Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා
අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල් වූයේ අප්පච්චි . ඒ වගේම මම ක්ෂේත්‍රයට ආවෙත් අප්පච්චිගේ මග පෙන්වීම යටතේ. මේ ගමන එන්නට අප්පච්චිගෙන් ලැබුණ ගුරු හරුකම් ගොඩක් තියෙනවා..

මව්පියන් කලාකරුවන් වූ විට දරුවකුට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න පුළුවන් කියන එක නේද ඉන් කියැවෙන්නේ..
  මව් පියන් ක්ෂේත්‍රය තුළ ඉඳීම කලාවට එන්නට පහසුවක් වනවා. ඒත් ඒ තුළ රැඳෙන්නට නම් අවශ්‍ය වන්නේ තමන්ගේම කුසලතාවය හා කැපවීම .

ඔබට මෙවර හිමිවුණේ වසරේ නැගී එන නළුවාට හිමි සම්මානය . ඒ ගැන මොනවද හිතෙන්නේ .... ?
ඇත්තටම මට මේ සම්මානය හිමිවීම ගැන ලොකු සතුටක් තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා.

මොනවද ඒ හේතු .. ?
 මම “අබා” චිත්‍රපටයේ රඟපෑවේ ළමා නළුවෙක් විදියට . මම සිනමාවට වගේම වේදිකාවටත් සම්බන්ධවෙලා තියෙනවා. ඒත් මම රඟපෑ ප්‍රථම ටෙලි නාට්‍යය තමයි “බොහිමියානුවා” . මම එහි රඟපෑවේ “කල්ප” කියන චරිතය. පළමු ටෙලි නාට්‍යය රංගනයට හොඳම නැගී එන ටෙලි නාට්‍යය නළුවාට හිමි සම්මානය ලැබිම සතුටක්. “හොඳම නැගී එන නළුවා” විදියට සම්මානය ලැබිම කවදා හෝ “හොඳම නළුවා” සම්මානය ලබාගන්නවා කියන බලා‍පොරොත්තුව හිතේ ඇති කරන්නට හේතුවක් කියලයි මම නම් හිතන්නේ .

සජිත මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරල තියෙන්නේ වේදිකාවට මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ විභාගයට සූදානම් වෙනවා. තව මාස 4 යි ඒකට තියෙන්නේ . ඒ හින්දා මේ දවස්වල චිත්‍රපට සහ ටෙලි නාට්‍යය එකක්වත් භාරගත්තේ නැහැ. ඒත් වේදිකා නාට්‍යය 4 කට සම්බන්ධ වෙලා ඉන්නවා. මම හදාරන්නේ “නාට්‍යය හා රංග කලාව“ හින්දා වේදිකා නාට්‍යයවලට එක්වී සිටින එක මගේ අධ්‍යාපනයටත් උපකාරයක් . ඒ නිසයි වේදිකා නාට්‍යය සඳහා එක්වී සිටින්නේ.

දැන් සජිත ගායකයෙක්..
  මගේ පළමු ගීතය “ ස්වර්ණපාලියේ..” එන ගීතය සහ එහි රූප රචනය  දැන් අන්තර්ජාලයේ සැරිසරනවා. මේ වනවිට අති විශාල පිරිසක් එය නරඹලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි ..

සජිතගේ පළමු ගීත රූප රචනාවේ රඟපාන්නේ ඔබ සහ ඔබේ පෙම්වතිය.. එය අධ්‍යක්ෂණය කළේ ඔබේ පියා ජැක්සන් ඇන්තනී.. ?
  මගේ  ගීතය අප්පච්චි ලවා කරවන්න ලැබිම මට ලොකු ආලෝකයක් වුණා. එය ඉතා හොඳ ගීත රූප රචනාවක් වී තියෙන්නේ අප්පච්චි එය විශිෂ්ට ලෙස නිර්මාණය කළ හින්දා .. එහි මාත් එක්ක ප්‍රධාන චරිතය රඟපාන්නේ මගේ පෙම්වතිය . හැබැයි අප්පච්චි ඇයව එම චරිතයට යොදාගත්තේ මගේ පෙම්වතිය හින්දා ‍නෙවෙයි. ඒ චරිතයට සුදුසු හින්දා ..

“ස්වර්ණපාලියේ..” ගීත රූප රචනාව “ඇන්තනී පවු‍ලේ “ තවත් නිළියක් ක්ෂේත්‍රයට ආගමනයක්ද .... ?
    ඔය ප්‍රශ්නේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් .. මගේ පෙම්වතිය මේ රූප රචනාවේ රඟපෑවෙත් මගේ අවශ්‍යතාවයට. ඇය මුලින් කැමති වුණේ නැහැ. කොහොමටත් ඇය රඟපාන්න කැමති නැහැ.. ඇය හදාරන්නේ වෙනත් ක්ෂේත්‍රයක් . ඒ හින්ද මගේ පෙම්වතිය රඟපාන්න එන්නේ නම් නැහැ .

දැන් කවදාද විවාහය සිදුවන්නේ .. ?
  තවම අපි දෙන්නගේ අධ්‍යාපන කටයුතු ඉවර නැහැ. ඒ සියලු කටයුතු ඉවර කරල අනාගතය ගැන යම් ස්ථාවරත්වයකට ඇවිල්ල තමයි විවාහයක් ගැන හිතන්නේ..
අනික ඉතින් මම පවු‍ලේ බාලයානේ. අයියයි අක්කයි දෙන්න විවාහ වුණාට පස්සේ තමයි මට මගේ විවාහය ගැන හිතන්න වෙන්නේ ..

ආරියවංශ කුලතිලක

ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින් සිටියදී ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ගමෙන්ද අපූරු සිදුවීමක් අසන්නට ලැබි තිබිණි.
ඒ හිස ආවරණය වන සේ ‍ලේන්සුවක් බැඳ අව් කණ්ණාඩි යුගලක් පැලඳූ කාන්තාවක් එල් බෝඩ් ගහගෙන මෝටර් සයිකලයක් පැදගෙන යාමය.
අන්න ගෑනු කෙනෙක් මෝටර් සයික‍ලේකින් යනවෝ යැයි පාරේ සෙල්ලම් කරමින් සිටි කොලු කුරුට්ටන් කීප දෙනෙක් මහා හයියෙන් කෑ ගසද්දී ඒ හඬ  ඇසුනු ගම්මුන් වහ වහා මහ පාරට දිව ආවේ මේ අපූරු සිදුවීම දැකගන්නටය. මෙසේ දිව ආ එක එක ආකාරයේ කාන්තාවෝ වූහ. කුස්සියේ ‍පොල් මිරිකමින් සිටියදී ‍පොල් කුඩු රැඳුන අත, ඇඳ සිටි චීත්ත ‍පොටින් පිස දමමිනි. තම දරු පැටියාට කිරි ‍පොවමින් සිටි තවත් තරුණ මවක් කිරි දීම පසෙක තබා දරු පැටියාද ඔසවාගෙන දිව ආයේ විවර වූ හැට්ටයෙන් එළියට පෙනෙන පියයුරු අතින් වසා ගනිමිනි.
කොල්ලන්ගේ හඬ ඇසී විනාඩි කිහිපයක් යන්නට මත්තෙන්'පෙරහරක් නරඹන්නට තරම් පාරේ සෙනඟ පිරුණේ මේ අපූරු සිද්ධිය නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කිරීමටත් වඩා ගණේමුල්ල ගම් වාසීන් පුදුමයට පත් කරවූවක් බැවිනි.
මගෙ අප්පේ මෙන්න බො‍ලේ මගේ ජීවිතේට ඔය දැක්කමයි ගෑනු කෙනෙක් මෝටර් සයිකල් පදිනවා. ඒ අතර සිටි වයස්ගත මවක පැවැසූයේ හරියට අටවෙනි පුදුමය දුටු අයුරිනි.
ගම්පහ වේයන්ගොඩ ඉපිද ගණේමුල්ල ගමේ  ප්‍රාම් දෙල්දෙනිය සමග විවාහ වී ගණේමුල්‍ලේ පදිංචියට ආ ඇය විමලනයනා දෙල්දෙණිය නම් වූවාය. ඇගේ නම එසේ ඉතිහාස ගත වී ඇත්තේ ශ්‍රී ලංකාවෙහි මෝටර් සයිකල් පැදීම සඳහා බලපත්‍රය පළමු වරට ලබා ගත් කාන්තාව හැටියටය.
ලංකාවේ මුල්ම බලපත්ලාභී යතුරු පැදිකාරිනිය වීමේ නිදාන කතාව ඇය දිග හරිනුයේ මෙසේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරන් රස්සාවක් නැතිව මට අවුරුද්දක් විතර ගෙදර ඉන්න වුණා. විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයනවේදී පශ්චාත් උපාධියක් දෙන්න යනව කියල. හැබැයි අන්ධ ළමුන්ට අධ්‍යාපනය දීම පිළිබඳ හැදෑරීමක් මේ විෂය මාලාවට ඇතුළත් වෙල තිබුණා. කෝකටත් කියා ඊට අයදුම් කළ නයනාව පාඨමාලාව හැදෑරීමට තෝරාගෙන තිබුණි.
පාඨමාලාව සම්පූර්ණ කළ ඇයට 'විශේෂ අධ්‍යාපනයද පිළිබඳ ගුරු පත්වීමක් ලැබුණු අතර ඒ අනුව ඇය රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණේ 1969 ජුනි තුන්වැනිදාය. ඒ වන විට නයනාගේ කුළුඳුල් පුත් රුචිර මාසයක් වයසැති බිළිඳෙකු වුවද ප්‍රසූති නිවාඩු ගැන සිතමින් ළත නොවූ ඕ නියමිත දින සේවයට ර‍පෝර්තු කළාය.
ඒ කා‍ලේ අන්ධ ළමයින්ට සාමාන්‍ය පාසලකට දාලා උගන්වනවා කියන එක විශාල අභියෝගයක්. ඕව නම් කවදාවත් කරන්න පුළුවන් වැඩ නෙවී. ඔහොම හිතපු විදුහල්පතිවරුන්ගේ ආකල්පය වෙනස් කරන එකත් පහසු වුණේ නැහැ.  
මෙවැනි තත්ත්වයක් යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සොයා ගෙවල් ගානේ ඇවිද ගොස් ඒ දරුවන් පාසල් යැවීමට දෙමාපියන් කැමති කරවාගැන්ම මහත් අසීරු කාර්යයක් විය. එහෙත් නයනා එම අභියෝගය හමුවේ ද පසු බැස්සේ නැත.
ඇය තම ගුරු ජීවිතයේ විස්මිත අත්දැකීම් ගැන මෙසේ පවසන්නීය.
ගම්පහ මිරිස්වත්තේ කනිෂ්ඨ විද්‍යාලයට සඳමාලා කියලා අන්ධ දැරියක් ඇතුළත් වුණා. පුදුමෙ කියන්නේ පළවෙනි සුමානෙදීම බ්රේල් මුල් ‍පොත කියෙවුවා.
සාමා අමර තමයි ඒ මුල් ‍පොතේ හිටියේ. හරියට අපේ හෝඩි ‍පොතේ වගේ.
මේ සඳමාලා දැරිය පාසල් ගතවී වසරක් පමණ ගතවෙද්දී අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැති අතර එම ප්‍රදර්ශන භූමියේදී සඳමාලා බ්රේල් පාඩම කියවන හැටි බලන්නට සෙනඟ වැල නොකැඩී පැමිණ තිබුණි.  
සඳමාලිගේ ඉදිරිපත් වීම නිසා ඇති වූ දිරිගැන්වීම තමයි මට අදත් තියෙන්නේ. ඇත්තටම විශේෂ අධ්‍යාපනය දිගටම කරගෙන යන්න මා තීරණය කළේ ඇගෙන් ලද පන්නරය නිසයි.
එවකට අධ්‍යාපන ක්‍රමය යටතේ ළමයා ආසන්නම පාසලට ඇතුළත් කළ යුතු වෙද්දී ගුරුවරුන්ගේ වගකීම වූයේ ළමුන් සොයා යාමය. ඒ අනුව එය දිනක් තුළ පාසල් කිහිපයක සිටින විශේෂ දරුවන් කිහිප දෙනෙකුට ඉගැන්වීමට යාමට නයනාට සිදුවූවාය. අද මෙන් 'පෞද්ගලික බස් රථ නොතිබුණ ඒ කාලයේ මෙය පහසු කටයුත්තක් නොවීය. අවසානයේදී ඊට විසඳුම් ලෙස විශේෂ අධ්‍යාපනයේ යෙදුන ගුරුවරුන්ට මෝටර් සයිකල් දීමට රජයට සිදුවිය.
විශේෂ අධ්‍යාපනය භාරව කටයුතු කළ 'ලීසන් හෙල්ද්' කියන නෝනා තමයි අපිට මෝටර් සයිකල් අරගෙන දුන්නේ. 1969 ජූලි මාසෙ ලීසන් නෝනා ඇගේ කිරුළපන තිබුුණ ගෙදරට අපිව එක්ක ඇවිත් ඒ ගේ ඉස්සරහ ‍ලේන් එකේ අපිට මෝටර් සයිකල් පදින්න පුරුදු කළා.
පවු‍ලේ බඩපිස්සිය වූ නයනා කුඩා කල සිටම 'කොලු ගති තිබූ දැරියක වූයෙන් ගස් නගින්නට බයිසිකල් පදින්නට හැකියාව තිබිණි. එහෙයින් ජීවිතයට මෝටර් සයිකලයක් අතින්වත් අල්ලලා නැති ඇයට පැයක් ඇතුළත මෝටර් සයිකලය පදින්නට හැකිවිණි.
මෝටර් සයික‍ලේට ලයිෂන් ගන්න තිබුණ දවසේ මට පදින්න තිබුණේ ඇස් වාට්ටුව පැත්තෙ. මම මෝටර් සයික‍ලේ පැදගෙන ඉස්සරහින් යද්දී පරීක්ෂක මහත්තයා මගෙ පිටිපස්සෙන් කාර් එකේ ආවා. ඔන්න  දැන් ඔක්කොම හරි. ඊළඟට අට ගහන්නය තිබුණේ. (අටේ හැඩේට පදින්න) ඔන්න සෙනඟ වට වුණා මම අට ගහන හැටි බලන්න හරියට ලෝක පුදුමයක් වගේ.  
අටේ විස්කමද හොඳ හැටි පෙන්වූ නයනා සියලු පරීක්ෂණ ජය ගත්තාය. මේ නෝනා තමා ඉස්සෙල්ලාම මෝටර් සයිකල් ලයිෂන් ගත්ත කාන්තාව. ඒ හින්දා නිකම් බැහැ. මේක සමරන්න ඕනෙ. කියලා බලපත්‍ර කන්තොරුවෙ මහත්වරු සංග්‍රහයක් සූදානම් කළා.
කේක් කට්ලට් කිරි තේ සංග්‍රහය භුක්ති විඳ නිලධාරීන්ගේ ශුභාශිංසනය ලැබූ නයනා ආපසු නිවසට පැමිණියේ උතුරා යන සතුටින් යුතුවය.
ඒ කාලෙ බලපත්‍ර ගාස්තුව රුපියල් පහකි. ඒත් නයනාගේ බලපත්‍රයට රජයෙන් මුදල් ගෙවූ නිසා ඇයට ඒ සඳහා වියදමක් නොවිනි.
සතියකට පසු මෝටර් සයිකල් බලපත්‍රය තැපෑලෙන් ඇය වෙත එවා තිබුණු අතර එතැන් සිට මෝටර් සයිකලයේ නැගී උදේ හවා රාජකාරියට යන එන ඇගේ දසුන ප්‍රදේශවාසීන්ට හුරු පුරුදු වූවක් විය.
නයනා මොටර් සයික‍ලේ ගමන් යාම නවත්වා දින කිහිපයක් ගතවෙද්දී අපූරු දෙයක් සිදුවිය. ඇගේ ගමේ රෙදි නැන්දා හඬාගෙන නයනාගේ නිවසට පැමිණ තිබුණි.
මේ මිනිස්සු මොන තරම් නරකද? නෝනා මළා කිව්වනේ. රෙදි නැද්දා නයනාව බදාගෙන හඬන්නට වූවාය.
මම මළා කියලා මුලින්ම මම දැන ගත්තේ රෙදි නැන්දාගෙන්. කවුදෝ ගෑනු කෙනෙක් මෝටර් සයික‍ලේක පිටිපස්සේ ගිහින් ඇක්සිඩන්ට් වෙලා. හැබැයි අන්තිමට ප්‍රචාරය ගියේ මෝටර් සයික‍ලේ යන නෝන මළා කියලයි. නයනා තවත් මුහුණ දුන් අපූරු අත්දැකීම් කිහිපයක් අප හමුවේ තබන්නට වූයේ සිනහ වෙමිනි.
විමලනයනා දෙල්දෙණිය හෙවත් 'මෝටර් සයික‍ලේ යන නෝනා මළ බවට ප්‍රදේශය පුරා පැතිරෙමින් මහා ආන්දෝලනයක් ඇති වෙද්දී සිද්ධිය කන වැකුණු නයනා තම මළ ගමට එන උදවියට සංග්‍රහ කරන්න කේක් හා සිසිල් පැන් සූදානම් කොට තබන්නට යුහුසුළු වූවාය.
මේ අතර ඇතැම් පාසල්වල නයනාගේ මළ ගෙදරට එන්නට බස් කුළියට ගැනීමට එකකුගෙන් ශත දහය බැගින් එකතු කර තිබිණි.
ඇතැමුන් මල් වඩම් රැගෙන සුදු ඇඳුමෙන් සැරසී නයනාගේ නිවසට පැමිණ තිබුණේ ශෝකයෙන් බරිත මුහුණෙන් යුතුවය.
මගේ මිනිය දැක ගන්න ආපු අය මම පණ පිටින් ඉන්නව දැක්කාම අන්ද  මන්ද වුණා. සමහරු හොල්මනක් දැක්කා වගේ බය බිරාන්ත වෙලා බලන් හිටිය. ඒ අයට කේක් බිම අල්ලලා සංග්‍රහ කරලා ආපහු යන්න හදද්දී ඔන්න ඔය මල් වඩමත් කාට හරි අඩු ගානට විකුනලා හරි සල්ලි ගනින් කියලා මම කියනවා.
අවුරුදු ගණනාවක් මෝටර් සයිකලයේ ගමන් බිමන් ගියත් මේ වන තුරුත් තමන් කිසිදු අනතුරකට පත්වී නොතිබිම පිළිබඳ නයනා තුළ දැඩි ඇත්තේ දැඩි ආඩම්බරයකි.
මාර්ග නීතිය කඩ කිරීම පිළිබඳ නිරපරාදේ තමන් අල්ලාගත් ට්‍රැපික් රාලහාමි කෙනෙකු හමුවේ ඇය ඔහුට අභියෝග කර තිබුණි.
දුවයි චූටි පුතයි පුංචි කාලෙ බයිසික‍ලේ නග්ගගෙන යද්දි මාව රාලහාමි කෙනෙක් නවත්තලා මේ.. මේ... තුන්දෙනෙක් යන්න බැහැ නඩු දානවා කිවුවා. මේකෙ කොහෙද තුනක් පේන්නැද්ද එකයි බාගෙ දෙකයි කියලා මම කියද්දි ‍පොඩි ළමයි වුණත් ඒත් ජීවිත... ඒ හින්දා නඩු දාන්න වෙනවා. නීතියෙ හැටියට දෙන්නටයි යන්න පුළුවන්. ඒක තමයි රාලහාමිගෙ
පිළිතුර වුණේ. බැරිම තැන මම කිව්වා හැබැයි ඊළඟට එන දෙන්නෙකුට වඩා යන බයිසිකල් ඔක්කොටම නඩු දාන්න ඕන කියලා.
ඔන්න එතකොට ‍පොඩි ළමයෙක් එක්ක ජෝඩුවක් මෝටර් සයික‍ලේක එනවා.
මම පාරට පැනලා මෝටර් සයික‍ලේ නැවැත්තුවා. දැන් ඉතින් නඩුවක් ලියන්න රලාහාමිට මගේ ළමයි විතරද වටින්නෙ. මේත් ජීවිතයක්නේ..... කියල මමම බල කරද්දී... නැහැ... නැහැ කාටවත් නඩු දාන්නෙ නැහැ කියල රාලහාමි මාව ගෙදර යැවුවා.
මෙසේ ගෙදර ගිය නයනාට මේ සිදුවීම සහමුලින්ම අමතකව තිබියදී දිනක් 'අධික ලෙස මගීන් ප්‍රවාහනය කිරීමේ වරදට නඩු පවරා සිතාසි ලැබි තිබුණි. කුඩා කළ සිටම පෙරළිකාරියක වූ නයනා වහා ‍පොලීසිය වෙත ගොස් ස්ථානාධිපතිවරයාට දොස් තැබුවාය. නයනා ඊළඟට ගියේ නීතිඥ මහතෙකු හමුවන්නටය.
මම ඒක බලා ගන්නම්. නඩුව වෙලාවට කූඩුවට නගින්න. හැබැයි වචනයක්වත් කතා කරන්න එපා. නීතිඥවරයාගෙන් ලද උපදෙස් අකුරටම පිළිපදින්නට සිතූ ඈ ඊළඟ දිනයේ උසාවියේ තම නම හඬ ගසද්දී නිහඬව පෙනී සිටියාය.
ඈ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ තර්කය වූයේ 'නීතියේ හැටියට අධික ලෙස මගින් ප්‍රවාහනය කිරීම පිළිබඳ බලපත්‍ර බස් රථවලට බවයි. නඩුව එතැනින් 'ඉවත ගිය අතර තම ගාස්තුවවත් නොගත් නීතිඥයාට ස්තූති කර උසාවියෙන් පිටවූ ඇයට ඉන් අනතුරුව ට්‍රැෆික් රාලහාමිගෙන් 'කිසිදු ගැටලුවක් ඇති නොවිනි.
අද ජීවිතයේ සැඳෑ සමයට එළඹ සිටියද තවමත් කාර්ය ශූර ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස මේ වන තුරුම කටයුතු කර ඇත.
ඇගේ සැමියා ප්‍රාම් දෙල්දෙණිය ගත් කතුවරයෙකි.
පන්හිඳට හුරු පුරුදු නයනාගේ අතින් මේ වන විට විශේෂ අධ්‍යාපනයට සම්බන්ධ මොඩියුල රැසක්ම ලියැවී ඇති අතර අඳුරු ලොව තරණය විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවෝ මෑතකදී ඈ විසින් ලියු ‍පොත් කිහිපයක් අතර වෙයි.
ඇගේ දරුවන් තිදෙනා විවිධ ක්‍ෂේත්‍රවල ඉහළටම ගොස් ඇත. වැඩිමල් පුතු රුචිර හා ඔස්ට්‍රේලියාවේ පදිංචි කනිටු පුත් ප්‍රගති මවගේ අඩි පාරේ යමින් විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉහළ දැනුමක් ලැබුවාය. 'බඩපිස්සී' වන මධුභාෂිනී ජාතික අධ්‍යාපන ආයතනයේ විදේශීය භාෂා භාරව කටයුතු කරන්නීය.

නීල් ආම්ස්ටේ‍රා්න් හඳට ගිය දවසේ මම අම්මා බලන්න මෝටර් සයිකලෙන් ගමට ගියා
ඒ කා‍ලේ ලයිසන් එක ගන්න මට ගියේ රුපියල් පහයි
මගේ මළගමට ආ අයට මමම සංග්‍රහ කළා
වයස හැත්තෑ පහයි. මම තවමත් මෝටර් සයිකල් පදිනවා

නිලංකා ජයසූරිය

හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? 
මට ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ  හින්දා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. 
 
ඔබ දුක් වූ අවස්ථා ඇත්තෙම නැද්ද? 
අ‍පොයි තියෙනවා. විවිධ වයස් කාණ්ඩවලදී විවිධාකාර විදියට දුක විඳලා තියෙනවා. හැබැයි ඒ හැම දේටම ඒ ඒ අවස්ථා අනුව මුහුණ දුන්නා. 
 
ඒ අවස්ථා අතුරින් දුක දරාගන්නට බැරිවූ අවස්ථා තියෙනවාද? 
ඔව්. ඔය කියන අත්දැකීමේදී “දුක” විතරක් ‍නෙවෙයි. ලොකු බයකුත් ඇති වුණා. 
 
ඒ දුක්බර අත්දැකීම කියන්න කැමතිද? 
කියන්නම්. එතකොට මගේ දුව ඉපදිලා දවස් 20යි. කිරි දෙනකොට දුවට කිරි හිර වුණා. එයා  හුස්ම ගන්නේ නැතුව ගියා. මහත්තයත් ගෙදර හිටියේ නැහැ. අම්මයි මමයි විතරයි හිටියේ. මට දුව වඩාගෙන වාහනේ පදවන්නත් බැහැනේ. මම නයිටිය පිටින්ම දුවවත් වඩාගෙන මහ පාර දිගේ දිව්වා. ඉස්පිරිතාලෙට යනතුරුම දුව හිටියේ සිහි නැතුව. එයා පියවි සිහියට එනතුරුම මම හිටියේ පියවි සිහියෙන් ‍නෙවෙයි. 
 
ඔබ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව මතකද? 
මගේ දුව ඉපදිලා මගේ තුරුලට ගෙනැත් දීපු මොහොත. ඒක මම කාලාන්තරයක් තිස්සේ තිබුණු බලා‍පොරොත්තුවක් ඉටු වූ මොහොතක්. 
 
ඒ කියන්නේ හිමාලි දරුවෙක් ගැන දීර්ඝ කාලයක ඉඳන් සිහින මවලා තියෙනවා. 
ඇත්තම කිව්වොත් ඔව්. මම පුංචි කා‍ලේ ඉඳන් පුංචි බබාලාට හරිම ආදරෙයි. කවදා හරි මගේම දරුවෙක් මගේ තුරුලට අරගෙන හුරතල් කරන හැටි මම හීන මැවුවේ වයස 14-15 කා‍ලේ ඉඳන්. 
 
දරුවන් ලැබුණාම රූපය වෙනස් වෙනවා කියලා දුකට පත්වන අයත් ඉන්නවා නේද? 
එහෙම හිතන කාන්තාවන්ට මම කියන්න කැමතියි සැලෝන්වලට ගිහින් නිය‍පොතු ලස්සන කරගෙන, ලබන සතුටට වඩා වැඩිය දහස් ගුණයක සතුටක් තමන්ගේ දරුවකු දකිනකොට දැනෙනවා කියලා. අනික දරුවෙක් ලැබුණාම කැත වෙනවා කියන්නේ වැරදි මතයක්. එහෙම වෙන්නේ නැහැ.
 
එදා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ පෙම්වතිය වූ ඔබ අද පුංචි තිරයේ පෙම් කරන වයසේ පුතෙකුගේ මවක් බවට පත් වෙලා. ඒක ඔබට සතුටක්ද දුකක්ද? 
හා හා පුරා දෙවැනි ඉනිම ෂුටිං ගිය දවසේ රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා. 
 
ඒ සතුටටද දුකටද? 
ටෙලි නාට්‍යයේ මගේ පුතා ඩී්‍රම් ස්ටාර් එකෙන් ආපු රවීන් කිව්වාම මට රවීන් ගැන මතකයක් තිබුණේ නැහැ. මම හිතුවේ අවුරුදු 14-15 ළමයෙක් කියලා. රවින් දැක්කම මට හිතුනා මට මෙච්චර ලොකු පුතෙකුගේ අම්මෙක් වෙන්නද තියෙන්නේ කියලා. ඒත් ඉතින් මම ඒ අභියෝගය බාර ගත්තා. මොකද ඒක චරිතයක්නේ. මම මට ලැබුණු හැම චරිතයක්ම උපරිමයෙන් කරන්න වෙහෙසෙනවා. මේ චරිතයත් ඒ වගේ. අද මට ඒ චරිතය රඟපාන එක බොහොම සතුටක්. 
 
චරිතයක් සාර්ථක වුණාම ඒ විදියටම චරිත තුළට නළු නිළියන් කොටු කරනවා. හිමාලිව දිගටම තරුණ නළු නිළියන්ගේ අම්මගේ චරිතය ලැබුණොත් නම් හිතට ‍පොඩි දුකක් ඇතිවෙයි නේද? 
එහෙම වෙන්නේ නැහැ. ඒ විදියට දිගටම තරුණ නළු නිළියන්ගේ අම්මගෙ චරිත ලැබුණොත් මම භාරගන්නේ නැහැ.
 
හිමාලි ආදරය වැඩිපුරම විඳලා තියෙන්නේ සතුටක්ද දුකක්ද? 
ආදරේ කරලා ඔය අත්දැකීම් දෙකම මම විඳලා තියෙනවා. හැබැයි ආදරේ දුක්බර අත්දැකීමක් නම් මම එතැන රැඳෙන්නේ නැහැ. එතැනින් මිදිලා වෙනත් කටයුත්තක යෙදෙනවා. 
 
ඔබ හිතන විදියට වැඩිපුරම සතුට තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද? 
තනිකඩ ජීවිතයේ සතුට රැඳෙන්නේ සැහැල්ලුව ඒ තුළ තියෙන හින්දා. විවාහ ජීවිතයේ වගකීම් තියෙනවා. ඒත් දරුවෝ ඉන්නකොට ආදරය කරන්න දුක සැප බෙදාගන්න තියෙනවා. එහෙම බලද්දී මට නම් හිතෙන්නේ ඔය දෙකෙන් වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ විවාහ ජීවිතය තුළ කියලා. 
 
ආරියවංශ කුලතිලක

දසුන් නිශාන්ගේ හදිසි අභාවයත් එක්ක කරළියට ආපු දසුන්-ශලනි පෙම් කතාව අද කාටත් රහසක් නමෛයි. ශලනි තාරකාගේ පෑන් තුඩින් ලියැවුණු ගීතයක් පහුගියදා රූප රචනාවක් විදියට එළියට ආවම ඒ ගීතය දසුන්-ශලනි ආදර කතාව ගැන ලියවුණු ගීතයක් කියලා තවත් කතාවක් පැතිරිලා ගියා. ශලනි විසින් ලියලා කේශාන් පෙරේරා සංගීතවත් කරලා නිරෝෂා විරාජිනී ගැයූපෙති පුරා සුවඳ විහිදුණු නමැති ගීතය මීට මාස කිහිපයකට කලිනුයි රූපගත කර තිබෙන්නේ. 'චල රූ ක්‍රියේෂන්' වෙනුවෙන් මෙවන් ලියනගේ අධ්‍යක්ෂණය කළ ගීතයේ රූප රචනාව රූ ගත කර තිබෙන්නේ සැප්තැම්බර් 5 වැනිදා. සැප්තැම්බර් 25 වැනිදා දසුන් නිශාන් ජීවිතයේ සමු ගැනීමත් සමග රටේම පුවත් මැවෙද්දී පසුගිය සතියේ ගීතයේ රූප රචනය ජනගත කෙරුණා.
ගොඩාක් ආදරේ කරන යුවළක් එක් වන්නට බැරිව හමුවන්න කරන ප්‍රාර්ථනාවක් තමයි මින් කියැවෙන්නේ. මේ ගීතය මගේ විතරක් නමෛයි එක් වන්නට බැරිව සිටින සැබෑ පෙම්වතුන්ගේ ප්‍රාර්ථනයයි. ගීතය මගේ අතින් ලියැවුණු නිසා මගේම අත්දැකීමක් ‍නෙවෙයි කියන්නත් බෑනේ. මොකද අපි යමක් ලියන්නේ කියන්නේ අපිට තියෙන අත්දැකීමුත් එක්කනේ...
අගෝස්තු 6 වැනිදා 'රිද්ම' කතා බහට එක්වූ ශලනි පෙති පුරා ගීතය ගැන අදහස් දැක්වූයේ ඒ විදියටයි.  ලියූ ගී පදවැල ගැන කියන්න ඇය නිරෝෂා විරාජිනීට කතා කරලා තියෙන්නේ මහ රෑ. ගීතය විතරක් නමෛයි එහි රූප රචනය කරන්නත් ශලනි තුළ තිබිලා තියෙන්නේ පුදුමාකාර උනන්දුවක්. සාමාන්‍යයෙන් ගීතයක රූප රචනයක් නිර්මාණය කරන්නේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදන ආයතනයයි. ඒත් මේ ගීතයේ කතා සංකල්පයත් ශලනිගෙන්මයි. 
යුවතියක් කෙනෙකුට ආදරය කරනවා. ඔහුත් ඒ වගේමයි. ඒත් මේ පුද්ගලයාගේ විවාහය ලියාපදිංචි වී ඇති බව තරුණිය දැනගන්නවා. ඉන්පසු ඇය ඔහුව ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට භාරදීලා සමුගන්නවා. ඔන්න ඔය කතාව තමයි රූප රචනාවට ඇතුළත් වන්නේ. 
ශලනි මගේ හොඳ යාළුවෙක්. ගීතය අහද්දී වගේම, රූප රචනාවට ඇය දැක්වූ උනන්දුව අනුව මේක ශලනිගේ අත්දැකීමක් බව මට තේරුණා. 'මේක ඔයාගේ අත්දැකීමක්ද?'  කියලා මම ඇහුවා. 'හරි හරි පස්සේ කියන්නම්. දැන් අපි වීඩියෝව කරමුකෝ' කියලා ශලනි හිනා වුණා.
මෙවන් ලියනගේ කියන්නේ එහෙම කතාවක්. රූප රචනයට ඇතුළත් කතාවේ ප්‍රධාන චරිතයේ නම දහම්. ඒ චරිතයට මයුරවත් ඔහුගේ පෙම්වතියට සඳනිවත් බිරිඳගේ චරිතයට අනුරාධාවත් යෝජනා කරලා තියෙන්නේ ශලනි. මේ විදිහට නළු නිළියන් යෝජනා කරන අවස්ථාවේ ශලනි දසුන්ගේ නම නම් යෝජනා කරලා නැහැ. හැබැයි ප්‍රධාන කාන්තා චරිතය ශලනිට රඟපාන්න කියලා අධ්‍යක්ෂවරයා යෝජනා කරලා තියෙනවා. ශලනි ඊට තදින්ම විරුද්ධ වුණාලු.
ශලනිගේ පෞද්ගලික අත්දැකීමක් මේ නිර්මාණයට තේමා වූ බව දැනගෙන හිටියට ඒකට සම්බන්ධ පුද්ගලයා නළුවෙක් කියලා නම් මම හිතුවේ නැහැ. ඇත්තම කියනවා නම් දසුන්ගේ මරණයෙන් පස්සේ අන්තර්ජාල පුවත් දැක්කමයි දසුන් හා ශලනි අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා කියලා මමත් දැන ගත්තේ. අපි ගීත කීපයක වීඩියෝ ෂූට් කරලා එකටම තමයි එඩිට් කරන්නේ. පස්වැනිදා ෂූට් කළ ගීතය එඩිට් කරන්න කල් ගියේ ඒ හින්දා. වීඩියෝ එක සම්පූර්ණ කරද්දී දසුන් මිය ගිහින්. 'පෙති පුරා' ගීතයේ Audio එකේ අයිතිය ඇත්තේ ශලනිට. video එකේ අයිතිය අපිට. මේ වෙලාවේ video එක දැම්මොත් අපි දසුන්ගේ මරණය විකුණනවා කියන චෝදනාව එයි කියලා හිතලා අපි ඪඤඥධ එක නොදා ඉන්නයි හිටියේ. ඒත් පස්සේ ඒක දාන්න හිතුවා. මම පෞද්ගලිකව ශලනි අඳුනන්නේ කාලයක ඉඳන්. ඇය කාට හෝ ආදරය කරන්න ඇති. ඒ ප්‍රේමවන්තයා විවාහකයෙක් බව පසුව දැන ගන්න ඇති. ඔහුව ඔහුගේම බිරිඳට බාරදීලා නිදහස් වෙන්නයි ශලනිට ඕනෑ වුණේ. ඒ බවයි ඇය මේ video  එක තුළින් කියන්න උත්සාහ කළේ. සිදුවීමේ සැබෑව නොදැන ශලනිට දිගට හරහට මඩ ගහන පිරිස හින්දා අද ඇයත් තදින්ම මානසිකව වැටිලා ඉන්න බව මම දන්නවා. මේ වගේ දේවල් ගැන අදහස් දක්වද්දී මීට වඩා විවෘතව දකින්න කියලා මම අන්තර්ජාල වබේ අඩවිවල ඉඳන් චරිත ඝාතනය කරන අයගෙන් බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා. 
මෙවන් තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ දැඩි සංවේගයෙන් යුතුවයි.
ආරියවංශ කුලතිලක

පසුගිය දිනයෙක මගේ හිතවතෙක් දුරකථනය මගින් අපූරු කතාවක් කීවේය. එනම් බත්තරමුල්‍ලේ පිහිටි තම ඥාති නිවසක ඉදිරිපස දොරේ අපූරු දැන්වීමක් අලවා ඇති බවකි. එම නිවසේ බිලිඳු දරුවකු සිටි බැවින් එම දොරෙහි සඳහන්ව තිබුණේ 'බාලගිරි අද නොවේ හෙට' යන වැකියයි. එහෙත් එහි ඇති විශේෂත්වය එය නොවේ ඉහත සඳහන් වැකිය එම දොරේ ප්‍රදර්ශනය වී තිබුණේ Balagiri Not  today its tommrow එනම් ඉංගිරීසි බසින් වීමය. 
ඔය කියන විදිහට එහෙනම් දැන් බාලගිරි ඉංග්‍රීසිත් දන්නවා ඇති නේද? එම ඇමතුම දුන් හිතවතා මා වෙතින් අසන ලද්දේ උපාහාසාත්මකවය. 
මට පේන විදිහට ඒකෙ නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. මම ගත් කටටම කීවෙමි. 
ඒ මොකද? ඔහු අසන ලද්දේ නොඉවසිලිමත් ලෙසිනි. 
හරි නම් බාලගිරි ඉංග්‍රීසි විතරක් ‍නෙවෙයි සිංහල දැන ගන්න විදිහකුත් නැහැ; මොකද බාලගිරි අපේ රටේ කෙනෙක් ‍නෙවෙයිනේ. මම කීවෙමි. 
විද්‍යා තාක්ෂණික දියුණුව ආදී හේතු සාධක මත ජන ජීවිතය නවීකරණය වීමත් සමග පැරණි ගුප්ත ශාස්ත්‍රයන් අභාවයට යනු ඇතැයි තවමත් අප රටේ බොහෝ දෙනෙක් සිතති. එහෙත් එහි පැහැදිලි සත්‍යතාවයක් නැත. 
ඊට හේතුව සාම්ප්‍රදායික ගුප්ත විශ්වාස කෙසේ වෙතත් මිනිසුන් තුළ පවත්නා ගුප්ත ආකල්ප දුරලීිමයි. එහෙත් එහි පැහැදිලි තාක්ෂණයට ප්‍රමාණවත් හැකියාවක් නොමැති බැවින් ඉන් සිදුවනුයේ පැරණි සමාජයේ පැවැති ගුප්ත ශාස්ත්‍ර මත පදනම් වූ මානව ක්‍රියාකාරකම් නවීන සමාජයට ගැළපෙන සේ යාවත්කාලීන හා නවීකරණය වීම පමණි.  අතීතයේ සිංහල බසින් කරන ලද බාලගිරි නම් යකින්න සඳහා කරනු ලැබූ එම දැන්වීම මෙලෙස ඉංගිරිසියට පෙරැළී ඇත්තේ එම යාවත්කාලීන ක්‍රියාවලියේ එක් පැතිකඩක් වශයෙනි. 
ඒ කෙසේ හෝ අගනුවර තදාසන්නයේ පිහිටි මධ්‍යම පාන්තික නිවාසයක මෙලෙස බාලගිරි සඳහා ලියැවුණු දැන්වීමක් ඉංගිරිසි බසින් ඉදිරිපත් කොට තිබුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් පිවිසිය හැකි සරල අනුමානයන් කිහිපයක් මෙසේය. 
 
1. බාලගිරි යකින්න සඳහා කරනු ලබන මෙම නිවේදනයට භාෂාව අදාළ නොවෙතැයි ගෙහිමියන් විශ්වාස කිරීම. 
2. ඉහළ මධ්‍යම පාන්තිකයන් වශයෙන් තරගකාරී සමාජයේ කැපී පෙනෙන තමන් ජීවිතයේ සෑම කටයුත්තක්ම ඉංග්‍රීසි භාවිතා කරන බව දකින්නවුන් හට හැඟවීම 
3. 'බාලගිරි අද නොවේ හෙට' යන්න හුදෙක් ගැමි සංස්කෘතියට අයත් වූවක් නිසා එය නාගරික සංස්කෘතියකට ඔබින සේ ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කිරීම වරදක් නැතැයි ගෙහිමියන් විශ්වාස කිරීම. 
4.ඉහත සඳහන් නිවේදන සිංහලයෙන් ඉදිරිපත් කිරීමෙන් බෙහෝ දෙනකුට සන්නිවේදනය වීමට ඇති අවකාශය මෙමගින් අහිමි කරවීම. 
 
මේ සියලු කරුණු අනුව ගම්බද සේම නාගරිකවද මෙම බාලගිරි දෝෂය පිළිබඳ විශ්වාසය පැතිර ඇති බව මනාව පැහැදිලිය. ඒ අනුව මෙම බාලගිරි පිළිබඳ යම් විමසුමක් කිරීම අදටත් කාලෝචිත යැයි හැඟේ. අදටත් බාලගිරි ජන සමාජය හා බද්ධ වී ඇත්තේ ඉපදුණු අලුත බිලිඳුන්ට වැලඳෙන රෝගයක් ලෙසිනි. 
ජන වහරෙහි මෙය හැඳින්වෙනුයේ 'බාලගිරි දෝෂය' ලෙසිනි. 
අලුත ඉපදුණු බිලිඳුන් සන්ධ්‍යා කාලවලදී අතපය අඹරවමින්  හැඩීම මෙම බාලගිරි දෝෂය මත සිදු වන්නක් බව ‍පොදු ජන විශ්වාසයයි. සැබවින්ම 'බාලගිරි යනු' යක්ෂණියකි. කුඩා දරුවන් නිදන නිවෙස්වලට නිවසේ ඉදිරිපස දොරින් පැමිණෙන මෙම බාලගිරි යක්ෂණිය නිවසේ කිසිවකුත් නොවැටහෙන ලෙසින් එම නිවසේ හිඳින බිලිඳාට බැලුම් හෙළන්නීය. බිලිඳා අතපය ඒ මේ අත අඹරවමින් වේදනාත්මකව බෙරිහන් දෙනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සාමාන්‍යයෙන් යකුන් එළැවීම පහසු කාරියක් නොවේ. එහෙත් සෙසු යකුන්ට සාපේක්ෂව මෙම බාලගිරි යකින්න පලවා හැරීම අතිශයින් පහසුය. ඒ සඳහා කළ යුත්තේ එම බිලිඳා වෙසෙන නිවසේ ඉදිරිපස දොරටුවේ බාලගිරි අද නොවේ හෙට යනුවෙන් දැන්වීමක් එල්ලා තැබිම පමණි. එවිට දිනපතා සවස් යාමයේ එම නිවසට පැමිණෙන බාලගිරි යකින්න එම දැන්වීම බලා ආපසු හැරී යයි. මෙලෙස දිනපතාම සවස් කාලයට එම නිවසට පැමිණ එම දැන්වීමට අනුව නැවත නැවතත් හැරී යාම, මත මෙම බාලගිරි මොන තරම් මෝඩ යකින්නක දැයි ඔබට වැටහෙනු ඇත. 
මෙම බාලගිරි යකින්නගේ උප්පත්ති කතාව 'ගිරි දේවී' පුරාවෘත්තය හා සම්බන්ධ වෙයි. (දඹදිව දන්ත පුරයේ සිංහ කුමාර නම් රජ කෙනෙකුට සහ හංසවතී නම් දේවියකට දාව උපන් පුත් කුමරෙකු සහ දූ කුමරියක මෙම පුරාවෘත්තය හා සම්බන්ධය. දළ කුමාරුන් නමැති එම කුමරුන් වෙතින් එම කුමරිය දූෂණය වන බවට දෛවඥයන් විසින් පළ කරන ලද අනාවැකියකට අනුව කුමරිය ගල් ලෙනක් තුළ සඟවා හදා වඩා ගැනීමට දෙමාපියනට සිදුවෙයි. එහෙත් නව යොවුන් වියට පත්වන දළ කුමරුන් හට තම එකම සොයුරිය දැක බලා ගැනීමේ ආශාවක් ඇති වී මාපිය නොකැමැත්ත නොතකා එම ගල්ලෙන, තුළට වැදීමත් සමග සිදුවනුයේ දෛවඥයන් විසින් පැවැසූ අනාවැකිය එපරිද්දෙන්ම ක්‍රියාත්මක විමය. එහි ඊළඟ ප්‍රතිඵලය වනුයේ එම සිදුවීමෙන් ඇති වූ කම්පනය දරාගත නොහැකිව කුමරිය එම ගල් ලෙන තුළම ගෙල වැල ලාගෙන මියයාමය. ඉන්පසුව තමන් වෙතින් සිදු වූ එම සාහසික අපරාධය 
පිළිබඳව අතිශය කම්පාවට පත්වන කුමරු ද එම වනය තුළම මියගිය බව එම වෘත්තාන්තයෙහි සඳහන්ය. එසේ මියගිය දළ කුමරු අවතාර දොළහකින් යුතු 'ගරා යකු' ලෙසින් ජන්මය ලබන අතර කුමරිය ද අවතාර 'දොළහකින් සමන්විත ගිරි දේවිය' ලෙසින් යක්ෂාත්මයක් ලැබුවාය. කීල ගරා, සෝලන් ගරා, මෝලන් ගරා, අඳුන් ගරා, සඳුන් ගරා, පට්ටි ගරා, ඔකඳ ගරා, ජල ගරා, පුෂ්ප ගරා, වට ගරා, කොට ගරා යනු ගරා යකුගේ අවතාර දොළහය. 
ගිරි දේවියගේ පිරිවර වනුයේ මදන ගිරි, හපුමල් ගිරි, මෝලං ගිරි, භූත ගිරි, නීල ගිරි, අඳුන් ගිරි, සේල ගිරි, සොහොන් ගිරි සහ බාල ගිරිය. ඒ අනුව අද අපගේ කතා නායිකාව වන බාල ගිරි නම් වන රැවටෙන සුලු යකින්නට අපගේ ජනප්‍රවාද අතරේ හිමිව ඇති තැන පහසුවෙන් වටහා ගත හැක. 
ඒ කෙසේ හෝ බිලිඳුන් සැඳෑ කාලයේ මෙලෙස අත් පා අඹරවමින් වේදනාකාරී ලෙස හඬනුයේ කිරි පෙවීම ආදිය නිසා දරුවාගේ උදරය තුළට පිවිසෙන වාතය අන්ත්‍රවල පිරී ගොස් ඒවා පිම්බි යාම නිසා බව දාරක සෞඛ්‍යය පිළිබඳ ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා දනිති. එනිසාම බිලිිඳුන්ට කිරි දීමෙන් පසු කිරි සමග උදරයට එක් වූ වාතය මුවින් ඉවත් කරවීම පිළිබඳ ගුඩුස් යැවීම, නම් ක්‍රියාව කරන මෙන් ඔවුහු බිලිිඳුන්ගේ මව්වරුන්ට උපදෙස් දෙති. 
එහෙත් එසේ නොකොට සිංහලයෙන් හෝ ඉංගිරිසියෙන් 'බාලගිරි අද නොවේ හෙට' යනුවෙන් නිවසේ ඉදිරිපස දැන්වීමක් එල්ලා තැබිමෙන් බිලිඳුන්ගේ එම කායික පීඩාව කෙසේ ඉවත් කළ හැකිද? යන්න මට නම් මොනම ලෙසින්වත් සිතාගත නොහැක.
 
තිලක් සේනාසිංහ

ලෝකආහාර දිනය මෙම මස 16 වනදාට යෙදී තිබේ. ආහාර දිනය සමරන්නට බටහිර දියුණුරටවල් අති උත්කර්ෂවත් උත්සවද සංවිධානය කර ඇත. අපේ රටද ඒ වෙනුවෙන් ලකලැහැස්ති වන බවට කිසිදු සැකයක් නැත. නමුත් ආපනශාලා හිමියන්ගේ සංගමයට අනුවනම් ලෝක ආහාර දිනය අභිමානයෙන් සමරන්නට තරම් වටපිටාවක් අපට රටේ දක්නට නැත.ලෝක ආහාර දිනය සමරන්නට තරම් අපේ රටේ වටපිටාවක් නොමැත්තේ ඇයිද යන්න පිළිබඳවදැන ගැනීමට ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාව මෙලෙස අපිසම්බන්ධ කරගත්තෙමු.

  • ලෝක ආහාර දිනය උත්කර්ෂවත් ලෙස සමරන්නට අපේ රටේ වටපිටාවක් නොමැති බවට ආපනශාලා හිමියන්ගේ සංගමය රජයට කරන චෝදනාව කුමක්ද?

මේමාසේ 16 වෙනිදාට ලෝක ආහාර දිනය ලෝකෙටම පේන්න සමරන්න අපේ රටේ බලධාරිනුත් ලකලැහැස්ති වෙනවා. මෙහිදී ඉහළ පැළැන්තියේ උත්සවාකාරයෙන් මේ උත්සවය සංවිධානයකෙරෙනවා. ඒත් අපේ රටේ ආහාරවල ප්‍රමිතියක් නැතිව ආහාර පැකට් එකේ ප්‍රමිතියක්නැහැ. ආහාර පැකට් එක හෝ ආහාර වල ප්‍රමිතියක් නැහැ. නියාමනය කරන්නටආයතනයක්, අමාත්‍යාංශයෙන්, අමාත්‍යවරයෙක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ඉතින්ආහාරවල ප්‍රමිතියක් නැති රටක කෙහොමද අපි ලෝක ආහාර දිනේ උත්සව ශ්‍රීයෙන් සමරන්නේ.

  • ප්‍රමිතියක් නැතැයි කියන ආහාර හෝ ආහාර වර්ග මොනවාද?

පාස‍ලේආපනශාලාවල තනිකරම අලෙවි වෙන්නේ රසකාරක යෙදූ ආහාර. විශ්වවිද්‍යාලවල කෑමපැකට් එක රුපියල් 50ට දෙන්නේ ප්‍රමිතියක් නැති එළවළු, මාළුවලින් පිරුණුආහාර වට්ටෝරුවකුත් එක්ක. රාජ්‍ය ආයතනවල වැඩ කරන සේවකයෝ මන්දගාමී බව බොහෝදෙනා කරන චෝදනාවක්. ඒත් ඒ මිනිස්සු ආපන ශාලාවෙන් කන කෑම පැකට් එකේ කිසිමප්‍රමිතියක් නැහැ. ඉතින් මේ වගේ නිසි ‍පෝෂණයක් නැතිව ආහාර අනුභව කළාමකොහොමද ක්‍රියාශීලීව වැඩ කරන්නේ.

  • ඔබ පෙන්වා දෙන ආකාරයට බහුතරයක් ආපනශාලා වල අලෙවි වන ආහාර වට්ටෝරුවල නිසි ප්‍රමිතියක් නැහැ. මේ තත්ත්වයට ආපනශාලා වගකිව යුතුයි නේද?

මේසියල්ලටම වගකිව යුත්තන් බලධාරීන්. මොකද අපේ රටේ ආහාරවල ප්‍රමිතිය නිර්ණයකරන්නට නිසි මිම්මක් නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා ඒ කාර්යවගකීමෙන් ඉටු කරන්නේ නැහැ. අපේ රටේ නියාමනයක්, ප්‍රතිපත්තියක් හෝ පවතිනවානම් අද ආපනශාලාවලට ප්‍රමිතියෙන් බාල ආහාර වට්ටෝරු අලෙවි කිරීමට ඉඩක්ලැබෙන්නේ නැහැ. මේ නිසා අපි කියන්නේ ආහාර සම්බන්ධව නියාමනයක් කඩිනමින්අවශ්‍ය බවයි.

  • බඩු මිල අඩු අවස්ථාවලදීත් ආහාරවල මිල අඩු නොවන බවට මහජනතාව ආපනශාලාවලට කරන චෝදනාව ගැන ඔබේ අදහස කුමක්ද?

අපිසාමාන්‍යයෙන් බඩු මිල අඩු බොහෝ අවස්ථාවල කෑම පැකට් එකේ මිල වැඩි කරන්නේනැහැ. කෑම පැකට් එක රුපියල් 10කින් වැඩි කළෙත් ලන්ච්ෂීට් මිල ඉහළ ගිය නිසා.මේ වනවිට අප නියම කරලා තිබෙන කෑම පැකට් එකක මිල රු. 140යි. මීට වැඩිමුදලකට කෑම පැකට් එකක් අලෙවි කරනවා නම් ඒ පිළිබඳව ආපනශාලා හිමියන්ගේ සංගමයදැනුවත් කරන්නට පුළුවන්. ආහාර පිළිබඳව විධිමත් නියාමනයක් නොමැතිකම මේ ආහාරපැකට් එකක මිලටත් බෙහෙවින්ම බලපානවා.

  • ආපනශාලා හිමියන්ගේ සංගමය යටතේ ලියාපදිංචි ආපනශාලා ගණන කොපමණද?

මේවනවිට ආපනශාලා 1300ක් පමණ ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම අපේ සංගමයේලියාපදිංචි නොවූ ආපනශාලාද තිබෙනවා. ආපනශාලා හිමියන්ගේ සංගමය කියන්නේවෘත්තීය සමිතියක් නෙමේ, ජාතික ව්‍යාපාරයක්.

  • මෙවර ලෝක ආහාර දිනය නිමිති කොටගෙන ආපනශාලා හිමියන්ගේ සංගමය විදිහට යම් සුවිශේෂී වැඩසටහනක් ඉදිරිපත් කරනවාද?

මෙවරආහාර දිනය වෙනුවෙන් අපේ රටේ ප්‍රමිතියක් නොමැති ආහාර පිළිබඳව අපි ජනතාවදැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කරනවා. එහිදී ප්‍රමිතිගත නොමැති ආහාරපිළිබඳව ජනතාවට යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්.

  • ආපන ශාලා හිමියන්ගේ සංගමය විදිහට දැනට රටේ පවතින ප්‍රමිතියක් නැති ආහාර පරිභෝජනය වළක්වා ගැනීමට ඉදිරිපත් කරන යෝජනා කවරේද?

අපි මුලින්මආණ්ඩුවට කියනවා මෙවර ලෝක ආහාර දිනය අති උත්කර්ෂවත් ලෙසට සමරන්නට වැයකරන්න යන මුදල් නිකරුණේ නාස්ති නොකර අපේ රටේ ආපනශාලා වල ප්‍රමිතිය නඩත්තුවටයොදවන්න කියලා. මෙහිදී අපට හැකියාවක් ලැබෙනවා අපිරිසිදු ආපනශාලා පිරිසිදුතත්ත්වයෙන් පවත්වා ගෙන යාමට, කැඩී බිඳී ගිය ආපනශාලා නඩත්තු කිරීමට, ආපනශාලාවල පහසුකම් ක්‍රමවත් කිරීමට මේ මුදල් යොදාගන්න. ඒ නිසා බොරු උත්සව දාලාලෝකෙටම පේන්න ආහාර දිනය සමරන්න එපා කියන එක අපි අවධාරණයෙන් කියනවා. ඒ වගේමආහාරවල ප්‍රමිතිය වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ඇති කරන්නට රජයඅනිවාර්යයෙන්ම කටයුතු කරන්නට ඕනේ. එහෙම නැතිනම් අප ඒ වෙනුවෙන් සටන් කරන්නවුණත් සූදානමින් ඉන්නේ. මේක ආපනශාලා හිමියන්ගේ සංගමයේ විතරක් නෙමේ සියලුජනතාවගේම ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

සමන්මලී නැලිගම

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2509

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5389

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4774

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2866

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2820

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7427

Please publish modules in offcanvas position.