Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගෝමරීගේ සොඳුරු රුව මැවෙතැයි කියන ගෝමරේ

කන්ද උඩරට එක්තරා ස්ථානයක හිරු බැස යන මෙහොතේ වරින් වර දිස්වන අත්භූත රූමතියක් පිළිබඳ තොරතුරු මට මුල්වරට අසන්නට ලැබුණේ එම ප්‍රදේශයේම පාසල් ගුරුවරයෙකු වෙතිනි. මුලදී ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ ද ඔහු විසින් දෙන ලද තොරතුරු ඔස්සේ ඒ පිළිබඳව මවිසින් කළ වැඩිදුර සොයා බැලීම් වලදී දැනගත හැකි වූයේ ඒ මිනිසුන් බියට පත් කරවන බිහිසුණු අවතාරයක් නොව දකින්නවුන්ගේ සිත් සතන් මෝහනයට පත් කරවන සුරංගනාවියකගේ බඳු මනස්කාන්ත ලලනා රූපයක් බවය.

එහෙත් මෙහිදී සමහරෙකු ඒ අත්භූත රුව මිහිමත දක්නට ලැබෙන්නක් බව විස්තර කළ අතර තවත් අයෙකු ප්‍රකාශකර සිටියේ එම රුව අහසේ වලාකුළු අතරින් දක්නට ලැබෙන බවය.

මෙහි යතාර්ථය කෙසේ වෙතත් මෙය එක්තරා අන්දමක කාව්‍යාත්මක සංකල්පයක් බැවින් මම ඒ පිළිබඳව විමසීම පිණිස අද (31) ඉර බැස යන සැන්දෑවේ එම ඉසව්වට ගියෙමි.

එහ පිහිටියේ මධ්‍යම පළාතේ ගෝමරේ සිට රංවල දක්වා වැටී ගත් මාවතේය.

මෙහිදී මට තවත් දැනගැනීමට ලැබුණු විශේෂ දෙයක් තිබිණ. එනම් අතීතයේ මෙහි ජීවත් වූ ගෝමරී නම් අත්භූත රූමතියගේ රූපයක් මෙම ප්‍රදේශයේ සැරි සැරූ බවට තොරතුරු ඇති බවය.

එහෙත් මෙය එක්තරා අන්දමක මිනිසුන් හමුවේ මැවෙන මනෝ භ්‍රාන්තියක් ද එසේ නොමැති නම් මෙම දර්ශනයෙන් ඇතමුන්ගේ සිත තුළ මැවෙන මෝහනමය පරිකල්පනයක් ද එසේ නැත්නම් මෙතෙක් විද්‍යාවට හසු නොවූ කිසියම් අධි යතාර්ථවාදී තත්වයක් ද යන්න නිශ්චය කිරීමට නොහැකි මම අද එම පසුතලයේදී ගත් ඡායාරූප කිහිපයක් පමණක් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමි.




වෛද්‍ය සුගත් විජේවර්ධන

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1485

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1326

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1408

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1574

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7742

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click