Coss Ear2
lakbima.lk
COSS Ear 1

මම මුලදි හිතුවා මාව තෝරා ගත්තේ අතිරේක චරිතයකට කියලා

“ඒ ලෙවල් ” චිත්‍රපටයට එක්වන විට ඔබ සාමාන්‍ය පාසල් සිසුවෙක් ඔබේ “ඒ ලෙවල් “ ප්‍රතිඵල නිකුත්වන විට ඔබ රටම දන්නා චරිතයක් . ඒ හින්දා ඔබේ ප්‍රතිඵල දැනගන්නට ඔබේ රසික පිරිස කැමති වේවි ..
මම පහුගිය 2017 දී වාණිජ විෂය ධාරාව ඔස්සේ තමයි උසස්පෙළට මුහුණ දුන්නේ . ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණයට බි සාමාර්ථ දෙකකුත් ව්‍යාපාර අධ්‍යයනයට සී සාමාර්ථයකුත් මට ලැබුණාා .  

නැවත උසස් පෙළට මුහුණදීලා විශ්වවිද්‍යාල වරම් හිමිකරගන්න උත්සහ කරනවද..?..
නැවත උසස් පෙළ කරන්න අදහසක් නැහැ. දැනට විගණන ආයතනයක රැකියා පුහුණුවක යෙදිලා ඉන්නවා. එම පුහුණුව වසර දෙකකින් නිමාවුණාට පස්සේ ගණකාධිකරණ අංශයෙන් තවත් වැඩිදුර අධ්‍යාපනය ලබන්න තමයි හිතාගෙන ඉන්නේ .

රැකියා ස්ථානයේ වගේම මග තොටේත් දැන් ඉහළ රසික ප්‍රතිචාර ඇති...
“ ඒ ලෙවල්” නැරඹූ බොහෝ අය මට කතාකරලා සුබ පතනවා. චිත්‍රපටය ගැනත් අහනවා.

මේ විදියට රටේම ජනප්‍රිය නළුවෙක් වන්නට හීනයක් පුංචි සන්දියේ පටන්ම හිතේ තිබුණාද..?
පුංචිම කා‍ලේ විවිධ ප්‍රසංගවල රඟපාලා තිබුණට ලොකු පන්තිවලට එද්දි පාසල් වේදිකා නාට්‍යයකවත් රඟපාලා තිබුණේ නැහැ. “ ඒ ලෙවල් “ චිත්‍රපටයේ අනුත්තරගේ චරිතය රඟපාන්න ලැබිම අහම්බෙන් සිදු වූ දෙයක්

කොහොමද ඒ අවස්ථාව උදාවුණේ ..?
එක දවසක් අපේ ඉස්කෝ‍ලේ “ නාට්‍ය හා රංග කලාව“ උගන්වන ටීචර් ඇවිල්ල කිව්ව චිත්‍රපටියකට නළුවන් තෝරගන්න කට්ටියක් පාසලට එන හින්දා හැමෝම ඉස්කෝ‍ලේ ඇරිලා යන්නේ නැතුව නවතින්න කියලා. එදා දවල් මමයි යාළුවො දෙන්නෙකුයි වෙනත් වැඩකට ඉස්කෝලෙන් පිටට ගියා. අපි ආයෙම ඉස්කො‍ලේට එනකොට පාසල නිමාවෙලා ළමයි කට්ටියම අර සම්මුඛ පරීක්ෂනයේ . ඒ වෙලාවෙ තමයි අපිට මතක්වුණෙත් හවස නළුනිළි සම්මුක පරීක්ෂණයක් තියෙන බව . රඟපාන්න උනන්දුවක් නැතත් ටීචර් කිව්ව හින්දා අපිත්
   එතැනට ගියා.

ඒ වෙලාවේ ඒ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වෙලා ජයගන්න සචිරට පුළුවන් වුණා..
මම සම්මුඛ පරීක්ෂණයට ගියේ නැහැ. එළියට වෙලා බලාගෙන හිටියා. ඒ වෙලාවේ රොහාන් සර් (ඒ ලෙවල් අධ්‍යක්ෂ රොහාන් පෙරේරා) මාව දැකලා මට කතාකරල තමයි අදාළ සම්මුඛ පරීක්ෂණයට මාව යොමු කළේ  .

සම්මුඛ පරීක්ෂණයෙදී සචිරට කරන්න සිදුවුණේ  මොනවාද .. ?  
රොහාන් සර් මගෙත් එක්ක ගොඩක් වෙලා කතාකළා. අද චිත්‍රපටියට නළු නිළිියෝ තෝරන්න කට්ටියක් ඉස්කෝලෙට ආපු කාරණය තාත්තට කියන විදිය කරල පෙන්නන්න කිවුවා. මුහුණින් හැඟීිම් මතුකරලා පෙන්වන්න අවස්ථා කීපයක් ලබාදුන්නා . මම ඒවා කරල පෙන්නුවා. ඊට පස්සේ දුරකථන අංකයට ඉල්ලගෙන පස්සේ කතා කරන්නම් කිව්වා

චිත්‍රපටයක ප්‍රධාන නළුවා වෙන්න අවස්ථාව ලැබෙයි කියන හීනය ඒ වෙලාවේ ඇති වුණාද ...?
 නැහැ. එවැනි අදහසක්වත් තිබුණේ් නැහැ. පස්සේ මාවයි අපේ ඉස්කෝ‍ලේ තවත් ළමයි කීප දෙනෙක්වයි තෝරාගත්තු බව දැන්වුවට පස්සෙත් මට හිතුණේ මාව තෝරාගත්තේ අතිරේක චරිතයකට වෙන්න ඇති කියලා. මොකද ඒ වෙද්දි මම දැනගෙන හිටියා මේක උසස්පෙළ ළමයි පිරිසක් වටා යන කතාවක් බව. මම හිතුවේ මාව පන්තියේ ළමුන් අතර කෙනෙකුට තෝරාගන්න ඇති කියලා. පස්සේ තමයි දැනගත්තේ මාව තෝරාගෙන තියෙන්නේ ප්‍රධාන චරිතෙට බව.  

සචිරගේ සාමාන්‍ය තොතුරු කතාකළොත්  .?
මගේ ගම නුවර කටුගස්තොට. ඉගෙනගත්තේ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් . දැන් නම් ඉන්නේ මාළඹේ අයියලාගේ ගෙදර. එහෙ ඉඳන් තමයි විගණන ආයතනයේ රැකියාවට යන්නේ .

චිත්‍රපටයේ ඔබ පාසල් ප්‍රේමවන්තයෙක් .. දැන් රසිකාවියන්ගේ ආදරණීය ප්‍රතිචාරත් ලැබෙනව ඇති. පෞද්ගලික ජීවිතයේත් ප්‍රේමවන්තයෙක්ද .. ?
අන්තර්ජාලයේ මුහුණු‍පොත හරහා නම් ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර තියෙනවා. ඒත් මම පෞද්ගලික ජීවිතයේදී තවම පෙම්වතෙක් වෙලා නැහැ.

“ ඒ ලෙවල්” චිත්‍රපටයෙන් පසු වෙනත් නිර්මාණවලට එකතුවුණේ නැද්ද .. ඉදිරියේදී නළුවකු විදියට දිගු ගමනක් යන්න අදහසක් නැද්ද .. ?
 වෙනත් නිර්මාණ සඳහා නම් තවම දායකවෙලා නැහැ. මගේ රැකියාව කරන අතරේ හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් පිටපත බලලා රොහාන් සර්ගෙනුත් අහලා ඒකට එකතු වෙනවා.   

 ආරියවංශ කුලතිලක

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4094

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2707

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3775

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2281

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7523

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4636

Please publish modules in offcanvas position.