Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ටී.වී. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්” මේ වන විට ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් බවට පත් වී හමාරය. එම චරිතයට පණ ‍පොවන රංගන ශිල්පිනිය වන්නේ හිමායා බණ්ඩාරය. දෙවෙනි ඉනිමේ ඇගේ භූමිකාව ගැන මෙන්ම, සිය රංගන දිවිය ගැනද තොරතුරු කියන්නට හිමායා මෙලෙස සංවාදයට එක්වූවාය.
 
හිමායා නිළියක් විදිහට වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්ගේ චරිතයෙන්. කොහොමද දැන් සොනාලි ටීචර්ට ලැබෙන ප්‍රතිචාර?
ලැබෙන ප්‍රතිචාර ගැන නම් හිතාගන්න බැහැ. මට හිතෙනවා සොනාලි ටීචර්ට අද අපේ රටේ වෙනම ටේ‍රන්ඩ් එකක් හදන්න පුළුවන් වුණා කියලා. ඒ වගේම ගුරුවරිය කියන භූමිකාව මිතුරියක් වගේ සමීප සම්බන්ධයක් බවට පත් කරන්නටත් අද වෙනකොට සොනාලි ටීචර්ට පුළුවන් වෙලා තියෙනවා.
 
හිමායාට සොනාලි ටීචර් වෙන්න අවස්ථාව උදා වුණේ කොහොමද?
මට මීට කලිනුත් දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂවරයා සමග වැඩි කරලා තියෙනවා. ඒත් සොනාලි ටීචර්ගේ චරිතයට තෝරා ගත්තේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සෙයි. ඒ සඳහා ඉදිරිපත් වුණ පහළොස් දෙනෙක් අතරින් මට දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් වෙන්න අවස්ථාව ලැබුණා. 
 
දඟකාර හිමායාට තැන්පත් සොනාලි ටීචර් වෙන්න ලැබිම අභියෝගයක් වුණාද?
ඇත්තටම ඒක අභියෝගක් වුණා තමයි. ඒත් දෙවෙනි ඉනිම කණ්ඩායමෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. මම සොනාලි වෙන්න කලින  ගුරුවරිය කියන භූමිකාව ගැන හොඳ අධ්‍යයනයක් කළා. මේ වෙද්දි මට ලැබෙන ප්‍රතිචාරවලින් මට හිතාගන්න පුළුවන් මට ඒ අභියෝගය හොඳින්ම ජයගත්තා කියලා.
 
එතකොට හිමායා කියන්නේ සැබෑ ජීවිතයේදීත් සොනාලි වගේ කෙනෙක්ද?
අ‍පොයි නැහැ. මම ඊට වඩා හාත්පසින්ම වෙනස්. මොකද හිමායා කියන්නේ දඟකාර වගේම හරියට ‍පොඩි ළමයෙක් වගේ කෙනෙක්. ඒත් සොනාලි කියන්නේ හරිම තැන්පත් පරමාදර්ශී චරිතයක්. නමුත් මට දැන් සැබෑ ජීවිතයේදීත් සොනාලිගේ  භූමිකාවෙන් මිදෙන්න අමාරුයි. ඒ නිසා මම ඇඳුම් තෝරා ගනිද්දි පවා සොනාලි ටීචර් කියන ප්‍රතිරූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.
 
ටෙලි නිර්මාණවලින් ජනප්‍රිය වුණාට පස්සේ හිමායට සිනමා රංගනය සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
මේ වෙනකොටත් මම සිනමාවට පිවිසිලා ඉවරයි. ඒ “සාම” කියන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයෙන්. බෞද්ධ චිත්‍රපටියකින් සිනමාවට ප්‍රධාන චරිතයකින් අවතීර්ණ වෙන්න ලැබිම මගේ වාසනාවක්. ඒත් ඒ චිත්‍රපටය නම් තවමත් ප්‍රමාදයි.
 
හිමායා මේ වෙන කොට ආදරවන්තියක් කීවොත් හරිද?
ඔව්. මම මගේ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් බොහෝම ඉස්සරහිනුයි ඉන්නේ. ඒ අතර සමහර තැන්වලදී හැම කට්ටියටම මුහුණ දෙන්න  වෙන අවස්ථා නැතුවම නොවෙයි. ඒත් ආදරවන්තියක් විදිහට මම හරිම වාසනාවන්තයි කියලා මට හිතෙනවා.
 
හිමායා බණ්ඩාරට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?
මට අප්පච්චි නැහැ. ඒ වගේම මගේ අම්මා අංශභාග රෝගියෙක්. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ නවක රංගන ශිල්පිනියන් පිටිපස්සෙන් ඇවිත් එයාලා එක්කම හිඳගෙන හරි මග කියලා දෙනවා. මට එහෙම නැහැ. නමුත් මගේ අම්මගේ නිහඬ ආශිර්වාදය මාව නිතරම ශක්තිමත් කරනවා. 
 
සමන්මලි නැලිගම

කොළඹ -  කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමට සම්බන්ධ  පමුණුගම - ජා ඇල මාර්ගයේ අධිවේගී මාර්ග පිටවුම් දොරටුවේ සිට ජා ඇල දෙසට  මීටර් 200ක් පමණ දුරින්  එක්තරා ස්ථානයක හදිසි අනතුරු වලින් අකල් මරණ පෙළක් සිදුවීම මුල්කොට ප්‍රදේශවාසීහු මහත් භීතියට පත්ව සිටිති.

එම භිතියට පදනම් වන්නේ මෙම ස්ථානයේ දක්නට ලැබෙතැයි ‍පැ‍වසෙන අබිරහස් කාන්තා රුවක් මුල්කොට මෙම අනතුරු සහ මරණ සිදුවන බවට ජනතාව තුළ පවතින විශ්වාසයයි.

 2013 වසරේ ඔක්තෝබර් 25 දින මෙම අධිවේගී මාර්ගය විවෘත වූ පසු මෙම ස්ථානයේදීම මේ දක්වා  වරින්වර මිනිස් ජීවිත 10 ක් අනතුරුව වලට බිළි වී තිබේ. එනිසාම මේ වන විට ඒ බව සඳහන් අනතුරු ඇඟවීමේ පුවරුවක් ද ජා ඇල පමුණුගම 306/B/01 සිංහ සමාජයේ අනුග්‍රහයෙන් මේ ස්ථානයේ සවිකොට ඇත.

ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම අනතුරු දාමයේ ඇරඹුම වී ඇත්තේ 2014 වසරේ මැයි මස විසි පස්වනදා පෙරවරු 7.15ට මෙම ප්‍රදේශයේ ක්‍රිෂ්ණම්මා නම්  පනස් අට හැවිරිදි කාන්තාවක මෝටර් රථයකට යටවී මිය යාමත් සමගය.

විවිධ රිය අනතුරු මගින් මෙම ස්ථානයේදීම පුද්ගලයන් දස දෙනෙකු මරුමුවට පත්වී ඇත්තේඉන්පසුවය.  

මේ අධිවේගී මාර්ග පිටවුමේ සිට ජා‍ ඇල දෙසට වැටී ගත් තනි අතට දිවෙන මංතීරුවක් වන අතර ඊට සමාන්තරව ඇති ජා ඇල සිට කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන  මෙම කොටසේ එදා මෙදා තුර කිසිදු අනතුරක් සිදුනොවීමද විශේෂත්වයකි.

එමෙන්ම මෙම අනුතුරුද රථවාහන එකිනෙක ගැටීම නිසා සිදවූ ඒවා නොවේ.

කටුනායක අධිවේගී මාර්ගය හරහා වැටී ඇති මෙම මාර්ගය ඔස්සේ පමුණුගම සිට ජාඇල දෙසට එන වාහන හිටි හැටියේපෙරැලී යාමෙන් සහ පසෙක ඇති  මුතුරාජවෙල වගුරු බිමට පෙරැලී යාම නිසා සිදුවූ ඒවාය.

ඒ අනුව මෙම අනතුරුදාමයට ලක් වී දිවි ගලවා ගත් එක් අයකු හෝ සිටීදැයි පසුගිය කාලය තුළ අප විසින් කළ විමසුමකදී එම ස්ථානයේදී එවන් අනතුරකට ලක්වූ ජාඇල නගරයේ ත්‍රිරෝදරථ රියැදුරු ‘ජයන්ත’ අපට හමුවිය. ඔහු අප හා කීයේ මෙවන් කතාවකි.

“මම පහුගිය අගෝස්තු හත්වෙනිදා පාන්දර දෙකට තුනට විතර බෝපිටිය පැත්තේ ඉඳලා මේපාර දිගේ ජා ඇල පැත්තට එමින් හිටියා. ඔය කියන තැනට එනකොටම මම දැක්කා පාර අයිනේ පෙව්මන්ට් එකේ සුදු පාට ගෑනු රූපයක් තියනවා. ඒ වෙලාවේ පාරේ අනික් පැත්තෙන් පමුණුගම පැත්තට මෝටර් සයිකලයකුත් යමින් තිබුණා. කොහොම හරි මම මේ ගෑනු රූපය ළඟට ළංවෙන කොටම වාහනයට අඩි කීපයක් තිබියදී මේ ගෑනු රූපය පාර මැද්දේ හිට ගත්තා. එතකොටම මම පුළුවන් තරම් වේගයෙන් හැඬල් එක කැපුවා විතරයි මතක. එතකොටම වාහනේ කවුරු හරි අල්ලා ගන්නා වගේ දැනුණා. ඒ එක්කම වාහනේ නතර වුණේ වට තුනක් කරකැවිලා. නමුත් හැඬල් එක අත හැරියා නම් මමත් අද ජීවතුන් අතර නැහැ”

මෙම මාර්ගයේ අනතුරු සිදුවන ප්‍රදේශයේ මතුපිට ඉතා හොඳින් සැකසී තිබේ. එය වංගු ප්‍රදේශයක් ද නොවේ. නීතිමය අවසරයක් නොමැති වුවත් රෝද හතරේ වාහනයකට මෙම ප්‍රදේශයේ දී පැයට කිලෝමීටර් සියයක හෝ ඊට මඳක් වැඩි වේගයකින් පහසුවෙන් ගමන් කළ හැක.

එහෙත් එවන් පසුබිමක රාත්‍රී කාලයට එසේ ගමන් කරන වාහන  මෙලෙස හදිසියේ  අනතුරට ලක්වී මේ වන විට දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇයි?

සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ අධිවේගී මාර්ගවල අනතුරු සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතින මෙවන් ඉසව් නිරීක්ෂණය කොට එම ස්ථාන මහා මාර්ග ඉංජිනේරුවන්ගේ විශේෂ පරීක්ෂාවන්ට ලක් කෙරේ. ඒ එම අනතුරේ ස්වභාවය සීසීටීවී කැමරා මඟින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. එහෙත්  එම මාර්ගය පරීක්ෂා කිරීමෙන් එම අනතුරු සිදුවීමේ විශේෂ හේතුවක් සොයා ගත නොහැකි වූ විට අතිරේක ගවේෂණ කණ්ඩායම් මගින් එම ස්ථාන නිරීක්ෂණය කරනු පිණිස තර්මල් ඉමේජින් කැමරා (Thermal Imaging Camara) ඉන්ෆරෙඩ් තර්මෝග්‍රැෆි කැමරා (Infra red Thermography Camara) ආදී වශයෙන් වන විශේෂිත ස්වයංක්‍රීය කැමරා උපකරණ පද්ධති සවිකළ අවස්ථාවන් තිබේ. එසේ සවි කෙරුණු ඇතැම් අවස්ථාවන්හිදී ඒවායේ හඳුනා ගැනීමට සහ තේරුම් ගැනීමට නොහැකි විවිධ රූපතල සටහන් වූ බවද අනාවරණය වී තිබේ.  නමුත් ඒ මොනවා දැයි අවසන් නිශ්චයකට පැමිණ නැත.

ඒ තත්ත්වය කෙසේ වුවත් කොළඹ කටුනායක අධිවේගී මාර්ග ආශ්‍රිත මෙම අනතුරුදාමය සිදුවූ ස්ථානයේ අදටත් සාමාන්‍ය සීසීටීවී කැමරා පද්ධතියක් වත් ක්‍රියාත්මක නොවන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසුම්වල දී අනාවරණය කර ගැනීමට අපට හැකිවිය.

ඒ කෙසේ හෝ දැනට මෙතෙක් තේරුම් ගත නොහැකි හේතුවක් මත දැනට මිනිස් ජීවිත හානි 10 ක් සිදුවූ මෙම ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා විවිධ ක්‍ෂේත්‍ර වල නියුතු ගවේෂකයන්ට ඒ සඳහා මනා අවකාශයක් පවතින බව අවසන් වශයෙන් කිව යුතුය.

දමයන්ති ගමගේ

ඡායාරූප-  ප්‍රසංග පෙරේරා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි චර්යාවන් ඔස්සේ ජිවිතයේ අනවශ්‍ය බර සැහැල්ලු කර ගැනීමය. මඩුපල්ලි වන්දනාවේ යෙදෙන බෙහෝ කිතුනු බැතිමත්හු ද මෙම කාර්ය අකුරටම පිළිපදිති.

එම වන්දනා ගමනේ දී ඉතා සරළ චාම් දිවිපෙවෙතකට යොමු වන ඔවුහු තම ආගමික විශ්වාසයන් පෙරදැරි කරමින් ජිවිතයේ ආධ්‍යාත්මික පක්ෂය ඉහළ නංවා ගැනීමට කැප වී ක්‍රියා කරති.

එවන් තත්වයක් යටතේ මඩු වන්දනාවේ ගොස් එන යුවලක් මීගමු, කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අද්දර සිටි ටෙරියර් වර්ගයේ සුනඛයෙකු සොරකම් කොට ත්‍රිරෝද රථයකින් රැගෙන යාමේ වරදට කොච්චිකඩේ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් පසු එම යුවළ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු  වරද පිළිගත් බැවින් රුපියල් දස දහසක් බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත එම යුවල මුදා හරින ලෙස ඉකුත් 18 වන දින මිගමුවඅතිරේක මහෙස්ත්‍රාත් ආර්. ජි. එන්. කේ. රන්කෝත්ගේ මහත්මිය නියෝග කළාය.
මෙසේ ඇප මත මුදා හැරුණේ කිරිපටිටිය පාර, ඉහළ බෝමිරිය කඩුවෙල ලිපිනයේ  පදිංචි අඹු සැමි යුවලකි.
රුපියල් හතලිස් පන්දහසක් වටිනා ටෙරියර් වර්ගයට අයත් සුනඛයෙකු පසු ගිය 13 දින මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හලාවත-මීගමු ප්‍රධාන මාර්ගය අද්දර සිටියදී සොරකම් කර ත්‍රිරෝද රථයකින් රැගෙන යාම ඔවුන්ට එරෙහි චෝදනාවය.

එම සිද්ධිය දුටු අසල් වැසියෙකු එම සුනඛයා දන්නා හදූනන පුද්ගලයෙකුට අයත් බවත් ඒ නිසා රැගෙන නොයන ලෙසත් එම යුවලට දැනුම් දී තිබේ. එහෙත් එම යුවල එය පිළිනොගෙන සුනඛයා බලෙන් ත්‍රිරෝද රථයේ දමාගෙන පලා ගිය අතර එම අසල්වැසියා ත්‍රිරෝද රථයේ අංකය ද සමඟ ඒ බව සුනඛයාගේ හිමිකරුවන්ට දැනුම් දී ඇත. පසුව ඒ හිමිකරුවන් කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු සුනඛයා පටවාගෙන ගිය ත්‍රිරෝද රථයේ අංකය අනුව පරික්ෂණ මෙහෙයවා සුනඛයා රැගෙන ගිය අඹු සැමි යුවල සහ එම ත්‍රිරෝද රථය කොච්චිකඩේ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම විමර්ශණ කටයුතු අවසන්වන තෙක් ත්‍රිරෝද රථය අධිකරණ භාරයේ තබාගෙන අඹු සැමි යුවල ඇප මත මුදාරින ලෙස මිගමුව අතිරේක මහෙස්ත්‍රාත් වරිය නියෝග කර ඇත.

කොච්චිකඩේ පොලිස් සැරයන් ජයන්ත වීරසිංහ (45557) මහතා සැක කරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ විභාග සඳහා පෙනී සිටින දූ දරුවන් උදෙසා පැවැත්වෙන ගණ දෙවි පූජාවක් පිළිබඳවය. විභාගය ආසන්නයේ මෙවැනි දැන්වීම් අරුමයක් නොවුණද මේ දැන්වීම විශේෂ එකක් විය. ඒ මෙකී දැන්වීම පළකර තිබුණේ එම පූජාවේ සංවිධායක මාතර දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් වීමය. මිනිසුන්ගේ නැණ නුවණ වඩවා ඉහළ සමාජ තලයකට ඔවුන් ගෙන යෑමේ වගකීම ඇති ජනතා නියෝජිතයෙකු විසින් මෙවැනි දැන්වීමක් පළ කිරීම එක්තරා අන්දමට විමතියට කරුණකි.  

මිනිසුන්ගේ ප්‍රකෘති ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියාකොට විසඳාගත නොහැකි ප්‍රශ්නයන්ගෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට අද්භූත බලවේගයන් කරා යොමුවීම අනාදිමත් කාලයක සිට මිනිසා විසින් කරන ලදී.

නියඟය අවසන්කොට වර්ෂාව ලබාගැනීමට මිනිසා ගංගාවලට, මුහුදට වැන්දේය. මුහුද ගලා ඒම වැළැක්වීමට රූමත් කුලකාන්තාවන් මුහුදට බිලි දුන්නේය. සැඩ සුළං මගින් සිදු කරන විනාශය වළක්වා ගැනීමට දෙවියන්ට යාච්ඤා කළේය. ලෙඩ දුක් සුවකර ගැනීමට මිනිසා දෙවියන්ට භාර හාර පුද කළේය.

මිනිසාට තේරුම්ගත නොහැකි බොහෝ දේ සිදුවන්නේ අද්භූත බලවේගයන්ගේ බලයෙන් හෝ නියමයෙන් යැයි සිතූ ආදී කාලීන මිනිසා කන්‍යාවියන්, දරුවන්, සතුන් මරා බිලි පූජා පවත්වා දේව කන්නලව් කළේය. ඒ ඒවා සිදුවන විද්‍යාත්මක සිද්ධාන්තයන් අවබෝධ කරගැනීමට නුපුළුවන් වූ යුගයේදීය. එබැවින් ඔවුන්ට අනුකම්පා කිරීමට අපට  කිසිම බාධාවක් නැත.

එහෙත් විද්‍යාව හා තාක්ෂණය ඉතා දියුණු වර්තමාන යුගයේදී පවා වැස්ස ලබා ගැනීමට, ලෙඩ රෝග සුවකර ගැනීමට විභාග සමත්වීමට පමණක් නොව භූමිකම්පා, සැඩ සුළං, සුළිකුණාටු, මුහුදු ගොඩ ගැලීම් වළක්වා ගැනීමට දේව යාච්ඤා පැවැත්වීමට මිනිසා පෙළඹේ නම් නිසැක ලෙසම ඔවුන්ගේ බුද්ධියේ අඩුපාඩුවක් තිබේ යැයි සිතීම වරදක් නොවේ. මේ පූර්විකාව ඔබට කියවීමට සිදු වූයේ ඉහත සඳහන් කළ සතිඅන්ත පුවත්පතක පළවූ අපූරු දැන්වීමක් නිසාය. ශිෂ්‍යත්ව සහ උ.පෙ. විභාග සඳහා පෙනී සිටින දරුවන්ට විභාගය ජයගනු වස් ජීවම් කරන ලද පෑන්, පැන්සල්, ෆයිල් කවර ආදිය බෙදා දෙන බව එකී දැන්වීමෙන් කියවිණි.

සිසුන් විභාග සමත් වන්නේ කෙසේදැයි අවබෝධ කරගත නොහැකි බුද්ධියෙන් හීන මිනිසුන් දේව කන්නලව් මගින් ජයග්‍රහණයන් ලබාගත හැකි යැයි සිතීම සාධාරණය. ඒ ඔවුන්ට තර්කානුකූලව නිගමනයන්ට පැමිණෙන්ට ශාස්ත්‍රීය දැනුමක් නොමැති බැවිනි. එහෙත් උගත් බුද්ධිමත් ජන ප්‍රධානීන් ජන නායකයින් එලෙස කියා මිනිසුන් මුලාකිරීම බරපතළ අවාසනාවන්ත තත්ත්වයකි. සමාජයේ හුදී ජනයාට නායකත්වය ලබාදිය යුතු නිවැරදි පාර පෙන්වා දිය යුතු ප්‍රබුද්ධ දේශපාලන චරිත දරුවන්ට විභාග සමත් වීම සඳහා අද්භූත බලවේගයන්ගේ පිහිට පතන්නට මිනිසුන්ව මෙහෙයවීම බරපතළ කරුණකි.

විශේෂයෙන් මොළය කුණු වී ඇති මිනිසුන්ට මොන මොන විකාර, හෝ දේශනා කොට, පුද පූජා පවත්වා දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට, ඡන්දය දිනා ගැනීමට අවස්ථාව සලසා ගැනීම ගැන අප විරුද්ධ වන්නේ නැත. ඒ එය හුදු දේශපාලන ක්‍රියාවක් වන බැවිනි. එමෙන්ම එය දේශපාලනඥයින් සැමදා කරන මිනිසුන් ‘ගොනාට අන්දවා‘ ඡන්දය ලබා ගැනීමේ ක්‍රමයේ එක දිගුවක් පමණක් බවද අපි දන්නෙමු.

එහෙත්, අප විරුද්ධවන්නේ මේ සඳහා ‍පොඩි ළමුන් ගොදුරු කර ගැනීම ගැනය. මැතිරූ, ජප කළ හෝ ආශිර්වාද, ලබා දුන් නූලක් අතේ බැඳීමෙන් අඩි රූලක් පාවිච්චි කිරීමෙන් පෑනකින් අකුරු ලිවීමෙන් විභාගයකින් සමත් විය හැකි බව ප්‍රබුද්ධ යැයි අප සිත් තුළ හැඟීම් ජනිත කළ ජනතා නායකයකු දේශපාලන ක්‍රියාකාරියකු ‍පොඩි දරුවන්ට ඒත්තු ගැන්වීමට ක්‍රියා කිරීම ගැන සැහැල්ලුවෙන් සිතීමට අපට නොහැක.

‍පොඩි දරුවා පිබිදෙන කුසුමක් වැනිය. සුවඳ මුහුකුරා එන වස්තුවකි. අද්භූත බලවේගයන් මගින් ජීවිතය ජයගත හැකි බව ඔවුන්ට පෙන්වා දීම වැරදි සහගතය. එය ඔවුන්ගේ මුළු ජීවිතයම මුලාවේ හෙලීමකි.

දේවාශිර්වාදයන් මගින් මන්ත්‍ර ගුරුකම් මගින්, බිලි පූජා මගින්, දේව පූජා මගින් ජීවිතය ජයගත හැකි බව මෙතෙක් කිසිවකු ශාස්ත්‍රීය පදනමකින් ඔප්පු කර පෙන්වා නැත. මෙය සිතුවිලි මාත්‍රයක් පමණි. අනාදිමත් කාලයකදී පෙර විද්‍යාත්මකව සිද්ධාන්තයක් නොදත් නොදියුණු මිනිසා එළඹි තීරණයන් නිසා බිහිවූ මෙවැනි යාතු කර්ම මගින් ‍පොඩි උන්ට ජීවිතය ජය ගත හැකි බව තරුණ ජනනායකයකු පෙන්වා දීම ගැන අපි අතිශයින් කනගාටු වෙමු.

ප්‍රබුද්ධ, බුද්ධිමත්, කීර්තිමත් ජනනායකයකුගේ, ජනතා පුත්‍රයකුගේ සැබෑ වගකීම විය යුත්තේ ජනතාව යන දෙසට හැරි ‘වැල යන පැත්තට මැස්ස ගැසීම‘නොවේ.

 ඔවුන් වැරදි පාරක යනවා නම් අත ළඟින් අල්ලාගෙන ඔවුන් නිවැරදි මාවතට ගෙන කඳු මුදුනට කැඳවාගෙන යාමය. සැබෑ ජනතා පුත්‍රයා ජනතාව පසුපස්සේ ඉබාගාතේ යා යුතු නැත. ඔහු ආලෝක ධාරාවක් අතැතිව ප්‍රඥාවේ කඳු මුදුනට ජනතාව රැගෙන යායුතුය. ඔහු ජනතාවට මග පෙන්වන පරමාදර්ශී චරිතයක් විය යුතුය. නොපෙනෙන බලවේග ඇදහන ගතානුගතික මෝඩයෙක් විය යුතු නොවේ.

දේවකන්නලව් කළ පසු විභාගයෙන් සමත් වූ දරුවන් සහ ඔවුන්ගේ මවුපියන් සිතන්නේ තමන් කළ දේව කන්නලව්ව නිසා විභාගයෙන් සමත්වූ බවය. එය ඉතා දුක් විඳ දරුවන්ට ශිල්පශාස්ත්‍ර ඉගැන්වූ ගුරුවරුන්ට ලැබිය යුතු කීර්තිය, නම්බුව, ප්‍රශංසාව කල්පිත දෙවිවරුන්ට මන්ත්‍ර ගුරුකම්වලට ලබාදීම බලවත් අසාධාරණයකි. එය තර්කානුකූලද, යුක්ති ගරුකද නැත. මෙවැනි කටයුතු කරන ජනනායකයින්, මාපියන්,  පූජකතුමන්ලා තමුන් පියවි සිහියෙන් සිටී නම් ජනතාව මේවා පස්සේ මෙතරම් වේගයෙන් දුවන්නේ ද නැත.

මන්ත්‍ර ගුරුකම්වලින් සෙත් ශාන්තිකර්ම මගින්, ආශිර්වාද පූජා තුළින් මිනිසාට ලැබෙන්නේ මානසික ධෛර්යයකි. මෙය මෙසේ වුවත් ආශිර්වාද පූජා මගින් සෙත් ශාන්ති කර්ම මගින් දරුවන්ට ලබා දෙන චිත්ත ධෛර්යය විද්‍යාත්මක නොවේ. එය දරුවාගේ අනාගත ජීවිතයට ලබා දෙන නරක පූර්වාදර්ශයකි. දරුවා ජීවිතයේ සියලු ප්‍රශ්න ශාන්ති කර්මයන් මගින්, ආශිර්වාද පූජා මගින් විසදා ගැනීමට පුරුදු වේ. එය වැරදි බව වැටහෙන විට ඔහුගේ ඉලක්කයන් ද වැරදී අවසානය.

එබැවින් ආශිර්වාද පූජා පවත්වා, ශාන්ති කර්මයන් කර දරුවන් දිරි ගන්වනවාට වඩා හොඳ බුද්ධිමත් ව්‍යාපෘතීන් සිදු කර ජනතාව දිරි ගැන්වීමට නැණවත් දේශපාලඥයන්ගේ යුතුකමකි.

පාසල් සපත්තු, ‍පොත්පත්, පෑන්, පැන්සල්, ඇඳුම්, ‍පොත් බෑග්, ‍පෝෂ්‍යජනක ආහාර, ලෙඩ දුක් සහිත ළමුන්ට බෙහෙත්, දෘෂ්‍යාබාධිත දරුවන්ට ඇස් කණ්ණාඩි ලබාදීමත්, නොමිලයේ දක්ෂ ගුරුවරුන් ලවා සම්මන්ත්‍රණ පැවැත්වීමත් ඉතා වැඩදායකය.

නැණවත් දේශපාලනඥයා ක්‍රියා කළ යුත්තේ එසේය. එසේ නොමැතිව නොපෙනෙන බලවේග පසුපස ගොස් බාල පරපුර අමාරුවේ දැමීම ඔහුගේ වගකීම නොවේ.

දරුවාව විභාගයට සූදානම් කර ඔහු තුළින් ආත්ම විශ්වාසය ධෛර්යය ලබා ගැනීමට ඔහුටම අවස්ථාව සලසාදීම යෝග්‍යම ක්‍රමය බව පෙන්වාදීම ඉතා හොඳය.

මෙයින් දේශපාලනඥයින්ගේ ජනපදනම, තහවුරු වනු නොඅනුමානය, මෙම පැහැදිලි කිරීම ගැන ජනතා පුත්‍රයකු වු බුද්ධික පතිරණ මහතා  උරණ නොවෙතැයි  සිතමි. ඔහුට මෙහිදී කළ යුත්තේ තම නමෙහි දැක්වෙන බුද්ධිය තවත් උරගා බැලීම පමණි.

අමුණුගොඩ තිලකරත්න

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගැන මෑත කාලයේ විශාල කතාබහක් ඇති වුණේ ඔහුගේ දෙවැනි විවාහය නිසායි. පසුගිය කාලයේ පුවත්පත්වල සහ වබේ අඩවිවල ඒ පිළිබඳ විවිධ කාරණා පළවුණා. සිය දෙවැනි විවාහය සහ ඒ සම්බන්ධයෙන් මතුවී තිබෙන විවේචන ගැන වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ වන හෂිනි රත්නායක පළ කළ අදහස් ඇතුළත් සම්මුඛ සාකච්ඡා මීට පෙර අප 'රිද්ම' තුළින්ද ඔබ වෙත ගෙන ආවා. එම විවාහය  හා බැඳී තිබෙන විවිධ චෝදනා  සහ විවේචන සම්බන්ධයෙන් වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් රත්නායක මතෛක් කිසිවිටෙකත් මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ඉදිරිපත් වූයේ නැහැ. කෙසේ නමුත් සිය පියාගේ දෙවැනි විවාහය ගැන මාධ්‍ය ඔස්සේ පළවී තිබෙන ඇතැම් කාරණාවලින් තමන්ගේ මවගේ නාමයට කැළලක් ඇතිවන බැවින්, ඒ සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය 'රිද්ම' තුළින් අනාවරණය කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ජයන්ත සහ ලෙලුම් අපෙන් ඉල්ලා සිටියා. ඒ අනුවයි අපි ඔවුන්ගේ අදහස් සඳහා 'රිද්ම' අතිරේකයේ ඉඩකඩ මෙසේ වෙන්කළේ. 
 
අද වෙද්දී ඔබ දෙදෙනාම සංගීත ක්‍ෂේත්‍රයේ සෑහෙන දුරක් ඇවිත් තිබෙනවා. පියා රටේ ප්‍රවීණතම සංගීතඥයකු වීම ඒ ආපු ගමනට විශාල ශක්තියක් වුණා කියලා කීවොත් නිවැරදියි නේද?
ජයන්ත - ‍ලේ උරුමයෙන් අපට ඒ හැකියාව සහ දක්ෂතාවය ලැබුණු බව ඇත්ත. එතැනදී අපට කවදාවත් අපේ තාත්තාව අමතක කරන්න බැහැ. නමුත් අපි දෙන්නා විතරක් නමෛයි වික්ටර් රත්නායක කියන පුද්ගලයාත් අද යම් තැනක ඉන්නවා නම් ඔහුට ඒ තැනට එන්නත් ලොකුම ශක්තිය වුණේ අපේ අම්මා මිස වෙනත් කෙනෙක් නොවන බව නම් කිව යුතුමයි. 
ලෙලුම් - තාත්තාගෙන් අපට ලැබුණේ සංගීතය සහ වගකීම් ඉටු කරනා තාත්තා කෙනෙකුගෙන් ලැබෙන දේ විතරයි. පුංචි කා‍ලේ ඉඳන්ම ආදරය, සෙනෙහස, පවුල් සබඳතා, නෑදෑ සබඳතා වගේ මේ හැම දෙයක්ම අපි ඉගෙන ගත්තේ අපේ අම්මාගෙන්. ඒ වගේම තාත්තාගේ සුඛ විහරණය වෙනුවෙන් අම්මා බොහෝ අවස්ථාවලදී අපවත් සෑහෙන දුරට පාලනය කළා. පුංචි කා‍ලේ අඩුම තරමේ තාත්තාගේ නින්දට බාධාවෙන විදිහේ ‍පොඩි ශබ්දයක්වත් කරන්න අම්මා ඉඩ දුන්නේ නැහැ.
 
ඔබේ පියාට ඇය මුණගැහෙද්දී ඔහු සංගීතඥයෙක් විදිහට නමක් දිනාගෙන හිටියාද?
ජයන්ත - නැහැ. ඒ දෙදෙනා හේවුඩ්හි ඉගෙනුම ලබන්නත් කලින් ඉඳලා තමයි තාත්තා සහ අම්මා අතර ප්‍රේම සම්බන්ධතාවය ඇති වෙලා තියෙන්නේ. ඒ වෙද්දි තාත්තා තමන්ගේ පළමුවැනි ගීතයවත් ගායනා කරලා තිබුණේ නැහැ. පද රචනාවක් රහිතව 'සිහිල් සුළං රැල්‍ලේ' වගේ ගීතයක නාද මාලාවක් නිර්මාණය කරන්න හැකි වීමට තරම් අම්මා නිසා තාත්තා ඒ කා‍ලේ ප්‍රේමණීය වෙලා තියෙනවා. ඒ ආදරය ගැන තවත් ජීවමාන සාක්ෂි ඕනෑ තරම් තියෙනවා. අම්මා වගේ බිරිඳක් නොලැබුණා නම් ඔහුට කවදාවත් මේ තරම් දුරක් එන්න බැහැ.  
සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක් ඉන්නවා කියලා කියමනක් තියෙනවා. ඔබේ පියා සම්බන්ධයෙන් ඔබ ඒ කාරණාව පැහැදිලි කරන්නේ මොන විදිහටද?
ලෙලුම් - තාත්තාගේ ජීවිතය දිහා බැලුවොත් ඔය කියන කියමනෙන් කියැවෙන ගැහැනිය තමයි අපේ අම්මා. හැබැයි තාත්තා මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා සාර්ථක මිනිසෙක් පිටුපස තමයි ගැහැනියක් එන්නේ කියලා. ඒ ප්‍රකාශය නම් වලංගු වෙන්නේ අපේ අම්මාට නමෛයි වෙනත් කාන්තාවකට වෙන්න ඇති.
 
අම්මාගෙන් ජීවිතයට මොන තරම් ශක්තියක් ලැබුණත් සංගීතය පැත්තෙන් තාත්තාගෙන් ලැබුණු දැනුම නිසා නේද ඔබ දෙදෙනාම අද සංගීතය වෘත්තිය කරගෙන ජීවත් වෙන්නේ?
ජයන්ත - ඔව්, නමුත් තාත්තා කවදාවත් අපට සංගීතය කියන්නේ මේකයි කියලා උගන්වලා නැහැ. ඒ කා‍ලේ තාත්තා පවත්වපු සංගීත පන්තියේ උගන්වපු දේවල් අහගෙන ඉඳලා, ප්‍රවීණ සංගීතඥයන් එක්ක ගීත නිර්මාණය කරනවා බලාගෙන ඉඳලා සහ ගෙදර තිබුණු  සංගීතමය පරිසරය නිසයි අපි යමක් ඉගෙන ගෙන මේ තැනට ආවේ. තාත්තා කවදාවත් අපිව සංගීතඥයන් විදිහට යම් තැනකට ඔසවා තබලා නැහැ. ඒ නිසා තමයි අද අපට අපේම අනන්‍යතාවයක් ගොඩනගාගන්න හැකිවෙලා තියෙන්නේ. ඒ ගැන නම් අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා. 
 
මොනදේ කීවත් සංගීතඥයන් විදිහට පියා තරම් ජනතාවට දැනෙන විදිහේ දෙයක් ඔබ දෙදෙනාම තවම කරලා නැහැ නේද? 
ජයන්ත - වයස 75ක් වෙලත් තාත්තා තවම හොඳට ගායන කටයුතුවල යෙදෙනවා. තාත්තා කෙනෙක් වයස 50, 60, 70 වගේ වයස්වලදීත් ක්‍රියාශීලීව ඉන්නවා නම් පුතෙකුට ඔහුගේ තැනට එන්න තියෙන අවස්ථාව අඩුයි. මේ නිසා අපව තාත්තා එක්ක සසඳන එක වැරදියි. සංගීතය පැත්තෙන් අපි ගොඩක් වැඩ කරලා තියෙනවා. ලංකාවේ කිසිම සංගීත භාණ්ඩයක් නොමැතිව ගීතයක් ගයපු පළමුවැන්නා තමයි මම. ලංකාවේ මුල්ම කාටුන් සී.ඩී. තැටියේ සංගීත නිර්මාණය කළේ මමයි. ඒ වගේම ලව් 2001 චිත්‍රපටය වෙනුවෙන් මම නුවන් ගුණවර්ධන සමග ගැයූ යුග ගීතයේදී මා ගැයූ තරමේ හයි නෝට් එකකින් මතෛක් ලංකාවේ කිසිම ගායකයෙක් ගායනයක් ඉදිරිපත් කරලා නැහැ. සංගීතය පැත්තෙන් මම සම්මාන දිනාගත් සහ සම්මාන සඳහා නිර්දේශ වූ අවස්ථාත් හුඟක් තියෙනවා. මේ දේවල් ජනතාව දන්නේ නැති නිසයි ඔවුන් අපි ගැන අඩු තක්සේරුවක ඉන්නේ.
ලෙලුම් - මම වික්ටර් රත්නායකගේ පුතා වෙන්නේ ඔහුට ජාතක වෙලා ඉපදුණු නිසා විතරයි. ලෙලුම් රත්නායක කියන නම හදාගන්න එක තමයි මගේ ඉලක්කය වුණේ. අද වෙනකොට මම ගායකයෙක්, ගීත නිර්මාණකරුවෙක් සහ වාදකයෙක්. මම චිත්‍රපට පසුබිම් ගායනය කළ පළමු ගීතය වෙනුවෙන් මට සම්මානයක් ලැබුණු බව අදටත් ජනතාව දන්නේ නැහැ. මොකද ඒ දේවල් කියමින් අපි මාධ්‍ය පිටුපස යන්නේ නැහැ. මම සංගීතය පැත්තෙන් විවිධ පැතිවලට මගේ දැල එළපු දුර වික්ටර් රත්නායකටත් වැඩියි කියලා මම විශ්වාස කරනවා.
 
ඔබ දෙදෙනා සංගීතය පැත්තෙන් ඉදිරියට ආවත්, ඔබේ සොහොයුරියන් දෙදෙනාට එවැනි ගමනක් එන්න බැරි වුණා. මොකක්ද ඒකට හේතුව?
ලෙලුම් - අපේ සහෝදරියන්ටත් ඒ හැකියාව තිබුණා. ඒත්, කලා ක්‍ෂේත්‍රයේ සිටින 90කටත් වඩා කාන්තාවන්ගේ චරිතය හොඳ නැහැ කියලා අපේ තාත්තාම තමයි ඔවුන්ගේ ගමන වැළැක්වූයේ.
 
ඔබ දෙදෙනා පියාගේ ගීත ගායනා කිරීම ගැන කැමැත්තෙන් සිටියාද?
ජයන්ත - අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නෑ කියලා බොරු කතාවක් සංගීත ක්‍ෂේත්‍රයේ පැතිරිලා තිබුණා. නමුත් ඇත්තටම එවැනි දෙයක් නැහැ. කොහොමත් අපි දෙන්නා වාදකයෝ විතරක් නමෛයිනේ. මීට කලින් තාත්තා සහභාගි වීමට නියමිතව තිබුණු ප්‍රසංග සහ වැඩසටහන්වලට පවා ඔහු වෙනුවෙන් මම සහභාගි වෙලා තියෙනවා. ඔහුගේ පූර්ණ අනුමැතිය ඇතිවයි මම ඒවාට පවා සහභාගි වුණේ. 
 
පියා සහ ඔබ දෙදෙනා අතර මේ වන විට හිත් අමනාපකමක් තිබෙන බව ප්‍රකට කාරණයක්. ඔහුගේ ගීත ගායනා කිරීම ගැන මින් ඉදිරියට ඔහු මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද? 
ජයන්ත - අපි ඔහුගේ ගීත ගායනා කරනවාට විරුද්ධ වෙන්න තරම් අපේ තාත්තා කෲර නැහැ. නමුත් අද ඔහු එක්තරා බන්ධනයකට ලක්වෙලයි ඉන්නේ. ඒ නිසා තමන්ගේ හිතුමතේට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක්  අද ඔහුට නැහැ. 
 
මවගේ වියෝවෙන් පස්සේ ඔබේ පියා සහ දරුවන් අතර තිබූ සම්බන්ධතාවය ගැනත් විවිධ කාරණා පසුගිය කාලයේ ඉස්මතු වුණා....
ජයන්ත - අවුරුදු 13ක් අපි තාත්තා ගැන සොයා බැලුවේ නැහැ කියලා පැතිරුණු කතාව බොරුවක්. තාත්තාගේ 75 වැනි උපන් දිනය වෙනුවෙන් පැවැති ප්‍රසංගයේ පවා සංගීත අධ්‍යක්ෂණය කළේ මමයි. එහි ඩ්‍රම්ස් වාදනය කළේ මගේ මල්ලි. ඒ ප්‍රසංගය වෙනුවෙන් පැවැත්වුණු හැම සාකච්ඡාවක්ම තිබුණේ අපේ සහෝදරියගේ නිවසේ. ඉතින් ඒ තරම් සම්බන්ධතාවක් අපි අතරේ තිබුණා නම් කොහොමද කියන්නේ අපි ඔහුට සැලකුවේ නැහැ කියලා?  
 
පියාගේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වුණු වජ්‍ර ප්‍රභා ප්‍රසංගයෙන් පසුව මේ වනතෙක් ඔබ දෙදෙනා පියා සමග එකට සංගීත කටයුතුවල නියැළිලා නැහැ. ඇයි පවු‍ලේ අඬදබරවලට සංගීතයත් පටලවා ගත්තේ ?
ජයන්ත - රූපවාහිනිය නරඹන්නේ නැහැ, ගුවන් විදුලියට සවන් දෙන්නේ නැහැ වගේ දේවල් කොච්චර කීවත් අපේ තාත්තා වටේ ඉන්න හැමෝම කියන ඕපාදූප අහන කෙනෙක්. අද ඔහුගේ ළඟින්ම ඉන්න කෙනා කියපු ඕපාදූපයක් අහලයි තාත්තා අපට දුරකථනයෙන් කතා කරලා කිව්වේ. මීට පස්සේ අපි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ. මරණයකටවත් අපේ ගෙදර පස් පාගන්න එපා. මින් ඉදිරියට එකට වේදිකාවකටවත් ගොඩ වෙන්නේ නැහැ'' කියලා. ඒක ඔහුම ගත් තීරණයක් මිස අපේ තීරණයක් ‍නෙවෙයි. 
 
ඔහු කවදාහරි ඒ තීරණය වෙනස් කළොත් ඔබ දෙදෙනා ඊට මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද ?
ජයන්ත - මේ ගැටලුව ඇති වෙන්න කලින් මමයි තාත්තාගේ සංගීත කටයුතුවලදී ළඟින්ම හිටියේ. කවදා හරි ඔහුම කීවොත් 'පුතේ, තිබුණු ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මින් ඉදිරියට එකට එකතු වෙලා වැඩ කරමු කියලා මම ඒ ආරාධනාව බාර ගන්නවා. 
ලෙලුම් - මට හුඟක් පහසුවෙන් දේවල් අත්හරින්න පුළුවන්. මොකද එහෙම කරන එක වෙලාවකට මගේ හිතට ලොකු සහනයක්. ඒ නිසා එවැනි ආරාධනාවක් ලැබුණොත් මම මොන විදිහේ තීරණයක් ගනීවිද කියලා මට දැන්මම කියන්න බැහැ. 
 
කිෂාන් කනංකෙ

දැනට දශක කිහිපයක සිට පුවත් පත් මගින් අතිශය ජනකාන්ත බවට පත් පුනරුප්පත්ති කතා මේදින වල සමාජ ජාල වෙබ් අඩව් ඔස්සේ ශීඝ්‍ර ජනප්‍රියත්වයට පත් වෙමින් තිබෙනු දක්නට පුළුවන. මෙබඳු පුනරුප්පත්ති කතා කෙරෙහි මුළු ලෝකයෙන්ම වැඩිම අවධානයක් යොමු කරනුයේ ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධයන් බව මගේ පෞද්ගලික වැටහීමය. සිංහල, කිතුණු ඉස්ලාමීය ඇතුළු අපරටේ සෙසු ජන කොටස් සේම ලොව බුදු දහම අදහන සෙසු රටවල බෙහෝ දෙනෙකු තුළ පවා මෙම පුනරුප්පත්ති උද්යෝගය දක්නට නැති තරම්ය. මෙලොව ජීවත්වන පුද්ගලයන් යම් තැනක සිට මෙලොවට පැමිණ මරණයෙන් පසු තවත් තැනකට චුතව යන බව ප්‍රකාශ වීම බොහෝ ආගම්වල පොදු ලක්ෂණයකි.

ඒවාට පුනර්ජන්මය, පුනරුත්පත්තිය, පුනර්භවය, ස්වර්ගය, නිරය ආදී වශයෙන් විවිධ ආගමානුකූල අර්ථකථන හිමිවී ඇත.

මේ අතර පුද්ගලයකු මෝහන ප්‍රතිගමනයට(hyppnotic regression) පත්කිරීමෙන් මෙලොවට පැමිණීමට පෙර ගත කළ ජිවිතය සම්බන්ධයෙන් ඒ තැනැන්තාගෙන් කරුණු විමසා දැනගත හැකිය යන විශ්වාසයක්ද ලොව පුරා පවතී.

මිනිසුන්ට වැළඳෙන නියුරෝසීය ගණයට අයත් සුළු මානසික ව්‍යාකූලතා දුරු කිරීමේ නොවිධිමත් ප්‍රතිකර්මයක් ලෙසද ලොව පුරා මෙම පූර්වාත්ම චිකිත්සාව (reincarnation therapy) යොදා ගැනෙයි. එහෙත් මෝහන ප්‍රතිගමනය ඔස්සේ ලැඛෙන මානසික ඇනවුම් මත ඒ පුද්ගලයා ගමන් කරනුයේ තම ආගමික සංස්කෘතිය පසුබිම මුල්කරගත් කල්පිත පූර්වාත්මයක් වෙත බව පැහැදිලිය.

බුදු දහමට අනූව පුද්ගලයකුගේ පරලොව පැවැත්ම විස්තර කෙරෙනුයේ නැවත හට ගැනීමක් හෙවත් පුනර්භවයක් වශයෙනි. බෞද්ධ අටුවා  ග්‍රන්ථවලට අනුව එසේ උපදින තැනැත්තා පිළිබදව විස්තර කොට ඇත්තේ 'ඔහුද නොවන' 'අනෙකෙකුද නොවන' (නච සෝ, නච අඤ්ඤෝ ) අයකු ලෙසිනි.

අප ජිවත්වන සමාජයේ ඉහත ආත්මය කියන බව හඟවන දරුවෝ ගමක් ගමක් පාසා වෙසෙති. බොහෝ දරුවන් ඉහත ආත්මය කීම අරඹනුයේ අවුරුදු තුනේදී පමණය.

'ඉස්සර මම හිටියේ මෙහේ නෙවෙයි, ගොඩක් ඈත .. අපේ අම්මා ගොඩක් සුදුයි. ඉස්සර අපිට මීට වඩා ලොකු ගෙයක් තිබුණා. ඒක තිබුණේ කන්දක් උඩ. ඒ ගෙදරට කෝච්චි පාරකුත් පෙනුණා.. අපි මිදුලට වෙලා කෝච්චි යන හැටි බලාගෙන ඉන්නවා.'

වයස අවුරුදු තුනේ පමණ සිට ඇතැම් දරුවෝ මෙලෙස කීමට පටන් ගනිති. බොහෝ විට ඔවුන් මෙලෙස පවසනුයේ තනිව හිඳින අවස්ථා වලදීය. තවත් විටෙක මේ වයසේ තවත් දරුවෝ කවුරුන් හෝ තමන් සමග හිඳින බවක් හඟවමින් කටයුතු කරති.

'සුනිල් ඔය තුවක්කුව මට දෙන්න .. ඔයා ගිහින් හැංගෙන්න නැත්නම් ඔයාටත් වෙඩි වදියි.. '

මෙලෙස වර්තමානය හා කිසිඳු සබැඳියාවක් නැති අපූර්ව ගණයේ කතා ප්‍රවෘත්තීන් කුඩා දරුවන් වෙතින් අසන බොහෝ වැඩිහිටියෝ ඉතා සාධාරණ ලෙස ඉන් මවිතයට පත්වෙති.

එමෙන්ම වර්තමාන දිවිපෙවෙත හා කිසිදු සබැඳියාවක් නොමැති මෙබඳු ස්ථාන, සිදුවීම් සහ නම් ගම් දරුවාගේ මුවින් ප්‍රකාශ වනුයේ දරුවා තුළින් ඉහත ආත්මය පිළිබද මතකයන් පිබිදීමකැයි යන පොදු විශ්වාසයක් පවතී. නමුදු මෙම විශ්වාසය සිංහලථ බෞද්ධ ජන සමාජය කේන්ද්‍රගතව පැතිර යන බව ද මෙහිදී අමතක කළ යුතුනැත.

මා ඉහත කී පරිදි කිතුනු හෝ ඉස්ලාමීය ආගමික පසුතලයන්හි දරුවන් වෙතින් ද මෙබඳු  ප්‍රකාශ ඇසිය හැකිමුත් එම ආගමික සංස්කෘතික ඉගැන්වීම් ඊට ප්‍රතිවිරුද්ධ බැවින් එම සංස්කෘතීන් වලින් එබඳු ප්‍රකාශ වලට වැඩි ඇගයුමක් නොලැබේ.

මේ අතර දරුවන්ගේ මෙබඳු ප්‍රකාශ වලින් බුදු දහමේ ඉගැන්වෙන පුනර්භව ඉගැන්වීම මනාව තහවුරු වන බව බොහෝ දෙනෙක් කියති. ඒ අනුව එම දරුවන්ගේ ප්‍රකාශ යටපත් කිරීම හෝ ඒවා අසත්‍ය වශයෙන් හුවා දැක්වීම 'බෞද්ධ විරෝධී ක්‍රියාවක්' ලෙස හඳුන්වන පිරිසක්ද අප අතරේ දුලබ නොවෙති.

පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුපපාත ඥානය ආදී වශයෙන් පෙර විසූ කඳ පිළිවෙල දැකීමේ නුවණක් යම් පුද්ගලයන් සතුව තිබිය හැකි බව බෞද්ධ ග්‍රන්ථයන්හි සදහන් වෙයි. නමුදු ස්මරණ ශක්තිය යනු ඥානයේ එක් අංගයක් පමණක් බවද මෙහිදී සැලකිය යුතුය.

මෙබඳු ආගමික මතවාද නවීන විද්‍යාවේ නිර්ණායකයන් මගින් තහවුරු කළ නොහැකි බව සැබෑය. විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි දේ අසත්‍ය වශයෙන් බැහැර කිරීමද විද්‍යා විරෝධීය.

එමෙන්ම මෙලොව ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව තහවුරු කර ගැනීමේ අවකාශයක් තබා අවශ්‍යතාවක්වත් නැත. මිනිස් සිත් සතන් තුළ ඇතිවන සියලු හැඟීම් මෙන්ම ආදරයද මොළයේ එන්ද්‍රීය සහ ජෛව රසායනික පසුබිම මත පදනම් වූවකි. එය අද වනවිට විද්‍යාත්මකව මැනැවින් සනාථ වී තිබේ. ඒ අනුව මත්ද්‍රව්‍ය ඇබ්බැහියාව වැනි දේ මගින් යමකුගේ මොළයේ ජෛව රසායනික බලපෑමක් ඇතිවුව හොත් ඒ තැනැත්තාගේ හැගීම් ආවේගද විෂම සහ ව්‍යාකූල වනු ඇත.

එහෙත් හුදෙක් එය විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම් වන සත්‍යයක් නිසා සැමියා සහ බිරිඳ අතර පවතින අඹුසැමි ප්‍රේමය ඒකක වලට නංවා ව්‍යාධිවේද වාර්තා ලබා ගැනීමේ ක්‍රමයක් පිළිබද ලොව කිසිදු විද්‍යාඥයකුගේ අවධානය යොමුවී නැත. ඊට හේතුව ලොව පැවැත්මට විද්‍යාත්මක චින්තනය ඉවහල් වන නමුදු විද්‍යාත්මක චින්තනය මත පමණක් ලොව පැවතිය යුතු බවට කිසිදු විටක කිසිවෙකුදු විශ්වාස නොකිරීමය. නවීන විද්‍යාව යනු මානව අවශ්‍යතා වලින් කොටසක් සංතෘප්ත කරවන්නකි.

තත්වය එසේ වුවද ඇතැම් ක්ෂේත්‍රයන් සම්බන්ධ ප්‍රාමාණික සුදුසුකම් ලත් විද්වතුන් පවා ආගමික ඉගැන්වීම් මත පදනම් වන පුනරුත්පත්ති කතා ආදිය මුල්කොට තම ආගමික විශ්වාසයන් සහ නවීන විද්‍යාව අතර ඥාතීත්වයක් ගොඩ නැඟීමට වෙර දරනු පෙනෙයි.

එබැවින් කිසියම් දරුවකු ඉහත සදහන් අන්දමින් තම ඉහත ආත්මය ප්‍රකාශ කිරීමට තුඩුදෙන හේතුන්ද මෙහිදී ඉතා සරලව හෝ විස්තර කළ යුතුය.

වයස අවුරුදු තුන යනු දරුවන්ගේ මොළයේ මතකය හා සම්බන්ධ ශෛල කලාප වැඩෙන අවදියයි. නමුදු ඒ වනවිට දරුවාගේ ඇස්, කන්, නාසය ආදී ඉන්ද්‍රීය සංවේදීතාවන්ට සම්බන්ධ මොළයේ ශෛල කලාප සේම පරිකල්පනය සම්බන්ධ ශෛල කලාපද මනාව ක්‍රියාත්මක වේ. නමුදු අතිශය සරළ ලෙස කිවහොත් දරුවාගේ 'මතකය පිළිබද ගිණුම' පමණක් හිස්ය.

එහිදී ඇස්, කන්, නාසය ආදි ඉන්ද්‍රිය සංවේදීතාවයන් මගින් ලැඛෙන විවිධ අරමුණු පදනම් කර ගනිමින් තම පරිකල්පනය පෙරදැරි කරගන්නා දරුවන් තම 'ගිණුම තර කර ගනු පිණිස' අපූර්වතම ප්‍රකාශ කිරීමේ කිසිදු අරුමයක් නැත. මේවා බොහෝ විට එම දරුවාගේ සිහින, මායා මත පදනම් වෙයි. මේ සඳහා පාදක වනුයේ දරුවා තුළ හට ගන්නා ව්‍යාජ මතකයන් (False memory) බව පැහැදිලිය.

මේ ප්‍රකාශ සදහා දරුවා අරමුණු ලබා ගන්නේ ප්‍රකෘති ලෝකයෙනි. එබැවින් බැලූ බැල්මට ඒවායින් සත්‍ය ස්වරූපයක් පළ වෙයි. මෙම තත්වය සෑම දරුවකු කෙරෙන් එක හා සමානව දැකිය නොහැක. අන්‍යයන්ට පැහැදිලිව වැටහී යන අයුරින් මෙම ලක්ෂණය පළ කරනුයේ සීමිත පිරිසක් පමණි.

පසුගිය යුද්ධ සමයේදී මෙලෙස තමන් යුද බිමේදී මියගිය සෙබලුන් බව එසේ මරණයට පත් අවස්ථාවන් නිරූපණය කරමින් ප්‍රකාශ කළ දරුවන් කිහිප දෙනෙකු මට හමුවී තිබේ. මෙහෙයුමකදී සෙබලකු හැසිරෙන අයුරු ගිනි, අවිය මානන අයුරු පවා බලා හිඳින්නවුන් විස්මයට පත්වන අන්දමින් රගදක්වා පෙන්වූ දරුවකුද ඒ අතර විය.

පසුව එම දරුවා මුල්කොට එම දෙමාපියන්ගෙන් කරන ලද විමසීම් වලදී එම රූප රාමු දරුවාගේ සිත තුළට කාවැදුණු අන්දමත් ඔහු ඒ ඔස්සේ තම පරිකල්පනය ගොඩනගා ගත් අන්දමත් පිළිබද සාධාරන අනුමානයකට ඒමට මට හැකි විය.

දරුවන්ගේ මෙබඳු ප්‍රකාශ මුල්කොට ඒවා හුදෙක් මෙතෙක් විද්‍යාවට නතු නොවූ ඉහත ආත්ම ප්‍රකාශයන් ලෙස හුවා දක්වන පිරිස් අතරේ විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ උගතුන් ද සිටීම යමකුට ගැටලුවක් විය හැකිය. එවැන්නවුන් මෙබඳු ප්‍රකාශ කිරීමට මුල්වන හේතූන් අතර මෙළයේ ජානමය සහ ජෛව රසායනික හේතුන්, ළාබාල වියේ මනැස් තුළ රෝපණය කෙරුණු ආගමික සංස්කෘතික පදනම ආදී සාධක ඉවහල් විය හැක.

ඒ කෙසේ වුවද සමාජයෙන් අසන්නට ලැඛෙන මෙබදු සංසිද්ධීන් පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමය යන තුන් ඈදුතු සාධක මත සනාථ නොවූ පමණින් ඒවා සාවද්‍ය ලෙස දැක්වීම සේම තම පෞද්ගලික මතිමතාන්තර මුල්කොට යම් යම් ගුප්තවාදී සංකල්පවලට සාවද්‍ය විද්‍යාත්මක ආරෝපණ ලබාදීමද විද්‍යා විරෝධී බව කිව යුතුය.

කෙසේ හෝ දරුවකුගේ ඉහත ආත්මය ප්‍රකාශ ලෙස සැලකෙන මෙවන් සිදුවීම් හමුවේ වැඩිදුර පරීක්ෂණ නොකළ යුතු යැයි මම නොකියමි. මන්ද යත් එයද සපුරාම විද්‍යා විරෝධී බැවිනි. එවන් විෂය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට යමකුට ඇති අයිතිය ද මම බැහැර නොකරමි.

නමුදු මනෝ වෛද්‍යවරයකු ලෙස මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව කිව යුත්තක් තිබේ. එනම් මෙබඳු සිදුවීමක් මුල්කොට දරුවකුගේ මනැසට අනවශ්‍ය මානසික පීඩනයක් ලබාදීම කිසිවිටකත් නොකළ යුතු බවය. එමගින් එම දරුවාගේ අනාගතය අඳුරු වීමේ පැහැදිලි ඉඩක් පවතී.

ඒ අනූව දරුවකුගේ එවන් අසාමාන්‍ය ප්‍රකාශ හමුවේ විවිධ පුද්ගලයන් දරුවා හමුවට පත් කොට ඔවුන් ලවා විවිධාකාර ප්‍රශ්න ඇසීම කෙසේවත් නොකළ යුතුය. එවිට ඒ ප්‍රශ්න ඔස්සේ තම මනැසට 'අතිරේක බරක්' පිවිසුවා ගන්නා දරුවා තම මූලික පරිකල්පනයට පරිබාහිර තවත් දේ එක්කර ගනු ඇත.

අක්මීමන, ගොනාමුල්ලේ දරුවෙකු සම්බන්ධයෙන් සිදු කළ එබඳු මනෝ විද්‍යාත්මක අපයෝජනයක් (psychological abuse) පිළිබඳව තොරතුරු පසුගිය කාලයේ එක් ගවේෂනාත්මක මාධ්‍යවේදියකු විසින් අනාවරණය කරගෙන තිබිණ.  

මෙබඳු පර්යේෂණ සදහා යොමුවන යමකු පළමුව දරුවා ඉහත ආත්ම ප්‍රකාශ වශයෙන් පවසන පුද්ගල, ස්ථාන සහ අදාල සංසිද්ධීන් සම්බන්ධ විස්තර ඔහුට නොදැනෙන සේ දින වකවානු සහිතව සටහන් කර ගැනීම වඩාත් යෝග්‍යය. දරුවා ඉන් පසුව කරන ප්‍රකාශ හා මුල් ප්‍රකාශ අතර පරස්පරතා තිබේ නම් ඒවාද සටහන් කරගත යුතුය.

මා එසේ පවසනුයේ මෙම වයසේදී දරුවන්ගේ මොළය වර්ධනය වන වේගය අනුව ඔවුන්ගේ පරිකල්පනයන්ද ශීඝ්‍රයෙන් දියුණු වන බැවිනි. බොහෝ දරුවෝ පසුව තම ඉහත ආත්ම කතා නතර කොට දමති. නමුදු එසේ නොකරන දරුවන් දිගින් දිගටම පවසන තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් කළ යුතු බවක් හැඟේ නම් දරුවා ඊට අදාල පරිසරය වෙත රැගෙන යා යුත්තේ ඒ සම්බන්ධයෙන් සුළු ඉඟියක් හෝ පළ නොකොටය.

එවිට ඔහුගේ ඉහත ආත්ම කතාවෙහි යථාර්ථය ඔබටම වටහාගත හැකිවනු ඇත.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
කරාපිටිය ශික්ෂණ රෝහල - ගාල්ල

සටහන - දමයන්ති ගමගේ

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2979

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1811

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1393

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3540

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5983

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5248

Please publish modules in offcanvas position.