Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මමත් ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්

ලහිරුකාගේ සාමාන්‍ය තොරතුරු මොනවාද.. ?
මගේ ගම් පළාත මාත‍ලේ. දැනට මාත‍ලේ සංඝමිත්තා බාලිකා විදුහ‍ලේ වාණිජ අංශයෙන් ඉංග්‍රීිසි මාධ්‍යයෙන් උසස් පෙළ හදාරනවා. මේ අවුරුද්දේ තමයි උසස් පෙළට ලියන්නේ.

“ඒ ලෙවල්..”චිත්‍රපටයේ අහිංසා වන්නට අවස්ථාව උදාවුණේ කොහොමද .. ?
මම සංස්කෘතික මධ්‍යස්ථානයේ නාට්‍ය හා රංග කලාව හදාරනවා. කමල් ගුණරත්න සර්ව හඳුනා ගත්තේ එතැනදී. ඒ සර් මගේ රංගන හැකියාව ගැන දන්නවා. “ ඒ ලෙවල්” චිත්‍රපටයේ අධ්‍යක්ෂ රොහාන් පෙරේරා සර් චිත්‍රපටියේ අහිංසාගේ චරිතයට කෙනෙක්ව හොයන වෙලාවේ කමල් සර් තමයි මං ගැන කියලා තියෙන්නේ . ඒ අනුව කමල් සරුයි රොහාන් සරුයි අපේ ගෙදර ආවා. මාත් එක්ක කතාකරලා ගෙදර අය එක්කත් කතාකරලා පස්සේ දන්වන්නම් කියලා ගියා. පස්සේ තමයි කෝල්කරලා කිව්වේ මාව චිත්‍රපටයට තෝරගත්තා කියලා.
 
අහිංසා හා අනුත්තර පෙම්වතුන්. පාසැල් සිසුවියක නිසා ලහිරුකාට එවැනි චරිතයක් රඟපාන්න
ගෙදරින් හා පාසැලින් විරෝධතා එල්ල වුණේ නැද්ද .... ?
ගෙදරින් මුලදී අකමැති වුණේ මම අහිංසාගේ චරිතය රඟපානවට ‍නෙවෙයි. මම සිනමාවට එනවට.. ඒත් පස්සේ කැමති වුණා. මේ චිත්‍රපටියේ පිටපත අම්මා කියවලා බැලුවා. ඉන් පස්සේ අම්මම කිව්වා මේක හොඳ නිර්මාණයක් බව. ඉස්කෝලෙනුත් අවසර ලැබුණා. රූගත කිරීම්වලට යද්දි අම්මා මාත් එක්ක ආවා . පෙම් චරිතයක් වුණාට මහා ප්‍රේම ජවනිකා නැහැ. අතින් අල්ලන සීන් එකක් විතරයි තිබුණේ. දෙබස්වලිනුයි ඉරියව් වලිනුයි තමයි ප්‍රේමය මතු කරන්න තිබුණේ.

පෙම් ජවනිකා රඟපාද්දී ලැජ්ජාවක් ඇතිවුණේ නැද්ද .. ?
මුලදී ලැජ්ජා හිතුණා. ඒත් අනුත්තරගේ චරිතය රඟපෑ සචිත්‍ර අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හින්දා ගැටලුවක් ඇතිවුණේ නැහැ. හැබැයි ඉතින් මුල් දවස් ටිකේදි පෙම් ජවනිකා විතරක් ‍නෙවෙයි චිත්‍රපටයේ රඟපාන එකම ‍පොඩි අපහසුතාවයක් වුණා.  

ඇයි ඒ .. කලින් රඟපාලා තිබුණේ නැද්ද .. ?
වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. ඒත් මේ චිත්‍රපටයේ රඟපාන එක අපහසුවුණේ රඟපාන්න තියෙන ලැජ්ජාවට ‍නෙවෙයි. මම ඉගෙනගන්නේ බාලිකා පාසැලක. පිරිමි ළමුන් එක්ක එකට වැඩ කරලා නැහැ. මේ චිත්‍රපටයේ හැටියට මම ඉගෙන ගන්නේ මිශ්‍ර පාසැලක. ගෑණු ළමයි වගේම පිරිමි යාළුවොත් ආශ්‍රය කරනවා. අනික මේ කතාවේ හැටියට මට අනුත්තර එක්ක පෙම් කරන්නත් තියෙනවානේ . ඒ හින්දයි මුලදී ටිකක් අපහසු වුණේ . රඟපාන්න ගිය අලුත මම ඒ අයට සමීප වුණේ් නැහැ. ටික දවසක් යද්දි අපි කට්ටියම හොඳ යාළුවෝ වුණා. ඊට පස්සේ නම් රඟපාන එක අපහසු වුණේ නැහැ.

 කලින් රඟ පෑ වේදිකා නාට්‍යය මොනවාද .. ?  
මම 2010 රාජ්‍ය ළමා නාට්‍ය උළෙ‍ලේ අවසන් වටය දක්වා ගිය නාට්‍යයක රඟපෑවා. 2015 මධ්‍යම පළාතේ නාට්‍ය තරඟයෙන් පළමු ස්ථානය දිනූ නාට්‍යයේ චරිත 6 ක් රඟපෑවා.

අහිංසා කියන්නේ සංකීර්ණ ප්‍රශ්න රැසකට මුහුණදෙන කෙනෙක් .. කොහොමද ඒ වගේ චරිතයක් ග්‍රහණය
කරගත්තේ  .. ?
රූගත කිරීම් පටන්ගන්න කලින් අපිට වැඩමුළු තිබුණා. චරිතය ගැන ගොඩක් හොඳින් පැහැදිලි කළා. අහිංසා මුහුණු දීපු ප්‍රශ්නවලට මුහුණු දීලා නැතිවුණාට මමත් ජීවිතේ ප්‍රශ්නවලට මුහුණදීල තියෙන හින්ද මට ඒ  චරිතය කරන්න පුළුවන් වුණා.

මොනවද ඔබ ජීවිතෙදී මුහුණදීපු ප්‍රශ්න .. ?
අප්පච්චිගේ  මරණය තමයි මගේ ජීවිතේ මුහුණ දීපු ලොකුම ප්‍රශ්නය

රංගනයට  අමතරව ලහිරුකාට තියෙන දක්ෂතා මොනවද ..?
මම සංගීතයට කැමතියි .
සාමාන්‍ය පෙළ දක්වා සංගීතය ඉගෙනගත්තා. දැනට වයලීන් සහ ඕගන් හදාරනවා. උසස්පෙළ ඉවරවෙලා සංගීතය වැඩිදුර ඉගෙනගන්න හිතාගෙන ඉන්නවා.

කලාවටයි සංගීතයටයි දක්ෂතා  තිබියදී ඇයි  උසස් පෙළට වාණිජ විෂය ධාරාව තෝරාගත්තේ .. ?
මම ඉගෙනගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් . උසස්පෙළට කලා විෂය තෝරාගත්තොත් සිංහල විෂය කරන්න වෙනවා. ඒ හින්දා පුංචි බයක් හිතේ තිබුණා. ඒකයි කලා විෂය තෝරාගත්තේ නැත්තේ .

දැන් ඔබ රටම හඳුනන නිළියක් .. කොහොමද රසික ප්‍රතිචාර .. ?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවම චිත්‍රපටිය මාත‍ලේට ආවේ නැහැ. ඉස්කෝ‍ලේ ගුරුවරුයි යාළුවොයි දන්න හැමෝමයි බලාගෙන ඉන්නේ චිත්‍රපටය එනකල්.

නිළියක් විදියට දුර ගමනක් යන්නද බලා‍පොරොත්තුව.. ?
උසස් පෙළට මම කරන්නේ වාණිජ විෂය ධාරාව.
කළමනාකරණය තුළින් ඉහළ අධ්‍යාපනයක් ලබන්න තමයි හිතාගෙන ඉන්නේ . රැකියාව විදියට තෝරාගන්න හිතාගෙන ඉන්නේ නම් බැංකු ක්‍ෂේත්‍රය .
හැබැයි රඟපාන්න ආසයි. විවේකය අනුව රඟපෑමටත් එකතු වෙනවා.  

ආරියවංශ කුලතිලක

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1496

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1329

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1416

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1578

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7747

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click