Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දැරණියගලින් හොර FM නාලිකාවක්

දැනට අප රටෙහි ඇතැයි පැවසෙන නවීන ගුවන්විදුලි සම්ප්‍රේෂණ උපකරණ මඟින් ප්‍රාදේශීය ගුවන්විදුලි සන්නිවේදන ක්‍රියාවලීන් ඇරඹිය හැක. එහෙත් මෙලෙස  ගුවන්විදුලි වැඩසටහන් විසුරුවා හැරීම හෙවත් සංඛ්‍යාත විමෝචනය කිරීම ඉඳුරාම නීති විරෝධීය.

එහෙත් එසේ නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලබන ගුවන්විදුලි චැනලයන් පිළිබඳව වරින් වර වාර්තා වේ.

මේ අතර  නීති විරෝධීව දැරණියගල නගරයේ සිට විකාශනය කළ FM  නාලිකාවක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් පසුගියදා වටලන ලදී. කොමිෂන් සභාව සතු අති නවීන පිරික්සුම්  පද්ධතිය මගින් මෙම ස්ථානය  අනාවරණය කරගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මේ වැටලීම සිදු කෙරිණි.
ගුවන් විදුලි විකාශයක් සඳහා අවශ්‍ය  සියලු තාක්ෂණික උපකරණ හා ඒ සඳහා සහාය වන අනෙකුත් උපකරණ විශාල තොගයක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගත් නිසි බලපත්‍රයක් නොමැතිව ගුවන් විදුලි තරංග විමෝචක උපකරණ භාවිතා කිරීම 1991අංක 25 දරන විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996අංක 27 දරන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.  
මීට පෙරද මෙවැනි නීති විරෝධී විකාශන උපකරණ හා එම විකාශනවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයනය හමුවේ නඩු පවරා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ශාමල් ජයතිලක මහතා පැවැසීය.

නීති විරෝධී සංඛ්‍යාත විමෝචන උපකරණ ක්‍රියාත්මක කළහොත්  විනාඩි කිහිපයක් තුළදී හඳුනා ගැනීමට හැකිවන ස්වයංක්‍රීය සංඛ්‍යාත පිරික්සුම් මධ්‍යස්ථාන 2018 වසරේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපනය කෙරේ. ඒ මගින් නීති විරෝධීව ගුවන් විදුලි තරංග විමෝචන උපකරණ හා භාවිතා කරන්නන්  ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

එබැවින් තමන් විසින්ම සකසා ගත් විමෝචන උපකරණ භාවිතා කිරීමද ඉහත සඳහන් ආඥා පනත යටතේ සිරදඬුවම් සහ දඬමුදල් වලට යටත් කෙරෙන වරදක් බව සැලකිය යුතුය.

 

 

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 154

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 181

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 291

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 437

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7050

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4628

Please publish modules in offcanvas position.

X

Right Click

No right click