Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව පුරා ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය සහ මූලධර්ම වාදය ඉස්ලාම් දහම සමඟ සෘජුව බැඳී ඇතැයි ලොව බොහෝ දෙනෙක් සිතති. එහි එක්තරා ප්‍රායෝගික සත්‍යයක් තිබේ. එහෙත් එහි ඉස්ලාමීය ආගම හා සම්බන්ධ කිසිදු දාර්ශනික වැදගත් කමක් නැත.

ඉස්ලාම් දහමෙහි එන ඇතැම් ඉගැන්වීම් වලට ලබා දී ඇති පසුකාලීන අර්ථ නිරූපන මුල්කොට එසේ ඉස්ලාම් ව්‍යාප්තවාදය, මූලධර්මවාදය ලොව පුරා පැතිර යන බව මැදහත් නිරීක්ෂකයන්ගේ මෙන්ම මධ්‍යස්ථ ඉස්ලාම් භක්තිකයන්ගේ ද පොදු පිළිගැනීමය.

එහෙත් ලොව බොහෝ ආගම් අතර  ඇතැම් කරුණු යථාර්තවාදී ලෙසින් ප්‍රකාශ වීම අතින් ඉස්ලාම් දහමට විශේෂ තැනක් හිමිවන බව අප අවිවාදයෙන් පිළිගත යුතුය.

යක්ෂයන්, ප්‍රේතයන්, ‍භූතයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන්, කුම්බරයන් ආදී වශයෙන් හඳුන්වන අමනුෂ්‍ය කොටස් පිළිබඳ විශ්වාසය මූලික ඉස්ලාම් දහමින් ඉඳුරාම ප්‍රතික්ෂේප වන බව බොහෝ දෙනෙක් නොදනිති.

ඒ අනුව ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් විශ්වාස කරන හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස කිරීමට ඉස්ලාම් භක්තිකයන්ට කිසිදු ආගමික අවසරයක් නැත.

මරණයට පත් වන විටත් නින්දට යන විටත් එම ප්‍රාණයන් අල්ලාහ් විසින් අත්කරගනු ලබන බව කුරානයේ (39:42) පැහැදිළිවම සඳහන් වෙයි. ඒ අනුව අල්ලාහ් ගේ එම පරම අයිතිය පිළිගන්නා සෑම ඉස්ලාම් ආගමිකයෙකුම නින්දට යාමට පෙර මෙසේ දෙවියන් යැදිය යුතුය.

“මාගේ ස්වාමීනි ඔබගේ පරිශුද්ධ වූ නාමයෙන් මම නැවත පිබිදෙමි. එහෙත්  නින්දේ දී ඔබ මගේ ප්‍රාණය අත්පත් කර ගන්නේ නම් එයට කරුණාව දක්වනු මැනවි. ඔබ එය ආපසු භාර දෙන්නේ නම් ඔබගේ යහපත් වහලුන් මෙන් මගේ ප්‍රාණය ද ආරක්ෂා කර දෙනු මැනවි.”

ඉහත සඳහන් යැදුම අනුව සෑම මුස්ලිම්වරයකුම මරණයෙන් පසු නියත වශයෙන්ම දෙවියන්ගේ භාරයට පත්වේ. ඒ අනුව ජීවිතය සහ මරණය වෙන් කරන දිව්‍යමය තිරයක් ඔවුන් ඉදිරියේ නිර්මාණය වේ. ඉස්ලාම් දහමෙහි එම තිරය හැඳින්වෙන්නේ “බර්සක්” යනුවෙනි. කුරානයෙහි (55:19-20) ජීවත්වන්නවුන් සහ මළවුන් අතර ඇති මෙම දිව්‍යමය තිරය පිළිබඳව සඳහන් වෙයි.

මරණයත් සමඟම දෙවියන් විසින් මෙම තිරයෙන් වෙන් කරනු ලබන කිසිවෙකුටත් කවර ආකාරයකින් හෝ යළි කිසිදු අයුරකින් ජීවත්වන්නවුන්ගේ ලෝකයට පැමිණිය නොහැක.

ඒ පිළිබඳව ඉස්ලාමීය ආගමික ග්‍රන්ථවල සඳහන් වන රසවත් පුවතක් මෙලෙසිනි.

“මරණයෙන් පසු භූමදාන වන තැනැත්තා වෙත කළු සහ නිල් පැහැති දෙනෙත් වලින් යුත් දේව දූතයෝ දෙදෙනෙක් පැමිණෙති. ඉන් එක් අයෙක් ‘මුන්කර්’ නමින්ද අනෙකා ‘නකීර්’ නමින්ද හැඳින්වෙති. මේ දෙදෙනා මියගිය තැනැත්තාගෙන්  දේව විශ්වාසය (ඊමාන්) පිළිබඳව විමසීමක් කරති. එහිදී දේව විශ්වාසය සේම ඒ තැනැත්තා ගත කළ සදාචාරාත්මක ජීවිතය පිළිබඳවද විමසීමක් කරනු ලැබේ. එහිදී මියගිය තැනැත්තාගෙන් සාර්ථක ලෙස පිළිතුරු ලද හොත් ඔහුගේ සොහොන (පරලොව ජීවිතය) එම දේවදූතයෝ ආලෝකමත් කරති. ඉන් සතුටට පත්වන  මියගිය තැනැත්තා මෙම තොරතුරු මගේ පවුලේ අයට කියා නැවත එන්නදැයි එම දේවදූතයන්ගෙන් ප්‍රශ්න කරයි. ඉන්පසු ඔවුන් මියගිය තැනැත්තාට දැනුම් දෙනුයේ මිය ගිය කිසිවෙකුත් අවසාන විනිශ්චය හෙවත් ‘කියාමත් දිනය’ වන තුරු නැඟිටීමට අල්ලාගෙන් කිසිදු අවසරයක් නොමැති බවය. එබැවින් ‘කියාමත් දිනයේ’ අල්ලා පැමිණ නැඟිටුවන තෙක් අලුත් මනමාලයෙක් මෙන් එම සොහොනේ නිදා ගන්නැයි මිය ගිය තැනැත්තාට දන්වන ඔවුහු ආපසු යති.

නමුදු මිය ගිය තැනැත්තා දුෂ්ඨ ජීවිතයක් ගත කළ තැනැත්තෙකු (මුනාෆික්) නම් මෙම සුරදූතයන්ගේ ප්‍රශ්න වලට සාර්ථක ලෙස පිළිතුරු දීමට ඔහුට නොහැකි වෙයි. එවිට එම සුර දූතයන් ඔබ ජීවත් වන කාලයේදීත් දෙවියන් විශ්වාස නොකළ අයෙකු බව අපි දනිමු යැයි කියා ඔහුගේ ඇට කටු කුඩු වන තුරු සොහොන (පර‍ළොව ජීවිතය) තුළ ඔහු තදකොට තබන බව ඉස්ලාමීය දහමෙහි සඳහන් වෙයි.

ලොව සෙසු බොහෝ ආගම් වල දේවත්වයට පත් වන මිනිසුන් පිළිබඳව සඳහන් වෙයි. 'සාන්තු වරුන්' යන්නද මෙසේ දේවාරෝපණයට පත් මිනිස්සුය. ඉස්ලාම් දහමෙයි මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් හඳුන්වනුයේ නබි වරු යනුවෙනි. ඔවුනට පමණක් දෙවන වන ‘ෂහීඩ්’ නමැති ශ්‍රේෂ්ඨ මිනිස්සුද වෙති. මෙම නබි වරුන් අතර ප්‍රමුඛයා ‘මොහොමඩ් නබි’ (සල්) තුමන්ය.

දෙවියන් වෙනුවෙන් කැප වූ එතුමන් වුව මරණයෙන් ‘උත්ථානය’ වූ බව පිළිගැනීම ඉස්ලාම් දහමට ඉඳුරාම පටහැනිය.  ඔවුන් පවසනුයේ මොහොමඩ් නබි තුමන්ටවත් මරණයෙන් පිබිදීමට නොහැකි  වී නම් සෙසු නබිවරුන්, ෂහීඩ් වරුන් ඇතුළු සාමාන්‍ය මිනිසුන් දෙවියන් යක්ෂයන්, භූතයන්  නැතහොත් හොල්මන් අවතාර ලෙස යළි  මිනිසුන් හමුවේ පෙනී සිටින්නේ ‘කෙසේද’ යන්නය.

ඒ අනුව ආගමික විශ්වාසයක් ලෙසින් හෝ මියගිය පුද්ගලයකු මුල්කොට හොල්මන් අවතාර පැන නැගිය හැකිය යන ලොවපුරා පවතින පොදු  විශ්වාසයට පටහැනි යථාර්තවාදී දහමක් සේ ඉස්ලාමය හඳුනාගැනීමේ කිසිදු වරදක් නැත.

තිලක් සේනාසිංහ

 

ඊයේ පස්වරුවේ ගනේමුල්ල, පහළයාගොඩ අංක 37/Aදරණ නිවසේ සුවිශේෂ අවමඟුලක් පැවැත්වුණි. ඒ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ අංශ කිහිපයක නියුතු හා ඉදිකිරීම් ආයතනයක අධ්‍යක්ෂවරයකු වන ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මලිත් සුදුසිංහ මහතාගේ නිවසේය.

මිනිස් අවමඟුලක් නොවුවද එය මිනිස් අවමඟුලකට නොදෙවෙනි ලෙස ගරු ගාම්භීර ලෙසින් හා චාම් ලෙසින් සංවිධානය කොට තිබුණි. එම නිවසේ ආලින්දයේ තැන්පත් කොට තිබූ හුරුබුහුටි කුඩා මිනී පෙට්ටියක සුදු පිරුවටයකින් වසා තිබූ එම දේහය වසර හයහමාරක් වයසැති ‘මිෂෙල්’ නම් සුනඛ ධේනුවගේය.

මිනිසාගේ සමීපතම මිතුරා වන සුනඛයාට වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ බොහොමයකගෙන් ‘බලු සැලකිලි’ අත්වුවද සත්ව හිමිකම්, අයිතිවාසිකම් සහ සුභසාධනය පිළිබඳව විශේෂ උනන්දුවක් පළ කරන දියුණු බටහිර ජාතීහු සුනඛයන් තුළ පවත්නා මිනිසුන් තුළ පවා නොමැති උතුම් ගතිගුණ වෙන්ව හඳුනාගැනීමට සමත්ව සිටිති.  මිනිසා සුනඛයාට දක්වන ආදරය මෙන් දහස් ගුණයක ආදරයක් සුනඛයා මිනිසාට දක්වන බව සත්ව චර්යාවන් සම්බන්ධ විශේෂඥයන් විසින් තහවුරු කරගෙන තිබේ.

මේ තරුණ ව්‍යාපාරික ප්‍රජා නායකයා තම සුනඛ සුරතලිය වන ‘මිෂෙල්’ උදෙසා මෙවන් ගෞරවනීය අවමඟුලක් සංවිධානය කරනුයේ ඒ දියුණු මානසිකත්වය මුල් කර ගනිමිනි.


‘මිෂෙල්’ සම්බන්ධයෙන් මලිත් තම මතකය අවදිකරනුයේ මෙලෙසිනි.

“මිෂෙල්ව ගෙනාවේ මම; ඒ ලෙවල් කරන කාලේ. එතකොට මිෂෙල්ට වයස මාස 2 යි. හැමදාම මගේ කාමරේ මගේ ඇඳ ළඟ තමයි ඉන්නේ. මනුස්සයෙක්ගෙ වගේ ගති පැවතුම් තිබුණේ මිෂෙල්ට. අවුරුදු 7 ලබන්නේ මේ නොවැම්බර් 20 ට.

ඒත් එකපාරටම මිෂෙල් කිසිම කෑමක් කන්නේ නැති වුණා. බ්ලඩ් ටෙස්ට් කරලා බලද්දි කිඩ්නි දෙකම නරක් වෙලා. ඒකට කිසිම බෙහෙතක් නෑ. දවස් තුනක් විතර වි‍ඳෙව්වා , වමනේ දැම්මා. මම මගේ අත් දෙකෙන්මයි කැත කුණු හැමදේම අයින් කළේ. කවදාවත් මිෂෙල්ව දම්වැල් දාලා හැදුවේ නෑ. එයා නිදහසේමයි හිටියේ. කුඩු කළේ නෑ. ජීවත් වෙලා ඉද්දිත් ලෙඩ උනාට පස්සෙත් මිෂෙල්ට මනුස්සයෙක්ට වගේම අපි සැලකුවා. අවසන් කටයුතුත් ඒ ආකාරයටම කළා.

මිෂෙල් අපිව දාලා ගිය එක ඉවසගන්න පුලුවන් දුකක් නෙවෙයි. ඒත් එයා ගොඩක් වාසනාවන්ත ජීවිතයක් ගතකළා. මගේ එකම පැතුම මිෂෙල් මගේ දරුවෙක් වෙලා මගේ ළඟට එන්න කියන එකයි.”

එම අවමඟුලේ මතකවස්ත්‍ර පූජාව සඳහා වැඩම කරන ලද්දේ කැලණි විශ්වවිද්‍යාලීය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමිපාණන්ය.  

එහිදී අනුශාසනාවක් පැවැත්වු උන්වහන්සේ මෙසේ කීහ.

සුනඛයා සහ මිනිසා අතරේ තියෙන සමීපත්වය මිනිස් ශිෂ්ටාචාරයටත් වඩා අතීතයට දිව යන්නක්. ඒ සම්බන්ධය කවදාවක්වත් පළුලු වන දෙයක් නොවේ. අප මිනිසුන් උසස් යැයි කීවද බොහෝ මිනිසුන් තුළ පවා නැති උතුම් ගති ගුණ සුනඛයන් කෙරෙන් අපි දකිනවා. ඒ ගුණාංග නිසි ඇගයුමට ලක් කිරීම උතුම් මිනිසත් බවේ ලක්ෂණයක්. මිනිසුන්ගෙන් ලැබෙන ඉතා සුළු දෙයක් සඳහා වුවත් උපරිම කෘතවේදීත්වයක් දැක්වීම මිනිසුන් ගෙන් නොදකින උතුම් සුනඛ ගුණයක්.  ඒ වගේම කිසිම සුනඛයෙකු කන්න දීපු අත හපා කෑ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ කොතනකවත් නෑ. උදෑසනම නිවසින් පිටවෙන හාම්පුතා සවස නිවසට පැමිණෙන විට සුනඛ සුරතලා තුළ ඇති වන සතුට අපට රටක් රාජ්‍යයක් ලැබීමෙන් අත්වන සතුටට සමානයි. සුනඛ ආදී සතුන් තුළ පවතින මේ වගේ ගුණ දම් අගය කිරීම තුළින් අපගේ මිනිසත් බව තවදුරටත් වර්ධනය කර ගැනීම දෙලොව යහපතට හේතු වන්නක්. ඒ නිසා මේ මතක වස්ත්‍ර පූජාවෙන් ලබන ආනිශංසය හේතුවෙන් මේ සුනඛ ධේනුවගේ භවගාමී ජීවිතයට සුගතියක් අත්වේවා කියා අප ධර්මානුකූලව ප්‍රාර්ථනාකරනවා.

ඊයේ පෙරවරු අළුයම 5.30 ට මිෂෙල් ගේ මරණය සිදුවූ අතර පෙරවරු 11.30 සිට පැය 5 ක කාලයක් ඇ‍ගේ දේහය නිවසේ ආලින්දයේ තැන්පත්කොට තබන ලදී. ඉන් අනතුරුව පස්වරු 4.30ට මතක වස්ත්‍ර පූජාව කිරීමෙන් පසු ඇගේ දේහය මෙම නිවසේ ගෙවත්තෙහිම භූමදාන කරන ලදී.


ඒ සම්බන්ධයෙන් මලිත්ගේ පේස්බුක් වෙබ් අඩවියේ මෙම පැදි පෙළ සඳහන්ව තිබුණි.

තාමත් හීනයක් - බෑ මට අදහන්න
මෙතුවක් ළඟින් හිදි බව්වෝ පවසන්න
එකටම ළඟින් හිටි මා අද හැරයන්න
හිතුවේ කෙලෙස දිගු නින්දක සැතපෙන්න

දෙමාසයයි පැටියෝ නුඹ ගෙට එද්දී
සත් වසරක් වත් නෑ නුඹ සමුගද්දි
අමාරුවෙන් කෙඳිරිලි හඩ නික්මෙද්දි
මා තනි වුණා මෙලෙසින් නුඹ මියයද්දි

මිනිසත් බවක් නොලැබූවත් උතුම් ගති
තිබුණා මිෂෙල් නුඹෙ ගුණ නම් නිමක් නැති
මියැදුණු නුඹේ රුව දැකුමින් දුකක් එති
සියලුම දෙනා අද කදුළින් පිරී ඇති

පවුලේ කෙනෙක් අද දිනයෙදි සමුගන්නේ
බුහුමන් තියා සුසුමින් නුඹ සිපගන්නේ
මා ළඟ කවුද දැන් තනියට ළඟ ඉන්නේ
මතු භව පැමිණ දරුවෙක් වී උපදින්නේ

ලෝකයේ දියුණු ජන සමාජයක් තුළ සත්ව හිමිකම්, අයිතිවාසිකම් සහ සුභසාධන කටයුතු පිළිබඳව සුවිසල් ඇඟයුමක් ලබා දෙන පසුබිමක වර්තමානයේ අපේ රටේ තත්ත්වය ඉතා දුක්ඛිත බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එහෙත් වත්මන් ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා තම සුනඛයා පිළිබඳව දක්වන මෙම සුවිශේෂ කෘතවේදිත්වය තුළින් අනාගතයේ අප රට තුළ ඇතිවිය හැකි දියුණු ප්‍රබුද්ධ දේශපාලනයක සහන් එළියක් මගේ මනස හමුවේද මැවී පෙනේ.

එහෙත් ඒ සමඟම මගේ සිත තුළ සියුම් සංවේගයක් ද හටගනී. ඊට හේතුව තව දශක කිහිපයකින් ශ්‍රී ලංකාව තුළ ඇතිවන එවන් ප්‍රබුද්ධ දේශපාලන සංස්කෘතියක සහන් සුවය විඳ ගැනීමට  මගේ ආයුකාලය කෙසේවත් ප්‍රමාණවත් නොවීමය.









තිලක් සේනාසිංහ

රට ඉදි වැවෙන්නේ කාන්තාර දේශගුණයක බව අමුතුවෙන් කිව යතු නැහැ එහෙත් අපේ රටේ මධ්‍යම කඳුකරයේත් රට ඉදි පල දාරා තිබෙනවා. 1948 වසරේ තලවාකැලේ පොලිසිය විවෘත කිරිමේදි සිටවු රටඉදි පැලයකුයි මෙසේ පල දරා ඇත්තේ.

වසර ගණනාවකට පසු ශිතල කාළගුණයක මෙවැනි රටඉදි ඵලදාවක් ගෙන ඇත්තේ. මිට ඉහතදි අවස්ථා කිහිපයකදි මෙම රටඉදි ගසින් ඵලදාව හටගත් බවත් එම හටගත් ඵලදාව එම රටඉදි ගෙඩි පැසිමට පෙර කඩා හැලූණූ බවත් පොලිස් නිළධාරින් පවසනවා.

එම ගසේ ඉදි පොකුරු පහක් හටගත් බවත් ඉන් දෙකක් කපා වේලිමට තබා ඇති බවයි තලවාකැලේ පොලිසියේ නිළධාරින් අප හා කීවා.
අඩි දොළහක් පමණ උස මෙම රටඉදි ගස දැක බලා ගැනිමට දිනපතා පාසල් ළමුන් හා ප්‍රදේශවාසින් පැමිණෙන බව තලවාකැලේ පොලිසියේ නිළධාරින් කියනවා.

හැටන් රංජිත් රාජපක‍ෂ 

රංගනය සහ නර්තනය වෙනුවෙන් දක්ෂ ජනප්‍රිය කලා කරුවන්ට විශාල වශයෙන් මිල මුදල් හිමිවෙනවා. නර්තනයට දක්ෂ රූමත් නිළියකට ඒ නර්තනය වෙනුවෙන් විශාල මුදලක් උපයාගත හැකි බවත් රහසක් නොවේ. නමුත් නර්තනය ගැන විශේෂ හැකියාවක් ඇති නව පරපුරේ දක්ෂ ජනප්‍රිය නිළියක වන මේනකා මධුවන්තිට තමන්ගේ රංගනයක් වෙනුවෙන් රුපියල් පන්දහසක දඩ මුදලක් ගෙවීමට සිද්ධ වුණා.

පසුගිය දිනයක දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රිය පදවමින් සිටි ඇය සුක්කානම අතහැර තමන්ගේ දෑතින් අපූරු රංගනයක් ඉදිරිපත් කළා. එය රථයේ ඉදිරිපස අසුනේ සිටි අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය වීඩියෝ ගත කොට තිබුණා. පසුව ඇය හෝ එය වීඩියෝ ගත කළ තැනැත්තා හෝ තැනැත්තිය ඒ රංගනය  යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුල් කර තිබුණේ එය අලුත් දෙයක් යැයි සිතා වියයුතුයි.

නර්තනය හොඳ දෙයක් වුවත් රිය පදවන අතරේ නර්තනයක යෙදීමේ නොසුදුසුකම වටහාගත් කිසිවෙකු ඒ සිදුවීම 1919 දුරකථන අංකය ‍ඔස්සේ ‘ජනපතිට කියන්න’ වෙත පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කොට තිබුණා. ජනපතිට කියන්න යනුවෙන් ඒ අංකයට ලැබෙන පැමිණිළි හැකිතාක් ඉක්මනින් විද්‍යුත් ක්‍රමයකින් ජනාධිපති කාර්යාලය වෙත යොමුවෙනවා. එහිදී කෙරුණු විමසා බැලීමකින් පසු ජනාධිපති කාර්යාලය විසින්  ඒ සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කිරීමෙන් පසු මේනකා මධුවන්තිට එරෙහිව බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ  නඩුවක් ගොනු වුණා.  එහි චෝදනාව වූයේ  අන්තරාකාරී ලෙස රිය පැදවීමයි.

එහිදී රියපදවන අතරේ රැඟුම් පෑමේ වරද පිළිගත් මේනකාට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත්වරයා රුපියල් පන්දහසක දඩයක් නියම කළා.

ඕනෑම හොඳ දෙයක් කිරීමට සුදුසු වගේම නොසුදුසු ස්ථානත් තිබෙනවා. නමුත් නර්තනයට හපන් මේනකාට ඒ පිළිබඳ වැටහීමක් නොතිබුණු බවයි මේ සිදුවීමෙන් පෙනීයන්නේ. කෙසේ හෝ ‍බොහෝ දෙනෙකු මෙවැනි දර්ශන අන්තර්ජාලයේ යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුල් කරන්නේ ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් අපේක්ෂාවෙන්. මෙහිදී මේ සිදුවීමත් සමඟ මේනකාගේ ජනප්‍රියත්වය කෙසේ වෙතත් ඇගේ ප්‍රසිද්ධිය නම් බොහෝ සෙයින් ඉහළ ගොස් තිබෙනවාට සැක නැහැ. 



එස්.ටී.පී සිල්වා

අව්ව ඇති විටෙක  හිසට සෙවණක් සොයමින්ද වැසි දිනවලදී නොතෙමී සිටීමට තැනක් සොයමින්ද ඒමේ අත දිවයමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු පිරිසක් පිළිබඳ ශෝචනීය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. ඒ එම දහම්පාසල සඳහා කලින් හිමිව තිබූ හිසට සෙවණ දුන් වහළයෙන් එම සිසු දරුවන් සහ ආචාර්ය ප්‍රජාව ‘දොට්ට දැමීම’ හේතුවෙනි.

තිස්හය වසරක් තිස්සේ පවත්වාගෙන පැමිණි මෙම බෞද්ධ දහම් පාසල එම ගොඩනැගිල්ලේ උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීම නිසා  මිදුලේ අඹගස් යට පැවැත්වීමට එම දහම් පාසල් ආචාර්ය මණ්ඩලයට සිදුව තිබේ.

මෙසේ දොට්ට දමන ලද  බෞද්ධ දහම් පාසල පිහිටා ඇත්තේ මහනුවර දඹවෙල ප්‍රදේශයේය.

දඹවෙල කනිෂ්ඨ විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක ගතවූ වසර 35 ක කාලය පුරා  මෙම දහම් පාසල පවත්වා ඇති නමුත් එම ගොඩනැගිල්ල  අධ්‍යාපන කාර්යයක් වෙනුවෙන් මහනුවර උසස් තාක්ෂණ ආයතනයට පවරා ගෙන තිබේ. මේ  හේතුවෙන් එම ස්ථානයේ පවත්වාගෙන යමින් තිබූ උදාසිරි දහම් තරංග දහම් පාසලට සිය දරු දරියන් මෙන්ම ඩෙස්, පුටුරාක්ක, පුස්තකාල ‍පොත්පත් හා සියලු ලිපි ‍ලේඛන රැගෙන එම ස්ථානයෙන් ඉවත්වීමට සිදුව තිබේ.


දහම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු යැයි ජනාධිපතිවරයාගේ මුවින් සිය දහස් වරක් පැවසී ඇති යුගයක මෙලෙස බෞද්ධ දහම්පාසලක් ‘දොට්ට දැමීම’ සුළු ‍‍කොට තැකිය නොහැකි බව බොහෝ දෙනෙකුගේ මත වී තිබේ.

දහම් පාසල පැවැත්වූ ගොඩනැගිල්ල මහනුවර උසස් තාක්ෂණ ආයතනයට පවරා ගන්නා විට එම දහම් පාස‍ලේ උපකරණ ගබඩා කිරීම සඳහා වෙනම ස්ථානයක් ලබාදෙන බවට එම ආයතනය ලිඛිතව දැනුම් දී ඇත. නමුත් අද වන විට එම ‍පොරොන්දුව කඩකිරීම නිසා තමන්ට එම බඩුබාහිරාදියද සමඟ විදුහ‍ලේ අඹ ගස් යට දහම් පාසල පවත්වා ගැනීමට සිදුව තිබෙන බව විදුහ‍ලේ ප්‍රධානාචාර්ය උපාලි වෛද්‍යරත්න  මහතා කියයි.

සමස්ත ලංකා සිසු නිපුණතා තරඟවලින් ජයග්‍රහණ රැසක් හිමිකර ගත් දරු දැරියන් ගෙන් සමන්විත මෙම දහම් පාසල මහනුවර ප්‍රදේශයේ කීර්තිමත් තරඟකාරී දහම් පාසලක් බවට පත්ව තිබුණු බව කී ප්‍රධානාචාර්යවරයා මෙසේද කීය.


අප දහම් පාස‍ලේ දරු දැරියන් තුන් සියයක් පමණ අධ්‍යාපනය ලැබුවා. නමුත් හිසට වහළයක් නොමැතිව පාසල් භූමියේ අඹ ගස් යටට පැමිණීමට සිදුවූ නිසා අද ළමුන් පනහක්වත් දහම්පාසලට එන්නෙ නැහැ. දරුවන් අව්ව එන විට සෙවණක් සොයා බංකු අරගෙන එහේ මෙහේ ඇවිදිනවා. වැස්ස එනවිට ‍පොත් අර‍ගෙන දුවනවා. ළමුන් මෙන්ම ආචාර්ය මණ්ඩලයද අද අසීරුතාවට පත්වෙලා.

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ මුදුන්මල් කඩක් වන ශ්‍රී දළදා සමිඳුන් වැඩ වෙසෙන මහනුවර ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය සඳහා මෙවැනි කෙනෙහිලිකම් සිදුකිරීම ‍සුළුපටු කරුණක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.  






නදීක දයා බණ්ඩාර - මහනුවර

 

2016 වසර උදා  වුණේ රංගන ක්‍ෂේත‍්‍රයේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන රංගන යුවළක් පිළිබඳ ඔවුන්ගේ රසිකයන් ඇසීමටවත් අකමැති වූ ආරංචි රැසක් සමගින්. එ් යුවළ අන් කවුරුත් නෙමෙයි සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න. 
සාරංග උමාලි විවාහය දෙදරා ගිය බවත්, මේ විරසකයට හේතුව ආධුනික රංගන ශිල්පියා උමාලිට දුන් ලේනකු බවත්, උමාලි රට හැර ගොස් ඇති බවත්, සාරංග දික්කසාදයට සූදානම් බවත් වෙබ් අඩවි කලින් කලට විවිධ රස සමගිින් පළ කළා. නමුත් කටකතාවලටවත්, වෙබ් අඩවිවල පළවුණු පුවත් ගැනවත් ප‍්‍රසිද්ධ මාධ්‍යයේ කට නොසොල්වන්න සාරංගත්, උමාලිත් පරිස්සම් වුණා. අඩුම තරමින් දෙන්නා දෙමහල්ලන් අතර නොහොඳ නෝක්කාඩුවක් ඇති බව ඇඟවීමටවත් ඔවුන් ඉක්මන් වුණේ නෑ. එ්ත් එ් පරිස්සම ඈලියාවට ගියේ  ඉකුත් සෙනසුරාදා රයිගම් සම්මාන උළෙලෙදී. බොහීමියානුවෝ නාට්‍යයේ නූරිගේ චරිතය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනාගත් උමාලි දන්නා සැමට තවත් හොඳින් දැන ගැනීමට වගේම, නොදන්නා අයගේ හිතේ කුකුසක් උපදවමින්, වචන තරම් ප‍්‍රබල අවියක් නැති බව තවදුරටත් සනාථ කරමින්  ප‍්‍රසිද්ධියේ තම පළමු වෙඩිල්ල පත්තු කළා. 
”විදෙස්ගතව හිටියත් දෙමව්පියන් සමග කතා කරලා මම තීරණය කළා සම්මාන උළෙලට සහභාගි වෙන්න.”
සම්මානය ලබාගැනීමෙන් අනතුරුව සාරංග දිගුකළ මයික‍්‍රෆෝනයට  උමාලි ප‍්‍රසිද්ධියේ කළ ඒ ප‍්‍රකාශය නිසා සාරංගගේ බිරිඳ තවදුරටත් සාරංගගේ නොවන බවට ඇය පළමු වරට රසිකයන්ට ඉඟි කළා. 
”රංගනය නිසා මට ලැබිච්ච පළවෙනි සම්මානය ඔයා...”
 සාරංග නිරුත්තර කරමින් ඇය ප‍්‍රසිද්ධ සභාවක අතීතය මෙනෙහි කළා සේම  සාරංගටත් එ් අතීතය මෙනෙහි කරවන්න උත්සාහ කළා. 
”මට  අවංකව ධෛර්යවන්ත වෙන්න උදව් කළ හා අධෛර්යමත් කරන්න උත්සාහ කරනවා නම් ඒ හැමෝටම ස්තූතියි.” 
එහෙම කියපු ඇය එතැනිනුත් නොනැවතී ගීයක් ගයන්නට පටන් ගත්තා.
 
”රැවුලක් වැව්වට චේ ගුවේරා වගේ.... 
මත් වී හිටියට බොබ්මාලේ වගේ... 
හිත්වල කෝ බන්  ආදරේ... 
හිත්වල කෝ බන් ආදරේ...”
 
දෙබරෙට ගල් වැඳුණෙ ඊට පස්සේ. උමාලි ගීතයෙන් එ්  විදියට විමසුවේ සාරංගගෙන් කියලා කිරි දරුවෙක්ට වුණත් නොතේරෙන්නෙ නෑ. නොසිතූ වාග් ප‍්‍රකාශ සමග වේදිකාවේ සාරංග අසරණ නොවුණා නම් පුදුමයක්. එ්ත් සාරංග මහත්මා ලීලාවෙන් වගේම වෘත්තීය නිවේදකයෙකුගේ වගකීම, දක්ෂතාව මොනවට පැහැදිලි කරමින් එ් අවස්ථාවට සාර්ථකව මුහුණ දුන්නා. උමාලිගෙ ප‍්‍රකාශය සම්මාන උළෙලින් පසුව සාරංග උමාලි ආරවුල දත් නොදත් බොහෝ දෙනා සාරංගගේ පැත්තේ හිටගන්න වාසියක් වුණා. 
”උමාලි කරපු වැඬේ කැතයි. සාරංගට පුදුම ඉවසිල්ලක්නෙ තියෙන්නෙ. මගේ හදවත නැවතුණා වගේ. සාරංග පව්.” ක්‍ෂේත‍්‍රයේ ඇතැම් අය මේ විදියට කතා කරද්දී තවත් අය මේ විදියට මත දැක්වූවා. 
”ඔය පවුල කැඩිලා යන්න දෙන්න හොඳ නෑ. කා අතිනුත් වැරදි වෙනවා. දෙන්නගෙම අතේ වැරදි තියෙනවානේ. අපි ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න උදව් කරමු.”
මේ කතා සමග එදා ? එළිවෙද්දි සාරංග තම මුහුණු පොතේ අපූරු සටහනක් තියලා තිබුණා. සම්මාන උළෙලේදී උමාලිගෙ ප‍්‍රකාශය පතුරු ගහමින් හිටපු අයට සාරංගගේ මේ සටහනත් සමග ආයෙමත් කතා කරන්න මාතෘකාවක් ලැබුණා.
”කුමාරයයි, වැද්දයි, පිය රජතුමායි අන්තිමට රටවැසියොයි ඔක්කොම අන්දපු අපේ කාලේ මනමේ කුමරිය වේදිකාවට සැපත් වූ වගයි.”
සාරංග කවුද කින්ද මන්ද කියලා සෘජුවම කිව්වේ නැති වුණාට මේ කියන්නෙ කාටද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නෑ. 
මේ සිද්ධියෙන් රට කැළඹෙද්දී ඉකුත් ඉරිදාම උමාලි ආයෙමත් රට අතහැරලා ගියා කියලා ආරංචි වුණා. කොහොම වුණත් ඒ අල්ල පනල්ලේ සාරංගගේ උමාලිගේ විරසකය උසාවිය දක්වා දුර දිග ගිහිල්ලා කියලත් ආරංචි වුණා. කිසිදා සමාව නොදෙන තරමටම සාරංගගේ හිත කැඩිලා කියලත් සාරංගව සමීපව ඇසුරු කරන අය කියනවා. කොහොම හරි ගිනි නිවාගෙන එක වහලක් යටට වෙනවාද? නැත්නම් සාමදානයෙන් වෙන් වෙනවද කියලා තීරණය කරන්න  ඕනෑ එ් ප‍්‍රශ්නයට මැදිවුණු සාරංග සහ උමාලි. කොහොම වුණත් ගින්දර තියාගෙනත් මෙච්චර දවසක් වැදගත් විදියට හිටියා වගේ ගන්න තීරණයත් වැදගත් විදියට ගන්න එක තමයි දෙන්නම කරන්න  ඕනෑ. මොකද පේ‍්‍රක්‍ෂකයෝ දෙන්නටම එක වගේ ආදරය කරන හින්දා.  
 
හිමංගි සුලක්බනා
ඡායාරූප - අසන්ත ගමආරච්චි
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3875

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3623

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6705

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4126

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2566

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3369

Please publish modules in offcanvas position.

Web Analytics