Coss Ear2
lakbima.lk
COSS Ear 1

පසුගිය දිනයෙක මගේ හිතවතෙක් දුරකථනය මගින් අපූරු කතාවක් කීවේය. එනම් බත්තරමුල්‍ලේ පිහිටි තම ඥාති නිවසක ඉදිරිපස දොරේ අපූරු දැන්වීමක් අලවා ඇති බවකි. එම නිවසේ බිලිඳු දරුවකු සිටි බැවින් එම දොරෙහි සඳහන්ව තිබුණේ 'බාලගිරි අද නොවේ හෙට' යන වැකියයි. එහෙත් එහි ඇති විශේෂත්වය එය නොවේ ඉහත සඳහන් වැකිය එම දොරේ ප්‍රදර්ශනය වී තිබුණේ Balagiri Not  today its tommrow එනම් ඉංගිරීසි බසින් වීමය. 
ඔය කියන විදිහට එහෙනම් දැන් බාලගිරි ඉංග්‍රීසිත් දන්නවා ඇති නේද? එම ඇමතුම දුන් හිතවතා මා වෙතින් අසන ලද්දේ උපාහාසාත්මකවය. 
මට පේන විදිහට ඒකෙ නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. මම ගත් කටටම කීවෙමි. 
ඒ මොකද? ඔහු අසන ලද්දේ නොඉවසිලිමත් ලෙසිනි. 
හරි නම් බාලගිරි ඉංග්‍රීසි විතරක් ‍නෙවෙයි සිංහල දැන ගන්න විදිහකුත් නැහැ; මොකද බාලගිරි අපේ රටේ කෙනෙක් ‍නෙවෙයිනේ. මම කීවෙමි. 
විද්‍යා තාක්ෂණික දියුණුව ආදී හේතු සාධක මත ජන ජීවිතය නවීකරණය වීමත් සමග පැරණි ගුප්ත ශාස්ත්‍රයන් අභාවයට යනු ඇතැයි තවමත් අප රටේ බොහෝ දෙනෙක් සිතති. එහෙත් එහි පැහැදිලි සත්‍යතාවයක් නැත. 
ඊට හේතුව සාම්ප්‍රදායික ගුප්ත විශ්වාස කෙසේ වෙතත් මිනිසුන් තුළ පවත්නා ගුප්ත ආකල්ප දුරලීිමයි. එහෙත් එහි පැහැදිලි තාක්ෂණයට ප්‍රමාණවත් හැකියාවක් නොමැති බැවින් ඉන් සිදුවනුයේ පැරණි සමාජයේ පැවැති ගුප්ත ශාස්ත්‍ර මත පදනම් වූ මානව ක්‍රියාකාරකම් නවීන සමාජයට ගැළපෙන සේ යාවත්කාලීන හා නවීකරණය වීම පමණි.  අතීතයේ සිංහල බසින් කරන ලද බාලගිරි නම් යකින්න සඳහා කරනු ලැබූ එම දැන්වීම මෙලෙස ඉංගිරිසියට පෙරැළී ඇත්තේ එම යාවත්කාලීන ක්‍රියාවලියේ එක් පැතිකඩක් වශයෙනි. 
ඒ කෙසේ හෝ අගනුවර තදාසන්නයේ පිහිටි මධ්‍යම පාන්තික නිවාසයක මෙලෙස බාලගිරි සඳහා ලියැවුණු දැන්වීමක් ඉංගිරිසි බසින් ඉදිරිපත් කොට තිබුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් පිවිසිය හැකි සරල අනුමානයන් කිහිපයක් මෙසේය. 
 
1. බාලගිරි යකින්න සඳහා කරනු ලබන මෙම නිවේදනයට භාෂාව අදාළ නොවෙතැයි ගෙහිමියන් විශ්වාස කිරීම. 
2. ඉහළ මධ්‍යම පාන්තිකයන් වශයෙන් තරගකාරී සමාජයේ කැපී පෙනෙන තමන් ජීවිතයේ සෑම කටයුත්තක්ම ඉංග්‍රීසි භාවිතා කරන බව දකින්නවුන් හට හැඟවීම 
3. 'බාලගිරි අද නොවේ හෙට' යන්න හුදෙක් ගැමි සංස්කෘතියට අයත් වූවක් නිසා එය නාගරික සංස්කෘතියකට ඔබින සේ ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කිරීම වරදක් නැතැයි ගෙහිමියන් විශ්වාස කිරීම. 
4.ඉහත සඳහන් නිවේදන සිංහලයෙන් ඉදිරිපත් කිරීමෙන් බෙහෝ දෙනකුට සන්නිවේදනය වීමට ඇති අවකාශය මෙමගින් අහිමි කරවීම. 
 
මේ සියලු කරුණු අනුව ගම්බද සේම නාගරිකවද මෙම බාලගිරි දෝෂය පිළිබඳ විශ්වාසය පැතිර ඇති බව මනාව පැහැදිලිය. ඒ අනුව මෙම බාලගිරි පිළිබඳ යම් විමසුමක් කිරීම අදටත් කාලෝචිත යැයි හැඟේ. අදටත් බාලගිරි ජන සමාජය හා බද්ධ වී ඇත්තේ ඉපදුණු අලුත බිලිඳුන්ට වැලඳෙන රෝගයක් ලෙසිනි. 
ජන වහරෙහි මෙය හැඳින්වෙනුයේ 'බාලගිරි දෝෂය' ලෙසිනි. 
අලුත ඉපදුණු බිලිඳුන් සන්ධ්‍යා කාලවලදී අතපය අඹරවමින්  හැඩීම මෙම බාලගිරි දෝෂය මත සිදු වන්නක් බව ‍පොදු ජන විශ්වාසයයි. සැබවින්ම 'බාලගිරි යනු' යක්ෂණියකි. කුඩා දරුවන් නිදන නිවෙස්වලට නිවසේ ඉදිරිපස දොරින් පැමිණෙන මෙම බාලගිරි යක්ෂණිය නිවසේ කිසිවකුත් නොවැටහෙන ලෙසින් එම නිවසේ හිඳින බිලිඳාට බැලුම් හෙළන්නීය. බිලිඳා අතපය ඒ මේ අත අඹරවමින් වේදනාත්මකව බෙරිහන් දෙනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සාමාන්‍යයෙන් යකුන් එළැවීම පහසු කාරියක් නොවේ. එහෙත් සෙසු යකුන්ට සාපේක්ෂව මෙම බාලගිරි යකින්න පලවා හැරීම අතිශයින් පහසුය. ඒ සඳහා කළ යුත්තේ එම බිලිඳා වෙසෙන නිවසේ ඉදිරිපස දොරටුවේ බාලගිරි අද නොවේ හෙට යනුවෙන් දැන්වීමක් එල්ලා තැබිම පමණි. එවිට දිනපතා සවස් යාමයේ එම නිවසට පැමිණෙන බාලගිරි යකින්න එම දැන්වීම බලා ආපසු හැරී යයි. මෙලෙස දිනපතාම සවස් කාලයට එම නිවසට පැමිණ එම දැන්වීමට අනුව නැවත නැවතත් හැරී යාම, මත මෙම බාලගිරි මොන තරම් මෝඩ යකින්නක දැයි ඔබට වැටහෙනු ඇත. 
මෙම බාලගිරි යකින්නගේ උප්පත්ති කතාව 'ගිරි දේවී' පුරාවෘත්තය හා සම්බන්ධ වෙයි. (දඹදිව දන්ත පුරයේ සිංහ කුමාර නම් රජ කෙනෙකුට සහ හංසවතී නම් දේවියකට දාව උපන් පුත් කුමරෙකු සහ දූ කුමරියක මෙම පුරාවෘත්තය හා සම්බන්ධය. දළ කුමාරුන් නමැති එම කුමරුන් වෙතින් එම කුමරිය දූෂණය වන බවට දෛවඥයන් විසින් පළ කරන ලද අනාවැකියකට අනුව කුමරිය ගල් ලෙනක් තුළ සඟවා හදා වඩා ගැනීමට දෙමාපියනට සිදුවෙයි. එහෙත් නව යොවුන් වියට පත්වන දළ කුමරුන් හට තම එකම සොයුරිය දැක බලා ගැනීමේ ආශාවක් ඇති වී මාපිය නොකැමැත්ත නොතකා එම ගල්ලෙන, තුළට වැදීමත් සමග සිදුවනුයේ දෛවඥයන් විසින් පැවැසූ අනාවැකිය එපරිද්දෙන්ම ක්‍රියාත්මක විමය. එහි ඊළඟ ප්‍රතිඵලය වනුයේ එම සිදුවීමෙන් ඇති වූ කම්පනය දරාගත නොහැකිව කුමරිය එම ගල් ලෙන තුළම ගෙල වැල ලාගෙන මියයාමය. ඉන්පසුව තමන් වෙතින් සිදු වූ එම සාහසික අපරාධය 
පිළිබඳව අතිශය කම්පාවට පත්වන කුමරු ද එම වනය තුළම මියගිය බව එම වෘත්තාන්තයෙහි සඳහන්ය. එසේ මියගිය දළ කුමරු අවතාර දොළහකින් යුතු 'ගරා යකු' ලෙසින් ජන්මය ලබන අතර කුමරිය ද අවතාර 'දොළහකින් සමන්විත ගිරි දේවිය' ලෙසින් යක්ෂාත්මයක් ලැබුවාය. කීල ගරා, සෝලන් ගරා, මෝලන් ගරා, අඳුන් ගරා, සඳුන් ගරා, පට්ටි ගරා, ඔකඳ ගරා, ජල ගරා, පුෂ්ප ගරා, වට ගරා, කොට ගරා යනු ගරා යකුගේ අවතාර දොළහය. 
ගිරි දේවියගේ පිරිවර වනුයේ මදන ගිරි, හපුමල් ගිරි, මෝලං ගිරි, භූත ගිරි, නීල ගිරි, අඳුන් ගිරි, සේල ගිරි, සොහොන් ගිරි සහ බාල ගිරිය. ඒ අනුව අද අපගේ කතා නායිකාව වන බාල ගිරි නම් වන රැවටෙන සුලු යකින්නට අපගේ ජනප්‍රවාද අතරේ හිමිව ඇති තැන පහසුවෙන් වටහා ගත හැක. 
ඒ කෙසේ හෝ බිලිඳුන් සැඳෑ කාලයේ මෙලෙස අත් පා අඹරවමින් වේදනාකාරී ලෙස හඬනුයේ කිරි පෙවීම ආදිය නිසා දරුවාගේ උදරය තුළට පිවිසෙන වාතය අන්ත්‍රවල පිරී ගොස් ඒවා පිම්බි යාම නිසා බව දාරක සෞඛ්‍යය පිළිබඳ ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා දනිති. එනිසාම බිලිිඳුන්ට කිරි දීමෙන් පසු කිරි සමග උදරයට එක් වූ වාතය මුවින් ඉවත් කරවීම පිළිබඳ ගුඩුස් යැවීම, නම් ක්‍රියාව කරන මෙන් ඔවුහු බිලිිඳුන්ගේ මව්වරුන්ට උපදෙස් දෙති. 
එහෙත් එසේ නොකොට සිංහලයෙන් හෝ ඉංගිරිසියෙන් 'බාලගිරි අද නොවේ හෙට' යනුවෙන් නිවසේ ඉදිරිපස දැන්වීමක් එල්ලා තැබිමෙන් බිලිඳුන්ගේ එම කායික පීඩාව කෙසේ ඉවත් කළ හැකිද? යන්න මට නම් මොනම ලෙසින්වත් සිතාගත නොහැක.
 
තිලක් සේනාසිංහ

ලෝකආහාර දිනය මෙම මස 16 වනදාට යෙදී තිබේ. ආහාර දිනය සමරන්නට බටහිර දියුණුරටවල් අති උත්කර්ෂවත් උත්සවද සංවිධානය කර ඇත. අපේ රටද ඒ වෙනුවෙන් ලකලැහැස්ති වන බවට කිසිදු සැකයක් නැත. නමුත් ආපනශාලා හිමියන්ගේ සංගමයට අනුවනම් ලෝක ආහාර දිනය අභිමානයෙන් සමරන්නට තරම් වටපිටාවක් අපට රටේ දක්නට නැත.ලෝක ආහාර දිනය සමරන්නට තරම් අපේ රටේ වටපිටාවක් නොමැත්තේ ඇයිද යන්න පිළිබඳවදැන ගැනීමට ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාව මෙලෙස අපිසම්බන්ධ කරගත්තෙමු.

  • ලෝක ආහාර දිනය උත්කර්ෂවත් ලෙස සමරන්නට අපේ රටේ වටපිටාවක් නොමැති බවට ආපනශාලා හිමියන්ගේ සංගමය රජයට කරන චෝදනාව කුමක්ද?

මේමාසේ 16 වෙනිදාට ලෝක ආහාර දිනය ලෝකෙටම පේන්න සමරන්න අපේ රටේ බලධාරිනුත් ලකලැහැස්ති වෙනවා. මෙහිදී ඉහළ පැළැන්තියේ උත්සවාකාරයෙන් මේ උත්සවය සංවිධානයකෙරෙනවා. ඒත් අපේ රටේ ආහාරවල ප්‍රමිතියක් නැතිව ආහාර පැකට් එකේ ප්‍රමිතියක්නැහැ. ආහාර පැකට් එක හෝ ආහාර වල ප්‍රමිතියක් නැහැ. නියාමනය කරන්නටආයතනයක්, අමාත්‍යාංශයෙන්, අමාත්‍යවරයෙක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ඉතින්ආහාරවල ප්‍රමිතියක් නැති රටක කෙහොමද අපි ලෝක ආහාර දිනේ උත්සව ශ්‍රීයෙන් සමරන්නේ.

  • ප්‍රමිතියක් නැතැයි කියන ආහාර හෝ ආහාර වර්ග මොනවාද?

පාස‍ලේආපනශාලාවල තනිකරම අලෙවි වෙන්නේ රසකාරක යෙදූ ආහාර. විශ්වවිද්‍යාලවල කෑමපැකට් එක රුපියල් 50ට දෙන්නේ ප්‍රමිතියක් නැති එළවළු, මාළුවලින් පිරුණුආහාර වට්ටෝරුවකුත් එක්ක. රාජ්‍ය ආයතනවල වැඩ කරන සේවකයෝ මන්දගාමී බව බොහෝදෙනා කරන චෝදනාවක්. ඒත් ඒ මිනිස්සු ආපන ශාලාවෙන් කන කෑම පැකට් එකේ කිසිමප්‍රමිතියක් නැහැ. ඉතින් මේ වගේ නිසි ‍පෝෂණයක් නැතිව ආහාර අනුභව කළාමකොහොමද ක්‍රියාශීලීව වැඩ කරන්නේ.

  • ඔබ පෙන්වා දෙන ආකාරයට බහුතරයක් ආපනශාලා වල අලෙවි වන ආහාර වට්ටෝරුවල නිසි ප්‍රමිතියක් නැහැ. මේ තත්ත්වයට ආපනශාලා වගකිව යුතුයි නේද?

මේසියල්ලටම වගකිව යුත්තන් බලධාරීන්. මොකද අපේ රටේ ආහාරවල ප්‍රමිතිය නිර්ණයකරන්නට නිසි මිම්මක් නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා ඒ කාර්යවගකීමෙන් ඉටු කරන්නේ නැහැ. අපේ රටේ නියාමනයක්, ප්‍රතිපත්තියක් හෝ පවතිනවානම් අද ආපනශාලාවලට ප්‍රමිතියෙන් බාල ආහාර වට්ටෝරු අලෙවි කිරීමට ඉඩක්ලැබෙන්නේ නැහැ. මේ නිසා අපි කියන්නේ ආහාර සම්බන්ධව නියාමනයක් කඩිනමින්අවශ්‍ය බවයි.

  • බඩු මිල අඩු අවස්ථාවලදීත් ආහාරවල මිල අඩු නොවන බවට මහජනතාව ආපනශාලාවලට කරන චෝදනාව ගැන ඔබේ අදහස කුමක්ද?

අපිසාමාන්‍යයෙන් බඩු මිල අඩු බොහෝ අවස්ථාවල කෑම පැකට් එකේ මිල වැඩි කරන්නේනැහැ. කෑම පැකට් එක රුපියල් 10කින් වැඩි කළෙත් ලන්ච්ෂීට් මිල ඉහළ ගිය නිසා.මේ වනවිට අප නියම කරලා තිබෙන කෑම පැකට් එකක මිල රු. 140යි. මීට වැඩිමුදලකට කෑම පැකට් එකක් අලෙවි කරනවා නම් ඒ පිළිබඳව ආපනශාලා හිමියන්ගේ සංගමයදැනුවත් කරන්නට පුළුවන්. ආහාර පිළිබඳව විධිමත් නියාමනයක් නොමැතිකම මේ ආහාරපැකට් එකක මිලටත් බෙහෙවින්ම බලපානවා.

  • ආපනශාලා හිමියන්ගේ සංගමය යටතේ ලියාපදිංචි ආපනශාලා ගණන කොපමණද?

මේවනවිට ආපනශාලා 1300ක් පමණ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම අපේ සංගමයේලියාපදිංචි නොවූ ආපනශාලාද තිබෙනවා. ආපනශාලා හිමියන්ගේ සංගමය කියන්නේවෘත්තීය සමිතියක් නෙමේ, ජාතික ව්‍යාපාරයක්.

  • මෙවර ලෝක ආහාර දිනය නිමිති කොටගෙන ආපනශාලා හිමියන්ගේ සංගමය විදිහට යම් සුවිශේෂී වැඩසටහනක් ඉදිරිපත් කරනවාද?

මෙවරආහාර දිනය වෙනුවෙන් අපේ රටේ ප්‍රමිතියක් නොමැති ආහාර පිළිබඳව අපි ජනතාවදැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. එහිදී ප්‍රමිතිගත නොමැති ආහාරපිළිබඳව ජනතාවට යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

  • ආපන ශාලා හිමියන්ගේ සංගමය විදිහට දැනට රටේ පවතින ප්‍රමිතියක් නැති ආහාර පරිභෝජනය වළක්වා ගැනීමට ඉදිරිපත් කරන යෝජනා කවරේද?

අපි මුලින්මආණ්ඩුවට කියනවා මෙවර ලෝක ආහාර දිනය අති උත්කර්ෂවත් ලෙසට සමරන්නට වැයකරන්න යන මුදල් නිකරුණේ නාස්ති නොකර අපේ රටේ ආපනශාලා වල ප්‍රමිතිය නඩත්තුවටයොදවන්න කියලා. මෙහිදී අපට හැකියාවක් ලැබෙනවා අපිරිසිදු ආපනශාලා පිරිසිදුතත්ත්වයෙන් පවත්වා ගෙන යාමට, කැඩී බිඳී ගිය ආපනශාලා නඩත්තු කිරීමට, ආපනශාලාවල පහසුකම් ක්‍රමවත් කිරීමට මේ මුදල් යොදාගන්න. ඒ නිසා බොරු උත්සව දාලාලෝකෙටම පේන්න ආහාර දිනය සමරන්න එපා කියන එක අපි අවධාරණයෙන් කියනවා. ඒ වගේමආහාරවල ප්‍රමිතිය වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ඇති කරන්නට රජයඅනිවාර්යයෙන්ම කටයුතු කරන්නට ඕනේ. එහෙම නැතිනම් අප ඒ වෙනුවෙන් සටන් කරන්නවුණත් සූදානමින් ඉන්නේ. මේක ආපනශාලා හිමියන්ගේ සංගමයේ විතරක් නෙමේ සියලුජනතාවගේම ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

සමන්මලී නැලිගම

සැමියා නිවසේ නොමැති අතරේ තම නිවසට බීමතින් පැමිණි රත්තොට පොලිස් ස්ථානාධිපති වරයා තම හැට්ටය තුළට අත දමා ලිංගික අතවරයක් කළ බව කියමින් ග්‍රාම නිලධාරිනියක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

තම සැමියා ඩෙංගු රෝගය වැළදී රෝහල් ගතව සිටින අතර බීමතින් තම නිවසට පැමිණි රත්තොට පොලිස් ස්ථානාධිපති වරයා අවස්ථා දෙකකදීම තමන්ට මෙලෙස ලිංගික අතවර කළ බවත් මෙම සිද්ධිය කිසිවකුට නොපවසන ලෙස පවසා එසේ පැවසුව හොත් මරා දමන බවට තර්ජනය කළ බවත් එම ග්‍රාමනිලධාරිණිය පොලිස්පති වරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.

ඇගේ පැමිණිල්ල අනුව විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් යුත්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) රත්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි දිසානායක මහතා අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහුගේ මෙම ක්‍රියාවට අනුබල දුල් බවට සැක කෙරෙන ත්‍රි රෝද රථ රියදුරෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සැකකරු අද (12) තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී බණ්ඩාර රත්නායක, පොලිස් පරීක්ෂක එම්.ඩී.පී.සී.ගුණතිලක යන මහත්වරු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සියනෑ පුරවරයේ ජීවත් වු ශ්‍රේෂ්ඨ ‍ලේඛකයකු වූ කේ. ජයතිලක මහතා විසින් තම ජන්මය ලත් වතුරුගම කන්නිමහර පිහිටි ඔහු ජීවත් වූ නිවසේ ඔහු විසින්ම ආරම්භ කරන ලද කේ. ජයතිලක නිදහස් පුස්තකාලය මේ වන විට වැසී යාමේ තත්ත්වයකට පත්ව ඇති බව අපට එහි කළ සංචාරයකදී දැකගන්නට හැකිවිය. 
 
සිය ගම් පියසෙහි වූ තම සහෘදයන්ගේ මෙන්ම දූ දරුවන්ගේ ඥාණාලෝකය උද්දීපනය කරනු වස් ඔහු ජීවත් ව සිටියදීත් තමා අතින් ලියැවුණු පත ‍පොත ඇතුළු රටේ ජාතික උරුමයක් වූ සාහිත්‍යධරයන් රැසකගේ වටිනා ‍පොත් පත් රැසක් මෙම පුස්තකාලයේ තැන්පත් කිරීමට කේ. ජයතිලක මහතා අමතක කළේ නැත. 
ඒ අන්දමින් එදා මෙම පුස්තකාලයේ තැන්පත් වූ විවිධ ‍පොත් පත් සංඛ්‍යාව දහසය දහසකට වඩා ආසන්න වූ බව නොරහසකි. ඒවා බොහොමයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචිත ‍පොත් බවද බොහෝ දෙනකු පවසති. 
2004 ජුනි මස 27 වැනි දින ආරම්භ කළ මෙම පුස්තකාලය එදා කේ.ජයතිලක මහතා සිිය හදවත මෙන් ආරක්ෂා කළහ. මේ වන විට එම ස්ථානය වවුලන්ගේ පාරාදීසයක් බවට පත් වෙමින් පවතී. 
මෙයට වසර කිහිපයකට පෙර සාහිත්‍ය මාසය තුළ මෙම ස්ථානයේ පවත්වා ගෙන ගිය දේශන - සම්මන්ත්‍රණ හා සාහිත්‍යධරයන්ගේ විවිධ වැඩසටහන් තබා 2015, 2016,2017  යන වසරවල පවත්වාගෙන ආ සාහිත්‍ය උත්සවය ද මේ වන විට මෙහි පැවැත්වෙන්නේ නැත. 
පසුගිය දිනක අප එහි යන විට පුස්තකාලය තුළ වූයේ ඉතා පාළු ස්වාභාවකි. 
වර්ෂා අවස්ථාවේ වහලයේ කඩතොළු තුළින් පුස්තකාලය තුළට ජලය වෑස්සෙනු අපට දකින්නට ලැබුණි පුස්තකාලය තුළ ඇති, ‍පොත් බැහැර ගෙන යාමේ අංශය. දුර්ලභ ‍පොත් සහිත විමර්ශන අංශය , ප්‍රකට  ‍ලේඛකයන්ගේ ඡායාරූප හා ඔවුන්ගේ අත් පිටපත් ප්‍රදර්ශන අංශය, විදේශ රටවලින් ලද සිහිවටන අංශය සහ විවිධ රටවල පැරණි මුදල් නෝට්ටු සහ කාසි  ප්‍රදර්ශන අංශය වැනි ස්ථාන වසර කිහිපයකින් සංස්කරණය කළ බවක් නොපෙනේ. 
‍පොත් බැහැර දීමේ අංශයේ ‍පොත් රාක්ක තුළ ‍පොත්පත් නිසි පිළිවෙළකට තබා නැත. 
මෙම පුස්තකාලයට සිදුව ඇති ප්‍රබල හානිය වී ඇත්තේ දුර්ලභ ‍පොත් සහිත විමර්ශන අංශයට බව ප්‍රදේශවාසීන් රැසක්ද මෙම ස්ථානයට  ලෙන්ගතු කිහිපදෙනකු අප හා පැවැසූහ. ඉන් බොහෝ දෙනකු අපිට කීවේ පුස්තකාලයේ දුර්ලභ ‍පොත් අංශයේ තිබූ වටිනා ‍පොත් රැසක් ඉන් අස්ථාන ගත වී ඇති බවයි. 
මේවායේ වටිනාකම මිල කළ නොහැකි බවද ඒ අසල වෙසෙන පුද්ගලයෙක්  අපිට පැවැසීය. 
පුස්තකාලයේ වූ දුර්ලභ ‍පොත්  අංශය මේ වන විට පස් දෙනෙක් වූ දරු පවුලක වාස භූමිය වී ඇත. මේ හේතුව නිසා එම අංශයට ඇතුළු වීමට කිසිවෙකුට අවසර නැත. 
මේ අයුරින් දැයේ දරුවන්ගේ සාහිත්‍ය රසාස්වාදයට කේ.ජයතිලක මහතා ඇති කළ නිදහස් පුස්තකාලය දෙස අද බලධාරීන්ගේ පමණක් නොව සාහිත්‍යධරයන්ගේ ද ඇල්ම බැල්ම නොලැබි යාම කාගේත් කනස්සල්ලට හේතු වී ඇත. 
අපට මේ  බව අසන්නට දකින්නට හැකි වූයේ සාහිත්‍ය මාසයේ අපි එහි කළ සංචාරයකින් අනතුරුවය. 
කේ.ජයතිලක මහතා වසර 75කට අධික කාලයක් දිවි ගෙවූ වතුරුගම, කන්නිමහර ප්‍රදේශයේදී රමණීය පරිසරයක පිහිටි ඔහුගේ නිවස මෙන්ම අවට පරිසරයද  වසර ගණනාවකින් සංවර්ධනය  කර ඇති බව නොපෙනේ. 
මෙයට වසර හය හතකට පෙර එතුමා ජීවත්ව සිටියදී දැයේ දරුවන් උදෙසා ආරම්භ කරන්නට මුල්ගල තැබූ සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමට නියමිත භූමියේද අද වල් බිහිවී ඇත. 
එක් අවස්ථාවක එම පුස්තකාල පරිශ්‍රයේ පැවැති උත්සවයකට සහභාගි වූ දිවංගත හෙළයේ මහා ගාන්ධර්වයන්වූ ආචාර්ය අමරදේවයන් සහ නන්දා මාලීනි මහත්මිය අතින් රෝපණය කළ ඇහැළ ගස් කවුරුන් හෝ කපා විනාශ කර දමා ඇත. 
පුස්තකාල පරිශ්‍රය සහ එහි ‍පොතපත සංරක්ෂණය සඳහා යොදවා තිබූ  පරිපාලන ව්‍යුහය අද එහි ක්‍රියාත්මක වන බවත් පෙනෙන්නට නැත. 
ජයතිලක නිදහස් පුස්තකාල නිවහන බොහෝ කලකින් අලුත් වැඩියා කළ බවක්ද නොපෙණුනි. 
පුස්තකාලය තුළ ඇති විදුලි පහන් ආලෝකය එවැනි ස්ථානයකට නොසෑහේ. 
අප මෙම තත්ත්වය පිළිබඳව පුස්තකාලය අසල වෙසෙන කේ.ජයතිලක මහතාගේ සොයුරු ප්‍රේමරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ පුස්තකාලය පවත්වා ගෙන යාමට විවිධ බාධා පවතින පවයි. 
එහි වගකිව යුත්තන්ගේ අවධානය නොලැබිම නිසා මෙහි පරිහානිය සිදුවෙමින් පවතින බව ඔහු පවසයි. තම සොහොයුරාගේ මුළු හදවතින් දැයට දායාද කළ මෙම පුස්තකාලය මෙසේ පරිහානියට පත්වෙමින්  තිබිම ඔහුටද බලවත් වේදනාවකි.
 
ආරියපාල වීදාගම

දසුන් අවසන් ගමන් ගියේ කතා කරන්න මාතෘකා ගොඩක් ඉතුරු කරලා. දසුන්ගේ වියෝවත් එක්ක දසුන්ගෙයි බුවිනිගෙයි මංගල ඡුායාරූපත් අන්තර්ජාලයේ සහ වෙබ් අඩවිවල සැරිසරන්න ගත්තේ තවත් අලූ‍ත් කතාවක් ගොතමින්?
දසුන් කියන්නෙ ක්‍ෂේත‍්‍රයේ මගේ හොඳ යාළුවෙක්. අපි නිර්මාණ කීපයකදීම මුණ ගැහිලා තියනවා. දසුන්ගෙ හදිසි වියෝව යාළුවෝ වුණ අපි කාටත් කම්පනයක් වුණා. තවමත් අපි ඉන්නේ ඒ කම්පනයෙන්. ඒ වියෝ දුකින්. ඒ අතරේ තමයි දසුන් සහ මම පෙනී හිටපු වෙඩින් ෆොටෝස් වගයක් අන්තර්ජාලයට එක් කරලා අනවශ්‍ය කතාවක් ගොතලා තිබුණේ.
 
ඇත්තටම මේ පින්තූරවල නිධාන කතාව මොකක්ද?
ගාල්ලෙ රූපලාවන්‍ය ශිල්පිනියක් දසුන්ගෙයි මගෙයි වෙඩින් ෆොටෝ ෂූට් එකක් කළා. ඒක වෘත්තීමය වශයෙන් අපිට මුදල් ගෙවීමක් කරලා කරපු ෂූට් එකක්. ඒ දවස්වලම එ් ෆොටෝස් ඒ අය අන්තර්ජාලයට මුදා හැරියා.
 
ආයෙමත් ඒ පින්තූරවලට පණ ආවේ දසුන්ගේ වියෝවත් එක්ක?
ඔව්. ඇත්තටම ඒක මිය ගිය දසුන්ට වගේම ජීවත් වෙලා ඉන්න එයාගෙ බිරිඳට, මට අපහාසයක්. ඒ පින්තූරත් එක්ක ඔවුන් ලියලා තිබුණේ මම ඔහුගේ බිරිඳ විදියට ඇඟවෙන්න. මොනවා හරි බාල උපක‍්‍රමයකින් තමන්ගේ වෙබ් අඩවිය, පේජ් එක ජනප‍්‍රිය කරගන්න ඒ අය තවත් අයගේ පෞද්ගලික ජීවිත විනාශ කරනවා. ඒ ගැන නම් මට තියෙන්නේ කලකිරීමක්.
 
දසුන්ගේ පෙම්වතිය නිළියක් වුණාට බිරිඳ නිළියක් නෙමෙයි කියලා මාධ්‍යයේ පළවුණානේ. දැන් එතකොට බුවිනි නිළියක් කියලා ඔය පෝස්ට් හදපු අය ඒවා පළකරපු වෙබ් අඩවිවල අය දන්නේ නැද්ද?
මටත් ඒක ප‍්‍රශ්නයක්. මම මහා ජනප‍්‍රිය නිළියක් නෙමෙයි. හැමෝම මාව දන්නේ නෑ. ඒත් ටික දෙනෙක් හරි දන්නවානේ. ඒකෙන් එක දෙයක් තේරෙනවා. කිසිම වගකීමක් නැති උදවිය තමයි ඔය වෙබ් අඩවි කරන්නේ. ඒ අයට නිවැරදි තොරතුරු වාර්තා කරන්න අවශ්‍ය නෑ. කුණු ගොඩක් නම් බොරුවක් වුණත් ගොතලා දානවා.
 
බුවිනි දසුන්ගෙ බිරිඳව අඳුනනවාද?
නෑ. මම දසුන් විවාහකයි කියලා දන්නෙත් නෑ. 
 
එතකොට ශලනි දසුන්ගෙ පෙම්වතිය කියලා?
ඒත් නෑ. අනිත් අය වගේ මමත් ඒක දැන ගත්තේ දසුන්ගෙ වියෝවත් එක්ක.
 
බුවිනිත් පෙම්වතියක්නේ?
ඔව්. මම පෙම්වතියක්
 
දසුන්ගෙයි ඔබගෙයි පෝස්ට් අන්තර්ජාලයේ සැරිසරන එක ඔබේ පෙම්වතාට ප‍්‍රශ්නයක් නෙමෙයිද?
එයා තමයි මටත් මුලින්ම ඒවා දැකලා පෙන්නුවේ. ඒක පදනමක් නැති කතාවක් කියලා ඔහු දන්නවා. තමන්ගේ පෙම්වතිය තව කෙනෙක්ගෙ බිරිඳ කියලා කතන්දරයක් යනවට කවුද කැමති. ඒත් ඔහු මාව වගේම, ‍මේ රටේ  ඕපදූප මාධ්‍ය ගැනත් තේරුම් අරන් ඉන්නේ. එහෙම නොවුණා නම් මගේ ආදරයටත් කණකොකා හඬන්න ඉඩ තිබුණා. 
 
හිමේෂා සවන්ති රාජපක්ෂ
 
ඡායාරූපය - අසන්ත ගමආරච්චි

පසුගිය දා ආහාර විෂවීමක් බවට සැක කොට සේවිකාවන් පිරිසක් රෝහල් ගත කළ නෝර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලේ සේවිකාවන් පිරිසක් ඊයේ(09) පෙරවරුවේ 'යක්ෂාවේෂ' වූ අයුරින් දඟලන්නට පටන් ගැනීමේ සිද්ධියක් වාර්තාවේ.

ඊයේ ‍පෙරවරුවේ එහි සේවිකාවන් 20 දෙනෙකු පමණ හිටි හැටියේ ආවේශ වී දඟලන්නට පටන් ගෙන ඇති අතර ඒ හේතුවෙන් එම කම්හලේ මහත් නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.

කලු ඇඳුමක් ඇඳගත් අත්භූත පුද්ගලයෙකු තම බෙල්ලෙන් ඇල්ලූ බව කියමින් එහි සේවිකාවක් හිටි හැටියේ කෑ මොර දීමත් සමඟ තවත් සේවිකාවන් පිරිසක් මෙලෙස කම්හල දෙවනත් කිරීමට පටන්ගෙන තිබේ. ඉන්පසු ආයතනයේ පාලන අධිකාරිය විසින් මෙම සිද්ධිය පිළිබඳව නෝර්වුඩ් පොලිසියට පැමිණිලි කළ අතර එම කම්හලට බාහිරින් කිසිදු පුද්ගලයෙකු ඇතුළු වී නොමැති බව ‍ඒත්තු ගොස් ඔවුන් ඒ බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට දන්වා තිබේ. පසුව දික්ඔය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් එම කම්හලට පැමිණ එසේ උමතු ස්වභාවයක් පළ කළ සේවිකාවන් කිහිපදෙනෙකු පරීක්ෂා කොට තිබේ. එහෙත් ඔවුන්ගෙන් කිසිදු කායික රෝගී තත්ත්වයක් වාර්තා නොවූ බැවින් ඔවුන් මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට එම වෛද්‍යවරු නියමකොට ඇත.

පසුගිය 04 වෙනිදා මෙම කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 140 දෙනෙකු පමණ හදිසියේ සිහිසුන් වූ අතර ඔවුන් රෝහල් ගත කළ පුවත 'ආහාර විෂ වීමක්' ලෙසින් සහ 'විෂවායුවක් ආග්‍රාහණය' වීමක් ලෙසින් මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි. ඒ අතර සෞඛ්‍ය බලධාරීන් එහි පැමිණ කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ කර්මාන්ත ශාලාව තුළ‍ට ප්‍රමාණවත් වාතාශ්‍රය නොලැබීම මත සේවිකාවන් කිහිප දෙනෙකු එසේ සිහිසුන් වන්නට ඇති බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසා බැලීමේ දී වැටහී ගොස් ඇත්තේ කර්මාන්ත ශාලාව තුළ පැවැත්විය යුතු 'දේවපූජා' කිහිපයක්ම නොපැවැත්වීම නිසා එම තත්ත්වය උද්ගත වී ඇති බවය. ඒ අනුව එම සේවිකාවන් සිහිසුන්වීම සමූහ මායාරෝගය(Mass Hysteria) නම් තත්ත්වයක් මත ඇතිවූවක් බව සාධාරණ ලෙස අනුමාන කළ හැකියැයි අපි ප්‍රථමවරට ලක්බිම ඔන්ලයින් මඟින් පෙන්වා දුන්නෙමු.

මේ එළඹී ඇත්තේ එම සංසිද්ධියේ ම දෙවන කොටසකි.

සුපුරුදු චාරිත්‍ර වාරිත්‍ර උල්ලංඝනය වීමෙන් පසු දෙවි පිහිට තමන්ට අහිමිවෙතැයි අධික දේව භක්තියකින් යුතු අයෙකුගේ සිත තුළ දැඩි කැළඹීමක් පැන නැගිය හැක.

එසේ මනැස තුළ ගොඩ නැගෙන අනියත බිය සැක මුල්කොට විඝටනය (Dissociation) නම් මානසික අර්බුදකාරී තත්ත්වය පැන නැගීම අතිශයින් ස්වභාවිකය. එහිදී පුද්ගලයන් තම පෞරුෂයෙන් ඉවත් වී වෙනත් පෞරුෂයන් ලෙසින් පෙනී සිටිනුයේ තමන් ද නොදැනුවත්වම එම මානසික අර්බුදය එළි දැක්වීම පිණිසය. එහිදී නියමිත දේව පූජා සිදු නොකිරීම මත තමන් මුහුණ පා ඇති අනාරක්ෂිත ස්වභාවය මෙම මනඃකල්පිත 'කළු මිනිසාගෙන්' එක්තරා සේවිකාවක් මූර්තිමත් කර ගත් අතර එය ඇගේ මනැසේ මැවී පෙනුණු ව්‍යාජ ඝ්‍රාන්තියක්(Pseudo hallucination)  බව නිසැකය.

එහිදී ඇගේ මානසිකත්වයට අනුරූප තවත් සේවිකාවන් විසි දෙනෙකු පමණ ‍එලෙස කලබල කිරීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය සංස්කෘතික සබැඳියාවක් සහිත මානසික අර්බුදයක් මිස බරපතල මානසික රෝගයක් නොවේ.

ඒ අනුව මෙතෙක් මගහැරුණු බව පැවසෙන එම දේවපූජා පැවැත්වීමෙන් එම ඇඟලුම් යුවතියන්ගේ සිත් තුළ පවතින මානසික අනාරක්ෂිත බව තාවකාලිකව සමනය කිරීමට එම බලධාරීන්ට හැකි වනු ඇත.

එහෙත්  මෙහි ඇත්තේ හුදෙක් මනෝ මූලික සිද්ධාන්තමය පදනමක් මිස ගුප්ත විද්‍යාත්මක තත්ත්වයක් නොවන බව දෙවනුව ඔවුනට පහදාදීමෙන් මෙවන් සිහිසුන් වීම් සහ ආරූඬවීම් දිගුකාලිනව අවමකර ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.

පෙරලිපි,

දික්ඔය ඇඟලුම් සේවිකාවන් සිහිසුන් වීමේ සැබෑ කතාව

තිලක් සේනාසිංහ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 524

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 242

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3203

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1800

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3780

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4877

Please publish modules in offcanvas position.