Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආසාවට රඟපෑවත් මම ආසම කරන්නේ තාරකා විද්‍යාවට

ජයප්‍රකාශන් ශිවගුරුනාදන්ගේ නවතම සිනමාපටය “පහ සමත්” මේ දිනවල දිවයින පුරා සිනමාහල්  හැත්තෑවක සාර්ථක ලෙස  තිරගතවෙයි. පහේ ශිෂ්‍යත්වය සමත්ව ඈත ගමකින් කොළඹ ප්‍රසිද්ධ විදුහලකට එන අහිංසක දරුවකු මුහුණ දෙන අත්දැකීම් රැසක් එක්කළ “පහ සමත්” චිත්‍රපටයේ “වෙනුර” ලෙස ඔබ හමුවට එන්නේ “ෂාරද් චන්දිම”යි. පුංචිම සන්දියේදී රංගනයට එක් වූ “ෂාරද්” මේ වනවිට නිර්මාණ කිහිපයකටම එක්ව සිටින දක්ෂතා පිරි ළමා රංගන ශිල්පියෙකි.
 
ෂාරද්ට කලා ලෝකය නුහුරු නැහැ..  
මගේ තාත්තා “ජයප්‍රකාශ් ශිවගුරුනාදන්” චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. පුංචි කා‍ලේ ඉඳන්ම අපේ ගෙදර තිබුණේ කලා ලෝකයට සම්බන්ධ පසුබිමක්. ඒ හින්දම තමයි මටත් කලාවට ආශාවක් ඇතිවුණේ.
 
රඟපාන්න ආසයි කියලා ෂාරද් තාත්තට කිව්වද .. ?
ඔව් .. මම අප්පච්චිට කිව්වා රඟපාන්න ආසයි කියලා. ඊට පස්සේ තමයි අප්පච්චි මාව අප්පච්චි කරපු “නිර්භීතයි අපි” ටෙලි නාට්‍යයේ රඟපාන්න ගත්තේ. එතකොට මම හතර වසරේ.
 
දැන් ඉගෙන ගන්නේ කීය වසරෙද...?
9 වසරේ 
 
පහ සමත් සඳහා එක්වනවිට ඉගෙන ගත්තේ කීය වසරෙද?
එතකොට මම 8 වසරේ 
කොහොමද රංගනයට ලැබෙන ප්‍රතිචාර .. ?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉස්කෝ‍ලේ යාළුවෝ, ගුරුවරු චිත්‍රපටය බලලා මට හොඳයි කියනවා. 
 
සාමාන්‍ය තොරතුරු ටිකකුත් කියන්නකෝ .. 
අපි පදිංචිවෙලා ඉන්නේ මහනුවර තෙල්දෙනියේ. පවු‍ලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මමයි, මල්ලියි. මම ඉගෙන ගන්නේ මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද විදුහ‍ලේ.
 
කවදා හෝ පියාගේ අඩිපාරේ යමින් අධ්‍යක්ෂණයට යොමුවෙන්න ආසා නැද්ද .. ?
අධ්‍යක්ෂණයටත් ආසයි. ඒත් චිත්‍රපට, ටෙලි නාට්‍යවලට වඩා කැමති වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. 
 
ඔබේ පියා කළ නිර්මාණ අතරින් වඩාත්ම කැමති නිර්මාණය කුමක්ද?
“හාර කෝටිය” ටෙලි නාට්‍යයට මම ගොඩක් කැමතියි. 
 
ෂාරද “පහ  සමත්” චිත්‍රපටයේ “විනුර” වගේ සැබෑ ජීවිතයේත් දඟකාරයෙක්ද.. ?
නැහැ මම විනුරට වඩා ගොඩක් වෙනස්. මම කවමදාකවත් කාටවත් හිරිහැර කරන ළමයෙක් ‍නෙවෙයි. 
 
“පහ සමත්” චිත්‍රපටයේ රඟපාන්න ගිහින් සිදුවූ අමතක නොවන සිදුවීම් මොනවාද .. ?
චිත්‍රපටයේ මම වැලක එල්ලිලා ඉන්න දර්ශනයක් තියෙනවා. ඒ ජවනිකාව ගත්තේ “ඩේ‍රා්න කැමරා” එකකින්.මම වැ‍ලේ එල්ලුණා. ඒත් එකපාරටම කැමරාව ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඔන්න මම වැ‍ලේ එල්ලිලා ඉන්නවා. මට එහෙම ඉන්න අමාරුයි. මට වැල අතහැරිලා බිමට වැටුණා.  මට තුවාලත් වුණා .
 
“පහ සමත්” චිත්‍රපටයේ නම් “සමත්” සහ විනුර සතුරෝ  
ඒත් සැබෑ ජීවිතේදී නම් අපි දෙන්න හොඳම යාළුවෝ. චිත්‍රපටය ඉවරවෙලා ගියත් තවමත් අපි නිතරම දුරකථනයෙන් කතා කරනවා. කතාකරන්න බැරි උනොත් “මැසේජ්” කරගන්නවා.
 
ෂාරද් “පහ සමත්” සහ “නිර්භීතයි අපි” නිර්මාණ ඇර වෙනත් නිර්මාණවලට සම්බන්ධවෙලා නැද්ද .. ?
“මලී - 2 අත්තම්මා” ටෙලි නාට්‍යයේ රඟපෑවා
 
දිගටම රඟපානවද .. ?
රඟපාන්න ආසයි. 
 
ඒ කියන්නේ ෂාරද් අනාගතේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය නළුවෙක් වෙනවා කියන එකද.. ?
ආසාවට රඟපෑවත් මම ආසම කරන්නේ තාරකා විද්‍යාවට.. ඒ වගේම අයි.ටී.  (තොරතුරු තාක්ෂණය) කරන්නත් ආසයි. මේ අංශ දෙකම එකතු වෙන විදියේ ක්ෂේත්‍රයක් තමයි තෝරාගන්න හිතාගෙන ඉන්නේ. ඒ වුණත් ඉඳල හිටල හරි රඟපාන්නත් එකතු වෙනවා. 
 
ආරියවංශ කුලතිලක 
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1492

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1772

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3031

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1617

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1941

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3515

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click