ම පවත්වා ගැනීමට නොහැකි වීමට පුළුවන.

සාමාන්‍යයෙන් විවාහයක දී මෙන් නොව අනියම් සබඳතාවයක දී ලිංගිකත්වය ප්‍රධාන තැනට පත්වීම බොහෝ විට සිදුවෙයි. නොඑසේ නම් බොහෝ අනියම් හාදකම් පවත්වනුයේ ලිංගිකත්වය කේන්ද්‍ර කර ගනිමිනි. එමෙන්ම අප ජීවත්වන සමාජ සංස්කෘතික රටාව තුළ අනියම් සබඳතා සඳහා සමාජීය වරප්‍රසාදයන් හිමිනොවන තරම්ය. එනිසා අනියම් සබඳතාවය යනු එක්තරා අන්දමක ‘සංස්කෘතිකමය සොරා කෑමකි’. මේ තත්ත්වය යටතේද කෙනෙකු තුළ තිබිය හැකි මානසික සහනශීලිත්වය අවප්‍රමාණ වීමට බොහෝ ඉඩකඩ තිබේ.

අනියම් සබඳතා පවත්වන්නවුන් තුළ මානසික ව්‍යාකූලතා ඇතිවීමට බලපාන තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ ඔවුන් තුළ පහසුවෙන් රෝපණය වීමට ඇති ලිංගික ඊෂ්‍යාවයි. තමන් ඇසුරුකරන අනියම් බිරිඳ හෝ සැමියා පූර්ණ ව‍ශයෙන් තමන්ට අයත් නොවන බවත් ඔහු හෝ ඇය සම්බන්ධ තවත් ලිංගික හිමිකරුවෙකු, හිමිකාරියක හිඳින බවත් හැඟීයාම මෙම ලිංගික ඊෂ්‍යාවට පදනම් විය හැක.

එමෙන්ම සෑම විටකම අනියම් සබඳතාවයක් ගොඩනැගෙනුයේ සම්මත නීතිය සහ සදාචාරය උල්ලංඝනය කරමිනි. එනිසාම එවන් සබඳතා‍ පවත්වන සෑම කෙනෙකු තුළම කිසියම් වරදකාරී හැඟීමක් ඇති වීමේ පහසු අවකාශයක් තිබේ. මෙය තවදුරටත් වර්ධනය වීමෙන් අනියම් සැමියා හෝ බිරිඳ පිළිබඳව අනෙකා තුළ ලිංගික ඊෂ්‍යාවක් සහ සැකයක් හටගැනීමට පුළුවන. තම අනියම් සැමියා හෝ බිරිඳ තමන් වෙතට පැමිණ ඇත්තේ සිය නීත්‍යානුකූල සහකරු හෝ සහකාරිය සිටිය දී බව අනෙකා දනී. මේ තත්ත්වය යටතේ තමන්ට වඩා ගැලපෙන වෙනත් සහකරුවෙකු හෝ සහකාරියක හමුවීමෙන් පසු ඔහු හෝ ඇය තමන් හැර යනු ඇතැයි යන සැකය මෙවන් අනියම් සබඳතා පවත්වන අඹුසැමියන් අතර බහුලවම හට ගනී. ඒ අනුව තම අනියම් සහකරු හෝ සහකාරිය වෙනත් කාන්තාවක හෝ පිරිමියකු දෙස බැලීම කතා කිරීම මුල‍්කොට පවා අනිකා තුළ ලිංගික ද්වේශයක් ඇතිවීම ස්වභාවිකය. එවන් ලිංගික ද්වේශයක් පිබිදීම අපරාධ වලට පහසු ඉඩකඩක් සලසයි.

සාමාන්‍යයෙන් අනියම් සබඳතා‍වයක් ගොඩ නැගෙනුයේ යුග ජීවිතය තුළ පවත්නා කිසියම් අඩුවක් අතෘප්තියක් නිසා බව පොදු පිළිගැනීමකි.  එහෙත් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මකව විමසා බැලීමේ දී පෙනී යන්නේ එය පිළියම් යොදා නැවත සකස් කළ හැකි තත්ත්වයක් බවය.

එවන් පසුබිමක් තුළ මානසික සෞඛ්‍යය කෙරෙහි අයහපත් ලෙස බලපාන අනියම් සබඳතා ප්‍රවර්ධනය වීම පුද්ගල, පවුල් සහ සමාජමය වශයෙන්ද අහිතකර ප්‍රතිඵල ‍ගෙන එන්නක් බව මනෝවෛද්‍යවරුන්ගේත්, පවුල් උපදේශකයන්ගේත්, මනෝවිද්‍යාඥයන්ගේත්, සමාජවිද්‍යාඥයන්ගේත් පොදු අදහස වී තිබේ.

විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ

එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව බැහැර කරන ක්‍රියාවකි. නමුත් එවැනි අතිශය ම්ලේච්ඡ සාහසික ක්‍රියාවන්ට ජාතික මට්ටමේ අගයක් වටිනාකමක් ලබාදීම එම බිහිසුණු සාපරාධී කාරියට‍ අනුරූප වන තවත් ම්ලේච්ඡ ක්‍රියාවකි.

නමුත් අප සමාජයේ කිනම් තැනක හෝ එවැනි කුරිරු ම්ලේච්ඡ සිදුවීමක් වූ  සැනින් මෙරට ජාතික යැයි කියාගන්නා පුවත්පත් මගින් එම කුරිරු ම්ලේච්ඡ අපරාධය ප්‍රධාන සිරස්තලය වශයෙන් හුවාදැක්වීම තවමත් නිරතුරුවම සිදුවන්නකි. ඕනෑම සමාජයකින් දුරින් දුරුකළ යුතු මෙබඳු කුරිරු ම්ලේච්ඡ ක්‍රියාවන් සඳහා කිනම් හෝ අයුරකින් ජාතික මට්ටමේ අගැයුමක් වැදගත්කමක් ලබාදීම සහ ජනසමාජය ඊට අනුගත වීම එම ජනසමාජයේ පවත්නා ආකල්පමය ම්ලේච්ඡ බව මැනවින් ප්‍රදර්ශනය කරන්නකි.

අපරාධ, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, දේපල ගිනිබීම්, මංකොල්ල කෑම් ඇතුළු සාපරාධී ක්‍රියාවන් සහ දිවිනසා ගැනීම් වාර්තාකරනයේ දී ඒ සම්බන්ධ විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කිරීම ‍ලොව පුරා බොහෝ ජනමාධ්‍යයන් හි දක්නට ලැබෙන දෙයකි.

අප රටේ වුව ඉංග්‍රීසි පුවත්පත් වලින් ද ඒ පිළිබඳ විනයක්, සංවරයක් සහ සංයමයක් ප්‍රකට කෙරේ. එහෙත් ඒ සම්බන්ධයෙන් අපරටේ සිංහල ජනමාධ්‍ය අදත් පසුවනුයේ අතිශයින් නොදුයුණු තත්ත්වයකය.

සමාජයෙන් දුරින්දුරු කළයුතු එබඳු සිදුවීම් සහ ක්‍රයාදාමයන් සම්බන්ධයෙන් සමාජය දැනුවත් විය යුත්තේ මන්ද? ඒ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳව ලෝකයේ දියුණු රටවල පොදු මාධ්‍ය කථිකාවක් ඇති වී තිබේ.  අපට ආසන්නතම රට වන ඉන්දියාවේ ද මෙම කථිකාව ප්‍රබල ලෙසින් ක්‍රියාත්මක වන බව පෙනේ. කිසියම් සිද්ධියක ඇති බිහිසුණු බව අනුව එය එලෙසින්ම ජනතාව හමුවේ ප්‍රචාරය  කිරීම  පිළිබඳව කිහිපවරක් සිතා බැලීම ලොව සම්භාවිත මාධ්‍ය කලාවේ; පුවත් ප්‍රචාරණයේ වැදගත්ම අංගයක් වී තිබේ. ඒ අනුව එවන් සිද්ධියක් වාර්තා කරනුයේ පළමුකොට එයින් ජනතාවට අත්කරගත හැකි සාධනීය ප්‍රතිඵල පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුවය. නමුත් විද්‍යා තාක්ෂණික අතින් මෙතරම් දියුණු තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවත්නා මෙම අවිචාරශීලී බව පිළිබඳව මේ දක්වා ප්‍රබල සමාජ කතිකාවක්  හටගෙන නැත.

 කිසියම් මානසික රෝගියෙකු ; කාමෝන්මාදයකින් පෙළෙන කිසියම් පුද්ගලයෙකු විසින් එකම පවුලේ කාන්තාවන් කිහිපදෙනෙකු දූෂණය කළ හොත් ඒ කාන්තවශයෙන්ම එය අපරටේ ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලය බවට පත්වනු ඇත. එය අපගේ සිංහල මාධ්‍ය කරුවන් සිතන අන්දමට එය ජාතික වශයෙන් වැදගත් පුවතක් නිසා විය හැක. එසේ නැතිනම් එය හුදෙක් අප ජනසමාජයේ ලිංගිකත්වය, ප්‍රචන්ඩත්වය සහ භීතිය යන මූලික ආවේග කුළුගැන්වීම තුළින් එම ප්‍රවෘත්තියට වෙළඳ වටිනාකමක් ලබා දීමට ඇති හැකියාව ඒ මාධ්‍යකරුවා දන්නා නිසා වැය හැකිය.

එහෙත් එබඳු අපරාධ දිවිනසාගැනීම් පිළිබඳව ප්‍රවෘත්තීන් නිතර දෙවේලේ අසන සමාජය තුළ ඒ පිළිබඳව ඇති පිළිකුල,  ජුගුප්සාව සහ විරෝධය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම වැලැක්විය නොහැක.

මුලදී එබඳු සිදුවීම් කෙරෙහි අතිශයින් සංවේදී වන ජනසමාජය පසුව එවන් සාපරාධී පුවත් කෙරෙහි විසංවේදී කරනය (Desensitization) නම් තත්ත්වයට පත්වීම සාමාන්‍ය දෙයකි. පියා විසින් තම දියණිය කෙලෙසූ පුවත් අතීත ජනසමාජයට එක්තරා අරුමයක් විය. එබැවින් ඒවා වරින් වර ජනමාධ්‍ය වලින් ද ප්‍රචාරය කෙ‍රිණ. නමුත් එබඳු පුවත් සඳහා පුවත් පතකින් වුව සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් හිමිනොවනුයේ එවන් පුවත්වල හිඟතාවය නිසා නොවන බවත් එබඳු ප්‍රවෘත්තීන් සුලබ වීම මත පියා දියණිය කෙළෙසීම සාමාන්‍ය දෙයක් ලෙස පොදු ජනතාව තුළ ආකල්ප ගොඩනැගී ඇති නිසා බවත් මගේ ‍හිතවත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක් මා හා කීය.

ජනසමාජයක් වශයෙන් මෙය කෙතරම් බිහිසුණු තත්ත්වයක් දැයි අපම සිතා බැලිය යුතුය.

පසුගිය තිස්වසරක යුද සමයේ බිහිසුණු ප්‍රචණ්ඩ කාරී පුවත් මුළු මහත් සමාජය පුරා දෝරේ ගලන්නට විය. නමුත් යුද්ධය හමාරවීමත් සමඟ එවන් පුවත් හිඟයක් මතු වුවද එනිසාම එවන් පුවත් කෙරෙහි ඇති ජන අවධානය අඩුවූයේ නැත.

මේ තත්ත්වය මත කුමනාකාරයේ හෝ බිහිසුණු ප්‍රචණ්ඩ කාරී පුවතක් දුටු සැණින් එය පුවත්පත් සිරස්තලයෙහිම තබා එයට වෙළඳ වටිනාකමක් ලබාදීමට අපේ රටේ බොහෝ මාධ්‍යවේදීහූ කටයුතු කරති. එහෙත් ඒ තුළින් ඇතිවන බිහිසුණු, ම්ලේච්ඡ අපරාධ කෙරෙහි ඇති සංවේදීතාවය පොදු ජනමාජයෙන් ඉවත් වී රට පුරා අපරාධ සහ දිවිනසා ගැනීමේ ප්‍රවණතාවයක්  ඇති වීමට පවතින හැකියාව පිළිබඳ ඔවුන් සැලකිල්ලට ගන්නා බවක් නොපෙනේ. ඒ අනුව මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ අපරාධ පිළිබඳ පුවත් කවර මාධ්‍යයකින් හෝ ජනතාව හමුවට ගෙන එන්නේ නම් එමගින් තම මාධ්‍යය ඊනියා ජනප්‍රිත්වයකට පත් කිරීමට වඩා ඉන් ජනසමාජයට ඇතිවිය හැකි සාධනීය බලපෑම පිළිබඳව මාධ්‍යකරුවන් සිතා බැලිය යුතුය. ඔවුන් එසේ ක්‍රියා නොකළහොත් රටෙහි පැතිරයන එම බිහිසුණු අපරාධ සහ දිවිනසා ගැනීම් රැල්ල සම්බන්ධයෙන් එම මාධ්‍යකරුවන් ද ‘සම වගඋත්තර කරුවන්’ ලෙස සමාජය විසින් හඳුනාගන්නා දිනය වැඩි ඈතක වීමට බැරි නැත.

මහාචාර්ය දයා අමරසේකර - සමාජවිද්‍යා අධ්‍යයන අංශය පේරාදෙනිය විශ්වවිද්‍යාලය

අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල ලත් තැනම ලොප් වන්නේ මස්තානම්මා ගැන තොරතුරු ඇසූ දුටු දාටය.
මස්තානම්මා මීමිත්ණියකි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙහි කුඩා අතුපැලක වාසය කරන ඇගේ වයස අවුරුදු 106ක් බව පැවැසේ. ඇයට වයස අවුරුදු 22 වෙත්ම සැමියා මිය ගිය හෙයින් ඇය ස්වාධීනව ජීවත්වීම අරඹා ඇත.
පසුගිය වසර තෙක්ම ඇය ඇගේ ඉවුම් පිහුම් දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයේ යූ ටියුබයට ඇතුළත් කර ඇත. මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව ඉන්දීය ආහාරවලට ප්‍රිය කරන ලෝකයේ බොහෝ දෙනාගේ හදවත් ඇද බැඳ තබා ගැනීමට ඈ සමත්ව සිටින්නීය.
මස්තානම්මාගේ ඉවුම් පිහුම් කෙරෙන්නේ වහළක් යට නොව එළිමහනේමය. ආහාර රස කරන සියල්ල සකසා ගැනෙන්නේ ඇය විසින්මය. ඒවා සාම්ප්‍රදායික ඉන්දියානු රසකාරකයන්ය. එළවළු, පරිප්පු, මාළු, ඉස්සන්, බිත්තර ආදී සෑම ආහාරයක්ම ඇය සකස් කර පෙන්වන්නීය. මේ අපූරු මිත්තණිය තම ආහාර පිස ගැනීම සඳහා භාවිත කරන්නේ දර ළිපයි. ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මැනීමට කිසිදු උපකරණයක් නැත. ඒ සියල්ලට ඇගේ අතේ නෙතේ මිම්ම සෑහේ. ඇගේ ප්‍රියතම උපකරණය වන්නේ සාම්ප්‍රදායික ඉන්දියානු පිහියකි. උක්කුටිකයෙන් බිම හිඳගෙන ඇය  එයින් එළවළු කපයි. එහෙත් එළවළු ශුද්ධ කිරීමට, ‍පොතු හෑරීමට ඇගේ නිය‍පොතු තරම් උපකරණයක් ඇයට නොමැති තරම්ය.

පිසින ලද ආහාර බෙදනු ලබන්නේ කෙසෙල් කොළ මතටයි. ඇගේ පාරිභෝගිකයෝ බිම හිඳගෙන බිම එලන ලද කෙසෙල් කොළවලම ආහාර බුදිති. හැඳි ගෑරුප්පු භාවිතයක් ඇත්තේම නැත. ඇතැම් විටෙක ලොකු කෙසෙල් කොළයක වෙන වෙනම බෙදන ලද ආහාර කිහිප දෙනෙකු වටේට අනුභව කරන අයුරුද දැකිය හැකිය.
මස්තානම්මා පිළිබඳ කෙටි වාර්තා වීඩියෝවක් බි.බි.සී. ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ලොව බොහෝ දෙනා ඇය ගැන සෙවීමට උත්සුක වූහ. මේ වනවිට එම වීඩියෝව නැරඹූ සංඛ්‍යාව 4,508,000 ඉක්මවා ඇත.
අද වනවිට මස්තානම්මා නමින් යූ ටියුබයේ චැනලයක් පවතී, පසුගිය අගෝස්තුවේ  එය ආරම්භ කර ඇත්තේ ඇගේ වැඩිමහල් මුනුපුරා වන ලක්ෂ්මන් සහ ඔහුගේ මිතුරෙකු වන ශ්‍රීනාත් රෙඩ්ඩි විසිනි. ඒ දෙදෙනාම වීඩියෝ සංස්කාරකවරුන්ය. මුලින්ම  ඔවුන් ආහාර පිළියෙල කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන 40ක් අන්තර්ජාලයට එක් කර ඇත. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබි ඇත. ඒ අතරට මිත්තණියගේ ඉවුම් පිහුම් දැක්වෙන වීඩියෝ දසුන් එක්කර ඇත්තේ අනතුරුවයි. ඒ සමගම ඔවුන් නොසිතූ විරූ ලෙස එම දර්ශන ජනප්‍රිය වන්නට පටන්ගෙන ඇත. එක් දිනක් තුළ ලක්ෂයක පිරිසක් ඒවා නරඹා තිබුණි. තම මීමිත්තණිය පිළිබඳ එතරම් අවබෝධයක් නොතිබුණු ලක්ෂ්මන් නිවාඩුවකට ගමට ගිය අවස්ථාවක තම ඉවුම් පිහුම් ඇතුළත් අන්තර්ජාල විකාශයේ තොරතුරු ගම්වැසියන් හා පවසා ඇත. සිය මීමිතණියගේ ආහාර පිසීමේ සමත්කම් ගැන සිය මවගෙන් ඔහුට අසන්නට ලැබෙන්නේ එහිදීය.  එසේ නොවන්නට අතළොස්සක් දෙනා පමණක් දැන හඳුනාගෙන සිටි මේ පිටිසර ගැහැනිය ලොවට අනාවරණය නොවනු ඇත.
මස්තානම්මාගේ පළමු වීඩියෝවේ දැක්වෙන්නේ ඇය වම්බටු ව්‍යාංජනයක් සාදන ආකාරයයි.  අන්තර්ජාලය ගැන කිසිවක් නොදැන සිටි ඇය තමා දැක්වෙන වීඩියෝව නරඹා මහත් සේ ප්‍රීති වන්නට ඇත. 
ඉන්දියාවේ සාම්ප්‍රදායික ආහාර රැසක් සාදා ගන්නා හැටි ඇය ලොවට කියා දෙන අන්තර්ජාලයේදීම එරටට ආවේණික රසකාරක නිපදවා ගන්නා ආකාරයද ඕ පෙන්වා දෙන්නීය. මේ වීඩියෝ පටවලට අනුග්‍රාහකයන් 2,50,000ක් අනුග්‍රහ දක්වා ඇත.
මෑත දිනෙක මස්තානම්මාගේ උපන් දිනය සැමරූ ලක්ෂ්මන් පවසන්නේ ඇයට පාකිස්තානයේ අනුග්‍රාහකයෙකුගෙන් සාරියක් ලැබුණු බවයි. නවසීලන්තයේ ජීවත්වන ඉන්දියානු පවුලකින් තවත් ඇරයුමක් ලැබි ඇත. එහෙත් වසර 90කටත් වඩා කාලයක් ජීවත් වූ පැල්කොටය   දමා යෑමට ඇයට හිතක් නැත. අල්ලපු වැටේ සිටින පුතුගේ නිවසේ සිටීමටත් ඈ මැළිවන්නීය.
වයස අවුරුදු 11 දී විවාහ වී ඇති මස්තානම්මාට දරුවන් 5කි. එහෙත් ඉන් සිව්දෙනෙකුම කොලරාව වැලඳීම නිසා මිය ගොසිනි.
මස්තානම්මා ඉන්දියානු යූටියුබ්කරුවන් අතර වයස්ග තම තැනැත්තිය වීමට ඉඩ ඇත. අන්තර්ජාලය තුළ පාඩම් උගන්වන වයස්ගතම ගුරුවරියද ඇය විය හැකිය. අන්තර්ජාලයට පිවිසුණහොත් මස්තානම්මාගේ අපූරු ඉවුම් පිහුම් රාශියක් නැරඹිය හැකි වනු ඇත.
ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී

ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට අසන්නට ලැබේ. එහෙත් මළවුන් සඳහා වියදම් කිරීමට වෙන් කළ මුදලක් කූට ලෙස පැහැර ගැනීමේ පුවතක් නාත්තන්ඩිය කොස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

නාත්තන්ඩිය ආසනයට අයත් වෑකන්ද පාර කොස්වත්ත ලිපිනයේ පිහිටි නිවසක රෝගාතුරව සිට මියගිය අසරණ තරුණයකුගේ අවසන් කටයුතු නිමාවූ පසු මළගෙදරකට පැමිණි පුද්ගලයෙක් තමන් නාත්තන්ඩිය මල් ශාලාවෙන් පැමිණි බව කියා එම මල්ශාලාවේ මුද්‍රාව සහිත ලිපිකවරයක්ද පෙන්නා එකී අවසන් කටයුතු සඳහා මල් ශාලාවට ගෙවීමට තිබූ මුදල් සියල්ල ඉල්ලාගෙන පලාගොස් තිබේ.

වෑකන්ද පාර, කොස්වත්ත ලිපිනයේ පදිංචිව සිටි ස්නායු රෝගී තරුණයකු මියගොස් ඇති අතර ඔහුගේ දෙමාපියන් නාත්තන්ඩිය ප්‍රදේශයේ මල් ශාලාවකට ගොස් අවසන් කටයුතු සිදුකිරීමට ඔවුන් හා සාකච්ඡා කරගෙන ආපසු පැමිණ ඇත්තේ අවසන් කටයුතු නිමාවට පත්වූ පසුව එම සියලුම ගාස්තු ගෙවන ‍පොරොන්දුව පිටය. ඒ තමන් හට ඇති ආර්ථික දුෂ්කරතා පිළිබඳව මල් ශාලා හිමිකරුට දැනුම් දීමෙනි. ඒ අනුව රුපියල් 27,500කට එම සියලුම කටයුතු නිම කර දීමට මල්ශාලා හිමිකරු ‍පොරොන්දු වී ඇත්තේද එම මාපියන්ගේ අසරණකම දැක යම් සාධාරණයක් ඉටුකරදීමේ අදහසිනි.

නිවසේ තැන්පත් කර තිබූ මියගිය තරුණයාගේ දේහය එම නිවසින් සොහොන් බිම කරා රැගෙන යනවාත් සමගම දිග කලිසමක් හැඳ කළු ජැකට්ටුවක් පැළඳ හිස්වැසුමකින් යුතුව එම නිවසට පැමිණ ඇති තරුණයෙක් නිවැසියන්ට පවසා ඇත්තේ තමන් නාත්තන්ඩිය මල්ශාලාවෙන් පැමිණි බවය. අවමංගල කටයුතු සඳහා ‍පොරොන්දු වූ මුදල් ඉල්ලාගෙන එන ලෙස මල්ශාලා හිමිකරු පැවසූ නිසා එම මුදල් ලබාදෙන ලෙස ඔහු නිවසියන්ට පවසා තිබේ. නිවැසියන් ඔහුව විශ්වාස කොට ඇත්තේ ඔහු අදාළ මල් ශාලාවේ මුද්‍රාව සහිත ලිපිකවරයක්ද ඉදිරිපත් කිරීම හේතුවෙනි.

නිවස තුළටම පැමිණ ගෙහිමියන් හා පිළිසඳරක යෙදුණු ඔහු ගාස්තුව රුපියල් 25,000ක් බව කියා එය ඉල්ලාගෙන ඔවුන් ඉදිරිපිට දීම මල්ශාලාවට යැයි කියමින් දුරකථන ඇමතුමක් ලබා ගෙන තමන් මුදල් ඉල්ලා ගත් බව ද පවසා ඇත. ඔහු එම ස්ථානයෙන් පිටවී ගොස් විනාඩි කීපයකින් අදාළ මල්ශාලාවේ අවමංගල්‍ය රථය අදාළ නිවසට පැමිණ ඇති අතර ඔවුන් නිවැසියන්ගෙන් මල්ශාලා ගාස්තුව පිළිබඳව විමසූ විට නිවැසියන් මහත් පුදුමයට පත්ව පවසා ඇත්තේ මල්ශාලාවේ කෙනෙක් මේ දැන් ඇවිත් මුදල් සියල්ල රැගෙන ගිය බවය.

ඒ සමඟ අසල්වැසියන් වහා කලබලයට පත්ව මුදල් රැගෙන පලාගිය තරුණයා සොයා ඒ මේ අත දිවයද්දි ඔහු පැළඳ පැමිණි කළුපැහැති ජැකට්ටුව අතරමග දමාගොස් තිබියදී හමුවී තිබේ. අනතුරුව අදාළ මල්ශාලා හිමිකරුට සිදුවී ඇති සිද්ධිය පහදා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිමිකරු පවසා ඇත්තේ එම මුදල් තමන්ට නැවත ගෙවීම් කිරීමක් අවශ්‍ය නොමැති බවයි.

ජෝන් ඇන්ටනි - වෙන්නප්පුව

ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා කර්මාන්තයේ දියුණුවට තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට තබමින් බම්බලපිටිය මිලාගිරිය ප්‍රදේශයේ මථුරා අවන්හල් භූමියේ නව තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක් පසුගියදා විවෘත කළේය.

එම අවස්ථාව ලක්බිම කැමරාවේ සටහන් වූ අයුරු










ඡායාරූප - ෆ්‍රැරෑන්ක් සොයිසා

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1701

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2064

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4887

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2906

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1674

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2547

Please publish modules in offcanvas position.

Web Analytics