Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

“කරුණා කරලා මේක කියවන්න. විහිලුවක් නෙවෙයි. ඔබ යම්කිසි අරගලයක සිටිනවා දෙවියන්වහන්සේ දැක තිබෙනවා. දෙවියන්වහන්සේ කියනවා දැන් හැමදෙයක්ම ඉවරයි කියලා. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ගමනට ලබා දෙනවා. ඔබ දෙවියන්වහන්සේව විශ්වාස කරනවා නම් මේ මැසේජ් එක යවන්න. කරුණාකරලා මේක නොසලකා හරින්න එපා. ඔබ පරික්ෂාවට ලක් වී ඉවරයි. අද රාත්‍රියේදී දෙවියෝ ඔබේ කැමැත්තවල් දෙකක් ඉටු කරයි. ඔබ දෙවියන්ව විශ්වාස කරනවා නම් හැමදෙයක්ම අත ඇරලා අමතක කරලා දාන්න. හෙට ඔබගේ ජීවිතයේ හොඳම දවස වේවි. මේක කියවලා විනාඩි විස්සක් ඇතුලත මේක ඔබේ කරුණාවන්ත යාලුවෝ තිස් දෙනෙකුට යවන්න.”

ඉහත දක්වා ඇත්තේ මේ දිනවල ෆේස්බුක් මගින් සීඝ්‍රයෙන් හුවමාරු වන පණිවිඩයකි.

ඉන් පැවසෙනුයේ ‘දිව්‍යමය වරප්‍රසාදයක්’ පිළිබඳවය ඒ වරප්‍රසාදය හිමිකර ගැනීමට ඔබ විසින් කළ යුත්තේ  ඒ පණිවිඩය තවත් 30 දෙනෙකු අතරේ පතුරුවාලීම පමණි. ඒ සඳහා ඔබ හට දී ඇති කාලය විනාඩි විස්සකි. අන්තර් ජාලයේ හිඳින්නෙකුට මෙය 'කජු කන්නාක්' වැනි පහසු කටයුත්කත් බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙම පණිවිඩ යැවීමේ ක්‍රමය 18 වන සියවස දක්වා ඈත අතීතයට දිව යන්නකි. මේවා හැඳින්වෙන්නේ දම්වැල් ලිපි (Chain Letter) යනුවෙනි.

දැනට වාර්තා වී ඇති පැරණිම දම්වැල් ලිපිය 18 වන සියවසේ එංගලන්තයේ ප්‍රචාරය වූ එකකි. එය හඳුන්වා  දී ඇත්තේ ‘දෙව්ලොව සිට ලිපියක් (Letter from heaven)’ යනුවෙනි.

ක්‍රිස්තියානි නිකායක ආගම් ප්‍රචාරයක් පිණිස සැකසුණු එම ලිපියෙහි ව්‍යාප්ති රටාව අද වන විට ලොව බොහෝ ආගම් ප්‍රචාරයන් සඳහා යොදා ගෙන ඇති බව පෙනේ.

අනුරාධපුර නාග විහාරයේ බවුන් වඩන භික්ෂුවක් පිළිබඳව සඳහන් කරමින් අරඹන ලද මෙවන් ලිපියක් ද ඔබ අතට පත්වී තිබෙන්නට පුළුවන. ‘මුචලින්ද නාග රාජයාගේ පුත්‍ර රත්නය’ වශයෙන් හඳුනාගත් නාගයෙකු පිළිබඳ හාස්‍යජනක පුවතක් සහිත එම ලිපියෙන් පැවසී තිබුණේ එය ලැබී දින 10 තුළ එහි පිටපත් දහදෙනෙකු වෙත යොමු කරන ලෙසය. එසේ කිරීමෙන් ‘මහත් ධන සම්පත්, යස ඉසුරු’ හිමිවන බවටත් එය නොතකා හැරීමෙන් ‘මහත්විපත්’ සිදුවන බවටත් එහි සඳහන්ව තිබේ. ඒ කිසිදු මූලාශ්‍රයකට ගොනු කොට ගත නොහැකි ‘ව්‍යාජ සාක්ෂි’ කිහිපයක්ද ඉදිරිපත් සමගිනි.

ඒ අනුව එකල බොහෝ දෙනෙකු තමන්ට යස ඉසුරු ලබා ගනු පිණිස හෝ විපත් වලින් අත්මිදීම පිණිස අන්ධානුකරණයෙන් එය ක්‍රියාවට නැංවූ බව නොරහසකි.

මුලදී සිදුවූ පිටපත් කිරීම වෙනුවට පසුව ෆොටෝකොපි කිරීම ආදී තාක්ෂණික ක්‍රම මගින් ද මෙම මිථ්‍යාව ජනතාව අතර පැතිර ගිය අතර අදටත් එම දම්වැල් ලියුම් දාමය මුලුමනින් අක්‍රිය වී නැත.

දැන් අපි යළි මෙම  ෆේස්බුක් පණිවිඩය කෙරෙහි විමසීමක් කරමු.

එහි මෙසේ සඳහන් වේ.

“කරුණාකරලා මේක කියවන්න. විහිලුවක් නෙවෙයි. ඔබ යම්කිසි අරගලයක සිටිනවා දෙවියන්වහන්සේ දැක තිබෙනවා. දෙවියන්වහන්සේ කියනවා දැන් හැමදෙයක්ම ඉවරයි කියලා. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ගමනට ලබා දෙනවා.”

මෙහිදී මෙය අප වෙත එවන්නේ කවුද? දෙවියන් වහන්සේ අප වෙත බැල්ම හෙලා හිඳින බව; ආශිර්වාද කරන බව; මේ එවන පුද්ගලයා දැන ගත්තේ කෙ‍සේද?  ආදී ගැටළු විචාරාත්මක මනැසක් ඇති ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙනු නියතය.

 එමෙන්ම ඔබ යම් කිසි අරගලයක සිටිනවා දෙවියන් වහන්සේ දැක තිබෙනවා යන්න එය කියවන ඕනෑම කෙනෙකුට ඕනෑම අයුරකින් ගලපාගත හැකි සටකපට ප්‍රකාශයකි.

ඒ මදිවාට සෑම ජීවිතයකම, සෑම මොහොතක් ගාණේම පැන නගින විවිධාකාරයේ ගැටළු අර්බුද තිබේ. පුදුමයක් වනුයේ එවැනි ගැටළු අර්බුද නැති අයෙකු සිටිය හොත් පමණි.

ඒ මදිවාට  අපෙන් කිසිදු අයදුමකින් හෝ අවසරයකින් තොරවම උන්වහන්සේ අපට ආශිර්වාද කිරීමට ද පැමිණ තිබේ. ඒත් ඒ කුමන පදනමක් යටතේ දැයි අපට සිතා ගත නොහැක.

ඊ ළඟට මෙම ලිපියේ සඳහන් මෙම සාටෝපකාරී වදන විමසා බලමු.

“ඔබ පරික්ෂාවට ලක් වී ඉවරයි. අද රාත්‍රියේදී දෙවියෝ ඔබේ කැමැත්තවල් දෙකක් ඉටු කරයි.”

මෙයද අතිශය වංචනික සටකපට ප්‍රකාශයකි. මොවුන් මේ ලිපියෙන් සඳහන් කරන කැමැත්තවල් දෙක කුමක්ද?  ඒ පිළිබඳ කිසිවක් මෙහි සඳහන්ව නැත.

“අද රෑ කෑමට බැදුමක් තිබුණොත් හොඳයි යනුවෙන් සිතා කෑම මේසයට වාඩි වන ඔබට එහි කරවල බැදුමක් තිබෙනු දුටුවහොත් එය දෙවියන් වහන්සේ ඔබට දුන් තෑග්ගක් ලෙස හැඟීයනු ඇත.  එය දෙවියන් ඉටු කර දෙන කැමැත්තවල් දෙකෙන් එකක් ලෙසට එය ගණන් හදාගැනීමට ද ඔබට පුළුවන.

ඊළඟට  නිදන ඇඳට අලුත් ඇතිරිල්ලක් තිබුණහොත් හොඳ යැයි ඔබ සිතා සිටින විටෙක කවුරුන් හෝ එම කටයුත්ත සපුරා ලූ පසු එයද දෙවියන්ගේ ක්‍රියාවකැයි ඔබට සිතෙනු නියතය.

ඒ අනුව මෙම ලිපියෙන් සිදු කොට ඇත්තේ කාටත් වැටහෙන ලෙස කිවහොත් ‘කනාපල්ලන් ගැසීමකි.’

ඊ ළඟට එහි මෙසේද සඳහන් වෙයි.

“ඔබ දෙවියන්ව විශ්වාස කරනවා නම් හැම දෙයක්ම අතහැරලා දාන්න.’ මෙහි හැම දෙයක්ම යන්නෙන් දෙවියන් වහන්සේද ඇතුලත් වී ඇතැයි සිතීමට නොපුළුවන.

ඊළඟට එහි ඇත්තේ ‍ “හෙට ඔබගේ ජීවිතයේ හොඳම දවස වේවි.” යනුවෙනි.

මෙය ඉතා සරළ මනෝවිද්‍යාත්මක කරුණක් කනපිට ගසා දැක්වීමකි. අපට හැම දෙයක්ම අත හැරීමට, අමතක කිරීමට හැකි නම් ඒ ඔස්සේ අපට සහනයක් ලබා දීමට අමුතුවෙන් ‘දෙවියෙකු, බ්‍රග්මයකු හෝ යකෙකු’ උවමනා නැත. මක් නිසාද අතහැරීම සහනයට මුලක් බව ප්‍රායෝගික සත්‍යයක් බැවිනි.

මෙම  ලිපියෙහි අවසානයෙහි ඇත්තේ “මේක කියවලා විනාඩි විස්සක් ඇතුලත මේක ඔබේ කරුණාවන්ත යාලුවෝ තිස් දෙනෙකුට යවන්න.” යනුවෙනි.

මෙවැනි පුහු විකාර සංකල්ප සමාජය පුරා පැතිර යන්නේ  මෙවැනි විශ්වාසයන් සිත තුළ දරාගෙන සිටින්නවුන් නිසාය.

මෙම දම්වැල් ලිපිවල අන්තර්ගතය කොටස් දෙකකින් යුතුය.

ඉන් පළමු වැන්න මෙම ලිපි කිසියම් සඛ්‍යාවක් යැවීමෙන් මහත් වූ වරප්‍රසාද අත්වන බව පැවසීමය. දෙවැන්න එසේ නොකිරීමෙන් බිහිසුණු විපත් අත්වන බව පැවසීමය. කෙසේ හෝ අතීතයේ දින 10 ක් තුළ ලිපි 10 ක්  වශයෙන් මන්දගාමී ලෙස සමාජ ගත කළ යුතු යැයි 'දෙවියන් කී' මෙම පණිවිඩය නූතන විද්‍යුත් තාක්ෂණය සහ තොරතුරු සන්නිවේදන ජාල ඔස්සේ විනාඩි 20 ක් තුළ 30 ක් යවන තරමට වේගවත් වී ඇත්තේ එය ද 'දේව නියමයක්' නිසා දැයි අපි නොදනිමු.

කෙසේ හෝ විචාර බුද්ධියෙන් තොර පුද්ගලයන් අනවශ්‍ය මානසික කුළුගැන්වීම් වලට  සහ කැළඹීම් වලට ලක් කරවන මෙවැනි භාවාතිශය කරුණු අන්තර් ජාලයෙන් ප්‍රචලිත කිරීම දේවත්වයේ නාමයෙන් මනුෂ්‍යත්ව කෙලෙසා ගැනීමක් බව නොකියාම බැරිය.


‘දෙව්ලොව සිට ලිපියක් (Letter from heaven)’

තිලක් සේනාසිංහ

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හද්දා පිටිසර  සූරියවැව මහවැලි කඩආර දොම්පෙයායේ පදිංචිව සිටිනා නිමාලි ඉන්දියාවේ බුවනේෂ්වර්හි  පිහිටි කාලිංග ක‍්‍රීඩා පිටියේ එක් අන්තයක සිට තම රටට රන් පදක්කමක් දිනාගෙන ගෞරවයක් අත් කර දෙන්නට යුහුසුළුව බලා සිටින්නීය.මීටර් 800  දුර දිවීමේ කාන්තා තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් සුළු වේලාවක්ය. ආබාධයට ලක්වූ පාදය ඇයට එක් වරම මතක් වූවාය.මට මේ තරගයෙන් ජයගන්න පුළුවන් වේවිද නිමාලි තමන්ගෙන්ම ප‍්‍රශ්න කළාය. නිමාලි වට පිටබැලූවාය. ආසියාවේ කෙටි දුර ධාවන ශූරියන් කිහිප දෙනෙකුම ඇය පසු කර දුවන්නට මාන බලමින් සිටින අයුරු නිමාලි ගේ නෙත ගැටෙන්නට විය.තරගය ආරම්භ වෙන්නට තවත් ඇත්තේ නිමේෂයකි.දවස පුරා මහවැලි කඩ ආරේ මහපොළව සමග පොරබදා විඩා බරව කළුවරත් සමග ගෙදරට ගාටන නිමාලි ගේ අම්මා ඇයට සිහිවූවාය.මම කොහොම හරි දිනනවා.නිමාලි අදිටන් කරගත්තාය.
මීටර් 800 තරගය ආරම්භ විය. නිමාලි විදුලි වේගයෙන් ඉදිරියට ඇදුණාය. තමා ආසන්නයෙන්ම තමන් ගේ සහෝදර ක‍්‍රීඩිකාව වූ ගයන්තිකා තුෂාරි අබේරත්නත් ඉන්දියානු ක‍්‍රීඩිකාවත් හරි හරියට තරගයේ යෙදෙන අයුරු නිමාලි දුටුවාය.විනාඩි 02.05.23 දී තරගය නිමා කරන්නට නිමාලිට හැකි විය. විනාඩි 02.05.27 න් තරගය අවසන් කරන්නට සූරියවැව කටුවන යායේ පදිංචි 31 වියැති ගයන්තිකා තුෂාරි අබේරත්න සමත් වූවාය.
සූරියවැව නබඩගස්වැව මංසන්ධියෙන් හැරී මහවැලිකඩආර දොම්පෙයායේ පිහිටි නිමාලිගේ නිවස බලා යන්නට ඇත්තේ ඉතා දුෂ්කර මාර්ගයකින්ය..මහ මග ගමන් කරනා වාහන වලින් නැගෙනා දුවිලි කදු ඇඟ පුරා දැවටෙද්දීම අපි නිමාලිගේ නිවස සොයා ගියෙමු. උළු සෙවිලි කරන ලද නිමාලිගේ නිවසෙහි කපරාදුව ගසා ඇත්තේ ඉතා මෑතකදීය. බිමට සිමෙන්ති ටිකක්වත් දමා ගන්නට නිමාලිගේ පවුලේ අයට තවම නොහැකි වී ඇත. නිමාලිගේ ගෙයි දොර වසා තිබුණි. අපි දොරට තට්ටු කළෙමු. මද වේලාවකින් නිදි බරිත දෑසින් යුතුව කෙසඟ සිරුරක් ඇති නිමාලි ලියනආරච්චිනම් ආසියානු ධාවන සූරිය අපට මුහුණ දුන්නාය.ඊයේ ගෙදර එනකොට ? වුණා ටිකක් බුදිය ගත්ත. නිමාලි කටහඬ අවදිකළාය.
අපි ‘ලක්බිම පත්තරෙන්’ ඔයා ගැන පත්තරේට ලියන්න ආවේ. අයියෝ...ඇය නොරිස්සුම් ස්වභාවයක් පා ගෙට ගියාය. අපි වටපිට බලන්නට වූවෙමු. පෙනෙන තෙක්මානයේම ඇත්තේ දරිද්‍රතාවේ ලකුණුය. මහපොළව වියළී ගොසින්ය. වැහි පොදක පහස ලබපු කාලයක් මහ පොළවට මතක නැතිවා සේය. ඉඳහිට හමන සුළං රැුලි සමග දුවිලි අපේ ඇස් කන් ද ආක‍්‍රමණය කරමින් හමාගෙන ගියහ.
එන්න ඇතුළට. මං ගැන මොනව ලියන්නද. අන්න ලියන්න අපේ සුජිත් සර් ගැන . සුජිත් සර් මට පියෙක් වගෙයි. යාළුවෙක් වගෙයි. සුජිත් සර් නැත්නම් අද නිමාලි ලියනආරච්චි කියන ක‍්‍රීඩිකාව නෑ.එතුමා තමයි මගේ දක්ෂතා දැකලා මාව උනන්දු කරල මේ තත්ත්වයට ගත්තේ . ඒ නිසා සුජිත් සර් ගැන ලියන්න නිමාලි ඉල්ලීමක් කළාය. ඉතින් නිමාලි නැත්නම් සුජිත් සර් කියල කෙනෙකුත් නෑ නේ අපි කීවෙමු. ඇය සිනාසුණාය. ඔව් ඒක ඇත්ත. ක‍්‍රීඩකයෝ නැත්තන් පුහුණුකරුවන් නෑ. පුහුණුකරුවන් නැත්නම් ක‍්‍රීඩකයෝ නෑ. සුජිත් සර් කියන්නෙ විශේෂ පුද්ගලයෙක්.
මෙවර 22 ආසියානු මලල ක‍්‍රීඩා උළෙලට මම යන්න නෙමෙයි හිටියෙ මගේ කකුලේ ආබාධයක් තියෙනවා.ඒ නිසා මට දුවන්න බැරිවෙයි කියල මට හිතුනා. ඒ නිසා මම නොයන්න හිටියේ. නමුත් සුජිත් සර් කිවුවා ඔයාට දිනන්න පුළුවන් ඔයා යං කියලා. සර්ගේ වදේටම මම ගියා. නමුත් අවසාන අවස්ථාව වෙනකම්ම මට මංගැන විශ්වාසයක් තිබුණේ නෑ. සුජිත් සර් මගේ මානසික මට්ටම හැදුවා මම බැන්ඬේජ් ගහගෙන දිවුවා. මම දිනුවා. මෙවර ආසියානු ක‍්‍රීඩා උළෙලෙදි ලංකාවට එකම රන් පදක්කම ගේන්න මට පුළුවන් කම ලැබුණා. ඇය කියන්නීය.
නිමාලි අකුරු කරන්නට මුලින්ම ගියේ වැවේගම කනිෂ්ඨ විද්‍යාලයටය. උසස්පෙළ කළේ නබඩගස්වැව මහා විද්‍යාලයෙනි. මගේ තාත්ත 2002 අවුරුද්දෙදී මිය ගියා තාත්තා මිය ගියාට පස්සෙ අපේ පවුලෙ බර දරන්න වුනේ අම්මට. මුලදී සපත්තු දෙකක් ගන්න වත්කමක් අපිට තිබුණෙ නැහැ. තාත්ත මිය ගියාට පස්සෙ අපේ පවුලම අසරණ වුණා. අම්ම කුලී වැඩ කරල අපිට කන්න දුන්න. අයියල දෙන්න ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල හවසට කුලී වැඩට ගියා.අම්ම කුලී වැඩ කරල ඉතිරි කරපු සල්ලිවලින් මට දුවන්න සපත්තු දෙකක් අරන් දුන්නා.තරග වලට සහභාගි වෙන්න මුදල් අවශ්‍ය වුණාම අම්ම කුලී වැඩ කරල ගත්තු සල්ලි මට දුන්නා. ආර්ථික ප‍්‍රශ්න නිසාම අයියලා දෙන්නගෙ අධ්‍යපනය කඩා කප්පල් වුණා.
අපිට පුහුණු වීම් කරන්න පුළුවන් පිටිටනියක් ඒ කාලෙ සූරියවැවේ තිබුණෙ නෑ. නබඩගස්වැව ඉස්කෝලේ වළ ගොඩවල් එක්ක මම දුවපු හැටි මට තාම මතක් වෙනවා. තරග වලට කොළඹ ගිහිල්ලා ආපහු එන්න විධියක් නැතිව මහ ? මහපාරවල් ගානෙ දුක් විදපු හැටි මට තාම මතකයි. නිමාලි සිය කටුක ඉතිහාසය අප හමුවේ තැබීය.
නිමාලිට ලැබි තිබූ ජයග‍්‍රහණයේ කුසලාන සියයකට ආසන්න ප‍්‍රමාණයක් නිමාලිගේ නිවසේ බිත්තියක් පුරා එල්ලා තිබිණි. එම කුසලාන නිමාලි මේ වන විටත් ගත කරනු ලබන කටුක ජීවන ගමනට අස්වැසිල්ලක් වී තිබූ බවක් නම් අපට පෙණුනේ නැත.
මම 2009 වසරේදී ගුවන් හමුදාවට බැදුණා. ගුවන් හමුදාවෙන් මගේ ක‍්‍රීඩා ජීවිතයට ලැබෙන ආලෝකය ඉතාමත් ඉහළයි. සජිත් පේ‍්‍රමදාස ඇමැති තුමා මෑතකදී කොළඹින් නිවසක් දුන්නා. නමුත් මගේ පුහුණුකරු ඉන්නේ සූරියවැව නිසා මම දිගටම සූරිය වැව ඉඳගෙන පුහුණු වීම් කරනවා. නිමාලි කියන්නීය. 
ඇය සේම 22 ආසියානු ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 800 රිදීපදක්කම දිනා ගත් ගයන්තිකා තුෂාරි ආටිගල අබේරත්නගේ ගමත් සූරියවැවය. සූරියවැව කිරිඉබ්බන් ආර පාරේ මද දුරක් ගොස් දකුණට හැරී කටුවන යාය ගම සොයා ගෙන යන විට ගැමියෙකු කීවේ අලි ගම් වැදී ඇති බවයි. මහත්තයල පරිස්සමෙන් යන්න. සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය පැත්තේ හිටිය අලි රංචුව දැන් ගම් වදිනවා. කටුවන යායෙ ගමේ ගෙවල් හත අටක්ම මේ වෙන කොට මහපොළවට සමතලා කරලා. කී දෙනෙක් නම් අලි පාගල මරල තියෙනවාද? ගයන්තිකාගේ ගමේ පවතින සැබෑ තත්ත්වය ගැමියෙකු අප සමග කීවේ ඒ අයුරින්ය.
ගයන්තිගේ නිවසට ගිය අපට දැක ගැනීමට හැකි වූයේ වසා තිබූ නිවසයි. ගමන නිෂ්ඵල වූවායැයි අපට සිතිනි. මද වේලාවකින් අපගේ ආගමනය දැන ගත් ගයන්තිගේ පියා අප හමුවට පැමිණියේ මඩ නාගෙනය. වම්බටු වගාවක් තියෙනවා මහත්තයෝ ඒකට වතුර ගහනවා උදේ ඉඳලා. හෙන්රි අබේරත්න ආටිගල අප සමග පැවසීය. මහත්තයලා කවුද? අපි ‘ලක්බිම පත්තරෙන්’ ගයන්තිකා ගැන විස්තර ටිකක් ගන්න ආවෙ. අනේ ඒ දරුව ගෙදර නෑ අක්කයි නංගියි දෙන්නම දුවන්න දක්ෂයෝ කොළඹ ඉදගෙන තමයි පුහුණුවීම් කරන්නේ.
අක්ක නිලංකා සංජීවනී ආටිගල අබේරත්න. එයා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. එයත් දුවන්න දක්ෂයි. කීප වරක්ම රටවල් කිහිපයකම ගියා.ජයග‍්‍රහණ රටට ගෙනාව.එයා නිසා තමයි නංගිත් ක‍්‍රීඩා අංශයෙන් ඉදිරියට ගියේ.
හෙන්රි මහත්තයට මතකද ළමයි දෙන්න ක‍්‍රීඩාවට යොමු වුණේ කොහොමද කියල. .මතකයක් තියෙනවා එයාල දෙන්නම ඉස්කෝලෙ ගියේ සූරියවැව මහා විද්‍යාලයට. කිලෝ මීටර් පහක් මේ අලි ඉන්න කැලේ මැදින් පයින්ම ඉස්කෝලෙ ගියා. ගිනි කූඨක අව්වෙ ඔය ළමයි දෙන්න ඉස්කොලෙ ගිහිල්ල එන හැටි මට තාම මතකයි මහත්තයෝ.
මම මෙහාට ආවේ 69 අවුරුද්දෙ. මේක අලි ඉන්න කැලේ මහ පොළවත් එක්ක පොර බදල මම මගේ ළමයි හතර දෙනා උස් මහත් කළා . අපි ඉතින් නොවිඳිනා දුක් විඳල තමයි ජීවත් වුණේ.
ගයන්තිකාගේ නිවස ද නිමාලිගේ නිවසට නොදෙවෙනිය. මහ පොළවට සිමෙන්ති ටිකක් අතුරා ගන්නට තවමත් ඔවුනට හැකියාවක් ලැබී නැත. 
අපි ආ වග දැන ගත් ගයන්තිකාගේ මව වන ඇසිලින් නෝනා කොහේදෝ සිට හති දමා ගෙනම දුව ආවාය. පාරට ගියා ත‍්‍රීවීල් එකක් හොයා ගෙන එන්න. ඇසිලින් නෝනා අහිංසක සිනාවක් පැවාය. ඒ කාලෙ ගොඩක් අග හිග කම් මැද්දෙ තමයි අපි ජීවත් වුණේ. දැන් කියලත් වෙනසක් නෑ. ඒ කාලේ වගේ ම දැනුත් ජීවත් වෙන්න අපි නොවිදිනා දුක් විදිනවා. අපිට වතුර නෑ . යන්න එන්න පාරක් නෑ. අලින්ගෙන් කරදර එන්න එන්නම වැඩි වෙනවා.ඇසිලින් නෝනා සිය කටුක අත් දැකීම් විස්තර කරන්නට වූවාය. ගයන්තිකාගේ හා ඇයගේ වැඩිමහල් සොයුරිය වූ නිලංකා සංජීවනීගේ කුසලාන රැසක් දුවිලි කමින් සාලයේ පරණකැබිනට්ටුවත් මත උඩ බලා ගෙන සිටින අයුරු අපේ නෙත ගැටිණි.
ගයන්තිකාගේ තොරතුරු ලබා ගත් අපි නිවසින් නික්මෙන්නට සූදානම් වූහ. ආපසු එන ගමනේදී කනාටු වූ වම්බටු යායකට මැදිව සිට ගත් කාන්තාවක්  දුවිලි කාගෙන උදැල්ලක් හා පොර බදමින් සිටින අයුරු අපට කියා පෑවේ ගයන්තිකාගේ දෙමා පියන් විඳිනා වූ දුක් ගැහැටේ තරමය.
ඊ ළගට අප සොයා ගියේ නිමාලිගේ ක‍්‍රීඩා පුහුණුකරු වූ සුජිත් අබේසේකරය.
නිමාලි ට වගේ ම මම අවුරුදු ගණනාවක් ගයන්තිකාගෙත් ක‍්‍රීඩා පුහුණු කරු විධියට වැඩ කළා.මම දැන් නිමාලිගෙ ක‍්‍රීඩා පුහුණු කරු විධියට කටයුතු කරනවා. අවම සම්පත් ඇතිව තමයි නිමාලි වගේම ගයන්තිකාත් මේ තත්ත්වයට ආවේ . සූරියවැව ප‍්‍රදේශයේ මේ වන තුරුවත් දුවන්න පුළුවන් ක‍්‍රිඩා පිටියක් නෑ. හරි හැටි ක‍්‍රීඩා පිටියක්වත් නැතිවයි නිමාලිල  මේ දස්කම් දක්වන්නේ. අපි ගම්වලින් යන මේ ක‍්‍රීඩකයන් ගැන ආඩම්බර විය යුතුයි. නිමාලි මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන ලෝක මලල ක‍්‍රීඩා තරගාවලියටත් සුදුසු කම් ලබල තියෙනවා.
සූරියවැවෙන් ප‍්‍රදේශයෙන් බිහිවෙන ක‍්‍රීඩකයනුත් අරගෙන ඉදිරියට යන්න නිමාලි කටයුතු කරනවා. ඔවුනට උපදෙස් දෙනවා පමණක් නෙමෙයි තමන්ගෙ බත් එක පවා දෙන්න ඇය පරිත්‍යාගශීලී වෙලා තියෙනවා. ආසියානු තරගාවලිය සදහා දකුණුපළාත් ආණ්ඩුකාර වරයා සමගම දකුණු පළාත් ක‍්‍රීඩා ඇමැතිවරයාත් දැක්වූ දායකත්වය සිහිපත් කළ යුතුමයි. ඔහු කියන්නේ කෘතවේදීවය.
 
චන්ද්‍රසේන ගමගේ

‘පැරිස් ජැක්සන්’ යන නම ඇසෙද්දී එක් වර එ් කවුදැයි සිතාගන්නට ඇතැමෙතුට අපහසු වන්නට ඇත. නමුත් ඇගේ ‘පැරිස් මයිකල් කැතරින් ජැක්සන්’ වන දීර්ඝ නමත්, මෙහි ඇති ඡායාරූපත් දැකීමෙන්, මේ විස්තරය කියවන්නට කලින්ම බොහෝ දෙනෙකුට මේ කවුරුන් ගැන පවසන්නේ ද යන නිගමනයක් ඇති කරගන්නට හැකි වනු ඇත. සැබැවින්ම මේ කතා කරන්නේ කලකට පෙර පොප් ලෝකය දෙවනත් කළ, තවමත් ලොව පුරා සංගීත රසිකයන්ගේ හදවත්වල ජීවත්වන සුප‍්‍රකට ඇමරිකානු ගායක මයිකල් ජැක්සන්ගේ එකම දියණිය පිළිබඳවය. 1998 අපේ‍්‍රල් 3 වැනිදා ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස්වල උපන් ඇය මේ වන විට 19 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇයට ප‍්‍රින්ස් ජැක්සන් සහ ප‍්‍රින්ස් මයිකල් ‘බ්ලැන්කට්’ ජැක්සන් නමින් සහෝදරයන් දෙදෙනෙකු සිටිති. ඇයත්, මයිකලූත්, මයිකල්ගේ අම්මාත් සිය මවුවරුන්ගේ කුසට පිළිසිඳගෙන ඇත්තේ ප‍්‍රංශයේ පැරිස් නුවර දී බැවින් මේ මතකය සමරන්නට ‘පැරිස්’ යන නම සිය දියණියට තබන්නට මයිකල් තීරණය කළ බව පැවසේ. පැරිස්ගේ මව වන ඩෙබී රෝව් ජනප‍්‍රිය චරිතයක් නොවේ. ඇය හුදෙක් හෙදියක් පමණක් වන  අතර ඇය පිළිබඳ ලෝකයා දැනගත්තේ මයිකල් ජැක්සන් හා විවාහ වීමෙන් පසු පමණි. කලින් විවාහයකින් වෙන්ව සිටි ඇයට මයිකල් ජැක්සන් සමග ද වසර තුනකට වඩා වැඩි කාලයක් දීග කන්නට අවස්ථාවක් ලැබුණේ නැත.
මෑතක් වන තුරුම පැරිස් ජැක්සන් පිළිබඳව ලෝකයේ තරම් අවධානයක් යොමුව නොතිබුණත්, මෑතකදී ‘රෝලිං ස්ටෝන්ස්’ නම් සඟරාව ඔස්සේ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා ඇය පිළිබඳ එක්වර ලෝකයේ දැඩි අවධානයකට යොමු විය.  
 
ඇය පිළිබඳ වරින් වර දැනගන්නට ලැබුණු ඇතැම් කටකතාවලදී කියවුණේ ඇය මයිකල්ගේ සුජාත දියණියක් නොවන බවය. මෙයින් මහත් සිත් තැවුලකට පත්ව සිට පැරිස් පවසා සිටියේ තමා මයිකල් ජැක්සන්ගේ සුජාත මෙන්ම එකම දියණිය ද වන බවය. 
”මට අනෙක් ළමයින්ට වගේ යාළුවෝ ගොඩක් පිරිවරාගෙන ඉන්න ලැබුණේ නැහැ. මමත්, තාත්තත්, සහෝදරයිනුත් එක්ක මම හැදුණේ වැඩුණේ තාත්තගේ නෙවර්ලෑන්ඞ් නිවසේ.”
ඇය අතීතය එසේ සිහිපත් කරන්නීය. ඇගේ මව වන ඩෙබීගෙන් මයිකල් නීතියෙන් වෙන් වූ පසු දරුවන්ගේ හිමිකාරිත්වය ලබා ගත්තේ මයිකල් ය. එම තීරණයට ඩෙබී ද කැමැත්තක් දැක්වූ බව පැවසේ. මේ නිසා ඔවුන්ට සෙසු ලෝකය සමග සම්බන්ධ නොවී එම නිවසේ හැදී වැඩෙන්නට සිදු විය. 
ඇය 14 හැවිරිදි වියේදී කිසිදා දැක නැති ආගන්තුක පුද්ගලයකු අතින් දුෂණයට ලක් වූ බවත් එයින් ඇති වූ මානසික වියවුලත්, මත්ද්‍රව්‍යවලට වූ දැඩි ඇබ්බැහි වීම නිසා කාලයක් ජීවිතය ගෙන යන්නට මහත් අරගලයක් සිදු කළ බවත් ඇය පවසා ඇත.
”එ් ලිංගික හිංසාව ගැන මම වැඩිය කතා කරන්න කැමති නැහැ. කොහොම වුණත් එ්ක හො`ද අත්දැකීමක් නම් නොවෙයි. මට එ්ක දරාගන්න පුළුවන් වුණේ නැහැ. මම එ්ක එ් කාලේ කාටවත් කිව්වෙත් නැහැ.”
මේ සමයේ තම ජීවිතය මහත් සේ විඳවූ බව ඇය පවසයි. පියාගේ මරණයෙන් පසු කීප වතාවක් දිවි නසාගැනීමට ද උත්සාහ කළ ඇය ඇතැම් අවස්ථාවල දී අතපය තියුණු ආයුධවලින් කපා ගත් අවස්ථාවන් ද තිබූ බැව් පවසා සිටියාය. මයිකල් ජැක්සන්ගේ එකම දියණිය වුවත්, තමාගේ ඇති වටිනාකමක් නැති බව දිගින් දිගටම ඇයට සිතෙන්නට වීම නිසාත්, තමා ගැන කිසිදු අභිමානයක් නොමැති වීමත් නිසා තමාටම වද හිංසා කරගන්නට ඇය පුරුදුව සිටියාය. 
ඇය මේ සාකච්ඡාවේ දී තරයේම පැවසූයේ තම පියා මිය ගියා නොව මරා දැමුවාය කියාය. මයිකල් ජැක්සන් මිය යන මොහොතේ ළඟින් සිටි වෛද්‍ය කොන්රාඞ් මරේ, නිර්වින්ද ඖෂධ මගින් තම පියා මරා දැමූ බව පැරිස් චෝදනා කළාය. 
ජැක්සන් පවුලේ තවත් හෙළිදරව් නොවූ රහස් බොහොමයක්ම තිබෙන බවත් තමා ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන්නට අපේක්ෂාවෙන් සිටින පොත තුළින් මේ සියල්ල හෙළිකරන බවත් ඇය පවසන්නීය. පැරිස්ගේ මුත්තණුවන් සහ මිත්තණිය ද මෙම රහස් හෙළිකිරීම සම්බන්ධව දරන්නේ කැමැත්තක් බවත් ඇය පවසන්නීය. ඇගේ මේ තීරණය පිළිබඳ ඇතැමුන් පවසන්නේ එය ඇගේ නිර්භීත ක‍්‍රියාවක් ලෙසය. කෙසේ වෙතත් ඇතැමකු පවසන්නේ මෙය ඇතැම් විට ඇගේ අඥාන තීරණයක් ද විය හැකි බවය. 
මයිකල් ජැක්සන් එක්තරා ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් පසුව මුහුණේ අඩක් වසා ගෙන සිටිනු සුලභ දසුනක් විය. ඔහු සිය දරුවන් ද එසේ සිටිනු කැමැත්තක් දැක්වූ බව පැරිස් පවසයි. දරුවන් සියලූ දෙනා එසේ මූණ වසාගෙන සිටින ඡායාරූප රැසක්ම පවතින බවත් සිය පියා එයින් බලාපොරොත්තු වූයේ කුමක් ද යන්න අදට පවා වටහා ගත නොහැකි බවත් ඇය පවසන්නීය. 
සිය පියා සුප‍්‍රකට පොප් ගායකයකු වුවත්, ජැක්සන් පවුලේ තවත් බොහෝ දෙනෙක් ගායනට ප‍්‍රසිද්ධියක් ඉසිලූවත් පැරිස් මේ සියල්ලටම වඩා වෙනස් මගක් සිය වෘත්තිය ලෙස තෝරාගෙන තිබේ. ඇය නිල වශයෙන් ප‍්‍රකාශ කරන්නේ තමා මෝස්තර නිරූපිකාවක බවය. ඇය ග‍්‍රැමි සම්මාන උළෙල සඳහා සහභාගී වූ අවස්ථාවේ දී ඇගේ සුරූපී ස්වරූපය දුටු බොහෝ දෙනෙක් පවසා තිබුණේ මෝස්තර නිරූපණයට පමණක් නොව ඇය රංගනයට ද වඩාත් සුදුසු බවය. ඇය එයට ද පිළිතුරක් දෙමින් මේ වන එක් චිත‍්‍රටයකට රංගනයෙන් දායක වී තිබේ. ‘ගින්ජෝ’ නම් වන එය 2018 වසරේ මාර්තු මාසයේ තිරගත වන්නට නියමිතය. 
තමා ද කළු සමක් ඇත්තියක යැයි සිතන්නට කැමැති බව පැරිස් නිතර පවසයි.
”මයිකල් ජැක්සන් කියන්නේ කළු සමක් තිබුණු කෙනෙක්. ඔහු මගේ තාත්තා. හැමදාටමත් මගේ තාත්තා. ඔහුව හොඳින් දන්නා අය කියන දෙයක් තමයි මා තුළින් ඔහුව පෙනෙන බව.” 
පච්ච කොටා ගැනීමේ උන්මාදයකින් පෙළෙන පැරිස් බාල වයස් සමයේ සිටම පුරුද්දක් ලෙස නිතර පච්චා කොටා ගෙන තිබේ. මේ වන විට පච්චා 50ක් පමණ කොටා ගෙන සිටින ඇය එ් අතුරින් නවයක් වෙන් කොට ඇත්තේ සිය පියා වෙනුවෙනි. ඇය සිය පියා වෙනුවෙන් පසුගිය ජූනි මාසයේ දී සිය වම් පාදයේ තවත් අලූත් පච්චයක් කොටා ගත්තාය. එ් ‘ඇපල්හෙඞ්’  නම් වචනයයි. ඇය එය ජූනි 23 වැනිදා සිය ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුව ඔස්සේ පවසා තිබිණි. පැරිස් ඇතුළු, මයිකල්ට ඉතා සමීප සියලූ දෙනා ආදරයෙන් ඇමතීම සඳහා ඔහු ‘ඇපල්හෙඞ්’ යන්න පවසන්නට පුරුදුව සිටි බැවින් ඇය සිය පියා සිහිවනු වස් එය තෝරා ගෙන තිබේ. මයිකල් එසේ සිය හිතවතුන් ඇමතීමෙන් බලාපොරොත්තු වූයේ ආදරණීය 
හැඟීමකි. සිය රසිකයන් ද තමාව එසේ අමතනු අසන්නට ඔහු කැමැත්තෙන් පසුවූ බව පැවසේ. එම පච්චය ඉන්ස්ටර්ග‍්‍රෑම්වලින් ප‍්‍රචාරය කරමින් ඇය මෙසේ පවසා තිබිණි. 
” මා තබන සෑම පියවරකදීම ඔබ මාගේ පා ඔසවා ඉදිරියට යාමට මට මග පෙන්වයි. ඔබට ආදරෙයි.”
 
නිරංජන් චාමින්ද කරුණාතිලක

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාට මෙරට ගීත ලෝලීන් කෙතරම් ආදරය කරනවාද යන වගට ඔහු දශක කිහිපයක්
පුරා පැවැත් වූ “ස” ප්‍රසංග මාලාවම හොඳම නිදසුනක්. ඇතැම් “ස” ප්‍රසංග නැරඹීමට ඔහුගේ රසික රසිකාවියන් රඟහල්වල දොරටු කඩාගෙන පවා පැමිණි බව ප්‍රසිද්ධ කාරණයක්. කොහොම නමුත් මෑත කාලයේදී වික්ටර් රත්නායක මහතා ගැන බොහෝ දෙනා වැඩිපුර කතා බහ කරන්නට පටන් ගත්තේ ඔහුගේ දෙවැනි විවාහය නිසයි. 
ඒ පිළිබඳ විවිධ අය විවිධ මත පළ කරද්දී තමන්ගේ එම විවාහය සහ ඊට එල්ල වූ විවේචන ගැන කරුණු හෙළි කරමින් වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා දැක්වූ අදහස් ඇතුළත් සම්මුඛ සාකච්ඡාවක් මීට මාස කිහිපයකට අප “රිද්ම” තුළින් ගෙන ආවා. විවාහයෙන් අනතුරුව වික්ටර් රත්නායක මහතාගේ සාර්ථකත්වය තවත් ඉහළ ගොස් ඇති බවටත් ඇතැමුන් මත පළ කරනවා. වික්ටර් රත්නායක මහතාගේ දුක සැප බෙදා ගන්නා ඔහුගේ ආදරණීය බිරිඳ හෂිනි ඔවුන්ගේ දිවිය ගැන අලුත් තතු පවසන්නයි මෙලෙස අප සමග කතා බහට එක්වුණේ. 
 
කොහොමද මේ දිනවල ඔබ දෙපළගේ ජීවිතය ගවෛන්නේ? 
අපේ පවුල් ජීවිතය හරිම සතුටින් ගතවෙනවා. 
 
මෑතකදී වික්ටර් රත්නායක මහතා ප්‍රසංග ගණනාවකටම එක් වුණා නේද? 
ඔව්. පසුගිය කාලයේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණා. ප්‍රසංගවලට මහත්තයා සහභාගි වුණා. ලබන 21දා සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේදීත් තවත් ප්‍රසංගයක් පැවැත්වෙනවා. 
 
ඒ ප්‍රසංග අතරේ විදෙස් සංගීත ප්‍රසංගයකුත් තිබුණා නේද? 
අපි පසුගිය මැයි මාසයේදී එංගලන්ත සංචාරයකට සහභාගි වුණා. වික්ටර්, කසුන් කල්හාරත් සමග එක්ව පැවැත්වූ ප්‍රසංගයක් වෙනුවෙනුයි අපි එංගලන්තයට ගියේ. යුග දෙකක ගායකයන් දෙදෙනකුගේ සුසංයෝගයකින් පැවැත්වූ ප්‍රසංගයක් නිසා එයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. අනෙක ඒක තමයි විවාහයෙන් පස්සේ අපි දෙදෙනා සහභාගි වුණු පළමු විදෙස් සංචාරය. 
 
හැම කටයුත්තකදීම ඔබ සැමියගේ ළඟින්ම සිටින බව දකින්නට ලැබෙනවා? 
අ‍පොයි ඔව්. හැමදේකටම අපි දෙදෙනාටම තමයි ආරාධනා ලැබෙන්නේ. 
 
වික්ටර් රත්නායක මහතාගේ ජීවිතයේ හොඳම කාලය එළැඹෙන්නේ වයස 75න් පසුව බව ඔහුගේ කේන්දරයේ සඳහන් වෙලා තිබෙනවා කියලා ඔබ මීට පෙර පැවැසුවා. අදටත් ඔබ එය විශ්වාස කරනවාද? 
ඔව්. මම ඒ කතාව 100ක්ම විශ්වාස කරනවා. කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඔහුට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් විදිහේ පසුබිමක් සකස් වෙනවාමයි. මහත්තයව සතුටින් තබන්න තමයි මම හැම විටම උත්සාහ කරන්නේ. අපට අවලාද නගපු අයට අපගේ සාර්ථකත්වය ඉවසා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ෙදෙවය කාටවත් වෙනස් කරන්න බෑනේ 
 
ඒ කියන්නේ සැමියාගේ ජීවන ගමනට ඔබෙන් විශාල සහයෝගයක් ලැබෙනවා? 
ඔව්. ගෙදර හැම වැඩක්ම මගේ අතින් තමයි කෙරෙන්නේ. අනෙක මට සංගීත දැනුමක් තිබෙන නිසා මහත්තයගේ සංගීත කටයුතුවලටත් මට සහාය වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් ගීතයක් වෙනුවෙන් ඔහුගේ අතින් තනු දෙකක් නිර්මාණය වුණොත් ඒ අතරින් වඩාත් හොඳ මොකක්ද කියලා මගෙන් තමයි අහන්නේ. 
 
ඔබ දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් ඒ දිනවල නැගුණු විවිධ චෝදනා සහ විවේචන අද වෙද්දී යටපත් වෙලාද? 
අපි කවදාවත් චෝදනාවලින් සැලුණේ නැහැ අනෙක සමාජ ජාල අඩවිවල පැතිරෙන දේවල් ඒ දිනවල බැලුවෙත් නැහැ. අද බලන්නෙත් නැහැ. මහත්තයාත් අවශ්‍යම දේකට විතරයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. ඒ දේවල් අපි ලොකු ගැටලු බවට පත් කරගෙන නැහැ. 
 
විවිධ විවේචන මධ්‍යයේ වික්ටර් රත්නායක මහතා ඔබේ ජීවන සහකරුවා බවට පත් කරගැනීමට එදා ගත් තීරණය ගැන අද මොනවාද ඔබට හිතෙන්නේ? 
දෙපැත්තට වැනෙන විදිහේ තීරණයක් නොවෙයි මම ගත්තේ. මහත්තයාත් එහෙමයි. විවාහයට කලිනුත් අපි කාලයක් තිස්සේ සමීපව ඇසුරු කළා. ඉතින් මගේ තීරණය ගැන අදටත් මට තියෙන්නේ ලොකු සතුටක්. 
 
ප්‍රසංගවලට සහභාගි වන අතරේ මේ දිනවල ඔබේ සැමියා අලුත් ගීත නිර්මාණ බිහිකිරීම ගැන දක්වන්නේ මොන විදිහේ අවධානයක්ද? 
වික්ටර් හැමදාමත් නවකයන් කරන හොඳ දේවල්වලට අතහිත දෙන කෙනෙක්. ඉදිරි සතියේදී නවක නිර්මාණ කරුවන් පස් දෙනෙකු අතින් බිහි වුණු අලුත් ගීත පහක් ගායනා කර පටිගත කිරීමට ඔහු සම්බන්ධ වෙනවා. 
 
ඒ අතරේ ගීත ලෝලීන්ට අලුත් අත්දැකීමක් ලබාදීමේ සූදානමකුත් තිබෙන බව ආරංචියි? 
ඔව්. වික්ටර්ගේ ආදරණීය රසික රසිකාවියන්ට වෙනස්ම විදිහේ සජීවී ප්‍රසංග අත්දැකීමක් ලබාදෙන්න සැලසුම් කරමිනුයි ඉන්නේ. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. 
 
කිෂාන් කනංකෙ 
 
ඡායාරූපය - මංජුල පෙරේරා

එය තලංගම මාලඹේ පාරේ ප්‍රධාන පෙළේ පූජා භූමියක් ආසන්නයේම පිහිටි තෙමහල් ගොඩනැගිල්ලකි. එහි තෙවන මහ‍ලේ කාලයක් තිස්සේ  විවිධ රෝග සඳහා සම්බාහන ප්‍රතිකාර දෙන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත.

නමුත් එහි ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන්ට එක්වරම එහි පිවිසීමට නොපුලුවන. ඒ සඳහා කලින් ජංගම දුරකතනයක් මගින් ඇමතුමක් දී තම අනන්‍යතාව තහවුරු කර ගත යුතුය. එසේ  අනන්‍යතාව තහවුරු කර ගත් තැනැත්තා එහි තුන්වෙනි මහළට ගිය පසුද ඔහු එම චිකිස්සාගාරයට ඇතුල් කර ගන්නේ ඔහු පිළිබඳ  එහි හිමිකරුවන්ට සැකයක් ඇති නොවුණහොත් පමණි.

සාමාන්‍යයෙන් මෙබඳු චිකිත්සක ක්‍රම සිදුරෙන ස්ථාන වල එහි වගකීම දරණ වෛද්‍යවරයෙකු සිටිය යුතුමය.  එහෙත් මෙම ආයතනයේ එම ප්‍රතිකාර කරන ආයුර්වේද හෝ වෙනත් වෛද්‍ය වෘත්තිකයෙක් නැත. ඒ වෙනුවට එම චිකිත්සක කටයුතු සිදුකරන රූමත් කාන්තාවෝ කිහිප දෙනෙක් පමණක් මෙහි රැඳී සිටිති. ඒ අනුව මෙය 'කාමාශාව නම් රෝගයට' නොවිධිමත් චිකිත්සාවක් දෙන තැනක් බව පැහැදිළිය.

පසුගිය දිනයක බස්නාහිර පළාත්  බුද්ධි අංශ ‍පොලිස් කොස්තාපල් 67081 ලියනගේ මහතාට මෙම  ආයතනය පිළිබඳ තොරතුරක් ලැබුණි. ඉන් පැවසුණේ මෙහි සම්බාහනය මුවාවෙන් ‘වෙනත් කටයුත්තක්’ සිදුවන බවයි.

එබැවින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව උපාය දූතයකු මගින් මේ පිළිබඳ විමසීමට පොලිසියට සිදුවිය.

ගැණුම්කරුවන්ට පමණක් මෙම ආයතනයේ දොර විවෘත වන බැවින් මෙම උපාය දූතයාට  එම ආයතනය සමඟ දුරකතන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට  සිදු විණි.

ඒ අනුව පසුගිය දිනයක එහි ගිය ඔහුට ද එම ආයතනයේ එම තුන්වන මහලේ දොර විවෘත විය. ඒ ඔහු සම්භාහනය මුවාවෙන් කාන්තාවක් රුපියල් 5000කට ‘කුලියට ගැනීමට’ කැමති වූ බැවිනි.

 එහි රු 5000 කට වඩා මිලට අලෙවිවන  කාන්තාවෝ ද සිටියහ.

මෙම උපාය දූතයාත් සමඟ ‍පොලිස් සැරයන් 56771 සුමනදාස, ‍පොලිස් කොස්තාපල්වරුන් වන 12155 ආරියසිංහ 67081 ලියනගේ, 32694 අනුරාධ, කාන්තා ‍පොලිස් කොස්තාපල් 9358 හේරත් යන නිලධාරීන් විසින් එහි මුදලට ශරීරය අලෙවි කරමින් සිටි කාන්තාවන් තිදෙනකු සමඟ එහි කළමනාකරු ද අත්අඩංගුවට ගත්හ.

ඒ තලංගම ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතාගේ අධීක්ෂණයෙන් එහි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක විජේසිංහ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මතය.

මෙසේ අත්අඩංගුවට පත් කාන්තාවන් හඳපාන්ගොඩ සහ මහියංගනය ප්‍රදේශයන්හි පදිංචි 30-44-49 වයස්වල පසුවන්නෝ වෙති.

මෙසේ අත්අඩංගුවට පත් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට පත්කොට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ අනුව මේ වන විට එම ආයතනයේ ‘චිකිත්සාව’ දැනට තාවකාලිකව නතර වී ඇත.

 

වාර්තාව - අමා ද සිල්වා කඩුවෙල

 

 

 

 

 

අරණායක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකුගේ ‍පොල්අඹේගොඩ පිහිටි නිවසේ තිබූ ‘කසිප්පු බාර්’ එකක් වටලා මිලිලීටර් විසිඅටදහස් පන්සියයක් අඩංගු බෝතල් 38 ක් සමඟ එම මන්ත්‍රීවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන අන්දමට මෙම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එම ප්‍රදේශයේ තරමක් ජනප්‍රිය අයෙකි. ඔහු වැඩිපුරම ජනප්‍රිය වී ඇත්තේ කසිප්පු පානය කරන්නවුන් අතරය. ඊට අමතර ද ඔහු ජනප්‍රිය වී ඇත. ඒ ගංජා පානය කරන්නවුන් අතරය. තම පාරිභෝගිකයන්ට මිල මුදල් පිළිබඳ වැඩි තැකීමකින් තොරව ණයට පවා කසිප්පු සහ ගංජා විකුණන ඔහු ප්‍ර‍සිද්ධියේම මෙම කාරිය සිදුකළත් නිතර දෙවේලේ පොලිස් අත්අඩංගුවට පත් නොවූ බවද ප්‍රදේශවාසීහු කියති.

ඊයේ අලුයම මෙම වැටලීම කරන අවස්ථාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා නිවසින් පිටවගොස් ඇති බව පොලිසිය පවසයි.

 මෙම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කාලයක් තිස්සේ කසිප්පු හා ගංජා අලෙවි කරන බව පවසන ‍පොලීසිය ඔහු කිහිප අවස්ථාවකදීම ගංජා හා කසිප්පු සමග අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවද කියයි.

හිටපු මන්ත්‍රීවරයා විසින් ඔහුගේ නිවසේ පවත්වාගෙන යනු ලබන මෙම නීති විරෝධී කසිප්පු බාර් එක  පිළිබඳව සබරගමුව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා වෙත හා කෑගල්ල ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිලි රැසක් ලැබි තිබේ.

එම පැමිණිලි අනුව කෑගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිනි, ‍පොලිස් පරීක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් ඊයේ අලුයම මෙම වැටලීම කර ඇත.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාග් බිරිඳ මෙම කසිප්පු තොගයද සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අරණායක ‍පොලීසියට බාර දී ඇත.

මෙය ඇයගේද සහභාගීත්වයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින්  සාර්තකව කරගෙන ගිය ජාවාරමක් යැයි ප්‍රදේශවාසීහු කියති.

 

 

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1818

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2154

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4961

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2956

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1716

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2594

Please publish modules in offcanvas position.

Web Analytics