Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මේ දිනවල අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන්නේ පෞද්ගලික මට්ටමින් ගොඩ නඟමින් පවතින උසස් අධ්‍යාපන ආයතන සදහා විශ්ව විද්‍යාල සිසුන් බොහොමයක ගෙන් එල්ලවන චෝදනාය. මේ නිසාම පෞද්ගලික මට්ටමින් ඉදිවන උසස් අධ්‍යාපන ආයතන 'උපාධි කඩ' නමින් ද ඔවුන් හදුන්වා තිබේ. උපාධි කඩය යනු මුදල් ගෙවා උපාධියක් ලබා ගත හැකි ස්ථානයක් ලෙස අරුත් ගැන්වීමට එයට 'කඩය' යන වචනය භාවිත කර ඇති බව පෙනේ.

නමුත් ලෝකයේ සම්මත ක්‍රමයට අනුව වෛද්‍ය විද්‍යාල හැඳින්වෙන්නේ මෙඩිකල් කොලේජ් ලෙස නොව මෙඩිකල් ස්කූල් නමිනි. ලෝකයේ ප්‍රමුඛතම වෛද්‍ය විද්‍යාල නාමාවලියේ දැක්වෙන්නේ ද මෙඩිකල් ස්කූල්ස් ලෙස මිස මෙඩිකල් කොලේජර්ස් ලෙස නොවේ.

විශ්ව කෝෂයට අනුව ස්කූල්, නැතහොත් පාසල අරුත් ගන්වා තිබෙන්නේ යම් දැනුමක් ලබා ගැනීම සදහා හෝ යම් නිර්මාණ ඥානයක් ලබා ගැනීම සදහා යොදා ගත හැකි ඉඩකඩක් නැතහොත් පරිසරයක් ලෙසය. එහි ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ ඉගෙන ගන්නා සිසුන් සමූහයක් සිටිති. පාසලක් යනු එවැනි ස්ථානයක් නම් වෛද්‍ය විද්‍යාලයක් වුව ද පාසලක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැත. නමුත් අපට හැඟෙන පරිදි පාසලක් ලෙස අප හදුන්වන්නේ නිල ඇඳුමක් ඇඳ පොත් බෑගයක් කරේ දමාගෙන ගොස් කාල ඡේදවලට අනුව විෂයන් කීපයක් ඉගෙන ගන්නා තැනක් ලෙස ය.

කියු එස් සමීක්ෂණ වාර්තාවට අනුව 2015 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල නාමාවලියට අනුව ලොව හොඳම වෛද්‍ය පාසල ලෙස නම් කර තිබෙන්නේ ඇමෙරිකාවේ හාවඩ් වෛද්‍ය පාසලයි. දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පාසලයි. තුන් වැනි ස්ථානය එක්සත් රාජධානියේ ම කේම්බ්‍රිජ් වෛද්‍ය පාසලට ලැබී තිබේ. මෙම වර්ගීකරණය 2016 සහ 2017 වසරවල පවා වෙනස් වී නැත. එනම් 2017 වසරේ ද හොඳම වෛද්‍ය පාසල් නාමාවලියේ ඉහලින්ම වැජඹෙන්නේ ඉහත කී වෛද්‍ය පාසල්ම ය.

2017 වසරේ ලොව හොඳම විශ්ව විද්‍යාල අතරින් ලංකාවේ විශ්ව විද්‍යාලවලට ලැබෙන්නේ එතරම් ඉහළ  ස්ථානයක් නොවේ. ලෝක වර්ගීකරණයට අනුව ලොව විශ්ව විද්‍යාල අතර 2092 වෙනි ස්ථානය ලබා තිබෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයයි. 2361 වැනි ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත් 2515 වැනි ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයටත් 2815 වැනි ස්ථානය කැලණිය විශ්ව විද්‍යාලයටත් ලැබී තිබේ. මෙම ස්ථාන සමස්ත විශ්ව විද්‍යාලයේම අධ්‍යාපන තත්වය මත මිස වෛද්‍ය අධ්‍යාපනය මත පමණක් ලැබුණු ස්ථාන නොවන බව කිව යුතුම ය.

මුදලට උපාධිය ලබා ගත හැකි අධ්‍යාපන ආයතන උපාධි කඩ ලෙස හදුන්වන මෙවැනි කාලයක අපේ රටේ වෛද්‍ය විද්‍යාල වෛද්‍ය පාසල් ලෙස නම් කිරීමට යෝජනා කළ හොත් කුමන තත්වයක් උදාවේ ද යන්න සිතා ගත හැකි නොවන බව සදහන් කළ යුතු ය.

දුලංජලී මුතුවාඩිගේ

පසුගිය දිනක ගොතටුව ප්‍රදේශයේ තරුණ පිරිසක් විනෝද ගමනක් යන අතරේ කිතුල්ගල ප්‍රදේශයේ කැලණි ගඟට ආසන්නයේ පිහිටි වන ලැහැබක් අද්දර වාහනය මඳකට නතර කළහ.

ඒ ගමනේ මඳ විරාමයක දී කා බී විනෝදමත් වීම සඳහාය. ඔවුන්ගේ මෙම කටයුතු නිමා වන විට රාත්‍රී අඳුරද වැටී තිබුණි. ඒ පිරිසේ ඇතැමෙකු කැලණි ගඟට බැස දිය නාන්නටත්, දියකෙලියේ යෙදෙන්නටත් වූ නිසාය.

මෙසේ දිය නා ගොඩට පැමිණි එක් තරුණයෙක් එක්වරම මහත් සේ බියටපත්ව හති හළමින් වාහනය දෙසට දිව ආවේය.

“මචං අතන හොල්මනක්; සුදු ඇදගත්තු ගෑණු කෙනෙක් ‍මේ පැත්තට එනවා.”

කාත් කවුරුවත් නොමැති කැලණි ගං ඉවුරේ පාළු ඉසව්වකින් මතුවූ ඒ රුව සැබෑ කාන්තාවකගේ යැයි ඔවුන් කිසිවෙකුටත් නොසිතුණි.

“මචං අපි මෙතනින් ඉක්මනින්ම යං; ඔය මෝහිනීගේ අවතාරෙද දන්නේ නෑ.”

එලෙස කතිකා කර ගත්හ.

එහෙත් ඉන්පසුව තවත් කිහිප දෙනෙකුගේ මුණු මුණුවක් එදෙසින් ඇසෙන්නට වූ බැවින් එම මිතුරු පිරිස එදෙසට අවධානය යොමු කළහ. කැමරා උපකරණ අතින් ගත් කිහිප දෙනෙකු, තරුණයෙකු සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු එම පිරිස අතරේ සිටින බව මෙම තරුණ පිරිසට දැක ගත හැකි විය. එම ආගන්තුක පිරිසේ අත්වල විදුලි පන්දම් ඇති බවද පසුව තරුණයන්ට දැක ගත හැකි විණි.

“ඔයාලා කවුද? මොකද මෙහෙකරන්නේ?”

කුතුහලය දරා ගත නොහැකි එම පිරිසේ සිටි තරුණයෙක් ඇසීය.

“අපි‍ මේ ෆ්‍රී ෂූට් එකකට ආවා; අපි නතර වෙලා ඉන්නේ අතන හෝටලේ”

කැලණි ගඟ අද්දර ඇති සංචාරක හෝටලයක් පෙන්වමින් කැමරාවක් අතින් ගත් අයෙක් කිය.

ෆ්‍රී ෂූට් යනු විවාහ මංගල්‍යයකට පෙර එම යුවල විවිධ ස්ථාන වල තබා ඡායාරූප ගැනීමේ නවීනතම සම්ප්‍රදායකි. එසේ ගනු ලබන ඡායාරූප සහිත ඇල්බමය බොහෝවිට විවාහයට පෙරම එම මනාල යුවල අතට පත්කෙරේ. මෙම ඡායාරූප අලුත් අලුත් ක්‍රම අනුව ගැනීමද බහුලව සිදුකෙරේ.

“ඉතින් මේ කලුවරේ කොහොමද ෆොටෝ ගන්නේ?”

එම පිරිසේ සිටි තරුණයෙක් ඇසීය.

“අපි එක එක විදිහට ෆොටෝ ගන්නවා; ඒ හින්දා අපි දැන් මේ තියෙන කළුවරත් එක්ක කපල් එක තියලා ගගේ එළියෙන් ෂූට් කළා. වැඩේ නියමයි. ඒත් මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නෙ”

 ඡායාරූප ශිල්පියා ඇසීය.

“අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට මේ වැඩෙන් එක හොඳක් වුණා.”

එක් තරුණයෙක් කීය.

“ඒ මොකක්ද?"

 විවාහ අපේක්ෂිත තරුණයා යැයි සැලකිය හැකි තැනැත්තා ඇසීය.

එවිට ඉන් එක් තරුණයෙක් වහා ඉදිරිපත් විය.

“අපි මේක ෆ්‍රී ෂූට් එකක් කියලා නොදැන; මෙයාට මෝහිනී කියලා රැවටුණා නේ. හැබැයි මීට පස්සෙ ඇත්ත මෝහිනී දැක්කත් අපි හිතන්නේ ෆ්‍රී ෂූට් එකක් කියලා.”
 

දමයන්ති ගමගේ

 

හෘද රෝග වෛද්‍යවරුන් හමුවට එන රෝගීහු පිරිස් හතරකි. ඒ හෘද රෝග ලක්ෂණ සහිත රෝගීන්, හෘදයාබාධයක් බව රෝග විනිශ්චය වූ පසු ඖෂධ භාවිතා කරන රෝගීන්, එසේ ඖෂධ භාවිතා කරන අතරේ සැත්කම් සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන රෝගීන් සහ හෘද සැත්කම් වලට බඳුන් වූ රෝගීන් වශයෙනි.

ඒ රෝගීන් අතරින් පුරුෂ පාර්ශවයෙන් වෛද්‍යවරුන් වෙත යොමු වන පොදු ප්‍රශ්න කිහිපයක් ඇත. ඒ අතරින් එකක් වනුයේ හෘද රෝග වලින් පෙළෙන්නවුන් හා හෘද සැත්කම් වලට භාජනය වන්නවුන් ගේ ලිංගික ජීවිතය කෙබඳු විය යුතුද යන්නය.

කෙසේ හෝ කිසිදු හෘද රෝගයක් මුල්කොට ලිංගික තහංචියක් පැනවීමට වෛද්‍යවරයෙකුට අවශ්‍ය නොවන අතර ඒ සඳහා හැකියාවක් ද ඔවුන් සතුව නැත. ඒ ලිංගිකත්වය යනු හුදෙක් මිනිසුන් තුළ පවත්නා ස්වභාවික ආවේගයක් බැවිනි. එහෙයින් වෛද්‍යවරුන්ට කළ හැක්කේ අවශ්‍ය පරිදි ඒ සඳහා යම් යම් උපදෙස් ලබා දීම පමණි.

පසුගිය දිනයක මා හමුවට පැමිණි මැදිවියේ රෝගියෙකු  කියා සිටියේ හෘද රෝග සඳහා ඖෂධ භාවිතා කිරීමෙන් පසු තමන්ගේ පුරුෂ ශක්තියෙහි යම් අඩුපාඩුවක් දැනෙන බවය. එම ඖෂධ මගින් එවැන්නක් සිදුවිය හැකි ද යන්න ඔහු මා වෙත යොමු කළ පැනයයි.හෘද රෝග සඳහා ගනු ලබන ඇතැම් ඖෂධ වල ඇති රසායනික ක්‍රියාකාරීත්වයෙහි අතුරුපලයක් ලෙස ඇතැමෙකු තුළ ලිංගික බෙලහීනත්වයක් ඇති විය හැකි බව පැහැදිලි කළ මම ඒ සඳහා කළ හැකි පිළියම් ඇති බවද පෙන්වා දුනිමි.

“එහෙම නම් 'ඩොක්ට' අලුකෙසෙල් වගේ දේවල් කන්න හොඳම නැතුව ඇති නේද? ඒකෙන් මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන් නේද?”

ඔහු ම’වෙතින් පෙරලා ප්‍රශ්න කළේය.

“ඔය පවතින තත්ත්වයයි අලුකෙසෙලුයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?”

මම ඔහුගෙන් ඇසුවෙමි.

“ඇයි ඩොක්’ට එහෙම අහන්නේ? අලුකෙසෙල් කෑවම පුරුෂ ශක්තිය අඩුවෙනවා කියන එක කවුරුත් දන්න දෙයක්නේ. එහෙම නම් ඇයි හිර කාරයෝ වගේ අයට හැමදාම වගේ අලුකෙසෙල් දෙන්නේ?”

ඔහු අසා සිටියේ මා විස්මයට පත්කරවමිනි.

කෙසේ හෝ ඔහුගේ මේ ප්‍රකාශය මගේ සිත තුළ ද කිසියම් කුතුහලයක් දැන වූ බැවින් මම බන්ධනාගාර රැඳවියන්ට ආහාර වශයෙන් වලදී වැඩිපුර අලුකෙසෙල් ව්‍යංජනය දෙන පුවත සත්‍යයක් දැයි මගේ මිතුරු බන්ධනාගාර අධිකාරීවරයෙකු ගෙන් අසා සිටියෙමි.

“අපේ නුවර පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ බොහොම සාර්ථක එළවලු වගාවක් කෙරෙනවා. ඒක මහවැලි නිම්නය ආශ්‍රිතව තියෙන නිසා අලුකෙසෙල් වගේ දේවල් වලින් සරු පළදාවක් ලැබෙනවා. ඒ කාරණය හැරුණු කොට බන්ධනාගාර රැඳවියන්ට දෙන ආහාර වේල සම්මත ප්‍රමිතියකට අනුව ලබා දෙනවා මිසක් ඔයවගේ වෙනත් අරමුණු ඉලක්ක කරගෙන දෙන්නේ නැහැ.” හෙතෙම කීය.

අලුකෙසෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය  හීන වන බවට අපගේ ජන සමාජය තුළ පවතින මෙම විශ්වාසය කොතරම් ප්‍රබලද යත් අපගේ ඇතැම් ප්‍රදේශවල භික්ෂූන් වහන්සේ සඳහා පිරිනමන දාන මාන වලදී විශේෂ අලුකෙසෙල් ව්‍යංජනයක් සකස් කරන බවට තොරතුරු තිබේ.

එමගින් අපගේ පැරණි බෞද්ධ සමාජය භික්ෂූන් වහන්සේලා තුළ ඇති 'කෙලෙස් ප්‍රහීන කරවීම' පිණිස පවා මෙම අලුකෙසෙල් ව්‍යංජනය යොදා ගැනීමට දැරූ උත්සාහය අපූරුය.

අප ගන්නා ඇතැම් ආහාර වල ඇති රසායනික සංඝටක වල යම්  ඖෂධීය ගුණයක් ඇති බව සත්‍යයකි. එහෙත් ආහාරය මෙන්ම ඇතැම් ඖෂධ මුඛ මාර්ගයෙන් ගනු ලැබුවද ඖෂධයකින් ලැබෙන තීරණාත්මක හා ප්‍රබල බලපෑම ආහාරයකින් සිරුරට ඇති නොවේ.

නිදසුනක් ලෙස පිළිකා රෝගය මැඩලීමට උපකාරීවන Nitrilosides (B17) විටමීනය මඤ්ඤොක්කා තුළ තිබෙන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. එහෙත් පිළිකා සඳහා වන ඖෂධයක් වශයෙන් ම‍ඤ්ඤොක්කා ආහාරයට ගන්නේ නම් එක් වේලක් සඳහා ගත යුතු මඤ්ඤොක්කා ප්‍රමාණය ඇතැම් විට කිලෝ සිය ගණනක් විය යුතුය. නමුත් ඖෂධය යනු එම සංඝටකයන් සුදුසු මාත්‍රාවකට සකස් කිරීමෙන් කෘත්‍රිමව නිශ්පාදනය කරන්නකි. ඖෂධය තුළ ආහාරයට වඩා ප්‍රබල ක්‍රියාකාරී ශක්තියක් ඇත්තේ එබැවිනි.

කෙසේ හෝ මෙම අලුකෙසෙල් සහ පුරුෂ ලිංගික බෙලහීනත්වය පිළිබඳ කිනම් හෝ විද්‍යාත්මක පසුබිමක් තිබේ දැයි සොයා බැලීමට මම තීරණය කළෙමි.

අලුකෙසෙල් ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Ash plantain යනුවෙනි. මෙය  ඇතැම් රටවල Raw Banana යනුවෙන්ද හැදින්වෙයි. නමුත්  අලුකෙසෙල් හැඳින්වීම සඳහා වෙනම උද්භිදවිද්‍යාත්මක නාමයක් නැත. ඒ සඳහා ඇත්තේ සාමාන්‍ය කෙසෙල් හඳුන්වන Musa acuminata යන නම පමණි. අලුකෙසෙල් යනු එහිම උප විශේෂයකි.නමුදු ලෝකයේ මෙතෙක් කරනු ලැබූ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් අලුකෙසෙල් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය හීන වන බව සනාථ වී නොමැත. එමෙන්ම ආහාරයක් මගින් එවැන්නක් සිදු කළ හැකිය යන්න සිතීමද විද්‍යාත්මක නොවේ. පුරුෂ ශක්තිය වඩවන බව පැවසෙන වැල්පෙනෙල, දූරියන් ආදීය පිළිබඳව කිව හැක්කේද එය මය. ඒ අනුව මෙය සමාජය පුරා පැතිර ගත් මිථ්‍යා මතයක් බව පැවසිය යුතුය.

‘කඟවේනා’ යනු ජව බලය සංකේතනය කරන තනි අඟකින් යුත් කල්පිත සත්වයෙකි. කඟවේනාට සමාන සත්ව ලෝකයේ වෙසෙන සාමාජිකයා වනුයේ තනි අඟකින් යුත් ‘රයිනෝසිරස්’ ය.  මෙම සත්වයාගේ අඟ ශක්තිමත් පුරුෂ ලිංගේන්ද්‍රියට සංකේතනය කිරීම මත රයිනෝසිරස් අඟ කුඩු කර තැනූ ආලේප ගෑමෙන් පුරුෂ ශක්තිය වැඩිවන බවට ලොව පුරා මිථ්‍යා මතයක් පැතිර ගොස් තිබේ. මෙය කොතරම් ප්‍රබල ලෙස පැතිර ගොස් තිබේද යත් එමගින් ස්වභාදම් මවගේ කදිම තිළිණයක් වන රයිනෝසිරස් සත්වයන් මිහිතලයෙන් වඳවී‍යාමේ අවදානමක් ද පැනනැගී තිබේ. ඒ අනුව ලොව ඇතැම් රටවල රයිනෝසිරස් පැටවුන්ගේ අඟ කපා දැමීමෙන් උන්ගේ මතු පැවැත්ම තහවුරු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.
මෙම අලුකෙසෙල් පිළිබඳ මිථ්‍යාවද එවැන්නකි. දිනපතා අලුකෙසෙල් කොපමණ ප්‍රමාණයක් ආහාර ගත්තද එය පුරුෂ ශක්තිය හීන කිරීමට අංශු මාත්‍රිකව හෝ බල නොපාන බව ඒකාන්ත වශයෙන්ම කිවයුතුව තිබේ.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, රත්මලාන

කාන්තාවන් සහ පිරිමින් ගැවසෙන ස්ථාන වල මෝටර් සයිකල් වලින් ගමන් ගන්නා පොලිස් නිලධාරිනියන්ය. ඔවුන්ගේ විමසුම් ඇස යොමුව ඇත්තේ එකම එක කරුණක් සම්බන්ධයෙන් පමණි එනම් ‘පිරිමින් ගෙන් කාන්තාවන්ට සිදුවන නොයෙකුත් අතවර’ සම්බ න්ධයෙනි.

එවැනි අවස්ථා වල වහා ඉදිරිපත් වී ‍හොඳින් බැරිනම් අතින් පයින් වුව ඒ සල්ලාල පිරිමින් මෙල්ල කර ගැනීමේ අපූරු හැකියාවක් ඔවුන් තුළ තිබේ.

මේ අප කියනුයේ ඉන්දියාවේ චිත්‍රපටියක ජවනිකා පෙළක් නොවේ. දැනට එහි දක්නට ඇති සැබෑම තත්ත්වයකි.

ඉන්දියාව මෙම කලාපයේ රටවල් අතර කාන්තාවන්ට එරෙහි අපරාධ වැඩියෙන්ම සිදුවන රටකි. සාමාන්‍යයෙන් එහි වසරකට ලිංගික අපරාධ 40,000 ක් පමණ වාර්තා වන බව සඳහන් වෙයි. නමුත් සැබෑ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව බොහෝ නිරීක්ෂකයින්ගේ විශ්වාසයයි. මෙවැනි රටවල  බොහෝ කාන්තාවන් තමන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් අදාළ අංශ වෙත පැමිණිලි කිරීමට ඉදිරිපත් නොකිරීම ඊට හේතුවයි.

කෙසේ හෝ වේවා දිනෙන් දින ඉහළ යමින්, විශාල සමාජ ගැටලුවක් බවට පත්වෙමින් ඇති මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්දියානු ආරක්ෂක අංශ විවිධ පියවර ගනිමින් සිටින බවද සඳහන් කළ යුතුය.

මෑතක සිට ඔවුන් ඇතැම් ප්‍රාන්තවල ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන ඇති,ස්ත්‍රී දූෂණ විමසා බැලෙනකාන්තා  නිලධාරිනියන්ගෙන් පමණක් සමන්විත වන විශේෂ ‍පොලිස් කණ්ඩායම් ඊට එක් උදාහරණයකි. විශේෂයෙන් වයඹ දිග ඉන්දියාවේ ජයිපූර් වැනි ප්‍රාන්තවල මෙම කාන්තා ‍පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වනු දැකිය හැකි වෙයි.

මේ ආකාරයේ කාන්තා ‍පොලිස් කණ්ඩායම් නිරන්තරයෙන් එහි බස් නැවතුම්පළවල්, උද්‍යාන, පාසල් ආදිය ආසන්නයේ සැරිසරමින් කාන්තාවන්ට පිරිමින්ගෙන් සිදුවන විවිධ ආකාරයේ හිරිහැර මැඩලීම සඳහා පෙරමුණ ගනිමින් සිටියි. සාමාන්‍ය විහිළු තහළු කිරීම්වල සිට විවිධ අඩන්තේට්ටම් කිරීම් සහ දූෂණය කිරීම් දක්වා අත්දැකීම්වලට මුහුණ දීමට එරට කාන්තාවන්ට නිතර දෙවේ‍ලේ සිදුවන අතර ඉහත කී කාන්තා ‍පොලිස් කණ්ඩායම් මේ සියලු ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිටින බව වාර්තා වෙයි. මේ නිසා මේ වනවිට කාන්තාවන්ට සිදුවන හිරිහැර බොහෝ දුරට අඩුවන තත්ත්වයක් දැකිය හැකි බවද සඳහන් වේ.
‘අපට සමාජය තුළට යැවීමට අවශ්‍ය පණිවුඩය වී ඇත්තේ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් අප කිසිදු බුරුලක් නොදක්වන බවයි.’ ජායිපූර්හි මෙම කාන්තා ‍පොලිස් කණ්ඩායමේ නායිකාවක වන කමාල් ෂේකාවත් පවසයි. මෙම කණ්ඩායම්වල නිලධාරිනියන්ට කරාටේ වැනි සටන් ක්‍රම සම්බන්ධයෙන්ද විශේෂ පුහුණුවක් ලබා දී අති බව වාර්තා වෙයි.

මෙම කලාපයේ බොහෝ රටවල මෙන්ම ඉන්දියාවේද ‍පොලීසිය තුළ විශාල ප්‍රතිශතයක් සිටින්නේ පිරිමි නිලධාරීන්ය. මේ නිසා කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී විවිධ අසාධාරණයන් සිදුවන බවට කාලයක සිටම කාන්තා ක්‍රියාකාරිනියන් ආදී පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටියි. මෙවැනි අතවර සම්බන්ධයෙන් අතවරයට ලක්වන කාන්තාවන්ටම වරද පැටවීම බොහෝ විට දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම මෙවැනි සිදුවීම් ගැන පැමිණිලි කිරීමට ගිය විට කාන්තාවන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රශ්න කිරීම ආදිය සම්බන්ධයෙන්ද නිතර චෝදනා එල්ල වෙයි. මෙම තත්ත්වය තුළ මෙකී කාන්තාවන්ට, අතවරවලට ලක්වීමට අමතරව ආරක්ෂක අංශ වෙතින්ද අපහසුතාවට පත්වීමට සිදුවන බව පෙනී යයි. කාන්තා නිලධාරිනියන්ගෙන් පමණක් සැදුම් ලත් ‍පොලිස් කණ්ඩායම් පිහිටුවීම නිසා දැන් කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙන්නට පටන් ගෙන ඇති බව පෙනේ.
මෙවැනි ‍පොලිස් කණ්ඩායම් දැන් නිතර දෙවේ‍ලේ ඉන්දියානු වීදිවල සැරිසරනු දකින්නට ලැබිමම කාන්තාවන් තුළ මහත් විශ්වාසයක් ඇති කරන්නට සමත්ව ඇත. තමුන්ට සිදුවන අතවර ගැන පිරිමි නිලධාරීන් වෙත පැමිණිලි කිරීමේදී ඇති වන අපහසුතා මේ නිසා මග හැරෙන බව කාන්තාවන් පවසන අතර වැඩි වැඩියෙන් ඔවුන් දැන් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පෙරට එමින් ඇති ආකාරයක් පෙනී යයි. කාන්තා නිලධාරිනියන්ට මෙම කාන්තාවන්ගේ අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කරගන්නට හැකි වීම මෙහිදී විශේෂ වැදගත්කමක් ගනියි. එමෙන්ම එවැනි අතවරවලට ලක්වන කාන්තාවන් දෙස වඩාත් සානුකම්පිත ලෙස බැලීමට කාන්තා නිලධාරිනියන්ට වැඩි හැකියාවක් තිබෙන බවද අමුතුවෙන් කිව යුතු නොවේ.

කාන්තාවන්ට සිදුවන අතවර ගැන විපරම් කරමින් වීදි සංචාරයේ යෙදෙන ‍පොලිස් නිලධාරිනියන් මහ මග හමුවන කාන්තාවන් වෙත යමින් ඔවුන් සමග කතා කරමින්, ඔවුන් තුළ වඩාත් විශ්වාසයක් ඇති කිරීමට කටයුතු කරන බවද සඳහන් වේ. ‘ඔබට යම් අතවරයක් සිදුවන්නේ නම් වහාම අපට දුරකථන ඇමතුමක් දෙන්න. එහෙම නැත්නම් ජංගම දුරකථනය හරහා අපට කෙටි පණිවුඩයක් එවන්නත් පුළුවන්. ඔබේ පණිවුඩය ලැබුණු සැනින් අප එම ස්ථානයට ළඟා වීමට පියවර ගන්නවා’ ආදී වශයෙන් කාන්තාවන් දැනුවත් කිරීමට මෙම කාන්තා ‍පොලිස් කණ්ඩායම්වල නිලධාරිනියෝ කටයුතු කරති. මෙසේ පැමිණිලි කිරීමේදී තමුන්ගේ අනන්‍යතාව හෙළි නොකර සිටීමට වුවද කාන්තාවන්ට අවසර ඇති බව ඔවුහු පවසති.

මෙම කාන්තා ‍පොලිස් කණ්ඩායම් නිසා තමුන්ට ලැබි ඇති සහනය ගැන සඳහන් කරමින් ජායිපූර් හි කාන්තාවක මෙසේ පවසා තිබිණි. ‘වරක් එක්තරා පිරිමියෙක් නිතර මා පසුපස එමින් කරදර කරන්න පටන් ගත්තා. මම මේ ගැන ‍පොලීිසියට පැමිණිලි කරන්න ලෑස්ති වුණාම මගේ සැමියා ඊට කැමති වුණේ නැහැ. මෙසේ පැමිණිලි කිරීම නිසා අනවශ්‍ය කරදර ඇති වනු ඇතැයි ඔහු බිය වුණා. නමුත් දැන් අපිට අපේ නම්ගම් සඳහන් නොකර වුණත් දුරකථනය හරහා පැමිණිලි කිරීමට හැකියාව ලැබි තිබෙන නිසා මේ වගේ කරදරකාරයින් හසු කර දීම ඉතා පහසු වී තිබෙනවා.’යයි  ඇය සඳහන් කරයි.

කාන්තා නිලධාරිනියන්ගෙන් පමණක් සමන්විත ‍පොලිස් කණ්ඩායම් මෙන්ම කාන්තාවන් පමණක් සේවය කරන ‍පොලිස් ස්ථානද ඉන්දියාව තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. උදාහරණයක් ලෙස හර්යානා වැනි ප්‍රාන්තවල එක් දිස්ත්‍රික්කයකට එක බැගින් මෙවැනි ‍පොලිස් ස්ථාන ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.

 

කිත්සිරි මල්වත්ත

දේවාරූඩයෙන් හෝ යක්ෂාරූඩයෙන් හාස්කම් පෑ හැකි  බවට අප ජන සමාජයේ පොදු විශ්වාසයක් පවතී.

සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි අසාමාන්‍ය ක්‍රියාවන් ඒ අතරට අයත්වෙයි. ලෙලි ගසන ලද පොල්ගෙඩියක් හිසෙහි ගසා දෙපලු කිරීම වැනි සාමාන්‍ය කෙනෙකුට සිතීමටවත් නොහැකි විස්මිත දේ දේවාරූඬයෙන් කෙරෙන බව පැවසෙන වී‍ඩියෝ දර්ශන අපි අන්තර්ජාලයෙන් කොතෙකුත් දැක ඇත්තෙමු.

ඒ අනුව මේ සම්බන්ධ නවීන විද්‍යාත්මක අර්තකථනයක් ලබා දිය නොහැකි දැයි අපි කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතාගෙන් විමසා සිටියෙමු.

මේ එවිට ඔහු අපට ලබා දුන් පිළිතුරයි,

ලෙලි ගසන ලද පොල් ගෙඩියක් ය‍මෙකුගේ හිසේ ගැසීමෙන් එය දෙපළු කළ නොහැකි බව සම්මුතියක් වශයෙන් පිළිගන්නා සත්‍යයක්. නමුත් එසේ සම්මුති වශයෙන් කළ නොහැකි බව පිළිගැනෙන ක්‍රියාවන් සිදු කළ හැකි සුවිශේෂ පුද්ගලයන් ද අප අ‍තරේ සිටිනවා. කොණ්ඩයේ ගැට ගසා දුම්රි‍ය එන්ජින් සහ මැදිරි ඇදීම, ශරීරය උඩින් ට්‍රැක්ටර් රථ ධාවනය කිරීම, දත්වල ශක්තියෙන් බර වාහන ඇදීම, එ‍වැනි ක්‍රියා කිහිපයක්. ඒ අනුව කායික මානසික ‍යෝග්‍යතාවයකින් සහ ඒ පිළිබඳ නිපුනත්වයකින් යුතු අයෙකුට පොල්ගෙඩියක් හිසේ ගසා එය දෙපළු කිරීමේ හැකියාවක් තිබිය හැකියි. ඒ අනුව එය සම්මතයෙන් බැහැර දෙයක් මිස අත්භූත වාදී දෙයක් නොවේ.

නමුත් එවැනි ක්‍රියා දේවබලයක් මුල්‍ කොට හෝ යක්ෂ බලයක් මුල්කොට සිදුවන බව පැවසීමෙන් ඒවා අසන දකින ජනතාවගේ සිත් තුළ ඇති වන්නේ එම ‍දේවබලය පිළිබඳ අද්භූත වාදී හැගීමක් මිස එය සිදුකරන්නාගේ දක්ෂතාවයක් පිළිබඳ හැගීමක් නොවේ. සැබැවින්ම එසේ සිදුකළ හැකි තැනැත්තා දක්ෂයෙකු බව අප අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා.

නමුත් එවැනි ක්‍රියා මුල්කොට එවැනි අත්භූත වාදී හැඟීම් සිතට පිවිසුවා ගන්නා තරමට  පුද්ගලයාගේ ප්‍රත්‍යක්ෂ විඥාණය අවප්‍රමාණ වෙනවා. ඒ අනුව ඒ ක්‍රියාව හාස්කමක් සේ සලකා එය සිදුකරන පුද්ගලයාට නතුවීම, අවනත වීම සාමාන්‍ය තත්ත්වයක්. මනෝවිද්‍යාවේ දී මේ තත්ත්වය හැඳින්වෙන්නේ ‘සිත වෙන අරමුණ යෙදීම  (Distraction)’ යනුවෙන්.

ඒ වගේම සැම විටකම නොවුණත් මෙවැනි ක්‍රියාවල යෙදෙන්නවුන් ඒ සඳහා සියුම් උපාය මාර්ගද යොදන අවස්ථා තිබෙනවා.

පොල්ගෙඩිය පහසුවෙන් දෙපළු වීමට අවශ්‍ය කටයුතු කලින් සූදානම් කර ගැනීම සිදුවෙනවා. එම උපාය මාර්ගික ක්‍රියා බොහෝ විට නරඹන්නාට හැ‍ඟෙන්නේ නැහැ. බලි‍තොවිල් ශාන්ති කර්ම වලදී මෙවැනි සියුම් උපක්‍රම බහුලව යෙදෙනවා.

එමෙන්ම මැජික් කරුවන් විසින් සිදුකරනු ලබන ඇතැම් ඇස් බැන්ඳුම්ද දේව හාස්කම් වශයෙන් ඉදිරිපත් කොට ජනතාව රවට්ටන අවස්ථා තිබෙනවා. ඒ අනුව ඒවා ඇස්බැන්දුම් ලෙසින්ම සමාජයට ඉදිරිපත් කිරීම පිළිබඳව මැජික් කරුවන්ට අප ස්තූති වන්ත විය යුතුයි.

 ඒ කෙසේ හෝ දේව හෝ යක්ෂ බලයකින් ආරූඬයකින් තොරව යමෙකුට කළ හැකි බව පැවසෙන අපහසු ක්‍රියාවන්, යක්ෂ‍ හෝ දේව බලයක් ලෙසින්  හඳුන්වා එලෙසින්ම සිදුකිරීම හාස්කමක් සේ තැකීම විද්‍යාවටත් පටහැනියි. විශේෂඥ මනෝ වෙද්‍යවරයා කීය.

දමයන්ති ගමගේ

අප රටේ සිදුවන වංචා, දූෂණ වලින් පොදු සමාජය හමුවේ අනාවරණය නොවන විශාල කොටසක් තිබේ. ඒ ගුප්ත ශාස්ත්‍රයන් ඔස්සේ සිදු කෙරෙන වංචා දූෂණයන්ය.

මෙගින් කෙරෙන ස්ත්‍රී දූෂණ අපචාර හැරුණු කොට වංචා දූෂණ වල ප්‍රමාණය කොතෙක්ද යත් එක් දිනයක් තුළ මෙසේ අසරණයන්ගෙන් පැහැරගනු ලබන මුදල ගණනය කළ හැක්කේ රුපියල් මිලියන ගණනිනි.

එම ගුප්ත ශාස්ත්‍ර වලින් වශී ගුරුකම් වලට සිදුවනුයේ ප්‍රධාන තැනකි.

කිසිසේත් ප්‍රායෝගික වශයෙන් සත්‍ය ඔප්පු කළ නොහැකි හුදෙක් අඥානයන් සහ අසරණුන්  මුලාවේ හෙළන මෙම වශී ගුරුකම් අද වන විට කොතරම් නවීකරණය වී තිබේද යත් ඊට වට්ස්ඇප් සහ වයිබර් ආදී නවීන සන්නිවේදන තාක්ෂණය එක් කර ගැනීමට මෙම ජාවාරම් කරුවෝ පසුබට නොවෙති.

මේ පසුගිය ජූලි 27දා ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වූ යාථාරූප සජීවී සංවාද මණ්ඩපයේදී ම,විසින් කරන ලද හෙළිදරව්වක කොටසකි.

විඩියෝ දර්ශන මෙතනින්...

තිලක් සේනාසිංහ 

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3979

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3722

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6791

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4197

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2619

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3426

Please publish modules in offcanvas position.

Web Analytics