Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මේ ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාවක් තමයි අපේ රටේ දේවල් පිටරටට විකුණනවාය කියන එක. නමුත් මේ හැම  චෝදනාවකම තියෙන්නේ බරපතල විදිහට විකෘති කරපු සත්‍යයක්.

"මේ දවස්වල  මහනුවර ශ්‍රී දළදාමාලිගාවේ කුඹල් පෙරහැර පැවැත්වෙනවා. ඒ පෙරහැරේ කරඬුව වැඩම කරන්නේ ‘ඉන්දි රාජා’ කියන ඇතා. ඒ ඇතා ඉන්දියාවෙන් ලංකාවට තෑගි ලැබුණු ඇතෙක්. මේ යන විදිහට ලංකාවේ ඇතුන් ‍සිටියදී මහනුවර දළදා පෙරහැරේ කරඬුව වැඩම කරන්න ඉන්දියානු ඇතෙක් යොදා ගැනීම දළදා පෙරහැරත් ඉන්දිවට විකිණීමක් හැටියට අර්ථ දක්වන්නත් බැරි කමක් නැහැ." සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එසේ ප්‍රකාශ කළේ ලක්බිම ඔන්ලයින් සමඟ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ලංකාවේ භූමිය විදේශ රටකට විකුණනවා කියන එක රටේ ස්වෛරීත්වයට, භෟමිකඅඛණ්ඩතාවයට, ආරක්ෂාවට බරපතල තර්ජනයක්; නමුත් වත්මන් රජය හම්බන්තොට වරාය එහෙම විකිණීමක් සිදුකොට නැහැ. ඒ ගිවිසුමේ හැටියට, ගිවිසුම ක්‍රියාත්මක වන කාල සීමාව තුළත් වරායේ ආරක්ෂක වගකීම මුලුමනින්ම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙනවා. ඒ අනුව හම්බන්තොට වරාය විදේශීය යුද කඳවුරක් හැටියට යොදා ගන්නවා කීම ‘තේ කෝප්පයේ කිඹුල්ලු පෙන්වීම’ වගේ වැඩක්.

පසුගිය ර‍ජයේ දූෂකයන්ට ඕන කොහොම හරි ආණ්ඩුව පෙරළලා බලයට පත්වෙන්න. එහෙම නොවුණොත් ඒ අයට අනාගතයේ නීත්‍යානුකූලව බරපතල දඩුවම් වලට  මුහුණ දෙන්න සිදුවෙනවා මයි. මම නම් කියන්නේ හොරා කිව්වොත් කොයි ආණ්ඩුවෙ හිටියත් හොරා හොරාමයි. ඒ නිසා හොරාගේ පක්ෂය, පාට, තරාතිරම නොබලා හොරකමට අදාල නිසි දඬුවම් ලබා දිය යුතුයි. ඒ තමයි පොදු ජනතා අභිලාශය.

මම මොන පක්ෂයකින් මොන පාටකින් දේශපාලනයට පිවිසුණත් මම හැමදාමත් ඉන්නේ ඒ ජනතා අභිලාශයත් එක්ක. මට දේශපාලන නායකයන් සිටියත් මට ‘දේශපාලන හාම්පුතුන්’ නැහැ. මගේ දේශපාලන  හාම්පුතුන් වන්නේ මේ රටේ ජනතාවයි.

මෙහිදී ලක්බිම ඔන්ලයින් සමඟ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

"ඉන්දියානු රජයෙන් අප වෙත ලැබුණු සුව සැරිය ගිලන් රථ සේවාව සම්බන්ධයෙනුත් පසුගිය කාලයේ බොහෝ දෙනෙක් මේ වගේ ප්‍රකාශ කළා. මේක ඉන්දියාව අපේ රට ආක්‍රමණය කිරීමට යොදන බුද්ධිමය සැලසුමක් කියා කිව්වා. ඒ වගේම ඉන්දියානු ‘රෝ’ ඔත්තු සේවය මගින් ක්‍රියාත්මක වන දෙයක් කියලත් කිව්වා. නමුත් ඒ සියල්ල ගල්  පැලෙන බොරු බව අද වෙනකොට කාටත් තේරුම් ගොස් තිබෙනවා.

ඒ අනුව අද වන විට ඒ කියපු දේවල් තියා කියපු කෙනෙක් වත් හොයාගන්න නෑ. නමුත් ඔවුන්‍ කළ ඒ  තකතීරු ප්‍රකාශ වීඩියෝ ගත වෙලා තියෙන බවත් ඔවුන් තේරුම් ගත යුතුයි."

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාමනායක මහතා; ‘කන්න හිතුණාම කබරයත් තලගොයා කර ගැනීමේ න්‍යාය’ තිරසාර දේශපාලනයක දී කිසිසේත්ම සාර්ථක නොවන බව දේශපාලන වාසි තකා අර්ථ විරහිතව කට මැත දොඩන්නවුන් අප්‍රමාදව තේරුම් ගත යුතු යැයි ද  කීය.

 

ඒ.ජී.රේණුකා

පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ නගරයේ කෙතරම් රහසිගතව සිදුවනවා ඇත්ද? දවසකට මේ ලොව එළිය දකින්නට පෙරුම් පුරමින් කුස තුළ මෝරා වැඩෙන කලලයන් කීයක් විනාශ කෙරෙනවා දැයි කිසිවෙකුත් නොදනී. එය පිළිබඳව වැඩි  අවධානයක් සෞඛ්‍ය අංශ හා  අධ්‍යාපනය අයිති බලධාරීන් විසින් යොමු කළ යුතුව ඇත. මන්ද එහි ඇති භයානක තත්ත්වය රටේ අනාගතයට දැඩි ලෙස බලපාන බැවිනි. අඩු වයස්  විවාහයන් පොළොන්නරුවේ පමණක් නොව මුළු ලංකාව පුරාම කිසියම් ප‍්‍රතිශතයකින් සිදුවෙයි. අප රටේ කාන්තා ජනගහනයෙන් සියයකින් තුනක් හෝ හතරක් එසේ අඩු වයස් ගැබ් ගැනීම් ලෙස වාර්තා වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. ගැබිනි ජනගහනය වසරකට දශ ලක්ෂයක් නම් 40,000ක් අඩු වයස් ගැබිනියන් නොවේද? මේ රජයේ වෛද්‍ය සායනවල ලියාපදිංචි සංඛ්‍යවයි.

දිනපතා පුවත්පත් හෝ ප‍්‍රවෘත්ති විකාශයන් දෙස අවධානය යොමු කිරීමේදී දිනකට එකක් හෝ අහවල් තැන බිළිඳු මළසිරුරක් නැතිනම් කලලයක් දමා ගිහින් තිබෙනවා යැයි අසන්නට නොලැබේද?

දිඹුලාගල ඈත ගම්පියසක අවුරුදු 13ක දරියක් ගැබිනියක වී ඒ පිළිබඳව මවට දැනගන්නට ලැබී පසුවදාම ඒ වැඬේ හරි කියලා ප‍්‍රතිචාර දක්වන්න තරම් නීති විරෝධී ගබ්සාව දැන් ප‍්‍රචලිතව තිබේ. එම දැරිය දැන් ගමෙන් පිටමන් කොට ඇත. දැරිය පිළිබඳව සොයා බැලීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටවත් හැකිවී නැත. පොළොන්නරුව දිස්ති‍්‍රක්කය පුරාම රහසිගතව සිදුකරන මෙම නීති විරෝධී ගබ්සාවන් පිළිබඳව අප කළ සූක්ෂම සොයා බැලීමකදී අනාවරණය වූයේ ඇතැම් පුද්ගලයින් නිවෙස්වලටම ගොස් කාටත් හොර රහසේ නිවෙසේදීම දැන් ඒ කටයුත්ත සිදුකරන බවයි. රුපියල් 3000ත් 10,000ත් අතර මුදලකට එවැන්නක් කරගත හැකි තැන්ද ඇත. තවත් සමහර නීති විරෝධී ගබ්සාවන් සිදු කරන්නවුන් කාන්තාව හෝටල් කාමරයකට ගෙන්වාගෙන එම කටයුත්ත සිදු කරති. මෙහිදී ගබ්සාවට අමතරව තබත් බොහෝ දේ සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. අරලගංවිල, මනම්පිටිය, දිඹුලාගල, මැදිරිගිරිය, ගිරිතලේ, බකමූණ, හිඟුරක්ගොඩ, පොළොන්නරුව යන නගරවල එවැනි වැඩවලට ප‍්‍රසිද්ධ පුද්ගලයෝ සිටිති.

”අපේ ළඟට මෙවැනි අය එනවා අඩුයි. නමුත් 2016වසරේ අතවරයක් නිසා අවුරුදු 12ක දැරියක් අම්මා කෙනෙක් වෙන්න හිටියා. ඇයගේ හා කුසේ දරු ගැබ ගැන බැලූ‍වාම ඉතාම අවදානම් තත්ත්වයක හිටියේ. මේ පිළිබඳව නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්ම පරීක්ෂා කර බලා මවගේ ජීවිතයට තිබුණු දැඩි අවදානම් සහගත තත්ත්වය නිසා ගබ්සාවකට ගියා. නීතිමය වශයෙන් එවැනි පිළිසරණක් තිබෙනවා. නමුත් එය තීන්දු කරන්නේ විශේෂඥ වෛද්‍යවරයායි. ජීවිත අවදානම පමණයි පදනම. නැතිනම් එවැන්නක් සිදු කරන්න නීතියෙන් තහනම්.”‍ දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මනෝරි වලිසුන්දර මහත්මිය පැවැසුවාය. කෙසේ වෙතත් නීති විරෝධී ගබ්සාවන් දිනකට ලංකාව පුරාම  දහස් ගණනින් සිදුවන්නේ නම් එය ඉතාම බරපතළ කාරණයකි. මන්ද එවැනි තත්ත්වයන්ට මුහුණපාන කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාව සහ සෞඛ්‍ය බරපතළ තර්ජනයකට ලක්වන අතර ඇය අනාගත ගැටළු රාශියකටද මුහුණ පාන බැවිනි.

”‍අවුරුදු 18අඩු කිසිම කෙනෙකුට විවාහ වෙන්න නීතියෙන් තහනම්. නමුත් අපි අඩු වයස් ගැබ් ගැනීම් ලෙස සලකන්නේ අවුරුදු 21ට අඩු අය. අවුරුදු 21ට අඩු ගැබ් ගැනීම් වළක්වන්න ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කරනවා. නමුත් අපේ සායනවල සැලකිය යුතු සංඛ්‍යාවක් ලියාපදිංචි වෙනවා. ගබ්සාව නීතියෙන් තහනම් කිසිම කෙනෙකුට කුසට කුමන ආකාරයෙන් දරු ගැබක් ආවත් විනාශ කරන්න අයිතියක් නෑ. ඒ වගේම හැකියාවකුත් නෑ. විශේෂඥ වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් පමණක් ඔහු යටතේ රජයේ රෝහලකදී විද්‍යාත්මක ක‍්‍රමවේද අනුව නිවැරදි හා නවීන උපකරණ භාවිත කරමින් ඖෂධ ලබාදෙමින් සිදුකරනවා. නමුත් හොර රහසේ නීති විරෝධීව සිදුකරන ගබ්සාවන් ගැන අපට තොරතුරු ලැබෙන්නේ නෑ. එහෙම වුණත් දිනපතාම වාගේ රෝහල්වලට ඇතුළත් වන අධික ලෙස රුධිරය වහනය වන, උණ වැනි රෝගී තත්ත්වයන් නිසා හෝ ඇතුළත්වන බහුතර ගැබිනි මවුවරුන් අර කියපු නීති විරෝධී ක‍්‍රමවලට ගබ්සා කරගැනීමට උත්සාහ ගත් අය. පසුව ඒ බව වෛද්‍යවරයාට හෙළිදරව් වෙනවා.”‍ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ළමා හා මාතෘ සෞඛ්‍ය භාරව කටයුතු කරන වෛද්‍ය සංජීව අමරසිංහ මහතා කියයි.

දිනපතාම පාහේ රෝහල්වලට අධික ලෙස රුධිරය වහනය වන හෝ වෙනත් රෝගී තත්ත්වයක් ලෙස හුවා දක්වමින් එවැනි කතුන් ඇතුළත්වන බව හෙතෙම සඳහන් කරයි. මෙහි ඇති බරපතලකම ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සංජීව අමරසිංහ මෙසේ ද පැවැසීය.

”‍ 2013 වසරේ දී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් එක් මාතෘ මරණයක් සිදුවුණා. නීත්‍යනුකූල නොවන ගබ්සාවක් සිදුකර අධික ලෙස රුධිරය වහනය වීමෙන්. නමුත් ඉන් මෙපිට අපට මාතෘ මරණ වාර්තා වෙන්නේ නෑ. ඊට හේතුව ඔවන් හැකි විගස රෝහල් ගත වීමයි. දිනපතාම එවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් රෝහල්ගත වෙනවා. මේ නීති විරෝධී ගබ්සාවන් සිදුකරන්නේ බොහෝ විට කිසිම සුදුසුකමක් නැති අය. එයාල යොදාගන්න උපකරණ හරිම අවදානම්. ඒ වගේම ගැබිනියට සෙප්ටික් ඇබෝෂන් නැතිනම් ගර්භයට විෂබීජ ඇතුළු වී සිදුවන ගබ්සාවන් සිදුවෙන්න ඉඩ කඩ වැඩියි. දෙවන කාරණය හා බරපතළම කාරණය තමයි මේ විදිහට නීති විරෝධීව සිදුකරගන්නා ගබ්සාවන් නිසා ඇතැම් විට සදාකාලික වඳ භාවයට පත් වීමට ඇති හැකියාවයි. අඩු වයස් ගැබිනියක් තව කල් තියෙනවා මේක නැති කරගමු කියලා හිතලා එවැනි දේකට යොමු වුණොත් ඇතැම් විට එයාට ආයෙ ජීවිත කාලෙටම දරුවන් නොමැති වෙන්න පුළුවන්.

ගබ්සාවේදී යොදා ගන්නා උපකරණ හා ඖෂධ නිසා ගර්භාෂය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළු‍වන්. ඒ වගේම අධික ලෙස රුධිරය වහනය වෙන්න පටන් ගන්නවා.”‍

වෛද්‍යවරයාගේ හෙළිදරව්ව අතිශය බරපතළය. අනාරක්ෂිත ලිංගික එක් වීමක් නිසා හෝ පෙම්වතා සමග කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යහන් ගතවන නව යොවුන් වියේ තරුණියන් වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් වෙයි. අනාගතය සම්පූර්ණ වශයෙන්ම බිල්ලට දීමට සිදුවන්නේ නම් ගැහැනියකට එල්ලවන සමාජීය බලපෑම කෙබඳුදැයි ඔවුන් අවබෝධ කරගත යුතුය. ”ඒ විතරක් නෙමෙයි ගබ්සාවන්ට පෙළඹෙන කාන්තාවන් බහුතරය මානසික අවපීඩනයන්ට ගොදුරු වීමේ ප‍්‍රවණතාවත් වැඩියි. මානසික රෝගී තත්ත්වයක් දක්වා එය වර්ධනය විය හැකියි.” ‍අප අසා ඇති අතීතයේත් කතුන්ට වැලඳෙන වැදූගේ සන්නිය එවැන්නක් දැයි සිතේ.

අතීතයේ කාන්තාවන් විවාහ වූයේ වයස අවුරුදු 12 සිටය. ඇතැම් විට වෛද්‍යවරයා හෙළි කරන මේ කරුණ එදාත් එසේම පවතින්නට ඇත. එබැවින් පොළොන්නරුවේ පමණක් නොව ලෝකයේ කොහේ හෝ ගබ්සාවෙන් අනිසි ප‍්‍රතිඵල අත්වන බව නම් නොරහසකි. එබැවින් ගබ්සාවට එරෙහිවීම පමණක් නොව නීති විරෝධීව රට පුරා සිදුවන ගබ්සාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එවැනි පුද්ගලයින් ඇතැම්විට කිසිදු සුදුසුකමක් නැති සෞඛ්‍ය අංශවල ඉතාම පහළ ස්ථරයක සේවය කළ අයෙකු විය හැකිය. නැතිනම් ආයුර්වේද වෛද්‍ය හෝ පාරම්පරික වෛද්‍ය හෝ කියා ලේබල් අලවා ගත්තවුන් විය හැකිය.  නීතිවිරෝධි සෞඛ්‍ය මධ්‍යස්ථාන වලදී හෝටල් කාමර තුළදී හෝ නිවෙස් වලටම පැමිණ ගබ්සාවන් සිදු කරන්නේ මෙබඳු පුද්ගලයන්ය. මොවුන් පිළිබඳ තොරතුරු නීතිය හමුවේ අනාවරණය වීම ඉතා අඩුය.

මොවුන් ගෙන් අහිංසක ගැබිනියන් බේරා ගැනීමට වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍යය. නැතිනම් ප්‍රජනන පද්ධතියේ රෝග වලින් පෙළෙන  හා මානසික අවපීඩනයෙන් පෙළෙන කාන්තා ජනගහනය දිනෙන් දින ඉහළ යනු ඇත. පොලීසිය හා සෞඛ්‍ය අංශ එක්ව ඒකාබද්ධ වැටලීම් හා සූක්ෂ්ම ලෙස එවැනි නීති විරෝධී පුද්ගලයන් අල්ලා ගැනීමට දැල් එලීම සිදුකළ යුතුය. මන්ද දැන් ගෙදර සිටින තම දියණිය හෝ පෙම්වතිය හෝ අනියම් බිරිඳ හෝ ගැබ් ගත් බව දැන් ගත් වහාම අදාළ පුද්ගලයෙක් නිවසටම ගෙන්වා ගෙන ? එළි වෙන විට ඒ වැඬේ හරි කියා කියන්නට තරම් යාන්ත‍්‍රණයක්  මේ වන විට ක්‍රියාත්මක වන බැවිනි.

පි‍්‍රයන්ත බණ්ඩාර 

මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා
 
කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට දුන්න තෑග්ගක් තමයි මේ විදියට පත්තු වුණේ. ඇත්තක් නම් මගේ වැරැද්දක් කියලා හිත හදා ගන්න පුළුවන්. ඒත් කිසිම පදනමක් නැති බොරු කතාවක් නිසා තමයි වෙච්ච දේ ගැන මට දුක. 
 
ෆේස්බුක් හරහා ඔබව නැති කරන මේ කාන්තාව කවුද? 
 
මම මේ ගෑනුු කෙනාව දැන ගත්තේ 2015දී. අනුජ් රණසිංහ කියන නිරූපණ ශිල්පියා එහෙම නැත්නම් නවක නළුවාගේ නිවසේ පැවැති කඨින පින්කමකදී. එතනට තරමක් නොගැළපෙන විදියට හැසිරුණ නිසා මම අනුජ් ගෙන් ඇහුවා ඒ කවුද කියලා. එතකොට අනුජ් කිව්වේ ජිම් එකේදි අඳුනගත්ත කෙනෙක් කියලා. එදා මම ඒ පින්කමට සහභාගි වුණේ මගේ කකු‍ලේ ආබාධයත් එක්ක. ඇවිදින්නත් අපහසුවෙන් හිටියේ. ඒක දැකලා එයා ඇවිත් මට කතා කළා. කොහොම හරි අන්තිමට මගේ කකු‍ලේ තෙලුත් ගාලා ඇය මාත් එක්ක එදා මිතුරු වුණා. 
 
ඒ මිතුරුකම කඨින පින්කමට සීමා වෙලා නෑ වගේ? 
 
ඔව්. අනුජ්ගේ යාළුවෙක් නිසා අනුජ්ගේ අනුමැතිය මත තමයි මම ඒ යාළුකම පැවැත්තුවේ. මම තනියෙන් යන ගමන් බිමන්වලට ඇයත් මාත් එක්ක ආවා. ඒ ඇගේ අනුජ්ගේ කැමැත්ත මත. මම සහභාගි වෙන හුඟාක් උත්සවවලට ඇය මගෙන් එන්නද කියලා අහලා මාත් එක්ක ආවා. පස්සේ තමයි මම දන්නේ ඇයට ආරාධනා නැති නිසා ඇය මාව ප්‍රයෝජනයට අරගෙන ඒවාට සහභාගි වෙලා දැන හැඳුනුම්කම් ඇති කර ගත්තා කියලා. 
 
ඇය රංගනයට නිරූපණයට සම්බන්ධයිද? 
 
නෑ. ඇයට අවශ්‍ය වුණේ එයට සම්බන්ධ වෙන්න. අපිව සූක්ෂ්මව පාවිච්චි කළේ ඒකට. 
 
අවුරුදු කීපයක් අනුජ් රණසිංහ සහ ඔබ අතර සමීප ඇසුරක් තිබුණා. ඔබ දෙදෙනා එකට ගමන් බිමන් ගියා. එකට මාධ්‍යයේ පෙනී සිටියා. ඔබ අනුජ්ට හොඳ ප්‍රසිද්ධියක්  ලබා දුන්නා. දෙන්නා එකතු වෙලා ව්‍යාපාරයක් පවා කළා. දැන් ඒ සම්බන්ධයටත් හෙණ වැදිලද?
 
ඔව්. ඔය අතර අනුජ් නවක නිළියක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තා. මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. පහුගිය දවසක මම සතියකට කැනඩාවට ගියා. අනුජ් තමයි මාව ගුවන්තොටු‍පොළට ඇරලුවෙත්. හැබැයි එදායින් පස්සේ තමයි එයා වෙනස් වුණේ. එයාගේ අලුත් සම්බන්ධයට මගේ යාළුකම බාධාවක් කියලා හිතලා එයාම මගෙන් ඈත්වෙන්න තනියෙන් තීරණය කරලා. වෙනසට හේතුව හොයලා බලනකොට තමයි මටත් ඒක ආරංචි වුණේ.  
 
ඔබ ඔය කියන්නේ අනුජ් ගහ උඩ නැගලා ඉනිමගට පයින් ගැහුවා කියලද?
 
ඇත්තටම ඔව්. ඒත් මට මගේ පාඩුවේ ඉන්න දුන්නා නම් මට හිත හදා ගන්න තිබුණා. ඒත් එයා අලුත් පෙම්වතියගෙන් ලකුණු දාගන්න කරන වැඩ නිසා මම අපහසුතාවට, ලැජ්ජාවට පත් වුණා. 
 
එතකොට වබේ අඩවිවල පළ වුණ පින්තූර? 
 
ඒකෙ සැබෑ පින්තූරය මගේ ළඟ තියෙනවා. ඒ පින්තූරයේ ඉන්නේ. රුමේෂ්, දිනේෂ් මම සහ අදාළ කාන්තාව. වෙන්නප්පුවේ තිබුණ මැච් එකක් බලන්න ඇවිත් තමයි ඒ පින්තූරය ගත්තේ. මමමයි ඒ තුන්දෙනාට එන්න කිව්වේ. ඔය වෙලාවේ ගත්ත පින්තූරයක් ඒක එඩිට් කරලා තමයි අර කාන්තාව මට මඩ ගහන්නේ.  
 
අර කාන්තාව ඔබේ මුහුණට තුවාල වුණු අතිශය පෞද්ගලික පින්තූර පවා ෆේස්බුක් ගිණුමට දාලා තිබුණා. 
 
ඔව්. ඇය මාත් එක්ක මිතුරුව ඉන්න කා‍ලේ මම මගේ අතිශය පෞද්ගලික පින්තූර ඇයට යැව්වා. ඒ ඇය මගේ මිතුරියක් කියලා හිතපු නිසා. දැන් ඇය ඒ පින්තූර වලින්ම මට මඩ ගහනවා. 
 
ගයාත්‍රිව චන්න ගෙදරින් එළවලා කියලාත් ප්‍රචාරයක් යනවා. දැන් ඔය ප්‍රශ්නෙ ගේ ඇතුළටත් රිංගලාද?
 
ඔව්. මේ හැමෝම උත්සාහ කළා මගේ ගේ ඇතුළෙත් ප්‍රශ්න ඇති කරන්න. ඒත් වාසනාවකට එහෙම කරන්න බැරි වුණා. තාමත් මම ඉන්නේ අපේ ගෙදර චන්න අයියයි දරුවො දෙන්නයි එක්ක. 
 
චන්න මේ ප්‍රශ්නය ගැන දන්නවද? 
 
එයා බොහොම වැදගත් විදියට ඉන්න කෙනෙක්. එයා ගොසිප් බලන්නේ නෑ. එයාට ඊට වඩා වැඩ තියෙනවා. තාමත් එයා මගෙන් මේ ගැන වචනයක්වත් ඇහුවේ නෑ. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් නිසා චන්න අයියා ඉන්නේ මස්කෙළියේ. දරුවන්ටයි මටයි නිවාඩුවට එන්නත් කිව්වා.  
 
ගයාත්‍රි විදෙස්ගත වෙන්නේ කවදාද? 
 
දරුවන්ගෙ අධ්‍යාපනය නිසානේ විදෙස්ගත වෙන්නේ. ඒකත් මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ මුල සිදුවෙයි. 
 
හිමේෂා සවන්ති රාජපක්ෂ

“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි ඔන්න ඔයා කැමති වුණත් නැතත් මම ඔයාට තෑගි එවනවා.....” 
එය ගල්කිස්ස නගරයේ ව්‍යාපාරික කාන්තාවකට මීට මාස දෙකකට පෙර ලැබුණු දුරකථන ඇමතුමකි. එම ඇමතුම ලැබුණේ විදේශයක සිට ඉංග්‍රීසියෙනි. ඇය සිතුවේ කවුරුන් හෝ තමන් විහිළුවකට ගෙන ඇති බවයි. එම ඇමතුම සම්බන්ධයෙන් ඇය වැඩිදුර නොසිතුවාය. 59 හැවිරිදි තමන්ට මොන මඟුල්ද? කියා හිත හදා ගත්තාය. එහෙත් ඇයට එසේ සිත හදාගෙන පාඩුවේ සිටීමට කිසිසේත් නොහැකි විය. එම දිනයට ආසන්නම දිනයක නැවතත් පෙර පරිදිම ඇයගේ ජංගම දුරකථනය වෙත පෙර කී විදේශීය දුරකථනයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ පුද්ගලයා පවසා සිටියේ “මම ඔයාට කැමතියි. ඔයා භාරගත්තත් නැතත් ඔයාට තෑගි පාර්සලයක් එව්වා. ඔයාට ශ්‍රී ලංකාවේ කෙනෙක් දුරකථන ඇමතුමක් දෙයි. තෑගි පාර්සලය ආවම ඒක රේගුවෙන් නිදහස් කරගන්න” යනුවෙනි. විනෝදකාමී දිවියකට ඇළුම් කළ ඇයගේ සිතෙහි විවිධාකාර හැඟීම් උත්පාදනය වීමට පටන් ගත්තේ එම ඇමතුමින් අනතුරුවය. මේ අතර තවත් දිනෙක විදේශීය මිතුරා කතා කොට මම ඔයාට තෑගි පාර්සලයක් එව්වා කියා නැවතත් ඇයට ඇමතුමක් ලැබුණි. එම ඇමතුම සනාථ කරමින් මෙරටේ පාර්සල් බෙදා හරින සමාගමක නියෝජිතයෙක් යැයි කියාගත් පුද්ගලයෙකු ඇයගේ දුරකථනයට ඇමතුමක් ලබාදී පැවැසුවේ ඇයගේ නමට විදේශයේ සිට පාර්සලයක් එවා ඇති බවත් එය රේගුවෙන් නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ තුනක් අවශ්‍ය බවයි. එය මෙම ගිණුම් අංකයට ඉක්මනින්ම බැර කරන ලෙසත් පවසා පෞද්ගලික බැංකු ආයතනයකට අයත් ගිණුම් අංකයක් ඇයට ලබා දී තිබිණි. අතමිට මුදල් යහමින් ගැවසෙන ඇයට තෑගි පාර්සල් සිහිනය මල්පල ගන්වාලීමේ ආශාවෙන් මත්ව වහාම ගොස් එම ලක්ෂ තුනේ මුදල තැන්පත් කළේ තවත් එක් වරක්වත් නොසිතාය. ඊට පසුදිනම නැවතත් ඇයගේ ජංගම දුරකථනයට පාර්සල් බෙදා හරින නියෝජිතයා යැයි කියාගත් පුද්ගලයා ඇමතුමක් ගෙන මිස් මාර වැඩේනේ මිස්ගෙ නමට ආපු පාර්සලය රේගුවේදී ස්කෑන් පරීක්ෂාවක් කළා. ඒකේ තිබෙන්නේ සල්ලි වගයක්නේ. ඒක නිසා රේගුවට වෙනමම ගාණක් ගෙවන්න ඕන ඒකට රුපියල් ලක්ෂ හතරක් ඉල්ලනවා. ඒකත් අර ගිණුමටම දාන්න එම කාන්තාවගේ සිතට දැනුණේ අහම්බෙන් පෙර පිනටදෝ වාසනාවක් තමන්ගේ හිස මත කඩා වැටී ඇති බවයි. එසේ සිතමින් මේ සම්බන්ධය රහසක් හැටියට තබා ගනිමින් එම ඇමතුමෙන් ඉල්ලා සිටි රුපියල් ලක්ෂ හතරද ගිණුමේ තැන්පත් කළාය.  
කාලයත් ක්‍රමයෙන් ගෙවී ගිය අතර පාර්සලය සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් එකී කාන්තාවට නොලැබිණි. පසුව ඉකුත් දිනයකදී නැවතත් පෙරකී පුද්ගලයාගේ ඇමතුමක් ඇය වෙත ලැබුණි.  
මිස්ට ආපු පාර්ස‍ලේ විශාල මුදලක් අඩංගු පාර්සලයක් නිසා එයාලා මිස්ව සැක කරනවා. මිස්ට විරුද්ධව එයාලා ක්‍රියා කරන්නත් පුළුවන්. මම ඒ වාර්තාව අරගෙන රේගු නිලධාරීන්ට දෙන්නම්. මිස් අර ගිණුමට රුපියල් ලක්ෂ තුනක් තැන්පත් කරන්නකෝ ඒක දීලා මම ෂේප් කරගන්නම්. 
කාන්තාවගේ මොළයට සැකයේ ඡායාවක් ඇතුළත් වූයේ එම මොහොතේදීය. තමන් කාගේ හෝ වංචාවකට හසුවී ඇති බවට සැක පහළ වී ක්‍රියාත්මක වූ ඇය බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය ‍පොලිස්පති වසන්ත වික්‍රමසිංහ වෙත ගොස් මෙම සිද්ධි දාමය පවසා පැමිණිලි කළාය. නියෝජ්‍ය ‍පොලිස්පති වරයා විසින් මෙම පැමිණිලි කාරියව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත එහි උප ‍පොලිස් පරීක්ෂක ශාන්ත ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ ‍පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළෝය.
ඒ අනුව වංචාකරු නීතියේ රැහැනට කොටු කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කොට පැමිණිලිකාර කාන්තාව සතුව ඇති ජංගම දුරකථන අංක සහ බැංකු ගත කළ ගිණුම් අංක ‍පොලීසිය භාරයට ගැණිනි.
සියලු කරුණු වාර්තා කොට අධිකරණය හමුවට ගොස් එම බැංකු ගිණුම් අත්හිටුවා අධිකරණ නියේජගයක් ගෙන එම බැංකු ගිණුම්හිමිකරුවන්ද සොයා ‍පොලීසිය හඹා ගියේය.
මෙහිදී රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට ගිණුම් දෙකක්ද මීගමුව ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකුගේ නමට ගිණුම් දෙකකද තොරතුරු ‍පොලීසියට ලැබි තිබිණි. මීට අමතරව දුරකථන අංක විශ්‍ලේෂණ වාර්තා අනුව එම දුරකථන අංක භාවිතා වී තිබුණේ මීගමුව ප්‍රදෙශය අවට බවටද සනාථ විය. ඒ අනුව අදාළ පුද්ගලයින් තිදෙනාවම ‍පොලීසියට ගෙන්වා ප්‍රශ්න කෙරුණි. එහිදී අනාවරණය වූයේ මෙම ජාවාරම කර ඇත්තෙ නයිජීරියන් ජාතිකයකු වූ 29 හැවිරිදි තරුණයෙකි.
රඹුක්කන පදිංචි තරුණයා මෙම නයිජීරියානුවා සමග මිතුරු වී ඇත්තේ මීගමුව මුහුදු වෙරළේදීය. හිතවත්කම කොච්චරද කීවොත් නයිජීරියානුවා මෙම මිතුරා සමග ඔහුගේ රඹුක්කන නිවසටද ගොස් දින දෙක තුන ගත කළේය. මෙසේ මිතුරුකමින් සිට පවසා ඇත්තේ තමන් රෙදි පිළි ව්‍යාපාරයක් කරන බවයි. තමන් විදේශිකයකු බැවින් තම මව් රටේ සිටින සහෝදරයා වෙතින් මුදල් ගෙන්වා ගැනීමට මෙරටේ ගිණුමක් තමන්ට ආරම්භ කිරීමට නොහැකි හෙයින් එය කරදෙන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබුණි. විදේශයෙන් මුදල් ගෙන්වා ගෙන තමන්ටද උදව් කිරීමට ‍පොරොන්දු වූ අතර සිය මිතුරාගේ යහපත් ගති පැවතුම්වලට වශී වූ හෙයින් තමන් එක ගිණුමක් නොව දෙකක්ම විවෘත කොට එහි පාස් ‍පොත සහ ඒ.ටී.එම්. කාඩ්ද මිතුරාට ලබා දුන් බව ඔහු කියා තිබුණි. එම බැංකු ගිණුම් අරම්භ කර  දින කිහිපයක් ගෙවී යාමෙන් අනතුරුව නයිජීරියානුවාගේ දුරකථනයද විසන්ධි වූ බව එම තරුණයා ‍පොලීසියට පැවැසීය.
මෙම ප්‍රකාශ සියල්ල ඔස්සේ විමර්ශනය කළ ‍පොලීසිය මෙහි සැකකාර නයිජීරියානුවා මීගමුව ප්‍රදේශයේ සැරිසරමින් මේ වන විටත් සිටින බවට තොරතුරු අනාවරණය කර මීගමුව ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ආනන්ද හේරත් දැනුවත් කොට ඔහුගේ සහයෝගයෙන් මීගමුවේ පදිංචි සිද්ධියට අදාළ ගිණුම් හිමිකරුවන් යොදවා සැකකාර නයිජීරියානු ජාතිකයා හෝටලයක සිට පිටතට පැමිණෙමින් සිටියදී අල්ලා ‍පොලීසියට භාර දී තිබිණි.
මෙම සැකකරු ඔකොන්කෝව් චිගෝෂියා ක්‍රිස්ටෝපර් නමැති 29 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ජාත්‍යන්තර ඇමතුම් පහසුකම් සහිත රෝමින් පහසුකම් යටතේ මෙරට සිටම මෙම නයිජීරියානුවා ජාවාරම කර ඇති බවය. අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබි ජංගම දුරකථන හයක් සිම් හයක් ලැප්ටොප් පරිගණක තුනක් අන්තර්ජාල සම්බන්ධතාවක් සහ ජංගම දුරකථන නැවත පණ ගන්වනයක් සහ මුදල් රුපියල් එක්ලක්ෂ තිස්දහසක් ‍පොලීසිය විසින් සොයාගෙන තිබිණ. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 දක්වා රක්ෂිත භාරයට පත් කර ඇත. මෙහිදී ‍පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබි තිබෙන්නේ එකක් බවත් මෙවැනි විදේශීය දුරකථන අංක උපයෝගි කර ගනිමින් තෑගි ලබා දෙන බව පවසා ගිණුම් අංක වෙත මුදල් බැර කර ගත් බවට හසු වූ පුද්ගලයින් වෙතොත් වහාම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කරන ලෙසය. මෙවැනි ජාවාරම්කරුවන් රෙදිපිළි වෙළෙඳාම කරන මුවාවෙන් ජනතාව රවටා මුදල් ජාවාරම් කරන අතර දෙහිවල, ගල්කිස්ස, මීගමුව වැනි ප්‍රදේශයන්හි මොවුන් සැරිසරණ බවත් ‍පොලීසිය පවසන්නේය.
මුහුණු ‍පොතෙන් හෝ මහමගදී අහම්බෙන් හමුවී හිතවත්කම් ගොඩනගා ගන්නා පුද්ගලයින්ගේ ජාවාරම්වලට ගොදුරු නොවන ලෙසත් ‍පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
අයිරංගි එදිරිසිංහ

ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති බවත් එසේ හැකියාවත් තිබේ නම් භික්ෂුන් වහන්සේලා වශයෙන් තමන් ජනතාවට නොමිලේම එම කටයුත්ත සිදු කර දෙන බවත් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ අවධාරණය කරති.

උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන ලද්දේ පසුගිය ජූලි 27 බ්‍රහස්පතින්දා ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය වූ 'යථාරූප' සජීවී සංවාද මණ්ඩපය සඳහා නරඹන්නෙකු දුරකථනයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 1000කට 1200කට පසුව ලියවුණු 'දිව්‍යාවදානය' නම් කෘතියෙහි ආනන්ද හිමියන් සැඩොල් ස්ත්‍රීයක සහ බුදුන් වහන්සේ සම්බන්ධ පුවතක් දැක්වෙතත් එය කිසිසේත් බුද්ධ භාෂිතයක් හෝ ත්‍රිපිටක ධර්මයක් නොවන බව අනාවරණය කළ උන් වහන්සේ බුදුන්ගේ භාෂාව පාලි භාෂාව බවත් වේදයේ භාෂාව සංස්කෘත බවත් ජලනන්දන පිරිතෙහි සංස්කෘත වචන ගැබ්ව තිබීමෙන්ද එය බුදු දහම හා කිසිදු සම්බන්ධයක් නොමැති හින්දු මහායාන අදහස් වලින් යුතු කතා පුවතක් බව මනාව ඒත්තු ගැන්වෙන බවද ප්‍රකාශ කළහ.

විඩියෝ දර්නය මෙතනින්..

නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ නියමයන් පිළිගෙන එහි අනසකට නතුවන තවත් පිරිසක්ද අපරටේ වෙසෙති.ඒ මෙරට වෙසෙන එකම ආදීවාසී ජනකොටස වන වැදි ජනතාවය.
අධික රස්නය හා වියළි කාළගුණික තත්ත්වය ඉවසා ගැනීමට නොහැකිව ඉන් අත්මිදීම සඳහා දිඹුලාගල දළුකාන ආදිවාසී ගම්මානයේ දරුවන් ඇතුළු පවුල් කිහිපයක් පසුගිය 26 වනදා සවස සිට දිඹුලාගල කන්දේ ගස් හා ගල්ගුහා යටට විත් දිවි ගත කිරීමේ පුවතක් වාර්තාවේ.


තමන්ට කිසිදු ආර්ථික ශක්තියක් නොමැති කමින් ආහාරයට යමක් දිඹුලාගල කන්දෙන් සොයා ගැනීමත්, පවතින අධික රස්නයෙන් බේරීමත්, දිඹුලාගල කන්දේ වනපෙත තුළ ගස් ගල් යටට වී දිවිගෙවමින් වර්ෂාව පතා පූජාවක් පැවත්වීමත් මෙම ගමනේ අරමුණ බව ආදිවාසී ජනයා පවසති.
මෙලෙ‍ස තම දිවිය ගෙවීමේ අරමුණින් දළුකාන ආදිවාසී නායක හන්දාගේ සමරසිංහ ඇත්තෝ, හන්දාගේ සුදු බණ්ඩා, ‍රෝසප්පුගේ හීන්බණ්ඩා යන ආදිවාසීන් ද ඔවුන්ගේ දරුවන් ඇතුළු පවුල් 15 ක් පමණ දිඹුලාගල කන්දට ගොස් ඇත.

අප සමඟ අදහස් දැක්වූ දළුකාන ආදීවාසි ගම්මානයේ 58 වියැති කේ. ලිසි නෝනා මහත්මිය මෙසේ කීවාය.
“අපිට අවුරුද්දකින් විතර වැස්සක් නැහැ. බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. ඇග රත්වුණු කබලක් වගේ; දරුවෝ දවාලට අඩනවා; රස්නෙයි ගෙවල්වල ඉන්න බැහැ කියලා.


ඉතින් අපේ දෙමව්පියොත් එදා හිටියේ දිඹුලාගල කන්දේ ගල්ගුහා යට, ගස්ගල් යට, දැන් අපිත් දරුවෝ එක්ක ආවා දිවුල් ගෙඩියක්වත් කාලා පරණ ජීවිතේම ගත කරන්න. අපි වැසි ලැබෙන්න කියලා ශාන්තිකර්මයක් කරනවා. අපිට වැස්සක් ලැබෙන තුරු මේ දරු පැටව් එක්ක දිඹුලාගල කන්දත්, දළුකාන වැවත් ළඟ ජීවත් වෙනවා. දඩයමක් කරගෙන, කටු අලයක් හාරලා, මීයක් කඩලා, ජීවත්වෙන්නයි අපේ කල්පනාව. අපිට අපේ ගෙවල්වල ඉන්න බැහැ. රස්නෙ වැඩි නිසා තමයි අපි දිඹුලාගල කන්දේ ගස් යට ජීවිත ගත කරන්න ආවේ.” යැයි පැවසීය.


කෙසේ හෝ දැනට එළැඹී ඇති නියං සමය මුල්කොට ඔවුන්ට තව කොපමණ කලක් දිඹුලාගල කන්දට වී වනගත දිවියක් ගත කිරීමට සිදුවේ දැයි අපි නොදනිමු.

මනම්පිටිය - නිමල් ජයරත්න

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3877

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3624

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6706

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4128

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2567

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3370

Please publish modules in offcanvas position.

Web Analytics