Coss Ear2
lakbima.lk
COSS Ear 1

අනුරපුර රෝහල් කාර්ය මණ්ඩලය දරුවෙකුගේ මළගමක බරපැන දරති

අනුරාධපුර රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුත්‍රයාගේ අවසන් කටයුතු සිදුකිරීමට තරම් වත්කමක් නොමැති නිසා සිරුර රජයේ වියදමින් මිහිදන් කරන ලෙස දුගී දුප්පත් මාපිය යුවළක් රෝහල් ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලූ අවස්ථාවේ අවසන් කටයුතු ආගමානුකූලව සිදුකර මිහිදන් කර සත්දින පිංකම සිදුකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අනුරාධපුර රෝහල් ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවෝ පෙරේදා (27) කටයුතු කළහ.

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු ප්‍රමුඛ සේවක සේවිකාවෝ රටටම ආදර්ශයක් එක් කරමින් එම කටයුත්ත සිදුකළහ. මීට දින ගණනාවකට ඉහතදී පුත්තලම රජයේ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය වයස අවුරුදු අටක් වන දිලුක් ප්‍රනාන්දු දරුවාගේ අවසන් කටයුතු රෝහල් කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් ආගමානුකූලව සිදු කෙරිණි.

මරණයට පත් වූ මදුරංකුලිය පුත්තලම ලිපිනයේ පදිංචිව සිටි දරුවාගේ මව හා පියා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධාන කාර්යාලයට ගොස් දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීමට තරම් හැකියාවක් හා වත්කමක් නොමැති නිසා එය රජයේ වියදමින් සිදුකර දීමට කාරුණික වන ලෙස එහි නිලධාරින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාපියන් දෙපළගෙන් මරණය නිවසට රැගෙන ගොස් අවසන් කටයුතු සිදුකිරීමට හැකියාවක් නැද්දැයි ඔවුන් විමසූ අවස්ථාවේ දෙමාපියන් පවසා තිබුණේ කොහු මෝලක දිනපතා කුලියට සේවය කරන තමන්හට දේහය නිවසට රැගෙන යාමට වත්කමක් නොමැති බවයි.

අසරණ පවුල සේවය කරන කොහුමෝල් හිමියාගෙනුත් එම මරණයේ අවසන් කටයුතු සිදුකර දීමට හැකියාවක් නැත්ද යන්න රෝහල් කාර්ය මණ්ඩලය විමසා ඇති අතර ඔහු ඊට කැමැත්තක් නොදැක්වීම නිසා රෝහල් ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු ඇතුළු සේවක මහත්ම මහත්මීහු දරුවාගේ මරණයේ අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදු කළහ.

 මියගිය දරුවාගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර අනුරාධපුර භික්ෂු වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිමිනමක් අවසන් ආගමික කටයුතු සිදුකළ ස්ථානයට වඩම්මවා ආගමික වතාවත් සිදුකළ අතර දරුවාගේ සත්දින දානමය පිංකම සඳහාත් දෙමාපියන්ට මුදල් ලබාදීමට ඔවුහු කටයුතු කළහ. සිය දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීමට කටයුතු කර සිට දුක යම් තරමකින් හෝ පහ කිරීමට කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩලයට ස්තූතිය පළකරමින් මාපිය යුවළ දරුවාගේ වියෝවෙන් දුක්මුසුව නික්ම ගියහ.

මේවගේ දේවල් කරන්න අපට පුරුදු කළේ අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මෙනෙවිය. එතුමිය රෝහ‍ලේ දැන් නැති වුණත් අපි එතුමිය පුරුදුකරපු මේ සද්ක්‍රියාව දිගටම කරනවා. අපේ ප්‍රධාන ලිපිකරුතුමා ඇතුළු සේවකයන් 40 දෙනකු පමණ එක්වී මුදල් එක්කාසු කරලා ඒ මාපිය යුවළගේ හිත හදලා දරුවාගේ අවසන් කටයුතු ආගමානුකූලව කරලා හත් දවසේ පිංකමටත් හැකි අයුරින් මුදල් ලබාදීලා යැවුවා යනුවෙන් සේවකයෝ පැවැසූහ.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 423

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 784

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 699

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 567

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5196

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3429

Please publish modules in offcanvas position.