Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නිදි උළුක්කුව අප සමාජයේ කිසිවෙකුටත් නුහුරු නුපුරුදු මාතෘකාවක් නොවෙයි. ඒ අප සෑම කෙනෙකුම පාහේ ජීවිතයේ කිනම් හෝ අවස්ථාවක මෙම වේදනාකාරී අත්දැකීමට මුහුණ දී ඇති බැවිනි.

බෙල්ලේ එක් පෙසෙක මාංශ පේෂීන් වල ඝන වීමක් නිසා එක් පසකට බෙල්ල හැරවීමට යාමේදී ඇති වන වේදනාව මේ නිදි උළුක්කුවේ ප්‍රධානතම ලක්ෂණයකි.

ඉංග්‍රීසියෙන් wryneck හෙවත් 'වක් වූ ගෙල' යනුවෙන් හැදින්වෙන මෙම තත්වයට අප නිදි උළුක්කුව කියා හදුන්වන්නේ නින්දේදී බෙහෝ වේලාවක් ගෙලෙහි මාංශ පේෂීන් වැරදි ඉරියව්වක පැවතීම නිසා මෙම වේදනාව හට ගන්නා බැවිනි.

එහෙත් අවදිව සිටින විට පවා බොහෝ වේලාවක් බෙල්ල එකම ඉරියව්වකින් පැවතීම මත මේ තත්වය හට ගත හැක.

ඊට අමතරව බෙල්ලේ මාංශ පේෂීන් ක්ෂික ගැස්සීමකට ලක්වීම නිසාද මෙම නිදි උළුක්කුව නමින් හැදින්වෙන තත්වය හට ගත හැක.

විශේෂයෙන් තමන් නොසිතූ පරිදි කිසියම් තිගැස්සුමකින් යුතුව යමක් දෙස බැලීමේදීද මෙම තත්වය ඇතිවිය හැකි බැවින් මේ සඳහා නිදි උළුක්කුව යන නම යෙදීම කොතෙක් දුරට සුදුසු දැයි අපම සිතා බැලිය යුතුය.

මේ සඳහා නිවසේ දීම කළහැකි ප්‍රථමාධාර කිහිපයකි. ඒ අතරින් අයිස් ප්‍රතිකාරය ඉතා පහසුවෙන් කළ හැක්කකි. මේ සඳහා අයිස් කැබලි කිහිපයක් ගෙන රෙදි කැබැල්ලක් මත තබා ඒවා තරමක් කුඩු කොට පොට්ටනියක් සේ සකස් කර ගනිමින් බෙල්ලේ වේදනාවට ලක් වී ඇති ප්‍රදේශ තැවීම මෙම ප්‍රතිකාරයයි.

මෙහිදී එම අයිස් පොට්ටනිය වේදනාව ඇති ස්ථානයේ වැඩි වේලාවක් තබා නොගැනීමටද විශේෂයෙන් වග බලා ගත යුතුය. මෙම ප්‍රථමාධාරය පැය තුනකට වරක් කිහිප වතාවක් කිරීමෙන් මෙම නිදි උළුක්කුව සමනය කර ගත හැක.

අයිස් ප්‍රතිකාරයට අමතරව උණුවතුර ප්‍රතිකාරයද මේ සඳහා යොදා ගත හැක.

තමන්ට දරා ගත හැකි තරමේ උණු වතුර වලින් පොඟවා ගත් කපු හෝ ලිනන් රෙදි කැබැල්ලක් වතුර මිරිකා හැර එම වේදනාව දැනෙන ස්ථානයේ තැවීම සිදු කළ යුතු අතර එහිදීද එම උණුසුම වැඩිපුර ගෙලෙහි මාංශ පේෂීන් වෙත ලබා නොදීමද වැදගත්ය.

මේ හැරුණු කොට මෙම නිදි උළුක්කුව සම්බන්ධයෙන් වෛද්‍ය වරයෙකු මුණ ගැසෙන ඔබට ඒ සඳහා මාංශ පේෂි ලිහිල් කෙරෙන හා වේදනාව සමනය කෙරෙන වේදනා ඖෂධ ලැබෙනු ඇත.

ඊට අමතරව වේදනාව සමනය කරන ආලේපනද ලැබෙන අතර ඒවා ගෙලෙහි ගල්වා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණක් බවද සඳහන් කළ යුතුය.

මින් පසුවද නිදි උළුක්කුවට නිසි සහන නොළැඹුණ හොත් ඒ සඳහා භෞතචික්සක ප්‍රතිකාර නියම කෙරෙනු ඇත. අධෝරක්ත කිරණ (Infrared)ප්‍රතිකාරයට ඉන් මුල් තැනක් හිමිවේ. එහිදී මාංශ පේෂිය තුළ ඇති සෛල වලින් බැහැර කෙරෙන අප ද්‍රව්‍ය ඉවතට යෑමත් එම මාංශපේෂිය ඉහිල් වීමත් එම ප්‍රදේශයේ ඇති ස්නායු අග්‍ර (Nerve endings)උත්තේජනය කිරීමත් සිදු කරනු ඇත.

මීට අමතරව සුක්ෂම තරංග (Ultra sound) ප්‍රතිකාරයද මේ සඳහා යොදා ගත හැකි සාර්ථක භෞතචිකිත්සක ක්‍රමයකි.

එමගින් මාංශපේෂියේ ඝන වූ තන්තු ඉහිල් වීමක් සිදු කෙරේ. කෙසේ හෝ නිදි උළුක්කුව යනු මෙම තත්වය ඉක්මවන වෙනත් රෝග ලක්ෂණයක මූලක් විය හැකි බැවින් මෙය ඉතා අධිකව නිතර නිතර ඇතිවේ නම් ඒ සඳහා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔබ යොමු කෙරෙනු ඇත.

වෛද්‍ය සුගත් විජේවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, පේරාදෙණිය.

නුගේගොඩ උඩහමුල්ල මාදීවෙල අංක 127 දරන නිවසේ තම පුතා සහ මිනිපිරියන් දෙදෙනා සමග ජීිවත් වූ වයස්ගත හැත්තෑ නවවන (79) වියේ පසු වූ ධනවත් කාන්තාවක් ජුනි මස 19 වැනි දින නිවස තුළදීම ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මියගිය කාන්තාවගේ ලේලිය හා යුද හමුදාවේ සාමාන්‍ය සෙබළෙකු දේවාලයක සේවය කරන කපුමහතෙකු අත්අඩංගුවට ගත් බවත් සැකකාර ලේලියගේ අනියම් පෙම්වතෙකු වන 45 හැවිරිදි  යුද හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.

අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා තිස්පස් හැවිරිදි (35) පරකඩුව ලෙල්ලෝපිටිය ප‍්‍රදේශයේ පදිංචි ඇඹිලිපිටිය තුංකම ඉංජිනේරු බළකා රෙජිමේන්තුවේ පෙදරේරු උපදේශකයෙකු බවත් අනෙක් සැකකරු ගොඩකවෙල ප‍්‍රදේශයේ පදිංචි (36) වියැති දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු බවද පොලීසිය පැවැසීිය. සැකකාර ලේලියගේ අනියම් සැමියා වන යුද හමුදා කපිතාන්වරයා කපුමහතාට පවසා ඇත්තේ තම නැගනිය විවාහ පත්ව සිටින සැමියාගෙන් සහ සැමියාගේ මවගෙන් නිතර නිතර කරදර සිදුවන බැවින් එය නවතා දැමීම සඳහා ගුරුකමක්් කරගත යුතුව ඇතැයි පවසා ඇත. එසේ කරනා උදව්වට ප‍්‍රති උපකාර වශයෙන් හමුදාවේ සේවය කරන සහෝදරයාට යුද හමුදාවේ උසස් නිලයක් ලබාදෙන බවත් කියා ඇති බව මූලික පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වූ බවත් පොලීසිය පවසයි.

තම සැමියාගේ මවට අයිතිව තිබූ බිලියන ගණනක් වටිනා දේපළ අත්පත් කරගැනීම සඳහා මෙම ඝාතනය සිදුකළ බව සැකකාර ලේලිය පොලීිසියට කළ ප‍්‍රකාශයේදී සඳහන් වේ. සැකකාරියගේ ජංගම දුරකථනයේ දත්ත අනුව සිදුකළ පරීක්ෂණ මගින් මෙම සිදුවීම අනාවරණය කරගැනීිමට හැකි වූ බවත් පොලීිසිය පවසයි.

මෙම ඝාතනය සිදුවී තිබෙන්නේ පසුගිය ජුනි 10 වැනිදා නුගේගොඩ, මාදිවෙල පාර උඩහමුල්ලේ පිහිටි ඝාතනයට ලක් වූ හැත්තෑනව හැවිරිදි කාන්තාව පදිංචිව සිටි නිවසේදීය. මෙම ඝාතනයට සතියකට පමණ පෙර මරණකාරියගේ පුතාට අයත් දේපළ සියල්ල ඇගේ නමට ලියා ඇති බවද පුතා ඝාතනය කරන්නට සැලසුමක් ක‍්‍රියාත්මක වීම එයට හේතුව වූ බවද මුලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීිසිය පවසයි.

සැකකාරිය තිස්හය හැවිරිදි දෙදරු මවකි. සැමියා  නාට්‍ය කණ්ඩායම් සහ ප‍්‍රසිද්ධ රංගන ශිල්පීින් සඳහා විවේක ගැනීිමට ඉදිකර ඇති හෝටලයක් සතු ව්‍යාපාරිකයෙකි. සිය සැමියාගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ සිටියදී හඳුනාගත් නුවරඑළිය තුන්වන සිංහ බළකා කඳවුරේ සන්නද්ධ බුද්ධි බළකා පුහුණු පාසලේ කපිතාන්වරයෙක් සමග සැකකාරිය කලක පටන් අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර ඒ නිසා සැකකාරිය හා සැමියා අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇති බවත් දෙදෙනා වෙනවෙනම එකම ඉඩමේ නිවාස දෙකක ජීවත් වූ බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලීිසිය පවසයි.

සැමියා සතු දේපළද අයත් කරගෙන අනියම් සැමියා සමග පවුල් ජීවිතයක් ගත කිරීමේ අදහසින් සැකකාරිය සැමියා ඝාතනය කරන්නට අනියම් සැමියා සමග සැලසුම් කර ඇති බවද ඒ සඳහා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා යොදාගෙන ඇති බවද පොලීිසිය පවසයි. පොලීිසිය පවසන පරිදි සැකකාරිය ඇගේ අනියම් සැමියා සමග එක්ව සිය නීත්‍යනුකුල සැමියා ඝාතනය කරන්නට සැලසුම් කර තිබෙන්නේ පසුගිය මැයි 18 වැනිදා නුගේගොඩ ප‍්‍රදේශයේ අවන්හලකදී බවත්. එදින සැකකාරියගේ සැමියා වන ව්‍යාපාරිකයා හමුවීමට පැමිණි කපුමහතා වන ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයෙන් නුවරඑළියට කුලීි ගමනක් යාමට කතාකර තිබේ.

ගමන යන අතරතුර නානුඔය ප‍්‍රදේශයේදී සැකකාර කපු මහතාට සහ හමුදා සෙබළාට දුරකථන ඇමැතුමක් ලැබී ඇති අතර තමන්ට වැසිකිළියකට යාමේ අවශ්‍යතාවයක් ඇති බැවින් වාහනය මදකට නවත්වන ලෙස රියැදුරුට දන්වා තිබේ. ඒ අනුව වාහනය නවත්වන ලද අවස්ථාවේ රියැදුරුට නොපෙනෙන පරිදි සැකකරුවන් ආ වාහනය පිටුපසින් රහසිගතව ත‍්‍රිරෝද රථයකින් පැමිණි කපිතාන්වරයා යම් දියරයක් ලේන්සුවක තවරා සිය ගජ මිතුරු කපු මහතා සහ හමුදා සෙබළාගේ අතට ලබා දී සිහිය නැති කර වාහනයත් ව්‍යාපාරිකයාත් ගැඹුරු හෙළකට දමා ඝාතනය කිරීමේ සිය සැලසුම ක‍්‍රියාත්මක කරන්නට උපදෙස් ලබාදී තිබේ.

එහෙත් රියැදුරු ලෙස සිටින ව්‍යාපාරිකයා තමන්ගේ මුහුණේ ලේන්සුවක් වදිනවාත් සමගම සැක සිතීි ධාවනය වන වාහනයේ දොර ඇරගෙන පැන ගැනීිමට තැත්කළ අවස්ථාවේ වාහනයේ දොර ඇරී තිිබියදී සැකකාර කපුවා තමන්ගෙ කකුලකින් අල්ලාගෙන සිටීම නිසා කාර් රථයෙන් තමන් ඉවතට සිටින ලෙස සිටිය බැවින් මුහුණට සහ හිසට බරපතළ තුවාල වී තිබියදීත් කෙසේ හෝ කාර් රථයෙන් පැනවිත් නානුඔය රෝහලට ගොස් ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පොලීිසියට ගොස් සිද්ධිය පවසා ඇත. තමන් කුුලී ගමනක් පැමිණි බවත් ඔවුන් තමාව කොල්ලකන්නට උත්සාහ කරන බවත් ව්‍යාපාරිකයා පොලීිසියට පැමිණිලි කර ඇත. පොලීිසිය සමග සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන විට වාහනය එම ස්ථානයේම තිබූ බැවින් ඔහු ආපසු නිවසට පැමිණ ඇත.

මෙය සිය බිරිඳගේ සැලැස්මක් බවට සැකකර සිය දේපළ සියල්ල මවගේ නමට ලියන්නට ව්‍යාපාරිකයා තීරණය කර ඇති බවද වයස්ගත තම මව ඝාතනය කරන්නට සැකකාරිය සැලසුම් කර තිබෙන්නේ ඉන් අනතුරුව බවද ව්‍යාපාරිකයා පොලීිසියට පවසා ඇත.

රූපලාවන්‍ය ශිල්පීින් දෙදෙනෙක් නැවතීමට පැමිණෙන බවත් ඔවුන් නවතින්නේ සිය නිවසේ බවත් දැන ගත් සැකකාරිය ඒ අනුව අනියම් සැමියා සමග සැලසුමක් සකස් කර. ළමයි දෙදෙනාට පොත්ගන්නට ඇතැයි පවසමින් සිය සැමියාව බලහත්කාරයෙන්ම කැමති කරවාගත් සැකකාරිය සැමියා නුගේගොඩ පිහිටි පොත් සාප්පුවක් වෙත කැඳවාගෙනවිත් ඇත. ඒ අවස්ථාවේ කෝකිවරයෙක් පමණක් තම නිවසේ පිහිටි ලැගුම්හලේ සිටි බවද දෙදෙනෙක් තමා හමුවීමට පැමිණියහොත් ඔවුන් නිවසට යොමුකරන ලෙසත් සැකකාරිය කෝකියාට පවසා ඇති බවත් ඒ අනුව පැමිණි දෙදෙනා නිවසට යොමුකළ කෝකියා හෝටලයට අවශ්‍ය බඩු වර්ග කිහිපයක් රැගෙන ඒම සඳහා එම ස්ථානයෙන් පිටවගොස් ඇති බවත් පොලීිසිය පවසයි.

මෙලෙස රූපලාවන්‍ය ශිල්පීන් මුවාවෙන් පැමිණ තිබෙන්නේ සැකකාරියගේ අනියම් සැමියා සහ පෙර ඝාතන සැලසුමට සම්බන්ධ වූ හමුදා සෙබළා බවද පොලීිසිය පවසයි. සැකකාරියගේ අනියම් සැමියා මෙම සෙබළා ගෙන්වාගෙන තිබෙන්නේ ණයක් අරගැනීම සඳහා සෙබළා විසින් ලබාගෙන තිබූ ෆෝර්ම කොළ කිහිපයක් තමන් විසින්ම අත්සන් තැබියයුතු බවත් තමන්ගේ නිල මුද්‍රාව තම නංගීගේ නිවසේ තිබෙන බව පවසමින් සෙබළා සමග මරණකාරියගේ නිවසට ත‍්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවත් පොලීිසිය පවසයි.

පොලීිසිය වැඩිදුරටත් සඳහන් කරන පරිදි හමුදා සෙබළා වතුර ටිකක් දෙන්නැයි කාන්තාවගෙන් ඉල්ලා ඇත. වතුර ගේන්නට ගියඅතරේ ඇයගේ කට වසා තදකර ඇත. සෙබළා සමග පොරබැදූ මරණකාරිය සිහිසුන්ව නිවසේ සාලය මැද තිබූ පුටුවක් මතට වැටීමත් සමග පුටුවේ තබූ කොට්ටයකින් මුහුණ තද කර ඝාතනය කර ඇති බවද පරීක්‍ෂණවලදී හෙළිකර ගත්බව පොලීිසිය පවසයි.

මෙය ඝාතනයක් බව නොදත් සැකකාරියගේ සැමියා මව සිහි නැතිව හෘදයාබාධයක් සෑදී වැටී ඇතැයි සිතා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට රැුගෙනයන විටත් ඇය මිය ගොස් සිටි නිසා රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් බවට හෙළි වී තිබේ. ඒ අනුව මෙම මරණයද සිය බිරිඳ විසින් සැලසුම් කරන්නට ඇතැයි සැකකළ ව්‍යාපාරිකයා ඒ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කර ඇත. වහාම ක‍්‍රියාත්මක වූ පොලීිසි මෙම ඝාතනය පිළිබඳව සිදුකළ විමර්ශනයකින් පසු ව්‍යාපාරිකයාගේ බිරිඳ සැකකාරිය අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම් හමුවේ සිදුකළ ප‍්‍රකාශයන්ට අනුව සැකකාර දේවාල කපුමහතා සහ යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බවත් සැකකාර කපිතාන්වරයා සොයා පරීක්ෂණ පවත්වන බවද පොලීිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සමීර අබේසිංහ - බොරලැස්ගමුව

එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

අප රටේ විවිධ වර්ගයේ සුනඛයෝ සිටිති. අතීතයේදී බොහෝ නිවෙස්වල කිසිදු වර්ගයකට අයත් නැති බය සැළකෙන සුනඛයන් සිටිය ද වර්තමානයේ බොහෝ දෙනෙක් වර්ගයක්, පෙළපතක් (pedigree) සහිත ‛උසස්’ යැයි සැළකෙන සුනඛ වර්ග සුරතලයට ඇති දැඩි කරන්නට පුරුදුව සිටින බැව් පෙනේ. බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එදිනෙදා මග තොට දකින සුනඛයන් සැළකිල්ලකට ගන්නේම නැත.මේ නිසාම අප රටේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් ‛ගම් බල්ලන්’, ‛පර බල්ලන්’ හෝ ‛වල් බල්ලන්’ සේ හැඳින්වීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති.ඉංග්‍රීසි බසින් මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛මන්ග්‍රල්’ (mongrel - දෙමුහුම්, පර, සංකර) නමිනි. සුනඛ වර්ග අභිජනනය කිරීමේදී විවිධ වර්ගයන් මිශ්‍ර කිරීම සිදු කෙරේ. මෙවැනි මිශ්‍ර කිරීම් සිදුකරනු ලබන්නේ යම් යම් පර්යේෂණ කිරීමෙන් අනතුරුව එවැන්නක් සිදුකිරීමෙන් ගුණාත්මක සුනඛ වර්ගයක් බිහි වේ යැයි ඔප්පු වීමෙන් පමණි. කෙසේ නමුත් එවැනි පර්යේෂණයක් සිදු නොවී, සැලසුම් කිරීමකින් තොරව සුනඛ වර්ග දෙකක් අතර ඇතිවන ලිංගික සම්බන්ධයක් නිසා ඇති වන සුනඛයන් ‛මන්ග්‍රල්’ නමින් හඳුන්වනු ලබයි. එවැනි සුනඛයන් පැහැදිලි පරම්පරාවකට හිමිකම් පාන්නේ නැත. මෙවැනි සුනඛයන් ‛අයාලේ’ හෝ ‛දඩාවතේ යන බල්ලන්’ (Stray Dogs) ලෙසින් ද හඳුන්වනු ලබයි.

සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් විවිධ නම්වලින් හඳුන්වනු ලබයි. කෙසේ නමුත් මොවුන් ‛වල් බල්ලන්’ (wild dogs) ලෙසින් ද හඳුන්වනු ලැබුවත්, සැබැවින්ම පැවසිය හැක්කේ අප රටේ ‛වල් බල්ලන්’ දක්නට නොලැබෙන බවය. නමුත් ලෝකයේ බොහෝ රටවල වල් බල්ලෝ දක්නට ලැබෙති. ඇමරිකාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල මෙවැනි වල් බල්ලන් බොහෝ සංඛ්‍යාවක් දක්නට ලැබේ. මොවුන් එසේ හඳුන්වනු ලබන්නේ කැලෑ ආශ්‍රිතව ජීවත් වන බැවිනි. නමුත් අප රටේ වල් බල්ලන් නැතැයි පවසන්නේ කැලෑ ආශ්‍රිතව ජීවත්වන සුනඛ විශේෂ දක්නට නොලැබෙන බැවිනි. එමෙන්ම ඉහත ‛මන්ග්‍රල්’ යනුවෙන් හඳුන්වනු ලබන සුනඛයන් ද වල් බල්ලන්ගේ ගොඩට දැමීමට හැකියාවක් නැත. මන්ද ඔවුන්ට පැහැදිලි පරම්පරාවක් නැතත්, ඔවුන් බෝ වී ඇත්තේ ‛කානිස් ලූපස් ඩොමෙස්ටිකස්’ (canis lupus domesticus) යන සුනඛ වර්ග අතර ඇතිවන ප්‍රජනන ක්‍රියාවලියක් මගින් පමණක් වීම නිසාය.

එමෙන්ම අප සාමාන්‍යයෙන් දකින සුනඛයන් ‛අයාලේ’ හෝ ‛දඩාවතේ’ යන බල්ලන් ලෙස හඳුන්වන්නට අප පුරුදුව සිටිය ද එම වචන දෙකේ අර්ථය ගෙන බැලුවහොත්, සැබැවින්ම ඒවා ද මොවුන්ට කිසිසේත් නොගැළපෙන බැව් පෙනේ. මෙම වචන දෙකෙහි අර්ථය ගෙන බැලුවහොත් සඳහන් කළ හැක්කේ ‛කිසිදු වග විභාගයකින් තොරව හිස හැරුණු අතේ ගමන් කිරීමක්’ වැනි අදහසකි. නමුත් අප දකින සුනඛයන්ට එසේ ඇවිදීමේ චර්යාවක් දක්නට නැත. සැබැවින්ම අයිතිකරුවකු නොමැතිව මහ මග ජීවත්වන සුනඛයන් පවා තමන් විසින් නිර්ණය කරගත් වාසභූමිය (Habitat) තුළ ජීවත්වන බව පර්යේෂණවලින් ද පැහැදිලි වී තිබේ. ඔවුන් තමා ජීවත් වන ප්‍රදේශයෙන් (territory) බැහැරට යන්නේ නැත. යම් ආකාරයකින් බැහැරට යන්නට සිදුවුවහොත් එවැනි ප්‍රදේශයකදී ඔවුන් ඉතා යටහත් පහත් ලෙස හැසිරෙන ආකාරයක් දක්නට ලැබේ. ඔවුන් මුත්‍රා කරමින් සිය භූමි සීමාවන් සළකුණු කර ගන්නා ආකාරය නිතරම දක්නට ලැබෙන්නකි.

මේ ආකාරයට දක්නට ලැබෙන සුනඛයන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ට පැහැදිලි අයිතිකරුවකු නොමැති වුව ද ජීවත් වන්නේ මිනිසුන් ආශ්‍රිතව වීමය. මිනිසුන් නොමැති ප්‍රදේශයක නිකමට හෝ සුනඛයකු සොයා ගන්නට නැත. මිනිස් ප්‍රජාව සමග ජීවත්වන්නට සියලු විටම උත්සාහ දරණ බැවින් ඔවුන් ‛වල් බල්ලන්’ ලෙස නොව ‛ප්‍රජා සුනඛයන්’ (community dog) වැනි නමකින් හැඳින්වීම වඩා සුදුසුය.

ලෝකයේ වෙනත් රටවල දක්නට ලැබෙන මෙවැනි සාමාන්‍ය සුනඛයන් පිළිබඳ සළකා බැලුවහොත් පැහැදිලිව දැකිය හැකි දෙයක් වන්නේ ඔවුන් හඳුන්වන නම් ගණනාවක්ම පැවතීමය. ඕස්ට්‍රේලියාවේ මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛ඩිංගෝ’ (dingo - Canis lupus dingo) නමිනි. මොවුන්ගේ වර්ග දෙකක් සිටින අතර කැලෑබදව ජීවත්වන්නවුන් ‛වල් ඩිංගෝ’ හෝ ‛වන ඩිංගෝ’ (wild dingo) නමින් හඳුන්වනු ලබයි. අනෙක් වර්ගය මිනිසුන් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙයි. ඇමරිකාවේ මෙවැනි සාමාන්‍ය සුනඛයන් හඳුන්වනු ලබන්නේ ‛කැරොලිනා’ (Carolina) නමිනි. කෙසේ නමුත් ඉන්දියාවේ මෙවැනි සුනඛයන් හැඳින්වීම සඳහා යොදන නම මේ සියල්ලටම වඩා උසස් යැයි සිතේ. එයට හේතුව එහි ඔවුන්ව හඳුන්වන්නේ ‛ඉන්දීය දේශීය සුනඛයා’ (Indian native dogs) නමින් වීමය. මොවුන්ට වසර 15,000කටත් වඩා ඉතිහාසයක් පවතින බව පර්යේෂණවලින් හෙලීවී තිබේ.

විකිපීඩියාව පිරික්සා කිරීමේදී ද ‛සිංහල සුනඛයා’ යන්නට සමාන පදයක් හමුවේ. ඒ Sinhala Hound යන්නය. එහි සඳහන් විස්තරයට අනුව නිල්ගල ගුහාවෙන් සහ බෙල්ලන්බැඳි පැලැස්සෙන් සුනඛ අවශේෂ හමුවී ඇති අතර පූර්ව සහ ප්‍රාග් ඓතිහාසික යුගවලට අයත් බැව් සොයා ගෙන තිබේ. අප රටේ ආදීතමයා වන බලංගොඩ මානවයා ද සිය වාසස්ථාන ආශ්‍රිතව සුනඛයන් ඇති දැඩි කොට ඇති බව පෙනෙන්ට තිබේ. මොවුන් ඩිංගෝ සුනඛයන්ට සමාන බැව් ද පැවසේ.

සිංහල සුනඛයා පිළිබඳව මෙසේ කතා බහ කිරීමේදී ඔවුන් පිළිබඳ තබනු ලැබූ පැරණි මෙනම් අපූරු සටහනක් පිළිබඳව ද සඳහන් කළ යුතුය. සෙනරත් පරණ විතානයන් තරමටම පුරා විද්‍යා ක්ෂේත්‍රයට සේවයක් කළ පසුගිය සියවසේ අප රටෙහි සිටි විශිෂ්ඨ විද්වතකු වූ පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල සුරීන් විසින් රචිත ‛ත්‍රාස ක්‍රීඩා’ (Some Sinhala combative, field and aquatic sports and games / by P.E. P. Deraniyagala/ National Museums of Ceylon, 1959) නමැති කෘතියේ අප රටේ වෙසෙන සාමාන්‍ය සුනඛයන් හඳුන්වන්නට සුවිශේෂී නමක් දී තිබේ. ඒ ‛සිංහල සුනඛයා’ සහ ‛සිංහල බල්ලා’ යන ඒවාය. ඔහු මේ පිළිබඳව මෙසේ සටහන් කොට තිබේ.

“සිංහල සුනඛයෝ ලංකාවේ බිතුසිතුවම්වල හා ගල් කැටයම්වල දක්නට ලැබෙන කෙටි ලෝම, ඍජු කන් හා උඩුකුරු වලිග සහිත සිංහල බල්ලා ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.

දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන 9වැනි සියවසට අයත් ගල් කණුවකද ඇති රූපයෙන් හකු මහත් සාමාන්‍ය දේහයක් ඇති බල්ලෙකුත්, බිලිබෑවේ තිබෙන දහවන සියවසට අයත් කල්කණුවක රූපයෙන් ගෙවල් රැකීමට යොදන බල්ලෙකුත් දැක්වේ. කෙටිවූ විශාල හොම්බක් හා කුඩා කන් පෙති සහිත විශාල ඔලුවක් ඇති මේ සතාගේ බෙල්ලේ මස් කැරැල්ලක් ඇත. කෙටිවූ පාද ඇති, මහතට වැඩුන උරහිස ක්‍රමයෙන් උකුල් ඇට අසලදී උස්වේ. තරමක් වකුටු වූ වලිගය, ඇසිරියන් හා වර්තමාන තිබැටන් දඩයම් බල්ලන්ගේ මෙන්ය. මෙම ගල්කණුවේ ඡායාරූපයක් ‛එපිග්‍රුෆියා සිලනිකා’ සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ 8වන සේයාරුවේ ඇත. ඊට සමාන දුඹුරු සුනඛ රූ 18වන සියවසට අයත් කැලණියේ ඇති ‛මා කණ්හ ජාතකය’ දැක්වෙන බිතු සිතුවමේ ඇති අතර, වෙස්සන්තර ජාතකයේ බමුණන් වෙහෙස කළ බල්ලාට සුදු, දිග නැහැයක් හා මහත් ලැමැදක් ද ඇත. මොවුන් සහ කතරගමින් සහ මැදවලින් දැක්වෙන්නවුන් (එපිග්‍රුෆියා සිලනිකා, 3කාණ්ඩය, රූප .24 - 27) රැකවල් බල්ලන් හා 13වන සියවසට අයත් මදුරෙයි කෝරලේ කොට්ටන්ගයි කැටයම්වල දැක්වෙන සිහින් දේහ ඇති ටෙරියර් වර්යටත් අතර මැදි වර්ගයකි.”

මෙහිදී සිංහල සුනඛයාගේ අනන්‍යතාව තවදුරටත් තහවුරුකිරීමට වෙරදරන දැණියගල සුරීහු තම ලිපියෙන් මෙසේ ද කියති.

“දේව අන්ගම් රෙදිකඩේ දැක්වෙන කොටි හටනේ සිටින්නේ ටෙරියර් වර්ගයේ බල්ලන්ය. පැත්තෙන් පුල්ලි සහිත බල්ලාගේ පුල්ලියක් උගේ ඇස පමණට මහතය. කොටියාගේ උරහිස ඩැහැගත් බල්ලාත් අනිකාගේ පාට මෙන් වුවත් කොටියාගේ බෙල්ලේ මස් කැරැල්ලෙන් අල්ලාගත් විශාල බල්ලාගේ පුල්ලි උගේ නාසය මෙන් මහත්ය. පුල්ලි රහිත එකාගේ හා තුවාල වූ බල්ලාගේත් කරේ කුඩා සීනුවක් බැඳි පටියක් ඇත.

විදේශ සුනඛයන් ගැන මෙදෙස වැසියෝ නොදතුවා නොවේ. රාජසිංහ රජු ඔවුන් තෝරාගැනීමට දැන සිටි බව පෙනේ. එසේ තෝරාගත් සුනඛයන්, සිංහල රජු සාදරයෙන් පිළිගත් තිළිණයක් ලෙස ඕලන්දයින් සැලකූ බව, 1655ජුනි 10දා වෑන් ඩර් මේඩන් විසින් බතේවියාවේ අග්‍ර ආණ්ඩුකාර වෙත යවන ලද ලිපියේ “මැනිලා, චීන, ජපන් හෝ තායිවාන් ආදී වරිග සුනඛයන් තබාගැනීමට ලොල්වූ රාජසිංහ රජුට සුනඛයින් කීපදෙනක් සොයාදීමට හැකිනම් අපි සතුටුවන්නෙමු”යි සඳහන් කිරීමෙන් පෙනේ. (පීරිස් 1829, පිටුව 180). යුරෝපීය බල්ලන් රජුගේ විවේචනයට පත්වුණු බව අන් ලිපිවලින් හෙළිවේ. එක් තැනෙක මෙසේ සඳහන් වේ. (පීරිස් 1914, කාණ්ඩය 2, පිට 358) “මේ කරුණුවලදී රජ හාස්‍යජනක කිරීම ඕලන්දක්කාරයන්ගේ ආශාව විය. ඔවුහු අශ්වයන් පමණක් නොව, රජතවන් සෑද හා කටකලියාද, සුනඛයන්ද තෑගි කළහ. බල්ලන් ගැන වරක් රජතුමා “මේ බල්ලන්ට රජ මැඳුර දොරටු රැකීමට හා මිනිසුන් එලවා හැරීමට බැරිවා පමණක් නොව, ඔවුන්ගේ විලාශය හා පෙනීම ද අසතුටුදායක”යී කීය. දඩයම් පිණිස තෑගි කළ තවත් බල්ලෙකු දෙස බලා උගේ පුල්ලි පිහිටි අන්දමින් දඩයමට වැඩි ප්‍රයෝජනයක් නැත” යි පැවසීය.

පිණි නිය තිබේනම් ඒ විඩාවට පත් නොවීමේ ලකුණකි. ශරීරයේ යම් යම් සලකුණු හා පුල්ලි නැතිනම් ඒ නියම දඩයම් බලු වර්ගයේ සතෙක් යැයි නොසළකත්.”

තම ලේඛනය මගින් දැරණියගල සූරීන් ඊළඟට පවසන්නේ කුමක්ද?

“ඕලන්දක්කාරයෝ සිංහල බල්ලාගේ වටිනාකම හොඳින් දැන සිටියේ, එක් නිලධාරියෙක් වැද්දකුගෙන් මිලට ගත් බල්ලෙක් සුරත් දක්වා ගෙනගොස් රික්ස් ඩොලර් 400ක් සපයා ගත් බව පෙනේ.

(පර්සිසවල් 1803, පිටුව 262)”

අප ජාතිය හඳුන්වන නම ද සිංහල බැවින් යමෙකු තුළ එකවර මේ පිළිබඳ යම් විරෝධයක් වුව ඇති විය හැකිය. නමුත්, ශිලා ලේඛණ ඇතුළුව සිංහල ජාතිය පිළිබඳ සඳහන් වන බොහෝ ස්ථානවල මෙම සුනඛයන් පිළිබඳ සඳහන්ව ඇති බැවින් දැරණියගල සූරීන් ඔවුන් මේ නමින් හඳුන්වන්නට තීරණය කරන්නට ඇතැයි සිතිය හැකිය. එසේත් නොමැති නම් අතීතයේ අප රට ‛සිංහලේ’ නමින් හඳුන්වනු ලැබූ නිසා සුනඛයන්ට ද එම නම භාවිත කරන්නට ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ ‍පොදු අදහස ය. ලිංගිකත්වය පිළිබඳ මෙම රහස්‍යභාවය සුරැකීම සම්බන්ධයෙන් බටහිර වැසියන්ටත් වඩා පෙරදිග වැසියෝ උනන්දු වෙති. ඇඳුම් පැළඳුම්, කතාබහ, ක්‍රියාකාරකම් සහ ආචාර විචාර සම්ප්‍රදායන් වෙතින් ලිංගිකත්වය වසන් කළ යන මතය අප ජනසමාජයේ ද තදින්ම මුල් බැසගෙන තිබේ.
එහෙත්, මගේ පෞද්ගලික වැටහීම අනුව නම් එම ආකල්ප වල සැලකිය යුතු සාධාරණත්වයක් නොමැත. ඊට හේතුව දුරාතීතයේ සිට අපරදිග වැසියාට සාපේක්ෂව පෙරදිග වැසියා ලිංගිකත්වය කෙරෙහි කිසියම් විවෘත සහ සහනශීලී ආකල්පයක් දැරූ බවට නිදසුන් මානව ඉතිහාසය පුරාම පැතිර තිබෙන බැවිනි. ඒ අනුව ලිංගිකත්වය යනු ක්‍රියාකාරී සමාජය ඉදිරියේ හමස් පෙට්ටියකට දමා වැසිය යුත්තක් නොවන බවටත් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය පරිදි සංවාදයට ගත යුත්තක් බවටත් අතීත පෙරදිග වැසියා සිතා ඇති බව පෙනේ.


මානව සේම සත්ව ලිංගිකත්වය පිළිබඳ මෙම විවෘත සහ සහනශීලී ආකල්ප බෞද්ධ සාහිත්‍යයෙන් සහ කලා ශිල්ප වලින් පවා මනාව නිරූපණය කෙරෙන අවස්ථා බොහොමයකි.
දැනට ලෝක උරුමයක් ලෙස පවා ප්‍රකාශයට පත්කොට ඇති ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි කජුරාවෝ ආරාමික සංකීර්ණයේ මූර්තීන් සමහරකින් දැක්වෙනුයේ විවිධාකාර මානව ලිංගික සම්භෝග ඉරියව් ය. ඒ අතරේ මානව සත්ව ඉරියව් ද දක්නට ලැබේ. එම ආරාම සංකීර්ණයේ බාහිරට වන්නට එසේ මූර්තිමත් කොට ඇත්තේ ව්‍යත්සායන නම් සෘෂිවරයා විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද ලෝක ප්‍රකට ‘කාම සූත්‍ර’ කෘතියේ දැක්වෙන විවිධ සහ විෂමාකාර ලිංගික ඉරියව් බව විචාරකයන් විසින් හඳුනාගෙන තිබේ.
නමුත්, එමඟින් පළවන දාර්ශනික අදහස වනුයේ සියලු සත්වයන් ගිලගෙන ඇති කම් සැප මුල්කොට ගත් ලෝක ස්වභාවය තත්වාකාරයෙන් වටහාගෙන ආශාවන් ප්‍රහීණ කළ යුතු බවය.


එමෙන්ම පෙරදිග සාහිත්‍යයේ ලිංගිකත්වය පිළිබඳව ඇති මෙම විවෘත සහ සහනශීලී ආකල්පය ප්‍රකට කරන නිදසුන් බොහොමයකි. අප කවුරුත් හොඳින් දන්නා පන්සිය පනස් ජාතක කතා ‍පොතේ කතා බොහොමයකින් ද ඉතා නිදහස් සැහැල්ලු ආරකින් ලිංගිකත්වය විවරණය කෙරෙන බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ඒ සඳහා මා දැක ඇති විශිෂ්ටතම උදාහරණය එහි පන්සිය විසිහය වන නලනිකා ජාතකයයි. කිසිදා ස්ත්‍රියක දැක හෝ එවැන්නියක පිළිබඳව අසා නොමැති මහ වනමැද ජීවත් වන නව යොවුන් තාපසයෙකු ජීවිතයේ මුල්වරට වනයට පැමිණි යොවුන් රාජ කුමාරියකගේ නිරුවත දැක එහි එක් එක් අංග පිළිබඳව තම තවුස් පියාණන් සමග කරන ලද විස්තරය නූතන බසින් මෙහි ලිවීමට තබා ඒ පිළිබඳව සිතීමට වත් මට නොපුළුවන. ඒ නූතන විග්‍රහයන්ට අනුව එය එතරම් ‘අසභ්‍ය’ බැවිනි.
සැබැවින්ම අතීතයේ ලොව පුරා පැවැති ලිංගිකත්වය පිළිබඳව නන් වැදෑරුම් ආකල්පවල කිසියම් ඒකමිතික ස්වරූපයක් දක්නට ලැබූණේ දහනව වන සියවසේදී ය. ඒ මහා බ්‍රිතාන්‍යයේ රජ කළ වික්ටෝරියා (ක්‍රි.ව. 1837-1901) මහා රාජිනියගේ සමයේ ලොව පුරා ව්‍යාප්ත වූ වික්ටෝරියානු සදාචාරය ඔස්සේ ය. ඒ ඔස්සේ මානව ලිංගිකත්වය සම්බන්ධ නොනිල සදාචාරාත්මක ප්‍රමිතියක් ව්‍යවහාරයට පැමිණි අතර අප ශ්‍රී ලාංකීය ජන සමාජය අද වන විටද ඒ සදාචාරාත්මක ප්‍රමිතිය තුළට අන්තර්ග්‍රහනය වී තිබේ. එහෙත් ජන සමාජයක් වශයෙන් අප තුළ ඊට පෙර ලිංගිකත්වය පිළිබඳව පැවැති නිදහස්, විවෘත, සහනශීලී ආකල්ප හඳුනාගත හැකි මානව විද්‍යාත්මක සාක්ෂි බොහොමයකි.
විශේෂයෙන් ශ්‍රී ලාංකීය ජනසංස්කෘතියට අයත් ජන ආගම (Folk Religion) සහ ජන ක්‍රීඩා (Folk Play) මගින් ලිංගිකත්වය පිළිබඳ සංකේතාර්ථ මනාව එළිදැක්විණි.
පුරාණ ඉන්දියාවේ මොහොන්දෝජාරෝ – හරප්පා ශිෂ්ටාචාරයන්හි පැවැති ස්ත්‍රී යෝනි වන්දනය සේම අදත් හින්දු ශිව ආගමේ ප්‍රධාන අභිචාර විධියක් වන පුරුෂ ලිංග වන්දනයට වඩා බහුරූපී සහ සංකීර්ණ බවක් පළ කරන ලිංගිකත්වය සංකේතනය කෙරෙන අංග රැසක් අප රටේ පැරණි ජන අභිචාරවල සහ ජන ක්‍රීඩාවල දැකිය හැකිය. විශේෂයෙන් ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය අපේක්ෂාවෙන් කරනු ලබන පූජා චාරිත්‍ර සහ ජන ක්‍රීඩාවල මෙම ලිංගික සංකේත නිරූපණය දැකිය හැක.
සවිමත් දැව කඳක් පාමුල ‍පොල් ගෙඩි දෙකක් රඳවා පුරුෂ අංග ජාතයක ආකෘතිය නිරූපණය කෙරෙන කප් සිටුවීම මහනුවර යුගයේ සංවර්ධනයේ වූ ලෞකික සමෘද්ධිය අරමුණු කරගත් දෙවියන් පිළිබඳ උත්සවයක සමාරම්භක අවස්ථාව ය. එමෙන්ම දෙවියන් පිළිබඳ බොහෝ උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ නිරීක්ෂණය අනුව සශ්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලිංගිකත්වය ප්‍රකට කෙරෙන සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහර අවසානයේ සිදු කෙරෙන දිය කපන මංගල්‍යයේදී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම ස්ත්‍රී පුරුෂ ප්‍රථම කාම සම්භෝගයක් සංකේතනය කෙරන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.
ප්‍රදේශයට වර්ෂාව සශ්‍රීකත්වය සේම වසංගත රෝග ආදියෙන් අත්මිදීම අරමුණු කරගත් අංකෙළිය හෙවත් අං ඇදීම මගින් ද ලිංගික සංකේත රැසක් ඉදිරිපත් කෙරේ. කාන්තාවන්ට රහසින් පුරුෂ පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහනයක් නොමැති ඉසව්වකදී සිදුකෙරුණු මෙය අභිචාර ක්‍රීඩාවකි.
මෙම ජන ක්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි.
අංකෙළි උපත නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවදියේදී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමඟ පඩි රජුගේ සපුමල් නෙලන්නට යාම පිළිබඳ පුරාවෘත්තයකි. එහිදී විශ්ව කර්මයා ඔවුන්ට කෙකි දෙකක් ලබා දුන් අතර ඉන් එන් කෙක්කක් සහිතව පාලඟ ගසට නැංගේය. පත්තිනිය ගසයට සිටියාය. අවසානයේ මෙම සපුමල් කැඩීමේදී ඔවුන්ගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවාය. මෙය ස්ත්‍රී පුරුෂ ලිංගික සම්භෝගයක් පිළිබඳ කදිම සංකේත නිරූපණයකි. එම සිද්ධිය මුල් කොට ගනිමින් කාන්තාවන්ට රහසින් අප්‍රකටව පිරිමින් විසින් පමණක් සිදු කරන මෙම ක්‍රීඩාව බොහෝ විට කලකෝලහාලවලින් අවසන් වූ බවක් කොටගම වාචිස්සර හිමියන් විසින් රචිත ‘සරණංකර සංඝරාජ’ සමය කෘතියෙහි සඳහන් වෙයි.
අප බොහෝ දෙනකු දන්නා පරිදි මිනිසුන් සතු ප්‍රධානම ආවේගයන් දෙකක් තිබේ. එනම් ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. ඇතැම් පුද්ගලයන් තුළින් මේ ආවේග දෙකම එක්වර පිබිදීමක් සිදුවෙයි. ලිංගික ප්‍රචණ්ඩත්වය (Aggressive Sex) වශයෙන් විස්තර කෙරෙන එය සාදිස්මය (Sadism) නම් මානසික රෝගයේ ස්වරූපයක් ද ගනී. ඒ අනුව ඉහත සඳහන් අං ඇදීමට එක්වන පිරිසක් එලෙස සිය ප්‍රතිවාදීන් හමුවේ ප්‍රචණ්ඩත්වය මුදා හරින අතරේ ඊට එක්වූ තවත් පිරිසක් එලෙසින්ම තමන් තුළම පිබිදී ඇති සෙසු ආවේගය නැතහොත් ලිංගිකත්වය බිරිඳ හමුවේ මුදා හැරීම පිණිස නිහඬව ලහි ලහියේ නිවෙස් බලා යන්නට ඇත. ඒ අනුව දැනට අප ජන සමාජයෙන් අභාවයට ගොස් ඇති ලිංගිකත්වය සංකේතය කෙරෙන මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ සහ මානව විද්‍යාඥයන්ගේත්, සමාජ මනෝ විද්‍යාඥයන්ගේත් අවධානය මීට වඩා යොමු විය යුතු යැයි සිතමි.
දහහත්වන සියවසේ ශ්‍රී ලංකාව පිළිබඳ විශිෂ්ට සමාජ විග්‍රහයක යෙදුණු රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ ද මෙය පිරිමින් සතු ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක්‍රීඩාවක් බවය.
මෙය හුදෙක් විනෝදාස්වාදය ලැබිමට වඩා ගමට, රටට, සෙත ශාන්තිය පතා කරනු ලබන ජන ක්‍රීඩාවකි. එහෙත් රොබට් නොක්ස් එම ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි.
“රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් ක්‍රීඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ක්‍රීඩාවේ ඉතා අශික්ෂිත අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වකදීය. මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි.
වැලමිටි හැඩයෙන් යුතු කරු (හෙවත් බලටු) දෙකක් ගෙන ඒවා එකිනෙක අමුණා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඩී යනතුරු අදිති. මුදල් ඔට්ටුවක් නොමැති වුවද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේදී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල්ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේදී ම්‍ලේච්ඡ තිරිසන් වෙසින් හැසිරෙන්නා තරගයේ වීරයා බවටද පත්වෙයි. මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේය. ඉන්පසුවත් මෙම ක්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප්‍රදේශයේ පිරිසකට අධිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී.”
එමෙන්ම අපගේ ජන ආගම් සහ ජන ක්‍රීඩා සම්බන්ධ ලිංගික සංකේත භාවිතය මින් අවසන් නොවේ. වන්නි හත්පත්තුවේ සහ නුවර කලාවියේ දැඩි නියං සමයන්හි වැසි පතා කරනු ලබන ‘වැහි බලි යාගය’ නම් යාතු කර්මයේදී වැව් පිටියක නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි දෙකක් අඹා එම පුරුෂ බලිය මත ස්ත්‍රී බලිය සතපවා එක්වරම දියෙන් සෝදා හැරීම මෙබඳු ලිංගික අභිචාර ක්‍රමවලින් එකක් පමණි.
මෙහිදී මෙම පුරුෂ බලිය වැස්ස වලාහක දෙවියන් වශයෙන් ‍පොදු ජන සමාජයේ හැඳින්වෙන වැසි ලබාදෙන දෙවිඳුන් මුල් කොට අඹන ලද්දකි. මෙම වැහි බලි යාගයේදී ඔහු හඳුන්වනු ලබනුයේ ‘වැහිගම්පල මුත්තා’ යන නමිනි. මෙලෙස නිසි කලට වැසි ලබා දීමට නොහැකියාව වැහිගම්පල මුත්තාගේ දුර්වලතාවයක් බව ඔහුට දැක්වීම පිණිස ඔහුගේ නිරුවත් බලිය මත ස්ත්‍රී නිරුවත් බලියක් තැන්පත් කිරීම ලිංගික සංකේතාත්මක ඉදිරිපත් කිරීමකි. මෙය වඩාත් පැහැදිලිව කිවහොත් ඔහුගේ වැඩ බැරි බව කියා පෑමකි. එවැනි නිග්‍රහයකින් කෝපයටත් ලැජ්ජාවටත් පත්වන ‘වැහිගම්පල මුත්තා’ කල් නොයවාම ඒ ප්‍රදේශයට වැසි ලබා දෙතැයි එම ගැමියෝ විශ්වාස කරති.
ඒ කෙසේ හෝ නූතන සමාජයෙන් වසන් වී පවත්නා මෙවන් මානව විද්‍යාත්මක තොරතුරු හා දත්තයන් ජනතාව හමුවේ ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය නොවීම ද එක්තරා ජාතික ඛේදවාචකයකි.

තිලක් සේනාසිංහ

එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

සජ්ජායනා කිරීමෙන් ලෞකික සම්පත් ලබා දෙන බව පැවසෙන බුද්ධ මන්ත්‍ර පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් මේවා සියල්ලම පහේ මෑත කාලීන ජන සම්මතයන් වන අතර මේවායේ කිසිදු ඓතිහාසිකත්වයක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.

දුටුගැමුණු රජ තුමන් විසින් භාවිතා කරනු ලදැයි පැවසෙන මහානුභාව ගාථා රත්නයන්හි අතීතය පවා මීට වසර දෙතුන් සියයක් නොයික්මවන බව ශාස්ත්‍රීය වශයෙන් සනාථවී තිබේ. එයින් එමගින් අතීතයේ බුද්ධ මන්ත්‍ර නොතිබූ බවක් නොහැඟේ.

මේ අතර දැනට පුරා විද්‍යා ගවේෂණ සහ කැණීම් සිදුකරන අනුරාධපුර විජයාරාම පුරාවිද්‍යා පරිශ්‍රයේ තිබී මහානුභාව සම්පන්න යැයි සැළකෙන මහායාන බුද්ධ මන්ත්‍රයක් හෙවත් ‛ධාරණියක්’ සහිත තඹ පතක් හමු වී ඇත. සිංහල බසින් ලියැවුණු මෙම ධාරණියේ අක්ෂරවලට අනුව එය ක්‍රි.ව. 600 ගණන්වලට අයත් යැයි එම පුරා විද්‍යා කැණීම් භාරව කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරා විද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පවසා සිටියි.

මෙම බුද්ධ මන්ත්‍රයේ පුරාවිද්‍යාත්මක අගය තහවරු වනුයේ එම මතය පළ කල පුරාවිද්‍යාඥයා සතු ශාස්ත්‍රීය ප්‍රතාපයද පදනම් කර ගනිමිනි.

සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග මෙරට ඉතිහාස හා පුරාවිද්‍යා කේෂ්ත්‍ර වෙනුවෙන් විපුල මෙහෙයක් ඉටුකළ මහා පඬිවරයෙකි. ඒ උදෙසා මහාචාර්ය ටී.ජී.කුලතුංගයන්ට 2017සැප්.07 දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී ඞී.ලිට්  ( සාහිත්‍ය ශූරී) සම්මාන උපාධිය ද පිරිනැමේ.

ඔහු විසින් මේ වන විට ප‍්‍රකාශයට පත් කර ඇති සියයකටත් අධික ග‍්‍රන්ථ හා පර්යේෂණ ලිපිවලින් ඔහු විශිෂ්ට පුරාවිද්‍යාඥයයෙකු හා ඉතිහාසඥයෙකු බව මනාව සනාථ කර ඇත. පුරාණ අභයගිරි විහාරය නම් වූ ඔහුගේ කෘතියට 201 5 වසරේදී විශිෂ්ටතම පර්යේෂණ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයට හිමි වන රාජ්‍ය සම්මානය ද හිමි වීය. ඔහු විසින් රචිත ශී‍්‍ර ලංකාවේ කාසි හා මුදල් ව්‍යවහාරය නම් වූ පර්යේෂණ ග‍්‍රන්ථය 1924 එච්.ඩබ්.කොඞ්රින්ටන් ලියූ සිලෝන් කොයින්ස් ඇන්ඞ් කරන්සි ග‍්‍රන්ථයෙන් පසු එම විෂයට අදාලව රචිත එකම ප‍්‍රමාණික ග‍්‍රන්ථය වේ. ඔහුගේ වෙනත් ග‍්‍රන්ථ අතර  මධ්‍යකාලීන ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක සංවිධාන, මහමෙව්නාවේ මහාවිහාරය,  අභිලේඛන ශාපපාඨ අභයගිරි ලිපි ඇතූ ග‍්‍රන්ථ රාශියකි. ඔහු විසින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට කරන ලද සේවය අගයමින් 2013දී සංස්කෘතික හා ජාතික උරුම අමාත්‍යාංශයෙන් උරුම ප‍්‍රසාද ස්වර්ණ සම්මානය පිරිනැමීය.

මෙම ධාරණී හෙවත් බුද්ධ මන්ත්‍රය හුදෙක් ජන සම්මතයට පමණක් සීමා නොවන්නක් බව අප හට ඒත්තු ගැන්වෙනුයේ මහාචාර්ය කුලතුංගයන් වැනි පර්යේෂකයෙකු විසින් එහි පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික අගය තහවුරු කොට ඇති බැවිනි.

‛ධාරණී’ යනු මහායානයට අයත් බුද්ධ මන්ත්‍ර විශේෂයක් ලෙස සැළකේ. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Great Compassionate Mantra  නමිනි. එහි සිංහල අරුත ‛මහා කරුණා මන්ත්‍ර’ යනුවෙන් හැඳින්විය හැක. මෙම මන්ත්‍රවලට වැඳුම් පිදුම් කිරීමත් ඒවා සජ්ජායනය කිරීමත් මෙලොවදීම මහානුභාව සම්පන්න ප්‍රතිඵල ලැබීමට හේතු වන බව පැවසේ. මෙම ධාරණිය සහිත තඹ පත නූතන සමාජය පළඳින සුරවල තැන්පත් කරන ආනුභාව සම්පන්න යන්ත්‍රයකට තරමක් සමානය.
‛ධාරණීයන්නෙහි’ වාචික අර්ථය පමණක් සළකා බැලූ විට අරුත වන්නේ ‛යමක් දරාගෙනසිටිනවා’ යන්නය. කෙසේ නමුත් ධාරණී යනු සංස්කෘත බසෙන් රචිත එක්තරා ආකාරයකගුප්ත මන්ත්‍ර විශේෂයකි. මෙය මතුරන්නාගේ හදවතේ බුද්ධ දේශනාවන් තැන්පත්කරවන්නට තරම් බලයක් ඇතැයි පැවසේ. මනා සිහිය, බලය සහ ප්‍රඥාව ළඟා කරගැනීමේඅරමුණින් මේවා මතුරනු ලබයි. එමෙන්ම මේවා මැතිරීමෙන් දීර්ඝායුෂ, ජයග්‍රහණය, සර්පයන් වැනි විෂඝෝර සතුන්ගෙන් ආරක්ෂාව සහ රෝගාදී කරදර ද දුරුවන බැව් විශ්වාස කෙරේ. දැනට ථේරවාදී බුදුදහම අදහන ශ්‍රී ලංකාවේ මෙම ධාරණීවලට තැනක්ලැබී නැතත් එහෙත් අතීතයේ අප රටේ භාවිත වූ  මෙම බුද්ධ මන්ත්‍ර චීනය ඇතුළු මහායානබුදුදහම අදහන බොහෝ රටවල අතිශය ජනප්‍රිය වී තිබේ. ඔවුන් පවසනුයේ මෙම බුද්ධමන්ත්‍ර සජ්ජායනය කිරීමෙන් තම ජීවිතවල සියලු දුක් කරදර වැනසී සතුට, සාමය සහ සෞභාග්‍යය තමන් වෙත උදාවන බවය.

ධාරණී පහක් ඇතුළත් ‛පංචාරක්ෂා’ යන්න නේපාලයේ ඉතා ජනප්‍රිය පැරණි කෘතියකි. මෙහි පහත සඳහන් ආරක්ෂණ මන්ත්‍ර පහ ඇතුළත් වේ.

මහා ප්‍රාතිසාර - පවින්, රෝගාදියෙන් සහ නපුරෙන් ආරක්ෂා වීම

මහා සහස්‍රප්‍රමාදිනි - නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂා වීම

මහා මයුරි හෝ විද්‍යාරජ්නි - සර්ප විෂෙන් ආරක්ෂා වීම

මහා සිතාවති - ග්‍රහ අපල, දරුණු සතුන් සහ විෂ සහිත කෘමී සතුන්ගෙන් ආරක්ෂා වීම

මහා රක්ෂා මන්ත්‍රානුසාරණී - රෝගාදියෙන් ආරක්ෂා වීම

මෙම පුරාණ ධාරණී මන්ත්‍රය සහිත තඹ පත හමු වූ විජයාරාම පුරා විද්‍යා නටබුන්සංකීර්ණය යනු ක්‍රි.ව. 7වැනි සියවසට පමණ අයත් පබ්බත විහාරයක් ලෙස සැළකේ. මෙහි පොහොය ගෙය, පිළිම ගෙය, බෝධි ඝරය, ස්තූපය, ජන්තාඝරය සහ දානශාලාවක්ඇතුළත් පුරාණ සමාරක 43ක් හමු වී තිබේ. ඒවා අතර ‛ශංඛ පද්ම බහිරව රූප ද’ දතිබේ. අක්කර 23 ක විශාලත්වයකින් යුත් මෙම පබ්බත විහාරය වටා තිබූ දිය අගලක නටබුන් ද සොයාගැනීමට ද මහාචාර්ය ටී.ජී. කුලතුංග ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමට හැකිවී තිබේ.

මෙම ගවේෂණයට නායකත්වය දුන් මහාචාර්ය කුලතුංග 1986 සිට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ අභයගිරි ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කරන අතර දැනට අභයගිරිය – මහාවිහාරය- අනුරාධපුර විජයාරාමය ආදියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වේ. අභයගිරි ස්තූපය සංරක්ෂණය කිරීම ආරම්භයේ සිට අවසානය දක්වාම එහි පුරාවිදා අධ්‍යක්ෂක වූයේ ඔහුය. ශී‍්‍ර ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අධි සාමාජිකයෙකු වන ඔහු  සභාපති ලේකම් ආදී තනතුරු රැසක් හෙබවීය. දීර්ඝ කාලයක් පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙක් වීය. ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තිය සැකසීමේ කමිටුවේ සාමාජිකයෙක් ද වීය.ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයේ පර්යේෂණ හා ප‍්‍රකාශන කමිටුවේ වරෙක සභාපති වීය. පුරාවිද්‍යා පශ්චාත් උපාධ් ආයතනයේ කලමනාකරන මණ්ඩලය අධ්‍යයන මණ්ඩලය ආදියේ සාමාජිකයෙකි.

ඔහුගේ ගවේෂණයට ලක් වූ අනුරාධපුර විජයාරාමය 1884දී පමණ එවකට නුවරකලාවියේ ඒජන්ත වූ අයිවර්ස් මහතා හා එස්.එම්.බරෝස් මහතා විසින් සොයා ගැනීමෙන් පසු 1891දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතා විසින් මූලික ගවේෂණයක් අරඹන ලදී. එහි ස්තූපය ඒ වන විටත් නිදන් හොරුන්විසින් සාරා තිබු බවත් එය සෑරූ පස් අතර තිබී මහායාන සූත්‍ර පාඨ සඳහන් තඔපත්ඉරු හමු වූ බවත් එතුමන් වාර්තා කර ඇත. එහෙත් එම පත්ඉරු මේ වන තුරු සොයාගත නොහැකිව තිබේ. එහෙත් විජයාරාම ස්තූපය හා අනිකුත් නටබුන් සංරක්ෂණය සඳහා දැනට කෙරෙන කැනීම්වලදී ස්තූප අංගනයට පහළින් ගොඩ ගසා තිබූ ගොඩැලි නිදන්හොරුන් විසින් ස්තූපය සෑරීමේදි ඉවත දැමූ පස් බව අනාවරණය විය. එහෙයින් එමපස් ගොඩැල්ලක සියුම්ව කළ කැනීම්වලදී ස්තූපයේ නිදන් කර තිබූ තඹ පත්ඉරුවක ලියූ මහායාන ධාරණිය මහාචාර්ය කුලතුංගයන් ප්‍රමඛ පර්යේෂක කණ්ඩායමට හමුවී ඇත. 1891 වසරේ එච්.සී.පී. බෙල් මහතා සිදු කළගවේෂණයෙන් වසර 124කට පසුව මෙම පරිශ්‍රය පුරා විද්‍යා ගවේෂණයකට ලක් වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ. 

මහායානිකයින් විසින් ස්තූපවල මෙම ධාරණී නිදන්කිරීමේදී ඒවා ධර්ම ධාතු ලෙස සළකා ඇති බව මේ සම්ප්‍රදායටම අයත් අනුරාධපුර පුලියන්කුලම විහාර භූමියෙන් හමු වූ ශිලා ලිපියක ‛දහම් දා’ යනුවෙන් සඳහන්වීමෙන් පැහැදිලි වේ. හමුවූ තඹ තහඩුවේ ඇති ධාරණිය හෙවත් බුද්ධ මන්ත්‍රයේ සඳහන් වන්නේ ‛ඕම් තරෙතුතරෙතුරෙස්වාහඃ’ යන්නය.
හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ගේ අනුමැතියෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මැදිහත්වීමෙන් 2015  වසරේ මුල සිට මෙම පරිශ්‍රයේ කැණීම් සිදුකෙරෙණ. මෙම කටයුත්ත සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ද විශේෂ අනුග්‍රහයක් දක්වා ඇත.
අනාගතයේදී අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පුරා විද්‍යා නටබුන් නැරඹීම සඳහා මෙන්ම විවේක ගැනීම සඳහා මෙම ස්ථානය ‛පුරා විද්‍යා හරිත උද්‍යානයක්’ වශයෙන් සංරක්ෂණය කිරීම සඳහා කටයුතු යොදා තිබේ. නමුත් ඉතාම අවාසනාවන්ත තත්වය වන්නේ නොවිධිමත්පස්කැපීමක් නිසා මෙහි ප්‍රවේශ මාර්ගය අවහිර වී තිබීමය. ඒ නිසා වාහනවලින්පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙය නැරඹීමට නොහැකිව ආපසු හැරී යති. උතුරුමැද පළාත් සභාව මැදිහත් වී මීටර් 500ක පමණ දුර ප්‍රමාණයක් ඇති මෙම ප්‍රවේශමාර්ගයේ ගැටලුව නොපමාව විසඳා දෙන්නේ නම් මෙම ස්ථානයේ අගය මහජනතාව අතරේ ප්‍රචලිත වීමට පහසු ඉඩකඩක් සැළසෙනු ඇත.

තිලක් සේනාසිංහ

අද  දුම්රිය දෙපාර්තමේන්තුව තුළ තිබෙන විශාලම ගැටලුව තමයි නයි ‘මුගටි වයිරය.’  ඒ කියන්නේ වෘත්තීය සමිති අතර තිබෙන ගැටුම හා අරගලය, එක් වෘත්තීය සමිතියක් බලන්නේ අනෙක් වෘත්තීය සමිතිය පාගාගෙන ඉදිරියට එන්න. මේ තත්ත්වය වෙනස් විය යුතු කාලය දැන් එළඹී තියෙනවා.

අද දුම්රිය සේවය විශාල අභියෝගයකට ලක්වෙලා තියෙනවා. අනෙකුත් ප්‍රවාහන සේවා ඉදිරියට එමින් තියෙනවා, ඒ අතර පෞද්ගලික බස් සේවාව ප්‍රධාන තැනට පත්වී තිබෙනවා.

නව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා වැඩ බාර ගැනීමේ උත්සවයට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම අදහස් පැවසීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අද මේ දුම්රිය සමාන්‍යාධිකාරී තනතුරට පත්ව සිටින අබේවික්‍රම මහතා වසර තිස්දෙකක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවය කළ නිලධාරීවරයෙක්. ඒ නිසා මේ දෙපාර්තමේන්තුව පිළිබඳව මනා දැනුමක් හා පළපුරුද්දක් හා අත්දැකීම් සම්භාරයක් ඒ මහතාට තිබෙනවා. අබේවික්‍රම මහතා මෙම තනතුරට පත්වූයේ කිසිදු දේශපාලන බලපෑමකින් හෝ අමාත්‍යවරයා ලෙස මගේ බලපෑමක් මත හෝ නොවේ. ඔහුට තිබෙන සුදුසුකම් මත අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ විදිමත් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි.

නමුත් අබේවික්‍රම මහතාට පමණක් මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩනංවන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා සියලු දෙනාගේ සහය මෙතුමාට ලබා දිය යුතුයි.

දුම්රිය දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන් ලාභ ලැබිය යුතු නැහැ. නමුත් පාඩු නොලබා සේවාවක් ලෙස පවත්වාගෙන යා යුතුව තිබෙනවා. අපේ  රජය කිසිසේත් දුම්රිය සේවය පෞද්ගලිකකරණය කරන්නේ නැහැ. අනික පාඩුවට යන මේ දෙපාර්තමේන්තුව කිසි කෙනෙක් ගන්නෙත් නැහැ.

මම ඇමැතිවරයා ලෙස පත්වී පැමිණි පසු වෘත්තීය සමිති ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විසඳලා තියෙනවා. තවත් තිබෙන ප්‍රශ්න නව දුම්රිය සමාන්‍යධිකාරීතුමා සමග සාකච්ඡා කරලා විසඳා ගන්න පුළුවන්. මම එතුමාට කියනවා දවසකට පැය භාගයක් පමණක්වත් යොදවලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න කියලා. නමුත් වෘත්තීය සමිතිවලට ඔහුව මෙහෙයවන්න යන්න දෙන්න නම් බැහැ.

ඉන්දියානු ණය සහනාධාර යටතේ දුම්රිය එන්ජින් ලබා ගැනීමට මේ වනවිට ඇනවුම් කරලා තියෙනවා. නමුත් මේ එන්ජින් ලංකාවට එන්න තව වසර එකහමාරක් පමණ යනවා. චීනයෙන් දුම්රිය මැදිරි මිලදී ගන්න අවශ්‍ය කටයුතු නම් මේ වනවිට  නිමකරලා තියෙනවා.උඩරට  මාර්ගයේ ධාවනය සඳහා එන්ජින් හතක් ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. බම්බු ගේට්ටු කරුවන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා 'බෙල් ඇන්ඩ් ලයිට්' සවිකිරීමට අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම් මේ වන විට සිදුකර තිබෙනවා. ඒ නිසා කිසි කෙනකුට කියන්න බැහැ අපි වැඩ කළේ නැහැ කියලා. දේශපාලන නායකත්වය පැත්තෙන් දුම්රියට විශාල ප්‍රශ්න අසාධාරණකම් සිද්ධවෙලා තියෙනවා. මම නැහැ කියන්නේ නැහැ. නමුත් මම නම් එහෙම කරලා නැහැ. ඒ නිසා ඒ අතීතයේ සිදුවීම් ගැන සිත සිතා ඉන්නේ නැතිව අනාගතය සඳහා ගුණාත්මක දුම්රිය  සේවාවක් ඇති කිරීම සඳහා ‘ නයිමුගටි වෛරය’ අමතක කොට සියලු වෘත්තීය සමිති හා සියලුදෙනා  එක්ව නව දුම්රිය සාමාන්‍යධිකාරී අබේවික්‍රම මහතා සමග එක්ව කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

පානුක රාජපක්ෂ

 

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4324

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4031

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7096

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4425

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2816

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3622

Please publish modules in offcanvas position.

Web Analytics