Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ ප්‍රධාන තැනකි. ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් ඒ අතින් ඉදිරියෙන්ම සිටියි.
වයස අවුරුදු 12ක සහ 16ක යුවතියන් දෙදෙනකු ලිංගික අතවරයට ලක් වීමේ සිද්ධියක් හා බැඳී ඇති මෙම අසාමාන්‍ය කතාවද වාර්තා වන්නේ පාකිස්තානයෙනි. මෙම කතාව මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වෙන්නට පටන් ගත්තේ පසුගිය දිනෙක එරට ගම්මානයක විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිමත් සමගය. මෙම පිරිසට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ 16 හැවිරිදි යුවතියක දූෂණයකට ලක් කිරීම සඳහා ඔවුන් විසින් තීන්දුවක් දෙනු ලැබ තිබිමයි.
පාකිස්තානය වැනි රටවල ගම්මානවල ‘නඩු’ ඇසීම සඳහා කුඩා කණ්ඩායම් ගම්වැසියන් විසින්ම පත් කරගනු ලබයි. ඉහත තීන්දුව දුන් කණ්ඩායමද එවැන්නකි. ඔවුන් 16 හැවිරිදි යුවතිය  දූෂණයකට ලක් කිරීම සඳහා තීන්දුවක් දී තිබුණේ අපූරු හේතුවක් පදනම් කරගනිමිනි. එනම් මෙම යුවතියගේ සහෝදරයෙකු ඔවුන්ගේ ඥාති පවුලක 12 හැවිරිදි වෙනත් යුවතියක දූෂණය කිරීමේ වරදකට දඩුවමක් වශයෙනි. සහෝදරයා කළ වරදට වන්දි ගෙවන්නට සිදු වූයේ ඔහුගේ සහෝදරියටය. 12 හැවිරිදි දැරිය දූෂණය  කළ සහෝදරයා තවමත් නිදැල්‍ලේ සිටින බවද වාර්තා වෙයි.
කලින් දූෂණයට ලක් වූ ඉහත කී 12 හැවිරිදි යුවතියගේ  සහෝදරයෙකු මෙම නඩු අසන කණ්ඩායම හමුවට පැමිණ, තමාගේ සොහොයුරිය  ඥාති සොහොයුරෙකු විසින් දූෂණය කරනු ලැබ ඇති බවට පැමිණිල්ලක් කර තිබේ. එය සිදුව ඇතැයි පැවැසුණේ ජූලි මස 16 වෙනි දින මෙම යුවතිය ඔවුන්ගේ ගොවිබිමක වැඩ කරමින් සිටින අතරය.
මෙම සිද්ධියට පලිගැනීමක් ලෙස ඥාති සොහොයුරාගේ සිද්ධියට දඩුවමක් ලෙස සොයුරිය දූෂණය කිරීමට අර පැමිණිල්ල කළ තරුණයාට ඉහත කී කණ්ඩායම අවසර දී ඇත්තේ ඉන්පසුවය.
16 හැවිරිදි යුවතිය දූෂණය කිරීම සඳහා නියෝගය දුන් කණ්ඩායම ඉහත කී පවුල් දෙකේ සාමාජිකයින් අතරින්ම පත් කරගන්නා ලද කණ්ඩායමක් බව පසුව අනාවරණය වී ඇතැයිද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.  මෙවැනි කණ්ඩායම්වලට එරට තුළ නීත්‍යානුකූල පිළිගැනීමක් නැත. කෙසේ හෝ වේවා, ඉහත කී යුවතිය කිසියම් ස්ථානයකට ගෙනැවිත් මෙම කණ්ඩායමේ සාමාජිකයින් ඉදිරියේදීම අතවරයට ලක් කිරීම සඳහා ඔවුන් නියෝග කර ඇති බවත්, මෙම යුවතියගේ මව්පියන් පවා සිද්ධිය වන අවස්ථාවෙහි එහි සිටි බවත් සමහර වාර්තාවන්හි සඳහන්ව තිබිණි. තවත් පුවත්පත්වල සඳහන් වූ පරිදි ඉහත කී කණ්ඩායමට අයත් වූයේ කලින් අතවරයට පත් 12 හැවිරිදි යුවතියගේ පවු‍ලේ උදවිය පමණි. ඔවුන් විසින් තීන්දුව දෙනු ලැබිමෙන් පසු පිරිසක් ජුලි 18 වැනි දින රාත්‍රියේ පැමිණ 16 හැවිරිදි යුවතිය ඇගේ නිවසින් පැහැරගෙන ගොස් අතවරයට ලක් කර ඇති බව එම වාර්තාවලින් කියවේ.
මෙම නියෝගය දුන් කණ්ඩායමේ විසි දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගැනීමට ‍පොලීසිය පියවර ගෙන ඇත.තවත් 17 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවද සඳහන් වෙයි.
මෙවැනි නඩු ඇසීමේ (නීති විරෝධී)  මණ්ඩලවලට එරෙහිව විරෝධතා එල්ල වන අවස්ථා පිළිබඳව නිතර මෙම රටවලින් වාර්තා වෙයි. ඇතැම් පවුල්වල දූ දරුවන් තමුන්ට නොගැළපෙන උදවිය සමග විවාහ වූ අවස්ථාවල පවු‍ලේ ගෞරවය රැක ගැනීම සඳහා ඔවුන් මරා දැමීමට පවා මෙවැනි මණ්ඩල නියෝග කරන බවට චෝදනා එල්ල වෙයි. එමෙන්ම ඉහත කී සිද්ධියේදී මෙන්, පලිගැනීම සඳහා කාන්තාවන් දූෂණය කිරීමට නියෝග කළ අවස්ථා ගැන මීට පෙරද වාර්තා වී තිබේ. මුක්තාර් මායි නැමැති 28 හැවිරිදි කාන්තාවක සමූහ දූෂණයකට ලක් කිරීම සඳහා 2002 වසරේ දී මෙවැනි මණ්ඩලයක් විසින් දෙන ලද තීන්දුවක් විශාල ආන්දෝලනයකට ලක්  විය. මේ ආකාරයෙන් ඇය දූෂණය කිරීමට හේතු වූයේ ඇගේ 12 හැවිරිදි සහෝදරයෙකු ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යාමය.
මෙවැනි අතවරවලට ලක් වන බොහෝ කාන්තාවෝ ඒ පිළිබඳව නීතිය හමුවට නොගොස් සියල්ල විඳ දරාගෙන සිටීමට පුරුදු වී සිටිති. ඇතැමුන්ට සිය දිවි නසා ගැනීමට පවා බලකෙරෙන අවස්ථා තිබේ. නමුත් මුක්තාර් මායි එසේ කළේ  නැත. ඇය වඩාත් එඩිතර ලෙස අධිකරණය හමුවට යමින් තමාට අතවර කළ පිරිමින් නීතිය හමුවට ගෙන ඒමට පියවර ගත්තාය.
ඇතැම් සමීක්ෂණ වාර්තා අනුව පාකිස්තානය සැලකෙන්නේ කාන්තාවන්ට අනතුරුදායක රටවල් අතර තැන්වැනි රට වශයෙනි.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගික අතවර, ඇසිඩ් ප්‍රහාරවලට ලක්වීම වැනි සාධක මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. පසුගිය වසරේ කාන්තා හිංසනය සම්බන්ධ සිදුවීම් 2446ක් එරට මානව හිමිකම් කොමිසමට  වාර්තා වී තිබිණි. ඒ අතරින් 958ක් ලිංගික අතවර සම්බන්ධ සිදුවීම්ය. කාන්තාවන්ට ගිනි තබා අනතුරු කිරීම සහ ඇසිඩ් ප්‍රහාරයන්ට ලක් කිරීම වැනි සිදුවීම් 158ක් සම්බන්ධයෙන්ද වාර්තා වී ඇත.
ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් පාකිස්තානය තුළ ක්‍රියාත්මක උපරිම දඬුවම මරණ දණ්ඩනයයි. ඊට අමතරව 25 වසරක සිර දඬුවම්ද ක්‍රියාත්මක වන අවස්ථා තිබේ.


කිත්සිරි මල්වත්ත

මීට වසර කිහිපයකට පෙර හැම කෙනෙකුගේම අවධානය යොමු වුණේ ගම්පහ, කොළඹ, කුරුණෑගල, ගාල්ල ඇතුළු නගර කේන්ද්‍ර කරගනිමින් පෞද්ගලික උපකාරක පන්ති ‍රැල්ලත් සමග ගොඩනැගුණු ලිංගික උප සංස්කෘතියක් ගැනය. එහෙත් දැන් එය ගමට ද පැතිරී ගොසිනි. පොළොන්නරුව අනුරාධපුරය ඇතුළු ඈත නගරවලට පමණක් නොව ඊටත් එපිට කුඩා නගර ආශි‍්‍රතවද මෙය ව්‍යාප්ත වෙන්නට පටන්ගෙන ඇත. පොළොන්නරුවේ ඈත ගම්දනව්වල සිට පොළොන්නරුව නගරයට සති අන්තයේ පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගිවීමට පැමිණෙන බාලිකාවන් ඩැහැගන්නට කුරුමාණම් අල්ලමින් එම පන්ති පැවැත්වෙන ප‍්‍රදේශ ආශි‍්‍රතව සැරිසරන තරුණයින් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබේ.

කාගෙන් හෝ ඉල්ලාගත් මෝටර් සයිකල් වල පැමිණෙන මෙම සල්ලාල තරුණයන්ගේ ග‍්‍රහණයට නතුවන තරුණියන්ට ගැලවීමට හැකිවන්නේ ඉතාම කලාතුරකිනි. දැන් පොළොන්නරුවේ එවන් සංස්කෘතියක් ගොඩනැගෙමින් තිබේ. ඒ සඳහා පහසුකම් සැපයීමට ඇඳන් කඩ හෙවත් කාමර පහසුකම් ඇත යනුවෙන් සඳහන් නවාතැන්පොළවල් හතු පිපෙන්නාක් මෙන් බිහිවී තිබේ. රෝහල හන්දිය, පොළොන්නරුව පොළ හන්දිය එවන් බාලිකාවන් ඩැහැ ගැනීමට පැමිණෙන සල්ලාල තරුණයන්ගේ තිත්පොළවල්ය. ඈත ගමක සිට උදෙන්ම නිවසින් අහවල් පන්තියට යන්නට තිබෙනවා යැයි කියා පිටවන දියණියන් ඉහතින් සඳහන් කළ ස්ථානයකින් හෝ වෙනත් ස්ථානයකින් බස් රථයෙන් බස්සවාගෙන අර කියන සල්ලාල තරුණයා පැමිණි මෝටර් සයිකලයේ නැගී ඇඳන් කඩයකට යයි. පොළොන්නරුව නගරය හා බැඳිවැව ආශි‍්‍රතව තිබෙන නවාතැන් පහසුකම් සපයන ස්ථානවලට වඩා නගරයෙන් තරමක් ඈතට වන්නට පවත්වාගෙන යන ගෙස්ට් හවුස් යනුවෙන් සඳහන් නවාතැන්පොළවල් සැබැවින්ම මෙසේ උපකාරක පන්තිවලට පැමිණෙන තරුණ ජෝඩු වලින් පිරී යයි.

එපමණක් ද නොවේ උපකාරක පන්තිවලට පැමිණෙන තරුණයන් වෙනුවෙන් සැදී පැහැදී සිටින අබිසරුලියන් ද මෙම ප්‍රදේශ වල සැරිසරන බව නිරීක්ෂණය කරන  ඕනෑම කෙනෙකුට වටහාගැනීමට අපහසු කරුණක් නොවේ. ඇතැම් පිරිමි ළමයින් හබරණ ප‍්‍රදේශයට යන්නේ සම්බාහන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ලැඟුම්හල් වෙතය. ඒ 'කොල්ලන්' විනාශවන හැටිය. කෙල්ලන් අර ඇඳන් කබ වෙත පේ‍්‍රම කුරුල්ලාත් සමග ඉඟිලෙන්නේ එක හුස්මටය. එක් ජෝඩුවකට සයනය කිරීමට ඇඳක් ලබා දීම වෙනුවෙන් රුපියල් 500ක් 1000ක් අතර ගාස්තුවක් අය කරන බව දැනගන්නට තිබේ. එම ජෝඩුවක් ඇඳන්කඩ වෙත කැඳවාගෙන පැයක් දෙකක් ගත කිරීමට පහසුකම් සපයන තුන් රෝද රථවලටද එම ගාස්තුවෙන් අඩක සන්තෝෂමක් එම ඇඳකඩ හිමියාගෙන් ලැබෙන බව දැනගන්නට ලැබී තිබේ.

මීට ටික කලකට පෙර දිඹුලාගල ප‍්‍රදේශයේ එක් ඇඳන්කඩයක් ඇඳන් නැතුව පැදුරු කඩමාල්ලක් වෙනුවෙන් රුපියල් 200ක් අය කළ බව මාධ්‍ය මගින්ද හෙළිදරව් කළ කරුණකි. එවැනි කඩ තවමත් පොළොන්නරුවේ විවිධ ප‍්‍රදේශවල තිබෙන බව තතු දන්නා අය දනිති.

මේ පවත්වාගෙන යන හෝටල් කාමර නැතිනම් ගෙස්ට් හවුස් පිළිබඳව නියාමනයක් අවශ්‍යය. පොළොන්නරුවේ පවතින එවන් කුඩා නවාතැන්පොළවල් සංඛ්‍යාවවත් හරි හැටි දන්නා රාජ්‍යය ආයතනයක් හෝ නිලධාරියෙකු හෝ නොමැතිවීම කනගා‍ටුවකි.  අනෙක් අතට ඉතා අඩු වයසේදීම පේ‍්‍රම සබඳතා පවත්වාගැනීමට තමන්ගේ දියණියන්ට ඉඩදී බලා සිටින මව්වරුන් පියවරුන් සංඛ්‍යාවද වැඩිය. ඒ එම වැඩිහිටියන්ගේ අනියම් සබඳතා වසා ගැනීමටය. ‘දැන් කෙල්ලෝ තමයි කොල්ලන්ගෙන් යාළු වෙන්න අහන්නේ. එහෙම අහලා ඒ කොල්ලා එක්ක යාළු වෙලා ඒ මොහොතේ ඉඳලා එස්.එම් එස්. ගහනවා. සතියක් විතර යනකොට කොහේ හරි එක්ක යන්න කියනවා. එහෙම ගිහින් ගෙදර ආවාම අම්මා තාත්තාට වෙනස වැටහෙන්නේ නෑ. මොකද අම්මා තාත්තා වෙන ලෝකවල. දෙවෙනි දවසෙත් යනවා. ටික දවසකින් බඩට දරුවෙක් එනවා. ඒත් දන්නේ නෑ. පාසල් ගණනාවකින්ම මාස හය හත කිසිම වෙනසක් නැතුව දරු ගැබකුත් එක්ක පාසල් ආව දරුවන් ගැන මේ වසරේත් ගිය වසරේත් අහන්න ලැබුණා.

මීට අවුරුද්දකට විතර කලින් එක ඈත ගම්මානයක වැව්තාවුල්ලේ හැන්ඳෑවට කොල්ලො කෙල්ලො රංචුවක්ම බාල් නටන්න යනවා කියලා දැනගන්න ලැබුණා. වැව් තාවුල්ලේ විනෝද වෙන එක නවත්වන්න කවුරුවත් හිටියෙනෑ. එතන කොල්ලෝ ටික අරක්කු, සිගරට් බිබී ඉන්නකොට කෙල්ලෝ ටික බයිට් හදලා දෙනවා විතරක් නෙමෙයි බියර් එහෙමත් බොනවා. ටික වෙලාවකින් මත්වෙන මේ අය වෙනම ලෝකයක ජීවත් වෙන්නේ. කරන්නෙ මොනවද ඉන්නේ කොහෙද ඉන්නේ කියලා කිසිම ගාණක් නෑ. එහෙම හිටිය එක ළමයෙක් අවුරුදු 13යි, වයස අවුරුදු පනස්අටක මිනිහෙක් එක්ක පැනලා ගියා. මේ ගැන අදාළ අංශවලට දැනුම් දුන්නාම අර වැව්තාවුල්ලට යන එක නවත්වා ගන්න පුළුවන් වුණා” ‍එක් විදුහල්පතිවරයෙක් අප සමග පැවැසීය.

පොළොන්නරු නගරයට ආසන්නයේ පිහිටා තිබෙන බොහොමයක් නවාතැන් පහසුකම් සපයන ස්ථාන ලියාපදිංචි කර ඇතත් කොහේවත් ලියාපදිංචි කරවත් නැති තැන් පනහකට වැඩි සංඛ්‍යාවක් ඇති බව ආහාර හා නවතැන් පහසුකම් සපයන සැබෑ ලෙසම ගෙස්ට් හවුස් එකක් පවත්වාගෙන යන මහත්මයෙක් අප සමග කීය.

මේ ස්ථාන වැටලීම හෝ එම ස්ථාන පරීක්ෂා කිරීම හෝ කිසිම ආයතනයකින් නොකරන බවත් ඊට හේතුව ඒවා එක්කෝ පොලීසියට නැතිනම් දේශපාලනඥයන්ට එසේත් නැතිනම් සෞඛ්‍ය අංශවලට සම්බන්ධ අයවලූ‍න් විසින් හෝ ඒ අයගේ හිතවතුන් නැදෑයන් විසින් ඒවා පවත්වාගෙන යන නිසා බව ඔහු වැඩිදුරටත් කීය.

දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අඩු වයස් ගැබ් ගැනීම් පිළිබඳව අප සිදු කළ හෙළිදරව්වකින් ඇතැම් ආයතන බියට පත්වී ඇත. ජනාධිපතිවරයාගේ දිස්ති‍්‍රක්කයේ දවසින් දවස සිදුවන අකටයුතුකම් වැඩිවීමේ ප‍්‍රවණතාව පාලනය කරගන්නවත් බැරි නම් රට ගැන අන් කවර කතා ද?මේ ලිපිය ලියන මොහොතේ වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වගකිවයුතු නිලධාරියෙකු පැවැසුවේ එම කොට්ඨාසයේත් ඉස්සරට වඩා අඩු වයස් ගැබ් ගැනීම් අඩු වී තිබුණත් ඉකුත් වසරේත් අඩු වයස් අම්මලා 50කට වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය සායනවලට පැමිණෙන බවයි.

නීතියේ හිල් ඇතැයි කී කරුණ ගැන සැලකූ විට අවුරුදු 16ක් වයස දැරියක් ලිංගිකව එක් වීමට නීතියෙන් අවසරයක් ලැබී තිබෙන සෙයක් පෙනෙන්නට තිබේ. අවුරුදු 18විවාහ වීමේ වයස ලෙස නීතියේ සඳහන් වුවත් ඊට පෙර එනම්, අවුරුදු 16-17වයසේ දැරියන්ට ලිංගික අත්දැකීම් විදීමට අවසරයක් ලැබී ඇති සෙයකි. එබැවින් කඩිනමින් බලධාරීන් විවිධ අණපනත් සම්මත කරනවා සේ ඉතා කඩිනමින් මෙම නීති වෙනස් කළ යුතුය. එක්කෝ විවාහ වීමේ වයස අවුරුදු 16කළ යුතුය. නැතිනම් අවුරුදු 18දක්වා ලිංගික ඇසුරක් පැවැත්විය නොහැකිවන සේ නීති සැකසිය යුතුය.

පොළොන්නරුවේ ඇඳන් කඩ හා පවතින තත්ත්වය පිළිබඳව අපි පොළොන්නරුව මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති එම්.එස්.එම්. ජරූල් මහතාගෙන් විමසීමක් කළෙමු.

”කොල්ලෝ ලිංගික සේවා සපයන්නියන්  එක්ක යන බවට ලැබිච්ච තොරතුරු අනුව අපි ක‍්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දැන් පොළොන්නරුවේ සැරිසරන ඒ වගේ කාන්තාවන් නෑ. අපි ඔවුන්ව කිහිපවිටක් අත් අඩංගුවට ගත්තා. ඔවුන් එයින් මුදවා ගන්න කටයුතු කළා. හෝටල් කාමරවලට ගෑනු ළමයින් අරගෙන යනවා කියලා එහෙම ළඟදී අපට වාර්තා වෙලා නෑ. නමුත් ගිය අවුරුද්දේ අපි වැටලීම් කළා. අත්අඩංගුවට ගැනීම් කළා. මේ මස 14දා අපි පොළොන්නරුවේ ආහාර හා නවතැන් පහසුකම් දෙන ස්ථානවල හිමිකරුවන් රාශියක් කැඳවලා වැඩමුළුවක් කරනවා ළමයින්ට සිදුවන අපචාර අපයෝජන වළක්වා ගැනීමට. ”‍පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කරන්නේ නවාතැන් පහසුකම් සපයන තැන්වලට අඩු වයස් ගැහැනු ළමයින් ‍රැගෙන යාමත් ඊට අනුබලදී හෝටල් කාමරවල රඳවා ගැනීමත් බරපතළ වරදක් නිසා එවැනි අය ගැන තොරතුරක් ලද හොත් කිසිම සමාවක් නොමැතිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි.

එහෙත් පොලීසියේ ඇස්වලට වැලි ගසා පොළොන්නරුව ඓතිහාසික බිමේ සිදුවන අහිංසක මල් කැකුළුවන් දැරියන් කාමාතුර පෙම්වතුන්ගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට වැඩිහිටි සියලූ‍දෙනාගේම සහය අවශ්‍යම කාලය උදාවී තිබේ.

ප‍්‍රියන්ත බණ්ඩාර

අප ‍රටේ පැරණි වෙහෙර විහාර වල  දඹරන් බුදුපිළිම සහ වටිනා මුතු මැණික් ආදී වටිනා වස්තූන් ඇතැයි යන විශ්වාසය නිසා මේ දක්වා වැනසී ඇති මිනිස් ජීවිත ගණන සුළු පටු නැත.

එමෙන්ම මෙම මිථ්‍යාව නිසා අප ජාතියට අහිමි වූ පුරාවස්තූන් ප්‍රමාණය ද සුළු පටු නැත. දඹ රන් යනු තනි පවුම් රත්තරන් යැයි බොහෝ දෙනෙක් වරදවා සිතති. එහෙත් දඹරන් යන්න ශාස්ත්‍රීය වශයෙන් විමසන විට ලෝකඩ සේම මැටි බුද්ධ ප්‍රතිමා සඳහා ද ඒ නම යෙදෙන බව පෙනේ. මෙහිදී එම බුදු පිළිම දඹ රන් ලෙසින් හැඳින්වෙනුයේ ඒ මැටි හෝ ලෝකඩ පිළිමය ළූණු සිවියකටත් වඩා තුනී ලෙස රන් ආලේප කොට තිබීම නිසාය. මේවායේ මූල්‍යමය අගය ඉතා 'සොච්චමකි'.

මේවා මෙසේ රන් ආලේප කිරීමට යොදා ගනු ලබනුයේ ඉන්දියාවේ ගංගානම් ගගෙන් මතුවෙන රන්සුණු බව පැවසේ. දඹරන් සංස්කෘත බසින් හැඳින්වෙනුයේ ‘ජම්බෝනාද ස්වර්ණ’ යනුවෙනි.

ඊයේ (24) රාත්‍රී 09.00 ට පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැරණි වන්නි හත්පත්තුවට අයත් මීගලෑව, ලස්සනගම ප්‍රදේශයේ විහාරස්ථානයකට යුද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් වලින් සැරසුණු දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණිය හ. ඒ එම විහාරස්ථානයේ දඹරන් බුද්ධ ප්‍රතිමාවක් සහ වටිනා මැණික් ඇතැයි යන වැරදි තොරතුරකට අනුවය. සුප්‍රකට ඵෙතිහාසික රැස් වෙහෙර හෙවත් ‘‍සස්සේරුව’ රජමහා විහාරය ආසන්නයේ පිහිටිය ද මෙම ලස්සනගම විහාරස්ථානය පැරණි පුදබිමක් නොවේ.

අතීතයේ සිට වන අලින් බහුල වනගත ප්‍රදේශයක්ව පැවැති මීගලෑව ප්‍රදේශය ජනාකීර්ණ කෘෂිකාර්මික කලාපයක් වනුයේ මහවැලි ව්‍යාපාරයට පින්සිදු වන්නටය. ඒ අනුව එම විහාරස්ථානයද මෑතක දී ඉදිකරන ලද්දකි. එවන් විහාරස්ථානයක දඹරන් යැයි පැවසෙන ලෝකඩ පිළිමයක් හෝ තිබුණහොත් එහි කිසියම් විශේෂත්වයක් තිබේ. ඉතින් මුතු මැණික් ගැන කවර කතාද?

කෙසේ හෝ මේ පුද්ගලයන් දෙදෙනා පන්සල බිඳීමට පැමිණෙන බවට ඊයේ (24) රාත්‍රී මීගලෑව පොලිසියට තොරතුරක් ලැබුණි. ඒ අනුව වහා ක්‍රියාකාරී වූ පොලිස් නිලධාරීහු ඊයේ රාත්‍රී එම ප්‍රදේශය වට කළහ. ඔවුන් අපේක්ෂා කළ පරිදිම යුද හමුදා ඇදුම් වලින් සැරසුණු දෙදෙනෙක් එම විහාරස්ථානයට පැමිණ එහි ආව‍සගෙයි දොර කැඩීමට පටන් ගත්හ. එවිට වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගැනීමට සැරසෙත්ම වහා මෝටර් සයිකලය වෙත පැනගත් ඔවුන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නට වූහ.

එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලැබූ අතර ඉන් එක් සැකකරුවෙක් මීගලෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ‍ගොස් තිබේ. සැකකරුවන් සන්තකව තිබූ ටී 56 ගිනි අවියක්, බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් පොලිසිය අතට පත්විය. පොලිසිය එසේ මැදිහත් නොවන්නට එම විහාරස්ථානයේ වැඩ සිටි ස්වාමින් වහන්සේලාගේ ජීවිත වලට එල්ල වීමට තිබූ කුරිරු ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත.

 මේ සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පෙරවරුවේ ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා විසින් පවත්වන ලද අතර යුද හමුදා නිල ඇදුම් සහිතව තිබූ මිය ගිය පුද්ගලයා‍ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල මහ රෝහලට යැවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග ‍කළේය. ඒ අතර තුවාල ලැබූ සෙසු සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

මේ අතර මෙම විහාරස්ථානය කොල්ල කෑමට එන බවට පොලිසියට තොරතුරු දුන් පුද්ගලයාට පොලිස් ත්‍යාග අරමුදලින් විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (25) තීරණය කොට තිබේ.

එහෙත් ඒ පුද්ගලයාට එම තොරතුර ලැබුණේ කෙසේද, විචාර බුද්ධියකින් තොර මෙම පුද්ගලයන් දෙදෙනාට මේ ‘මර උඟුල’ අටවන ලද්දේ කවුරුන්ද යන්න පිළිබඳව වැඩි දුර පොලිස් පරීක්ෂණ පැවැත්වෙන්නේ දැයි මම නොදනිමි.

 

තිලක් සේනාසිංහ

එය  අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලමේ පිහිටි නිවාඩු නිකේතනයකි. එහි හිමිකාරිය වන්නේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳය.

එම නිවාඩු නිකේතනයේ පසුගිය 21 වෙනිදා රාත්‍රියේ සාදයක් පවත්වා තිබුණි. එය අවසන් වූයේ අලුයම 01.30 ට පමණය. ‍එහෙ‍ත් පසුදා උදේ දැක ගත හැකි  වූ අන්දමට එම නිවාඩු නිකේතනය තුළ පුද්ගලයෙකු අභිරහස් අන්දමින් මිය ගොස් තිබිණ.

මෙසේ මියගොස් ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී අරක්කැමියකු වශයෙන් එම නිවාඩු නිකේතනයේ සේවයට පැමිණි කිරිවැල්දොල, දෙණියාය, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52හැවිරිදි පාහීනන්ද ජයබාහු යන අයයි.

ඔහු විවාහකයකයෙකි. නමුදු ඔහුගේ බිරිඳ හා දරුවන් සුනාමියෙන් අතුරුදන් වී ඇති බව  දැනගත හැකි විය. සාමාන්‍යයෙන් මෙම නිවාඩු නිකේතනයේ සේවය කිරීමෙන් අනතුරුව අරක්කැමියා ඉන් පිටව යන නමුදු  ඔහු  එදින වෙනදා නවාතැන් ගන්නා අනුරාධපුර නිවත්තකචේතිය විහාරස්ථානයට නොගොස් නිවාඩු නිකේතනයේ ඉහළ මාලයට ගොස් කාමරයක් ආසන්නයේ බිම නිදා ගෙන ඇති බව ‍පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබිණ.

මෙම අභිරහස් මරණය සිදු වූ ස්ථානයට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී. ශානක හර්ෂන් මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙම මරණයට හේතුව ඝාතනයක්ද නැත්නම් ස්වාභාවික සිදුවීමක්ද යන්න වහාම අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

ඒ අනුව ඊයේ  (23) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදී.

එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ හිස් කබලට සිදුවූ බලවත් හානිය හේතුවෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනය මෙම මරණයට හේතු වී ඇති බවය. එමෙන්ම මරණය සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

එහෙත් මෙම මරණය අරක්කැමියා උඩුමහලින් පහතට ඇදවැටීමෙන් සිදුවූ හෝ වෙනත් හදිසි අනතුරක් නිසා ඇති වූ මරණයක් ද නැතිනම් මෙතෙක් අනාවරණය නොවූ වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න මේ තාක් අනාවරණය වී නැත.

අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ.එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උප ‍පොලිස් පරීක්ෂක කේ.ඒ. රත්නසිරි, ‍පොලිස් සැරයන්වරුන් වන (18224) හේමන්ත, (29690) බණ්ඩාර, ‍පොලිස් කොස්තාපල් (38757) ප්‍රියන්ත යන නිලධාරීහූ මේ සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 

බුද්ධික මහේෂ් විජේසූරිය- අනුරාධපුර

 

 

ප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන දීපා මෙහ්තා 2005 වසරේදී නිර්මාණය කළ වෝටර් නමැති ආන්දෝලනාත්මක සිනමා පටයේ ප්‍රධාන භූමිකාවක් ශ්‍රී ලාංකේය ළමා නිළියකටත් හිමි වී තිබුණා. ඒ ළමා නිළිය සරලා කාරියවසම්. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම ළමා නිළිය ලෙස අන්තර්ජාතිකව ඇගයුමටත් පාත්‍ර වූ සරලා කලා ලෝකයේ දිගු ගමනක් යාවි කියලා බොහෝ දෙනා ඒ දිනවල අනාවැකි පළ කළා. නමුත් ‘වෝටර්’ චිත්‍රපටයෙන් අනතුරුව අතේ ඇඟිලි ගණනටත් අඩු නිර්මාණ සංඛ්‍යාවකටයි සරලා දායක වුණේ. කුඩා කාලයේදීම විදෙස් සිනමාවට එක්වීමේ දුර්ලභ අවස්ථාව හිමිකරගත් සරලා අද මේ විදිහට නිහඬව ඉන්නේ ඇයි? ඒ ගැන ඇයගෙන්ම අසා දැන ගන්න අපි තීරණය කළා. 
 
වෝටර් චිත්‍රපටයේ රඟපාලා හොඳම ළමා නිළිය විදිහට අන්තර්ජාතික සම්මාන පවා දිනා ගත් සරලා අද කෝ? 
මම හොඳින් ඉන්නවා. 
 
සරලාට දැන් රඟපෑම එපා වෙලාද? 
එහෙම දෙයක් නෑ. හැබැයි මෑතකදී නම් කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ නැහැ. 
 
ඇයි ඒ විදිහට දැන් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ? 
කාලයක් මට මගේ අධ්‍යාපන කටයුතුවලට ප්‍රමුඛත්වය දෙන්න සිදු වුණා. ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් උපාධියක් ලබාගෙන මම දැන් නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ඒ කාර්යබහුලත්වයත් මගේ නිහඬ බවට හේතුවක් වුණා. හැබැයි ඒ නිසා විතරක්ම ‍නෙවෙයි මම දැන් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ. 
 
මොනවාද ඒ අනෙක් හේතු? 
මම ලොකුකමකට කියනවා ‍නෙවෙයි. මට ලැබෙන නිර්මාණ හොඳට තෝරා බේරා ගෙනයි මම බාරගන්නේ. මම බලා‍පොරොත්තු වෙන විදියේ නිර්මාණ මෑතකදී මට ලැබුණේ නැහැ. 
 
මොන විදිහේ නිර්මාණද ඔබ බලා‍පොරොත්තු වෙන්නේ? 
“වෝටර්” චිත්‍රපටයට දායක වුණු කා‍ලේ් නම් මට රඟපෑමට ගොඩක් ආරාධනා ලැබුණා. පසුකාලීනව ඒ තරමටම ආරාධනා ලැබුණේ නැහැ. හැබැයි දැන් නිර්මාණය වන හුඟක් ටෙලි නාට්‍යවල ගුණාත්මක බවේ අඩුපාඩු මම දැකපු නිසා මම හිතා ගත්තා ප්‍රමිතියකට අනුව නිර්මාණය නොවන ටෙලි නාට්‍යවල නම් රඟපාන්නේ නෑ කියලා. මොකද හරියට පිටපතක්වත් නැතුවනේ අද සමහර ටෙලි නාට්‍ය හැදෙන්නේ. 
 
සරලාට මේ වගේ තීරණයක් ගන්න වෝටර් චිත්‍රපටයේදී ලැබුණු අත්දැකීමුත් හේතු වුණාද? 
ඒකත් එක හේතුවක් තමයි. වෝටර් චිත්‍රපටයේ රඟපාන කා‍ලේ ගොඩක් පුංචියි. රඟපාන්නේ කොහොමද කියලාවත් මම හරි හැටි දැනගෙන හිටියේ නැහැ. හැබැයි එහි රඟපාද්දී මට තේරුණා ඒ අය කොයි තරම් පිළිවෙළට නිර්මාණ කටයුතු කරනවාද කියලා. මම ‍පොඩියි කියලා නෑ. ඔවුන් මා ගැන ගොඩක් සැලකිලිමත් වුණා. ඒ වගේම බොහෝ දේවල් මට කියලා දුන්නා. 
 
වෝටර් චිත්‍රපටයේ නළු නිළියන් ඇතුළු කණ්ඩායම ඊට පස්සේ මුණගැසුණේ නැද්ද? 
මිඩ් නයිට් චිල්ඩ්රන් ලංකාවේ රූපගත කරන කා‍ලේ වෝටර් අධ්‍යක්ෂවරිය වන දීපා මෙහ්තා තෑගි බෝගත් අරගෙන මාව මුණගැහෙන්න ආවා. “වෝටර්’’ රූගත කරන කා‍ලේ මම පුංචි නිසා අනෙක් අය එක්ක දිගටම සම්බන්ධතා තියාගන්න තරම් තේරුමක් මට තිබුණේ නැහැ. 
 
වෝටර්වලින් පස්සේ සරලා නිර්මාණ කිහිපයකටම දායක වුණා නේද? 
සිංහල චිත්‍රපටයක කියලා රඟපෑවේ “අබා” චිත්‍රපටයේ විතරයි. ‍පොඩි කා‍ලේ ‘අනවරත’ ටෙලි නාට්‍යයට දායක වුණා. අන්තිමට රඟපෑවේ “යකඩ දෝලි“ ටෙලි නාට්‍යයේ. ඒ, 2012 වසරේදී. 
 
වෝටර් චිත්‍රපටයේ රඟපාලා කුඩා කා‍ලේදීම විශාල ජනප්‍රියත්වයක් ලැබෙද්දී වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න ඕනෑ කියලා හිතුණේ නැද්ද?
එහෙම නොහිතුණාම ‍නෙවෙයි. හැබැයි ‘වෝටර්’ චිත්‍රපටයේ රඟපාපු කා‍ලේ හැමෝම මා ගැන දක්වපු අවධානය සමහර වෙලාවට මට මහා වදයක් වුණා. නිදහසේ ජීවත් වෙන්නයි මම කැමති. දැන් මාව හුඟක් අයට අමතක වෙලා. ඒ නිසා බස් එකක වුණත් කිසිම කරදරයක් නැතිව දැන් මට මගේ පාඩුවේ යන්න එන්න පුළුවන්. 
 
කිෂාන් කනංකෙ

මේ දවස්වල “දෙවැනි ඉනිම” නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ කවුද කියලා ඇහුවොත් ඔබ දෙන පිළිතුර කවුද? “වෙන කවුද ඉතින් ඉස්කෝලෙට අලුතින් ආපු ක්‍රිකට් කෝච් තමයි”. අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිතුර දෙනවාමයි. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ලයනල් සඳුන් කියන ක්‍රිකට් පුහුණුකරුවාගේ චරිතය රඟපෑවාට ඔහුගේ ඇත්තම නම රයන් වැන්ඩස්ටේ‍රා්යි.
 
මේ දවස්වල රයන්ට බොහෝ අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා ඇති?
අන්තර්ජාලයේ මුහුණු ‍පොතෙන් වගේම පාරේ යද්දී අතින් අල්ලලා නවත්වාගෙන ප්‍රතිචාර දක්වන රසිකයිනුත් ඉන්නවා. හැබැයි ඒ හැම ප්‍රතිචාරයක්ම ඉතාමත් නරක ප්‍රතිචාර. ඒ වෙලාවට මට ලොකු සතුටක් නම් දැනෙනවා. මගේ රංගනය සාර්ථක හින්දානේ ඒ වගේ නරක ප්‍රතිචාර වුණත් ලැබෙන්නේ.
 
ඒ ප්‍රතිචාර අතර තදින් හිතට වැදුණු අවස්ථාත් ඇති
ටෙලි නාට්‍යයේ එක දර්ශනයක් තිබුණා මම ප්‍රින්සිපල් ඉස්සරහදීම වේවැල අරගෙන අනුහස්ට පහර දෙනවා. ක්‍රිකට් කෝචර් කෙනෙකුට ප්‍රින්සිපල් ඉස්සරහ ඒ විදියට පාසල් ශිෂ්‍යයෙකුට පහර දෙන්න බැහැනේ. ඒක ඇත්තටම මම කළ නීති විරෝධී වැඩක් කියලා හිතාගෙන FB හරහා මට අසීමිත ලෙස බැණ වැදුණු අය හුඟ දෙනෙක් හිටියා.
 
‘දෙවැනි ඉනිම’ තුළින් බොහෝ අයගේ කතාබහට ලක් වුණාට රයන්ට දිගුකාලීන රංගන ඉතිහාසයක් තියෙනවා නේද?
ඔව්, මම රංගනයට පිවිසුනේ 2004දී. මේ වෙද්දී චිත්‍රපට 6ක් සහ ටෙලි නාට්‍ය 39කට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඔබ විදෙස් නිර්මාණවලටත් සම්බන්ධ වූ රංගන ශිල්පියෙක් නේද?
මම ‘බොම්බේ වෙල්වට්’ සහ ‘රූට් ඔෆ් ලව්’ චිත්‍රපටවල රඟපෑවා ‘රූට් ඔෆ් ලව්’ චිත්‍රපටයේ රඟපෑවේ ජෝන් එබ්‍රහම්ගේ මිතුරෙකුගේ චරිතයක්.
 
වසර 13ක් දෙස් විදෙස් නිර්මාණවලට රංගනයෙන් එක්වුණත් රයන් ඒ ගමන ආවේ බොහොම හෙමින් කියලයි අපිට නම් හිතෙන්නේ ?
ඒ හෙමින් ගමන මම නිහඬවම තවමත් ඉදිරියට යනවා. ඒ ගමනෙදී මම ජනප්‍රියත්වය ගැන හිතලාම නැහැ. කරන දේ හරියට කරන්නයි මම උත්සාහ කරන්නේ. මගේ ආටිකල් එකක් කරලා දෙන්න කියලා මම කවදාවත් කිසිම පත්තරේකට කියලා නැහැ. මම මෙහෙම කිව්වම ඔයා වුණත් පුදුම වෙයි. මේ අවුරුදු 13ට. ‘රිද්ම’ තමයි මගේ තුන්වැනි ආටිකල් එක කරන්නේ. මීට කලින් මගේ ආටිකල් දෙකක් විතරයි පත්තරවල ගිහින් තියෙන්නේ.
 
රයන් රංගනයට පිවිසුණේ කොහොමද?
පුංචි කා‍ලේ ඉඳන් කලාවට ආශාවක් තිබුණත් රංගනයට පැමිණීමේ අදහසක් තිබුණේ නැහැ. ඒක අහඹු සිදුවීමක්. මම නිතර යන එන “කොෆි ෂොප්” එකක් තියෙනවා. බුද්ධික ජයරත්නත් ඔතැනට එනවා. දවසක් බුද්ධික මට කතා කරලා කිව්වා. “මම කාලයක් ඔයාව ස්ටඩි කළා. මම ‘දේදුනු වැස්ස’ කියලා චිත්‍රපටයක් කරනවා. ඒකේ රජිව් කියලා චරිතයක් තියෙනවා ඒක රඟපාන්න කැමතිද?” කියලා. ඒ විදියට තමයි මගේ රංගන දිවිය පටන් ගත්තේ. ඇත්තටම නළුවෙක් විදියට මම මෙතැන ඉන්නවා නම් එහි ස්තූතිය හිමි විය යුත්තේ බුද්ධිකටයි.
රයන්ගේ පුද්ගලික විස්තර දැනගන්නත් “රිද්ම” පාඨකයෝ කැමති වෙයි
මම ඉපදුනේ හැදුණේ වැඩුනේ ගල්කිස්සේ. ඉගෙන ගත්තේ ශාන්ත මේරි විදුහ‍ලේ. මම බර්ගර් ජාතිකයෙක් වුණාට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ගෙදර දී විතරයි. ගේට්ටුවෙන් එළියට බැස්ස වෙලාවේ ඉඳන් කතා කරන්නේ සිංහලෙන්. මගේ යාළුවො ඔක්කොම සිංහල, දෙමළ, මුස්ලිම් අය. ඒ හින්දා රඟපාද්දී සිංහල දෙබස් කියන එක ගැටලුවක් නමෛයි. මම මගේම ව්‍යාපාරයක් කරගෙන යන අතර තමයි රඟපාන්නේ.
 
කවද්ද රයන්ගේ තනිකඩ ජීවිතය නිමා කරන්නේ ?
ළඟදීම ඒ දවස උදාවෙයි.
 
ආරියවංශ කුලතිලක
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4469

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4133

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7233

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4536

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2885

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3694

Please publish modules in offcanvas position.

Web Analytics