Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගෙලෙහි බාහිර කැපුම් නැතුව කළ මෙරට පළමු සැත්කම

ගෙලෙහි බාහිර කැපුම් නොමැතිව සිදුකරන Trannsoral Laparoscopic Thyroidectomy නමැති සැත්කම කුලියාපිටිය මූලික රෝහ‍ලේදී අති සාර්ථකව ඊයේ (8) සිදුකර ඇත.ලංකාවේ ප්‍රථම වරට සිදුකළ මෙම සැත්කම දකුණු ආසියාවේ තායිලන්තය, ඉන්දියාව වැනි ස්ථාන කිහිපයක පමණක් සිදුකර ඇති අතර ඉන්දියාවේ පවා සිදුකර ඇත්තේ මීට මාස 10 කට ඉහතදී බවට තොරතුරු ඇති බව පවසන කුලියාපිටිය මූලික රෝහ‍ලේ උගුර, කන, නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා දකුණු ආසියාවේ සිවුවැනි වරට සිදුකළ අවස්ථාව මෙය බවද පැවැසීය. සෑම අයකුම සාමාන්‍යයෙන් ගෙලෙහි කැපුම් යොදා සිදුකරන සැත්කම්වලින් හටගන්නා කැලැල් හේතුවෙන් ඇතිවන බාහිර පෙනුමේ අවලක්ෂණ ස්වභාවයට අකමැති බැවින් මෙම සැත්කම සිදුකිරීමෙන් අනතුරුව රෝගියා නිර්වින්දනයෙන් මිදුණ පසු අවම වේදනාවකින් හා අවම රුධිර වහනයකින් සිදුකළ හැකි අතර ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල කැලැල් ඇති නොවන බවද වෛද්‍යවරයා පැවැසීය.
වෛද්‍ය රිස්නි මහතා පවසන්නේ තාක්ෂණික දෝෂ බොහොමයක් නොතිබෙන්නට ඉතා සුළු වේලාවකින් අදාළ ශල්‍ය කර්මය සිදුකළ හැකි බවයි.


කුලියාපිටිය මූලික රෝහ‍ලේ වෛද්‍ය අධිකාරී අයි. එස්. යද්දෙහිගේ මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලය, වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙලෙස ලංකාවේ ප්‍රථම වරට කොළඹින් පිටතදී සිදුකරන සැත්කමක් වුවත් ඊට අවදානම නොගෙන තමන් පිළිබඳව විශ්වාසය තබා දැක්වූ සහය මෙම සැත්කම සාර්ථකව සිදුකිරීමට ශක්තියක් වූ බවද විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා පැවැසීය.

ඇම්. ඊ. සෝමසිරි - කුලියාපිටිය

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1762

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1037

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3108

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4181

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7182

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6326

Please publish modules in offcanvas position.